News Category
From Date
To Date
Maximum Number of Result

ධාවනය කළ හැකි තත්ත්වයේ තිබෙන UD Nissan bowser 5 ක් විකුණන්න සූදානම්

Mar 6, 2025 at 09:40 AM
|

තෙල් බෙදාහරින්නන්ගේ ජරමර අස්සේ petroleum එකට අයත් ධාවනය කළ හැකි තත්ත්වයේ තිබෙන UD Nissan bowser 5 ක් විකුණන්න සූදානම් වෙනවා.
රජයෙන් කිව්වේ ආයතනවල තියෙන වියදම් අධික වාහන විකුණන්න කියලා.ඒ කතාව ඇත්ත. නමුත් මේ විකුණන්න ලෑස්ති කරන්නේ එහෙම වියදම් අධික වාහනද. ඒක තමයි තියෙන ගැටළුව.
වාහනවල maintainence cost එක අධික ද කියලා සොයන්න ක්රමවේද තියෙනවා.
ඒ කිසිම ක්රමයක් භාවිතා කරන්නේ නැතුව වාහනයේ Number plate එක දිහා බලලා වාහනේ විකුනන්න ලෑස්ති වෙනවා. ඔය Fleet එකේ වියදම් අධිකම වාහන තමයි Hino Prime mover 9 ය. ඒවා දුවන හැම කිලෝ මීටරයකටම පාඩුයි. දුවන හැම කිලෝමීටරයකටම Gearbox repair එනවා.
Spare parts සෑහෙන්න මිල අධිකයි. 2017 brand new මිලදී ගත්ත වාහන වල front windscreen beading එක ලගින් දිරුම් මතුවෙලා . Radiator expansion tank කිලෝමීටර් ලක්ෂ තුනයි දුවන්න පුළුවන්. ඒවා crack වෙනවා . අලුතින් දාන්න එකක් රුපියල් ලක්ෂ 3 ක් වෙනවා. Fleet එකේ අනික් වාහන එක්ක සලකනකොට කල් පැවැත්මත් අඩුයි.
මේ කතා කරන්නේ අවුරුදු නමයක් පෙට්රෝලියම් එකේ Automobile function එකේ හිටපු Engineer විදියට.
සාමාන්යයෙන් ආණ්ඩුවක් අලුතෙන් පත්වුනාම ඒ ආණ්ඩුවට Petroleum එක සම්බන්ධව අභියෝග කීපයක් එනවා.
1. විපක්ෂයෙන් එන බලපෑම්.
2. Petroleum එක හා සම්බන්ධව ගණුදෙනු කරන අනික් පාර්ශ්ව වල බලපෑම. ඒකට අදාළ වෙන්නෙ තෙල් බෙදා හරින්නන් සහ පුද්ගලික ටැංකි රථ හිමිකරුවන්.
මේ අය ඔවුන්ගේ වරප්රසාද දිනාගන්න අලුත් ආණ්ඩුවත් එක්ක සාකච්ඡා කරනවා.ඒක සාමාන්ය දෙයක්.
මේ ආණ්ඩුවට පෙර අනික් කිසිම ආණ්ඩුවකින් නොතිබිච්ච ප්රශ්න ගැටලු ඇතිවී තිබෙනවා.
1. විපක්ෂයෙන් එන දැඩි බලපෑම්.
2. ඇතැම් මාධ්ය වලින් එන බලපෑම්.
3.Petroleum එක හා සම්බන්ධව ගණුදෙනු කරන අනික් පාර්ශ්ව වල බලපෑම්.
4.තවමත් අනික් පක්ෂ සමග ගණුදෙනු කරන රාජ්ය නිලධාරීන්ගෙන් එන බලපෑම්.
5.Petroleum එක ඇතුලේ ඉන්න දූෂිත නිලධාරීන්
මේ ඇතිවන බලපෑම්වලින් බේරීමට petroleum පාලන අධිකාරිය ශක්තිමත් විය යුතුයි.
පළමුව කළ යුත්තේ තම ආයතනය ශක්තිමත් කර ගැනීම. දක්ෂ අවංක මිනිස්සු ළං කර ගැනීම. හැමදේම තමන් දන්නවා කියලා හිතලා වැඩ කරන්න ගියොත් ඇනගන්නවා.
වසර ගණනාවක් පුරාවටම වැරදි මාර්ගයේ ගිය ආයතනයක් තමයි මේ නිවැරදි මාර්ගයට ගන්න හදන්නේ.කෝටි ප්රකෝටි ගණන් වංචා වෙච්චි ආයතනයක්.
නමුත් අදටත් සිදු වෙච්ච එක හොරකමක්වත්, මුදල් අවභාවිතා කිරීමක්වත් අල්ලලා නෑ. ඒවා අල්ලනවා වෙනුවට වර්තමාන පාලන අධිකාරිය ඒ හොරකම් අල්ලලා දුන්න මගේ රැකියාව අහිමි කලා. වංචාවට දූෂණයට විරුද්ධව අද හඬ නගන union වල අයට , ආයතනයේ මිනිස්සුන්ට ඇහුම්කන් දෙන්නේ නෑ. වර්තමාන පාලන අධිකාරියෙහි මේ දූෂිත පුද්ගලයන් අල්ලන්න කිසිම පියවරක් නොගත්තාට රජයේ ඉහළ තනතුරක් දරන කෙනෙක් මේ පිළිබඳව ක්රියාමාර්ග ගනිමින් සිටිනවා සිටිනවා. ඒ ගැන මම පසුව සඳහන් කරන්නම්
අපි හන්දියේ තියෙන ෆිල්ම් හෝල් එකෙන් හොඳ සටන් චිත්රපටියක් බලලා ඒකෙන් එළියට ආවට පස්සේ ඒ ආපු ගැම්මට හන්දියේ ත්රිවිල් ස්ටෑන්ඩ් එකේ විජේ අය්යාගෙන් පරණ ඇරියස් එකකට ගේම ඉල්ලලා හරියන්නෑ. ස්ටෑන්ඩ් එකේ ඔක්කෝගෙන්ම කන්න වෙනවා සුපිරියටම.
ඊයේ පෙරේදා තෙල් බෙදා හරින්නන් රටේ ලොකු කලබලයක් ඇතිකරා.
ඒ එන්නේ කසකාරයා පෙරහැර තාම ආවේ නෑ.
හැබැයි පෙරහැර මග එනවා.
රටේ මිනිස්සුන්ට ප්රශ්න තියෙනවා ඒක අපි පිළිගන්නවා. පුද්ගලික ටැංකි රථ හිමිකරුවන්ටත් ප්රශ්න තියෙනවා. කොයි වෙලාවේ හරි එයාලගේ ප්රශ්නත් එයාලා කියනවා. ඊට අමතරව පහුගිය රජය කාලේ දුම්රිය මගින් තෙල් බෙදා හරින්න සැලසුම් කරා.ඒක ඉතාමත් ලාභදායකයි. නමුත් අපට ප්රමාණවත් දුම්රිය ඉන්ජින් නැහැ. ඒ සඳහා පෙට්රෝලියම් එකේ වියදමින් දුම්රිය එන්ජින් ගන්න සැලසුම් කරා. නමුත් ක්රියාත්මක කරන්න පුළුවන් වුණේ නැහැ. හැබැයි මේක කරන්න පුළුවන් වුනොත් Transport cost එක සැහෙන්න අඩුකර ගන්න පුළුවන්. ඒ සහනය ජනතාවට දෙන්න පුළුවන්.
වර්තමාන රජයත් මේ ප්රශ්නයට අත දානවා.ඒ අතදාපු දවසට පුද්ගලික ටැංකි රථ හිමිකරුවන් එළියට බහිනවා.
අන්න එදාට Petroleum එකට අයත් Bowser fleet එකේ වටිනාකම දැනෙන්න ගන්නවා. එදාට තමයි මම මේ කියන කතාව මතක් වෙන්නේ. අදට ධාවනය කරන්න පුළුවන් Bowser තියෙන්නේ 143 යි. ඒකෙනුත් තව තව කීපයක් අයින් කරනවා කියන්නේ කොතනින්ද නතර වෙන්න යන්නේ.
2023 අග භාගයේදීත් ඔය වගේම Bowser විකුණන්න සැලසුම් කරා.ඒකට මම සම්පූර්ණයෙන් විරුද්ධ උනා. ඒකට අයත් වුණේ 48 සහ 226 - xxxx කාණ්ඩයට අයත් UD Nissan bowser .
මම ඇහුවා ඉහළ නිලධාරීන්ගෙන් ඇයි ඔය bowser විකුණන්නේ කියලා. එයාල දුන්න උත්තරේ තමයි මේවා දුවන්න රියදුරන් කැමති නෑ කියලා. මං එතකොට ඇහුවා මේ ආයතනය පාලනය කරන්නේ ඔයාලාද රියදුරන් ද කියලා. එතනින් බවුසර් විකුණන එක නතර වුණා. හැබැයි ඔය bowser දුවන්න බෑ කියලා කිව්වේ රියදුරන් නෙමෙයි. නිලධාරීන් තමයි.
.............
ඔය ඇතැම් Bowser දුවන්න බෑ කියන එක පිටිපස්සේ සැඟවිච්ච කාරණාවක් තියෙනවා. 2022 වසරේදී අපි Petroleum එකට අයත් සියලුම bowser වලට gps unit සවිකරා. හැබැයි එතනදි කන්චන විජේසේකර අමාත්යවරයාටත් ,එවකට හිටපු සභාපතිතුමාටත්, ඉන්දික අනුරුද්ධ අමාත්යවරයාටත් ස්තූතිවන්ත වෙන්න ඕනේ කෙලින් තීරණ ගත්තට. අපි හොඳ දේට හොඳයි කියල කියන්න ඕනේ.
මොකද ඒක වලක්වන්න සෑහෙන්න අයගෙන් බලපෑම් ආවා. මාව GPS team එකෙන් අයින් කලා. ඊට පස්සේ Audit manager ඉල්ලීම මත සභාපතිතුමාගේ නියෝගයෙන් මාව නැවතත් Team එකට ගත්තා.
Petroleum එක ඇතුලේ රියදුරන් සහා රිය සහායකයන් වර්ග දෙකක් ඉන්නවා.
බහුතරයක් ඉන්නේ අවංක රියදුරන් සහ සහායකයන්. සුළුතරයක් ඉන්නවා running tank එකෙන් ඩීසල් හොරකම් කරන අය. මේක බොහොම සරුවට මේ අය කරගෙන ගියා. GPS හයි කරාට පස්සේ මේක කරන්න බැරි වුණා. හොරකම් කරන්නේ නැති රියදුරන්ට මේක කිසිම ප්රශ්නයක් නෑ.ඒ අය අදටත් Bowser ධාවනය කරනවා. අර හොරකම් කරන කෙනෙකුට සමහර පරණ bowser හම්බුනාම නොයෙක් ලෙඩ කියලා දුවන්න බෑ කියනවා.
2023 ද ඔය ප්රශ්නෙ ආවම ඔය වාහන ටික අපි ගරාජ් එකට ගෙන්නුවා. වාහන ටික අපි සම්පූර්ණයෙන් පරික්ෂා කරා.කිසිම Repair එකක් කරන්න අවශ්යතාවයක් තිබුණේ නෑ. ඔය වාහන අපි අපේ Test drivers ලා යොදා ගෙන test run දිව්වා. කිසිම ප්රශ්නයක් තිබුණේ නෑ.
මේ බලධාරීන් කරන්න ඕනේ මේ ආණ්ඩුව ඉදිරි ගමනක් යන්න නම් Petroleum එක ශක්තිමත් කරන්න නම් ඉස්සෙල්ලාම තමන්ගේ bowser fleet එක ශක්තිමත් කරගන්න වෙනවා.
ඔය 48 ,266 කියන bowser UD NISSAN 450 වර්ගයට අයත්. මේවායේ එන්ජින් කිසිම ප්රශ්නයක් නැතුව කිලෝ මීටර් ලක්ෂ දහයක් දුවන්න පුළුවන්.
දැන් මේවා හැම එකක්ම කිලෝමීටර ලක්ෂ දහය දුවලා මීටරේ බින්දුව වෙලා ආයිත් දුවන ඒවා. මේ හැම එකකම වගේ Engine overhaul , Gear box overhaul කරලා තියෙන්නේ. මේ හැම එකකම Chassis විතරයි japan වලින් ආපු එකකට තියෙන්නේ. ඉතිරි සියලුම spare parts මාරු වෙලා තියෙන්නේ.
මේ හින්දා Petroleum එකට හොද strategic plan එකක් තියෙන්න ඕනේ.
Distribution function එකට, Automobile function එකට හොද Strategic plans තියෙන්න ඕනේ. නැතිනම් ඇණගන්නවා සුපිරි ඇණ ගැනිල්ලක්. හැබැයි ඒ ඇණගැහිල්ල නතර වෙන්නේ රටේ මහජනතාව ආයිත් තෙල් පෝලිම්වල තියලා.
හැබැයි ඉතින් ඔය ඇතුලේ ඉන්න දූෂිත පුද්ගලයොත් එක්ක ප්ලෑන් හදලා වැඩක් නෑ.දේශපාලන බලයෙන් රැකියාවලට ඇවිල්ලා කිසිම වැඩක් කරගන්න බැරුව නිකම්ම ඉඳලා දේශපාලන බලයෙන් ප්රමෝෂන් ගත්ත අයත් එක්ක ප්ලෑන් හදලා වැඩකුත් නෑ.
ඔය පෙට්රෝලියම් එකේ Bowser fleet එක අනාගතයට ගැලපෙන විදියට කොහොමද manage කරන්නේ කියලා මීට කලින් මම ලිපියකින් කිව්වා. ඒ ලිපියේ තියෙන දේවල් කරනවානම් රජයට පුළුවන් කොන්ද කෙලින් තියාගෙන ඉන්න. එහෙම කිව්වේ අනාගතය මට පේන හින්දා.
මේ රටේ මිනිස්සු අවුරුදු ගානක් තිස්සේ දූෂිත දේශපාලනයෙන් පීඩා වින්දා.ඒ හින්දා තමයි මිනිස්සු මේ රජය පත් කළේ.හැබැයි මේ රජය වැටුණොත් ආයේ එන්නේ දූෂිත දේශපාලනයක්.
නමුත් රජයේ ඉන්න මේ වගේ නිලධාරීන් හින්දා මේ රජය අපහසුතාවයට පත් වෙනවා.
මේ රජය පත් කරන්න අපි කටයුතු කළා වගේම මේ රජයේ අඩුපාඩු පෙන්නලා දෙන්නත් අපිට අයිතියක් තියෙනවා. ඒ කරන්නේ මේ ආණ්ඩුව වැටිලා නැවතත් දූෂිත රජයක් පත්වීම වැළක්වන්න. මොකද ඊළඟට එන්නේ කවුද කියලා අපි හොඳටම දන්නවා.
අවසානය කියන්න තව දෙයක් තියෙනවා මීට කලින් වාහන විකුණන්න යනකොට ටැංකි වල lid ඇරලා ඒවා වලට වතුර පිරෙන්න ඉඩ හැරියා ඊට පස්සේ ටැංකි මලකඩ කාලා කියලා කිව්වා.. Bowser වල job update කලා engine repair කියලා. Engine under compressions කියලා බොරු reports හැදුවා. හොදට තියෙන turbo ගලෝලා දාලා turbo replacement ඕනේ කියලා කිව්වා. ඒව කරපු එවුන් තාම ඔතන ඉන්නවා. උන්ට හැබැයි ලබන ආත්මෙ ටෙක් එකක අතුගාන්නවත් හම්බවෙන්නේ නෑ. ඒවා ජාතික අපරාධ.
හොඳ දාවන තත්ත්වය තිබ්බ වාහන වාහන වල කොටස් ගලෝගෙන දිරන්න අත ඇරියා. හැබැයි මේ Bowser 5 ට ඒ දේ කරන්න එපා. ඔය වාහන දිහා බලාගෙන ඉන්න මිනිස්සු ඉන්නවා.විශේෂයෙන් මම බලාගෙන ඉන්නවා.
ඒ වගේම හොඳට දුවන්න තියෙන වාහන ටික විකුණලා දාලා අලුතින් වාහන ගන්න අදහස් කරගෙන ඉන්නවනම් ඒ ගැනත් දෙපාරක් හිතන්න. මොකද Scania ,Hino වලට වෙච්ච දේ තමයි ආයිත් වෙන්නේ.
ඒ නිසා කරුණාකර මේ විනාශය නවත්වන්න.
ස්තූතියි,
Former Automobile Engineer- Ceylon Petroleum Storage Terminals Ltd
Eng. GM Nuwan N Wijerathna.
B.Tech (Eng) Automobile Engineering (Hons)(OUSL), AMIE(SL), AMIAE (S.L), AE(ECSL), AMIMechE, SLESA, AUR31116

උපුටා ගැනීම:- Nuwan Wijerathna  ෆේස්බුක් පිටුවෙන් 

සම්බන්ධිත පුවත් | Related News

මහ බස් මාදිලියක (මබමාවක, Large Language Model, LLM) හැකියාව මෙන්න මේකයි කියලා නිශ්චිත කරලා කියන්න බෑ. මබමාවන්ගේ හැකියාව සන්දර්භය අනුව වෙනස්වෙනවා.
ප්‍රවෘත්ති බලද්දි දවසගානේ මේ වචන ඇහෙද්දි, මේ කියන්නේ ඇත්තටම මොකක් ගැනද කියලා ඔයා කවදාහරි හිතලා තියෙනවද? නම දන්නවා වුණාට, මේ ආයතන හැදුණේ කොහොමද, මේවායේ ඇතුළාන්තය මොකක්ද කියලා දන්නේ අපි අතරින් ඉතාම සුළු පිරිසක් විතරයි.
නවීන විද්‍යාත්මක දැනුම වනාහි හුදු එක් ශිෂ්ටාචාරයක නිර්මාණයක් නොවන බව නූතන ලෝකය සාමාන්‍යයෙන් පිළිගන්නා කාරණයකි. එසේ වුවද නවීන විද්‍යාව යනු හුදු බටහිර ලෝකයේ පමණක් උපත ලැබූ දැනුම් සමුදායක් බව ශ්‍රී ලංකාවේ බොහෝ දෙනා තවමත් විශ්වාස කරති. ඒ මතය අදටත් වඩා ලෝකය පුරා ජනප්‍රියව පැවති කාලයක ඒ මතයට ප්‍රබල අභියෝගයක් එල්ල කළ එක්තරා සුවිශේෂී විද්වතෙක් බටහිර ලෝකයෙන්ම බිහිවිය. ඒ අදින් අවුරුදු 126කට පෙර බි්‍රතාන්‍යයේ ලන්ඩන් නුවර උපත ලැබූ ජෝශප් නීඩ්හැම් (Joseph Needham) නමැති ජීව රසායන විද්‍යාඥයාය.
ශ්‍රී ලංකාවේ බිත්තර පරිභෝජනය අඩුවීම මන්දපෝෂණයට හේතු වී ඇත.
සංචාරක නියෝජ්‍ය ඇමති 'මහාචාර්ය' රුවන් රණසිංහ දෙවෙනි වතාවටත් ආතල් එකක් දුන්නා.
“හරක් කටා” නැමැත්තාගේ රැඳවුම් නියෝග ඉවත්කර සහන සැලසීම සඳහා රුපියල් ලක්ෂ 1200 ක (කෝටි 12 ක) අල්ලස් මුදලක් ලබාගැනීමේ චෝදනාව මත රිමාන්ඩ් බන්ධනාගාර ගත කර සිටින නීතීඥ රඛිත රාජපක්ෂ, චරිත් අබේසිංහ සහ අරුණ ශ්‍රී චතුරංග යන තිදෙනා ඊයේ (17) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලදි.
වත්මන් ආණ්ඩුව විසින් පසුගිය කාලයේ දී විවෘත කළ අලවල සංචාරක මධ්‍යස්ථානය මේ වන විට වල් බිහිවී ඇති ආකාරය දැක්වෙන ඡායාරූප රැසක් පසුගිය කාලයේ සමාජ මාධ්‍ය හරහා සංසරණය විය.
පසුගිය 14 වෙනිදා සුරේෂ් සලේ තමන් PTA යටතේ රදවා ගෙන සිටීමට එරෙහිව අධිකරණයට ඉදිරිපති කරන ලද රීට් පෙත්සමට අදාලව කරුණු දැක්වීම කරනු ලැබුවා.
කටාර් රාජ්‍යයේ හිටපු එමීර්වරයා ලෙස ගෞරවයට පාත්‍ර වූ ෂෙයික් හමාඩ් බින් කලීෆා අල් තානි මහතාගේ අභාවය පිළිබඳව ශ්‍රී ලංකා රජය සහ ජනතාව වෙනුවෙන් ශෝකය ප්‍රකාශ කිරීම සඳහා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ඊයේ (14) පස්වරුවේ කටාර් රාජ්‍ය බලා පිටත්ව ගොස් තිබිණි.

ප්‍රධාන පුවත්

ඊශ්‍රායල අගමැති අත්අඩංගුවට ගැනීමට කිසිවෙකුට ඉඩ දෙන්නේ නෑ.. - ට්‍රම්ප්ගෙන් දැඩි අනතුරු ඇඟවීමක්..

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු (Benjamin Netanyahu) ඇමෙරිකා එක්සත් ජනපදයේ සංචාරයක නිරත වුවහොත්, ඔහුව අත්අඩංගුවට ගැනීමට කිසිවෙකුටත් ඉඩ නොතබන බවට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර සිටියි.

පුරාවිද්‍යා අධ්‍යක්ෂක සෙනරත් වික්‍රමසිංහ කාර්ය මණ්ඩලයට තර්ජනය කරයි..

පුරාවිද්‍ය දෙපාර්තමෙිින්තුවෙහි වසර 20 පුරාවට පැවති සහකාර අධ්‍යක්ෂක තනතුරු පුරප්පාඩු කඩිමුඩියේ අසාධාරණ ලෙස පිරවිම දරණ උත්සාහය සමාජයට හෙලිදරව් වීම සහ චානක්‍ය .. සුමන්තිරන්ගෙ රහසිගත හමුව හෙලිදරවිි වීම සෙනරත් වික්‍රමසිංහගේ වියරුවට හේතු වි ඇති බව lankaleader වෙත වාර්තා වේ.

ඉරාන යුද්ධයට වැඩි අරමුදල් ඉල්ලා එක්සත් ජනපදයේ යුද ලේකම්ත් සෙනෙට් ඩිමොක්‍රටික් සභිකයන්ගේ දැඩි ප්‍රශ්න කිරීම්වලට ලක්වේ

ඉරාන යුද්ධයට වැඩි අරමුදල් ඉල්ලා එක්සත් ජනපදයේ යුද ලේකම්ත් සෙනෙට් ඩිමොක්‍රටික් සභිකයන්ගේ දැඩි ප්‍රශ්න කිරීම්වලට ලක්වේ

කියෙව් පාලනය දැඩි අර්බුදයක: ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලයෙන් විශේෂ නිවේදනයක්

යුක්‍රේනයේ පවතින වත්මන් දේශපාලන සහ සූක්ෂම හමුදාමය වෙනස්කම් හා ගැටලු පිළිබඳව අවධානය යොමු කරමින් ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය විසින් විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.

හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්නට ඇප..

2008 වසරේදී කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකුට සැගව සිටීමට ආධාර අනුබල දුන්නේ යැයි කියන සිද්ධියක සැකකරුවකු වශයෙන් අධිකරණයට ඉදිරිපත් වූ හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්න මහතා ඇප මත මුදා හරින ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

ආණ්ඩුව මගින් පාවාදීම් ඉටුකර ගැනීම සහ ඉන් පසුව ආණ්ඩුව පලවා හැරීමේ සූක්ෂම වැඩපිළිවෙල ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් අනාවරණයක්.. (වීඩියෝ)

වත්මන් ආණ්ඩුව යොදාගනිමින් යම් යම් පාවාදීම් ඉටුකර ගැනීමටත්, ඉන් අනතුරුව එම ආණ්ඩුවම බලයෙන් පලවා හැරීමටත් පසුබිම සකස් වෙමින් පවතින බවට දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

ඉස්ලාම් අන්තවාදී තර්ජන ගැන සලේ 2016 දී ආරක්ෂක මණ්ඩලය දැනුවත් කරලා.. - ඉහළ ප්‍රධානියෙක් එය නොසලකා හැරලා..

ඉස්ලාමීය අන්තවාදය සහ ISIS මතවාදය මෙරට දරුණු ලෙස ක්‍රියාත්මක වෙමින් පැවති ආකාරයත් එය මැඩපවත්වන අයුරු පිළිබඳත් සුරේෂ් සලේ මහතා 2016 වසරේදී ආරක්ෂක මණ්ඩලයට දීර්ඝ ලෙස කරුණු දැක්වීම් සිදුකළත් එම කරුණු දැක්වීම්වලට ආරක්ෂක මණ්ඩලයේ සිටි ඉහළ පෙළේ අයෙකු අකමැත්ත පළකර ඇති බව අභියාචනාධිකරණයේදී ඊයේ (21) සඳහන් කෙරුණි.

"කැරපොත්තන්ගේ" අරගලයේදී රාහුල් ගාන්ධි අත්අඩංගුවට – ජනතා විරෝධය හේතුවෙන් ගාන්ධිට නිදහස

කැරපොත්තන්ගේ ජනතා පක්ෂය ( Cockroach Janta Party-CJP) ලෙස තමන්ව හඳුන්වා ගන්න දේශපාලන කණ්ඩායම විසින් ඉන්දියාවේ නවදිල්ලි නුවරදී වෛද්‍ය විද්‍යාලවලට සිසුන් බඳවා ගන්නා විභාගයේ ප්‍රශ්න පත්‍ර පිටවූයේ යැයි පවසමින් ගෙන යන විරෝධතා ව්‍යාපාරයේ දෙවන දිනයේදී ඊට සහභාගි වූ ඉන්දීය විපක්ෂ නායක රාහුල් ගාන්ධි ඉන්දීය පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ අතර පසුව ඔහු නිදහස් කරනු ලැබීය.

ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය කුවේට්හි ඇමරිකානු රේඩාර්, චන්ද්‍රිකා සන්නිවේදන පද්ධති සහ ගුවන් යානා අංගනවලට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කරයි!

ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය (IRGC) කුවේට්හි පිහිටි එක්සත් ජනපද හමුදා ස්ථානවල රේඩාර් පද්ධති, චන්ද්‍රිකා සන්නිවේදන පද්ධති සහ ගුවන් යානා අංගන (Hangars) ඇතුළු ප්‍රධාන හමුදා යටිතල පහසුකම්වලට ප්‍රහාර එල්ල කළ බව වාර්තා වී තිබේ.

ආණ්ඩුවේ ලිංගික ඇරියස් පාසල් පද්ධතිය තුළට රිංගවීමේ උත්සාහයක්..

වත්මන් ආණ්ඩුව විසින් පාසල් පද්ධතිය තුළට නොගැලපෙන සංකල්ප සහ අදහස් රිංගවීම සඳහා උත්සාහයක නිරත වන බවට ජාතික නිදහස් පෙරමුණ චෝදනා කරයි.

සෞදි අරාබියාවේ දහම් පාසල තානාපති අනින් නවත්වයි.. - ඇමති විජිත ඊට එකඟයි..

සෞදි අරාබියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය තුළ වසර 10 කට අධික කාලයක් පවත්වාගෙන ගිය දහම් පාසල මාලිමා ආණ්ඩුවේ තානාපති අමීර් අජ්වල් ගේ නියෝගයක් අනුව නැවැත්වීමට සිදුවී ඇතැයි එරට සේවය කරන බෞද්ධ ප්‍රජාව ලංකා ලීඩර් වෙත වාර්තා කර තිබේ.

ත්‍රිකුණාමල තෙල් ටැංකි සංකීර්ණය සංවර්ධනයට අන්තර්ජාතික ලංසු කැඳවීමට සැරසේ..

ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය වාණිජමය වශයෙන් ප්‍රයෝජනයට ගැනීමේ පියවරක් ලෙස, එහි පවතින ටැංකි 29 ක් සංවර්ධනය කිරීම සඳහා ඉදිරි මස ඇතුළත අන්තර්ජාතික ලංසු කැඳවීමට Trinco Petroleum Terminal Limited (TPTL) සමාගම සූදානම් වේ.

ස්වයංක්‍රීය AI නියෝජිතයෙක් ප්‍රධාන AI ආකෘති ගබඩාවකට ප්‍රහාරයක් එල්ල කරයි!

නිව්යෝර්ක් නගරය මූලස්ථානය කරගත් Hugging Face සමාගම පවසන්නේ, සම්පූර්ණයෙන්ම ස්වයංක්‍රීය කෘත්‍රිම බුද්ධි (AI) නියෝජිත පද්ධතියක් තම AI ආකෘති (Models) ගබඩාවට අනවසරයෙන් ඇතුළු වූ බවත්, එය මෙතෙක් මුහුණ දී ඇති කිසිදු සයිබර් ප්‍රහාරයකට සමාන නොවන අත්දැකීමක් බවත්ය.

හිටපු පොලිස්පති අබිරහස් මරණය සියදිවි නසා ගැනීමක්ද? ඝාතනයක්ද? අත්වැරැදීමක්ද? (වීඩියෝ)

හිටපු පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතාගේ හදිසි සහ අබිරහස් මරණය සම්බන්ධයෙන් මේ වන විට සමාජය තුළත්, දේශපාලන හා ආරක්ෂක ක්ෂේත්‍ර තුළත් දැඩි කතාබහක් සහ සැකසංකා මතු වී තිබේ.

ශ්‍රී ලංකාව කියන්නේ ඉන්දියාවේ දොරකඩ තියෙන බරක් නෙවෙයි; ඉන්දීය සාගරය මධ්‍යයේ පිහිටි වටිනා වත්කමක්.. - ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරියගෙන් ප්‍රබල ප්‍රකාශයක්

නව දිල්ලියේදී පැවැත්වුණු ‘Calm Waters, Rising Tide: Stability as the Foundation for Indian Ocean Growth’ තේමාව යටතේ වූ ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡාවකදී, ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් මහිෂිණි කොලොන්න මහත්මිය දෙරටේ ආරක්ෂක සහ ආර්ථික සබඳතා පිළිබඳව වැදගත් කරුණු කිහිපයක් පෙන්වා දී තිබේ.

ජනාධිපතිට පෞද්ගලිකව නඩු පවරන්න බැහැ - මෛත්‍රී, රනිල්, අනුරට එරෙහි පෙත්සමට ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව මෙන්න..

ජෛව විද්‍යාත්මක පදනමකින් තොරව සැත්කම් මඟින් ලිංගිකත්වය වෙනස් කිරීමට අවසර දෙන චක්‍රලේඛ සහ පනත් බලරහිත කරන ලෙස ඉල්ලා ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (20) තීන්දු කළේය.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.