මිනිස් අස්ථිවලින් හදන කුෂ් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් විදෙස් කතුන් සහ මිනිස් අස්ථි මත්ද්‍රව්‍ය නිෂ්පාදන සඳහා යොදාගැනීමේ භයානක පැතිකඩ..
මිනිස් අස්ථි අඩංගු යැයි සඳහන් කුෂ් මත්ද්‍රව්‍ය කිලෝ 46 ක් සමඟ බ්‍රිතාන්‍ය ජාතික තරුණියක් ලංකාවෙදි අත් අඩංගුවට ගන්නවා. ඒ මීට දින කිහිපයකට කලින්. ඇය 21 හැවිරිදි ගුවන් සේවිකාවක් වූ ‘චාලට් මේයි‘.
ඊට ආසන්න දවසකදි ජෝර්ජියාවෙදි තවත් බ්‍රිතාන්‍ය ජාතික දැරියක් අත් අඩංගුවට පත් වෙනවා ඊට සමාන වෙනත් මත්ද්‍රව්‍ය කිලෝ 14ක් සමඟ. ඇය 18 හැවිරිදි හෙද සිසුවියක වූ ‘බෙලා මේයි‘.
පහත තියෙන්නෙ ඒ දෙන්නාගෙ ඡායාරූප. මේ මිනිස් අස්ථිවලින් හදන කුෂ්වලට ඇබ්බැහි වූ සියෙරා ලියොන් හි කෙල්ලක් තමයි අනිත් කලු ජාතික ගැහැණු ළමයා.
මේ චාලට් සහ බෙලා අතර තියෙනවා එකම එක පොදු සම්බන්ධයක්. ඒ තමයි මේ දෙන්නාම අදාල මත්ද්‍රව්‍ය තොග රැගෙන එකම දවසෙ එකම ගුවන් තොටුපලකින් තමයි ලංකාවට සහ ජෝර්ජියාවට පිටත්වෙලා තියෙන්නෙ. ඒ තායිලන්තයේ ස්වර්ණභූමි ගුවන් තොටුපලින්.
දැන් දෙන්නාම ඉන්නෙ ලංකාවෙ සහ ජෝර්ජියාවෙ බන්ධනාගාරවල රඳවලා. මේ දෙන්නාටම රටවල් දෙකේ නීති අනුව නම් ආයෙ බ්‍රිතාන්‍යයට යන්න වෙන්නෙ උපරිම අවුරුදු 15ක් හිරේ ඉඳලා තමයි. ඒ මේ දෙන්නා නීති විරෝධී මත්ද්‍රව්‍ය ළඟ තබාගැනීම සහ ප්‍රවාහනය හෝ ජාවාරම් කිරීම කියන චෝදනාවලට වැරදිකරුවන් උනොත්.
ලංකාවෙදි කුෂ් සම්බන්ධ නීතිය තියෙන්නෙ 1929 අංක 17 දරණ විෂ වර්ග අබිං හා අන්තරායදායක ඖෂධ පනත ඇතුලේ. කුෂ් කියන්නෙ කංසා පැළැටියෙන් නිස්සාරණය කරන සංඝටක අඩංගු දෙයක් හින්දා මේ පනතේ 28 වගන්තියෙන් එවැනි නිෂ්පාදන මෙරටට ආනයනය කිරීම සපුරා තහනම් කරලා තියෙන්නෙ. මෙහි 54 වගන්තිය අනුව මේවා නිෂ්පාදනය, ජාවාරම, ආනයනය හෝ ළඟ තබාගැනීම වරදක්. මේ පනතට අනුව ගංජා කිලෝග්‍රෑමයක් ළඟ තබාගැනීමේදී අවුරුදු 5ක සිරදඬුවමකුත්, මහා පරිමාණ ලෙස කිලෝග්‍රෑම් 100ක් ළඟ තබාගත්තොත් නම් අවුරුදු 15ක සිර දඬුවමකුත් ලැබෙන්න පුලුවන්. ඒ වගේම හෙරොයින් ග්‍රෑම් පහක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් සන්තකයේ තිබුනොත් ලංකාවෙදි මරණීය දණ්ඩනය හෝ ජීවිතාන්තය දක්වා සිරදඬුවම් දෙනවා.
ඒ වගේම සාම්ප්‍රදායිකව කුෂ් නමින් හඳුන්වන මත්ද්‍රව්‍යයට වඩා වෙනස් සින්තටික් නිෂ්පාදනයක් මේක.
ඒත් මේ බ්‍රිතාන්‍ය තරුණියන්ගෙ කුෂ් කතාවෙ ඇතුල් පැත්තෙ මේ සියල්ලට වඩා ඛේදනීය දේවල් දෙකක් තියෙනවා. මේ සටහනේ අරමුණ වෙන්නෙ අන්න ඒ වැදගත් අංශ දෙකට අවධානය යොමු කරන එක.
එක තමයි මේ දිනවල බ්‍රිතාන්‍යයේ ප්‍රමුඛ මාධ්‍ය විසින් කියනවා ලංකාවෙ සහ ජෝර්ජියාවෙ බන්ධනාගාරවල අවම මානව හිමිකම් සහිත තත්ත්වයවත් නැති බව. මේක ඇත්තටම ජාත්‍යන්තර අපරාධකරුවන්ට අලුත් තත්ත්වයක්. මොකද ඇත්තටම අපේ බන්ධනාගාර කියන්නෙ සෙනඟ පිරී ඉතිරී ගිය, පෞද්ගලිකත්වය අහිමි, කැරලි ගහන, මිනිස්සු මැරෙන තැනක්. ඉතින් චාලට් සහ බෙලා දෙන්නාම ඉන්නෙ ඉතා පහළ ජීවන තත්ත්වයක මේ වෙද්දි. චාලට් කියලා තිබුනා ලංකාවෙ මීගමු බන්ධනාගාරයේදි බාල්දියකින් නාන්න හුරුවීම අපහසු බව. ඒ වගේම දවස් දෙකකින් ඇය කාලා නෑ. කෑමවල මිරිස් වැඩි හින්දා. මුලු බන්ධනාගාරෙටම හිටපු ඉංග්‍රීසි කතාකල හැකි එකම රැඳවියක ඇයට බිස්කට් පැකට් එකක් දීලා තිබුනා. හැබැයි ජෝර්ජියාවෙ බෙලා ඉන්නෙ ඊටත් වඩා අන්ත තත්ත්වෙක.
දෙවැනි භයානක කතාව තමයි මේ මත්ද්‍රව්‍යවල මිනිස් අස්ථි අන්තර්ගත වීම පිළිබඳව වන කතිකාව. එක අතකින් ඒක මේ සබ්ස්ටන්ස් එක ව්‍යාප්ත කිරීමේ උපක්‍රමික ප්‍රචාරණයක්. නමුත් ඒක පිටුපස තියෙන්නෙ අතිශය කෘෘර සිදුවීම් පෙලක්.
මේ මිනිස් අස්ථි මුහු කරලා හදන කෘත්‍රිම කුෂ් මත්ද්‍රව්‍යය වැඩිපුර ප්‍රචලිත වෙලා තියෙන්නෙ බටහිර අප්‍රිකානු කළාපයේ. මේ කලාපයේ තියෙන ප්‍රමුඛ රටක් වූ සියෙරා ලියොන් හි ජනාධිපතිවරයා වූ ‘ජුලියස් මාඩා‘ පසුගිය අප්‍රේල් මාසෙදි රටතුළ ජාතික වශයෙන් හදිසි තත්ත්වයක් නිවේදනය කෙරුවා. ඒ මේ කුෂ් මත්ද්‍රව්‍ය උවදුරෙන් එක්වරම මිනිස්සු මැරෙන්න පටන්ගත් හින්දා. එරට වෛද්‍යවරු කියන්නෙ මේ මත්ද්‍රව්‍ය නිසා ශරීර ඉන්ද්‍රියන් අක්‍රිය වීමක් සිදුවීමෙන් මේ මරණ සිදුවන බව. හැබැයි හදිසි තත්ත්වයට මූලික හේතුවක් උනේ සියෙරා ලියොන් හි තරුණයින් සිය ගණන් රටපුරා තිබුනු සොහොන් බිම් හාරන්න පටන් ගැනීම. ඒ වළදැමූ මිනිස් සිරුරු ගොඩගෙන එහි අස්ථි ගලවා කුෂ් හදන්න. දැන් එරට සොහොන්බිම්වලට විශේෂ පොලිස් ආරක්ෂාවක් දාලා තියෙන්නෙ. මෙහෙම හදපු සින්තටික් කුෂ් (අධිකරණ වාර්ථාකරුවන් සහ මාධ්‍ය මේ වචනය තමයි අදාල සබ්ස්ටන්ස් එක සඳහා නිළ වශයෙන් භාවිත කරන්නෙ) ලෝකය පුරා බෙදාහැරීමේ ජාලයන් අප්‍රිකාව පුරා ක්‍රියාත්මක බවයි වාර්තාකරුවන් කියන්නෙ.
ලංකාවෙදි අහුවුනු චාලට් මහේස්ත්‍රාත් අධිකරණයේදි කියලා තිබුනා ඇය කලින් දවසෙ බෑග් එක හදලා නයිට් අවුට් එකකට ගිහින් ඇවිත් ලංකාවට එන්න ගුවන්යානයට නැග්ගා මිසක් ආයෙත් බෑග් චෙක් කෙරුවෙ නැති බව. ඇය කියන්නෙ තමන්ගෙ බෑග් එක කවුරුන් හෝ මාරු කරලා කියලා. ඒ කවුද යන්න ඇයට හිතාගන්න පුලුවන් කියලාත් ඇය කියනවා. ජෝර්ජියාවෙදි හසුවුනු බෙලා නම් උසාවියෙදි කරලා තිබුනෙ කිසිම ප්‍රශ්නයකට පිළිතුරු නොදී නිහඬව හිටපු එක. ඒක නීත්‍යානුකූල හිමිකමක්. කොහොම උනත් මේ දෙන්නාම අදාල සිදුවීම්වලට පෙර සමාජ මාධ්‍යයන්වල අතිශය සුඛෝපභෝගී ජීවන රටාවක් පෙන්නුම් කළ අය. සිය පවුල්වලින් දුරස්ව සිටි අය. විශේෂයෙන්ම බෙලා විසින් හෙද සිසුවියකට තිබිය නොහැකි තරම් මුදල් නෝට්ටු ප්‍රමාණයක් ප්‍රදර්ශනය කරමින් ටික් ටොක් වීඩියෝ නිර්මාණය කර තිබූ බව කියැවුනා.
දැන් මේ දෙන්නාගෙම ගෙවල්වල අය බ්‍රිතාන්‍ය බළධාරීන්ට මේ ප්‍රශ්නයට මැදිහත්වෙන්න බල කරනවා.
අපි ඉන්නෙ අප්‍රිකාවෙ කෙල්ලො කොල්ලො සොහොන් හාරලා මිනිස් අස්ථිවලින් මත්ද්‍රව්‍ය හදන්න උත්සාහ කරන ලෝකෙක. ඒවා ආසියාවෙ බැංකොක් වලට එනකන් එනවා. එතැනින් බ්‍රිතාන්‍ය ගුවන් සේවිකාවන් හෝ හෙදියන් අතට හිතාමතාම හෝ අත්වැරැද්දෙන් පත්වෙනවා. උන් ඉන්නෙ තාම ටීනේජ් වයසට ආසන්න මායිම්වල. ඒවා ලංකාවට වගේම යුරෝපයේ ජෝජියාවටත් යනවා. මේ හැමදේම පිටුපස නීතිය හඹාගෙන ගියහම ඒ ජීවිතවල හොඳම කාලෙ එකපාරම නතර වෙනවා. කවදාහරි කවුරු හෝ හොයාගත්තොත් මියගිය අස්ථිවලට වඩා ජීවී අස්ථි මේ වැඩේට හොඳයි කියලා? ඒ ගැන හිතනකොට නීතිය ලිලිපුට්ටෙක් බවට පත්වෙනවා.
(ඡායාරූපවල ඉන්නෙ 18 හැවිරිදි බෙලා, 21 හැවිරිදි චාලට් සහ සියෙරා ලියොන් හි මිනිස් අස්ථි අන්තර්ගත යැයි කියන කුෂ් විශේෂයට ඇබ්බැහි වූ 26 හැවිරිදි සයිනබ්. මේ තුන්දෙනාම ගැහැණු ළමුන්. පෞද්ගලිකත්වයට තවදුරටත් හානියක් නැති නිසයි මේ ඡායාරූප දාන්නෙ. මොකද දැනටමත් වැරැද්දේ වගකීම මේ තරුණ ජීවිතවලින් බොහෝ ඈතට ගිහින් තියෙන්නෙ. ඇත්තටම මේ අය වින්දිතයො)
Ref: BBC, Dailymail UK, Daily News LK, විෂ වර්ග අබිං හා අන්තරායදායක ඖෂධ ආඥා පනත, The Guardians.
- Nuwan Ishara Mahagamage -



සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්‍රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..
නව ත්රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්
පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..
ප්රංශය ඇතුළු යුරෝපා රටවල උග්රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්රවංශගෙන් අනාවරණයක්..
බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්යය මගින් විනාශකාරී මහා සත්යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා
භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි
"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්රාත්වරයා රබර් මුද්රාවක් වෙලා": ත්රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා
අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්
ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)
කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්රාන්තයකින් වරෙන්තුවක්
ඇමරිකානු ජනපති ට්‍රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..
මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..
මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..
ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්රවීන මාධ්යවේදී ධර්මශ්රී ගෙන් අනාවරණයක්..
බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..