News Category
From Date
To Date
Maximum Number of Result

විශ්මයජනක නැවත නැගිටීම.. බුර්කිනා ෆාසෝ සහ කපිතාන් ඊබ්‍රාහීම් ට්‍රඔරේ...

May 12, 2025 at 10:53 AM
|

අප්‍රිකාවේ landlocked country  එකක් වශයෙන් පිහිටා ඇති බුර්කිනා ෆාසෝ රාජ්‍යයේ වර්තමානයේ ඇති විශ්මයජනක නැගී සිටීම ගැන කතාව කියද්දී ,එය මෙයට වසර හතළිහකට පෙර ඉතිහාසයේ පුනරාවර්තනයක් දැයි සැක හිතෙන තරමේ සිද්ධියකි..

1963 දී බුර්කිනා ෆාසෝව ප්‍රංශයේ යටත් විජිත භාවයෙන් නිදහස් වූ රාජ්‍යයක් බවට පත් වූවත් එය අනියම් ආකාරයට ප්‍රංශයේ බලපෑමට දිගටම යටත්ව පැවතුණා..

ප්‍රංශ ආරක්ෂක හමුදාවන් එහි රැදී සිටිය අතර  රත්‍රං වලට හිමිකම් කියන රටක් වූ බුර්කිනා ෆාසෝහි ඒවායේ වටිනාකම සූරා ගත්තේ ප්‍රංශ සමාගම්..

රත්තරං ආකර සහිත රටේ ජනතාව දරිද්‍රතාවයේ පහළම තත්වේ ගිලී ජීවත් වුනා..

තම මාතෘ භූමියේ මිනිසුන්ට වන අසාධාරණය පිළිබඳව කම්පාවට පත් වූ 33 හැවිරිදි තරුණ හමුදා නිලධාරියකු වූ කපිතාන් තෝමස් සංඛාරා 1983 ප්‍රංශ ගැති පාලනය පෙරළා දමමින් රටේ පාලනය අල්ලා ගත්තා.. 

ඔහු ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලෝක බැංකුව සිය ග්‍රහණයට හසු කරගෙන තිබූ තම රට  ඉන් මුදවා ගනිමින් එවකට ඔහුට ආධාර කළ ලෝකයේ රාජ්‍ය සමග එකතු වී රට  ඉතාමත් වේගයෙන් දැවැන්ත වෙනසකට භාජනය කරමින් ඉදිරියට ගෙන ආවා..

අධ්‍යාපනය, ජල පහසුකම් ආදිය පිළිබඳ බලවත් ගැටලුවකට මුහුණ දී සිටි තම රටේ ජනතාව වෙනුවෙන් එම මූලික අවශ්‍යතාවයන් ඉටුකරදීම ප්‍රමුඛත්වය කරගත් ඔහු ට සෞඛ්‍ය අංශයෙන් ඉතාමත් පහළ අඩියක සිටි බුර්කිනා ෆාසෝ ජනතාවට ඉහළ සෞඛ්‍ය මට්ටමක් ලබාදීමේ කටයුතුද ඇරඹුවා..

"Land of the upright people" නම් වූ බුර්කිනා ෆාසෝහී ජාතික ගීයේ පද රචනයද ඔහුගේයි... 

එකල ඔහු අප්‍රිකාවේ චේ ගුවේරා නමින්ද හැඳින්වූවා..

රට ගිලගෙන සිටි ප්‍රංශ සමාගම් විසින් සූරා කෑ තම රටේ මුදල් තම රාජ්‍ය වෙත ලබාගැනීමත් සමගම, රටේ තිබුණු ප්‍රංශ යුධ කඳවුරු ඉවත් කිරීමටත් ඔහු උත්සාහ ගන්නවාත් සමගම,

එයින් අපහසුතාවයට පත්වන විදේශ බලවේග රට තුළින්ම ඔහුට එරෙහිව කණ්ඩායමක් ප්‍රවර්ධනය කර  එම විශිෂ්ට අප්‍රිකානු තරුණ  නායකයා වසර හතරක් පමණ කෙටි කාලයක් තුළදී ඝාතනය කරනු ලැබුවා... ඔව්... රටට එතරම් මෙහෙයක් කළ, රටේ ජාතික ගීයේ නිර්මාතෘවරයාව එරටේම මිනිසුන් විසින් ඝාතනය කෙරෙව්වා...

නැවත එම රට  පැරණි බලවත් රාජ්‍යයන්හි සූරා කන ගොදුරක් බවට පත්වුණා.

වසර හතළිහක් එලෙස ගෙවී යද්දි 2022 වසරේදී වසර 40 කට පෙර තිස්තුන් හැවිරිදි 33 හමුදා කපිතාන් වරයෙකු වූ තෝමස් සංඛාරාගේ ආත්මය නැවත ඉපදුනා දැයි සැක හිතෙන ලෙසම ,

තිස් තුන් හැවිරිදි 33 හමුදා කපිතාන් වරයෙකුහි  ඊබ්‍රාහීම් ට්‍රඔරේ බුර්කිනා ෆාසෝහි බලය අත්පත් කරගනු ලැබුවා..

මේ වසර  තුනකට ආසන්න කාලය තුළ ඔහු

විශ්මයජනක ගමනක් අප්‍රිකාව තුළ යමින් සිටිනවා.....

එදා සිය පූර්වගාමියා වූ කපිතාන් තෝමස් සංඛාරා ගිය ගමන නැවත වරක් සිය මව් බිම තුළ ගෙනයමින් කපිතාන් ඊබ්‍රාහිම් ට්‍රඔරේ ලෝකයේම අවධානයට ලක්වෙමින් සිටිනවා..

ප්‍රංශ සමාගම් කිසිවිටෙක රටේ ප්‍රධානම සම්පත වූ රත්‍රං  රට තුළම refine කිරීමේ අවස්ථාව බුර්කිනා ෆාසෝ වෙත ලබාදීමට ඉඩ දුන්නේ නැහැ..

ඔවුන් රත්‍රං මිශ්‍රිත පස් ප්‍රංශයට ගෙන ගොස් ඒවා නිස්සාරණය කිරීමේ කටයුතු  සිදු කරනු ලැබූ අතර  ඒ වෙනුවෙන් බුර්කිනා ෆාසෝ වෙත වසරකටම ලැබුණේ ඩොලර් බිලියන එකක පමණ සුළු මුදලක් පමණයි..

නමුත් මේ තරුණ නායකයා රුසියාවේ ආධාර ඇතිව  එම නිස්සාරණය කිරීමේ කටයුතු සඳහා බුර්කිනා ෆාසෝ හි කම්හල් අරඹා එම මුදල පසුගිය වසර වන විට වසරකට ඩොලර් බිලියන 18 දක්වා වැඩි කරගෙන තිබෙනවා..

ඒවා සියල්ල රටේ සීඝ්‍ර සංවර්ධන කටයුතු සඳහා යොදවමින් සිටිනවා..

බදු රහිත ප්‍රතිපත්තියක් duty free concept  හඳුන්වාදිමින් විදේශ ආයෝජකයන්ට සිය රට විවෘත කිරීමට දැන් ඔහු සූදානම් වෙනවා..

දැනටම ජාත්‍යන්තර සමාගම් වලින් බුර්කිනා ෆාසෝහි සිය සේවාවන් ඇරඹීමට කටයුතු කරනවා..

Elon musk පවා දැන් බුර්කිනා ෆාසෝ වෙත පැමිණීමට සූදානම් වෙනවා.

මේ අතරතුර ඔහුට එරෙහි කුමන්ත්‍රණද රට තුළ ක්‍රියාත්මක වෙනවා..

අසීරුවට අසහනයට පත් බලවත් ජාත්‍යන්තර රාජ්‍යයක් ඔහුගේම හිතවත් හමුදා නිලධාරීන් බිලීබා ගනිමින් ඔහුට එරෙහි කිරීමට ගිය කුමන්ත්‍රණ ඔහුගේ සූක්ෂම බුද්ධිය නිසා මර්දනය කිරීමට හැකි වෙනවා..

ඇමෙරිකානු තානාපති කාර්යාලයේ උපදේශකයෙක්ව සිටිමින්, 

ඊබ්‍රාහීම් ට්‍රඔරිගේ සමීපතම හමුදා නිලධාරියකු හා එක්ව  එම කුමන්ත්‍රණය වූ ඇමෙරිකානු ජාතිකයා සහ ඔහුගේ කණ්ඩායම, 

පෙර කී හමුදා නිලධාරියා හරහාම අල්ලාගෙන ඒ කුමන්ත්‍රණය ලෝකයට හෙලි කිරීමට ඔහු සමත් වෙනවා..

මේ වනවිට රුසියානු නායක පුටින්ගේ ඉතාමත්ම සමීපතම රාජ්‍ය නායකයකු බවට කපිතාන් ඊබ්‍රාහීම් ට්‍රෙරෝරේ පත්ව තිබෙනවා..

ඔහු රුසියාවට ගිය මොහොතේ රුසියානු නායකයා ඔහු සඳහා වෙන්කර ඇති විශේෂ ගුවන් යානය Doomstay ( දින කිහිපයක් උඩුගුවනේ රඳවා ගැනීමට හැකි, සූර්‍ය බලයෙන් චාජ් කිරීමට හැකි ආකාරයේ නව තාක්ෂණයෙන් යුත් ගුවන් යානයක්) ඊබ්‍රාහීම් ට්‍රඔරේ වෙත වෙන් කරනු ලබන අතර ඉතිහාසයේ එවන් අවස්ථාවක් ලැබූ එකම විදෙස් රාජ්‍ය නායකයා ඔහු බව පැවසෙනවා..

එමෙන්ම අප්‍රිකාවේ අනෙක් රාජ්‍ය නායකයන් සහ ජනතාව අතර icon එකක් බවට පත්වෙමින් තිබෙන මේ තරුණ රාජ්‍ය නායකයාගේ ආරක්ෂාව වෙනුවෙන් රුසියාවේ විශේෂතම හමුදා ඒකකයක් වූ Spenatz බලකායේ සෙබල කණ්ඩායමක් ලබා දී තිබීමෙන්ම රුසියානු රාජ්‍ය නායකයා ඔහු වෙත දක්වන සැලකිල්ල හිතාගන්නට පුළුවන්...

එරට කෘෂිකර්මාන්තය දියුණු කිරීමට අවශ්‍ය අතිවිශාල යන්ත්‍රෝපකරණ තොගයක් මේ වන විට ගෙන්වා ඇති අතර රට කෘෂිකාර්මික පැත්තෙන්ද ඉදිකිරීම් පැත්තෙන්ද වේගවත් ඉදිරි ගමනක යෙදෙනවා..

ඔහු එරට සිරකරුවන් සංවර්ධන කටයුතු සඳහා යොදවා ගැනීමට අධිකරණය සමඟ සාකච්ඡා කර වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා..

සාමාන්‍ය වැරදි වලට සිරගත වී සිටින සිරකරුවන් මාසයක් කෘෂිකාර්මික හෝ ඉදිකිරීම් සංවර්ධන කටයුතුවල යෙදුන විට ඔහුගේ දඬුවම් කාලයෙන් මාස තුනක් අඩු කිරීමට කටයුතු කර ඇති අතර එම සිරකරුවන් ඉතාමත් උනන්දුවෙන් රටේ සංවර්ධනය සඳහා දැන් සහභාගි වෙමින් සිටිනවා..

මුලදී ඒවා අධීක්ෂණයට නිරතුරුව බන්ධනාගාර නිලධාරීන් සිටියත් දැන් බන්ධනාගාර නිලධාරීන් නොමැතිවම එම කටයුතු ඉතාමත්ම නීතිගරුක සහ නිවැරදි ආකාරයට එම සිරකරුවන් විසින්ම කරමින් සිටීම තවත් විශේෂ ලක්ෂණයක්..

මෙතරම් කාලයකට රටේ සාමාන්‍ය මට්ටමකින් හෝ සංවර්ධනය වී තිබුණේ මහා මාර්ග පද්ධතියේ කිලෝ මීටර 3600 ක් පමණක් වුවත් මේ වසර තුනට ඔහු තවත් කිලෝමීටර් 5000 ක් මාර්ග පද්ධතියට සංවර්ධනය කර එක් කර තිබෙනවා..

අදහාගත නොහැකි දැවැන්ත සංවර්ධනයක් ඉතා කෙටි කාලයකදී ඔහු සිය මාතෘ භූමියට හිමි කරදී තිබෙනවා....

අද ඔහු අනුව යමින් නයිජර්, චාර්ට්, මාලි , ගිනි බිසව් වැනි ප්‍රංශ අධිරාජ්‍යයට යටත්ව තිබූ රාජ්‍යයන් මෙතෙක් ක්‍රම රටවල තිබුණු ප්‍රංශ යුධ හමුදා කඳවුරු ඉවත් කිරීමට කටයුතු කරමින් සිටිනවා..

ඔහුට එරෙහිව ඇති වූ කුමන්ත්‍රණයෙන් පසු ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඔහුට ඇමෙරිකාවට පැමිණ සාකච්ඡාවකට ඇරයුම් කරනවා..

මේ ප්‍රතාපවත් තරුණ නායකයා එය ප්‍රතික්ෂේප කරන්නේ මේ මොහොතේ ඔහුට ඇමෙරිකාවට පැමිණීමට නොහැකි බවත් රටේ කටයුතුවලට යෙදීම ඊට වඩා අවශ්‍ය බවත් එය පසුවට කල් දාන බවත් පවසමින්..

ලෝකයේ වෙනත් රාජ්‍ය නායකයකුට ඇමෙරිකානු නායකයාගෙන් ආරාධනයක් ලැබුණා නම් ක්‍රියාකරන ආකාරය දෙවරක් සිතන්නට ඕනෑ නැහැ..

එමෙන්ම සවුදි අරාබිය ඩොලර් බිලියන හතරක ප්‍රදානයක් ඔහුට කිරීමට සූදානම් වන්නේ එම ඩොලර් බිලියන හතරෙන් බුර්කිනා ෆාසෝ තුළ සුපිරි පහසුකම් වලින් යුත් ඉස්ලාම් පල්ලි සෑදීම සඳහායි..

ඉස්ලාම් භක්තිකයෙකු වූ ඊබ්‍රාහීම් ට්‍රඔරේ එය ප්‍රතික්ෂේප කරන්නේ,

 මේ මොහොතේ රටට අවශ්‍ය සංවර්ධන ව්‍යාපෘතිවලට මුදල් යෙදවීම බවත්,

 ඒ නිසා එම මුදල් සංවර්ධන ව්‍යාපෘති සඳහා ලබා දෙනවා නම් ඒ ලබාගන්නා බවත්,

 ඉන් පසුව කාලයකදී එවැනි ආගමික ඉදිකිරීම් කළ හැකි බවත් පවසමින්..

ඔහු පසුගියදා පාප් වහන්සේ සවර්ගස්ථ වූ අවස්ථාවේ ඒ පිළිබඳව නිකුත් කර ඇති ශෝක පණිවිඩය ඔහුගේ පරිණත භාවය සහ ජාත්‍යන්තරයේදී හැසිරීම පිළිබඳ ඉතාමත්ම හොඳ උදාහරණයක්...

ඔහු පශ්චාත් උපාධිධාරියෙක්...

එමෙන්ම ඔහුගේ කතා ඔබට යූටියුබ් එක මාර්ගයෙන් අසන්නට පුළුවන්..

ඒ කිසිම තැනක හෝ එම රටේ අතීතයට බනිමින් සිටින්නේ නෑ..

ඒවා ගැන විවේචනය කරමින් සිටින්නේ නෑ..

ඔහු ඔහු හමුවී ඇති අභියෝගවලට මුහුණ දෙමින් රට ඉදිරියට ගෙන යනවා..

ප්‍රායෝගිකවම වැඩ කරනවා..

එවැනි රාජ්‍ය නායකයින් බුර්කිනා ෆාසෝ රාජ්‍යයට පමණක් නොව ලෝකයටම වාසනාවක්...

බටහිර මාධ්‍ය මෙන්ම ඔවුන්ට පක්ෂපාතී මාධ්‍ය කිසිවක් මේ විශිෂ්ට පෙරළිකාර නායකයා පිළිබඳව තොරතුරු සඳහන් කරන්නේ නැහැ..

සඳහන් කරනවා නම් ඉතාම අඩුවෙන්..

ඔහුගේ ජනප්‍රියතාවය ලෝකයට යාම ඔවුන් රුස්සන්නේ නැහැ...

එදා බුර්නිකා ෆාසෝ රාජ්‍ය නායකයා වූ කපිතාන් තෝමස් සංඛාරා ඝාතනය කරන්නේ 1987 වර්ෂයේ..

අද බුර්නිකා ෆාසෝ රාජ්‍ය නායකයා වූ කපිතාන් ඊබ්‍රාහීම් ට්‍රඔරේ උපදින්නේ 1988 වර්ෂයේ..

මට හිතෙනවා මේ කපිතාන් තෝමස් සංඛාරාගේ පුනරුප්පත්තියක් කියා..

එදා ඔහුට අවසන් කිරීමට නොහැකි වූ කාර්යය අවසන් කිරීමට මෙදා මොහු කැපවී සිටිනවා...

මේ තොරතුරු පිළිබඳව මට පවසමින් ඒවා ගැන සොයා බැලීමට මා යොමු කළ ජ්‍යේෂ්ඨ නීතිඥ රසික බාලසූරිය මහතාට බොහොම ස්තූතියි...

... ලාල් ද අල්විස් ගේ රචනයක් සංස්කරණ සහිතව පළ කරමි...

-උපුටා ගැනීමක්- 



සම්බන්ධිත පුවත් | Related News

ගල්ගමුවේ ඉදන් ආපු Rmj බණ්ඩාර අයියා කාවන්තිස්ස ඇතු ගැන කියන කතාව..
යෝජිත, ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කරගැනීමේ පනත් කෙටුම්පතට (PSTA) විරුද්ධ වන්නේ කුමක් නිසා ද යන්න මහාචාර්ය ජයදේව උයන්ගොඩ මහතා කරුණු දක්වා තිබේ.
සරසවි ඇදුරන් 2000ක් පමණ බඳවා ගැනීමට අනුමැතිය ලබාදී ඇති බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරීය සිදුකරන ප්‍රකාශයක් සහ එම වේදිකාවේම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එම ප්‍රමණය 1515ක් බවට සිදුකරන ප්‍රකාශ ඇතුළත් වීඩියෝවක් සමාජ මාධ්‍යයේ සංසරණය වේ.
ලෝකය කොපමණ තාක්ෂණයෙන්, විද්‍යාවෙන් සහ නවීන විලාසිතා වලින් ඉදිරියට ගියත් පෘථිවියේ සමහර තැන්වල කාලය නතර වී තිබෙන්නේ, මීට වසර දහස් ගණනකට පෙර පැවති පද්ධතීන් ළඟය.
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා භික්ෂූන් වහන්සේලා පිරිසක් විසින් කොළඹ විහාරමහා දේවි උද්‍යානයේදී ආරම්භ කර ඇති සත්‍යග්‍රහයට පැමිණ පොලිස් නිලධාරීන් විසින් පිරිත් දැමීම නතර කරන ලෙස දන්වමින් සිදුකළ ක්‍රියාව සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය වීඩියෝ හරහා තොරතුරු අනාවරණය කර තිබේ.
"ඔවුන්ට කන්න පාන් නැත්නම්, කේක් කන්න කියන්න." ඔබ මේ සුප්‍රකට කියමන, මීට පෙර අසා ඇති! පාසල් ඉතිහාස පොත්වල, සමාජ මාධ්‍ය සටහන්වල එහෙමත් නැතහොත් දේශපාලන සංවාදවල ඕනෑම තැනක, 'තමන්ගේ ජනතාවගේ දුක නොහඳුනන අහංකාර, සැප ජීවිත ගත කළ නායකයින්..' ගැන කතා කරන විට මුලින්ම අපේ මතකයට එන චරිතය, ප්‍රංශයේ මාරි ඇන්ටොනෙට්!
ආගම දේශපාලනයෙන් විතැන් විය යුතු බව උගතුන් යැයි කියාගන්නා පුද්ගලයින් පවසන බවත්, එහෙත් ආගමික සංස්ථාවක් දේශපාලයෙන් තොර වූවක් නොවිය යුතු බවත්, උගතුන්ට ප්‍රශ්නයක් වී ඇත්තේ බෞද්ධ සංස්ථාව දේශපාලනීක වීම බවත් සමාජ මාධ්‍යයේ සංසරණය වන වීඩියෝවක් මගින් කරුණු දක්වයි.
ප්‍රභාකරන් මැරෙද්දි මට ඕන උනේ ඒක හරියට ලෝකෙටම පෙන්නන්න.. මම මේ ජීවිතේ හංගන් හිටපු කතාවක්. ප්‍රභාකරන්ට ගහපු 8 මෑන් ටීම් එක පස්සෙන් මමත් ගියා..
බල්ලෙක්ටත් කරන අපහසයක් ප්‍රභාකරන්ට බල්ලෙක් කියන එක..

ප්‍රධාන පුවත්

ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්‍රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..

ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඔබ්බෙන් ජාත්‍යන්තර මුහුදේ නැංගුරම්ලා ඇති ඉරාන තෙල් නැව් 19කට ආහාර, ජලය සහ ඉන්ධන සැපයීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති බව විදේශ අමාත්‍යාංශය පවසන බව THE TIMES OF INDIA වාර්තා කරයි.

නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 'ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කරගැනීමේ පනත් කෙටුම්පත (PSTA)' මගින් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ සහ අයිතිවාසිකම් අභියෝගයට ලක්වීමේ බරපතළ තර්ජනයක් පවතින බව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය පවසයි.

පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..

අධිකරණ නියෝග ක්‍රියාත්මක නොකිරීමෙන් පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කර ඇති බවට තීරණය කළ ගම්පහ මහේස්ත්‍රාත් බන්ධුල ගුණරත්න, ඒ සම්බන්ධයෙන් නඩු පැවරීම සඳහා අදාළ ගොනුව අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා වෙත යොමු කර තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පරිගණක පද්ධති වෙත සයිබර් ප්‍රහාරයක් එල්ල කළ හැකර්වරුන් විසින් ක්‍රිප්ටෝ මුදලින් ඇමෙරිකානු ඩොලර් 50,000ක කප්පම් මුදලක් ඉල්ලා සිටි බවත්, ජාතික ගුවන් සේවය තවදුරටත් මෙවැනි සයිබර් ප්‍රහාර හමුවේ අවදානම් තත්ත්වයක පවතින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර චෝදනා කරයි.

ප්‍රංශය ඇතුළු යුරෝපා රටවල උග්‍රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..

ප්‍රංශය ඇතුළු යුරෝපීය රටවල් කිහිපයක මේ වන විට දැඩි ආර්ථික හා සමාජීය අර්බුදයක් නිර්මාණය වී ඇති බවත්, එය මහා පරිමාණ ජනතා විරෝධතා සහ උද්ඝෝෂණ දක්වා වර්ධනය වී ඇති බවත් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්‍යය මගින් විනාශකාරී මහා සත්‍යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා

ත්‍රෛනිකායික ලේඛකාධිකාරී හිමිවරුන් සමග පැවැත් වූ රැස්වීමකට පසුව අමාත්‍ය සුනිල් සෙනෙවි මහතා ප්‍රකාශයක් කරමින් අටමස්ථානය තුළ රාමා කෝවිල් ඉදිනොකරන බව සහ රුවන්වැලි සෑය වටා වැටක් නොගසන බව ප්‍රකාශයක් කර තිබිණි.

භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි

පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් භික්ෂූන් වහන්සේලා විසින් පැවැත්වූ පාගමන රාජ්‍ය විරෝධී පාගමනක් ලෙස විවිධ අය අර්ථකථනය කරන බවත්, විශේෂයෙන්ම ආණ්ඩුවේ පාර්ශ්වයෙන් මෙම චෝදනාව නගන බවත්, එහෙත් එකඳු සටන් පාඨයක් හෝ භික්ෂූන් වහන්සේලා මෙම පා ගමනේ දී නොපවසා ඉතා සාමකාමීව මෙම පාගමන පැවැත්වූ බවත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල අනුනායක හිමියෝ පවසති.

"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්‍රාත්වරයා රබර් මුද්‍රාවක් වෙලා": ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්‍රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කර ගැනීමේ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග කිරීම ඊයේ (20) පෙරවරුවේ ආරම්භ විය.

අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්

අනුරාධපුර පූජා නගරය තුළ පිහිටි ඓතිහාසික බුලන්කුලම වැව හෙවත් "ජයවාපි" වැව ආශ්‍රිත වැව් රක්ෂිතයෙන් අක්කර 200කට ආසන්න ප්‍රමාණයක් නිවාස ඉදිකිරීම සඳහා රාජ්‍ය නිලධාරීන්ට බෙදාදීමේ ක්‍රියාවලිය නින්දාසහගත වරදක් බව පෙන්වා දෙමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් කෘෂිකර්ම සහ වාරිමාර්ග අමාත්‍ය ලාල්කාන්ත මහතා වෙත විශේෂ ලිපියක් යොමුකර තිබේ.

ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)

ඉරානයේ දකුණුදිග චාබහාර් (Chabahar) වරාය, ඇෆ්ගනිස්ථාන දේශසීමාව ආසන්නයේ පිහිටි සහදාන් (Zahedan) නගරය සමඟ සම්බන්ධ කරන ප්‍රධාන දුම්රිය මාර්ගය ඉරානය විසින් සම්පූර්ණ කර තිබේ. ඉරාන වරායන්ට එරෙහි ඇමෙරිකානු අවහිර කිරීම් සහ බටහිර රටවලින් එල්ල වන ආර්ථික පීඩනය ඉහළ යමින් පවතින පසුබිමක මෙම සංවර්ධනය සිදුව ඇත.

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්‍රාන්තයකින් වරෙන්තුවක්

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීම සඳහා ෆ්ලොරිඩා ප්‍රාන්තයේ විනිසුරුවරයෙකු විසින් වරෙන්තුවක් නිකුත් කර ඇති බව එම ප්‍රාන්තයේ නීතිපතිවරයා ඊයේ(19) ප්‍රකාශ කළේය.

ඇමරිකානු ජනපති ට්‍රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර මෑතකදී සිදුවූ පැයකට අධික (විනාඩි 90ක) දුරකථන සංවාදය ලෝක දේශපාලනයේ සහ බලශක්ති වෙළඳපොළේ දැඩි කතාබහට ලක්ව තිබේ.

මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..

රාජ්‍ය නොවන සංවිධාන විසින් මෙහෙයවනු ලබන සහ ආණ්ඩුවට හිතවාදී මුදලට ගිජු යූටියුබ් කරුවන් අතලොස්සක් විසින් බුදුන් වහන්සේට සහ මහා සංඝරත්නයට එරෙහිව එල්ලකරනු ලබන වාචික ප්‍රහාර පිළිබඳව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් සිදුකළ පැමිණිල්ලක් විභාග කිරීම සඳහා අද (20) දින වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත.

මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..

ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ යළිත් වරක් පුපුරා යා හැකි යුද ගැටුමකදී, මැදපෙරදිග කලාපයේ තීරණාත්මක දත්ත මධ්‍යස්ථාන, සන්නිවේදන කේබල් පද්ධති මෙන්ම කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණික මධ්‍යස්ථාන දැඩි ප්‍රහාරක ඉලක්ක බවට පත් කරන බවට ඉරානය විසින් නිකුත් කර ඇති අනතුරු ඇඟවීම ජාත්‍යන්තර ප්‍රජාව දැඩි කම්පනයට පත් කර තිබේ.

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්‍රවීන මාධ්‍යවේදී ධර්මශ්‍රී ගෙන් අනාවරණයක්..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට යළි ජනාධිපති සමාවක් ලබා දීමේ හැකියාව සහ ඊට අදාළව රට තුළ මතුවී තිබෙන නීතිමය, දේශපාලනික හා සමාජීය තත්ත්වයන් මේ වන විට දැඩි කතාබහකට ලක්ව තිබේ.

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් මේ රටේ රාජ්‍යත්වයට පත් නොවිය යුතු බව යැයි මෙරට පුරාතන සෙල්ලිපිවල පවා පැහැදිලිව දක්වා ඇති බව අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද නාහිමියෝ පවසති.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.