
බොරු ගොතා කඩුවෙල මහේස්ත්‍රාත්වරිගේ චරිතය ඝාතනය කිරීම...
කඩුවෙල මහේස්ත්‍රාත්වරිය සම්බන්ධ කතාව මුළුමනින්ම ගොතන ලද්දක් බව තතු දත් අය පවසනවා.
ඇය නිල මැදිරියේ වැඩබලන මහෙස්ත්‍රාත් වරයෙක් සමග ලිංගිකව හැසිරුණා කියන්නේ කැලෑ පත්තර ගැසීමට ප්‍රසිද්ධියක් උසුලන ලංකා ඊ නිවුස් වෙබ් අඩවිය. එහෙම සම්බන්ධයක් තිබුණත් ඒ වැඩේ කරන්න සෙනග එන යන තව සේවකයන් ඉන්න මහේස්ත්‍රාත් නිල මැදිරිය තෝරා ගන්නේ නැහැ. ඒවාට පෞද්ගලික තැනකට යනවා මිසක්. නඩු කාරයෝ කියන්නේ ඕකට විතරක් මොළේ නැතිව වැඩ කරන අය නෙමෙයි. මෙතැන ජනතාව නොමග යවන්න ගහපු තුරුම්බුව තමයි සේවකයෙක් වීඩියෝ කරලා කියන එක. ඒකත් අමු බොරුවක්. වීඩියෝ කරන්න දොර ජනෙල් ඇරගෙන ඔය වැඩේ කරන්නේ නැහැ. මෙය අසත්‍ය මුසු ගොතන ලද කතාවක් බව හරි පැහැදිලියි.
නමුත් මේ රටේ හරකුන්ට ඕන බොරුවක් කරතියාගෙන දුවන්න ඇති රාජපක්ෂ කෙනෙක් ගාවල තියෙන එක. ඊ නිවුස් මඩ පත්තරකාරයා එම ලිපියේ ඊට අවශ්‍ය නිලය හරියටම අල්ලලා තියෙනවා. ඒ තමයි යෝෂිත රාජපක්ෂට අදාළ නඩු දෙකක් මුලින් ඇහුවේ මේ කඩුවෙල උසාවියේ කියන එක. එහෙම නම් ඉතිං මහේස්ත්‍රාත්වරිය ලිංගිකව හැසිරුණා කියන එකත් මුන්ට බොරු වෙන්න බෑ.
සාමාන්‍යයෙන් මෙවැනි චෝදනාවක් ආවම අධිකරණ සේවා කොමිසම කරන්නේ මහේස්ත්‍රාත්වරියගේ වැඩ තාවකාලිකව අත්හිටවලා පරීක්ෂණයක් පවත්වන එක. දැන් ඒක වෙනවා. මේ බොරුව වැඩිකල් නොයා මහේස්ත්‍රාත්වරිය නිදොස් කොට නිදහස් වෙන බව පැහැදිලියි. හැබැයි මේ රටේ අවිචාර මිනිසුන් නිසා ඇගේ විනාස වූ චරිතයට සාධාරණයක් ඉටු වෙන එකක් නෑ. දැන් ඒ හානිය වෙලා ඉවරයි.
- රත්තනදෙණියේ මේධානන්ද හිමි -
(මුහුණු පොතෙන් උපුටා ගන්නා ලදී)
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ගාසා තීරය, ඉරානය හරහා ඉන්දියානු සාගරය වෙත එළඹෙන නව ලෝක යුධ වාතාවරණය ගැන ජාත්‍යන්තර භූගෝලීය විශ්ලේෂිකා ජිහාන් හමීඩ්ගෙන් අනතුරු ඇඟවීමක්..
ඊශ්‍රායලය සහ ඉරානය අතර පෙර නොවූ විරූ ගැටුම: මෙතෙක් අප දන්නා දේ
ඉරානයෙන් ඊශ්‍රායලයට දැවැන්ත බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්..
‘සීනි බද්ද රුපියල් 50 සිට ශත 25ක් තෙක් අඩු කිරීමේදී අපරාධමය වරදක් සිදුව නෑ’ - නීතිපති අධිකරණයට දන්වයි
රුසියානු ජාතික දිනය නිමිත්තෙන් ශ්‍රී ලංකාවේ රුසියානු තානාපතිතුමාගේ ප්‍රධානත්වයෙන් සැමරුම් උත්සවයක්..
ඊශ්‍රායල ප්‍රහාරයට 'දැඩි දඬුවම්' ලබා දෙනවා- ඉරානය සපථ කරයි.
විදුලි ගාස්තු වැඩිකිරීමට IMF කළ බලපෑම මෙන්න..
දරුවන් 60 ලක්ෂයක් වෙනුවෙන් කතාකළ කාන්තා පරපුර සංවිධානයට ජ්‍යෙෂ්ඨ නිතිඥ කල්‍යානන්ද තිරාණගම මහතාගෙන් මල් මිටක්..
ඊශ්‍රායල ගුවන් හමුදාව ඉරානයට "පූර්ව අනතුරු අඟවන" ප්‍රහාරයක් එල්ල කළා- ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල් කැට්ස්
දරුවන්ගේ ආරක්ෂාව අනතුරේ හෙළා, සමරිසි අයිතීන් සුරකින නීති සංශෝධන එපා.. - ලක්මව දියණියෝ කියති..
ගෝඨාභයගෙන් බදුසහන ගත්තු අයම තමයි, ඔහු එලවන්න ගාලුමුවදොර බුරියානි බෙදුවේ.. - මහාපරිමාණ ජාවාරම්කාරයන් සහ ඩයස්පෝරාවේ සූක්ෂම මෙහෙයුම ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් අනාවරණයක්..
උතුරේ සිංහල ජනයාගේ හිමිකම් සහ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමේ විද්වත් කථිකාව ජූලි 01 දා සවස 2 ට කොළඹ පුස්තකාල සේවා මණ්ඩල, ප්‍රලේඛන ශ්‍රවනාගාරයේ දී..
60 ලක්ෂයක දරුවන් අනාරක්ෂිත කරමින්, අධිකරණ ඇමැතිවරයාට බලපෑම් කර දණ්ඩනීති සංග්‍රහයේ 365, 365 (අ) වගන්ති සංශෝධනය කිරීමට මානව හිමිකම් කොමිසම දරණ උත්සාහයට කාන්තා පරපුර සංවිධානයේ විරෝධය..
දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනය කිරීම මගින් ළමා අපචාර සහ සමලිංගික ක්‍රියා ප්‍රචලිත කිරීම: ප්‍රවෘත්ති සාකච්ඡාව පිළිබඳව
දින කිහිපයක් තිස්සේ ගැටුම් හේතුවෙන් ලොස් ඇන්ජලීස් නගරයට ඇඳිරි නීතිය පනවයි
විදුලි ගාස්තුව සියයට 15කින් ඉහළට..
