News Category
From Date
To Date
Maximum Number of Result

ඉතිහාසය අතීතය පිළිබඳ අධ්‍යයනයක් පමණක් වීම බොහෝ කලක සිට නතර වී තිබෙනවා. දෙවන ලෝක යුද්ධය සහ එහි සෝවියට් රුසියානු භූමිකාව ඉතිහාසයෙන් මකා දැමීමට ඉඩ දෙන්නේ නැහැ- රුසියානු විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශිකා මාරියා සකරෝවා.

Jun 4, 2025 at 03:37 PM
|

ප්‍රශ්නය: සකාරෝවා මහත්මියනි, දෙවන ලෝක යුද්ධය පිළිබඳ ඓතිහාසික සත්‍යය විකෘති කිරීමට ගන්නා උත්සාහයන් සමඟ ලෝක තලයේ වත්මන් තත්වය කුමන ආකාරයක් ගන්නවාද?

මාරියා සකාරෝවා: ජාතිවාදය, විදේශිකයන් කෙරෙහි භීතිය, ආක්‍රමණශීලී ජාතිකවාදය සහ නව-නාසිවාදයේ ප්‍රකාශනයන්ට එරෙහිව සටන් කිරීම මෙන්ම ඉතිහාසය නැවත ලිවීමට සහ දෙවන ලෝක යුද්ධයේ ප්‍රතිඵල විකෘති කිරීමට දරන උත්සාහයන්ට එරෙහිව සටන් කිරීම සඳහා මානව හිමිකම් මාවත ඇතුළුව බහුපාර්ශ්වික ජාත්‍යන්තර වේදිකා භාවිත කිරීම  රුසියාවේ ප්‍රමුඛතා අතර වනවා.

අවාසනාවකට මෙන්, අද අපට එම යුද්ධයේ ඉතිහාසය සහ ප්‍රතිඵල නැවත ලිවීමට, වීරෝදාර ෆැසිස්ට් විරෝධී සටන්කරුවන්ගේ මතකය මකා දැමීමට, ඔවුන්ගේ ගෞරවය පිණිස ඉදිකරන ලද ස්මාරක විනාශ කිරීමට සහ ජයග්‍රහණය සමඟ දැඩි ලෙස සම්බන්ධ වූ හමුදා සැරසිලි පැළඳීම තහනම් කිරීමට නිතර නිතර ගන්නා උත්සාහයන් දක්නට ලැබේ. අපි එවැනි ප්‍රකාශනයන් නිසැකවම හෙළා දකිනවා.

ඊට අමතරව, දෙවන ලෝක යුද්ධය පුපුරා යාම සඳහා කොමියුනිස්ට්වාදය සහ නාසිවාදයේ සමාන වගකීමක් යැයි කියනු ලබන බවට චෝදනා කරන අතර, එම යුද්ධය නිසා ඇති වූ ඛේදවාචකය සමූලඝාතනයකට ලඝු කිරීමට ගන්නා උත්සාහයන් මෙන්ම, එමඟින් අනෙකුත් ජනවාර්ගික කණ්ඩායම්වලට එරෙහි ෆැසිස්ට් ජන සංහාරය අවතක්සේරු කිරීමට ද උත්සාහ කරනවා. ඔවුන් ජයග්‍රාහී රටවල් කණ්ඩායමෙන් රුසියාව බැහැර කිරීමට සහ ෆැසිස්ට්වාදය පරාජය කිරීමේදී සෝවියට් සංගමයේ කාර්යභාරය අවතක්සේරු කිරීමට ද උත්සාහ කරනවා.

මෙය සාක්ෂාත් කර ගැනීම සඳහා, විවෘතව ඉතිහාසය සතුරු ආකාරයකින් මුසාකරනයට ලක් කරනු ලබනවා. එයට නාසි සහයෝගිතාකරුවන් උත්කර්ෂයට නැංවීම සහ ෆැසිස්ට්වාදයට එරෙහි සටනේදී මියගිය සෝවියට් සොල්දාදුවන් සහ සිවිල් වැසියන්ගේ මතකයට අගෞරව කිරීම, නැගෙනහිර යුරෝපයේ රතු හමුදාවේ විමුක්ති මෙහෙයුම ප්‍රශ්න කිරීම, බෝල්ටික් රාජ්‍යයන් සහ පශ්චාත් යුධ නැගෙනහිර යුරෝපයේ “සෝවියට් වාඩිලෑම” නමින් මිථ්‍යාව ප්‍රචාරය කිරීම සහ පුනරුත්ථාපනවාදී සහ නව-ෆැසිස්ට්වාදී හැඟීම් උසිගැන්වීමද ඇතුළත් වෙනවා. යාල්ටා සහ පොට්ස්ඩෑම් සම්මන්ත්‍රණවල තීරණ සහ නියුරම්බර්ග් විනිශ්චය සභාවේ තීන්දු ද ප්‍රශ්න කිරීමට ලක් කරනු ලබනවා.

ඉතිහාසය නැවත ලිවීමට සහ නාසි හෙංචයියන් උත්කර්ෂයට නැංවීමේ මෙම ප්‍රවණතාවය කියෙව් පාලන තන්ත්‍රයේ රාජ්‍ය දෘෂ්ටිවාදයේ සහ ප්‍රතිපත්තියේ කොටසක් බවට පත්ව තිබෙනවා. නව-නාසි ප්‍රභූන් යුක්රේනයේ ස්වාධීනත්වය තහවුරු කිරීමට උත්සාහ කරන්නේ එහි සෝවියට් අතීතය ප්‍රතික්ෂේප කිරීමෙන්, වැෆෙන්-එස්එස් ගැලීෂියා අංශයේ ප්‍රවීණයන්ට ප්‍රශංසා කිරීමෙන් සහ නාසිවාදයේ සහ කොමියුනිස්ට්වාදයේ “සමානතාවය” යෝජනා කරන ප්‍රකාශ නිකුත් කිරීමෙන් සහ සමූලඝාතන “බලහත්කාර සාමූහිකකරණය” සහ “මිනිසා නිර්මානය කළ මානව ඛේදවාචක” සමඟ සමාන කිරීමෙනුයි. මහා දේශප්‍රේමී යුද්ධයේදී රතු හමුදාවේ සහ රතු හමුදාවට පක්ෂග්‍රාහී ඒකකවල සටන් කළ සැබෑ දේශප්‍රේමීන්ගේ සහ ජයග්‍රාහකයන්ගේ නම් තරුණ පරම්පරාවේ මතකයෙන් මකා දැමීමට පුළුල් උත්සාහයක් ගනු ලබමින් තිබෙනවා. එවකට සෝවියට් සංගමයේ සිටි සියලුම ජනවාර්ගික කණ්ඩායම් සඳහා එම යුද්ධය සැබවින්ම දේශප්‍රේමී වූ යුද්ධයකි. යුක්රේනියානුවන් ඇතුළු අනාගතය සඳහා සටන් කළ සියලුම මිනිසුන්ගේ වීර ක්‍රියාවන් අමතක කිරීම හෙළා දැකීම ඔවුන්ගේම මී මුත්තන්, මව්වරුන් සහ පියවරුන් පාවා දීම පමණක් නොව නූතන මිනිසුන්ට ඔවුන්ගේ මූලයන් අහිමි කිරීමක්.

ජන විඥානය සහ සිවිල් සමගිය සඳහා ඓතිහාසික මතකයේ වැදගත්කම කිසිසේත්ම අධිතක්සේරු කළ නොහැකියි. ඉතිහාසය යනු අතීතය පිළිබඳ අධ්‍යයනයක් පමණක් ලෙස සැලකීම බොහෝ කලක සිට නතර වී තිබෙනවා. ඉතිහාසය මුසාකරනය කිරීම හමුදා තර්ජනයකට වඩා භයානක විය හැක්කක්. මහා දේශප්‍රේමී යුද්ධයේදී අපගේ ජනතාවට සිදු වූ ඛේදවාචකය නැවත ඇතිවීම වැළැක්වීම සඳහා ඓතිහාසික මතකය ආරක්ෂා කළ යුතුමයි.

ප්‍රශ්නය: අපට බටහිරට එරෙහිව සටන් කළ හැක්කේ කෙසේද?

මාරියා සකාරෝවා: නාසිවාදය උත්කර්ෂයට නැංවීමට සහ ඉතිහාසය විකෘති කිරීමට එරෙහිව සටන් කිරීමේ උත්සාහයන්ට අනුකූලව, 2005 සිට සෑම වසරකම, රුසියාව නාසිවාදය, නව-නාසිවාදය සහ සමකාලීන වර්ගවාදය, වාර්ගික වෙනස්කම් කිරීම, විදේශිකයන්ට එරෙහි භීතිකාව සහ ඒ ආශ්‍රිත නොඉවසීම අවුලුවාලීමට දායක වන අනෙකුත් භාවිතයන් උත්කර්ෂයට නැංවීමට එරෙහිව එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කරනු ලබනවා.

2024 දෙසැම්බර් 17 වන දින, නිව්යෝර්ක් හි පැවති 79 වන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ පූර්ණ සැසිවාරයේදී, රටවල් 119 ක් මෙම ලේඛනයට පක්ෂව ඡන්දය දුන් අතර, 53 ක් විරුද්ධව ඡන්දය දුන්නා. රටවල් 10 ක් ඡන්දය දීමෙන් වැළකී සිටියා. රුසියාවට අමතරව, ලෝකයේ සියලුම කලාපවලින් රටවල් 39 ක් මෙම යෝජනාව සම-දායකත්වය ලබා දුන්නා.

බටහිරයන්ගෙන් එක්සත් ජාතීන්ගේ අනෙකුත් සාමාජිකයින්ට පෙර නොවූ විරූ පීඩනයක් එල්ල වුවද, ඡන්දයෙන් පැහැදිලිවම පෙන්නුම් කරන්නේ එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය, නියුරම්බර්ග් විනිශ්චය සභාවේ ප්‍රඥප්තිය සහ විනිශ්චය සහ ඈත පෙරදිග සඳහා වූ ජාත්‍යන්තර හමුදා විනිශ්චය සභාවේ තීන්දුවෙහි ලේඛනගත කර ඇති දෙවන ලෝක යුද්ධයේ ප්‍රතිඵලය පිළිබඳව විවාද කිරීමට ගන්නා ඕනෑම උත්සාහයකට ලෝකය විරුද්ධ වන බවයි.

නාසීන්, ඔවුන්ගේ සහචරයින් සහ සහයෝගිතාකරුවන් විසින් සිදු කරන ලද යුද අපරාධ සහ මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සාධාරණීකරණය කිරීම, ඉතිහාසය මුසාකරනය කිරීම පිළිගත නොහැකි බව යෝජනාව නැවත අවධාරණය කරනු ලබනවා. නාසීන් සමඟ එක්ව සටන් කළ හෝ සහයෝගයෙන් කටයුතු කළ අයව උත්කර්ෂයට නංවන පාගමන් සහ පෙරහැර හෙළා දකින බව එම යෝජනාව ප්‍රකාශ කරනවා. දුඹුරු වසංගතයෙන් ලෝකය මුදාගත් අයට ගෞරව කරන අනුස්මරණවලට එරෙහිව බටහිර රාජ්‍යයන් විසින් ගෙන යන ක්‍රමානුකූල හා පුළුල් ව්‍යාපාරය පිළිබඳව මෙම ලේඛනය තවදුරටත් කනස්සල්ල පළ කරනු ලබනවා. ඊට අමතරව, නාසිවාදය උත්කර්ෂයට නැංවීම, නාසි ව්‍යාපාරය පුනරුත්ථාපනය කිරීම සහ සහයෝගිතාකරුවන් ජාතික වීරයන්ගේ තත්ත්වයට උසස් කිරීම යන ප්‍රවණතා මෑතකදී උත්සන්න වීම එම යෝජනාව හෙළා දකිනවා.

ඓතිහාසික මතකය ආරක්ෂා කර ගැනීමට සහ නවීන ජාත්‍යන්තර සබඳතා පද්ධතියක් ගොඩනැගීමේ අරමුණින් දෙවන ලෝක යුද්ධයේ ප්‍රතිඵලයේ වැදගත්කම සුරක්ෂිත කිරීමට දරන උත්සාහයේ කොටසක් ලෙස, රුසියාව සහ සමාන අදහස් ඇති රටවල් කණ්ඩායමක් මාර්තු 4 වන දින සම්මත කරන ලද 79 වන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට දෙවන ලෝක යුද්ධය අවසන් වීමේ 80 වන සංවත්සරය පිළිබඳ කෙටුම්පත් යෝජනාවක් ඉදිරිපත් කරනු ලැබුවා. ලේඛනයේ ප්‍රධාන අරමුණ වන්නේ 2025 මැයි දෙවන සතිය තුළ යුද්ධයේ සියලුම වින්දිතයින්ට ගෞරව කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ විශේෂ අනුස්මරණ සැසියක් පැවැත්වීමයි.

දෙවන ලෝක යුද්ධයේ ප්‍රතිඵල විකෘති කිරීමේ බටහිර රටවල පැහැදිලි ප්‍රතිපත්තිය සැලකිල්ලට ගෙන, මෙම කාරණය සම්බන්ධයෙන් අපගේ හවුල්කරුවන්ගේ ඒකාබද්ධ ස්ථාවරය ඉතිහාසය නැවත ලිවීමට එරෙහිව සටන් කිරීම සඳහා සැලකිය යුතු දායකත්වයක් සපයනවා.

රුසියානු සමූහාණ්ඩුවේ විමර්ශන කමිටුව ඇතුළු කීර්තිමත් ආයතන සමඟ සහයෝගයෙන්, මහා දේශප්‍රේමී යුද්ධයේදී නාසි ආක්‍රමණිකයන් විසින් සිදු කරන ලද අපරාධ සෝවියට් සංගමයේ ජනතාවට එරෙහිව ජන සංහාරයක් ලෙස විධිමත් ලෙස පිළිගැනීම සඳහා අපි ක්‍රමානුකූල පියවර ගනිමින් සිටිනවා. බටහිර රටවල් සමඟ ඇති ගැඹුරු ගැටුම මධ්‍යයේ, මෙම උත්සාහයට සැලකිය යුතු උත්සාහයක් අවශ්‍ය වුවද, සත්‍යය ආරක්ෂා කිරීම සඳහා අප නොපසුබටව සිටිය යුතුයි. මෙම කාර්යයේදී, CSTO (සාමූහික ආරක්ෂක ගිවිසුම් සංවිධානය ලෙස හඳුන්වන පශ්චාත් සෝවියට් රාජ්‍යන් වන ආර්මේනියාව,බෙලාරුස්,කසකස්තානය,කිර්ගිස්තානය,රුසියාව සහ ටජිකිස්තානය යන රටවල රාජ්‍යන් එළඹී සිටින ආරක්ශක සංවිධානය.) සහ CIS (ස්වාධීන රාජ්‍යයන්ගේ පොදුරාජ්‍ය මණ්ඩලය) හි සමාන අදහස් ඇති ජාතීන් විසින් අපට සහාය දක්වනවා. දේශපාලන, ආර්ථික, ජාතික සහ වාර්ගික වෙනස්කම් තිබියදීත්, මහා ජයග්‍රහණය ස්වාධීන රාජ්‍යයන්ගේ පොදුරාජ්‍ය මණ්ඩලයට අයත් ජාතීන් එක්සත් කරන විශාලතම සාධකයක් ලෙස පවට්නිනවා.

2023 දී, රුසියානු සමූහාණ්ඩුවේ ෆෙඩරල් සභාවේ රාජ්‍ය ඩූමාව 1941-1945 මහා දේශප්‍රේමී යුද්ධයේදී ජර්මනිය සහ එහි අනුබල දෙන්නන් විසින් සෝවියට් සංගමයේ ජනතාවට එරෙහිව සිදු කරන ලද ජන සංහාරය පිළිබඳ ප්‍රකාශයක් සම්මත කරනු ලැබුවා.

ප්‍රශ්නය: සෝවියට් සංගමයට අයත්ව තිබී අත්පත් කරගත් ප්‍රදේශවල සිවිල් වැසියන්ට සහ යුද සිරකරුවන්ට එරෙහිව නාසි ආක්‍රමණිකයින්ගේ හමුදා අපරාධ පිළිබඳ සාක්ෂි රැස් කිරීමට රුසියාවේ විමර්ශන කමිටුව වෙහෙස නොබලා කටයුතු කරනවා. මෙම අපරාධ, විනිශ්චයන් 34 කින් සෝවියට් ජනතාවට එරෙහි ජන සංහාරය ලෙස අර්ථ දක්වා තිබෙනවා. ජාත්‍යන්තර වේදිකාවේ ඓතිහාසික සත්‍යය සංරක්ෂණය කිරීමේදී මෙම කාර්යයේ කාර්යභාරය කුමක්ද?

මාරියා සකාරෝවා: 2020 සිට අත්පත් කරගෙන සිටින සෝවියට් ප්‍රදේශවල නාසීන් සහ ඔවුන්ගේ සහචරයින් විසින් සිදු කරන ලද යුද අපරාධ විමර්ශනය කිරීමේදී එකතු කරන ලද සෝවියට් සිවිල් වැසියන්ව සහ යුද සිරකරුවන්ව සමූහ ඝාතන, වධහිංසා පැමිණවීම්, වහල් ශ්‍රමය සහ අමානුෂික නාසි දෘෂ්ටිවාදයේ අනෙකුත් ප්‍රකාශනයන් පිළිබඳ සාක්ෂි විශ්ලේශනය කිරීමේදී හිතාමතා, ක්‍රමානුකූල සහ පෙර නොවූ විරූ ජන සංහාරය තහවුරු කිරීමක් බව මනාව  තහවුරු වේ. මහා දේශප්‍රේමී යුද්ධයේදී නාසීන් විසින් සෝවියට් ජනතාව සමූල ඝාතනය කළ බවට කරුණු ඔප්පු කිරීම සහ විධිමත් කිරීම සඳහා මෙම කාර්යය මූලික වැදගත්කමක් දරනවා. එය වැරදිකරුවන්ට වගවීමට සහ එම සිදුවීම්වල ඓතිහාසික මතකය ආරක්ෂා කිරීමට උපකාරී වනු ඇත.

මහා දේශප්‍රේමී යුද්ධය සෝවියට් සංගමයේ, යුරෝපයේ සහ ලෝකයේ සෙසු රටවල ජනතාවට අසීමිත වේදනාවක් සහ දුක් වේදනා රැගෙන ආවා. අපේ රටේ එක පවුලක්වත් සතුරුකම් සහ අත්පත් කරගැනීමේ ප්‍රතිවිපාකවලින් ස්පර්ශ නොවී සිටියේ නැහැ. නාසිවාදයට එරෙහි ජයග්‍රහණය සඳහා අපි විශාල මිලක් ගෙවා තිබෙනවා. එම යුද්ධය සෝවියට් පුරවැසියන් මිලියන 27 කට අධික සංඛ්‍යාවකගේ ජීවිත බිලිගත් අතර අපේ රටට දැවැන්ත ද්‍රව්‍යමය හානියක් සහ විනාශයක් ඇති කරනු ලැබුවා.

නාසිවාදය අපරාධ දෘෂ්ටිවාදයක් ලෙස නිසැකවම හෙළා දුටු නියුරම්බර්ග් නඩු විභාගවලින් පසු, සෝවියට් සංගමය තුළ නාසි ආක්‍රමණිකයන් සහ ඔවුන්ගේ සහචරයින් විසින් සිදු කරන ලද බොහෝ අපරාධ පිළිබඳ කරුණු සනාථ කරන ප්‍රවේශ විය හැකි මූලාශ්‍රවල පරිමාව බොහෝ ගුණයකින් වැඩි වී තිබෙනවා. හිට්ලර්ගේ පාලනය යටතේ වූ ජර්මනිය විසින් දියත් කරන ලද යුද්ධය සෝවියට් ජනතාව සමූලඝාතනය කිරීම අරමුණු කරගත් බවට නව භෞතික සාක්ෂි සහ සාක්ෂිකරුවන්ගේ සාක්ෂි මගින් ප්‍රතික්ෂේප කළ නොහැකි ප්‍රභල සාක්ෂි සපයා තිබෙනවා. රුසියානු නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන්ගේ භෞතික සාක්ෂි වලට අනුව, නාසි ආක්‍රමණය අතරතුර සෝවියට් සංගමය තුළ සිදු කළ සිවිල් මරණ සංඛ්‍යාව මිලියන 13.6 කට වඩා වැඩි බව අනාවරණය තිබෙනවා.

අද වන විට,ගවේෂණ ව්‍යාපාරය සහ සීමාවන් පිළිබඳ ප්‍රඥප්තිය නොමැති ව්‍යාපෘතියේ සංවිධායකයින් විසින් වෙඩි තබා හෝ වධහිංසා පමුණුවා මරා දැමූ අහිංසක කාන්තාවන්, දරුවන් සහ වැඩිහිටි පුරවැසියන්ගේ සමූහ මිනී වළවල් සහිත කලින් නොදන්නා ස්ථාන සියයකට වඩා සොයාගෙන තිබෙනවා. මහා දේශප්‍රේමී යුද්ධයේදී සෝවියට් ජනතාවගේ ජන සංහාරයේ මතකය ආරක්ෂා කරන ස්මාරක සංකීර්ණ ප්‍රවේශමෙන් නඩත්තු කිරීම රුසියානු පුරවැසියන්ගේ වත්මන් සහ අනාගත පරම්පරාවන් සඳහා ප්‍රමුඛතාවයක් බවට පත්ව තිබෙනවා. මෙම ව්‍යාපෘතිය තුළ එකතු කරන ලද විමර්ශනවල ප්‍රතිඵල සහ සාක්ෂි පිළිබඳ තොරතුරු ප්‍රකාශයට පත් කිරීම, රුසියාවේ සහ අනෙකුත් රටවල ජනතාවගේ ඓතිහාසික සත්‍යය සහ නාසි ආක්‍රමණිකයන් විසින් සිදු කරන ලද අපරාධ පිළිබඳ දැනුවත්භාවය වැඩි දියුණු කිරීමට උපකාරී වනු නොඅනුමානයි.

නාසිවාදයට එරෙහි ජයග්‍රහණය සඳහා ගොදුරුවූ වින්දිතයින් සම්බන්ධයෙන් වන අපගේ ජනතාව ආරක්ෂා කළ මතකය අපි පූජනීය ලෙස සලකනවා. ජනාධිපති ව්ලැඩිමීර් පුටින් පෙන්වා දී ඇති පරිදි, ඓතිහාසික මතකය සංරක්ෂණය කිරීම අතීතයට ගරු කිරීමේ ලකුණක් පමණක් නොව, අනාගතයේ දී ජනතාවගේ එකමුතුකම සහ රාජ්‍යයේ ස්වෛරීභාවය සහතික කිරීමක්.

සම්බන්ධිත පුවත් | Related News

දෙවන ලෝක යුද්ධයෙන් පසු ගොඩනැගූ NATO සංවිධානයේ ප්‍රධානම වගකීම සාමාජික රටවල ආරක්ෂාව තහවුරු කිරීමය. එක රටකට ප්‍රහාරයක් එල්ල වුවහොත්, එය සමස්ථ සංවිධානයටම එල්ල වූ ප්‍රහාරයක් සේ සලකා සියල්ලන් එක්වී ආරක්ෂා කරයි.
වේලුපිල්ලේ ප්‍රභාකරන් ඇතුළු කොටි සංවිධානය දශක තුනක් තිස්සේ මවා පෑ ඊළාම් මනෝ විකාර රාජ්‍යයත්, අදටත් බටහිර රටවල සැප විඳිමින් ලේ විකුණා කන දෙමළ ඩයස්පෝරාවේ සිහින මාලිගාවනුත් අත්තිවාරමෙන්ම සොලවා දැමූ එක් ගැහැනියක් සිටියාය.
පෞද්ගලික ජංගම දුරකථනවලට පිවිස හැකර්වරුන් විසින් සිදුකරන බැංකු ගිණුම්වල සල්ලි අදින ජාවාරමක් පිළිබඳව සහ එයින් බේරීමට කළයුතු දේ පිළිබඳව තොරතුරු ඇතුළත් වීඩියෝවක් පහළින් දැක්වේ.
චීනය විසින් ක්‍රියාත්මක කරන 15 වැනි පස් අවුරුදු සැලැස්ම ක්‍රියාත්මක කරන කාලය වන විට චීනය ලෝකයේ පළමු ආර්ථික බලවතා වී සිටින බව 1955 දී මාඕ සේතුං ප්‍රකාශකර තිබිණි.
සාමාන්‍යයෙන් ජනාධිපති කෙනෙක් ජාතිය අමතන පිලිවෙලක් තියනවා.ඊට ගැලපෙන ඇඳුමක් ඇඳගෙන,සුදුසු තැනක ඉඳන්, ජාතිය ඇමතීමේ අරමුණ හරියට ඔළුවේ තියාගෙන තමයි ඒක කරන්න ඕනි. හැබැයි ගිය 17 වෙනිදා ඩබල් පොකට් ෂර්ට් එකක් ඇඳගෙන,තියන්න ඕනිවට පැත්තකින් ජාතිය කොඩියත් තියාගෙන,රටේ මතුවෙලා තියෙන තත්වය ගැන හරි අවබෝධයක් නැතිව තමන්ගේ බැරිකම වහගන්න අනුර ජාතිය අමතලා කතාවක් කළා.
ඛෙදුම්වාදී න්‍යාය පත්‍රයේ අවසන් සැතපුම් ගමන් කිරීමේ ක්‍රියාවලිය ස්ථාවර ආණ්ඩුවක් යටතේ සිදු කිරීම වෙනුවට අස්ථාවර හෝ බිඳ වැටුණු හෝ ජාත්‍යන්තර මැදිහත්වීම මත පිහිටුවන අන්තර් කාලීන ආණ්ඩුවක් යටතේ සිදු කිරීම වඩා සුදුසු බව දේශපාලනයේ 'අ'යන්න දන්නා අයෙකුට වටහා ගත හැකි බවත්, එම නිසා වර්තමාන ආණ්ඩුව පළාත් සභා මැතිවරණය පවත්වා මහ ඇමතිට පක්ෂපාතී ආණ්ඩුකාරවරයෙකු පත් කර රට බෙදීමේ ක්‍රියාවලිය ආරම්භ කළ පසුව ආණ්ඩුව බිඳ වැට්ටවීම සඳහා වන දේශීය සහ ජාත්‍යන්තර ක්‍රියාන්විතයක් ආරම්භ වීමේ බරපතල අවකාශයක් පවතින බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය පෙන්වා දෙයි.
ක්‍රි.පූ. 550 දී මුළින්ම පර්සියානු අධිරාජ්‍ය ස්ථාපිත වූ බවත් ඒ මහා සයිරස් රජුගේ මූලිකත්වයෙන් බවත්, ක්‍රි.ව 651 දී අරාබි අක්‍රමණයෙන් පසු පර්සියානු අධිරාජ්‍ය ක්‍රමයෙන් බිඳවැටී එහි ආගම ඉස්ලාම් ආගම බවට පත් වූ බවටත් Next page අන්තර්ජාල නාලිකාව කරුණු හෙලිදරව් කරයි.
පසුගිය 2026 මාර්තු 11 වනදා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය විසින් ඉරානයට එරෙහිව ඓතිහාසික යෝජනාවක් (Resolution 2817) සම්මත කරන ලද අතර, මෙහි ඇති සුවිශේෂීම කරුණ වන්නේ රටවල් 135ක් මෙයට සම-අනුග්‍රාහකත්වය දැක්වීමයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වාට ජනාධිපති අනුර කුමාර දිසානායකව රවට්ටන්නට හැකි නම් ජනාධිපතිවරයාගේ මොළයේ තරම හිතාගත හැකි බවත්, ඉන්දියාවෙන් නැතිනම් ජාත්‍යන්තරයෙන් ජනාධිපතිවරයාව කෙසේ රවට්ටනවා ඇත්දැයි දේශපාලන විචාරකයන් ප්‍රශ්න කරති.

ප්‍රධාන පුවත්

ඊශ්‍රායල අගමැති අත්අඩංගුවට ගැනීමට කිසිවෙකුට ඉඩ දෙන්නේ නෑ.. - ට්‍රම්ප්ගෙන් දැඩි අනතුරු ඇඟවීමක්..

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු (Benjamin Netanyahu) ඇමෙරිකා එක්සත් ජනපදයේ සංචාරයක නිරත වුවහොත්, ඔහුව අත්අඩංගුවට ගැනීමට කිසිවෙකුටත් ඉඩ නොතබන බවට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර සිටියි.

පුරාවිද්‍යා අධ්‍යක්ෂක සෙනරත් වික්‍රමසිංහ කාර්ය මණ්ඩලයට තර්ජනය කරයි..

පුරාවිද්‍ය දෙපාර්තමෙිින්තුවෙහි වසර 20 පුරාවට පැවති සහකාර අධ්‍යක්ෂක තනතුරු පුරප්පාඩු කඩිමුඩියේ අසාධාරණ ලෙස පිරවිම දරණ උත්සාහය සමාජයට හෙලිදරව් වීම සහ චානක්‍ය .. සුමන්තිරන්ගෙ රහසිගත හමුව හෙලිදරවිි වීම සෙනරත් වික්‍රමසිංහගේ වියරුවට හේතු වි ඇති බව lankaleader වෙත වාර්තා වේ.

ඉරාන යුද්ධයට වැඩි අරමුදල් ඉල්ලා එක්සත් ජනපදයේ යුද ලේකම්ත් සෙනෙට් ඩිමොක්‍රටික් සභිකයන්ගේ දැඩි ප්‍රශ්න කිරීම්වලට ලක්වේ

ඉරාන යුද්ධයට වැඩි අරමුදල් ඉල්ලා එක්සත් ජනපදයේ යුද ලේකම්ත් සෙනෙට් ඩිමොක්‍රටික් සභිකයන්ගේ දැඩි ප්‍රශ්න කිරීම්වලට ලක්වේ

කියෙව් පාලනය දැඩි අර්බුදයක: ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලයෙන් විශේෂ නිවේදනයක්

යුක්‍රේනයේ පවතින වත්මන් දේශපාලන සහ සූක්ෂම හමුදාමය වෙනස්කම් හා ගැටලු පිළිබඳව අවධානය යොමු කරමින් ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය විසින් විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.

හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්නට ඇප..

2008 වසරේදී කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකුට සැගව සිටීමට ආධාර අනුබල දුන්නේ යැයි කියන සිද්ධියක සැකකරුවකු වශයෙන් අධිකරණයට ඉදිරිපත් වූ හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්න මහතා ඇප මත මුදා හරින ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

ආණ්ඩුව මගින් පාවාදීම් ඉටුකර ගැනීම සහ ඉන් පසුව ආණ්ඩුව පලවා හැරීමේ සූක්ෂම වැඩපිළිවෙල ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් අනාවරණයක්.. (වීඩියෝ)

වත්මන් ආණ්ඩුව යොදාගනිමින් යම් යම් පාවාදීම් ඉටුකර ගැනීමටත්, ඉන් අනතුරුව එම ආණ්ඩුවම බලයෙන් පලවා හැරීමටත් පසුබිම සකස් වෙමින් පවතින බවට දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

ඉස්ලාම් අන්තවාදී තර්ජන ගැන සලේ 2016 දී ආරක්ෂක මණ්ඩලය දැනුවත් කරලා.. - ඉහළ ප්‍රධානියෙක් එය නොසලකා හැරලා..

ඉස්ලාමීය අන්තවාදය සහ ISIS මතවාදය මෙරට දරුණු ලෙස ක්‍රියාත්මක වෙමින් පැවති ආකාරයත් එය මැඩපවත්වන අයුරු පිළිබඳත් සුරේෂ් සලේ මහතා 2016 වසරේදී ආරක්ෂක මණ්ඩලයට දීර්ඝ ලෙස කරුණු දැක්වීම් සිදුකළත් එම කරුණු දැක්වීම්වලට ආරක්ෂක මණ්ඩලයේ සිටි ඉහළ පෙළේ අයෙකු අකමැත්ත පළකර ඇති බව අභියාචනාධිකරණයේදී ඊයේ (21) සඳහන් කෙරුණි.

"කැරපොත්තන්ගේ" අරගලයේදී රාහුල් ගාන්ධි අත්අඩංගුවට – ජනතා විරෝධය හේතුවෙන් ගාන්ධිට නිදහස

කැරපොත්තන්ගේ ජනතා පක්ෂය ( Cockroach Janta Party-CJP) ලෙස තමන්ව හඳුන්වා ගන්න දේශපාලන කණ්ඩායම විසින් ඉන්දියාවේ නවදිල්ලි නුවරදී වෛද්‍ය විද්‍යාලවලට සිසුන් බඳවා ගන්නා විභාගයේ ප්‍රශ්න පත්‍ර පිටවූයේ යැයි පවසමින් ගෙන යන විරෝධතා ව්‍යාපාරයේ දෙවන දිනයේදී ඊට සහභාගි වූ ඉන්දීය විපක්ෂ නායක රාහුල් ගාන්ධි ඉන්දීය පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ අතර පසුව ඔහු නිදහස් කරනු ලැබීය.

ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය කුවේට්හි ඇමරිකානු රේඩාර්, චන්ද්‍රිකා සන්නිවේදන පද්ධති සහ ගුවන් යානා අංගනවලට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කරයි!

ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය (IRGC) කුවේට්හි පිහිටි එක්සත් ජනපද හමුදා ස්ථානවල රේඩාර් පද්ධති, චන්ද්‍රිකා සන්නිවේදන පද්ධති සහ ගුවන් යානා අංගන (Hangars) ඇතුළු ප්‍රධාන හමුදා යටිතල පහසුකම්වලට ප්‍රහාර එල්ල කළ බව වාර්තා වී තිබේ.

ආණ්ඩුවේ ලිංගික ඇරියස් පාසල් පද්ධතිය තුළට රිංගවීමේ උත්සාහයක්..

වත්මන් ආණ්ඩුව විසින් පාසල් පද්ධතිය තුළට නොගැලපෙන සංකල්ප සහ අදහස් රිංගවීම සඳහා උත්සාහයක නිරත වන බවට ජාතික නිදහස් පෙරමුණ චෝදනා කරයි.

සෞදි අරාබියාවේ දහම් පාසල තානාපති අනින් නවත්වයි.. - ඇමති විජිත ඊට එකඟයි..

සෞදි අරාබියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය තුළ වසර 10 කට අධික කාලයක් පවත්වාගෙන ගිය දහම් පාසල මාලිමා ආණ්ඩුවේ තානාපති අමීර් අජ්වල් ගේ නියෝගයක් අනුව නැවැත්වීමට සිදුවී ඇතැයි එරට සේවය කරන බෞද්ධ ප්‍රජාව ලංකා ලීඩර් වෙත වාර්තා කර තිබේ.

ත්‍රිකුණාමල තෙල් ටැංකි සංකීර්ණය සංවර්ධනයට අන්තර්ජාතික ලංසු කැඳවීමට සැරසේ..

ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය වාණිජමය වශයෙන් ප්‍රයෝජනයට ගැනීමේ පියවරක් ලෙස, එහි පවතින ටැංකි 29 ක් සංවර්ධනය කිරීම සඳහා ඉදිරි මස ඇතුළත අන්තර්ජාතික ලංසු කැඳවීමට Trinco Petroleum Terminal Limited (TPTL) සමාගම සූදානම් වේ.

ස්වයංක්‍රීය AI නියෝජිතයෙක් ප්‍රධාන AI ආකෘති ගබඩාවකට ප්‍රහාරයක් එල්ල කරයි!

නිව්යෝර්ක් නගරය මූලස්ථානය කරගත් Hugging Face සමාගම පවසන්නේ, සම්පූර්ණයෙන්ම ස්වයංක්‍රීය කෘත්‍රිම බුද්ධි (AI) නියෝජිත පද්ධතියක් තම AI ආකෘති (Models) ගබඩාවට අනවසරයෙන් ඇතුළු වූ බවත්, එය මෙතෙක් මුහුණ දී ඇති කිසිදු සයිබර් ප්‍රහාරයකට සමාන නොවන අත්දැකීමක් බවත්ය.

හිටපු පොලිස්පති අබිරහස් මරණය සියදිවි නසා ගැනීමක්ද? ඝාතනයක්ද? අත්වැරැදීමක්ද? (වීඩියෝ)

හිටපු පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතාගේ හදිසි සහ අබිරහස් මරණය සම්බන්ධයෙන් මේ වන විට සමාජය තුළත්, දේශපාලන හා ආරක්ෂක ක්ෂේත්‍ර තුළත් දැඩි කතාබහක් සහ සැකසංකා මතු වී තිබේ.

ශ්‍රී ලංකාව කියන්නේ ඉන්දියාවේ දොරකඩ තියෙන බරක් නෙවෙයි; ඉන්දීය සාගරය මධ්‍යයේ පිහිටි වටිනා වත්කමක්.. - ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරියගෙන් ප්‍රබල ප්‍රකාශයක්

නව දිල්ලියේදී පැවැත්වුණු ‘Calm Waters, Rising Tide: Stability as the Foundation for Indian Ocean Growth’ තේමාව යටතේ වූ ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡාවකදී, ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් මහිෂිණි කොලොන්න මහත්මිය දෙරටේ ආරක්ෂක සහ ආර්ථික සබඳතා පිළිබඳව වැදගත් කරුණු කිහිපයක් පෙන්වා දී තිබේ.

ජනාධිපතිට පෞද්ගලිකව නඩු පවරන්න බැහැ - මෛත්‍රී, රනිල්, අනුරට එරෙහි පෙත්සමට ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව මෙන්න..

ජෛව විද්‍යාත්මක පදනමකින් තොරව සැත්කම් මඟින් ලිංගිකත්වය වෙනස් කිරීමට අවසර දෙන චක්‍රලේඛ සහ පනත් බලරහිත කරන ලෙස ඉල්ලා ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (20) තීන්දු කළේය.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.