ෆොන්සේකා පාවිච්චි කිරීම..
2010 ජනාධිපතිවරණය එවකට විපක්ෂයට මුහුණ දෙන්න අපහසුම වූ මැතිවරණවලින් එකක්.
30 වසරක ත්‍රස්තවාදී ම්ලේච්ච යුද්ධය අවසන් කරලා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඒ වනවිට දේශපාලන ජනප්‍රියත්වයේ හිනි පෙත්තේ හිටියේ.
ලබන්නට නියමිත නියත පරාජය හමුවේ විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මැතිවරණය මග හරින්න විදියක් සොයමින් හිටියෙ.
කොහොමත්ම ජනාධිපතිවරණය තමන්ට මුහුණ දෙන්න අමාරුම මැතිවරණය වන ජනතා විමුක්ති පෙරමුණ හිටියේ ඊටත් වඩා අර්බුධයක...
2005 කොටි ත්‍රස්තවාදය පරාජය කළ යුතුය,පරාජය කළ හැකිය කියන මතය සමාජගත කරමින් ජන මනස් වල ඉහලින් හිටපු ජවිපෙ 2008-2009 වෙනකොට යුද්ධයේ කකුලෙන් ඇදලා එය පරාජය වේයැයි ප්‍රාර්ථනා කරමින් ඉන්න තැනට දේශපාලනිකව විතැන් වෙලා හිටියේ..
යුද්ධයේ අවසාන මොහොතේ විපක්ෂය සමග එකතු වෙලා අයවැය පරාජය කරලා ආණ්ඩුව වට්ටලා , රට පුරා වැඩ වර්ජන රැල්ලක් ක්‍රියාත්මක කරලා ආණ්ඩුව බිද වට්ටන්නත් දරපු උත්සාහය වියර්ථ වුනේ නැත්නම් බොහෝ දුරට අද යුධ ජයග්‍රහණයක් සමරන්න නොලැබෙන්න තිබුනා.ඒ වෙනුවට තවමත් සිය දහස් ගණනින් මරා ගන්න යුද්ධයෙන් රටම ගිනිගනිමින් තියෙන්න ඉඩ තිබුනා..
2010 වෙද්දි එජාපය කොයි තරම් එපා වෙලා හිටියද,ජවිපෙ ඊට සමානව ඔවුන්ට යන්තම් හරි චන්දයක් තිබූ ප්‍රදේශවලින් ප්‍රතික්ෂේප වෙමින් තිබුනෙ.
ඒ අසීරු මොහොත පන්නගන්න ඔවුන්ට අපූරු පිලිතුරක් කවුරුන් හෝ හොයල දීලා තිබුනා.
ඒ යුද්ධයේ යුධහමුදාව මෙහෙයවපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා.
ඔහු ඒ වෙද්දි සේනාධිනායකයගෙන් බිදවලා ඒ කටයුත්තට ඒ වෙද්දිම සූදානම් කරල තිබුනෙ.
ජනතා විමුක්ති පෙරමුණ ෆොන්සේකාගේ හමුදා ඇදුමට මුවා වෙලා ඒ අසීරු දේශපාලන මොහොත පන්නගත්තා.
ෆොන්සේකා මහතා චන්ද ලක්ෂ 20කින් පරාජය වුනා...පරාජයෙන් ටික කලකට පසුව ජවිපෙ ලාල් කන්ත වැනි අය තහවුරු කළා ෆොන්සේකා දානකොටම ඔහු පරාජය වෙන බව ඔවුන් දැන සිටියා කියලා...
ඒ අතීත කතාව...
මේ වර්තමාන කතාව.
රණවිරු විජයග්‍රහණ සැමරුම ජවිපෙ 2009 ඉදලම නොයෙක් නොයෙක් හේතු දක්වමින් මග හරිමින් ආවේ.
මෙවරත් ජනාධිපතිවරයා රණවිරු විජයග්‍රහණ සැමරුම ට සහභාගී නොවන බව ප්‍රසිද්ධියේ කියලා දැන් නැවත සහභාගී වන බව කියනවා.
ඒ ඒ ගැන සමාජ මාධ්‍යවලින් පටන් ගත්ත පසුව හැම තැනටම විහිදිලා ගිය දැඩි විරෝධයක් එල්ල වුනාට පස්සෙ..ඔවුනට චන්දය දුන් කොටස් පවා එයට විරෝධය පළ කළා. යුධ ජයග්‍රහණයෙන් දේශපාලනිකව අවතැන් වුනු (ජවිපෙ වචනවලින්ම කිව්වොත් ) ද්‍රෝහී රාජ්‍ය නොවන කල්ලි වල මතයට අනුව මෙහෙයවෙන කොටස් පමණක් එය ජයග්‍රහණ සැමරුමේ තීව්‍රතාවය අඩු කරන ඉදිරිගාමී පියවරක් විදියට අගය කරමින් සිටියා..
කෙසේ හෝ අද ජනාධිපතිවරයා විජයග්‍රහණ සැමරුමට සහභාගී වෙනවා.ඒ සරත් ෆොන්සේකා ඉදිරියෙන් තබාගෙන බව ඔහු අද මාධ්‍ය වෙත දක්වපු අදහස්වලින් පේනවා. අද බොහෝ විට ජනාධිපතිවරයාගේ කතාව සරත් ෆොන්සේකා
වටා කැරකෙන්න ඉඩ තිබෙනවා..
මේ 2010 ජනධිපතිවරණයේදී කළ දේම නැවත සිදු වීමක් නෙවෙයි ද??
- යටියන ප්‍රදීප් කුමාර
(මුහුණු පොතෙන් උපුටා ගන්නා ලදී.)
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..
නව ත්රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්
පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..
ශ්රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..
ප්රංශය ඇතුළු යුරෝපා රටවල උග්රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්රවංශගෙන් අනාවරණයක්..
බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්යය මගින් විනාශකාරී මහා සත්යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා
භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි
"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්රාත්වරයා රබර් මුද්රාවක් වෙලා": ත්රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා
අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්
ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)
කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්රාන්තයකින් වරෙන්තුවක්
ඇමරිකානු ජනපති ට්රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..
මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..
මුහුද යට කේබල් සහ AI මධ්යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..
ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්රවීන මාධ්‍යවේදී ධර්මශ්රී ගෙන් අනාවරණයක්..
බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්රකාශයක්..