ලෝකයම නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් සටන්වදින යුගයක අප කුමක් කරමුද?
වෛද්‍ය රූත් ගොටෙස්මන් ( Ruth Gottesman ) ඇල්බර්ට් අයින්ස්ටයින් වෛද්‍ය විද්‍යාලයේ දීර්ඝකාලයක් තිස්සේ සේවය කළ මහාචාර්‍යවරියකි. ඇය තමන්ගේ මියගිය සැමියාගෙන් තමන්ට උරුම වුණ ඩොලර් බිලියනයක සම්පූර්ණ මුදල ඇල්බර්ට් අයින්ස්ටයින් වෛද්‍ය විද්‍යාලයට පරිත්‍යාග කරනවා . ඒක තමයි මෑත ඉතිහාසයේ එක්සත් ජනපදයේ අධ්‍යාපන ආයතනයක් වෙනුවෙන් සිදු කරන ලද විශාලතම මූල්‍ය පරිත්‍යාගය .
මහාචාර්ය රූත් ගොටෙස්මන්ගේ මේ පරිත්‍යාගයේ පුවත වාර්තා කරන නිව්යෝර්ක් ටයිම්ස් හි වාර්තාකරුවන් ඇය සමඟ කළ සම්මුඛ සාකච්ඡාවේදී මහාචාර්ය ගොටෙස්මන් දැක්වූ අදහස් මෙබඳුයි .
" මගේ සැමියා මාව හැර ගියේ Berkshire Hathaway වල මටවත් නොදන්වා විශාල මුදල් ප්‍රමාණයක් ඉතිරි කරලයි . ඔහුගේ උපදෙස හරිම සරලයි .
' ඔයාට නිවැරදියි කියලා හිතෙන ඕනෑම දෙයක් වෙනුවෙන් වියදම් කරන්න .. '
අපිට ඉන්නේ ඉතාම දක්ෂ වෛද්‍ය ශිෂ්‍යයෝ . මේකෙන් ඔවුන් වගේම දක්ෂ , නමුත් වෛද්‍ය විද්‍යාලයට ඒම ගැන හිතන්නවත් බැරි තවත් සිසුන්ට මෙහේ ඉඩ විවර කරාවි . මට මේ තෑග්ග ගැන දැනෙන ලොකුම සතුට ඒකයි .
ඇගේ තීරණය ගැන මියගිය සැමියාගේ ප්‍රතිචාරය කොහොම වෙයිද කියලා තමන්ට කල්පනා වෙන බවත් ඇය ඔවුන්ට කියනවා .
" ඔහු හිනාවෙන අතරෙම පොඩ්ඩක් නළල රැළි කරාවි කියලයි මට හිතෙන්නෙ .
නමුත් ඔහුමයි මට මේ දේ කරන්න අවස්ථාව දුන්නේ . ඒ නිසා ඔහුට සතුටක් දැනේවි . මං බලාපොරොත්තු වෙන්නෙ එහෙමයි . "
මහාචාර්ය ගොටෙස්මන්ට මේ පරිත්‍යාගය සිදු කරන්න වුවමනා වුණේ රහසිගතව වුණත් , ඇගේ ආදර්ශය තවත් බොහෝදෙනෙක්ට මග පෙන්වාවි යි තමන්ට දැනුණ නිසා පරිත්‍යාගය ප්‍රසිද්ධියේ සිදු කරන්න තමන් ඇයව දිරිමත් කළ බව ඇල්බර්ට් අයිස්ටයින් වෛද්‍ය විද්‍යාලයට අනුබද්ධිත මොන්ටෙෆියුරි හි විධායක අධ්‍යක්ෂවරයා ආචාර්ය පිලිප් ඕශුවා ප්‍රකාශ කළා .
" අයින්ස්ටයින් වෛද්‍ය විද්‍යාලය මේ වසරේ අගෝස්තුවේ සිට ඇරඹෙන පරිදි සම්පූර්ණයෙන්ම ඉගැන්වීම් ගාස්තු වලින් නිදහස් බව මං ඔබ එක්ක ඉතාම සතුටින් ප්‍රකාශ කරන්න කැමතියි . "
මහාචාර්ය රූත් ගොටෙස්මන් වෛද්‍ය විද්‍යාලයීය ප්‍රධාන සම්මන්ත්‍රණ ශාලාවේදී මේ නිවේදනය කරපු මොහොතේ සිසුන් ප්‍රීතියෙන් ප්‍රතිචාර දැක්වූවා.
ඒ වීඩියෝවේ මුහුණු වල තියෙනවා නිදහස් අධ්‍යාපනයේ සතුට !! කැපකිරීම් වල කඳුළු !!
ගාස්තු අයකිරීමෙන් තොරව කුසලතාවය මත පදනම්ව නිදහස් අධ්‍යාපනය ලැබීම සමාජයක් වශයෙන් ඉදිරියට යාමේදී ආරක්ෂා කරගත යුතුයි.!
අධ්‍යාපනය අයිතියකි, වරප්‍රසාදයක් නොවේ.!
(අන්තර්ජාලයෙන් උපුටාගන්නා ලදී)
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්