බටලන්දෙන් ඔබ්බට... මහාචාර්ය අතුල සුමතිපාල
මේ දිනවල බටලන්ද යලි කරලියට ඇවිත් තිබේන හෙයින් ඒ ගැන කතා කරන්න මට යුතු කමක් වගකීමක් වගේම අයිතියක් ද ඇති බව මගේ අදහසයි.
බටලන්ද හා වැඩියෙන්ම බැදුන නම නීතිඥ විජේදාස ලියනාරච්චි ය. විජේදාස සහෝදරයව මම හදුනන්නේ නීතිඥයෙක් වෙන්නටත් බොහෝ කලකට පෙර පංචිකාවත්ත පක්ෂ කාර්යාලයේදී ඉද හිට මුණ ගැහුනු සමයේ සිටය. ඔහු මට වැඩියෙන්ම ලංව කටයූතු කරන්නේ 1979 පාර්ලිමේන්තු අතුරු මැතිවරණයේදී ය. එවකට මම වෛද්‍ය ශිෂ්‍යයෙක්මි.
මම, නිහාල් අබේසිංහ හා දර්ශන වීරසේන ඒ දිනවල ගාල්ලේ පදිංචි වෙලා චන්දෙට වැඩ කලා. ගාල්ලේ ප‍්‍රධාන පක්ෂ කාර්යාලය පිහිට තිබුනේ ගිංතොට අපේ තාත්තගේ මහා ගෙදර. චන්දයේ ප‍්‍රධාන කථිකයකු වූනු විජේදාස සහෝදරය නැවතිලා හිටියේත් එහෙ. මට ඔහු අවසාන වතාවට මුණ ගැහුනේ 1988 ජුලි 19වන දින මාව පැහැර ගැනීමට සති දෙකකට පමණ පෙර ය. ඒ් දින රෝගාතුරව සිටි ඔහුගේ මෑණියන් මහ රෝහලට ඇතුල් කර ගැනීමට ඔහු මගේ උදව් ඉල්ලූවේය.
මව සුවවී නැවත නිවසට යන විට එවකට මා වෛද්‍ය වෘත්තියේ රාජකාරියට මෙන්ම යම් ආකාරයක පක්ෂයේ සම්බන්ධිකරණ කටයුතු සදහා යොදාගත් වෝඞ් පෙදෙසේ පෞද්ගලික රෝහලට පැමිණි ඔහු මට ස්තූති කර ගියාය.
මා පැහැර ගත් පසුව අප වෙනුවෙන් කල නීති කෘත්‍යයන් වලිදී ද ඔහු උසාවියට පැමිණ ඒවා ගැන සොයා බැලූ බව මට මගේ පියාත් බිරිදත් කියා ඇත.
ගම්පහ වදකගාරයෙන් සපුගස්කන්ද පොලිසියට මා ගෙනගිය පසුව ඒහි පැමිණි එවකට පොලිස්පති අර්නස්ට් පෙරේරා මහතා මගෙන් විමසුවේ ” විජේදාස ලියනාරච්චි අවසාන වතාවට මුණගැහුනේ කවද ද? කුමකට ද? කියා ය. ඒ වන විට විජේදාස සහෝදරයා මරා දමා තිබිණි. ඒ නිසා මා සත්‍ය කතාව ඔහුට පැවසීය. ඒවිට පොලිස්පතිවරයා කියා සිටියේ ඔහු ද කිවේ ද ඒ ටිකම යන්නයි. ඔහු මොනතරම් දේවල් රැක තිබුන ද යන්න ට එය ම සාක්කියකි.
බටලන්ද ගැන කතා කල යුතුය. ක‍්‍රියා කල යුතුය. එහෙත් ඉන් ඔබ්බට කතා කල යුතු වදකාගාර බොහෝ ඇත.
1987 නොවැම්බර 13 පැහැර ගෙන ගොස් මරා දැමු සත්‍යපාල වන්නිගම ගේ කතාවද විජේදාස සහෝදරගේ කතාවට සමානය. 1983 නීති විරෝධී හා සදාචාර විරෝධී ලෙස ජවිපෙ තහනමින් පසු ( ඇයි මම එහෙම කියන්නේ? 1983 වන විට ජවිපෙ තහනම් කලේ අල්පෙනෙත්තක් හෝ එකතු නොකළ අවදියක* ඔහු, මම, පක්ෂ ලේකම් ලයනල් බෝපගේ, වත්මන් ජාතික ජනබලවේගයේ ලේකම් නිහාල් අබේසිංහ, භාන්ඩාගරික සෝමරත්න කලූආරච්චි, පසුකලෙක ජවිපෙ මන්ත‍්‍රීවරයකු වූ විජිත රණවීර ඉංජිනේරුවන් වූ ලලිත් චන්ද්‍රසිරි හා විරාජ් ප‍්‍රනාන්දු ඇතුළු 13 දෙනෙකු හතර වන තට්ටුවේ රදවා සිටියේය.
1983 දෙසැම්බරයේ නිදහස් වුවාට පසුව ලලිත්, විජිත, මම හා වන්නිගම බොහෝ ලගින් කටයුතු කල අතර යටිබිම් ගත නොවීය. වන්නිගමගේ සහෝදරයාගේ මවද රෝගාතුරව මහා රෝහලට ඇතුල් කර ගැනීමට ඔහු මගේ උදව් ඉල්ලූවේය. අම්ම සනීප වෙලා ඇය හම්බන්තොට දබරැල්ල, කාරියමඩිත්තට වාහනයකින් ගෙන යාමට ලොකු මුදලක් ඉල්ලූ නිසා මමත් මගේ බිරිදත් වන්නිගම හා ඔහුගේ මව එහි ගෙන ගියේ මගේ රථයෙනි. වන්නිගම මරාදැමුවේ ඊට මාසයකට පමණ පසුව ය. වන්නිගම කට ඇරියේ නම් මා පැහැර ගැනීමට තවත් මාස හත අටක් ගත වන්නේ නැත.
ඒ වගේම 1990 දී පක්ෂය නැවත ගොඩනැගීමට මම, කිතුලේගොඩ මෙන්ම තවත් අය සමග දඩි කැපවීමකින් මැදිහත් වූ භාෂා ගණනාවක් කතා කල තරු පහේ හෝටල් කළමණාකරුවෙකු වූ කොළොන්නාවේ වීතානගේ සහෝදරයා පැහැර ගෙන ගොස් දස වද දුන්නේ බටලන්ද වධකාගාරයේදී ය. මරා දැමුවේ ගම්පහ වදකගරයේදීය.
වීතානගේ සහෝදරයා ව දස වධ දී මරා දැමිම, ඇසි දුටු ජීවමාන සාක්ෂි කරුවක් ඒ කාලයේ ලේඛන ගත කල තොරතුරුද අදටත් අප සතුය. එහි සදහන් ව ඇති අයුරෙන් ඔහු ද කෙල බිදක් වත් හැලූවේ නැත.
මා රදවා සිටියේ ගම්පහ පොලිසියට අයත් වධකාගාරයකය. බටලන්දට සාපේක්ෂව එහි දී දුන් වද බන්ධන අඩු බව මා අසා ඇත. එහෙත් මා විදි වද බන්ධන වල බරපතල කම දන්නා මට විජේදාස සහෝදරයා, වන්නිගම සහෝදරයා, විතානගේ සහෝදරයා මොනතරම් බරපතල වද හිංසා ඉවසන්නට ඇත්දැයි සිතා ගැනීමට පුළුවන.
මා මෙහි සටහන් තැබුවේ අදට අදාළ සිදුවීම් කීපයක් පමණකි. එහෙත් මේ ලියමන අවසාන කිරීමට පෙර තැබිය යුතු අත්‍යවශ්‍ය සටහනක් ඇත. ඒ් 1987-90 සන්නද්ධ නැගිටීමේ මුල් වරද කරුවන් ජවිපෙ නොවන බවයි.
1976 හදිසි නිතිය ඉවත් වීමෙන් පසු නිත්‍යානුකුල දේශපාලනයට ජවිපෙ පැමිණියාට පසුව 1983 තහනම දක්වම නිරායුධ ජවිපෙට එරෙහිව මර්ධනය මෙහෙයවූ අයුරු, 1984 දී ජවිපෙ පළමු සමාජිකයා මරා දැමු අයුරු, 1997 දක්වාම එම මර්ධනය තීව‍්‍ර කල අයුරු ඉතිහාසයේ සිදුවූ අයුරින්ම සටහන් කිරීමේ වගකීම අහම්බෙන් ඉතිරි වූ අපට පැහැර හැරිය නොහැකි වගකීමකි.
කවුරුන් අකමැති වුවත් තවත් එක සත්‍යයක් සටහන් කල යුතුමය. සන්නද්ද අරගලයට් අද ලෝකයේ කිසිදු තැනක් නැත. අද එය සේවය කරන්නේ රටවල් කැබලි කර වෙන් කිරීමටය. ප‍්‍රතිගමිත්වයටය. එහෙත් එදා 1988 දී ජවිපෙ යුද ගත්තේ රටේ ඒකීය භාවය රැකීමටය. එම සන්නද්ධ නැගිටීම නොවන්නට මේ රට දෙකඩ වන්නේ එදා ය.
ඒ නිසා එම ඉතිහාසය වෙනුවෙන් පෙනී සිටීමට කිසිදු ලෙසකට නොපැකිළෙමි.
ජවිපෙට පමණක් නොව අනෙක් සියලූ පක්ෂ අඩු වැඩි මට්ටමින් මර්ධනය කල අයුරු, උතුරට, දකුණට භීෂණ නිර්මාණය කල අයුරු කරලියට ගෙන යුතුව ඇත. එහෙත් ඒ වෛරය වැපිරීමට නොව ඉතිහාසය නැවත වතාවක් නිර්මාණය වීමට ඉඩ නොදීම සදහා පාඩම් ඉගෙනීමටය යන්න තරයේම අවධාරණය කරමින් මෙම සටහන අවසන් කරමි.
ජවිපෙට එරෙහිව දියත් කල මර්ධනයෙන් අහම්බෙන් ඉතිරි වූ මම
මහාචාර්ය අතුල සුමතිපාල
2025-03-12සම්බන්ධිත පුවත් | Related News
ප්රධාන පුවත්
ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්‍රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..
නව ත්රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්
පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..
ප්රංශය ඇතුළු යුරෝපා රටවල උග්රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්රවංශගෙන් අනාවරණයක්..
බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්යය මගින් විනාශකාරී මහා සත්යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා
භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි
"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්රාත්වරයා රබර් මුද්රාවක් වෙලා": ත්රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා
අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්
ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)
කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්රාන්තයකින් වරෙන්තුවක්
ඇමරිකානු ජනපති ට්‍රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..
මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..
මුහුද යට කේබල් සහ AI මධ්යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..
ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්රවීන මාධ්‍යවේදී ධර්මශ්රී ගෙන් අනාවරණයක්..
බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..