ත්‍රස්තවාදීන් සැමරීම...
දෙවනි ලෝක යුද්ධෙ ඉවර උනාම හිට්ලර්ගේ ඥාති පුත්තුන්ට ලමයෙක්වත් හදන්න දීල නෑ, හේතුව හිට්ලර්ගේ Blood line එක කපන්න. එච්චර අන්තයකට ගිහින් තියෙනව උන්, එහෙමයි ත්‍රස්ථවාදීන්ට බටහිර උන් සලකන්නෙ.
දෙවනි ලෝක යුද්දේ ඉවර වෙලා අවුරුදු 80 ක් වෙනවා, අවුරුදු 80ක් ගිහිල්ලත් රුසියාව මැයි 8 V-Day පැරඩ් එක තියනව. ජර්මන්කාරයොන්ට පව්, දුක හිතෙයි කියල නොතිය ඉන්නවද? . V-Day එකේ තියෙනව Immortal Regiment March කියල එකක්. දෙවනි ලෝක යුද්දෙට සහභාගි උන අයගේ පින්තූරු ඔසවන් යන පැරඩ් එකක්, මේ අවුරුද්දේ සහභාගීත්වය 800,000ක්. සාමාන්‍යයෙන් ඕකෙ මුලින්ම යන්නේ ව්ලැඩමීර් පුටින් එයාගේ තාත්තගේ පින්තූරේ උස්සන්. කොහොමද ගැම්ම? මේකේ ඉන්න එකාලට අවුරුදු 16කට කලින් ඉවර වෙච්චි යුද්දෙ මතකත් නෑ.
ත්‍රස්ථවාදය සහමුලින් යුධමය වශයෙන් පරාද කරපු එකම හමුදාවට මෙහෙමද සලකන්නේ? ලෝකේ හතර වෙනියට ලොකුම හමුදාව ඉන්දියාවට බැරි උනා, ලෝකේ බලගතුම හමුදාව ඇමරිකාව තාම ඇෆ්ඝනිස්ථානෙන් තලීබාන් උන්ගෙන් කනවා, ISIS උන්ගෙන් කනවා, ඇෆ්ඝනිස්ථානය, ඉරාකය, ලිබියාව කෝ ඔය ලොකු ලොකු හමුදා ගිහින් සාමයක් අරන් දීලා තීද? ඒවා යන්නෙත් එක ආමි එකක් විදියට නෙවෙයි ඇමරිකන්, ප්‍රංශ, කැනඩා, ඕස්ට්‍රේලියා, මහා බ්‍රිතාන්‍ය කියල ගැන්සි පිටින්. කෝ ඉරාකේ ලිබියාවේ මිනිස්සු තාම නිදහසේ පාරේ බැහැල යනවද ලොකු ආමි වලින් ඇවිල්ල යුද්ධ ඉවර කරලත්? ඒත් අපේ සොල්දාදුවෝ තියෙන අවම සම්පත් වලින් උපරිමේටත් එහා ප්‍රයෝජන අරගෙන ලබා දීපු දේ අගය කරන්න තරම් කොන්දක් අපිට නෑ
රුසියාවේ Victory day, ඇමරිකාවේ Veterans Day, ප්‍රංශේ Armistice Day, එහෙමයි රටක ආරක්ෂක බලකා වල සේවයට බටහිර උන් සලකන්නෙ.
"අපි ලේ නෑයෝ, ඔක්කොම මිනිස්සු, යුද්දෙට කිසි දිනීමක් නෑ අපි ඔක්කොම පැරදි,එයාලගේ අම්මලත් පව්, ඒ අම්මලගෙත් කඳුළු කඳුළු තමයි. ඔක්කොම මැරිච්ච මිනිස්සු සිහි කරන්න ඕන" කියල කියන් එන්න ඉන්න එකාලට කියන්නේ, ඇමරිකාවේ යුධ විරුවන් සිහිකර්න Memorial day එනවා ලබන 29 සඳුදා. පුලුවන්නම් හොයන් එනෝ ඔසාමා බින් ලාඩන් සිහිකරල එදාට පහනක්/ඉටිපන්දමක් උස්සන් ඉන්න එකෙක්ගේ ෆොටෝ එකක්. ඌත් යුද්ධෙ නිසා මැරිච්ච මිනිහෙක්නේ.
මැරිච්ච අල්කයිඩා උන්, ISISකාරයෝ උන් සමරනවා අහල තීද? දැකල තීද? උන්ටත් අම්මල අප්පල ඉන්නව තමා. උන්ට අම්මල අප්පල ගැන සිහියක් ආදරයක් තීනම් ත්‍රස්ථවාදී වැඩ කොරන්න යාවියැ? දැන් කිඹුල් කඳුළු හෙලනෝ වෙඩි කාල මලාට පස්සේ.
(මුහුණු පොතෙන් උපුටා ගන්නා ලදී)
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්