News Category
From Date
To Date
Maximum Number of Result

කලු ආර්ථිකය හමුවේ බොදව යන නිෂ්පාදන ආර්ථිකයේ අපේක්ෂාව..

Jun 16, 2025 at 08:48 AM
|

ජනාධිපතිතුමාගේ  බදු සතිය ආරම්භයේදීම හර්ෂ ද සිල්වා මහතා මුදල් කාරක සභාවේදී ආණ්ඩුවේ එක්  නිලධාරී පිරිසක් සිදු කරන කටයුත්තක් මහත් අගේ කරනු දුටිමි . එනම් ඩොලර් බිලියන 1 කට වඩා  වියදම් කර රු බිලියන 425 ක් උපයාගැනීමේ ඉලක්කය සාර්ථකව මෙහෙයවන මුදල් අමාත්‍යංශයේ සහ රේගුවේ නිලධාරීන්ව  ආණ්ඩුවේ බොහෝ දේ විවේචනය කරන හර්ෂ ද සිල්වාගේ  ඉමහත්  අගය කිරීමට ලක්වීමයි.එය  සිහි මොළේ ඇති සියලු අයගේ අවධානයට ලක් වෙමින් පවතී . දේශපාලන ගමනක්  ඇති හර්ෂද සිල්වා බොහෝ සතුටට පත්ව ඇත්තේ ඩොලර් වියදම්කර වාහන ගෙන්වා රුපියල් හොයන ක්‍රියාදාමයටයි .මේ හර්ෂ ද සිල්වා යහ පාලන සමයේ ඩොලර් බිලියන 12 ක ජාත්‍යන්තර ස්වෛරී බැදුම්කර සහ කුප්‍රකට මහා බැංකු බැදුම්කර වංචා සිදුවනවිටත්   සහ වෙළද පරතරය ඩොලර් බිලියන 10 ඉක්මවන වර්ෂවලත් කැබිනෙට්ටුවේ සිටි ප්‍රබලයෙකි . සහල් කර්මාන්ත පද්ධතියේ සමතුලිත ගුණිතය පිලිබදව අධ්‍යනයකින් තොරව (breakeven analysis ) ශක්ති සහල් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කල පුද්ගලයාය.යහ පාලන රජයේ  ප්‍රබලයෙකු වන හර්ෂ  වසර කීපයකට පෙර ඩොලර් නොමැතිව බිම වැටුණු රටක  ඩොලර් වියදම් කර රුපියල් මිලදී ගැනීමට  වාහන ආනයනය කරන " ඓතිහාසික ": පියවර  මහත් අගේ කර පෙන්වයි .වසර 5 ක් එය සිදුවුවහොත් ඩොලර් බිලයන 8ක් වියදම් වනු ඇත . යුධ ජයග්‍රහණයෙන් පසු මහින්ද රාජපක්ෂ සහ රනිල් වික්‍රමසිංහ විසින් ඩොලර් බිලයන 80 ක් අහිමි කිරීමේ ප්‍රතිඵලය කාටත් වසර 12 කින් දැක ගැනීමට හැකිවිය.   රුපියල් වියදම්කර ඩොලර් මිලදී ගැනීමේ ලණුව ආණ්ඩුවට හැකි තරම් ගිල්ලවීම හර්ෂලාගේ ජයග්‍රහණය සදහා කළයුතු කාර්ය භාරය බව ඔවුන් හොදින් දන්නා බව පෙනේ.

නිෂ්පාදන ආර්ථිකයක සටන් පාඨයක් සමග බලයට පත් පළමු ආණ්ඩුව වූ ජාතික ජන බලවේග ආණ්ඩුව ආර්ථික උත්පාදන ක්‍රියාවලිය හෝ පවතින ආර්ථිකයේ ක්‍රියාකාරීභාවය වේගවත් කරන කිසිදු ක්‍රියාමාර්ගයකට මේ දක්වා අවතීර්ණ වී නැත.ඩොලර් හෝ රුපියල් ශතයක් හෝ වියදම් නොකර ගැනීමට ක්‍රියාමාර්ග ඕනෑ තරම් තිබියදී පවතින දෙයින් සුරා ගැනීම පමණක් වේගවත් කර තිබේ. මේ මොහොතේ එය යම් තරමකට අවශ්‍ය බව පිළිගනිමු.එයට රේගුව එක් වැදගත් ස්ථානයක් බවද පිලිගනිමු.එහෙත්  ඩොලර් වියදම් කර රුපියල් ඉපයීමේ බැසිල් රාජපක්ෂ මොඩලය මොළය පාවිච්චි කර  ඩොලර් සහ  රුපියල් ඉපයීමක් නොවේ.

වාහන ආනයනය කළු සල්ලි සුදු කරන ප්‍රධාන ක්‍රමයක් බව ව්‍යාපාරික ක්ෂේත්‍රය තහවුරු කරයි. එය සීනි,කිරිපිටි,තිරිගුපිටි, පොල්තෙල් ආනයනය තරම්  ප්‍රබල නොවුනත් මේ දිනවල නව ආණ්ඩුව යටතේ එලෙසින්ම අවස්ථාවක් ලබාගෙන ඇත.. වාහන අනයනයේ බොහෝ අමතර කළු මුදල් ඩුබායි සහ සිංගප්පුරුවේ සිට හුවමාරු කරනු ලබයි. ලංකාවේදී උපයන අධික ලාභයෙන් අමතරව විදේශයක සිට හෝ උණ්ඩියාල් ක්‍රමයට ගෙවූ මුදල් සුදු කර ගැනීමට පහසුවෙන්  පුළුවන. වාහන ආනයනයට හෝයියා කීමට විශාල පිරිසක් ඉදිරිපත්වුයේ කළු සල්ලි සුදු කිරීමේ වක්කඩයක් විවෘත වෙන නිසාවෙනි. මහත් දේශපාලනික වෙනසක් සිදු කළ ආධුනික ආණ්ඩුවක පැවැත්මට වඩාත් තර්ජනයක් ඉදිරියේදී එල්ලවනුයේ කළු මුදලාලිලාගෙන්මය. ආණ්ඩුව මෙය තක්සේරු කරේදැයි නොදනිමි.ඩොලර් වියදම් නොකර කළු සල්ලි ගෙන්වාගැනීමට හෝ ශුන්‍ය කිරීමට ඕනෑ  තරම් ක්‍රම තිබේ.

වාසනාවකට  ජනාධිපතිතුමා පුරවැසියන්ට බදු පිලිබදව අවධානයක් රැගෙන එමින් බදු සතියේ තේමාව දියත් කරන ලදී. එය අතිශයින්ම කාලෝචිත ක්‍රියාවලියකි.ලංකාවේ තනි පුද්ගල ව්‍යාපාර පමණක් දස දහස් ගණනින් බස්නාහිර පළාතේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල ලියාපදිංචි වී ඇත.රට පුරා  පුද්ගලයින් විවිධ මාදිලියේ ව්‍යාපාර මිලියන 3කට වඩා ලියාපදිංචි කර ඇත. නමුත් ක්‍රියාකාරිත්වය පිලිබදව නිසි තොරතුරු හෝ මෙහෙයවීමක් නොමැත.පුරවැසියන් වැඩි ප්‍රමාණයක් බදු ගෙවීම දක්වා ඉහලට එසවීම යනු ඔවුන් ධනවත් කළ බවට ඇති සංකේතයයි .එය අභිමානයකි .ජනාධිපති තුමාගේ බදු වැඩපිළිවෙල ධෛර්යමත් කලයුතු ක්‍රියාවලියකි. එමගින් ආර්ථික දක්ත පද්ධතියද බිහිවේ .එම වැඩපිළිවෙලට කර්මාන්තකරුවන්ගේ සහයෝගයද අප ප්‍රකාශ කර සිටිමු.

එහෙත් එය වඩාත් උත්කර්ෂ මට්ටමකට රැගෙන ඒමට ඒමට නම් ආර්ථික ක්‍රියාකාරිත්වය වේගවත් කරන අවකාශයක් නිර්මාණය කර යුතුමය. එලෙසම එයට සමාන්තරව  නියාමන සහ දක්ත යාන්ත්‍රණයක් ගොඩ නැගිය යුතුමය . එකක් නොවේනම් අනෙක සාර්ථක නොවේ.අලුතින් බදු ලිපිගොනු මිලියන 3 ක ඉලක්කය කොහෙත්ම සිහිනයක් නොවේ.ඒ සදහා ඩොලර් හෝ රුපියල් වියදම් කිරීමද  අවශ්‍ය නොවේ.ජාතික ජනබලවේගයේ නිෂ්පාදන ආර්ථික යෝජනාව ප්‍රකාශ වීමෙන් පසු ජාතික ජන බලවේගයේ මුලස්ථානයටම කර්මාන්තකරුවන් මේ ලියුම්කරුගේ සම්බන්ධීකරණයෙන් සහ කුලතුංග රාජපක්ෂ සහ අතුල හපුතන්ත්‍රී යන ප්‍රවීණ කර්මාන්තකරුවන්ගේ උපදේශකත්වයෙන් පුරා වසරකට වැඩි කලක්  එක දිගට සතිපතා පැමිණ වත්මන් නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහගේ මැදිහත්වීමෙන් කරන ලද ගැඹුරු සාකච්ඡාවලින් පසු මුලික කරුණු 36 ක් යටතේ නිෂ්පාදන ආර්ථික ප්‍රතිපත්තිය ස්ථාපිත කිරීම, අණපනත්  සහ මෙහෙයවීම පිළිබද යෝජනා ලබා දුන් අතර එක වෙඩි උණ්ඩයක් නොමැතිව උතුර දකුණ එක සේසත් කළ මහා මැතිවරණයදා ජනාධිපතිතුමා වෙතද යොමුකරන ලදී.එම කරුණු ඉතා ගැඹුරු සහ දීර්ඝ බැවින් මෙහි විස්තර නොකරමි.එහෙත් එහි තිබු මුලික කරුණ ඉදිරිපත් කරමි.එනම් සංචාරක අදායම සහ විදේශ සම්ප්‍රේෂණ දෙගුණයක් වුවද නිෂ්පාදන ආර්ථිකයකට ප්‍රවිෂ්ඨ වී දැවැන්ත ආර්ථික ක්‍රියාකාරිත්වයකින් බිහිවන අදායම් බදු ගෙවන්නන් සහ සමාගම් බදු ගෙවන්නන් හරහා ලැබෙන සෘජු බදු සහ  කාර්මික අමුද්‍රව්‍ය ආනයන බදු ඇතුළු උපායමාර්ගික බදුවලින් රු බිලියන 3000ක පමණ නව අදායමක් උපයන්නේ නැතිනම් රටේ ආර්ථිකය අවදානම් බවය.හැකි ඉක්මනින් වෙළද පරතරය අවම කිරීමේ ඉලක්කය ආණ්ඩුවේ පළමු වසර 5 සදහාම ප්‍රකාශ කිරීම ආණ්ඩුවේ ආරක්ෂාවටද ඉතා වැදගත් බවත්ය.කර්මාන්තකරුවන්ගේ ප්‍රධාන ගැනුම් කරුවන් වන බහුතර ග්‍රාමීය ජනතාව වෙත මුදල් ගලා යන ක්‍රමවේදය ප්‍රවීණ කර්මාන්තකරුවන් පැහැදිලිව ඉදිරිපත් කර තිබේ.මේ යෝජනා අලුත් යෝජනාද නොවේ . 2011-12 වර්ෂවලදී වත්මන් මුදල් ලේකම් මහින්ද සිරිවර්ධන මහතාගේ මුලිකත්වයෙන් ග්‍රාමීය ආර්ථිකය ඉහළ නැංවීම පිළබදව මුදල් අමාත්‍යාංශයේදී කරන ලද ඇතැම් සාකච්ඡාවලදී මේ ලියුම්කරුත් ඩී  එස් අයි කළමණාකාර අධ්‍යක්ෂක කුලතුංග  රාජපක්ෂ මහතාත් මෙහි ඇතැම් කරුණු ඉදිරිපත් කරන ලද බවද සිහිපත් කරමි.

ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිතුමා සහ අපේ ජනාධිපතිතුමා එකම ආකාරයක ආර්ථික අවධියකට මුහුණ දී ඇත .ඩොනල්ඩ් ට්‍රම්ප් ජනධිපතිතුමාගේ ෆෙඩරල් භාණ්ඩාගාරය ඩොලර් ට්‍රිලියන 2 ක අයවැය හිගයකට මුහුණදී සිටින්නේ දශක ගණනාවක සිටය .එහෙත් ඔවුන්ගේ මුදල් ඒකකය අනෙකුත් රාජයන් මිලදීගතයුතු ජාත්‍යන්තර මුදල් ඒකකයද වන බැවින් භාණ්ඩාගාර බිල්පත් යහමින් අලෙවිවේ .එය අඩු පොලියට ණය ලැබීමකි.ඇමෙරිකානු ආර්ථිකය වසර 75 කට වඩා එලෙස ක්‍රියාත්මක වේ . මෙයට වසර 25කට පමණ පෙර අයිලන්ඩ් පුවත්පතේ කේන්ස් නමින් ආර්ථික විග්‍රහය ලියු සහ උදයසිරි වික්‍රමරත්නයන් විසින්  දිවයින පුවත්පතට  පරිවර්තනය කරන ලද ලිපිවල ආචාර්ය ජයන්ත කැලේගමයන් ඇමෙරිකානු ආර්ථිකය බිද වැටෙන දිනය පිලිබදව අනුමානයක් ලබාදුන් අයුරු ඔහුට ගෞරවයක් ලෙස මතක් කර සිටිමි .එනම් ඇමෙරිකානු ඩොලරයේ අවශ්‍යතාවය නොමැති පළමු තත්පරයේම ඇමෙරිකානුවන් හාමත්කරමින් ඇමෙරිකාව බිද වැටෙන බවයි. යුවානය සහ ඩිගිටල් යුවානය සේම ක්‍රිප්ටෝ   ඒකකය ප්‍රකාශකරමින් ඉන්දියාව ,රුසියාව,චීනය ගනුදෙනු ආරම්භ කිරීම ඇමෙරිකානු ආර්ථිකයට කොපමණ අවදානම්දැයි ඇමෙරිකානු ජනාධිපතිතුමා සහ කාර්යමණ්ඩලය තේරුම් ගෙන තිබේ. භාණ්ඩාගාර බිල්පත් සදහා ඉල්ලීම අඩුවීමට පෙර නිෂ්පාදන ආර්ථිකයට අවතීර්ණ වී අමෙරිකනුවන්ගෙන්ම ෆෙඩරල් භාණ්ඩාගාරයට අදායම් බිහිකිරීමේ පියවර ලෝකයට විකාරයක් ලෙස පෙනුනත් එය ඇමෙරිකානු ආර්ථිකයේ ස්ථාවරත්වයට කල්තබා ගත් ඓතිහාසික පියවරක් බව ආර්ථික දැනුමක් ඇති අයට තේරුම් ගත හැක. ඇමෙරිකානුවන් වැර  යොදා අනෙකුත් රාජ්‍යයන්තුල මධ්‍යම පන්තියක් ගොඩනැගීමට යුහුසුළු වුයේ සහ වඩාත් ලාභය සදහා ආයෝජනය සිදුකරේ එය ප්‍රග්ධනවාදයේ (ධනවාදයේ  ) මුලික අවශ්‍යතාවයක් බැවිනි.ප්‍රග්ධනවාදයේ ගමන්මග තුල අනෙකුත් රාජ්‍යයන් නැගී සිටීම වැලක්වීමට ඩොනල්ඩ් ට්‍රම්ප්ට නොහැකි නමුත් ඔහුගේ පියවර ඇමෙරිකාවේ ''ස්ථාවර පරාජයක්  "  සදහා මගපාදනු ඇත. ඩොලරයේ ආධිපත්‍ය අහිමි වීමට පෙර ඔහු ගත් පියවර තුල  අනාගතයේ ඔහු ගෞරවයටද ලක්වීමට ඉඩ ඇත .බදු පැනවීමෙන් ඔහු ඇමෙරිකාව තුල ආයෝජනය කිරීමට ජාත්‍යන්තර ප්‍රාග්ධනයට ආරාධනය කරයි.එලෙසම පවතින කර්මාන්තවල යන්ත්‍රසුත්‍ර යලි ක්‍රියාත්මක කරවයි .ඔහු බලාපොරොත්තුවන්නේ අයවැය පරතරය පියවීමට හැකි තරම් සෘජු බදු ගෙවන ඇමෙරිකානුවන් පිරිසක් බිහිකර ගැනීමයි.(එහෙත් නිෂ්පාදනය ඉහල ගිය පසු නැවත වෙළදපොළවල් විවෘත කරගැනීමට ඔවුන්ටම සිදුවනු ඇත.කොමියුනිස්ට් ප්‍රකාශනයෙන් මෙපිට ලෝක ආර්ථිකයට ගමනක් නැත .)

අනුර දිසානායක ජනාධිපතිතුමාගේ භාණ්ඩාගාරයද ණය ලබාගනිමින් සහ පැරණි ණය ගෙවමින් ඇමෙරිකාව පරිදිම ධාවනය වේ .එහෙත් ඩොලර්වලට තව කාලයකට ඉල්ලුම පවතින පරිදි ලංකාවේ රුපියලට කොහෙත්ම  ඉඩක් නැත .අමෙරිකවට මෙන් අඩු පොලියට ඩොලර් ලැබෙන්නේද නැත .ගෘහ සේවිකාවන්ගෙන් හෝ සංචාරකයන්ගෙන් එන ඩොලර් වියදම්කර  රේගුව හරහා  දිගටම රුපියල් ඉපයීමට තරම් ඩොලර් සංචිතයක් අපේ ජනාධිපතිතුමාට නැත .වෙළද පරතරයෙන් සහ ගෙවීමට ඇති ණය වලින් ඕනෑම මොහොතක සංචිතය සෘණ වීමට කුඩා තවත් වෛරසයක්, නියගයක්,භූමිකම්පාවක්  හෝ මිසයිලයක් හොදටම ප්‍රමාණවත්ය .ට්‍රම්ප් ජනාධිපතිතුමා ඇමෙරිකාවේ සිදුකරන ක්‍රියාවලිය අධ්‍යනය කිරීම එතුමාටත් වඩා අපේ ජනාධිපතිතුමාට වැදගත්වන්නේ එමනිසාමය.

දළ  ජාතික නිෂ්පාදනය ඉහල දැමීමට අවශ්‍ය ප්‍රධාන නිර්ණායක හතරෙන් 3කම  ට්‍රම්ප් ජනාධිපතිතුමා වාසි සහගත තැනක සිටී. එතුමාට රජයේ වියදම්  සදහා තවමත් මධ්‍යම භාණ්ඩාගාරයෙන් මුදල් අඩු පොලී ණය වලින් හෝ සම්පාදනය කල හැක .  ඇමෙරිකානු වෙළදපොලට ආයෝජන තවමත් පැමිණේ .ට්‍රම්ප්ගේ වැඩපිළිවෙල තුල තවත් ආයෝජන පැමිණෙනු ඇත.ඔහුගේ පියවරයන් තුල දළ ජාතික නිෂ්පාදනයේ ප්‍රධාන ඒකකය වන අභ්‍යන්තර ඉල්ලුම සහ පරිභෝජනය අති මහත් ලෙස ඉහල යනු ඇත .ඔහු දුර්වලව ඇත්තේ ආනයන අපනයන ශේෂයෙදී පමණි. ඔහුගේ බදු වලින් එයද තරමක් විසදාගනු ඇතිමුත් බදුවල මුලික ඉලක්කය ආයෝජන කැදවීම සහ අභ්‍යන්තර ඉල්ලුම සහ පරිභෝජනය ඉහල දැමීම බව පෙනේ.

අපේ ජනාධිපතිතුමාගේ රජය   ආයෝජන ,රජයේ වියදම්, ආනයන අපනයන ශේෂය යන කරුණුවලදී දුර්වල ස්ථානයක සිටී. එම නිර්ණායක ක්ෂණිකව වැඩිකිරීමේ හැකියාවක් රජයට නැත.වැඩිකළ හැක්කේ අභ්‍යන්තර ඉල්ලුම සහ පරිභෝජනය නමැති ප්‍රධාන ඒකකයයි.ආයෝජන කැදවීමට ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේ යම් හැකියාවක් නිෂ්පාදන ආර්ථික මොඩලයකට ඇත. .නිෂ්පාදන ආර්ථික මොඩලයකින් හැර වෙනත් ක්‍රමයකින් වේගවත්ව  අභ්‍යන්තර ඉල්ලුම සහ පරිභෝජනය ඉහල දැමීමේ විභවයක් රජයට නැත .

ආණ්ඩුව ඩොලර් වියදම්කර රුපියල් ඉපයීමේ බැසිල් රාජපක්ෂ මොඩලයෙන් ප්‍රමාද වී හෝ ඉවත්වී කිසිවක් වියදම් නොකර ඩොලර් සහ රුපියල් ඉපයීමේ ක්‍රියාදාමයට අවතීර්ණ වන්නේ නම් තවත් අවශ්‍යතාවයක් පැන නැගේ .එනම් ක්‍රියාන්විතයේ දක්ත ගොඩනැගීම,නියාමණය සහ ප්‍රතිලාභ රාජ්‍යයේ ආරක්ෂාව සහ ස්ථාවරත්වය වෙනුවෙන් උකහා ගැනීම සදහා යාන්ත්‍රණයක අවශ්‍යතාවයයි. මේ රටේ තවමත් දක්ත ගොඩනැගීම සදහා යාන්ත්‍රණයක් නොමැත .බදු පැහැර හරින්නන් හෝ අවස්ථා පිළබදව අවබෝධයක් ලබාගැනීම තබා රටේ සහල් සංචිත පිලිබදවත් නිවැරදිව කියාගැනීමට කිසිවෙකුත් නැත. රටේ වඩු මඩු, ගවගාල්,සහල් කර්මාන්ත, යකඩ නිෂ්පාදන සහ කාර්මික ස්ථාන වැනි දේවල් පවා කොපමණ ඇද්දැයි කීමට කිසිදු යාන්ත්‍රණයක් නැත. වගා කල නොකළ හෝ උපයෝගිතා  ප්‍රතිශතය කියගැනීමටවත් දක්ත පද්ධතියක් නොමැත .රාජ්‍ය එතරම් දුර්වල රාජ්‍යයකි .

එහෙත් බැසිල් රාජපක්ෂ දේශපාලනය කිරීමේ ඉලක්කයෙන් ගොඩනැගු යාන්ත්‍රණයක් හොරකම ජයග්‍රහණය කිරීම වෙනුවට ආර්ථික විප්ලවයකට උපයෝගීකරගනීමේ වැදගත්කම යහපාලන රජයේ මුදල් ලේකම් ආචාර්ය සමරතුංගට මම පෙන්වා දුන් අතර එය ඔහුගේ ඇගයීමටද ලක්වූ නමුත් කිසිවක් සිදු නොවිණි .එනම් රටේ සෑම ග්‍රාම සේවා වසමක්ම ආවරණය වන ලෙසට ඇති උපාධිධාරී ,පරගණක සාක්ෂර , මහජන මුදලින් නඩත්තු කලද කිසිදු ප්‍රයෝජනවත් වැඩක් නොගන්නා ආර්ථික සංවර්ධන නිලධාරීන් 14000 ක් දෙනා ආර්ථික සංවර්ධන සහ දේශීය අදායම් නිලධාරීන් බවට පත්කර වෙනත් මොඩලයකින් මුදල් අමාත්‍යංශයට සහ දේශීය අදායම් අංශයට අනුබද්ධ කර ගැනීමයි.එය ජනපතිතුමාගේ වටිනා දේශීය අදායම් වැඩපිළිවෙලේ ඉලක්ක වෙත ලගාවීමේ මුලික යාන්ත්‍රණය සදහා කදිමය. මහජන මුදල් නිකම් නාස්තිවීමද නවතී. මේ රාජ්‍ය සැබවින්ම කුමක්දැයි තේරුම් ගැනීමට වහාම ඔවුන් යොදාගෙන විධිමත් කිරීම රාජ්‍යයේ සහ ආණ්ඩුවේ ආරක්ෂාවට ඉතා වැදගත් ප්‍රකාශ කරමි.නීතියේ සමනාත්මකතාවය සහ උතුරු දකුණු ඒකාබද්ධතාවයේ හිරු කිරණ යන්තම් දකින පුරවැසියන්ගේ  අභිලාෂයේ ආරක්ෂාව නිෂ්පාදන ආර්ථික වැඩපිළිවෙලක්      යාන්ත්‍රණයක් සමග ක්‍රියාත්මක වන තුරුම අවදානම් බව  ශ්‍රී ලාංකික  සමාජය දෙස මානවවාදී කෝණයකින් බලන සැවොම තේරුම්ගත යුත්තකි.  

- අරුණ කාන්ත බණ්ඩාර

(මව්බිම) 

සම්බන්ධිත පුවත් | Related News

දෙවන ලෝක යුද්ධයෙන් පසු ගොඩනැගූ NATO සංවිධානයේ ප්‍රධානම වගකීම සාමාජික රටවල ආරක්ෂාව තහවුරු කිරීමය. එක රටකට ප්‍රහාරයක් එල්ල වුවහොත්, එය සමස්ථ සංවිධානයටම එල්ල වූ ප්‍රහාරයක් සේ සලකා සියල්ලන් එක්වී ආරක්ෂා කරයි.
වේලුපිල්ලේ ප්‍රභාකරන් ඇතුළු කොටි සංවිධානය දශක තුනක් තිස්සේ මවා පෑ ඊළාම් මනෝ විකාර රාජ්‍යයත්, අදටත් බටහිර රටවල සැප විඳිමින් ලේ විකුණා කන දෙමළ ඩයස්පෝරාවේ සිහින මාලිගාවනුත් අත්තිවාරමෙන්ම සොලවා දැමූ එක් ගැහැනියක් සිටියාය.
පෞද්ගලික ජංගම දුරකථනවලට පිවිස හැකර්වරුන් විසින් සිදුකරන බැංකු ගිණුම්වල සල්ලි අදින ජාවාරමක් පිළිබඳව සහ එයින් බේරීමට කළයුතු දේ පිළිබඳව තොරතුරු ඇතුළත් වීඩියෝවක් පහළින් දැක්වේ.
චීනය විසින් ක්‍රියාත්මක කරන 15 වැනි පස් අවුරුදු සැලැස්ම ක්‍රියාත්මක කරන කාලය වන විට චීනය ලෝකයේ පළමු ආර්ථික බලවතා වී සිටින බව 1955 දී මාඕ සේතුං ප්‍රකාශකර තිබිණි.
සාමාන්‍යයෙන් ජනාධිපති කෙනෙක් ජාතිය අමතන පිලිවෙලක් තියනවා.ඊට ගැලපෙන ඇඳුමක් ඇඳගෙන,සුදුසු තැනක ඉඳන්, ජාතිය ඇමතීමේ අරමුණ හරියට ඔළුවේ තියාගෙන තමයි ඒක කරන්න ඕනි. හැබැයි ගිය 17 වෙනිදා ඩබල් පොකට් ෂර්ට් එකක් ඇඳගෙන,තියන්න ඕනිවට පැත්තකින් ජාතිය කොඩියත් තියාගෙන,රටේ මතුවෙලා තියෙන තත්වය ගැන හරි අවබෝධයක් නැතිව තමන්ගේ බැරිකම වහගන්න අනුර ජාතිය අමතලා කතාවක් කළා.
ඛෙදුම්වාදී න්‍යාය පත්‍රයේ අවසන් සැතපුම් ගමන් කිරීමේ ක්‍රියාවලිය ස්ථාවර ආණ්ඩුවක් යටතේ සිදු කිරීම වෙනුවට අස්ථාවර හෝ බිඳ වැටුණු හෝ ජාත්‍යන්තර මැදිහත්වීම මත පිහිටුවන අන්තර් කාලීන ආණ්ඩුවක් යටතේ සිදු කිරීම වඩා සුදුසු බව දේශපාලනයේ 'අ'යන්න දන්නා අයෙකුට වටහා ගත හැකි බවත්, එම නිසා වර්තමාන ආණ්ඩුව පළාත් සභා මැතිවරණය පවත්වා මහ ඇමතිට පක්ෂපාතී ආණ්ඩුකාරවරයෙකු පත් කර රට බෙදීමේ ක්‍රියාවලිය ආරම්භ කළ පසුව ආණ්ඩුව බිඳ වැට්ටවීම සඳහා වන දේශීය සහ ජාත්‍යන්තර ක්‍රියාන්විතයක් ආරම්භ වීමේ බරපතල අවකාශයක් පවතින බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය පෙන්වා දෙයි.
ක්‍රි.පූ. 550 දී මුළින්ම පර්සියානු අධිරාජ්‍ය ස්ථාපිත වූ බවත් ඒ මහා සයිරස් රජුගේ මූලිකත්වයෙන් බවත්, ක්‍රි.ව 651 දී අරාබි අක්‍රමණයෙන් පසු පර්සියානු අධිරාජ්‍ය ක්‍රමයෙන් බිඳවැටී එහි ආගම ඉස්ලාම් ආගම බවට පත් වූ බවටත් Next page අන්තර්ජාල නාලිකාව කරුණු හෙලිදරව් කරයි.
පසුගිය 2026 මාර්තු 11 වනදා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය විසින් ඉරානයට එරෙහිව ඓතිහාසික යෝජනාවක් (Resolution 2817) සම්මත කරන ලද අතර, මෙහි ඇති සුවිශේෂීම කරුණ වන්නේ රටවල් 135ක් මෙයට සම-අනුග්‍රාහකත්වය දැක්වීමයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වාට ජනාධිපති අනුර කුමාර දිසානායකව රවට්ටන්නට හැකි නම් ජනාධිපතිවරයාගේ මොළයේ තරම හිතාගත හැකි බවත්, ඉන්දියාවෙන් නැතිනම් ජාත්‍යන්තරයෙන් ජනාධිපතිවරයාව කෙසේ රවට්ටනවා ඇත්දැයි දේශපාලන විචාරකයන් ප්‍රශ්න කරති.

ප්‍රධාන පුවත්

ආණ්ඩුව මගින් පාවාදීම් ඉටුකර ගැනීම සහ ඉන් පසුව ආණ්ඩුව පලවා හැරීමේ සූක්ෂම වැඩපිළිවෙල ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් අනාවරණයක්.. (වීඩියෝ)

වත්මන් ආණ්ඩුව යොදාගනිමින් යම් යම් පාවාදීම් ඉටුකර ගැනීමටත්, ඉන් අනතුරුව එම ආණ්ඩුවම බලයෙන් පලවා හැරීමටත් පසුබිම සකස් වෙමින් පවතින බවට දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

ඉස්ලාම් අන්තවාදී තර්ජන ගැන සලේ 2016 දී ආරක්ෂක මණ්ඩලය දැනුවත් කරලා.. - ඉහළ ප්‍රධානියෙක් එය නොසලකා හැරලා..

ඉස්ලාමීය අන්තවාදය සහ ISIS මතවාදය මෙරට දරුණු ලෙස ක්‍රියාත්මක වෙමින් පැවති ආකාරයත් එය මැඩපවත්වන අයුරු පිළිබඳත් සුරේෂ් සලේ මහතා 2016 වසරේදී ආරක්ෂක මණ්ඩලයට දීර්ඝ ලෙස කරුණු දැක්වීම් සිදුකළත් එම කරුණු දැක්වීම්වලට ආරක්ෂක මණ්ඩලයේ සිටි ඉහළ පෙළේ අයෙකු අකමැත්ත පළකර ඇති බව අභියාචනාධිකරණයේදී ඊයේ (21) සඳහන් කෙරුණි.

"කැරපොත්තන්ගේ" අරගලයේදී රාහුල් ගාන්ධි අත්අඩංගුවට – ජනතා විරෝධය හේතුවෙන් ගාන්ධිට නිදහස

කැරපොත්තන්ගේ ජනතා පක්ෂය ( Cockroach Janta Party-CJP) ලෙස තමන්ව හඳුන්වා ගන්න දේශපාලන කණ්ඩායම විසින් ඉන්දියාවේ නවදිල්ලි නුවරදී වෛද්‍ය විද්‍යාලවලට සිසුන් බඳවා ගන්නා විභාගයේ ප්‍රශ්න පත්‍ර පිටවූයේ යැයි පවසමින් ගෙන යන විරෝධතා ව්‍යාපාරයේ දෙවන දිනයේදී ඊට සහභාගි වූ ඉන්දීය විපක්ෂ නායක රාහුල් ගාන්ධි ඉන්දීය පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ අතර පසුව ඔහු නිදහස් කරනු ලැබීය.

ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය කුවේට්හි ඇමරිකානු රේඩාර්, චන්ද්‍රිකා සන්නිවේදන පද්ධති සහ ගුවන් යානා අංගනවලට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කරයි!

ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය (IRGC) කුවේට්හි පිහිටි එක්සත් ජනපද හමුදා ස්ථානවල රේඩාර් පද්ධති, චන්ද්‍රිකා සන්නිවේදන පද්ධති සහ ගුවන් යානා අංගන (Hangars) ඇතුළු ප්‍රධාන හමුදා යටිතල පහසුකම්වලට ප්‍රහාර එල්ල කළ බව වාර්තා වී තිබේ.

ආණ්ඩුවේ ලිංගික ඇරියස් පාසල් පද්ධතිය තුළට රිංගවීමේ උත්සාහයක්..

වත්මන් ආණ්ඩුව විසින් පාසල් පද්ධතිය තුළට නොගැලපෙන සංකල්ප සහ අදහස් රිංගවීම සඳහා උත්සාහයක නිරත වන බවට ජාතික නිදහස් පෙරමුණ චෝදනා කරයි.

සෞදි අරාබියාවේ දහම් පාසල තානාපති අනින් නවත්වයි.. - ඇමති විජිත ඊට එකඟයි..

සෞදි අරාබියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය තුළ වසර 10 කට අධික කාලයක් පවත්වාගෙන ගිය දහම් පාසල මාලිමා ආණ්ඩුවේ තානාපති අමීර් අජ්වල් ගේ නියෝගයක් අනුව නැවැත්වීමට සිදුවී ඇතැයි එරට සේවය කරන බෞද්ධ ප්‍රජාව ලංකා ලීඩර් වෙත වාර්තා කර තිබේ.

ත්‍රිකුණාමල තෙල් ටැංකි සංකීර්ණය සංවර්ධනයට අන්තර්ජාතික ලංසු කැඳවීමට සැරසේ..

ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය වාණිජමය වශයෙන් ප්‍රයෝජනයට ගැනීමේ පියවරක් ලෙස, එහි පවතින ටැංකි 29 ක් සංවර්ධනය කිරීම සඳහා ඉදිරි මස ඇතුළත අන්තර්ජාතික ලංසු කැඳවීමට Trinco Petroleum Terminal Limited (TPTL) සමාගම සූදානම් වේ.

ස්වයංක්‍රීය AI නියෝජිතයෙක් ප්‍රධාන AI ආකෘති ගබඩාවකට ප්‍රහාරයක් එල්ල කරයි!

නිව්යෝර්ක් නගරය මූලස්ථානය කරගත් Hugging Face සමාගම පවසන්නේ, සම්පූර්ණයෙන්ම ස්වයංක්‍රීය කෘත්‍රිම බුද්ධි (AI) නියෝජිත පද්ධතියක් තම AI ආකෘති (Models) ගබඩාවට අනවසරයෙන් ඇතුළු වූ බවත්, එය මෙතෙක් මුහුණ දී ඇති කිසිදු සයිබර් ප්‍රහාරයකට සමාන නොවන අත්දැකීමක් බවත්ය.

හිටපු පොලිස්පති අබිරහස් මරණය සියදිවි නසා ගැනීමක්ද? ඝාතනයක්ද? අත්වැරැදීමක්ද? (වීඩියෝ)

හිටපු පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතාගේ හදිසි සහ අබිරහස් මරණය සම්බන්ධයෙන් මේ වන විට සමාජය තුළත්, දේශපාලන හා ආරක්ෂක ක්ෂේත්‍ර තුළත් දැඩි කතාබහක් සහ සැකසංකා මතු වී තිබේ.

ශ්‍රී ලංකාව කියන්නේ ඉන්දියාවේ දොරකඩ තියෙන බරක් නෙවෙයි; ඉන්දීය සාගරය මධ්‍යයේ පිහිටි වටිනා වත්කමක්.. - ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරියගෙන් ප්‍රබල ප්‍රකාශයක්

නව දිල්ලියේදී පැවැත්වුණු ‘Calm Waters, Rising Tide: Stability as the Foundation for Indian Ocean Growth’ තේමාව යටතේ වූ ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡාවකදී, ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් මහිෂිණි කොලොන්න මහත්මිය දෙරටේ ආරක්ෂක සහ ආර්ථික සබඳතා පිළිබඳව වැදගත් කරුණු කිහිපයක් පෙන්වා දී තිබේ.

ජනාධිපතිට පෞද්ගලිකව නඩු පවරන්න බැහැ - මෛත්‍රී, රනිල්, අනුරට එරෙහි පෙත්සමට ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව මෙන්න..

ජෛව විද්‍යාත්මක පදනමකින් තොරව සැත්කම් මඟින් ලිංගිකත්වය වෙනස් කිරීමට අවසර දෙන චක්‍රලේඛ සහ පනත් බලරහිත කරන ලෙස ඉල්ලා ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (20) තීන්දු කළේය.

ඉන්දියාවේ 'කැරපොතු ජනතා පක්ෂය' දිල්ලි නුවර වටලයි.. විරෝධතාකරුවන් පාර්ලිමේන්තුව දෙසට..

ඉන්දියාවේ විභාග ප්‍රශ්න පත්‍ර කලින් පිටවීම සහ අධ්‍යාපන ක්ෂේත්‍රයේ සිදුවන දූෂණවලට එරෙහිව රට පුරා දැවැන්ත ජනතා විරෝධයක් ආරම්භ වී තිබේ.

ඉරාන මිසයිල ප්‍රහාර හමුවේ ඇමරිකානු ගුවන් ආරක්ෂක පද්ධති අකාර්යක්ෂමයි – අමෙරිකානු මාධ්‍ය

මැද පෙරදිග පිහිටි තම ගුවන් ආරක්ෂක පද්ධති ඉරාන මිසයිලවලට එරෙහිව ප්‍රමාණවත් ලෙස ක්‍රියා නොකරන බවට එක්සත් ජනපදය තුළ දැඩි කනස්සල්ලක් මතුව ඇති බව විදෙස් මාධ්‍ය කිහිපයක් නම සඳහන් කිරීමට අකමැති වූ ඇමරිකානු හමුදා නිලධාරීන් උපුටා දක්වමින් පවසයි.

බෙදුම්වාදීන්ට උවමනා ආකාරයට පුරාවිද්‍යා බඳවා ගැනීම් පටිපාටි වෙනස් කරයි.. - ජාතික සංවිධානවලින් චෝදනා

පුරාවිද්‍යා කොමසාරිස් සහ සුමන්තිරන්ලා රහසිගතව මුණගැසීම පිළිබඳව ලංකා ලීඩර් වෙත අදහස් දැක්වූ දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා සඳහන් කරන්නේ එම ක්‍රියාවලිය තුළ උතුර සහ නැගෙනහිර පළාත්වල සහකාර පුරාවිද්‍යා අධ්‍යක්ෂ ධුර 4ක් සඳහා පිටතින් බඳවා ගැනීම සඳහා නව තරග විභාගයක් පවත්වන බවය.

මීගමුව නගරාධිපති පල්ලියට එරෙහි වුනා.. ඒකයි එයාට ඉල්ලා අස්වෙන්න සිදුවුණේ.. - මීගමුව හිටපු නාගරික මන්ත්‍රීවරයකු හෙළිකරයි

පාස්කු ප්‍රහාරය පිළිබඳව කතෝලික පල්ලියේ පූජකවරු විසින් එක් එක් කාලවලදී විවිධ ප්‍රකාශ සිදුකරන බවත්, කතෝලික සභාව දේශපාලනය කරමින් සිටීම නිසා කතෝලික බැතිමතුන් දැඩි අපහසුතාවට පත්ව සිටින බවත් පවසමින් මීගමුව නගර සභාවේ හිටපු මන්ත්‍රීවරයකු විසින් අන්තර්ජාල නාලිකාවකට ප්‍රකාශයක් ලබාදෙමින් විශේෂ හෙළිදරව් කිරීමක් රැසක් සිදුකර තිබේ.

ඉරානයට එරෙහි මහා පරිමාණ යුද්ධයකට ඇමරිකාව සූදානම් වෙනවා -Washington Post/Wall Street Journal පුවත්පත් වාර්තා පවසයි

එක්සත් ජනපදය ඉරානයට එරෙහිව මහා පරිමාණ හමුදා ක්‍රියාමාර්ගයක් සඳහා සූදානම් වෙමින් සිටින අතර, මැද පෙරදිග කලාපයේ තම හමුදා පැවැත්ම තවදුරටත් ශක්තිමත් කරමින් සිටින බව Washington Post පුවත්පත ඇමරිකානු නිලධාරියෙකු උපුටා දක්වමින් වාර්තා කර ඇත.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.