News Category
From Date
To Date
Maximum Number of Result

හැමෝම කතාවෙන, විහිළුවක් වගේ පෙනෙන NCL Salten නැවේ කතාව දන්නවද?

May 29, 2025 at 10:19 AM
|

නැවේ නම දන්නේ නැති වුණත් පහල ජායාරූපය දැක්කාම ගොඩක් අය සිද්ධිය දන්නවා. සරලව කතාව දිගහැරියොත් මෙන්න මෙහෙමයි.

NCL Salten කියන නැව නොවේජියානු මුහුදේ Orkanger වරාය දෙසට යාත්‍රා කරමින් තිබු අතර සේවා මුරය භාර නිළධාරියා (Second officer) නින්දට වැටිම නිසා නැව අදාල මාර්ගයෙන් ඉවත් වී  Byneset අසල වෙරළේ ගැටි (Ground) ඇත. 

උපුටා ගැනීමේ ආරම්භය,

" No one was injured when the 11,000-ton ship ran aground, Bente Hetland, chief executive of NCL, the company that chartered the ship, said in a statement Friday. There were 16 crew members on board at the time of the crash — a mix of Norwegians, Lithuanians and Ukrainians and one Russian, she said.

Police are still investigating why the ship ran aground, Hetland said, and have identified one person as a suspect. Police have charged the ship’s second mate — a Ukrainian man in his 30s — with negligent navigation after he told investigators during an interrogation that he had fallen asleep while on duty at the time of the impact at 5:32 a.m. local time, according to the police."

උපුටා ගැනීමේ අවසානය.

උපුටා ගැනීම " The Washigton Post"

මෙහෙම වෙන්න පුළුවන්ද ?

අවාසනාවට වුණත් උත්තරය තමයි ඔව් කියන එක. නමුත් මෙහෙම දෙයක් වෙන්න තියෙන සම්භාවිතාවය අඩුයි නැව් වල. මේ ඒ කතාව.

නැවක් මුහුදේ යද්දි ඒක පාලනය කරන්නේ නැවේ උඩම තියෙන Bridge එක නම් වු විශේෂිත කාමරය තුළ ඉදන්. නැවක් හැසිරවීමට ඕන කරන හැම දේම මේ ස්ථානය සතුයි. පැය හතරක සේවා මුරය බැගින් (Watch keeping) සේවා මුර 6ක් දවසකට පවත්වාගෙන යනවා නිළධාරීන් තුන්දෙනෙකු විසින්. පවතින තත්ත්ව යටතේ අවශ්‍යනම් සහයට අමතර Watchman කෙනෙක් ලබා දෙනවා. 

* වර්තමානයේ නැව් වල භාවිතා කරන්නේ ECDIS(Electronic Chart Display and Information System) නම් වූ විශේෂ උපකරණය. ඉස්සර භාවිතා කරපු කඩදාසි මත මුද්‍රිත සිතියම්(Paper chart) වෙනුවට තමයි මේ උපකරණය භාවිතයට ආවේ. මේ උපකරණය පරිඝණකයකට සමානයි. නැව ගමන් කරන්න ඕන මාර්ගය මේ උපකරණය මගින් අපිට අදින්න පුළුවන්. එහෙම අදින කොට අපි ලබා දෙන ආරක්ෂිත දත්ත කිහිපයක් තියෙනවා.

- නැව ගමන් කල යුතු උපරිම වේගය (Maximum Speed)

- මුහුදේ තිබිය යුතු අවම ගැඹුර(Safety depth)

- මාර්ගයේ කොපමණ දුරක් විචලනය විය හැකිද(XTD Limit)

- වෙනත් වස්තුවක් සමග ලං විය හැකි අවම දුර හා ඒ සදහා ගත වන කාලය(CPA/TCPA)

- ඉදිරිය හා අවට අනතුරු කල්තියා හදුනා ගතයුතු දුරවල් හා වේලාවන්(Look-ahead / Look-arround)

මේ වගේ තව ගොඩක් දත්ත මේ උපකරණයට ඇතුළු කරන්න පුළුවන්. මේ එක සිමාවක් හරි ඉක්මවා යන අවස්තාවක මේ උපකරණය ශබ්ධයක්(Alarm) නිකුත් කරමින් ඒ ගැන නිළධාරියාව දැනුවත් කරනවා. හැබැයි මේ උපකරණයේ Silent Mode එක ක්‍රියාත්මක කරලානම් තියෙන්නේ මේ කිසිම Alarm එකක් ඇහෙන්නේ නෑ.

* ඒ වගේම BNWAS(Bridge Navigation Watch Alarm System) නම් විශේෂ උපකරණය හැම මිනිත්තු 12කට වරක්( මේ වෙලාව වෙනස් කරන්න පුළුවන්. නමුත් උපරිම අගය 12) නාද වෙනවා ඒ උපකරණය නැවත Reset කරනකම්. ඒ කියන්නේ අවම වශයෙන් පැයකට පස් සැරයක් ඉන්න නිළධාරියාගේ අවධානය ගන්නවා. මේ Alarm එක අවස්තා හතරකින් යුක්තයි.

- පෙර අනතුරු ඇගවීම - අදාල කාලසීමාව(මිනිත්තු 12) අවසානයේ කහපාට කුඩා විදුලි බුබුලක් නිවි නිවි පත්තු වීම.

- පලමු අවස්තාව - පෙර අනතුරු ඇගවීම reset කිරිම තත්පර 15ක් තුල සිදු නොකලහොත් Audible alarm එකක් Bridge එක තුල පමණක් නාද වේ.

- දෙවන අවස්තාව - පලමු අනතුරු ඇගවීම තත්පර 30ක් තුල reset නොකලහොත් අනිත් නිළදාරින්ගේ කාමර තුල ඇති Alarm එක ක්‍රියාත්මක වේ.

- තුන්වන අවස්තාව - දෙවන අනතුරු ඇගවීම තත්පර(90-180) අතර කාලයක් තුල reset නොකිරිමත් සමග මුළු නැව පුරාම General alarm එක ක්‍රියාත්මක වේ. 

(General alarm එක මුළු නැවම අවදි කරන්න තරම් අධික ශබ්ධයකින් යුතුයි)

නැව මුහුදේ ගමන් කරන විට මේ උපකරණය ක්‍රියාත්මක කළයුතු අතර එහි යතුර කපිතාන් භාරයේ තිබිය යුතුයි.

* Radar(ARPA) වලත් ECDIS වල වගේම අනතුරු ඇගවිමේ Alarm පිට කරනවා අවශ්‍ය අවස්ථා වලදි.

* පවත්වාගත යුතු අවම මුහුදු ගැඹුර නැති වේලාවට Echo sounder එක alarm එකක් මගින් ඒ ගැන දැනුම් දෙනවා.

මේ විදිහට බැලුවාම නින්ද ගියත් Alarm වල ශබ්ධයට ඇහැරෙන්න ඕන. ඇහැරුණේ නැත්නම් නැවේ අනිත් අයගෙන් එක්කෙනෙක් හරි ඇහැරෙන්න ඕන. මේ ක්‍රමය හදලා තියෙන්නේ එහෙම. එහෙම වුණේ නෑ කියන්නේ අදාල ගණනය කිරිම් හරියට කරලා නෑ හා/හෝ හරියට දත්ත අදාල උපකරණ වලට ඇතුලත් කරලා නෑ කියන එකයි. නැත්නම් ඒ උපකරණ ක්‍රියත්මක කරලා නෑ කියන එක. පරික්ෂණයකින් පස්සේ හරිම හේතුව හොයා ගනිවී.

ගුවන් යානයක Black box නැතිනම් කළු පෙට්ටිය කියන එක හැමෝම අහලා තියෙනවා. නැවක් තුලත් මේ වගේ උපකරණයක් තියෙනවා VDR(Voyage Data Recorder) කියලා. නැවේ වෙන හැම දෙයක්ම මේ උපකරණය තුල ගබඩා වෙනවා. පරික්ෂණයක් කරන කොට මේ උපකරණයේ ගබඩා වුණ දත්ත අදාල නිළධාරීන් පරික්ෂා කිරීම සිදු කරනවා.

නින්ද යන්න හේතු තියෙන්න පුළුවන්ද?

උත්තරය තමයි ඔව් කියන එක.

* ප්‍රමාණවත් තරම් විවේකයක් නොලැබීම. ලග ලග වරායන් වලට යන්න වුණාම අවශ්‍ය තරම් විවේකයක් නොලැබෙන්න පුළුවන්.

ඒ වගේම කරන්න තියෙන වැඩ ප්‍රමාණය වැඩි වුණාම විවේක කාලයේ වුණත් වැඩ කරන්න සිදුවීම.

* සේවා කාලය තුල මත්පැන් පානය කරන්න බැරි වුණත් සමහරවිට මත්පැන්, මත්ද්‍රව්‍ය භාවිතා කරලා හිටියා නම් නිදිමත එන්න පුළුවන්.

* නිළදාරියාගේ නොසැලකිල්ල

මේ වගේ විවිධ හේතු තියෙන්න පුළුවන්.

කොහොම නමුත් Navigation Officer කෙනෙක් කියන්නේ ලොකු වගකීමක්. ඩොලර් මිලියන ගණනක් වටින භාණ්ඩ, ඒ වගේම නැවේ සේවකයන්ගේ ජිවිත, අවට පරිසරයේ ආරක්ෂාව මේ හැම දෙයක්ම තියෙන්නේ රැදිලා තියෙන්නේ ඔහු මත.

 රාත්‍රී මුර සේවයේදී ඔහු පමණයි අවදිව ඉන්නේ. අනිත් හැමෝම ඔහු මත විශ්වාසය තියලා සුව නින්දේ. ඉතිං ඒ විශ්වාසය රකින එක Navigation officer ලා වුණ අපේ වගකීමක්.

© Sailor's Diary 

(මුහුණුපොතෙන් උපුටා ගන්නා ලදී)





සම්බන්ධිත පුවත් | Related News

ගල්ගමුවේ ඉදන් ආපු Rmj බණ්ඩාර අයියා කාවන්තිස්ස ඇතු ගැන කියන කතාව..
යෝජිත, ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කරගැනීමේ පනත් කෙටුම්පතට (PSTA) විරුද්ධ වන්නේ කුමක් නිසා ද යන්න මහාචාර්ය ජයදේව උයන්ගොඩ මහතා කරුණු දක්වා තිබේ.
සරසවි ඇදුරන් 2000ක් පමණ බඳවා ගැනීමට අනුමැතිය ලබාදී ඇති බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරීය සිදුකරන ප්‍රකාශයක් සහ එම වේදිකාවේම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එම ප්‍රමණය 1515ක් බවට සිදුකරන ප්‍රකාශ ඇතුළත් වීඩියෝවක් සමාජ මාධ්‍යයේ සංසරණය වේ.
ලෝකය කොපමණ තාක්ෂණයෙන්, විද්‍යාවෙන් සහ නවීන විලාසිතා වලින් ඉදිරියට ගියත් පෘථිවියේ සමහර තැන්වල කාලය නතර වී තිබෙන්නේ, මීට වසර දහස් ගණනකට පෙර පැවති පද්ධතීන් ළඟය.
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා භික්ෂූන් වහන්සේලා පිරිසක් විසින් කොළඹ විහාරමහා දේවි උද්‍යානයේදී ආරම්භ කර ඇති සත්‍යග්‍රහයට පැමිණ පොලිස් නිලධාරීන් විසින් පිරිත් දැමීම නතර කරන ලෙස දන්වමින් සිදුකළ ක්‍රියාව සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය වීඩියෝ හරහා තොරතුරු අනාවරණය කර තිබේ.
"ඔවුන්ට කන්න පාන් නැත්නම්, කේක් කන්න කියන්න." ඔබ මේ සුප්‍රකට කියමන, මීට පෙර අසා ඇති! පාසල් ඉතිහාස පොත්වල, සමාජ මාධ්‍ය සටහන්වල එහෙමත් නැතහොත් දේශපාලන සංවාදවල ඕනෑම තැනක, 'තමන්ගේ ජනතාවගේ දුක නොහඳුනන අහංකාර, සැප ජීවිත ගත කළ නායකයින්..' ගැන කතා කරන විට මුලින්ම අපේ මතකයට එන චරිතය, ප්‍රංශයේ මාරි ඇන්ටොනෙට්!
ආගම දේශපාලනයෙන් විතැන් විය යුතු බව උගතුන් යැයි කියාගන්නා පුද්ගලයින් පවසන බවත්, එහෙත් ආගමික සංස්ථාවක් දේශපාලයෙන් තොර වූවක් නොවිය යුතු බවත්, උගතුන්ට ප්‍රශ්නයක් වී ඇත්තේ බෞද්ධ සංස්ථාව දේශපාලනීක වීම බවත් සමාජ මාධ්‍යයේ සංසරණය වන වීඩියෝවක් මගින් කරුණු දක්වයි.
ප්‍රභාකරන් මැරෙද්දි මට ඕන උනේ ඒක හරියට ලෝකෙටම පෙන්නන්න.. මම මේ ජීවිතේ හංගන් හිටපු කතාවක්. ප්‍රභාකරන්ට ගහපු 8 මෑන් ටීම් එක පස්සෙන් මමත් ගියා..
බල්ලෙක්ටත් කරන අපහසයක් ප්‍රභාකරන්ට බල්ලෙක් කියන එක..

ප්‍රධාන පුවත්

ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්‍රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..

ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඔබ්බෙන් ජාත්‍යන්තර මුහුදේ නැංගුරම්ලා ඇති ඉරාන තෙල් නැව් 19කට ආහාර, ජලය සහ ඉන්ධන සැපයීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති බව විදේශ අමාත්‍යාංශය පවසන බව THE TIMES OF INDIA වාර්තා කරයි.

නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 'ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කරගැනීමේ පනත් කෙටුම්පත (PSTA)' මගින් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ සහ අයිතිවාසිකම් අභියෝගයට ලක්වීමේ බරපතළ තර්ජනයක් පවතින බව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය පවසයි.

පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..

අධිකරණ නියෝග ක්‍රියාත්මක නොකිරීමෙන් පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කර ඇති බවට තීරණය කළ ගම්පහ මහේස්ත්‍රාත් බන්ධුල ගුණරත්න, ඒ සම්බන්ධයෙන් නඩු පැවරීම සඳහා අදාළ ගොනුව අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා වෙත යොමු කර තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පරිගණක පද්ධති වෙත සයිබර් ප්‍රහාරයක් එල්ල කළ හැකර්වරුන් විසින් ක්‍රිප්ටෝ මුදලින් ඇමෙරිකානු ඩොලර් 50,000ක කප්පම් මුදලක් ඉල්ලා සිටි බවත්, ජාතික ගුවන් සේවය තවදුරටත් මෙවැනි සයිබර් ප්‍රහාර හමුවේ අවදානම් තත්ත්වයක පවතින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර චෝදනා කරයි.

ප්‍රංශය ඇතුළු යුරෝපා රටවල උග්‍රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..

ප්‍රංශය ඇතුළු යුරෝපීය රටවල් කිහිපයක මේ වන විට දැඩි ආර්ථික හා සමාජීය අර්බුදයක් නිර්මාණය වී ඇති බවත්, එය මහා පරිමාණ ජනතා විරෝධතා සහ උද්ඝෝෂණ දක්වා වර්ධනය වී ඇති බවත් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්‍යය මගින් විනාශකාරී මහා සත්‍යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා

ත්‍රෛනිකායික ලේඛකාධිකාරී හිමිවරුන් සමග පැවැත් වූ රැස්වීමකට පසුව අමාත්‍ය සුනිල් සෙනෙවි මහතා ප්‍රකාශයක් කරමින් අටමස්ථානය තුළ රාමා කෝවිල් ඉදිනොකරන බව සහ රුවන්වැලි සෑය වටා වැටක් නොගසන බව ප්‍රකාශයක් කර තිබිණි.

භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි

පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් භික්ෂූන් වහන්සේලා විසින් පැවැත්වූ පාගමන රාජ්‍ය විරෝධී පාගමනක් ලෙස විවිධ අය අර්ථකථනය කරන බවත්, විශේෂයෙන්ම ආණ්ඩුවේ පාර්ශ්වයෙන් මෙම චෝදනාව නගන බවත්, එහෙත් එකඳු සටන් පාඨයක් හෝ භික්ෂූන් වහන්සේලා මෙම පා ගමනේ දී නොපවසා ඉතා සාමකාමීව මෙම පාගමන පැවැත්වූ බවත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල අනුනායක හිමියෝ පවසති.

"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්‍රාත්වරයා රබර් මුද්‍රාවක් වෙලා": ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්‍රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කර ගැනීමේ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග කිරීම ඊයේ (20) පෙරවරුවේ ආරම්භ විය.

අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්

අනුරාධපුර පූජා නගරය තුළ පිහිටි ඓතිහාසික බුලන්කුලම වැව හෙවත් "ජයවාපි" වැව ආශ්‍රිත වැව් රක්ෂිතයෙන් අක්කර 200කට ආසන්න ප්‍රමාණයක් නිවාස ඉදිකිරීම සඳහා රාජ්‍ය නිලධාරීන්ට බෙදාදීමේ ක්‍රියාවලිය නින්දාසහගත වරදක් බව පෙන්වා දෙමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් කෘෂිකර්ම සහ වාරිමාර්ග අමාත්‍ය ලාල්කාන්ත මහතා වෙත විශේෂ ලිපියක් යොමුකර තිබේ.

ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)

ඉරානයේ දකුණුදිග චාබහාර් (Chabahar) වරාය, ඇෆ්ගනිස්ථාන දේශසීමාව ආසන්නයේ පිහිටි සහදාන් (Zahedan) නගරය සමඟ සම්බන්ධ කරන ප්‍රධාන දුම්රිය මාර්ගය ඉරානය විසින් සම්පූර්ණ කර තිබේ. ඉරාන වරායන්ට එරෙහි ඇමෙරිකානු අවහිර කිරීම් සහ බටහිර රටවලින් එල්ල වන ආර්ථික පීඩනය ඉහළ යමින් පවතින පසුබිමක මෙම සංවර්ධනය සිදුව ඇත.

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්‍රාන්තයකින් වරෙන්තුවක්

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීම සඳහා ෆ්ලොරිඩා ප්‍රාන්තයේ විනිසුරුවරයෙකු විසින් වරෙන්තුවක් නිකුත් කර ඇති බව එම ප්‍රාන්තයේ නීතිපතිවරයා ඊයේ(19) ප්‍රකාශ කළේය.

ඇමරිකානු ජනපති ට්‍රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර මෑතකදී සිදුවූ පැයකට අධික (විනාඩි 90ක) දුරකථන සංවාදය ලෝක දේශපාලනයේ සහ බලශක්ති වෙළඳපොළේ දැඩි කතාබහට ලක්ව තිබේ.

මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..

රාජ්‍ය නොවන සංවිධාන විසින් මෙහෙයවනු ලබන සහ ආණ්ඩුවට හිතවාදී මුදලට ගිජු යූටියුබ් කරුවන් අතලොස්සක් විසින් බුදුන් වහන්සේට සහ මහා සංඝරත්නයට එරෙහිව එල්ලකරනු ලබන වාචික ප්‍රහාර පිළිබඳව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් සිදුකළ පැමිණිල්ලක් විභාග කිරීම සඳහා අද (20) දින වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත.

මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..

ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ යළිත් වරක් පුපුරා යා හැකි යුද ගැටුමකදී, මැදපෙරදිග කලාපයේ තීරණාත්මක දත්ත මධ්‍යස්ථාන, සන්නිවේදන කේබල් පද්ධති මෙන්ම කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණික මධ්‍යස්ථාන දැඩි ප්‍රහාරක ඉලක්ක බවට පත් කරන බවට ඉරානය විසින් නිකුත් කර ඇති අනතුරු ඇඟවීම ජාත්‍යන්තර ප්‍රජාව දැඩි කම්පනයට පත් කර තිබේ.

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්‍රවීන මාධ්‍යවේදී ධර්මශ්‍රී ගෙන් අනාවරණයක්..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට යළි ජනාධිපති සමාවක් ලබා දීමේ හැකියාව සහ ඊට අදාළව රට තුළ මතුවී තිබෙන නීතිමය, දේශපාලනික හා සමාජීය තත්ත්වයන් මේ වන විට දැඩි කතාබහකට ලක්ව තිබේ.

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් මේ රටේ රාජ්‍යත්වයට පත් නොවිය යුතු බව යැයි මෙරට පුරාතන සෙල්ලිපිවල පවා පැහැදිලිව දක්වා ඇති බව අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද නාහිමියෝ පවසති.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.