ලෝකයම නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් සටන්වදින යුගයක අප කුමක් කරමුද?
වෛද්‍ය රූත් ගොටෙස්මන් ( Ruth Gottesman ) ඇල්බර්ට් අයින්ස්ටයින් වෛද්‍ය විද්‍යාලයේ දීර්ඝකාලයක් තිස්සේ සේවය කළ මහාචාර්‍යවරියකි. ඇය තමන්ගේ මියගිය සැමියාගෙන් තමන්ට උරුම වුණ ඩොලර් බිලියනයක සම්පූර්ණ මුදල ඇල්බර්ට් අයින්ස්ටයින් වෛද්‍ය විද්‍යාලයට පරිත්‍යාග කරනවා . ඒක තමයි මෑත ඉතිහාසයේ එක්සත් ජනපදයේ අධ්‍යාපන ආයතනයක් වෙනුවෙන් සිදු කරන ලද විශාලතම මූල්‍ය පරිත්‍යාගය .
මහාචාර්ය රූත් ගොටෙස්මන්ගේ මේ පරිත්‍යාගයේ පුවත වාර්තා කරන නිව්යෝර්ක් ටයිම්ස් හි වාර්තාකරුවන් ඇය සමඟ කළ සම්මුඛ සාකච්ඡාවේදී මහාචාර්ය ගොටෙස්මන් දැක්වූ අදහස් මෙබඳුයි .
" මගේ සැමියා මාව හැර ගියේ Berkshire Hathaway වල මටවත් නොදන්වා විශාල මුදල් ප්‍රමාණයක් ඉතිරි කරලයි . ඔහුගේ උපදෙස හරිම සරලයි .
' ඔයාට නිවැරදියි කියලා හිතෙන ඕනෑම දෙයක් වෙනුවෙන් වියදම් කරන්න .. '
අපිට ඉන්නේ ඉතාම දක්ෂ වෛද්‍ය ශිෂ්‍යයෝ . මේකෙන් ඔවුන් වගේම දක්ෂ , නමුත් වෛද්‍ය විද්‍යාලයට ඒම ගැන හිතන්නවත් බැරි තවත් සිසුන්ට මෙහේ ඉඩ විවර කරාවි . මට මේ තෑග්ග ගැන දැනෙන ලොකුම සතුට ඒකයි .
ඇගේ තීරණය ගැන මියගිය සැමියාගේ ප්‍රතිචාරය කොහොම වෙයිද කියලා තමන්ට කල්පනා වෙන බවත් ඇය ඔවුන්ට කියනවා .
" ඔහු හිනාවෙන අතරෙම පොඩ්ඩක් නළල රැළි කරාවි කියලයි මට හිතෙන්නෙ .
නමුත් ඔහුමයි මට මේ දේ කරන්න අවස්ථාව දුන්නේ . ඒ නිසා ඔහුට සතුටක් දැනේවි . මං බලාපොරොත්තු වෙන්නෙ එහෙමයි . "
මහාචාර්ය ගොටෙස්මන්ට මේ පරිත්‍යාගය සිදු කරන්න වුවමනා වුණේ රහසිගතව වුණත් , ඇගේ ආදර්ශය තවත් බොහෝදෙනෙක්ට මග පෙන්වාවි යි තමන්ට දැනුණ නිසා පරිත්‍යාගය ප්‍රසිද්ධියේ සිදු කරන්න තමන් ඇයව දිරිමත් කළ බව ඇල්බර්ට් අයිස්ටයින් වෛද්‍ය විද්‍යාලයට අනුබද්ධිත මොන්ටෙෆියුරි හි විධායක අධ්‍යක්ෂවරයා ආචාර්ය පිලිප් ඕශුවා ප්‍රකාශ කළා .
" අයින්ස්ටයින් වෛද්‍ය විද්‍යාලය මේ වසරේ අගෝස්තුවේ සිට ඇරඹෙන පරිදි සම්පූර්ණයෙන්ම ඉගැන්වීම් ගාස්තු වලින් නිදහස් බව මං ඔබ එක්ක ඉතාම සතුටින් ප්‍රකාශ කරන්න කැමතියි . "
මහාචාර්ය රූත් ගොටෙස්මන් වෛද්‍ය විද්‍යාලයීය ප්‍රධාන සම්මන්ත්‍රණ ශාලාවේදී මේ නිවේදනය කරපු මොහොතේ සිසුන් ප්‍රීතියෙන් ප්‍රතිචාර දැක්වූවා.
ඒ වීඩියෝවේ මුහුණු වල තියෙනවා නිදහස් අධ්‍යාපනයේ සතුට !! කැපකිරීම් වල කඳුළු !!
ගාස්තු අයකිරීමෙන් තොරව කුසලතාවය මත පදනම්ව නිදහස් අධ්‍යාපනය ලැබීම සමාජයක් වශයෙන් ඉදිරියට යාමේදී ආරක්ෂා කරගත යුතුයි.!
අධ්‍යාපනය අයිතියකි, වරප්‍රසාදයක් නොවේ.!
(අන්තර්ජාලයෙන් උපුටාගන්නා ලදී)
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..
නව ත්රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්
පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..
ශ්රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..
ප්රංශය ඇතුළු යුරෝපා රටවල උග්රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්රවංශගෙන් අනාවරණයක්..
බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්යය මගින් විනාශකාරී මහා සත්යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා
භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි
"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්රාත්වරයා රබර් මුද්රාවක් වෙලා": ත්රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා
අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්
ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)
කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්රාන්තයකින් වරෙන්තුවක්
ඇමරිකානු ජනපති ට්රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..
මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..
මුහුද යට කේබල් සහ AI මධ්යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..
ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්රවීන මාධ්‍යවේදී ධර්මශ්රී ගෙන් අනාවරණයක්..
බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්රකාශයක්..