News Category
From Date
To Date
Maximum Number of Result

කියන්න කන­ගා­ටුයි... අද කඨින පින්කම කියන්නෙ මුදල් උප­යන ව්‍යාපා­ර­යක් - හෑගොඩ විපස්සි හිමි

Nov 19, 2023 at 07:30 AM
|

වස් කාලය එළඹී තිබේ. ඇසළ පොහො­යෙන් පසුදා වස් සමා­දන් වීමෙන් අන­තු­රුව හාර­ම­සක් ගෙවා වස් පවා­ර­ණය කෙරෙන්නේ වප් පොහෝදා ය. ඉන් පසු එළ­ඹෙන වප් ( ඔක්තො­ම්බර්) පොහොය දින සිට ඉල් ( නොවැ­ම්බර්) පොහොය දින දක්වා කාලය චීවර මාසය සේ සැලකේ. බුදු­ද­හමේ දැක්වෙන අට මහා පින්ක­ම්ව­ලින් එකක් වන කඨින චීවර පූජාව යෙදෙන්නේ චීවර මාසයේ ය. මේ වන­විට සැදැ­හැ­තියෝ කඨින පින්කම් සැල­සුම් කර­මින් සිටිති. මෙහි දැක්වෙන්නේ නූතන කඨීන පින්කම් සම්බන්ධ ව රත්ම­ලානේ ධර්ම පර්යේ­ෂ­ණා­ලයේ අධ්‍යක්ෂ හෑගොඩ විපස්සී හිමි­යන් සමග සිළු­මිණ කළ සංවා­ද­යකි.

උප­ස­ම්පදා වුණු භික්ෂුන් වහ­න්සේලා ඇසළ පොහොය දිනට පසු­දින වස් සමා­දන් වෙලා වප් පොහොය දින­යේදී වස් පවා­ර­ණය කර­නවා. මේ ආග­මික සංසි­ද්ධියේ ඉති­හා­සය කුමක් ද?.

වස් සමා­ද­න්වීම සම්බන්ධ ව සඳ­හන් වෙන පැරණි මූලා­ශ්‍රය වෙන්නේ විනය පිට­කයේ මහා වග්ග­පා­ලි­යයි. වස් සමා­දන් වෙන්න බුදු හාමු­දු­රු­වන් දේශනා කිරී­මට හේතුව වූ සිදු­වීම මෙසේයි. බුදු­ද­හම පහළ වූ මුල් ම යුගයේ බුදු රජා­ණන් වහන්සේ භික්ෂුන් වහ­න්සේ­ලාට හැකි ඉක්ම­නින් දහම ප්‍රචා­රය කිරීම සඳහා දේශනා කළා. භික්ෂුන් වහ­න්සේ­ලාත් ඒ ආකා­ර­යෙන්ම ඉක්ම­නින් ධර්මය ප්‍රචා­රය කිරීමේ කට­යුත්තේ යෙදුණා. ඉන්දි­යාවේ ඍතු තුනක් තියෙ­නවා. ගිම්හාන, වස්සාන සහ හේමන්ත යනු­වෙන් තමයි ඒ ඍතු තුන.

එදා ඉන්දි­යාවේ වස්සාන කාල­යේදී එනම් මහා වැසි වැටෙන කාල­යේදී අනෙ­කුත් ආග­මික නාය­ක­යන්ගේ අනු­ගා­ක­මි­යන් ධර්ම චාරි­කාවේ හැසි­රුණේ නෑ. මේ නිසා එම ආග­මික නාය­ක­යන් භික්ෂුන් වහ­න්සේ­ලාට දෝෂා­රෝ­ප­ණය කළා, ඔවුන් ධර්ම ප්‍රචා­ර­ණයේ යෙදෙ­නවා කියලා. අනෙ­කුත් ආග­මික නාය­ක­යන්ගේ ඒ අද­හස සලකා බලා බුදු­ර­ජා­ණන් වහන්සේ විනය නීති­යක් පැනෙව්වා වස්සාන සම­යේදී ධර්ම චාරි­කාවේ හැසි­රෙන්නේ නැතුව එක් තැනක වැඩ හිඳිමින් කාලය ගත කරන්න කියලා. වස් කාල­යේදී වැඩ­හි­ඳිය යුතු තැන් ද; නැති තැන් ද බුදු­හා­මු­දු­රුවෝ දේශනා කළා. අමු­සො­හො­න්වල, ගස් බෙන­වල ආදි තැන්වල වස් නොවසා සුදුසු තැන්වල වස් වැසිය යුතු බව උන්ව­හන්සේ දේශනා කළා. ජන­තා­වගේ ගොඩ­නැ­ඟුණු විරෝ­ධ­තාව මත බුදු හාමු­දු­රුවෝ විනය ශික්ෂා­වක් පැන­වීමේ ප්‍රති­ඵ­ල­යක් තමයි කියලා ඒ අනුව වස් සමය කියන්නේ කියලා පැහැ­දි­ලියි.

චීවර පූජාව යනු­වෙන් හඳු­න්වන්නේ කුමක්ද?

චීවර පූජාව වස් වැසීමේ කර්ම­යෙන් බොහෝ කල­කට පසුව පැමි­ණියේ. ඔය විනය නීතිය පැන­වූයේ බුදු­හා­මු­දු­රුවෝ බුද්ධ­ත්ව­යට පත් වෙලා අවු­රුදු විස්ස­කට විතර පසු­වයි. කඨින කඳ­කය කියලා මහා වග්ග­පා­ලියේ තවත් පරි­ච්ඡේ­ද­යක් තියෙ­නවා. එහි කඨි­නය සම්බන්ධ විව­ර­ණ­යක් තියෙ­නවා. පාවා­යික භික්ෂුන් වහ­න්සේලා තිස් නමක් වස් සමා­දන් වෙලා බුදු­ර­ජා­ණන් වහ­න්සේ­ගෙන් කම­ට­හන් ගන්න වැඩියා. වර්ෂා සමය නිසා උන්ව­හ­න්සේලා බුදු­හා­මු­දු­රුවෝ බැහැ දකි­න්නට නොහැකි වුණා. සාකේත නුවර උන්ව­හ­න්සේ­ලාට වැඩ සිටියා. වර්ෂා සමය අව­සන් වුණාට පසු උන්ව­හ­න්සේලා බුදු­හා­මු­දු­රුවෝ බැහැ දකි­න්නට නැව­තත් වැඩියා. ඒ අව­ස්ථා­වේදී උන්ව­හ­න්සේ­ලාගේ සිවුරු තෙත බරිත වෙලා තිබුණේ. ඒ වෙලාවේ බුදු හාමු­දු­රුවෝ දේශනා කළා තිබෙන සිවු­රට අති­රේ­කව තවත් සිවු­රක් තිබුණා නම් තෙත නැති සිවුරු ඇඳ­ගන්න තිබුණා නේද කියන අද­හස උඩ අති­රේක චීව­ර­යක් ගැන කතා වුණා.

වස් පවා­ර­ණය කරන වප් පොහො­යත් ඉල් පොහො­යත් අතර මාස­යක කාලය තුළ කඨින පින්කම් පටන් ගන්නවා. කඨි­නය කියන්නේ කුමක්ද?

කඨින චීවර කියන්නේ තුන් සිවු­රෙන් එකක්. තනි­පට සිවුර, දෙපට සිවුර, අඳන සිවුර යන තුන් සිවු­රෙන් එකක් කඨි­නය වශ­යෙන් පූජා කරන්න පුළු­වන්.

ශ්‍රී ලංකාවේ කඨින පින්කම් ආරම්භ වෙන්නේ කෙසේද?

ශ්‍රී ලංකාවේ කඨින පින්කම් රජ­ව­රුන්ගේ මූලි­ක­ත්ව­යෙන් ආරම්භ වුණු බවට ග්‍රන්ථ­වල සඳ­හන්. මහා වංශය ආදි ග්‍රන්ථ­වල මේ බව සඳ­හන්.

කඨින පින්කම සිදු කිරීම විශාල පරි­ව­ර්ත­න­ය­කට ලක් වෙලා නේද?

විනය කාලෙන් කාලෙට, සමා­ජ­යෙන් සමා­ජ­යට, සංස්ථා­වෙන් සංස්ථා­වට, ආය­ත­න­යෙන් ආය­ත­න­යට වෙනස් වෙනවා. කඨින පින්කමේ ස්වරූ­ප­යත් ඒ වගේ දැන් වෙනස් වෙලා තියෙ­නවා. ඒත් මූලික හර­යට හානි­යක් නොවන පරිදි වෙනස් වෙන්න ඕනෑ. නමුත් බුදු­හා­මු­දු­රුවෝ දේශනා කළ මූලික හර­යට සපුරා වෙනස් විදි­හට මහා පරි­ව­ර්ත­න­යක් වෙලා තියෙ­නවා. එය භයා­න­කයි.

එය පැහි­දිලි කළොත්?

ඇතැම් විට ඇතැම් හාමු­දු­රු­ව­රුන් වස් සමා­දන් වුණු දව­සේම චීව­ර­යක් දාය­ක­ය­කුගේ නිව­සක තැන්පත් කර­නවා. එතන පුද සත්කාර කිරී­මෙන් අන­තු­රුව තවත් නිව­සක තැන්පත් කර­නවා. මාස තුනේ ම ගෙයින් ගෙට මේ විදි­හට චීව­රය ගෙන යනවා; ඒක සම්පූ­ර්ණ­යෙන් ම වැරදි ක්‍රියා­වක්; එය විනය විරෝධී ක්‍රියා­වක්. ඒ සමඟ ජන­තා­වට බරක් පැට­වෙ­නවා. චීව­රය තියෙන නිවෙ­සට වන්ද­නා­මාන කරන්න ඥාතීන්, හිත මිත්‍රා­දීන් එනවා, ඒ අයට සංග්‍රහ කරන්න ඕන; ඒ ආදී වශ­යෙන් ආර්ථික වශ­යෙ­නුත් විශාල අප­හ­සු­තා­වට පත් වෙනවා. මාස තුන අව­සන් වුණාම අලි ඇතුන් සහිත පෙර­හ­ර­ව­ලින් වස් වැසීම අව­සන් කර­නවා. දළඳා මාලි­ගාවේ පෙර­හැර වාගේ තමයි දැන් කඨින පෙර­හැ­ර­වල් කරන්නේ; ලක්ෂ ගණන් විය­දම් කර­නවා. විනය වෙනස් වුණාට මේ විදි­හට පරි­ව­ර්ත­නය වීම නම් අති­ශය භයා­න­කයි. දැන් ඒ තත්ත්ව­යට පරි­ව­ර්ත­නය වෙලා තියෙන්නේ. ඒ නිසා මේ ක්‍රියා­ව­ලිය මුදල් උපයා ගැනීමේ ව්‍යාපා­ර­යක් කියන වච­නය මා පාවිච්චි කර­නවා.

භික්ෂුන් වහ­න්සේලා කඨින පින්කම සිදු කිරීම සම්බන්ධ ව අද­හස් පළ කළා මත­කයි

කඨින චීව­රය ගෙයින් ගෙට යන්න පටන් ගත්ත මුල් කාල­යේදී, ඒ කියන්නේ අවු­රුදු දොළ­හ­කට විතර උඩදී අපි ඉල්ලී­මක් කළා මේ වැඩේ කරන්න එපා කියලා. බැරිම තැන පුව­ත්පත් හරහා ඉල්ලා සිටියා; මේ විප­ර්යාස ඉතා භයා­න­කයි කියලා. ඒ ක්‍රියාව ලත් තැන ලොප් කරන්න කියලා අපි එදා කිව්වේ; නමුත් ඒක වුණේ නෑ. ඒ නිසා මේවා පිළි­බඳ ධර්ම පර්යේ­ෂ­ණා­ලයේ සිටින ස්වාමීන් වහ­න්සේලා වශ­යෙන් ඍජු ලෙස ම දැන් කිය­නවා; අද වන විට කඨින පින්කම් ක්‍රියා­ව­ලිය ජන­තා­වට ඉතා විශාල බරක් බවට පත්වෙලා. එහෙම වෙන්න බෑනේ. අද ගොඩක් අය ණය වෙලා, එක්කෝ පොලි­යට මුදල් අරන් පින්කම් කරන්නේ. ණය වෙලා, පොළි­යට මුදල් අරන් පින්කම් කරන්නේ කොහො­මද? සතු­ටින් යමක් දෙන එකනේ පින්කම. යහ­පත්ව ජීව­ත්වීම පින්ක­මක්නේ. අලි ඇතුන් සහිත කඨින පින්කම් කරන්න පුළු­වන් දාය­ක­යන් ඉන්න පුළු­වන්. ඒ වුණාට එසේ කිරී­මට නොහැකි දාය­ක­යොත් ඉන්න­වානේ. එත­කොට ඒ පන්ස­ල්වල ඉන්න හාමු­දු­රු­ව­රුන්ට හා දාය­ක­යන්ට ගැට­ලු­වක් මතු වෙනවා; අනේ අපේ පින්කම දුප්පත් පින්ක­මක් කියලා. මේ පින්කම අපට හොඳට කර­ගන්න බැරි වුණානේ කියලා හිත­නවා. ඒ වගේ සංකල්ප රාමු ගොඩ­න­ඟා­ගන්න ඉඩ දෙන්න හොඳ නෑ. මේ පිළි­බඳ ගරු­තර සංඝ­ර­ත්නයේ අව­ධා­න­යට ලක්විය යුතුයි. කඨින පින්කම පොදුයි. එය පොදු බව­කින් පැවැ­ත්විය යුතුයි. පෙර­හැ­රක් කර­නවා නම් වෙනම කරන්න ඕනෑ.

ඒ විදි­හට කඨින පින්ක­මක් කිරීමේ පොදු ක්‍රම­යට පැමි­ණිය යුතුයි කියලා නේද?

අපි සම්මු­ති­යක් එළ­ඹෙන්න ඕනෑ; අපට මොන තරම් බල­පු­ළු­ව­න්කාර දාය­ක­කා­ර­කා­දීන් හිටි­යත් අපි දැන් කරන විදි­හට නෙවෙයි කඨින පින්කම කරන්නේ කියලා. අපි කඨින පින්කම කරන්නේ පැරණි සම්ප්‍ර­දා­යට ගරු කර­මින් මිනි­සුන්ගේ කුස­ල­ත්වය වර්ධ­නය වන අයු­රින් සංවි­ධා­නය කරන්න ඕනෑ.

කඨින පින්ක­මින් පව් සමා­වෙන බව කියන එක සත්‍යක් ද?

කඨින පින්ක­ම­කින් මහත් ආනි­සංස ලැබෙ­නවා කියලා කිය­න­වානේ. මේ ආනි­සංස ලැබෙන්නේ කොහො­මද කියලා අපි විව­ර­ණය කරලා නෑ. ඇතැම් අය හිත­නවා මුළු ජීවිතේ පුරා­වට වැරදි දේවල් කරලා කඨින පින්ක­මක් කළාම පව් සමා වෙනවා කියලා. එහෙම වෙන්නේ නෑ, මේකත් සිවුරු පූජා­වක් විත­රයි.

මේ පින්කම කිරීමේ ප්‍රති­ඵ­ලය කුමක්ද?

හැබැයි මේ පින්ක­මේදී අපි මාන­සික වශ­යෙන් වෙන පින්ක­ම්ව­ලට වැඩි වාර ගණ­නක් පින්කම ගැන හිත­නවා. මාස තුනක් තිස්සේ මේ ගැන කල්පනා කර­නවා. ඒක තමයි මූලි­කම හේතුව. ආන­න්ත­රීය පාප කර්ම­යක් සිදු­වෙන්නේ කොහො­මද ආදී කියන සිද්ධා­න්ත­යන් මත ඉඳ­ගෙන මේ කාරණා විව­ර­ණය කරන්නේ. කඨින පින්ක­ම­කදී මිනි­සුන්ගේ ශ්‍රද්ධාව වැඩි වෙනවා. හැබැයි අමූ­ලික ශ්‍රද්ධාව ගැන නෙවෙයි මේ කියන්නේ. විම­ර්ශ­න­ශීලි ශ්‍රද්ධා­වක් ගැනයි මෙත­නදී කතා කරන්නේ. ශ්‍රද්ධා කියන්නේ බුදු­ර­ජා­ණන් වහන්සේ විශ්වාස කිරීම. ඒ නිසා බුදු­ද­හ­මට අනු­ග­තව ජීවත් වීමයි ශ්‍රද්ධාව කියන්නේ. නිවැ­රදි සංකල්ප මත ගොඩ­නැ­ඟුණු ජීවන රටා­ව­කට හුරු­වී­මයි ශ්‍රද්ධා­ව­න්ත­කම කියන්නේ; ශ්‍රද්ධාව වර්ධ­නය කිරීම ඉන්ද්‍රී­යයි. ඒ නිසා මේ කඨින පින්ක­මේදී වීර්ය වැඩි­වෙ­නවා. සිහිය වැඩි­වෙ­නවා. නමුත් බොහෝ විට හතර පේරුවේ දාය­කයෝ රණ්ඩු වෙනවා පින්කම් කරන්න ගිහින්. අස­වල් අය කඨින පින්කමේ මූලි­ක­ත්වය අර­ගෙන තියෙන්නේ, ඒ නිසා අපි ඒ අයට සහය දෙන්නේ නෑ කියන දාය­ක­යන් ඉන්නවා.

එසේ නොවී අපේ ප්‍රඥාව, බුදු දහම පිළි­බඳ ගැඹුරු අව­බෝ­ධය වැඩි කර­ගන්න ඕනෑ. ඒ නිසා ඉන්ද්‍රී­ය­යන්ගේ පරි­පා­ක­ත්වය නිසා අපට මේ පින්කම කරන වාර සංඛ්‍යා­වත් ඒ පිළි­බඳ මනසේ රැඳෙන වාර සංඛ්‍යා­වත් වැඩි නිසා සම­හර විට මර­ණා­සන්න මොහො­තේදී මේ පින්කම සිහි­පත් වීමේ ප්‍රව­ණ­තාව වැඩි වෙන්න පුළු­වන්. ඒක තමයි මූලි­කම හේතුව මේ පින්ක­මෙන් පින් ලැබී­මට.

ඒ වගේම කඨින පින්කම් කාල­යේදී විහා­ර­ස්ථා­නය වැඩි­දි­යුණු වීම, මිනි­සුන්ගේ සම­ඟිය වැඩි­වීම, ඔවුන්ගේ ප්‍රඥාව වැඩි­වීම, සිදු­වෙන කාල­යක්.


සම්බන්ධිත පුවත් | Related News

රාජ්‍ය බුද්ධි අංශයේ ප්‍රධානියාව සිටි මේජර් ජනරාල් සුරේෂ් සලේ මහතාගේ බිරිඳ අනුර දිසානායක ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමුකරමින් ලිඛිතව ඉල්ලීම් කිහිපයක් ඉදිරිපත් කර තිබේ.
දිලීප පීරිස් දිහා බැලුවම මට පෙනෙන අනිවාර්ය ලක්ෂණ කිහිපයක් තියෙනවා.
එක්සත් රාජධානියේ සෙන්ට්‍රල් ලැන්කෂයර් විශ්වවිද්‍යාලය විසින් ලංකාවේ පෞද්ගලික විශ්වවිද්‍යාලයක් ආරම්භ කිරීමට එරෙහිව එවකට සමාජවාදී ශිෂ්‍ය සංගමයේ කටයුතු කළ වර්තමාන සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස සිදුකළ ප්‍රකාශයක් පහත වීඩියෝවේ දැක්වේ.
ලංකාවේ මිනිස්සු රනිල්ට රැවටෙන එක නවත්ත ගන්න පුලුවන්. රටේ පැත්තෙන් ගත්තොත් මිනිස්සුන්ට හැමතිස්සෙම රනිල් ගැන පොඩි හරි සැකයක් තියෙනවා. අනුර ගැන උනත් එහෙමයි. දූෂණය වංචාව ගැන මොනවා කිවුවත් අනුරට ජාතිය ආගම ප්‍රශ්නයක් ආවොත් මිනිහා හිට ගන්නේ අනිත් පැත්තේ කියලා මේ අවුරුදු දෙකට චන්දේ දිපු 68 ලක්ෂෙන් අඩුම ගානේ 40 ලක්ෂයකට දැන් ප්‍රත්‍යක්ෂයි.
බටහිර අධිරාජ්‍යවාදීන් විසින් සාදා දෙන කතන්දර කිසිම වග විභාගයකින් තොරව එලෙසම ප්‍රචාරය කිරීමට ඇතැමුන් දක්ෂ බවත්, චීනයේ 1958 දී ආරම්භ කළ 'සතර පලිබෝධ මර්ධන ව්‍යාපාරය' පිළිබඳවද ඇතැමුන් එලෙසම වැරදි ප්‍රචාර දියත් කරන බවත් ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති මහතා පවසයි.
ජනතා විමුක්ති පෙරමුණේ පැලවත්තේ පිහිටි පක්ෂ මූලස්ථානය කියන්නේ 2004 වසරෙන් පස්සේ සිංහල බෞද්ධ ජනතාවගේ බහුතර ඡන්දයෙන් පත්වුණු මන්ත්‍රීවරුන්ගේ වැටුප් වගේම සාමාන්‍ය පාක්ෂිකයන්ගේ දායකත්වයෙන් එකතු වුණු දැවැන්ත අරමුදලකින් හැදුණු තැනක්. එදා පක්ෂයේ ආරම්භකයා වුණු රෝහණ විජේවීරයන් පවා බුදුදහමට සහ මහා සංඝරත්නයට දේශපාලනික වශයෙන් සුවිශේෂී තැනක් දුන්නා.
අද දවසේ විවිධ මාධ්‍ය ඔස්සේ තොරතුරු පරිශීලනය කරන බොහෝ දෙනෙකුට, දිනපතා ලැබෙන පුවත් අවුල් සහගත ඒවා ලෙස පෙනී යයි. යුක්රේනයේ පවතින යුද්ධය. තායිවාන සමුද්‍ර සන්ධියේ හට ගෙන ඇති ආතතීන්. ඉරානය සමඟ ඇමෙරිකාව පැටලී ඇති සෙවනැලි යුද්ධය.
Alexander Cunningham යනු ඉන්දියානු පුරාවිද්‍යා ඉතිහාසයට ඉතා බලපෑම් කළ පුද්ගලයෙකි. ඔහු බෞද්ධ ස්ථාන, අශෝක ශිලා ලේඛන, පැරණි නගර සහ චීන සංචාරක වාර්තා භාවිතයෙන් ඉන්දියාව හා දකුණු ආසියාවේ බොහෝ ස්ථාන හඳුනාගැනීමට උත්සාහ කළේය.

ප්‍රධාන පුවත්

මහා සංඝරත්නයට, සම්බුද්ධ සාසනයට ද්වේෂසහගතව අගෞරව කිරීම පිළිබඳව කුප්‍රකට

සිදත්ත තිලකසිරි හෙවත් "සුදා" නමැති කුප්‍රකට අන්වර්ථ නාමයෙන් හඳුන්වන යූටියුබ් කරුවකුට එරෙහිව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් ලිඛිතව පොලිස්පතිට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.

ගම්මන්පිල සහ ඉන්දීය නීති සමාගමේ පාලන හවුල්කරු සුරනා අතර හමුවක්.. සාකච්ඡාව පිටුපස සැඟවුනු ඉන්දීය න්‍යාය පත්‍රයක් තිබුනාද?

ඉන්දීය නීති සමාගමේ පාලන හවුල්කරු ආචාර්ය විනෝද් සුරනා සහ පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා අතර හමුවක් සිදුව ඇති බව වාර්තා වේ.

චීනය සහ ශ්‍රී ලංකාව දේශසීමා හරහා සිදුවන මාර්ගගත සූදු හා විදුලි සංදේශ වංචා මර්දනය කිරීමට දැඩිව එක්ව ක්‍රියා කරනවා!-ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය

ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටින්නේ එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්යාලය (UNODC) ද පෙන්වා දෙන ආකාරයට මාර්ගගත වංචා මධ්‍යස්ථාන අග්නිදිග ආසියාවේ සිට අනෙකුත් කලාප වෙත ව්‍යාප්ත වෙමින් පවතින බවයි. එලෙසම අපරාධ ජාල මිනිස් ජාවාරම් සමඟ වඩාත් සංකීර්ණ ලෙස සම්බන්ධ වෙමින් ඇති බවද එම නිවේදනය පවසයි.එලෙසම චීන ජාතිකයන් මෙම අපරාධවල ප්‍රධාන ගොදුරු කණ්ඩායම් අතර සිටින බවද තහවුරු වී තිබෙන බවද එම නිවේදනය මගින් පවසයි.

සිංහල ජාතිකවාදී රාජ්‍ය ජාතිය ආගම පදනම්කර ගෙන වර්ග සංහාරයක් සිදුකළා.. දෙමළ ජනතාවට එරෙහිව වර්ග සංහාරයක් සිදුකළා කියලා උතුරු පළාත් සභා ප්‍රකාශනයෙන් කියවෙනවා.. - ජීවන්ත පීරිස් පූජකවරයා යළිත් කියයි..

දකුණේ සිංහල ජාතිකවාදී රාජ්‍ය ජාතිය ආගම පදනම්කර ගනිමින් වර්ග සංහාරයක් සිදුකර ඇති බවත්, එය ආරම්භ වූයේ උතුරට එරෙහිව නොව දකුණට එරෙහිව බවත් ජීවනිත පීරිස් පියතුමා පවසයි.

භාණ්ඩාගාර කොල්ලය ගැන භාණ්ඩාගාර වාර්ෂික වාර්තාවේ කිසිම සඳහනක් නෑ.. - රජිත් කීර්ති තෙන්නකෝන්

මහා භාණ්ඩාගාරයේ සිදුවූ අපකීර්තිමත්ම මංකොල්ලය ඩො.මි. 2.5 ක මුදල තුන්වන පාර්ශවයක් අතට පත්වීම පිළිබඳ මුදල් අමාත්‍යාංශයේ 2025 වාර්ෂික වාර්තාවේ කිසිදු සදහනක් නොවේ යයි හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් මහතා පවසයි.

සහල් ආනයනය කරන්නේ ජනතාවට සහන සැලසීමේ අරමුණින් නොවේ.. නිලධාරීන්ගේ සහ ඇමතිවරුන්ගේ අතයට කොමිස් ලබාගැනීමේ "ජානගත බැඳීමක්" නිසා.. - ජාතික ගොවිජන එකමුතුවෙන් චෝදනා

රට තුළ අවශ්‍ය තරම් සහල් සහ වී සංචිත පවතිද්දී නැවත සහල් ආනයනය කිරීමට කටයුතු කළහොත්, වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ පාරිභෝගික කටයුතු අමාත්‍ය වසන්ත සමරසිංහට ගමට එන්න ඉඩ නොතබන බවට ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් අනතුරු අඟවයි.

ජනපති අනුර හන්දි හන්දි ගානේ කියන ඩොලර් මිලියන 1,000 ක සංචිතයක් නෑ.. - රජිත් කීර්ති තෙන්නකෝන්

'ජනපති අනුර කුමාර දිසානායක මැතිතුමා හන්දි හන්දි ගානේ කියන ඩොලර් මිලියන 1,000 ක සංචිතයක් නෑ. 2026 ජනවාරි 1 දාට භාණ්ඩාගාරයේ මුදල් ශේෂය රු.මිලියන 915 යි. 2024 දෙසැ. 31 වෙනිදා වන විට රු.බිලියන 805 ක් භාණ්ඩාගාරයේ මුදල් ශේෂය තිබුණා. රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව ගෙදර යවන කොට බිලියන 800 ක් තිබුණා. මේ ආණ්ඩුවේ පළමු අවුරුද්ද තුල භාණ්ඩාගාරයේ මුදල් ශේෂය වැඩිවුනේ රුපියල් බිලියන 110 කින් විතරයි' යැයි හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් මහතා පවසයි.

බටගොඩ 'සෙනෙහසේ කැදැල්ල' වැඩිහිටි නිවාසය සම්පූර්ණයෙන්ම ගිනිබත් වෙයි.. - 11ක් මරුට - තුනක් අතුරුදන්

අඟුරුවාතොට, බටගොඩ ප්‍රදේශයේ වැඩිහිටි රැඳවුම් මධ්‍යස්ථානයක හටගත් ගින්නෙන් පුද්ගලයින් 11 දෙනෙකු මියගොස් තවත් තිදෙනෙකු අතුරුදන්ව ඇති බව පොලීසිය පවසයි.

ගෝඨාභය කොටු කරන්න නින්දිත වෑයමක් ක්‍රියාත්මකයි.. - සරත් වීරසේකරගෙන් හෙළිදරව්වක්

පාස්කු ප්‍රහාරය විමර්ශන වලදී ISIS ත්‍රස්තයන් පිටුපස නොයා ගෝඨාභය සහ සුරේෂ් සලේ පිටුපස යාමෙන් පෙනෙන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුව මෙම පාස්කු ප්‍රහාරය ගෝඨාභයගේ පිට දැමීමට දරණ නින්දිත උත්සාහයක් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර මහතා පවසයි.

හුදෙකලා සිද්ධීන් පදනම් කර ගනිමින් මහා සංඝරත්නයට අපහාස කිරීමේ දැවැන්ත කුමන්ත්‍රණයක් ක්‍රියාත්මකයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි

හුදෙකලා සිද්ධීන් පදනම් කර ගනිමින් මහා සංඝරත්නයට අපහාස කිරීමේ දැවැන්ත කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බව මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියෝ පවසති.

අනු‍ර මේ ගෙනියන්නේ අහිංසකයන්ගේ ලේ උරා බොමින් ගජමිතුරන්ට “රෝල්ස් රොයිස්” පුදන නරුම පාලනයක්.. - විමල් වීරවංශ

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) කොන්දේසි ඉදිරියේ දණ නමා, කිසිදු හෘද සාක්ෂියක් නොමැතිව රටේ පොදු ජනතාව මත බර පිට බර පටවමින්, පහළ පන්තියේ මිනිසාගේ ලේ උරා බොන ඉතාම නරුම සහ දුෂ්ට පාලනයක් වත්මන් රජය විසින් ගෙන යමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ජනාධිපතිවරයාට හා රජයට දැඩි ප්‍රහාරයක් එල්ල කරමින් ප්‍රකාශ කරයි.

සුරේෂ් සලේ සිය දිවි නසා ගැනීමේ අවදානමක්..

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත රඳවා ප්‍රශ්න කරමින් සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේස් සලේගේ සෞඛ්‍ය තත්වය සම්බන්ධයෙන් තොරතුරු ඉදිරිපත් කිරීම සඳහා හෙට (04) අධිකරණයේ පෙනී සිටින ලෙසට නියෝග කරමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට අද (03) නොතීසි නිකුත් කළේය.

ගෝඨාභයට සහ හමුදා නිලධාරීන් දෙදෙනෙකුට විදෙස් ගමන් තහනමක්..

පාස්කු ඉරුදින ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සහ හමුදා නිලධාරීන් දෙදෙනෙකුට විදේශ ගමන් තහනමක් පැනවීමට කොටුව මහෙස්ත්‍රාත් පසන් අමරසේන මහතා නියෝග කළේය.

නීතීඥ සංගමයෙන් ජනපතිට දැඩි විරෝධයක්..

ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනාධිකරණය ඇතුළු අධිකරණ ක්ෂේත්‍රයේ සාමාජිකයන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම අරමුණු කරගනිමින් යෝජනා වී ඇති කිසිදු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ඉදිරියට ගෙන නොයන ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමය (BASL) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉල්ලා සිටියි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.