News Category
From Date
To Date
Maximum Number of Result

ධාවනය කළ හැකි තත්ත්වයේ තිබෙන UD Nissan bowser 5 ක් විකුණන්න සූදානම්

Mar 6, 2025 at 09:40 AM
|

තෙල් බෙදාහරින්නන්ගේ ජරමර අස්සේ petroleum එකට අයත් ධාවනය කළ හැකි තත්ත්වයේ තිබෙන UD Nissan bowser 5 ක් විකුණන්න සූදානම් වෙනවා.
රජයෙන් කිව්වේ ආයතනවල තියෙන වියදම් අධික වාහන විකුණන්න කියලා.ඒ කතාව ඇත්ත. නමුත් මේ විකුණන්න ලෑස්ති කරන්නේ එහෙම වියදම් අධික වාහනද. ඒක තමයි තියෙන ගැටළුව.
වාහනවල maintainence cost එක අධික ද කියලා සොයන්න ක්‍රමවේද තියෙනවා.
ඒ කිසිම ක්‍රමයක් භාවිතා කරන්නේ නැතුව වාහනයේ Number plate එක දිහා බලලා වාහනේ විකුනන්න ලෑස්ති වෙනවා. ඔය Fleet එකේ වියදම් අධිකම වාහන තමයි Hino Prime mover 9 ය. ඒවා දුවන හැම කිලෝ මීටරයකටම පාඩුයි. දුවන හැම කිලෝමීටරයකටම Gearbox repair එනවා.
Spare parts සෑහෙන්න මිල අධිකයි. 2017 brand new මිලදී ගත්ත වාහන වල front windscreen beading එක ලගින් දිරුම් මතුවෙලා . Radiator expansion tank කිලෝමීටර් ලක්ෂ තුනයි දුවන්න පුළුවන්. ඒවා crack වෙනවා . අලුතින් දාන්න එකක් රුපියල් ලක්ෂ 3 ක් වෙනවා. Fleet එකේ අනික් වාහන එක්ක සලකනකොට කල් පැවැත්මත් අඩුයි.
මේ කතා කරන්නේ අවුරුදු නමයක් පෙට්‍රෝලියම් එකේ Automobile function එකේ හිටපු Engineer විදියට.
සාමාන්‍යයෙන් ආණ්ඩුවක් අලුතෙන් පත්වුනාම ඒ ආණ්ඩුවට Petroleum එක සම්බන්ධව අභියෝග කීපයක් එනවා.
1. විපක්ෂයෙන් එන බලපෑම්.
2. Petroleum එක හා සම්බන්ධව ගණුදෙනු කරන අනික් පාර්ශ්ව වල බලපෑම. ඒකට අදාළ වෙන්නෙ තෙල් බෙදා හරින්නන් සහ පුද්ගලික ටැංකි රථ හිමිකරුවන්.
මේ අය ඔවුන්ගේ වරප්‍රසාද දිනාගන්න අලුත් ආණ්ඩුවත් එක්ක සාකච්ඡා කරනවා.ඒක සාමාන්‍ය දෙයක්.
මේ ආණ්ඩුවට පෙර අනික් කිසිම ආණ්ඩුවකින් නොතිබිච්ච ප්‍රශ්න ගැටලු ඇතිවී තිබෙනවා.
1. විපක්ෂයෙන් එන දැඩි බලපෑම්.
2. ඇතැම් මාධ්‍ය වලින් එන බලපෑම්.
3.Petroleum එක හා සම්බන්ධව ගණුදෙනු කරන අනික් පාර්ශ්ව වල බලපෑම්.
4.තවමත් අනික් පක්ෂ සමග ගණුදෙනු කරන රාජ්‍ය නිලධාරීන්ගෙන් එන බලපෑම්.
5.Petroleum එක ඇතුලේ ඉන්න දූෂිත නිලධාරීන්
මේ ඇතිවන බලපෑම්වලින් බේරීමට petroleum පාලන අධිකාරිය ශක්තිමත් විය යුතුයි.
පළමුව කළ යුත්තේ තම ආයතනය ශක්තිමත් කර ගැනීම. දක්ෂ අවංක මිනිස්සු ළං කර ගැනීම. හැමදේම තමන් දන්නවා කියලා හිතලා වැඩ කරන්න ගියොත් ඇනගන්නවා.
වසර ගණනාවක් පුරාවටම වැරදි මාර්ගයේ ගිය ආයතනයක් තමයි මේ නිවැරදි මාර්ගයට ගන්න හදන්නේ.කෝටි ප්‍රකෝටි ගණන් වංචා වෙච්චි ආයතනයක්.
නමුත් අදටත් සිදු වෙච්ච එක හොරකමක්වත්, මුදල් අවභාවිතා කිරීමක්වත් අල්ලලා නෑ. ඒවා අල්ලනවා වෙනුවට වර්තමාන පාලන අධිකාරිය ඒ හොරකම් අල්ලලා දුන්න මගේ රැකියාව අහිමි කලා. වංචාවට දූෂණයට විරුද්ධව අද හඬ නගන union වල අයට , ආයතනයේ මිනිස්සුන්ට ඇහුම්කන් දෙන්නේ නෑ. වර්තමාන පාලන අධිකාරියෙහි මේ දූෂිත පුද්ගලයන් අල්ලන්න කිසිම පියවරක් නොගත්තාට රජයේ ඉහළ තනතුරක් දරන කෙනෙක් මේ පිළිබඳව ක්‍රියාමාර්ග ගනිමින් සිටිනවා සිටිනවා. ඒ ගැන මම පසුව සඳහන් කරන්නම්
අපි හන්දියේ තියෙන ෆිල්ම් හෝල් එකෙන් හොඳ සටන් චිත්‍රපටියක් බලලා ඒකෙන් එළියට ආවට පස්සේ ඒ ආපු ගැම්මට හන්දියේ ත්‍රිවිල් ස්ටෑන්ඩ් එකේ විජේ අය්යාගෙන් පරණ ඇරියස් එකකට ගේම ඉල්ලලා හරියන්නෑ. ස්ටෑන්ඩ් එකේ ඔක්කෝගෙන්ම කන්න වෙනවා සුපිරියටම.
ඊයේ පෙරේදා තෙල් බෙදා හරින්නන් රටේ ලොකු කලබලයක් ඇතිකරා.
ඒ එන්නේ කසකාරයා පෙරහැර තාම ආවේ නෑ.
හැබැයි පෙරහැර මග එනවා.
රටේ මිනිස්සුන්ට ප්‍රශ්න තියෙනවා ඒක අපි පිළිගන්නවා. පුද්ගලික ටැංකි රථ හිමිකරුවන්ටත් ප්‍රශ්න තියෙනවා. කොයි වෙලාවේ හරි එයාලගේ ප්‍රශ්නත් එයාලා කියනවා. ඊට අමතරව පහුගිය රජය කාලේ දුම්රිය මගින් තෙල් බෙදා හරින්න සැලසුම් කරා.ඒක ඉතාමත් ලාභදායකයි. නමුත් අපට ප්‍රමාණවත් දුම්රිය ඉන්ජින් නැහැ. ඒ සඳහා පෙට්‍රෝලියම් එකේ වියදමින් දුම්රිය එන්ජින් ගන්න සැලසුම් කරා. නමුත් ක්‍රියාත්මක කරන්න පුළුවන් වුණේ නැහැ. හැබැයි මේක කරන්න පුළුවන් වුනොත් Transport cost එක සැහෙන්න අඩුකර ගන්න පුළුවන්. ඒ සහනය ජනතාවට දෙන්න පුළුවන්.
වර්තමාන රජයත් මේ ප්‍රශ්නයට අත දානවා.ඒ අතදාපු දවසට පුද්ගලික ටැංකි රථ හිමිකරුවන් එළියට බහිනවා.
අන්න එදාට Petroleum එකට අයත් Bowser fleet එකේ වටිනාකම දැනෙන්න ගන්නවා. එදාට තමයි මම මේ කියන කතාව මතක් වෙන්නේ. අදට ධාවනය කරන්න පුළුවන් Bowser තියෙන්නේ 143 යි. ඒකෙනුත් තව තව කීපයක් අයින් කරනවා කියන්නේ කොතනින්ද නතර වෙන්න යන්නේ.
2023 අග භාගයේදීත් ඔය වගේම Bowser විකුණන්න සැලසුම් කරා.ඒකට මම සම්පූර්ණයෙන් විරුද්ධ උනා. ඒකට අයත් වුණේ 48 සහ 226 - xxxx කාණ්ඩයට අයත් UD Nissan bowser .
මම ඇහුවා ඉහළ නිලධාරීන්ගෙන් ඇයි ඔය bowser විකුණන්නේ කියලා. එයාල දුන්න උත්තරේ තමයි මේවා දුවන්න රියදුරන් කැමති නෑ කියලා. මං එතකොට ඇහුවා මේ ආයතනය පාලනය කරන්නේ ඔයාලාද රියදුරන් ද කියලා. එතනින් බවුසර් විකුණන එක නතර වුණා. හැබැයි ඔය bowser දුවන්න බෑ කියලා කිව්වේ රියදුරන් නෙමෙයි. නිලධාරීන් තමයි.
.............
ඔය ඇතැම් Bowser දුවන්න බෑ කියන එක පිටිපස්සේ සැඟවිච්ච කාරණාවක් තියෙනවා. 2022 වසරේදී අපි Petroleum එකට අයත් සියලුම bowser වලට gps unit සවිකරා. හැබැයි එතනදි කන්චන විජේසේකර අමාත්‍යවරයාටත් ,එවකට හිටපු සභාපතිතුමාටත්, ඉන්දික අනුරුද්ධ අමාත්‍යවරයාටත් ස්තූතිවන්ත වෙන්න ඕනේ කෙලින් තීරණ ගත්තට. අපි හොඳ දේට හොඳයි කියල කියන්න ඕනේ.
මොකද ඒක වලක්වන්න සෑහෙන්න අයගෙන් බලපෑම් ආවා. මාව GPS team එකෙන් අයින් කලා. ඊට පස්සේ Audit manager ඉල්ලීම මත සභාපතිතුමාගේ නියෝගයෙන් මාව නැවතත් Team එකට ගත්තා.
Petroleum එක ඇතුලේ රියදුරන් සහා රිය සහායකයන් වර්ග දෙකක් ඉන්නවා.
බහුතරයක් ඉන්නේ අවංක රියදුරන් සහ සහායකයන්. සුළුතරයක් ඉන්නවා running tank එකෙන් ඩීසල් හොරකම් කරන අය. මේක බොහොම සරුවට මේ අය කරගෙන ගියා. GPS හයි කරාට පස්සේ මේක කරන්න බැරි වුණා. හොරකම් කරන්නේ නැති රියදුරන්ට මේක කිසිම ප්‍රශ්නයක් නෑ.ඒ අය අදටත් Bowser ධාවනය කරනවා. අර හොරකම් කරන කෙනෙකුට සමහර පරණ bowser හම්බුනාම නොයෙක් ලෙඩ කියලා දුවන්න බෑ කියනවා.
2023 ද ඔය ප්‍රශ්නෙ ආවම ඔය වාහන ටික අපි ගරාජ් එකට ගෙන්නුවා. වාහන ටික අපි සම්පූර්ණයෙන් පරික්ෂා කරා.කිසිම Repair එකක් කරන්න අවශ්‍යතාවයක් තිබුණේ නෑ. ඔය වාහන අපි අපේ Test drivers ලා යොදා ගෙන test run දිව්වා. කිසිම ප්‍රශ්නයක් තිබුණේ නෑ.
මේ බලධාරීන් කරන්න ඕනේ මේ ආණ්ඩුව ඉදිරි ගමනක් යන්න නම් Petroleum එක ශක්තිමත් කරන්න නම් ඉස්සෙල්ලාම තමන්ගේ bowser fleet එක ශක්තිමත් කරගන්න වෙනවා.
ඔය 48 ,266 කියන bowser UD NISSAN 450 වර්ගයට අයත්. මේවායේ එන්ජින් කිසිම ප්‍රශ්නයක් නැතුව කිලෝ මීටර් ලක්ෂ දහයක් දුවන්න පුළුවන්.
දැන් මේවා හැම එකක්ම කිලෝමීටර ලක්ෂ දහය දුවලා මීටරේ බින්දුව වෙලා ආයිත් දුවන ඒවා. මේ හැම එකකම වගේ Engine overhaul , Gear box overhaul කරලා තියෙන්නේ. මේ හැම එකකම Chassis විතරයි japan වලින් ආපු එකකට තියෙන්නේ. ඉතිරි සියලුම spare parts මාරු වෙලා තියෙන්නේ.
මේ හින්දා Petroleum එකට හොද strategic plan එකක් තියෙන්න ඕනේ.
Distribution function එකට, Automobile function එකට හොද Strategic plans තියෙන්න ඕනේ. නැතිනම් ඇණගන්නවා සුපිරි ඇණ ගැනිල්ලක්. හැබැයි ඒ ඇණගැහිල්ල නතර වෙන්නේ රටේ මහජනතාව ආයිත් තෙල් පෝලිම්වල තියලා.
හැබැයි ඉතින් ඔය ඇතුලේ ඉන්න දූෂිත පුද්ගලයොත් එක්ක ප්ලෑන් හදලා වැඩක් නෑ.දේශපාලන බලයෙන් රැකියාවලට ඇවිල්ලා කිසිම වැඩක් කරගන්න බැරුව නිකම්ම ඉඳලා දේශපාලන බලයෙන් ප්‍රමෝෂන් ගත්ත අයත් එක්ක ප්ලෑන් හදලා වැඩකුත් නෑ.
ඔය පෙට්‍රෝලියම් එකේ Bowser fleet එක අනාගතයට ගැලපෙන විදියට කොහොමද manage කරන්නේ කියලා මීට කලින් මම ලිපියකින් කිව්වා. ඒ ලිපියේ තියෙන දේවල් කරනවානම් රජයට පුළුවන් කොන්ද කෙලින් තියාගෙන ඉන්න. එහෙම කිව්වේ අනාගතය මට පේන හින්දා.
මේ රටේ මිනිස්සු අවුරුදු ගානක් තිස්සේ දූෂිත දේශපාලනයෙන් පීඩා වින්දා.ඒ හින්දා තමයි මිනිස්සු මේ රජය පත් කළේ.හැබැයි මේ රජය වැටුණොත් ආයේ එන්නේ දූෂිත දේශපාලනයක්.
නමුත් රජයේ ඉන්න මේ වගේ නිලධාරීන් හින්දා මේ රජය අපහසුතාවයට පත් වෙනවා.
මේ රජය පත් කරන්න අපි කටයුතු කළා වගේම මේ රජයේ අඩුපාඩු පෙන්නලා දෙන්නත් අපිට අයිතියක් තියෙනවා. ඒ කරන්නේ මේ ආණ්ඩුව වැටිලා නැවතත් දූෂිත රජයක් පත්වීම වැළක්වන්න. මොකද ඊළඟට එන්නේ කවුද කියලා අපි හොඳටම දන්නවා.
අවසානය කියන්න තව දෙයක් තියෙනවා මීට කලින් වාහන විකුණන්න යනකොට ටැංකි වල lid ඇරලා ඒවා වලට වතුර පිරෙන්න ඉඩ හැරියා ඊට පස්සේ ටැංකි මලකඩ කාලා කියලා කිව්වා.. Bowser වල job update කලා engine repair කියලා. Engine under compressions කියලා බොරු reports හැදුවා. හොදට තියෙන turbo ගලෝලා දාලා turbo replacement ඕනේ කියලා කිව්වා. ඒව කරපු එවුන් තාම ඔතන ඉන්නවා. උන්ට හැබැයි ලබන ආත්මෙ ටෙක් එකක අතුගාන්නවත් හම්බවෙන්නේ නෑ. ඒවා ජාතික අපරාධ.
හොඳ දාවන තත්ත්වය තිබ්බ වාහන වාහන වල කොටස් ගලෝගෙන දිරන්න අත ඇරියා. හැබැයි මේ Bowser 5 ට ඒ දේ කරන්න එපා. ඔය වාහන දිහා බලාගෙන ඉන්න මිනිස්සු ඉන්නවා.විශේෂයෙන් මම බලාගෙන ඉන්නවා.
ඒ වගේම හොඳට දුවන්න තියෙන වාහන ටික විකුණලා දාලා අලුතින් වාහන ගන්න අදහස් කරගෙන ඉන්නවනම් ඒ ගැනත් දෙපාරක් හිතන්න. මොකද Scania ,Hino වලට වෙච්ච දේ තමයි ආයිත් වෙන්නේ.
ඒ නිසා කරුණාකර මේ විනාශය නවත්වන්න.
ස්තූතියි,
Former Automobile Engineer- Ceylon Petroleum Storage Terminals Ltd
Eng. GM Nuwan N Wijerathna.
B.Tech (Eng) Automobile Engineering (Hons)(OUSL), AMIE(SL), AMIAE (S.L), AE(ECSL), AMIMechE, SLESA, AUR31116

උපුටා ගැනීම:- Nuwan Wijerathna  ෆේස්බුක් පිටුවෙන් 

සම්බන්ධිත පුවත් | Related News

ගල්ගමුවේ ඉදන් ආපු Rmj බණ්ඩාර අයියා කාවන්තිස්ස ඇතු ගැන කියන කතාව..
යෝජිත, ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කරගැනීමේ පනත් කෙටුම්පතට (PSTA) විරුද්ධ වන්නේ කුමක් නිසා ද යන්න මහාචාර්ය ජයදේව උයන්ගොඩ මහතා කරුණු දක්වා තිබේ.
සරසවි ඇදුරන් 2000ක් පමණ බඳවා ගැනීමට අනුමැතිය ලබාදී ඇති බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරීය සිදුකරන ප්‍රකාශයක් සහ එම වේදිකාවේම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එම ප්‍රමණය 1515ක් බවට සිදුකරන ප්‍රකාශ ඇතුළත් වීඩියෝවක් සමාජ මාධ්‍යයේ සංසරණය වේ.
ලෝකය කොපමණ තාක්ෂණයෙන්, විද්‍යාවෙන් සහ නවීන විලාසිතා වලින් ඉදිරියට ගියත් පෘථිවියේ සමහර තැන්වල කාලය නතර වී තිබෙන්නේ, මීට වසර දහස් ගණනකට පෙර පැවති පද්ධතීන් ළඟය.
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා භික්ෂූන් වහන්සේලා පිරිසක් විසින් කොළඹ විහාරමහා දේවි උද්‍යානයේදී ආරම්භ කර ඇති සත්‍යග්‍රහයට පැමිණ පොලිස් නිලධාරීන් විසින් පිරිත් දැමීම නතර කරන ලෙස දන්වමින් සිදුකළ ක්‍රියාව සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය වීඩියෝ හරහා තොරතුරු අනාවරණය කර තිබේ.
"ඔවුන්ට කන්න පාන් නැත්නම්, කේක් කන්න කියන්න." ඔබ මේ සුප්‍රකට කියමන, මීට පෙර අසා ඇති! පාසල් ඉතිහාස පොත්වල, සමාජ මාධ්‍ය සටහන්වල එහෙමත් නැතහොත් දේශපාලන සංවාදවල ඕනෑම තැනක, 'තමන්ගේ ජනතාවගේ දුක නොහඳුනන අහංකාර, සැප ජීවිත ගත කළ නායකයින්..' ගැන කතා කරන විට මුලින්ම අපේ මතකයට එන චරිතය, ප්‍රංශයේ මාරි ඇන්ටොනෙට්!
ආගම දේශපාලනයෙන් විතැන් විය යුතු බව උගතුන් යැයි කියාගන්නා පුද්ගලයින් පවසන බවත්, එහෙත් ආගමික සංස්ථාවක් දේශපාලයෙන් තොර වූවක් නොවිය යුතු බවත්, උගතුන්ට ප්‍රශ්නයක් වී ඇත්තේ බෞද්ධ සංස්ථාව දේශපාලනීක වීම බවත් සමාජ මාධ්‍යයේ සංසරණය වන වීඩියෝවක් මගින් කරුණු දක්වයි.
ප්‍රභාකරන් මැරෙද්දි මට ඕන උනේ ඒක හරියට ලෝකෙටම පෙන්නන්න.. මම මේ ජීවිතේ හංගන් හිටපු කතාවක්. ප්‍රභාකරන්ට ගහපු 8 මෑන් ටීම් එක පස්සෙන් මමත් ගියා..
බල්ලෙක්ටත් කරන අපහසයක් ප්‍රභාකරන්ට බල්ලෙක් කියන එක..

ප්‍රධාන පුවත්

ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්‍රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..

ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඔබ්බෙන් ජාත්‍යන්තර මුහුදේ නැංගුරම්ලා ඇති ඉරාන තෙල් නැව් 19කට ආහාර, ජලය සහ ඉන්ධන සැපයීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති බව විදේශ අමාත්‍යාංශය පවසන බව THE TIMES OF INDIA වාර්තා කරයි.

නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 'ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කරගැනීමේ පනත් කෙටුම්පත (PSTA)' මගින් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ සහ අයිතිවාසිකම් අභියෝගයට ලක්වීමේ බරපතළ තර්ජනයක් පවතින බව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය පවසයි.

පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..

අධිකරණ නියෝග ක්‍රියාත්මක නොකිරීමෙන් පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කර ඇති බවට තීරණය කළ ගම්පහ මහේස්ත්‍රාත් බන්ධුල ගුණරත්න, ඒ සම්බන්ධයෙන් නඩු පැවරීම සඳහා අදාළ ගොනුව අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා වෙත යොමු කර තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පරිගණක පද්ධති වෙත සයිබර් ප්‍රහාරයක් එල්ල කළ හැකර්වරුන් විසින් ක්‍රිප්ටෝ මුදලින් ඇමෙරිකානු ඩොලර් 50,000ක කප්පම් මුදලක් ඉල්ලා සිටි බවත්, ජාතික ගුවන් සේවය තවදුරටත් මෙවැනි සයිබර් ප්‍රහාර හමුවේ අවදානම් තත්ත්වයක පවතින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර චෝදනා කරයි.

ප්‍රංශය ඇතුළු යුරෝපා රටවල උග්‍රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..

ප්‍රංශය ඇතුළු යුරෝපීය රටවල් කිහිපයක මේ වන විට දැඩි ආර්ථික හා සමාජීය අර්බුදයක් නිර්මාණය වී ඇති බවත්, එය මහා පරිමාණ ජනතා විරෝධතා සහ උද්ඝෝෂණ දක්වා වර්ධනය වී ඇති බවත් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්‍යය මගින් විනාශකාරී මහා සත්‍යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා

ත්‍රෛනිකායික ලේඛකාධිකාරී හිමිවරුන් සමග පැවැත් වූ රැස්වීමකට පසුව අමාත්‍ය සුනිල් සෙනෙවි මහතා ප්‍රකාශයක් කරමින් අටමස්ථානය තුළ රාමා කෝවිල් ඉදිනොකරන බව සහ රුවන්වැලි සෑය වටා වැටක් නොගසන බව ප්‍රකාශයක් කර තිබිණි.

භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි

පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් භික්ෂූන් වහන්සේලා විසින් පැවැත්වූ පාගමන රාජ්‍ය විරෝධී පාගමනක් ලෙස විවිධ අය අර්ථකථනය කරන බවත්, විශේෂයෙන්ම ආණ්ඩුවේ පාර්ශ්වයෙන් මෙම චෝදනාව නගන බවත්, එහෙත් එකඳු සටන් පාඨයක් හෝ භික්ෂූන් වහන්සේලා මෙම පා ගමනේ දී නොපවසා ඉතා සාමකාමීව මෙම පාගමන පැවැත්වූ බවත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල අනුනායක හිමියෝ පවසති.

"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්‍රාත්වරයා රබර් මුද්‍රාවක් වෙලා": ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්‍රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කර ගැනීමේ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග කිරීම ඊයේ (20) පෙරවරුවේ ආරම්භ විය.

අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්

අනුරාධපුර පූජා නගරය තුළ පිහිටි ඓතිහාසික බුලන්කුලම වැව හෙවත් "ජයවාපි" වැව ආශ්‍රිත වැව් රක්ෂිතයෙන් අක්කර 200කට ආසන්න ප්‍රමාණයක් නිවාස ඉදිකිරීම සඳහා රාජ්‍ය නිලධාරීන්ට බෙදාදීමේ ක්‍රියාවලිය නින්දාසහගත වරදක් බව පෙන්වා දෙමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් කෘෂිකර්ම සහ වාරිමාර්ග අමාත්‍ය ලාල්කාන්ත මහතා වෙත විශේෂ ලිපියක් යොමුකර තිබේ.

ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)

ඉරානයේ දකුණුදිග චාබහාර් (Chabahar) වරාය, ඇෆ්ගනිස්ථාන දේශසීමාව ආසන්නයේ පිහිටි සහදාන් (Zahedan) නගරය සමඟ සම්බන්ධ කරන ප්‍රධාන දුම්රිය මාර්ගය ඉරානය විසින් සම්පූර්ණ කර තිබේ. ඉරාන වරායන්ට එරෙහි ඇමෙරිකානු අවහිර කිරීම් සහ බටහිර රටවලින් එල්ල වන ආර්ථික පීඩනය ඉහළ යමින් පවතින පසුබිමක මෙම සංවර්ධනය සිදුව ඇත.

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්‍රාන්තයකින් වරෙන්තුවක්

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීම සඳහා ෆ්ලොරිඩා ප්‍රාන්තයේ විනිසුරුවරයෙකු විසින් වරෙන්තුවක් නිකුත් කර ඇති බව එම ප්‍රාන්තයේ නීතිපතිවරයා ඊයේ(19) ප්‍රකාශ කළේය.

ඇමරිකානු ජනපති ට්‍රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර මෑතකදී සිදුවූ පැයකට අධික (විනාඩි 90ක) දුරකථන සංවාදය ලෝක දේශපාලනයේ සහ බලශක්ති වෙළඳපොළේ දැඩි කතාබහට ලක්ව තිබේ.

මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..

රාජ්‍ය නොවන සංවිධාන විසින් මෙහෙයවනු ලබන සහ ආණ්ඩුවට හිතවාදී මුදලට ගිජු යූටියුබ් කරුවන් අතලොස්සක් විසින් බුදුන් වහන්සේට සහ මහා සංඝරත්නයට එරෙහිව එල්ලකරනු ලබන වාචික ප්‍රහාර පිළිබඳව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් සිදුකළ පැමිණිල්ලක් විභාග කිරීම සඳහා අද (20) දින වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත.

මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..

ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ යළිත් වරක් පුපුරා යා හැකි යුද ගැටුමකදී, මැදපෙරදිග කලාපයේ තීරණාත්මක දත්ත මධ්‍යස්ථාන, සන්නිවේදන කේබල් පද්ධති මෙන්ම කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණික මධ්‍යස්ථාන දැඩි ප්‍රහාරක ඉලක්ක බවට පත් කරන බවට ඉරානය විසින් නිකුත් කර ඇති අනතුරු ඇඟවීම ජාත්‍යන්තර ප්‍රජාව දැඩි කම්පනයට පත් කර තිබේ.

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්‍රවීන මාධ්‍යවේදී ධර්මශ්‍රී ගෙන් අනාවරණයක්..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට යළි ජනාධිපති සමාවක් ලබා දීමේ හැකියාව සහ ඊට අදාළව රට තුළ මතුවී තිබෙන නීතිමය, දේශපාලනික හා සමාජීය තත්ත්වයන් මේ වන විට දැඩි කතාබහකට ලක්ව තිබේ.

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් මේ රටේ රාජ්‍යත්වයට පත් නොවිය යුතු බව යැයි මෙරට පුරාතන සෙල්ලිපිවල පවා පැහැදිලිව දක්වා ඇති බව අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද නාහිමියෝ පවසති.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.