News Category
From Date
To Date
Maximum Number of Result

කලු ආර්ථිකය හමුවේ බොදව යන නිෂ්පාදන ආර්ථිකයේ අපේක්ෂාව..

Jun 16, 2025 at 08:48 AM
|

ජනාධිපතිතුමාගේ  බදු සතිය ආරම්භයේදීම හර්ෂ ද සිල්වා මහතා මුදල් කාරක සභාවේදී ආණ්ඩුවේ එක්  නිලධාරී පිරිසක් සිදු කරන කටයුත්තක් මහත් අගේ කරනු දුටිමි . එනම් ඩොලර් බිලියන 1 කට වඩා  වියදම් කර රු බිලියන 425 ක් උපයාගැනීමේ ඉලක්කය සාර්ථකව මෙහෙයවන මුදල් අමාත්‍යංශයේ සහ රේගුවේ නිලධාරීන්ව  ආණ්ඩුවේ බොහෝ දේ විවේචනය කරන හර්ෂ ද සිල්වාගේ  ඉමහත්  අගය කිරීමට ලක්වීමයි.එය  සිහි මොළේ ඇති සියලු අයගේ අවධානයට ලක් වෙමින් පවතී . දේශපාලන ගමනක්  ඇති හර්ෂද සිල්වා බොහෝ සතුටට පත්ව ඇත්තේ ඩොලර් වියදම්කර වාහන ගෙන්වා රුපියල් හොයන ක්‍රියාදාමයටයි .මේ හර්ෂ ද සිල්වා යහ පාලන සමයේ ඩොලර් බිලියන 12 ක ජාත්‍යන්තර ස්වෛරී බැදුම්කර සහ කුප්‍රකට මහා බැංකු බැදුම්කර වංචා සිදුවනවිටත්   සහ වෙළද පරතරය ඩොලර් බිලියන 10 ඉක්මවන වර්ෂවලත් කැබිනෙට්ටුවේ සිටි ප්‍රබලයෙකි . සහල් කර්මාන්ත පද්ධතියේ සමතුලිත ගුණිතය පිලිබදව අධ්‍යනයකින් තොරව (breakeven analysis ) ශක්ති සහල් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කල පුද්ගලයාය.යහ පාලන රජයේ  ප්‍රබලයෙකු වන හර්ෂ  වසර කීපයකට පෙර ඩොලර් නොමැතිව බිම වැටුණු රටක  ඩොලර් වියදම් කර රුපියල් මිලදී ගැනීමට  වාහන ආනයනය කරන " ඓතිහාසික ": පියවර  මහත් අගේ කර පෙන්වයි .වසර 5 ක් එය සිදුවුවහොත් ඩොලර් බිලයන 8ක් වියදම් වනු ඇත . යුධ ජයග්‍රහණයෙන් පසු මහින්ද රාජපක්ෂ සහ රනිල් වික්‍රමසිංහ විසින් ඩොලර් බිලයන 80 ක් අහිමි කිරීමේ ප්‍රතිඵලය කාටත් වසර 12 කින් දැක ගැනීමට හැකිවිය.   රුපියල් වියදම්කර ඩොලර් මිලදී ගැනීමේ ලණුව ආණ්ඩුවට හැකි තරම් ගිල්ලවීම හර්ෂලාගේ ජයග්‍රහණය සදහා කළයුතු කාර්ය භාරය බව ඔවුන් හොදින් දන්නා බව පෙනේ.

නිෂ්පාදන ආර්ථිකයක සටන් පාඨයක් සමග බලයට පත් පළමු ආණ්ඩුව වූ ජාතික ජන බලවේග ආණ්ඩුව ආර්ථික උත්පාදන ක්‍රියාවලිය හෝ පවතින ආර්ථිකයේ ක්‍රියාකාරීභාවය වේගවත් කරන කිසිදු ක්‍රියාමාර්ගයකට මේ දක්වා අවතීර්ණ වී නැත.ඩොලර් හෝ රුපියල් ශතයක් හෝ වියදම් නොකර ගැනීමට ක්‍රියාමාර්ග ඕනෑ තරම් තිබියදී පවතින දෙයින් සුරා ගැනීම පමණක් වේගවත් කර තිබේ. මේ මොහොතේ එය යම් තරමකට අවශ්‍ය බව පිළිගනිමු.එයට රේගුව එක් වැදගත් ස්ථානයක් බවද පිලිගනිමු.එහෙත්  ඩොලර් වියදම් කර රුපියල් ඉපයීමේ බැසිල් රාජපක්ෂ මොඩලය මොළය පාවිච්චි කර  ඩොලර් සහ  රුපියල් ඉපයීමක් නොවේ.

වාහන ආනයනය කළු සල්ලි සුදු කරන ප්‍රධාන ක්‍රමයක් බව ව්‍යාපාරික ක්ෂේත්‍රය තහවුරු කරයි. එය සීනි,කිරිපිටි,තිරිගුපිටි, පොල්තෙල් ආනයනය තරම්  ප්‍රබල නොවුනත් මේ දිනවල නව ආණ්ඩුව යටතේ එලෙසින්ම අවස්ථාවක් ලබාගෙන ඇත.. වාහන අනයනයේ බොහෝ අමතර කළු මුදල් ඩුබායි සහ සිංගප්පුරුවේ සිට හුවමාරු කරනු ලබයි. ලංකාවේදී උපයන අධික ලාභයෙන් අමතරව විදේශයක සිට හෝ උණ්ඩියාල් ක්‍රමයට ගෙවූ මුදල් සුදු කර ගැනීමට පහසුවෙන්  පුළුවන. වාහන ආනයනයට හෝයියා කීමට විශාල පිරිසක් ඉදිරිපත්වුයේ කළු සල්ලි සුදු කිරීමේ වක්කඩයක් විවෘත වෙන නිසාවෙනි. මහත් දේශපාලනික වෙනසක් සිදු කළ ආධුනික ආණ්ඩුවක පැවැත්මට වඩාත් තර්ජනයක් ඉදිරියේදී එල්ලවනුයේ කළු මුදලාලිලාගෙන්මය. ආණ්ඩුව මෙය තක්සේරු කරේදැයි නොදනිමි.ඩොලර් වියදම් නොකර කළු සල්ලි ගෙන්වාගැනීමට හෝ ශුන්‍ය කිරීමට ඕනෑ  තරම් ක්‍රම තිබේ.

වාසනාවකට  ජනාධිපතිතුමා පුරවැසියන්ට බදු පිලිබදව අවධානයක් රැගෙන එමින් බදු සතියේ තේමාව දියත් කරන ලදී. එය අතිශයින්ම කාලෝචිත ක්‍රියාවලියකි.ලංකාවේ තනි පුද්ගල ව්‍යාපාර පමණක් දස දහස් ගණනින් බස්නාහිර පළාතේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල ලියාපදිංචි වී ඇත.රට පුරා  පුද්ගලයින් විවිධ මාදිලියේ ව්‍යාපාර මිලියන 3කට වඩා ලියාපදිංචි කර ඇත. නමුත් ක්‍රියාකාරිත්වය පිලිබදව නිසි තොරතුරු හෝ මෙහෙයවීමක් නොමැත.පුරවැසියන් වැඩි ප්‍රමාණයක් බදු ගෙවීම දක්වා ඉහලට එසවීම යනු ඔවුන් ධනවත් කළ බවට ඇති සංකේතයයි .එය අභිමානයකි .ජනාධිපති තුමාගේ බදු වැඩපිළිවෙල ධෛර්යමත් කලයුතු ක්‍රියාවලියකි. එමගින් ආර්ථික දක්ත පද්ධතියද බිහිවේ .එම වැඩපිළිවෙලට කර්මාන්තකරුවන්ගේ සහයෝගයද අප ප්‍රකාශ කර සිටිමු.

එහෙත් එය වඩාත් උත්කර්ෂ මට්ටමකට රැගෙන ඒමට ඒමට නම් ආර්ථික ක්‍රියාකාරිත්වය වේගවත් කරන අවකාශයක් නිර්මාණය කර යුතුමය. එලෙසම එයට සමාන්තරව  නියාමන සහ දක්ත යාන්ත්‍රණයක් ගොඩ නැගිය යුතුමය . එකක් නොවේනම් අනෙක සාර්ථක නොවේ.අලුතින් බදු ලිපිගොනු මිලියන 3 ක ඉලක්කය කොහෙත්ම සිහිනයක් නොවේ.ඒ සදහා ඩොලර් හෝ රුපියල් වියදම් කිරීමද  අවශ්‍ය නොවේ.ජාතික ජනබලවේගයේ නිෂ්පාදන ආර්ථික යෝජනාව ප්‍රකාශ වීමෙන් පසු ජාතික ජන බලවේගයේ මුලස්ථානයටම කර්මාන්තකරුවන් මේ ලියුම්කරුගේ සම්බන්ධීකරණයෙන් සහ කුලතුංග රාජපක්ෂ සහ අතුල හපුතන්ත්‍රී යන ප්‍රවීණ කර්මාන්තකරුවන්ගේ උපදේශකත්වයෙන් පුරා වසරකට වැඩි කලක්  එක දිගට සතිපතා පැමිණ වත්මන් නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහගේ මැදිහත්වීමෙන් කරන ලද ගැඹුරු සාකච්ඡාවලින් පසු මුලික කරුණු 36 ක් යටතේ නිෂ්පාදන ආර්ථික ප්‍රතිපත්තිය ස්ථාපිත කිරීම, අණපනත්  සහ මෙහෙයවීම පිළිබද යෝජනා ලබා දුන් අතර එක වෙඩි උණ්ඩයක් නොමැතිව උතුර දකුණ එක සේසත් කළ මහා මැතිවරණයදා ජනාධිපතිතුමා වෙතද යොමුකරන ලදී.එම කරුණු ඉතා ගැඹුරු සහ දීර්ඝ බැවින් මෙහි විස්තර නොකරමි.එහෙත් එහි තිබු මුලික කරුණ ඉදිරිපත් කරමි.එනම් සංචාරක අදායම සහ විදේශ සම්ප්‍රේෂණ දෙගුණයක් වුවද නිෂ්පාදන ආර්ථිකයකට ප්‍රවිෂ්ඨ වී දැවැන්ත ආර්ථික ක්‍රියාකාරිත්වයකින් බිහිවන අදායම් බදු ගෙවන්නන් සහ සමාගම් බදු ගෙවන්නන් හරහා ලැබෙන සෘජු බදු සහ  කාර්මික අමුද්‍රව්‍ය ආනයන බදු ඇතුළු උපායමාර්ගික බදුවලින් රු බිලියන 3000ක පමණ නව අදායමක් උපයන්නේ නැතිනම් රටේ ආර්ථිකය අවදානම් බවය.හැකි ඉක්මනින් වෙළද පරතරය අවම කිරීමේ ඉලක්කය ආණ්ඩුවේ පළමු වසර 5 සදහාම ප්‍රකාශ කිරීම ආණ්ඩුවේ ආරක්ෂාවටද ඉතා වැදගත් බවත්ය.කර්මාන්තකරුවන්ගේ ප්‍රධාන ගැනුම් කරුවන් වන බහුතර ග්‍රාමීය ජනතාව වෙත මුදල් ගලා යන ක්‍රමවේදය ප්‍රවීණ කර්මාන්තකරුවන් පැහැදිලිව ඉදිරිපත් කර තිබේ.මේ යෝජනා අලුත් යෝජනාද නොවේ . 2011-12 වර්ෂවලදී වත්මන් මුදල් ලේකම් මහින්ද සිරිවර්ධන මහතාගේ මුලිකත්වයෙන් ග්‍රාමීය ආර්ථිකය ඉහළ නැංවීම පිළබදව මුදල් අමාත්‍යාංශයේදී කරන ලද ඇතැම් සාකච්ඡාවලදී මේ ලියුම්කරුත් ඩී  එස් අයි කළමණාකාර අධ්‍යක්ෂක කුලතුංග  රාජපක්ෂ මහතාත් මෙහි ඇතැම් කරුණු ඉදිරිපත් කරන ලද බවද සිහිපත් කරමි.

ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිතුමා සහ අපේ ජනාධිපතිතුමා එකම ආකාරයක ආර්ථික අවධියකට මුහුණ දී ඇත .ඩොනල්ඩ් ට්‍රම්ප් ජනධිපතිතුමාගේ ෆෙඩරල් භාණ්ඩාගාරය ඩොලර් ට්‍රිලියන 2 ක අයවැය හිගයකට මුහුණදී සිටින්නේ දශක ගණනාවක සිටය .එහෙත් ඔවුන්ගේ මුදල් ඒකකය අනෙකුත් රාජයන් මිලදීගතයුතු ජාත්‍යන්තර මුදල් ඒකකයද වන බැවින් භාණ්ඩාගාර බිල්පත් යහමින් අලෙවිවේ .එය අඩු පොලියට ණය ලැබීමකි.ඇමෙරිකානු ආර්ථිකය වසර 75 කට වඩා එලෙස ක්‍රියාත්මක වේ . මෙයට වසර 25කට පමණ පෙර අයිලන්ඩ් පුවත්පතේ කේන්ස් නමින් ආර්ථික විග්‍රහය ලියු සහ උදයසිරි වික්‍රමරත්නයන් විසින්  දිවයින පුවත්පතට  පරිවර්තනය කරන ලද ලිපිවල ආචාර්ය ජයන්ත කැලේගමයන් ඇමෙරිකානු ආර්ථිකය බිද වැටෙන දිනය පිලිබදව අනුමානයක් ලබාදුන් අයුරු ඔහුට ගෞරවයක් ලෙස මතක් කර සිටිමි .එනම් ඇමෙරිකානු ඩොලරයේ අවශ්‍යතාවය නොමැති පළමු තත්පරයේම ඇමෙරිකානුවන් හාමත්කරමින් ඇමෙරිකාව බිද වැටෙන බවයි. යුවානය සහ ඩිගිටල් යුවානය සේම ක්‍රිප්ටෝ   ඒකකය ප්‍රකාශකරමින් ඉන්දියාව ,රුසියාව,චීනය ගනුදෙනු ආරම්භ කිරීම ඇමෙරිකානු ආර්ථිකයට කොපමණ අවදානම්දැයි ඇමෙරිකානු ජනාධිපතිතුමා සහ කාර්යමණ්ඩලය තේරුම් ගෙන තිබේ. භාණ්ඩාගාර බිල්පත් සදහා ඉල්ලීම අඩුවීමට පෙර නිෂ්පාදන ආර්ථිකයට අවතීර්ණ වී අමෙරිකනුවන්ගෙන්ම ෆෙඩරල් භාණ්ඩාගාරයට අදායම් බිහිකිරීමේ පියවර ලෝකයට විකාරයක් ලෙස පෙනුනත් එය ඇමෙරිකානු ආර්ථිකයේ ස්ථාවරත්වයට කල්තබා ගත් ඓතිහාසික පියවරක් බව ආර්ථික දැනුමක් ඇති අයට තේරුම් ගත හැක. ඇමෙරිකානුවන් වැර  යොදා අනෙකුත් රාජ්‍යයන්තුල මධ්‍යම පන්තියක් ගොඩනැගීමට යුහුසුළු වුයේ සහ වඩාත් ලාභය සදහා ආයෝජනය සිදුකරේ එය ප්‍රග්ධනවාදයේ (ධනවාදයේ  ) මුලික අවශ්‍යතාවයක් බැවිනි.ප්‍රග්ධනවාදයේ ගමන්මග තුල අනෙකුත් රාජ්‍යයන් නැගී සිටීම වැලක්වීමට ඩොනල්ඩ් ට්‍රම්ප්ට නොහැකි නමුත් ඔහුගේ පියවර ඇමෙරිකාවේ ''ස්ථාවර පරාජයක්  "  සදහා මගපාදනු ඇත. ඩොලරයේ ආධිපත්‍ය අහිමි වීමට පෙර ඔහු ගත් පියවර තුල  අනාගතයේ ඔහු ගෞරවයටද ලක්වීමට ඉඩ ඇත .බදු පැනවීමෙන් ඔහු ඇමෙරිකාව තුල ආයෝජනය කිරීමට ජාත්‍යන්තර ප්‍රාග්ධනයට ආරාධනය කරයි.එලෙසම පවතින කර්මාන්තවල යන්ත්‍රසුත්‍ර යලි ක්‍රියාත්මක කරවයි .ඔහු බලාපොරොත්තුවන්නේ අයවැය පරතරය පියවීමට හැකි තරම් සෘජු බදු ගෙවන ඇමෙරිකානුවන් පිරිසක් බිහිකර ගැනීමයි.(එහෙත් නිෂ්පාදනය ඉහල ගිය පසු නැවත වෙළදපොළවල් විවෘත කරගැනීමට ඔවුන්ටම සිදුවනු ඇත.කොමියුනිස්ට් ප්‍රකාශනයෙන් මෙපිට ලෝක ආර්ථිකයට ගමනක් නැත .)

අනුර දිසානායක ජනාධිපතිතුමාගේ භාණ්ඩාගාරයද ණය ලබාගනිමින් සහ පැරණි ණය ගෙවමින් ඇමෙරිකාව පරිදිම ධාවනය වේ .එහෙත් ඩොලර්වලට තව කාලයකට ඉල්ලුම පවතින පරිදි ලංකාවේ රුපියලට කොහෙත්ම  ඉඩක් නැත .අමෙරිකවට මෙන් අඩු පොලියට ඩොලර් ලැබෙන්නේද නැත .ගෘහ සේවිකාවන්ගෙන් හෝ සංචාරකයන්ගෙන් එන ඩොලර් වියදම්කර  රේගුව හරහා  දිගටම රුපියල් ඉපයීමට තරම් ඩොලර් සංචිතයක් අපේ ජනාධිපතිතුමාට නැත .වෙළද පරතරයෙන් සහ ගෙවීමට ඇති ණය වලින් ඕනෑම මොහොතක සංචිතය සෘණ වීමට කුඩා තවත් වෛරසයක්, නියගයක්,භූමිකම්පාවක්  හෝ මිසයිලයක් හොදටම ප්‍රමාණවත්ය .ට්‍රම්ප් ජනාධිපතිතුමා ඇමෙරිකාවේ සිදුකරන ක්‍රියාවලිය අධ්‍යනය කිරීම එතුමාටත් වඩා අපේ ජනාධිපතිතුමාට වැදගත්වන්නේ එමනිසාමය.

දළ  ජාතික නිෂ්පාදනය ඉහල දැමීමට අවශ්‍ය ප්‍රධාන නිර්ණායක හතරෙන් 3කම  ට්‍රම්ප් ජනාධිපතිතුමා වාසි සහගත තැනක සිටී. එතුමාට රජයේ වියදම්  සදහා තවමත් මධ්‍යම භාණ්ඩාගාරයෙන් මුදල් අඩු පොලී ණය වලින් හෝ සම්පාදනය කල හැක .  ඇමෙරිකානු වෙළදපොලට ආයෝජන තවමත් පැමිණේ .ට්‍රම්ප්ගේ වැඩපිළිවෙල තුල තවත් ආයෝජන පැමිණෙනු ඇත.ඔහුගේ පියවරයන් තුල දළ ජාතික නිෂ්පාදනයේ ප්‍රධාන ඒකකය වන අභ්‍යන්තර ඉල්ලුම සහ පරිභෝජනය අති මහත් ලෙස ඉහල යනු ඇත .ඔහු දුර්වලව ඇත්තේ ආනයන අපනයන ශේෂයෙදී පමණි. ඔහුගේ බදු වලින් එයද තරමක් විසදාගනු ඇතිමුත් බදුවල මුලික ඉලක්කය ආයෝජන කැදවීම සහ අභ්‍යන්තර ඉල්ලුම සහ පරිභෝජනය ඉහල දැමීම බව පෙනේ.

අපේ ජනාධිපතිතුමාගේ රජය   ආයෝජන ,රජයේ වියදම්, ආනයන අපනයන ශේෂය යන කරුණුවලදී දුර්වල ස්ථානයක සිටී. එම නිර්ණායක ක්ෂණිකව වැඩිකිරීමේ හැකියාවක් රජයට නැත.වැඩිකළ හැක්කේ අභ්‍යන්තර ඉල්ලුම සහ පරිභෝජනය නමැති ප්‍රධාන ඒකකයයි.ආයෝජන කැදවීමට ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේ යම් හැකියාවක් නිෂ්පාදන ආර්ථික මොඩලයකට ඇත. .නිෂ්පාදන ආර්ථික මොඩලයකින් හැර වෙනත් ක්‍රමයකින් වේගවත්ව  අභ්‍යන්තර ඉල්ලුම සහ පරිභෝජනය ඉහල දැමීමේ විභවයක් රජයට නැත .

ආණ්ඩුව ඩොලර් වියදම්කර රුපියල් ඉපයීමේ බැසිල් රාජපක්ෂ මොඩලයෙන් ප්‍රමාද වී හෝ ඉවත්වී කිසිවක් වියදම් නොකර ඩොලර් සහ රුපියල් ඉපයීමේ ක්‍රියාදාමයට අවතීර්ණ වන්නේ නම් තවත් අවශ්‍යතාවයක් පැන නැගේ .එනම් ක්‍රියාන්විතයේ දක්ත ගොඩනැගීම,නියාමණය සහ ප්‍රතිලාභ රාජ්‍යයේ ආරක්ෂාව සහ ස්ථාවරත්වය වෙනුවෙන් උකහා ගැනීම සදහා යාන්ත්‍රණයක අවශ්‍යතාවයයි. මේ රටේ තවමත් දක්ත ගොඩනැගීම සදහා යාන්ත්‍රණයක් නොමැත .බදු පැහැර හරින්නන් හෝ අවස්ථා පිළබදව අවබෝධයක් ලබාගැනීම තබා රටේ සහල් සංචිත පිලිබදවත් නිවැරදිව කියාගැනීමට කිසිවෙකුත් නැත. රටේ වඩු මඩු, ගවගාල්,සහල් කර්මාන්ත, යකඩ නිෂ්පාදන සහ කාර්මික ස්ථාන වැනි දේවල් පවා කොපමණ ඇද්දැයි කීමට කිසිදු යාන්ත්‍රණයක් නැත. වගා කල නොකළ හෝ උපයෝගිතා  ප්‍රතිශතය කියගැනීමටවත් දක්ත පද්ධතියක් නොමැත .රාජ්‍ය එතරම් දුර්වල රාජ්‍යයකි .

එහෙත් බැසිල් රාජපක්ෂ දේශපාලනය කිරීමේ ඉලක්කයෙන් ගොඩනැගු යාන්ත්‍රණයක් හොරකම ජයග්‍රහණය කිරීම වෙනුවට ආර්ථික විප්ලවයකට උපයෝගීකරගනීමේ වැදගත්කම යහපාලන රජයේ මුදල් ලේකම් ආචාර්ය සමරතුංගට මම පෙන්වා දුන් අතර එය ඔහුගේ ඇගයීමටද ලක්වූ නමුත් කිසිවක් සිදු නොවිණි .එනම් රටේ සෑම ග්‍රාම සේවා වසමක්ම ආවරණය වන ලෙසට ඇති උපාධිධාරී ,පරගණක සාක්ෂර , මහජන මුදලින් නඩත්තු කලද කිසිදු ප්‍රයෝජනවත් වැඩක් නොගන්නා ආර්ථික සංවර්ධන නිලධාරීන් 14000 ක් දෙනා ආර්ථික සංවර්ධන සහ දේශීය අදායම් නිලධාරීන් බවට පත්කර වෙනත් මොඩලයකින් මුදල් අමාත්‍යංශයට සහ දේශීය අදායම් අංශයට අනුබද්ධ කර ගැනීමයි.එය ජනපතිතුමාගේ වටිනා දේශීය අදායම් වැඩපිළිවෙලේ ඉලක්ක වෙත ලගාවීමේ මුලික යාන්ත්‍රණය සදහා කදිමය. මහජන මුදල් නිකම් නාස්තිවීමද නවතී. මේ රාජ්‍ය සැබවින්ම කුමක්දැයි තේරුම් ගැනීමට වහාම ඔවුන් යොදාගෙන විධිමත් කිරීම රාජ්‍යයේ සහ ආණ්ඩුවේ ආරක්ෂාවට ඉතා වැදගත් ප්‍රකාශ කරමි.නීතියේ සමනාත්මකතාවය සහ උතුරු දකුණු ඒකාබද්ධතාවයේ හිරු කිරණ යන්තම් දකින පුරවැසියන්ගේ  අභිලාෂයේ ආරක්ෂාව නිෂ්පාදන ආර්ථික වැඩපිළිවෙලක්      යාන්ත්‍රණයක් සමග ක්‍රියාත්මක වන තුරුම අවදානම් බව  ශ්‍රී ලාංකික  සමාජය දෙස මානවවාදී කෝණයකින් බලන සැවොම තේරුම්ගත යුත්තකි.  

- අරුණ කාන්ත බණ්ඩාර

(මව්බිම) 

සම්බන්ධිත පුවත් | Related News

රටක අනන්‍යතාවය සූක්‍ෂම ලෙස අකාමකා දමන ආකාරය සහ වත්මන් මොහොතේ අප ඉදිරියේ පවතින අභියෝග හඳුනා ගැනීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීඩියෝවක් මගින් කරුණු රැසක් හෙලිකර තිබේ.
රටක අනන්‍යතාවය සූක්‍ෂම ලෙස අකාමකා දමන ආකාරය සහ වත්මන් මොහොතේ අප ඉදිරියේ පවතින අභියෝග හඳුනා ගැනීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීඩියෝවක් මගින් කරුණු රැසක් හෙලිකර තිබේ.
පුනරුප්පත්තිය යනු හුදෙක් ආගමික විශ්වාසයක් පමණක් නොව, විද්‍යාත්මක පදනමකින් අධ්‍යයනය කළ හැකි යථාර්ථයක් බව බටහිර විද්‍යාඥයන් විසින් කරන ලද පර්යේෂණ රැසකින් තහවුරු වී තිබේ.
දෙවන ලෝක යුද්ධයෙන් පසු ගොඩනැගූ NATO සංවිධානයේ ප්‍රධානම වගකීම සාමාජික රටවල ආරක්ෂාව තහවුරු කිරීමය. එක රටකට ප්‍රහාරයක් එල්ල වුවහොත්, එය සමස්ථ සංවිධානයටම එල්ල වූ ප්‍රහාරයක් සේ සලකා සියල්ලන් එක්වී ආරක්ෂා කරයි.
වේලුපිල්ලේ ප්‍රභාකරන් ඇතුළු කොටි සංවිධානය දශක තුනක් තිස්සේ මවා පෑ ඊළාම් මනෝ විකාර රාජ්‍යයත්, අදටත් බටහිර රටවල සැප විඳිමින් ලේ විකුණා කන දෙමළ ඩයස්පෝරාවේ සිහින මාලිගාවනුත් අත්තිවාරමෙන්ම සොලවා දැමූ එක් ගැහැනියක් සිටියාය.
පෞද්ගලික ජංගම දුරකථනවලට පිවිස හැකර්වරුන් විසින් සිදුකරන බැංකු ගිණුම්වල සල්ලි අදින ජාවාරමක් පිළිබඳව සහ එයින් බේරීමට කළයුතු දේ පිළිබඳව තොරතුරු ඇතුළත් වීඩියෝවක් පහළින් දැක්වේ.
චීනය විසින් ක්‍රියාත්මක කරන 15 වැනි පස් අවුරුදු සැලැස්ම ක්‍රියාත්මක කරන කාලය වන විට චීනය ලෝකයේ පළමු ආර්ථික බලවතා වී සිටින බව 1955 දී මාඕ සේතුං ප්‍රකාශකර තිබිණි.
සාමාන්‍යයෙන් ජනාධිපති කෙනෙක් ජාතිය අමතන පිලිවෙලක් තියනවා.ඊට ගැලපෙන ඇඳුමක් ඇඳගෙන,සුදුසු තැනක ඉඳන්, ජාතිය ඇමතීමේ අරමුණ හරියට ඔළුවේ තියාගෙන තමයි ඒක කරන්න ඕනි. හැබැයි ගිය 17 වෙනිදා ඩබල් පොකට් ෂර්ට් එකක් ඇඳගෙන,තියන්න ඕනිවට පැත්තකින් ජාතිය කොඩියත් තියාගෙන,රටේ මතුවෙලා තියෙන තත්වය ගැන හරි අවබෝධයක් නැතිව තමන්ගේ බැරිකම වහගන්න අනුර ජාතිය අමතලා කතාවක් කළා.
ඛෙදුම්වාදී න්‍යාය පත්‍රයේ අවසන් සැතපුම් ගමන් කිරීමේ ක්‍රියාවලිය ස්ථාවර ආණ්ඩුවක් යටතේ සිදු කිරීම වෙනුවට අස්ථාවර හෝ බිඳ වැටුණු හෝ ජාත්‍යන්තර මැදිහත්වීම මත පිහිටුවන අන්තර් කාලීන ආණ්ඩුවක් යටතේ සිදු කිරීම වඩා සුදුසු බව දේශපාලනයේ 'අ'යන්න දන්නා අයෙකුට වටහා ගත හැකි බවත්, එම නිසා වර්තමාන ආණ්ඩුව පළාත් සභා මැතිවරණය පවත්වා මහ ඇමතිට පක්ෂපාතී ආණ්ඩුකාරවරයෙකු පත් කර රට බෙදීමේ ක්‍රියාවලිය ආරම්භ කළ පසුව ආණ්ඩුව බිඳ වැට්ටවීම සඳහා වන දේශීය සහ ජාත්‍යන්තර ක්‍රියාන්විතයක් ආරම්භ වීමේ බරපතල අවකාශයක් පවතින බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය පෙන්වා දෙයි.

ප්‍රධාන පුවත්

ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්‍රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..

ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඔබ්බෙන් ජාත්‍යන්තර මුහුදේ නැංගුරම්ලා ඇති ඉරාන තෙල් නැව් 19කට ආහාර, ජලය සහ ඉන්ධන සැපයීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති බව විදේශ අමාත්‍යාංශය පවසන බව THE TIMES OF INDIA වාර්තා කරයි.

නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 'ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කරගැනීමේ පනත් කෙටුම්පත (PSTA)' මගින් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ සහ අයිතිවාසිකම් අභියෝගයට ලක්වීමේ බරපතළ තර්ජනයක් පවතින බව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය පවසයි.

පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..

අධිකරණ නියෝග ක්‍රියාත්මක නොකිරීමෙන් පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කර ඇති බවට තීරණය කළ ගම්පහ මහේස්ත්‍රාත් බන්ධුල ගුණරත්න, ඒ සම්බන්ධයෙන් නඩු පැවරීම සඳහා අදාළ ගොනුව අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා වෙත යොමු කර තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පරිගණක පද්ධති වෙත සයිබර් ප්‍රහාරයක් එල්ල කළ හැකර්වරුන් විසින් ක්‍රිප්ටෝ මුදලින් ඇමෙරිකානු ඩොලර් 50,000ක කප්පම් මුදලක් ඉල්ලා සිටි බවත්, ජාතික ගුවන් සේවය තවදුරටත් මෙවැනි සයිබර් ප්‍රහාර හමුවේ අවදානම් තත්ත්වයක පවතින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර චෝදනා කරයි.

ප්‍රංශය ඇතුළු යුරෝපා රටවල උග්‍රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..

ප්‍රංශය ඇතුළු යුරෝපීය රටවල් කිහිපයක මේ වන විට දැඩි ආර්ථික හා සමාජීය අර්බුදයක් නිර්මාණය වී ඇති බවත්, එය මහා පරිමාණ ජනතා විරෝධතා සහ උද්ඝෝෂණ දක්වා වර්ධනය වී ඇති බවත් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්‍යය මගින් විනාශකාරී මහා සත්‍යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා

ත්‍රෛනිකායික ලේඛකාධිකාරී හිමිවරුන් සමග පැවැත් වූ රැස්වීමකට පසුව අමාත්‍ය සුනිල් සෙනෙවි මහතා ප්‍රකාශයක් කරමින් අටමස්ථානය තුළ රාමා කෝවිල් ඉදිනොකරන බව සහ රුවන්වැලි සෑය වටා වැටක් නොගසන බව ප්‍රකාශයක් කර තිබිණි.

භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි

පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් භික්ෂූන් වහන්සේලා විසින් පැවැත්වූ පාගමන රාජ්‍ය විරෝධී පාගමනක් ලෙස විවිධ අය අර්ථකථනය කරන බවත්, විශේෂයෙන්ම ආණ්ඩුවේ පාර්ශ්වයෙන් මෙම චෝදනාව නගන බවත්, එහෙත් එකඳු සටන් පාඨයක් හෝ භික්ෂූන් වහන්සේලා මෙම පා ගමනේ දී නොපවසා ඉතා සාමකාමීව මෙම පාගමන පැවැත්වූ බවත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල අනුනායක හිමියෝ පවසති.

"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්‍රාත්වරයා රබර් මුද්‍රාවක් වෙලා": ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්‍රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කර ගැනීමේ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග කිරීම ඊයේ (20) පෙරවරුවේ ආරම්භ විය.

අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්

අනුරාධපුර පූජා නගරය තුළ පිහිටි ඓතිහාසික බුලන්කුලම වැව හෙවත් "ජයවාපි" වැව ආශ්‍රිත වැව් රක්ෂිතයෙන් අක්කර 200කට ආසන්න ප්‍රමාණයක් නිවාස ඉදිකිරීම සඳහා රාජ්‍ය නිලධාරීන්ට බෙදාදීමේ ක්‍රියාවලිය නින්දාසහගත වරදක් බව පෙන්වා දෙමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් කෘෂිකර්ම සහ වාරිමාර්ග අමාත්‍ය ලාල්කාන්ත මහතා වෙත විශේෂ ලිපියක් යොමුකර තිබේ.

ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)

ඉරානයේ දකුණුදිග චාබහාර් (Chabahar) වරාය, ඇෆ්ගනිස්ථාන දේශසීමාව ආසන්නයේ පිහිටි සහදාන් (Zahedan) නගරය සමඟ සම්බන්ධ කරන ප්‍රධාන දුම්රිය මාර්ගය ඉරානය විසින් සම්පූර්ණ කර තිබේ. ඉරාන වරායන්ට එරෙහි ඇමෙරිකානු අවහිර කිරීම් සහ බටහිර රටවලින් එල්ල වන ආර්ථික පීඩනය ඉහළ යමින් පවතින පසුබිමක මෙම සංවර්ධනය සිදුව ඇත.

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්‍රාන්තයකින් වරෙන්තුවක්

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීම සඳහා ෆ්ලොරිඩා ප්‍රාන්තයේ විනිසුරුවරයෙකු විසින් වරෙන්තුවක් නිකුත් කර ඇති බව එම ප්‍රාන්තයේ නීතිපතිවරයා ඊයේ(19) ප්‍රකාශ කළේය.

ඇමරිකානු ජනපති ට්‍රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර මෑතකදී සිදුවූ පැයකට අධික (විනාඩි 90ක) දුරකථන සංවාදය ලෝක දේශපාලනයේ සහ බලශක්ති වෙළඳපොළේ දැඩි කතාබහට ලක්ව තිබේ.

මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..

රාජ්‍ය නොවන සංවිධාන විසින් මෙහෙයවනු ලබන සහ ආණ්ඩුවට හිතවාදී මුදලට ගිජු යූටියුබ් කරුවන් අතලොස්සක් විසින් බුදුන් වහන්සේට සහ මහා සංඝරත්නයට එරෙහිව එල්ලකරනු ලබන වාචික ප්‍රහාර පිළිබඳව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් සිදුකළ පැමිණිල්ලක් විභාග කිරීම සඳහා අද (20) දින වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත.

මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..

ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ යළිත් වරක් පුපුරා යා හැකි යුද ගැටුමකදී, මැදපෙරදිග කලාපයේ තීරණාත්මක දත්ත මධ්‍යස්ථාන, සන්නිවේදන කේබල් පද්ධති මෙන්ම කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණික මධ්‍යස්ථාන දැඩි ප්‍රහාරක ඉලක්ක බවට පත් කරන බවට ඉරානය විසින් නිකුත් කර ඇති අනතුරු ඇඟවීම ජාත්‍යන්තර ප්‍රජාව දැඩි කම්පනයට පත් කර තිබේ.

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්‍රවීන මාධ්‍යවේදී ධර්මශ්‍රී ගෙන් අනාවරණයක්..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට යළි ජනාධිපති සමාවක් ලබා දීමේ හැකියාව සහ ඊට අදාළව රට තුළ මතුවී තිබෙන නීතිමය, දේශපාලනික හා සමාජීය තත්ත්වයන් මේ වන විට දැඩි කතාබහකට ලක්ව තිබේ.

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් මේ රටේ රාජ්‍යත්වයට පත් නොවිය යුතු බව යැයි මෙරට පුරාතන සෙල්ලිපිවල පවා පැහැදිලිව දක්වා ඇති බව අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද නාහිමියෝ පවසති.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.