කියන්න කනගාටුයි... අද කඨින පින්කම කියන්නෙ මුදල් උපයන ව්‍යාපාරයක් - හෑගොඩ විපස්සි හිමි
වස් කාලය එළඹී තිබේ. ඇසළ පොහොයෙන් පසුදා වස් සමාදන් වීමෙන් අනතුරුව හාරමසක් ගෙවා වස් පවාරණය කෙරෙන්නේ වප් පොහෝදා ය. ඉන් පසු එළඹෙන වප් ( ඔක්තොම්බර්) පොහොය දින සිට ඉල් ( නොවැම්බර්) පොහොය දින දක්වා කාලය චීවර මාසය සේ සැලකේ. බුදුදහමේ දැක්වෙන අට මහා පින්කම්වලින් එකක් වන කඨින චීවර පූජාව යෙදෙන්නේ චීවර මාසයේ ය. මේ වනවිට සැදැහැතියෝ කඨින පින්කම් සැලසුම් කරමින් සිටිති. මෙහි දැක්වෙන්නේ නූතන කඨීන පින්කම් සම්බන්ධ ව රත්මලානේ ධර්ම පර්යේෂණාලයේ අධ්‍යක්ෂ හෑගොඩ විපස්සී හිමියන් සමග සිළුමිණ කළ සංවාදයකි.
උපසම්පදා වුණු භික්ෂුන් වහන්සේලා ඇසළ පොහොය දිනට පසුදින වස් සමාදන් වෙලා වප් පොහොය දිනයේදී වස් පවාරණය කරනවා. මේ ආගමික සංසිද්ධියේ ඉතිහාසය කුමක් ද?.
වස් සමාදන්වීම සම්බන්ධ ව සඳහන් වෙන පැරණි මූලාශ්‍රය වෙන්නේ විනය පිටකයේ මහා වග්ගපාලියයි. වස් සමාදන් වෙන්න බුදු හාමුදුරුවන් දේශනා කිරීමට හේතුව වූ සිදුවීම මෙසේයි. බුදුදහම පහළ වූ මුල් ම යුගයේ බුදු රජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට හැකි ඉක්මනින් දහම ප්‍රචාරය කිරීම සඳහා දේශනා කළා. භික්ෂුන් වහන්සේලාත් ඒ ආකාරයෙන්ම ඉක්මනින් ධර්මය ප්‍රචාරය කිරීමේ කටයුත්තේ යෙදුණා. ඉන්දියාවේ ඍතු තුනක් තියෙනවා. ගිම්හාන, වස්සාන සහ හේමන්ත යනුවෙන් තමයි ඒ ඍතු තුන.
එදා ඉන්දියාවේ වස්සාන කාලයේදී එනම් මහා වැසි වැටෙන කාලයේදී අනෙකුත් ආගමික නායකයන්ගේ අනුගාකමියන් ධර්ම චාරිකාවේ හැසිරුණේ නෑ. මේ නිසා එම ආගමික නායකයන් භික්ෂුන් වහන්සේලාට දෝෂාරෝපණය කළා, ඔවුන් ධර්ම ප්රචාරණයේ යෙදෙනවා කියලා. අනෙකුත් ආගමික නායකයන්ගේ ඒ අදහස සලකා බලා බුදුරජාණන් වහන්සේ විනය නීතියක් පැනෙව්වා වස්සාන සමයේදී ධර්ම චාරිකාවේ හැසිරෙන්නේ නැතුව එක් තැනක වැඩ හිඳිමින් කාලය ගත කරන්න කියලා. වස් කාලයේදී වැඩහිඳිය යුතු තැන් ද; නැති තැන් ද බුදුහාමුදුරුවෝ දේශනා කළා. අමුසොහොන්වල, ගස් බෙනවල ආදි තැන්වල වස් නොවසා සුදුසු තැන්වල වස් වැසිය යුතු බව උන්වහන්සේ දේශනා කළා. ජනතාවගේ ගොඩනැඟුණු විරෝධතාව මත බුදු හාමුදුරුවෝ විනය ශික්ෂාවක් පැනවීමේ ප්‍රතිඵලයක් තමයි කියලා ඒ අනුව වස් සමය කියන්නේ කියලා පැහැදිලියි.
චීවර පූජාව යනුවෙන් හඳුන්වන්නේ කුමක්ද?
චීවර පූජාව වස් වැසීමේ කර්මයෙන් බොහෝ කලකට පසුව පැමිණියේ. ඔය විනය නීතිය පැනවූයේ බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත් වෙලා අවුරුදු විස්සකට විතර පසුවයි. කඨින කඳකය කියලා මහා වග්ගපාලියේ තවත් පරිච්ඡේදයක් තියෙනවා. එහි කඨිනය සම්බන්ධ විවරණයක් තියෙනවා. පාවායික භික්ෂුන් වහන්සේලා තිස් නමක් වස් සමාදන් වෙලා බුදුරජාණන් වහන්සේගෙන් කමටහන් ගන්න වැඩියා. වර්ෂා සමය නිසා උන්වහන්සේලා බුදුහාමුදුරුවෝ බැහැ දකින්නට නොහැකි වුණා. සාකේත නුවර උන්වහන්සේලාට වැඩ සිටියා. වර්ෂා සමය අවසන් වුණාට පසු උන්වහන්සේලා බුදුහාමුදුරුවෝ බැහැ දකින්නට නැවතත් වැඩියා. ඒ අවස්ථාවේදී උන්වහන්සේලාගේ සිවුරු තෙත බරිත වෙලා තිබුණේ. ඒ වෙලාවේ බුදු හාමුදුරුවෝ දේශනා කළා තිබෙන සිවුරට අතිරේකව තවත් සිවුරක් තිබුණා නම් තෙත නැති සිවුරු ඇඳගන්න තිබුණා නේද කියන අදහස උඩ අතිරේක චීවරයක් ගැන කතා වුණා.
වස් පවාරණය කරන වප් පොහොයත් ඉල් පොහොයත් අතර මාසයක කාලය තුළ කඨින පින්කම් පටන් ගන්නවා. කඨිනය කියන්නේ කුමක්ද?
කඨින චීවර කියන්නේ තුන් සිවුරෙන් එකක්. තනිපට සිවුර, දෙපට සිවුර, අඳන සිවුර යන තුන් සිවුරෙන් එකක් කඨිනය වශයෙන් පූජා කරන්න පුළුවන්.
ශ්‍රී ලංකාවේ කඨින පින්කම් ආරම්භ වෙන්නේ කෙසේද?
ශ්‍රී ලංකාවේ කඨින පින්කම් රජවරුන්ගේ මූලිකත්වයෙන් ආරම්භ වුණු බවට ග්‍රන්ථවල සඳහන්. මහා වංශය ආදි ග්‍රන්ථවල මේ බව සඳහන්.
කඨින පින්කම සිදු කිරීම විශාල පරිවර්තනයකට ලක් වෙලා නේද?
විනය කාලෙන් කාලෙට, සමාජයෙන් සමාජයට, සංස්ථාවෙන් සංස්ථාවට, ආයතනයෙන් ආයතනයට වෙනස් වෙනවා. කඨින පින්කමේ ස්වරූපයත් ඒ වගේ දැන් වෙනස් වෙලා තියෙනවා. ඒත් මූලික හරයට හානියක් නොවන පරිදි වෙනස් වෙන්න ඕනෑ. නමුත් බුදුහාමුදුරුවෝ දේශනා කළ මූලික හරයට සපුරා වෙනස් විදිහට මහා පරිවර්තනයක් වෙලා තියෙනවා. එය භයානකයි.
එය පැහිදිලි කළොත්?
ඇතැම් විට ඇතැම් හාමුදුරුවරුන් වස් සමාදන් වුණු දවසේම චීවරයක් දායකයකුගේ නිවසක තැන්පත් කරනවා. එතන පුද සත්කාර කිරීමෙන් අනතුරුව තවත් නිවසක තැන්පත් කරනවා. මාස තුනේ ම ගෙයින් ගෙට මේ විදිහට චීවරය ගෙන යනවා; ඒක සම්පූර්ණයෙන් ම වැරදි ක්‍රියාවක්; එය විනය විරෝධී ක්‍රියාවක්. ඒ සමඟ ජනතාවට බරක් පැටවෙනවා. චීවරය තියෙන නිවෙසට වන්දනාමාන කරන්න ඥාතීන්, හිත මිත්‍රාදීන් එනවා, ඒ අයට සංග්‍රහ කරන්න ඕන; ඒ ආදී වශයෙන් ආර්ථික වශයෙනුත් විශාල අපහසුතාවට පත් වෙනවා. මාස තුන අවසන් වුණාම අලි ඇතුන් සහිත පෙරහරවලින් වස් වැසීම අවසන් කරනවා. දළඳා මාලිගාවේ පෙරහැර වාගේ තමයි දැන් කඨින පෙරහැරවල් කරන්නේ; ලක්ෂ ගණන් වියදම් කරනවා. විනය වෙනස් වුණාට මේ විදිහට පරිවර්තනය වීම නම් අතිශය භයානකයි. දැන් ඒ තත්ත්වයට පරිවර්තනය වෙලා තියෙන්නේ. ඒ නිසා මේ ක්‍රියාවලිය මුදල් උපයා ගැනීමේ ව්‍යාපාරයක් කියන වචනය මා පාවිච්චි කරනවා.
භික්ෂුන් වහන්සේලා කඨින පින්කම සිදු කිරීම සම්බන්ධ ව අදහස් පළ කළා මතකයි
කඨින චීවරය ගෙයින් ගෙට යන්න පටන් ගත්ත මුල් කාලයේදී, ඒ කියන්නේ අවුරුදු දොළහකට විතර උඩදී අපි ඉල්ලීමක් කළා මේ වැඩේ කරන්න එපා කියලා. බැරිම තැන පුවත්පත් හරහා ඉල්ලා සිටියා; මේ විපර්යාස ඉතා භයානකයි කියලා. ඒ ක්‍රියාව ලත් තැන ලොප් කරන්න කියලා අපි එදා කිව්වේ; නමුත් ඒක වුණේ නෑ. ඒ නිසා මේවා පිළිබඳ ධර්ම පර්යේෂණාලයේ සිටින ස්වාමීන් වහන්සේලා වශයෙන් ඍජු ලෙස ම දැන් කියනවා; අද වන විට කඨින පින්කම් ක්‍රියාවලිය ජනතාවට ඉතා විශාල බරක් බවට පත්වෙලා. එහෙම වෙන්න බෑනේ. අද ගොඩක් අය ණය වෙලා, එක්කෝ පොලියට මුදල් අරන් පින්කම් කරන්නේ. ණය වෙලා, පොළියට මුදල් අරන් පින්කම් කරන්නේ කොහොමද? සතුටින් යමක් දෙන එකනේ පින්කම. යහපත්ව ජීවත්වීම පින්කමක්නේ. අලි ඇතුන් සහිත කඨින පින්කම් කරන්න පුළුවන් දායකයන් ඉන්න පුළුවන්. ඒ වුණාට එසේ කිරීමට නොහැකි දායකයොත් ඉන්නවානේ. එතකොට ඒ පන්සල්වල ඉන්න හාමුදුරුවරුන්ට හා දායකයන්ට ගැටලුවක් මතු වෙනවා; අනේ අපේ පින්කම දුප්පත් පින්කමක් කියලා. මේ පින්කම අපට හොඳට කරගන්න බැරි වුණානේ කියලා හිතනවා. ඒ වගේ සංකල්ප රාමු ගොඩනඟාගන්න ඉඩ දෙන්න හොඳ නෑ. මේ පිළිබඳ ගරුතර සංඝරත්නයේ අවධානයට ලක්විය යුතුයි. කඨින පින්කම පොදුයි. එය පොදු බවකින් පැවැත්විය යුතුයි. පෙරහැරක් කරනවා නම් වෙනම කරන්න ඕනෑ.
ඒ විදිහට කඨින පින්කමක් කිරීමේ පොදු ක්‍රමයට පැමිණිය යුතුයි කියලා නේද?
අපි සම්මුතියක් එළඹෙන්න ඕනෑ; අපට මොන තරම් බලපුළුවන්කාර දායකකාරකාදීන් හිටියත් අපි දැන් කරන විදිහට නෙවෙයි කඨින පින්කම කරන්නේ කියලා. අපි කඨින පින්කම කරන්නේ පැරණි සම්ප්‍රදායට ගරු කරමින් මිනිසුන්ගේ කුසලත්වය වර්ධනය වන අයුරින් සංවිධානය කරන්න ඕනෑ.
කඨින පින්කමින් පව් සමාවෙන බව කියන එක සත්‍යක් ද?
කඨින පින්කමකින් මහත් ආනිසංස ලැබෙනවා කියලා කියනවානේ. මේ ආනිසංස ලැබෙන්නේ කොහොමද කියලා අපි විවරණය කරලා නෑ. ඇතැම් අය හිතනවා මුළු ජීවිතේ පුරාවට වැරදි දේවල් කරලා කඨින පින්කමක් කළාම පව් සමා වෙනවා කියලා. එහෙම වෙන්නේ නෑ, මේකත් සිවුරු පූජාවක් විතරයි.
මේ පින්කම කිරීමේ ප්‍රතිඵලය කුමක්ද?
හැබැයි මේ පින්කමේදී අපි මානසික වශයෙන් වෙන පින්කම්වලට වැඩි වාර ගණනක් පින්කම ගැන හිතනවා. මාස තුනක් තිස්සේ මේ ගැන කල්පනා කරනවා. ඒක තමයි මූලිකම හේතුව. ආනන්තරීය පාප කර්මයක් සිදුවෙන්නේ කොහොමද ආදී කියන සිද්ධාන්තයන් මත ඉඳගෙන මේ කාරණා විවරණය කරන්නේ. කඨින පින්කමකදී මිනිසුන්ගේ ශ්‍රද්ධාව වැඩි වෙනවා. හැබැයි අමූලික ශ්‍රද්ධාව ගැන නෙවෙයි මේ කියන්නේ. විමර්ශනශීලි ශ්‍රද්ධාවක් ගැනයි මෙතනදී කතා කරන්නේ. ශ්‍රද්ධා කියන්නේ බුදුරජාණන් වහන්සේ විශ්වාස කිරීම. ඒ නිසා බුදුදහමට අනුගතව ජීවත් වීමයි ශ්‍රද්ධාව කියන්නේ. නිවැරදි සංකල්ප මත ගොඩනැඟුණු ජීවන රටාවකට හුරුවීමයි ශ්රද්ධාවන්තකම කියන්නේ; ශ්‍රද්ධාව වර්ධනය කිරීම ඉන්ද්‍රීයයි. ඒ නිසා මේ කඨින පින්කමේදී වීර්ය වැඩිවෙනවා. සිහිය වැඩිවෙනවා. නමුත් බොහෝ විට හතර පේරුවේ දායකයෝ රණ්ඩු වෙනවා පින්කම් කරන්න ගිහින්. අසවල් අය කඨින පින්කමේ මූලිකත්වය අරගෙන තියෙන්නේ, ඒ නිසා අපි ඒ අයට සහය දෙන්නේ නෑ කියන දායකයන් ඉන්නවා.
එසේ නොවී අපේ ප්‍රඥාව, බුදු දහම පිළිබඳ ගැඹුරු අවබෝධය වැඩි කරගන්න ඕනෑ. ඒ නිසා ඉන්ද්‍රීයයන්ගේ පරිපාකත්වය නිසා අපට මේ පින්කම කරන වාර සංඛ්‍යාවත් ඒ පිළිබඳ මනසේ රැඳෙන වාර සංඛ්‍යාවත් වැඩි නිසා සමහර විට මරණාසන්න මොහොතේදී මේ පින්කම සිහිපත් වීමේ ප්‍රවණතාව වැඩි වෙන්න පුළුවන්. ඒක තමයි මූලිකම හේතුව මේ පින්කමෙන් පින් ලැබීමට.
ඒ වගේම කඨින පින්කම් කාලයේදී විහාරස්ථානය වැඩිදියුණු වීම, මිනිසුන්ගේ සමඟිය වැඩිවීම, ඔවුන්ගේ ප්‍රඥාව වැඩිවීම, සිදුවෙන කාලයක්.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
දශක ගණනාවකට පසු ස්පාඤ්ඤයේ දරුණුතම ගංවතුරෙන් දුසිම් ගනනක් මිය යයි (වීඩියෝ)
ශ්‍රී ලංකාවේ සංවර්ධන අවශ්‍යතා පිළිබඳ සම්පූර්ණ ඇගයීමක් කිරීමට චීනය කටයුතු කරනවා - ශ්‍රී ලංකාවේ චීන තානාපති
බොරු කියපු නිසා හරිනි අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්විය යුතුයි - හිටපු ජනපති රනිල් කියයි
"The Island" පුවත් පතේ ලින් ඔකර්ස් දෙබිඩි පිළිවෙතක් අනුගමනය කරන්නන් විසින් මෙහෙයවනු ලබන්නෙක්දැයි සැකයි - ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය
කියුබාවට අත නොතබනු!එක්සත් ජාතීන්ගේ සංවිධානයේදී ලෝක ජනයා ඇමරිකාවට තදින් කියයි
පාස්කු ප්‍රහාර විමර්ශන කමිටු වාර්තාවලින් චෝදනා ලැබූ රවි, ශානි රජයේ ඉහළ තනතුරුවල රඳවා ගැනීම සදාචාරාත්මක ද? - ගෝලීය ශ්‍රී ලාංකික සංසදය ජනපති අනුරගෙන් අසයි
මග පෙන්වන විපක්ෂයක භූමිකාව ඉෂ්ඨ කිරීම වෙනුවෙන් මැතිවරණයට ඉදිරිපත් වෙනවා... තරුණ්‍යයේ හීන මියගිය බිමක එම හීන යථාර්ථයක් කිරීම වෙනුවෙන් කැප වෙනවා - උවිඳු මහනුවරදී කියයි
රන්ජන්ගේ පක්ෂය පුපුරයි! ඇතුළේ ගේම් රැසක් හෙළිවෙයි (වීඩියෝ)
රවි සහ ශානි පාස්කු ප්‍රහාරයේ විමර්ශන සිදු කළ යුතුම යැයි ආණ්ඩුව කියන්නේ ඊබ්‍රහීම්ව බේරගන්න... තමන්ගේ සගයන් බේරාගන්න ආණ්ඩුව රටේ නීතියේ ආධිපත්‍ය කුඩුපට්ටම් කරන්න සැරසෙනවා - ගම්මන්පිලගෙන් ආණ්ඩුවට දැඩි ප්‍රහාරයක් (වීඩියෝ)
ලංකාවේ මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තය නගාසිටුවීමට රුසියාවේ සහාය ලබාදෙන බව ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති පොරොන්දු වෙයි
අනාගත චීන-එක්සත් ජනපද සබඳතා මහා බල ගැටුමේ ඛේදවාචකය සම්බන්ධයෙන් මම ඉදිරිපත් කරන න්‍යාය වැරදි බව ඔප්පු ඇතැයි මම බලාපොරොත්තු වනවා- චිකාගෝ විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ජෝන් මර්ෂයිමර්
රනිල්ට උත්තර දෙන්න හරිනි බබාට බැරිනම් විජිත හේරත්ට හෝ අනුර දිසානායකට කොන්ද පණ තියෙන්න ඕනෙ! - ලංකා ලීඩර් පාඨක ප්‍රතිචාර
විජිත හේරත් ඇමැතිවරයා සතුරන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු බැඳීම වෙනුවට තමන් කරන්නේ කුමක්දැයි කියනවා නම් වඩා හොඳයි - ජාතික සංවිධානවලින් අවවාදයක්
මහ මැතිවරණයේ තැපැල් ඡන්ද විමසීම අද
රාජ්‍ය සේවක වැටුප් වැඩිකිරීම තීරණය වෙන්නේ භාණ්ඩාගාරයේ ඇති මුදල් අනුව... ලබන අවුරුද්දේ පඩි වැඩිකරනවා, හැබැයි තාම ගාණක් කියන්න බැහැ - ඇමැති විජිත කියයි
කියුබාවට පනවා ඇති සම්බාධක වහාම ඉවත් කරනු! අමෙරිකා එක්සත් ජනපදයේත් ලතින් අමෙරිකානු රටවලත් විරෝධතා