News Category
From Date
To Date
Maximum Number of Result

ජවිපෙ උපත අක්මීමනදී සිදු වී අදට වසර 60යි - ජවිපෙ සමාරම්භකයින් දහ දෙනාගෙන් 06ක් හමුවූ පුවත්පත් කලාවේදියෙකු කියන කතාව

May 14, 2025 at 05:39 PM
|

ජවිපෙ උපත සිදු වූයේ හරියටම මෙයට වසර 60කට පෙර අද වැනි දිනෙක 1965 වසරේ මැයි 14 වැනිදාය. අක්මීමන ඩබ්ලිව්. ටී. කරුණාරත්නගේ නිවෙසේ දෙදිනක් පැවැති එම සමාරම්භක සාකච්ඡාවට සාකච්ඡාවට 12 දෙනකු එක්ව සිටියද දෙදෙනෙක් එම මොහොතේම විනය හේතූන් මත කණ්ඩායමෙන්  ඉවත් කළ බැවින් ජවිපෙ ආරම්භ කළ සමාරම්භක සාමාජිකයින් ලෙස සැලකෙන්නේ ඉතිරි  දහදෙනාය. මේ අනුව ජවිපෙ සමාරම්භකයන් 10 නම් රෝහණ විජේවීර, සනත් බොරුළුකැටිය, ඩබ්ලිව්. ටී. කරුණාරත්න, මාබෝලේ මිල්ටන්, සතොස තලගලගේ වෝල්ටර්, ජයරත්න පෙරේරා හෙවත් දෙල්ගොඩ රාජා, හේරත් මුදියන්සේලාගේ තිලකරත්න හෙවත් නේවි තිලක්, ඩබ්ලිව්. ටී. අමරතුංග, තිස්සමහරාමයේ සිරිපාල අබේගුණවර්ධන සහ රුවන්වැල්ලෙ විල්සන් දැදිගමය.

සමාරම්භක සාකච්ඡාවට එක් වූ 12 දෙනාගෙන් 07 දෙනකු ලියුම්කරු ඉකුත්  දශක තුන ඇතුළත ඔවුන්ගේ නිවෙස් වලට ගොස් පෞද්ගලිකව හමුවී සාකච්ඡා කර ඇත. දැනට 2025 ජීවත්ව ඇත්තේ සමාරම්භකයන් 10 දෙනාගෙන් තිදෙනකු පමණි. ජවිපෙ සමාරම්භක සාකච්ඡාවට එක් වූ 12 දෙනාගෙන්  එවකට ජීවතුන් අතර නොසිටි මුණගැසීමට නොහැකිවූ සෙසු 06 දෙනාගේ ඔවුන්ගේ නිවෙස් වලට ගොස් පවුල්වල බොහොමයක් දෙනාද ලේඛකයාට හමු විය. ඒ අනුව ජවිපෙ ආරම්භ කළ අතීත සමාරම්භක සාකච්ඡාව /කතාව  දීර්ඝ ලෙස ඔවුන්  ආවර්ජනය කල අතර එම කරුණු මත මෙම ලිපිය සැකසිණි. (ඔවුන්ගේ නිවෙස් වලටම ගොස් අදාල ඡායාරූප මෙහි අමුණා ඇත)

සමාරම්භක සාකච්ඡාවට එක් වූ 12 දෙනා නම් මාතර, කෝට්ටේගොඩ උපන් පටබැඳිගේ දොන් නන්දසිරි විජේවීර හෙවත් රෝහණ විජේවීර, ගාල්ල - අඟුළුගහ, ගෝනපිනුවල විතානගේ විජයසේන හෙවත් සනත් බොරුළුකැටිය, හැඳල උපන් වැලිතන්ත්‍රිගේ කරුණාරත්න හෙවත් ඩබ්ලිව්. ටී. කරුණාරත්න, වත්තල මාබෝලේ උපන් එච්. ඩී. මිල්ටන් ප්‍රනාන්දු හෙවත් මාබෝලේ මිල්ටන්, තිස්සමහරාමයේ සිරිපාල අබේගුණවර්ධන, දෙල්ගොඩ උපන් රාජපක්ෂ පතිරත්නලාගේ ජයරත්න පෙරේරා හෙවත් දෙල්ගොඩ රාජා, පන්නිපිටිය පොල්වත්තෙ උපන් තලගලගේ දොන් වෝල්ටර් හෙවත් සතොස වෝල්ටර් විජේසිරි, අක්මීමන උපන් ඩබ්ලිව්. ටී. අමරතුංග, රුවන්වැල්ලෙ උපන් විල්සන් දැදිගම, නාවික හමුදාවේ හේරත් මුදියන්සේලාගේ තිලකරත්න හෙවත් නේවි තිලක්, රත්නපුරේ උපන් තෙල්ගේ බියුටි චන්ද්‍රා ප්‍රනාන්දු හෙවත් රණසිංහආරච්චිගේ චන්ද්‍රා රණසිංහ හෙවත් තෙවරාතන්ත්‍රිගේ බියුටි චන්ද්‍රා  ප්‍රනාන්දු හෙවත් ටී. බී. සී ප්‍රනාන්දු සහ කොළඹ සරසවියේ දෙවුන්දර මුතුමාලය. 

අවසන් වශයෙන් නම් සඳහන් ටී. බී. සී ප්‍රනාන්දු සහ කොළඹ සරසවියේ දෙවුන්දර මුතුමාල,  පළමු සාකච්ඡාව නිමා වූ විගසම විජේවීර විසින් කණ්ඩායමෙන් විනය හේතුන් මත නෙරපා හරින ලදී. ඒ 12 දෙනාගෙන් පස්දෙනෙක් කෞරව කුලයටත්, පස්දෙනෙක් ගොවිගම කුලයටත්, අනෙක් දෙදෙනාගෙන් එක් අයකු බැගින් දේව සහ බත්ගම කුලයටත් අයත් බව පසුකාලීනව හෙළි විය. 

ඒ අනුව  ජවිපෙ සමාරම්භකයන් 10 වන්නේ රෝහණ විජේවීර, සනත් බොරුළුකැටිය, ඩබ්ලිව්. ටී. කරුණාරත්න, මාබෝලේ මිල්ටන්, සතොස තලගලගේ වෝල්ටර්, ජයරත්න පෙරේරා හෙවත් දෙල්ගොඩ රාජා, හේරත් මුදියන්සේලාගේ තිලකරත්න හෙවත් නේවි තිලක්, ඩබ්ලිව්. ටී. අමරතුංග, තිස්සමහරාමයේ සිරිපාල අබේගුණවර්ධන සහ රුවන්වැල්ලෙ විල්සන් දැදිගමය. 

විනය හේතුන් මත කණ්ඩායමෙන් නෙරපා හරින ලද  සමාරම්භක   සාකච්ඡාවට සහභාගි වූ දෙදෙනා වූයේ ටී. බී. සී ප්‍රනාන්දු සහ කොළඹ සරසවියේ දෙවුන්දර මුතුමාලය.

මේ සාකච්ඡාවට ප්‍රථමයෙන් සාකච්ඡා වට ගණනාවක් විවිධ තරාතිරමේ පුද්ගලයන් රැසක් සමඟ විජේවීර කොළඹ සහ අම්බලන්ගොඩ පවත්වා තිබිණි. අම්බලන්ගොඩ බොහෝ සාකච්ඡා පැවැතියේ කළුවඩුමුල්ල පන්සලේය. එවකට එහි විහාරාධිපති පටබැඳිමුල්ලෙ බුද්ධ ශ්‍රී නාහිමියන්ය. වාමාංශික සහ බෞද්ධ ප්‍රබෝධයේ උන්වහන්සේ පුරෝගාමියෙකි. පන්සලේ ආවතේවකරුවන් වූ ඩේවිඩ් සහ පාවුල් විසින් විජේවීරලාගේ මේ සාකච්ඡා පැවැත්වෙන අවස්ථාවන්හිදී බොහෝ සහාය දුන් දෙදෙනෙකි. ඒ සාකච්ඡාවන්ට ඉඩම් සංවර්ධන දෙපාර්තමේන්තුවේ කම්කරු සමිති උප සභාපති කඹුරුගමුව කොටුවෙල උපන් ලුණුමෝදරගේ දිනෝරිස් හෙවත් සිරිල් දිසානායක ද ඉඩම් සංවර්ධන දෙපාර්තමේන්තුවේ කාර්යාල කාර්යාධිකාරි සංගමයේ ලේකම් අම්බලන්ගොඩ උපන් ගුස්තිඤ්ඤ වඩු පියසිරි ගුණරත්න හෙවත් සරත් ගුණදාසද, අඟුළුගහ උපන් දොඩන්දූව, වළමුල්ල ගමේ ජීවත්වූ ගුරුවරයෙකු වූ ගෝනපිනුවල විතානගේ විජයසේන හෙවත් සනත් බොරළුකැටිය ඇතුළු කිහිපදෙනෙක් එක්ව සිටියහ.

වසර 1965 මැයි 13 වැනිදා යූනියන් පෙදෙසේ, සයිවර් කඩයකින් තෝසේ සහ වඩේ සමඟ රාත්‍රී ආහාරය ගෙන ඔවුහු මරදාන දුම්රියපළට ගොස් වෙන වෙනම ප්‍රවේශ පත්‍ර මිලදී ගත්හ. රාත්‍රී තැපැල් දුම්රියෙන් ගාල්ලට පැමිණීමෙන් පසු අලුයම තෙක් එම කණ්ඩායම ගාල්ල, සමනල පාලම අසල රැගෙන ආ ගමන්මලු හිසට තබාගෙන පැය තුනක පමණ නින්දකට වැටිණි. එදින වෙසක් පොහොය බැවින් වන්දනාවේ යන නඩයක් සේ පිටතට පෙනිය යුතු යැයි විජේවීර මුලදීම පිරිසට උපදෙස් දී තිබිණි.

අලුයම හිරු උදාවෙත්ම මහ මෝදර රෝහලට ගොස් එහි නේවාසික හෙදියක ලෙස සේවය කරන තම පාසල් මිතුරියක් වූ තමරා හෙදිය හමුවිය යුතු යැයි කියා සිටි විජේවීර, විෂබීජනාශක දියරයක් සහ පුළුන් ප්‍රමාණයක් ඇයගෙන් ලබාගත යුතු බව කියා සිටියේය. එහෙත් ඇය එදින සේවා මුරය අවසන් කර ගොස් ඇති බැවින් විෂබීජ නාශක ලබාගැනීමට හැකි වූයේ ගාල්ලෙ ෆාමසියකිනි.

ඉන්පසු ඔවුන් ගාල්ලෙන් තේ බී අක්මීමන, ඉහළගොඩ, කුරුඳුවත්තෙ කරුණාරත්නගේ නිවෙසට යෑම සඳහා උදෑසන අටට පමණ තල්ගම්පළ බලා යන බස් රථයට ගොඩ විය. දෙහිදූව හන්දියෙන් නිවෙසට යන විට පෙරවරු නවය පමණ විය. නිවෙසට ගිය ඔවුන් පිළිගනු ලැබුවේ කරූගේ දෙමාපියන්ය. උදෑසන ආහාරයට ලුණු මිරිස් සමඟ කිරිබත් ද පොල් පැණි යොදා සාදන ලද ඉඹුල් කිරිබත් ද නිවෙසේ සූදානම් කර තිබිණි. නිවෙසේ හිමිකරු කරූගේ පියා වූ වැදිතන්ත්‍රිගේ තේමිස් අප්පුහාමි 1899 උපන් අතර ඒ වන විට 66 හැවිරිදි වියේ පසු විය. කලක් රාජකීය හමුදාවේ සිවිල් අංශයේ සේවය කළ ඔහු පසුව අබේගුණසේකර හෙවත් පැටි මහත්තයාගේ බස්රථ සමාගමේ රියැදුරෙකු වශයෙන්ද කටයුතු කළ අයෙකි. පසුව ඉන් ඉවත්ව ගොවිතැන ප්‍රධාන වෘත්තිය කරගෙන ජීවත් විය. ඔහුගේ බිරිඳ වත්තල හැඳල උපන් ආදාහෙට්ටිගේ ඉන්ද්‍රාවතී පෙරේරා වූ අතර එම දෙපළට දරුවන් දහදෙනෙකි. ඉන් හතක් පිරිමි දරුවන් වූ අතර තුනක් ගැහැනු දරුවන්ය. පසු කලෙක ජවිපෙ මුල් පෙළේ නායකයෙක් වූ ඩබ්ලිව්. ටී. කරුණාරත්න එම දෙපළගේ සිවුවැනි දරුවා විය.

ජවිපෙ ආරම්භක සාකච්ඡාව 1965 වසරේ මැයි 14 වැනිදා උදෑසන ආහාරයෙන් පසු ආරම්භ වූ අතර කරූගේ නිවෙසේ සාලයේ පැදුරු එළාගෙන සාකච්ඡාව පැවැතිණි. එකල දේශපාලන තත්ත්වය ගැනත්, වාමාංශික ව්‍යාපාරය ගැනත් බොහෝ කරුණු රෝහණ විජේවීර විසින් සහභාගිවන්නන්ට පහදා දෙන ලදී. චීන සහ කියුබන් විප්ලව ගැනද එහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ අතර; ශ්‍රී ලංකාව සඳහා මාක්ස් ලෙනින්වාදී විප්ලවීය සංවිධානයක් ගොඩනැඟීමට එහිදී තීරණය විය. 

විප්ලවීය සංවිධානයේ සාමාජික චර්යාධර්ම වශයෙන් දුම්පානය සහ මත්පැන් පානය මනස විකෘති කරන අතර; අනවශ්‍ය වියදමක්ද දරන්නට සිදුවන බව විජේවීර කියා සිටියේය. එමෙන්ම ප්‍රේම සබඳතා මඟින් විප්ලවීය ජීව ගුණය බොඳවී අනවශ්‍ය කාලයක්ද වැයවී විප්ලවවාදී පක්ෂයේ රහස් සතුරා අතට පත්විය හැකි බව අවධාරණය කළ අතර එවැනි දෙයින් බැහැරවිය යුතු බව විජේවීර කියා සිටියේය. 

මෙහිදී මරදාන, පන්සල පාරේ නේවාසිකව සිටි කොළඹ සරසවි සිසුවකු වූ දෙවුන්දර මුතුමාල ඒ ගැන ප්‍රශ්න කළ අතර; එම තීරණය දරදඬු බවද කියා සිටියේය. එම තීරණ පිළිගැනීමට තමාට නොහැකි හෙයින් ගෞරවාන්විතව ඉවත්ව යන බව මුතුමාල කියා සිටියේය. සෙසු අයගේ ඉල්ලීම මත දිවා ආහාරය තෙක් රැඳි සිටි ඔහු ප්‍රථම දිනයේදීම යෝජිත විප්ලවවාදී පක්ෂයෙන් ඉවත්ව ගියේය. ශන්මුගදාසන්ගේ ලංකා කොමියුනිස්ට් පක්ෂයේ පාණදුරේ කණ්ඩායමෙන් දේශපාලනයට ප්‍රවේශ වූ දෙවුන්දර මුතුමාලගේ පියා ගුරුවරයෙකි. දෙහිවල වෛද්‍ය පාරේ තරුණියක සමඟ එකල ඔහුගේ ප්‍රේම සබඳතාවක් විය. එමෙන්ම වැඩිම මිලක් වන සිගරැට්ටුවක් වන ‘ආඩත්‘ද ඔහු පානය කළේය. ශන්මුගදාසන්ගේ ලංකා කොමියුනිස්ට් පක්ෂයේ පාණදුරේ කණ්ඩායමෙන් එක්වූ තවත් අයකු වූයේ ටී. බී. සී. ප්‍රනාන්දුය. රත්නපුරේදී උපන් ඔහු පාණදුර, සුමංගල විදුහලේ ආදි සිසුවකු වූ අතර ඔහු එකල පුහුණු ගුරුවරයෙකි. පාණදුර කණ්ඩායමේ 15ක් පමණ ඉදිරිපෙළ ක්‍රියාකාරිකයන් ශන්මුගදාසන් සමඟ සිටි අතර ඔවුහු මාක්ස්වාදී දැනුම සහිත අය විය.

උදෑසන 10ට ආරම්භ වූ සාකච්ඡාව දිවා ආහාරයට මොහොතක් නතරකොට පසු දින අලුයම 4 තෙක් පැවැතිණි. පසු දින යළි උදෑසන නවයට සාකච්ඡාව ඇරැඹිණි. ශ්‍රී ලංකාවේ භූගෝලීය සිතියමක් මඟින් කරුණු පැහැදිලි කළ විජේවීර මේ යන ක්‍රමය යටතේ තරුණ පරපුරට අනාගතයක් නැති බව එහිදී අවධාරණය කළේය. සමනල කන්දෙන් පැන නඟින බොහෝ ජල මූලාශ්‍ර රට වටා ගොස් අවසානයේ මහමුහුදට ගලා බසින බව පෙන්වා දුන් විජේවීර කෘෂි ආර්ථිකයක් තුළ රට ගොඩනඟන හැටි අපූරුවට පැහැදිලි කළ බව ඊට එක් වූවෙක් පැවැසීය. වසර දහයකින් ශ්‍රී ලංකාවේ බලය නව විප්ලවීය සංවිධානයට ලබාගත හැකි බව රෝහණ විජේවීර සපථ කළ බව කියයි.

සාකච්ඡාව පස්වරු 12ට පමණ නිමාවට පත් වූයේ සහභාගිවූ සියලු දෙනා ලාංකේය විප්ලවය වෙනුවෙන් සිය සම්පූර්ණ ශක්තියම ජීවිත පරදුවට තබා කැප කරන බවත් මොනයම් හෝ අවස්ථාවකදීවත් කිසිවකු පාවා නොදෙන බවටත් වූ ප්‍රතිඥාව එක හඬින් කියවමිනි. පසුව අදාළ ලියවිල්ලකට සියලු දෙනාම සිය රුධිර බිඳකින් අස්සන් කළේය. ඒ සඳහා උපයෝගී කරගත්තෙ කරුණාරත්නගේ නිවසේ මිදුලේ තිබූ දෙහි ගසක කට්ටකින් සුළැඟිල්ල පසාරු කිරීමෙන් ආ රුධිරයයි. කරූගේ නිවෙසට එන විට ගාල්ලෙ ෆාමසියකින් විජේවීර මිලදී ගත් විෂබීජ නාශක දියරය පුලුන් කෑල්ලක පොඟවා සුළැඟිල්ල පිස දැම්මේය. එම ලිපිය පසු කලෙක සුරැකිව තබාගෙන සිටියේ බණ්ඩාරගම පදිංචි ආදායම් බදු දෙපාර්තමේන්තුවේ සේවය කළ වෙල්ගමය. එහි පිටපතක් තිළිණයක් ලෙස මවෙතද ලැබිණි.

දිවා ආහාරයෙන් පසු එහි සිටි තවත් අයකු අද්දර ගෙවත්තෙ හිමිකරු අල්විස්ගේ දියණිය පත්මලතාට සිය ලිපිනය කොළ කැබැල්ලක ලියා දුන් බව දුටු මාබෝලෙ මිල්ටන් සියලු දෙනාට ඇසෙන පරිදි කීවේ ඉදිරියේ එය විප්ලවයට එරෙහි වීමක් ලෙස හඳුන්වමිනි. ඒ සාකච්ඡාවෙන් පසු විප්ලවවාදී සංවිධානයෙන් ටී. බී. සී ප්‍රනාන්දුද ඉවත් කරන ලදී. ඒ අනුව  ජවිපෙ සමාරම්භකයන් 10 වන්නේ රෝහණ විජේවීර, සනත් බොරුළුකැටිය, ඩබ්ලිව්. ටී. කරුණාරත්න, මාබෝලේ මිල්ටන්, සතොස තලගලගේ වෝල්ටර්, ජයරත්න පෙරේරා හෙවත් දෙල්ගොඩ රාජා, හේරත් මුදියන්සේලාගේ තිලකරත්න හෙවත් නේවි තිලක්, ඩබ්ලිව්. ටී. අමරතුංග, තිස්සමහරාමයේ සිරිපාල අබේගුණවර්ධන සහ රුවන්වැල්ලෙ විල්සන් දැදිගමය.

සාකච්ඡාවට එක්වී සිටි බදුල්ලෙ උපන් හේරත් මුදියන්සේලාගේ තිලකරත්න හෙවත් නේවි තිලක් ඒ වන විට වැලිසර කඳවුරේ සේවය කළේය. ත්‍රිකුණාමල කඳවුරේ සේවය කරමින් සිටියදී ශන්මුගදාසන්ගේ දේශපාලන පන්තියකදී ඔහු විජේවීර දැනහඳුනාගෙන තිබිණි. වඩා උස නැති එහෙත් ප්‍රතාපවත් දේහයක් සහිත නේවි තිලක් දක්ෂ රගර් සහ වොලිබෝල් ක්‍රීඩකයෙකි. හේලිස්හි සේවය කළ කම්කරුවකු වූ රුවන්වැල්ලෙ විල්සන් දැදිගම ද වෘත්තිය සමිති ක්‍රියාකාරිකයකු වූ අතර ඔහු විජේවීරට එක්වූයේ ශන්මුගදාසන්ගේ සමිතිය හරහායි. 

වරාය තාක්ෂණික අංශයේ සේවය කළ රාජපක්ෂ පතිරණලාගේ ජයරත්න පෙරේරා හෙවත් දෙල්ගොඩ රාජා දෙල්ගොඩ, කඳුබොඩ පදිංචි අයෙකි. 1957 කොමියුනිස්ට් පක්ෂයේ වරාය එක්සත් සේවක සමිතියට එක්වූ ඔහු පසුව ශන්මුගදාසන්ගේ පක්ෂයට එක්වී ඉන් ඉවත්ව විජේවීරට සහාය දැක්වීය. කොළඹ, කොච්චිකඩේ කම්කරු සාකච්ඡාවකදී 1964 වසරේදී තමා විජේවීර දැනහඳුනාගත් බව රාජා ලියුම්කරුට කීවේය. රාජාට අයත් ඊඑන් 90130 සහ 1 ශ්‍රී 7765 යතුරුපැදි ජවිපෙ ආරම්භයේදී බොහෝ කටයුතුවලට යොදාගෙන තිබිණි. විජේවීරගේ සොහොයුරා වන ආනන්ද, ඔරුගොඩවත්තෙ කාර්මික විදුහලේ ඉගෙනුම් කටයුතු සඳහා යන සමයේ වසර එකහමාරක් පමණ නතර වී සිටියේ රාජාගේ නිවෙසේය. විජේවීර ද තෙමසක් පමණ වරෙක සිටියේ එම නිවෙසේය. හිත හොඳ අවංක පුද්ගලයකු ලෙස ප්‍රකට රාජා පසුකලෙක ජවිපෙන් ඉවත් වුවද අවසානය දක්වා විජේවීරට ළැදි පුද්ගලයකු ලෙස ඔහු සමඟ වූ සම්බන්ධය පවත්වාගෙන ගියේය.

මේ සාකච්ඡාවට සහභාගිවූ අයගෙන් විජේවීර ඉල්ලා සිටියේ පක්ෂයේ අරමුණු ප්‍රචලිත කිරීම සඳහා පූර්ණකාලීනව කැපවන ලෙසය. එහි ප්‍රතිඵලයක් ලෙස එවකට ශන්මුගදාසන්ගේ පක්ෂයට අයත් වරායේ සමාජවාදී එක්සත් කම්කරු සමිතියේ සහකාර පාලක ලේකම් ලෙස කටයුතු කළ අමරතුංග දියතලාව කහගොල්ල විවේකාශ්‍රමයේ සේවය කරමින් සිටියදී නව විප්ලවවාදී සංවිධානයේ සබඳතා ප්‍රවර්ධනයට දායක විය.

.

පන්නිපිටිය, පොල්වත්තෙ උපන් වෝල්ටර් තලගල සතොස මෝටර් රථ තාක්ෂණ ශිල්පියෙකි. ඔහුගේ පියා ද සතොසේ සේවය කළ චන්ද්‍රමාන වූ අතර මව ගුරුවරියකි. ශන්මුගදාසන්ගේ පක්ෂය හරහා විජේවීරට එක්වූ වෝල්ටර් 71 කැරැල්ලෙන් පසු ජවිපෙ සබඳතා අත්හැරියේය.

ජවිපෙ සමාරම්භක සාමාජිකයන් 10 දෙනාගෙන් 71 අප්‍රේල් කැරැල්ල වන විට විජේවීරට ඉතිරිව සිටියේ 7 දෙනෙක් පමණි. ඉන් දෙදෙනෙක් කැරැල්ලේදීම මිය ගිය අතර; ඔවුන් වන්නේ කඩවත පොලිසියට එල්ල කළ ප්‍රහාරයේදී මිය ගිය මාබෝලේ මිල්ටන් හා ගෝනපිනුවල සනත්ය. කැරැල්ල අරඹන විට සනත් ජවිපෙ දෙවැනි නායකයා විය.  2025 වන විට ජීවත්ව සිටින්නේ තිදෙනෙකි. (වසර 1986 සිට 1990 දක්වා පැවති 60,000ක් ඝාතනය වූ ජවිපෙ 2වැනි කැරළි සමය පිළිබඳව Dharman Wickremaretne ධර්මන් වික්‍රමරත්න විසින් රචිත 'ජවිපෙ 2වැනි කැරැල්ල' ග්‍රන්ථ 03 පිළිබඳ වැඩි විස්තර අවශ්‍ය වන්නේනම් 071 2733986 යන WhatsApp දුරකථනයෙන් විමසිය හැකිය).

- ධර්මන් වික‍්‍රමරත්න විසිනි











සම්බන්ධිත පුවත් | Related News

ගල්ගමුවේ ඉදන් ආපු Rmj බණ්ඩාර අයියා කාවන්තිස්ස ඇතු ගැන කියන කතාව..
යෝජිත, ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කරගැනීමේ පනත් කෙටුම්පතට (PSTA) විරුද්ධ වන්නේ කුමක් නිසා ද යන්න මහාචාර්ය ජයදේව උයන්ගොඩ මහතා කරුණු දක්වා තිබේ.
සරසවි ඇදුරන් 2000ක් පමණ බඳවා ගැනීමට අනුමැතිය ලබාදී ඇති බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරීය සිදුකරන ප්‍රකාශයක් සහ එම වේදිකාවේම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එම ප්‍රමණය 1515ක් බවට සිදුකරන ප්‍රකාශ ඇතුළත් වීඩියෝවක් සමාජ මාධ්‍යයේ සංසරණය වේ.
ලෝකය කොපමණ තාක්ෂණයෙන්, විද්‍යාවෙන් සහ නවීන විලාසිතා වලින් ඉදිරියට ගියත් පෘථිවියේ සමහර තැන්වල කාලය නතර වී තිබෙන්නේ, මීට වසර දහස් ගණනකට පෙර පැවති පද්ධතීන් ළඟය.
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා භික්ෂූන් වහන්සේලා පිරිසක් විසින් කොළඹ විහාරමහා දේවි උද්‍යානයේදී ආරම්භ කර ඇති සත්‍යග්‍රහයට පැමිණ පොලිස් නිලධාරීන් විසින් පිරිත් දැමීම නතර කරන ලෙස දන්වමින් සිදුකළ ක්‍රියාව සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය වීඩියෝ හරහා තොරතුරු අනාවරණය කර තිබේ.
"ඔවුන්ට කන්න පාන් නැත්නම්, කේක් කන්න කියන්න." ඔබ මේ සුප්‍රකට කියමන, මීට පෙර අසා ඇති! පාසල් ඉතිහාස පොත්වල, සමාජ මාධ්‍ය සටහන්වල එහෙමත් නැතහොත් දේශපාලන සංවාදවල ඕනෑම තැනක, 'තමන්ගේ ජනතාවගේ දුක නොහඳුනන අහංකාර, සැප ජීවිත ගත කළ නායකයින්..' ගැන කතා කරන විට මුලින්ම අපේ මතකයට එන චරිතය, ප්‍රංශයේ මාරි ඇන්ටොනෙට්!
ආගම දේශපාලනයෙන් විතැන් විය යුතු බව උගතුන් යැයි කියාගන්නා පුද්ගලයින් පවසන බවත්, එහෙත් ආගමික සංස්ථාවක් දේශපාලයෙන් තොර වූවක් නොවිය යුතු බවත්, උගතුන්ට ප්‍රශ්නයක් වී ඇත්තේ බෞද්ධ සංස්ථාව දේශපාලනීක වීම බවත් සමාජ මාධ්‍යයේ සංසරණය වන වීඩියෝවක් මගින් කරුණු දක්වයි.
ප්‍රභාකරන් මැරෙද්දි මට ඕන උනේ ඒක හරියට ලෝකෙටම පෙන්නන්න.. මම මේ ජීවිතේ හංගන් හිටපු කතාවක්. ප්‍රභාකරන්ට ගහපු 8 මෑන් ටීම් එක පස්සෙන් මමත් ගියා..
බල්ලෙක්ටත් කරන අපහසයක් ප්‍රභාකරන්ට බල්ලෙක් කියන එක..

ප්‍රධාන පුවත්

ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්‍රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..

ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඔබ්බෙන් ජාත්‍යන්තර මුහුදේ නැංගුරම්ලා ඇති ඉරාන තෙල් නැව් 19කට ආහාර, ජලය සහ ඉන්ධන සැපයීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති බව විදේශ අමාත්‍යාංශය පවසන බව THE TIMES OF INDIA වාර්තා කරයි.

නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 'ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කරගැනීමේ පනත් කෙටුම්පත (PSTA)' මගින් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ සහ අයිතිවාසිකම් අභියෝගයට ලක්වීමේ බරපතළ තර්ජනයක් පවතින බව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය පවසයි.

පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..

අධිකරණ නියෝග ක්‍රියාත්මක නොකිරීමෙන් පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කර ඇති බවට තීරණය කළ ගම්පහ මහේස්ත්‍රාත් බන්ධුල ගුණරත්න, ඒ සම්බන්ධයෙන් නඩු පැවරීම සඳහා අදාළ ගොනුව අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා වෙත යොමු කර තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පරිගණක පද්ධති වෙත සයිබර් ප්‍රහාරයක් එල්ල කළ හැකර්වරුන් විසින් ක්‍රිප්ටෝ මුදලින් ඇමෙරිකානු ඩොලර් 50,000ක කප්පම් මුදලක් ඉල්ලා සිටි බවත්, ජාතික ගුවන් සේවය තවදුරටත් මෙවැනි සයිබර් ප්‍රහාර හමුවේ අවදානම් තත්ත්වයක පවතින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර චෝදනා කරයි.

ප්‍රංශය ඇතුළු යුරෝපා රටවල උග්‍රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..

ප්‍රංශය ඇතුළු යුරෝපීය රටවල් කිහිපයක මේ වන විට දැඩි ආර්ථික හා සමාජීය අර්බුදයක් නිර්මාණය වී ඇති බවත්, එය මහා පරිමාණ ජනතා විරෝධතා සහ උද්ඝෝෂණ දක්වා වර්ධනය වී ඇති බවත් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්‍යය මගින් විනාශකාරී මහා සත්‍යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා

ත්‍රෛනිකායික ලේඛකාධිකාරී හිමිවරුන් සමග පැවැත් වූ රැස්වීමකට පසුව අමාත්‍ය සුනිල් සෙනෙවි මහතා ප්‍රකාශයක් කරමින් අටමස්ථානය තුළ රාමා කෝවිල් ඉදිනොකරන බව සහ රුවන්වැලි සෑය වටා වැටක් නොගසන බව ප්‍රකාශයක් කර තිබිණි.

භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි

පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් භික්ෂූන් වහන්සේලා විසින් පැවැත්වූ පාගමන රාජ්‍ය විරෝධී පාගමනක් ලෙස විවිධ අය අර්ථකථනය කරන බවත්, විශේෂයෙන්ම ආණ්ඩුවේ පාර්ශ්වයෙන් මෙම චෝදනාව නගන බවත්, එහෙත් එකඳු සටන් පාඨයක් හෝ භික්ෂූන් වහන්සේලා මෙම පා ගමනේ දී නොපවසා ඉතා සාමකාමීව මෙම පාගමන පැවැත්වූ බවත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල අනුනායක හිමියෝ පවසති.

"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්‍රාත්වරයා රබර් මුද්‍රාවක් වෙලා": ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්‍රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කර ගැනීමේ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග කිරීම ඊයේ (20) පෙරවරුවේ ආරම්භ විය.

අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්

අනුරාධපුර පූජා නගරය තුළ පිහිටි ඓතිහාසික බුලන්කුලම වැව හෙවත් "ජයවාපි" වැව ආශ්‍රිත වැව් රක්ෂිතයෙන් අක්කර 200කට ආසන්න ප්‍රමාණයක් නිවාස ඉදිකිරීම සඳහා රාජ්‍ය නිලධාරීන්ට බෙදාදීමේ ක්‍රියාවලිය නින්දාසහගත වරදක් බව පෙන්වා දෙමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් කෘෂිකර්ම සහ වාරිමාර්ග අමාත්‍ය ලාල්කාන්ත මහතා වෙත විශේෂ ලිපියක් යොමුකර තිබේ.

ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)

ඉරානයේ දකුණුදිග චාබහාර් (Chabahar) වරාය, ඇෆ්ගනිස්ථාන දේශසීමාව ආසන්නයේ පිහිටි සහදාන් (Zahedan) නගරය සමඟ සම්බන්ධ කරන ප්‍රධාන දුම්රිය මාර්ගය ඉරානය විසින් සම්පූර්ණ කර තිබේ. ඉරාන වරායන්ට එරෙහි ඇමෙරිකානු අවහිර කිරීම් සහ බටහිර රටවලින් එල්ල වන ආර්ථික පීඩනය ඉහළ යමින් පවතින පසුබිමක මෙම සංවර්ධනය සිදුව ඇත.

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්‍රාන්තයකින් වරෙන්තුවක්

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීම සඳහා ෆ්ලොරිඩා ප්‍රාන්තයේ විනිසුරුවරයෙකු විසින් වරෙන්තුවක් නිකුත් කර ඇති බව එම ප්‍රාන්තයේ නීතිපතිවරයා ඊයේ(19) ප්‍රකාශ කළේය.

ඇමරිකානු ජනපති ට්‍රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර මෑතකදී සිදුවූ පැයකට අධික (විනාඩි 90ක) දුරකථන සංවාදය ලෝක දේශපාලනයේ සහ බලශක්ති වෙළඳපොළේ දැඩි කතාබහට ලක්ව තිබේ.

මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..

රාජ්‍ය නොවන සංවිධාන විසින් මෙහෙයවනු ලබන සහ ආණ්ඩුවට හිතවාදී මුදලට ගිජු යූටියුබ් කරුවන් අතලොස්සක් විසින් බුදුන් වහන්සේට සහ මහා සංඝරත්නයට එරෙහිව එල්ලකරනු ලබන වාචික ප්‍රහාර පිළිබඳව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් සිදුකළ පැමිණිල්ලක් විභාග කිරීම සඳහා අද (20) දින වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත.

මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..

ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ යළිත් වරක් පුපුරා යා හැකි යුද ගැටුමකදී, මැදපෙරදිග කලාපයේ තීරණාත්මක දත්ත මධ්‍යස්ථාන, සන්නිවේදන කේබල් පද්ධති මෙන්ම කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණික මධ්‍යස්ථාන දැඩි ප්‍රහාරක ඉලක්ක බවට පත් කරන බවට ඉරානය විසින් නිකුත් කර ඇති අනතුරු ඇඟවීම ජාත්‍යන්තර ප්‍රජාව දැඩි කම්පනයට පත් කර තිබේ.

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්‍රවීන මාධ්‍යවේදී ධර්මශ්‍රී ගෙන් අනාවරණයක්..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට යළි ජනාධිපති සමාවක් ලබා දීමේ හැකියාව සහ ඊට අදාළව රට තුළ මතුවී තිබෙන නීතිමය, දේශපාලනික හා සමාජීය තත්ත්වයන් මේ වන විට දැඩි කතාබහකට ලක්ව තිබේ.

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් මේ රටේ රාජ්‍යත්වයට පත් නොවිය යුතු බව යැයි මෙරට පුරාතන සෙල්ලිපිවල පවා පැහැදිලිව දක්වා ඇති බව අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද නාහිමියෝ පවසති.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.