News Category
From Date
To Date
Maximum Number of Result

දොස්තර ලා සෞඛ්‍යය කාර්ය මන්ඩල වර්ජනය කරලා ඉල්ලන්නේ අලුතින් දෙයක් නොවෙයි... රට පාලනය කරන්නේ මහ බංකුවේ එවුන් නෙවෙයි නේහ්

Mar 4, 2025 at 09:36 AM
|

දොස්තර ලා සෞඛ්‍යය කාර්ය මන්ඩල වර්ජනය කරලා ඉල්ලන්නේ අලුතින් දෙයක් නොවෙයි මීට පෙර තිබුන දෙයක් අහිමි කරන්න එපා කියලා 

 ටිකක් දිග වැඩියි කාලේ අරගෙන කියවන්න පාඩු නෑ 

අපී සෞඛ්‍යය දර්ශක අතින් දකුණු  ආසියානු කලාපයේ අංක 01 

 ලෝක සෞඛ්‍යය දර්ශක අතර අපි 47 ඉන්දියාව 112 ඇමරිකාව 69  

ඒ දත්ත අනුව පේනවා ලොකයේ ලොකුම බලවතා වුනත් පහසුකම් තිබුනත් සෞඛ්‍යය කාර්ය මන්ඩල වල ගුනාත්මක කැපකිරීම් නොවන්න එය කල නොහැකි බව

මේ පුංච් දිවයින වසර 70 ගානක් විනාශ කරා කියල කිව්වත් දේශපාලන බලදාරින් ට විනාශ කරන්න බැරිවුණ එක ක්ශෙත්‍රයක් තමයි අපේ රටේ සෞඛ්‍යය සේවය 

ඒක මෙච්චර කල් පවත්වාගෙන එන්න දොස්තර හෙදි සහ සෞඛ්‍යය කාර්ය මන්ඩලයේ සේවය කැප කිරිම  තමයි  ඉතා ඉහලින් තියෙන්නේ 

අනිකාට ලංවෙන්න බැරි කොවිඩ් වසංගතය කාලේ සෞඛ්‍යය කාර්ය මන්ඩල අපේ රටේ ඒ අවදානම අරගෙන ඒ දේ කල බවත් අමතක නොකල යුතුයි

එහෙම ආරක්ෂා කලයුතු සේවය තවදුරටත් ආරක්ෂා කිරිම අප සියලු දෙනාගේ වගකීමක් 

නැත්නම් දොස්තරලා හෙදියන් රට ගිහිල්ලා සෞඛ්‍යය දර්ශක කඩා වැටිලා හානි වෙන්නේ අපේ රටේ අහිංසක පුරවැසියන් ගේ ජිවිත ප්‍රතිකාර ගන්න රෝහලට  යන්නේ ජීවිතය  බේරගන්න නම් එය අනිවාර්යයෙන්ම ආරක්ෂා විය යුතු තැනක් 

වෛද්‍යවරුන් කියන්නෙ රාජ්‍ය සේවයේ විධායක ශ්‍රේණියේ නිලධාරීන්.

සාමාන්‍යයෙන් විධායක ශ්‍රේණි නිලධාරීන්ට අතිකාල දීමනා (OT) නෑ.

ඒ නිසා වෛද්‍යවරුන්ට අමතර රාජකාරී දීමනාව ලබාදීලා තියෙනවා (EXTRA DUTY ALLOWANCE)

අමතර රාජකාරී දීමනාව ලබා දෙන්නේ, වෛද්‍යවරුන් තමන්ගේ සාමාන්‍ය රාජකාරියට අමතරව සිදු කරන රාජකාරී වෙනුවෙන්. 

වෛද්‍යවරු තමන්ගේ සාමාන්‍ය රාජකාරී වෙලාවෙත් ( 8 - 4), අමතර රාජකාරි කරනවා. 

Eg : Administrative work, Teaching, Training, Exam work, Procurement duties, Medicolegal duties etc)

ඊට අමතරව හවස 04න් පස්සෙත් අඛණ්ඩව සේවයේ යෙදෙනවා.

ඒකෙන් තමයි මේ රටේ සමස්ත රෝහල් පද්ධතිය 24 × 7 × 365 අඛණ්ඩව ගුණාත්මක රෝග සත්කාර සේවාවන් පවත්වාගෙන යන්නේ.

අමතර රාජකාරී දීමනා ගෙවන්නෙ, ඒ සේවය වෙනුවෙන්.

හැබැයි මුළු දවස පුරාම වැඩ කරත්, මුළු මාසෙම එක දිගට වැඩ කළත් වෛද්‍යවරයෙක්ට උපරිම ගන්න පුළුවන් මාසෙකට  පැය 120යි.

ඒ කියන්නෙ underpaid.

මීට වඩා වැඩිපුර වැඩ කරන අය ඕනි තරම් ඉන්නවා ඒ වුනත් ගෙවන්නේ  120 යි 

මේ කරලා තියෙන්නේ ඒකත් downgrade කරපු එක.

PH/Sunday payment එකත් එහෙමයි. නිවාඩු දවසේ රෝහල් ටික වහන්නෙ නැතුව දුවන්නේ වෛද්‍යවරු වැඩ කරන නිසා

මාසෙ කොච්චර PH වැඩ කළත් ගෙවන්නේ දින තුනකට විතරයි

අමතර රාජකාරී දීමනාව විදියට පැයකට ගෙවන්නේ, මූලික වැටුපේ මධ්‍ය අගයෙන් 1/80ක්.

මේ පාර අයවැයෙන් ඒක 1/120ක් කරලා.

50% අඩු කරලා.

PH/Sunday payment එක දවසට මූලික වැටුපෙන් 1/20ක්.

ඒක 1/30ක් කරලා

මේ කරල තියෙන්නෙ වෛද්‍යවරුන්ගේ සේවාව අවතක්සේරු කිරීමක්.

ඒ විතරක් නෙවෙයි පැය 24 ම වැඩ කරන සීමාවාසික දොස්තර ට ගෙවන්නේ  මුලු මාසේටම රුපියල් 54000 /= ඒවාට අතිරේක/අතිකාල   දීමනා ඇතුලත් නෑ 

මේකෙන් දෙන පණිවිඩය හවස හතරෙන් පස්සේ රෝහල් ටික වැඩ කරන්න එපා කියලද.

නිවාඩු දවසට ඉරිදට පෝය දවසට රෝහල් ටික වහල දාන්න කියලද

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අනිත් කණ්ඩායම් වලත් දීමනා කප්පාදුවක් කරලා

මේ විදියේ දීමනා කප්පාදුවක් කරලා තියෙන්නේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විතරයි

ඒ කියන්නේ නිදහස් සෞඛ්‍ය සේවාවට මේ අත තියලා තියෙන්නේ

ඉතිහාසයේ කවදාවත් නොවුනු විදියට වෛද්‍යවරු මේ රට අතෑරලා යන වෙලාවක, රට තුළ වෛද්‍යවරුන් රැඳී සිටීම දිරිමත් කිරීම සඳහා වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා වෙනුවට, මේකෙන් වෙලා තියෙන්නෙ වෛද්‍යවරුන් තවත් බලාපොරොත්තු කඩවීමකට ලක්වෙලා

මේ කියන්නේ වෛද්‍යවරුන්ට මේ රටේ ඉන්න ඕනෙ නෑ කියලද

 වෛද්‍යවරුන් මේ ඉල්ලන්නේ අමුතු දෙයක් නෙමෙයි. තියෙන එකක් වැඩි කරන්න කියලා නෙමෙයි. 

 මේ වෙනකන් තිබුණ දෙයක් ඒ විදිහටම පවත්වාගෙන යන්න කියලා 

එනිසා වෛද්‍යවරුන්ට කරලා තියෙන අසාධාරණය නිවැරදි කරන්න, වහාම මේ තීරණය වෙනස් කරලා අමතර රාජකාරි දීමනාවේ පැයක අගය 1/80 සහ PH/Sunday daily payment දිනක අගය 1/20 බවට පත් කරන්න කියන ඉල්ලීම තමයි වෛද්‍යවරුන්  ඉල්ලන්නේ 

මේ අර්බුදය ආන්ඩුවේ උවමනාවක් ද නැතහොත් ආන්ඩුව අන්දවලා මුදල් අමාත්‍යාංශයේ ,මහ බැංකුවේ ඉන්න ආර්ථික ගාතකයින්ගේ වැඩක් ද ????  යන්නත් ප්‍රශ්නයක් ??

හැබයි සෞඛ්‍යය ඇමති කියන්නේ මුලික වැටුප වැඩිවුනාම අනිකුත් දිමනා වැඩිවෙනවා  කියලා 🙃 එහෙනම් මෙහෙම කොහමද වුනේ  කියල පැහදිලි කරන්න ඕනේ.

ජනතා විමුක්ති පෙරමුණේ වෛද්‍ය  වෘත්තිය සමිතියේ සබාපති පවා කියන්නේත් ඒ දීමනා කප්පාදු නොකර ලබාදිය යුතුයි කියලා 

දැන් කාටද වැරදිලා තියෙන්නේ යන්නත් ප්‍රශ්නයක් 

 රට පාලනය කරන්නේ මහ බංකුවේ එවුන් නෙවෙයි නේහ් ☝️

මහජන යුතුකමක් වශයෙන් ලියා තබමි .

උපුටා ගැනීම අන්තර්ජාලයෙන් 

සම්බන්ධිත පුවත් | Related News

බුදුදහම සහ ධර්ම කරුණු විකෘති කරමින් ප්‍රචාරය කරන බවට චෝදනා එල්ල වී ඇති පුද්ගලයින් 103 දෙනෙකුගේ නාමලේඛනයක් සමාජ මාධ්‍යය මගින් ප්‍රසිද්ධියට පත් කර තිබේ.
මෙතන ඉන්න ගොඩක් අය අද ජීවතුන් අතර නෑ. ඉන්නෙ අතලොස්සක පිරිසක් විතරයි.
2001 වසරේ ජූනි 1 වනදා නේපාලයේ කත්මණ්ඩු නුවර නාරායන්හිටි රාජමාලිගයේදී සිදු වූ නේපාල රාජකීය පවුලේ සමූලඝාතනය ලෝක ඉතිහාසයේ ලේවැකි සහ අතිශය කම්පන සහගත පුවතක් ලෙස සටහන් වේ. මෙම ඛේදවාචකයෙන් නේපාලයේ බිරේන්ද්‍ර රජු (King Birendra) සහ අයිශ්වර්යා රැජින (Queen Aishwarya) ඇතුළු රාජකීය පවුලේ සාමාජිකයින් නවදෙනෙකු ජීවිතක්ෂයට පත් විය.
ඔබ මේ ඡායාරූපයේ දකින්නේ ලෝක ගෘහ නිර්මාණ ශිල්පයේ වංශකතාව තුළ ශ්‍රී ලංකාවේ නම සටහන් කළ පැබ්ලෝ පිකාසෝ මහා කලා ශිල්පීන් ඇසුරු කළ ශ්‍රී ලංකාවේ එක්තරා ගැහැනියකි.
නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මැතිතුමාට එම තනතුරින් ඉල්ලා අස්වෙන්න කියලා දොලොස් දෙනෙක් විතර සහභාගි වුණ "අති දැවැන්ත" විරෝධතාවයක් නීතිඥ සංගමයේ කාර්යාලය ඉදිරිපිට.
නන්දා මාලනිය සමග මගේ කිසිම පුද්ගලික හඳුනා ගැනීමක් නෑ. ඒත් ඇය ගායනා කරන ගීත අතිශය බහුතරයක් මම ආශාවෙන් රස විඳිනවා. ඒ අනුව ඇය මගේ ප්‍රියතම ගායිකාව වෙන්නත් පුලුවන්. මම එහෙම සැසඳීමක් කරලා නෑ . මම කැමති ගීත ගායනා කරන තවත් ගායිකාවන් ඉන්නවා.
නීතීඥ සංගමයේ සභාපතිගේ ඉංගිරිසි භාවිතය පිළිබඳව සහ නජිත් ඉන්දික මන්ත්‍රීවරයාගේ ඉංග්‍රීසි භාවිතය පිළිබඳව සමාජ මාධ්‍යයේ මේ වන විට කතාබහක් නිර්මාණය වී තිබේ.
බුද්ධික හේවාවසම්ට සංචාරක සංවර්ධන අධිකාරියෙන් යන්න වුණේ වෙන බක්කක් නිසා නෙවෙයි.
අලුතින් හඳුනාගෙන ඇති Zero-Click යනුවෙන් හදුන්වන WhatsApp ගිණුම් අත්පත් කරගැනීමේ ප්‍රහාරයක් විවිධ ජංගම දුරකථන ඉලක්ක කරමින් ක්‍රියාත්මක වන බව වාර්තා වේ.

ප්‍රධාන පුවත්

හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..

මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.

22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීම සඳහා, එනම් තුනෙන් දෙක හෙවත් ඡන්ද 151ක් ගැනීම වැළැක්වීම සඳහා අගමැති හරිනි අමරසූරිය මහත්මිය මුල් වී තවත් 9 දෙනෙකු සමග කැරැල්ලක් ගැසීමට ඉඩ ඇති බවට පළවන මතවාද පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්පූර්ණයෙන්ම අයුක්තිසහගත සහ නීති විරෝධී ක්‍රියාවක් බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් සකස් කරන ලද නවතම වාර්තාව ජිනීවාහිදී ප්‍රකාශයට පත් කර තිබේ.

නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (04) නියෝග කළේය.

කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව එල්ල වී ඇති රුපියල් කෝටි 30ක (මිලියන 300ක) බරපතල මූල්‍ය අවභාවිත හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබේ.

ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..

මෙරට ගල් අඟුරු සංචිත ප්‍රමාණවත් නොවීම හේතුවෙන් විදුලි උත්පාදන ක්‍රියාවලිය බරපතල අර්බුදයකට ලක්ව ඇති බවත්, අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක (නෞකා දෙකක පමණ) අඩුවක් පවතින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා

සෙවණගල සීනි සමාගමේ පාලනාධිකාරිය සහ සේවකයන් අතර දීමනා හා නිවාඩු සම්බන්ධයෙන් හටගත් ගැටලුවක් මුල් කරගනිමින් ආරම්භ වූ වැඩ වර්ජනයක් හේතුවෙන් කර්මාන්තශාලාවේ කටයුතු සම්පූර්ණයෙන්ම අක්‍රිය වී තිබේ. මෙම වර්ජනය නිසා අස්වනු නෙළන ලද උක් ටොන් 6,000කට ආසන්න ප්‍රමාණයක් විනාශ වීමේ දැඩි අවදානමකට ලක්ව ඇති බව වාර්තා වේ.

ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මූතූර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි ඓතිහාසික කොට්ටියාරම සෑගිරිය රජමහා විහාරය මේ වන විට අන්තවාදී ආක්‍රමණ, නිදන් හොරුන්ගේ තර්ජන සහ ප්‍රදේශයේ සිදුවන කළුගල් කර්මාන්ත (ගල්කොරි) හේතුවෙන් දැඩි විනාශයකට ලක්වෙමින් පවතින බව වාර්තා වේ.

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති පෙත්සම් විභාගය ඊයේ (03) ආරම්භ වුණි.

සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි

සමස්ත ලෝකයේ මේ වන විට සිටින බවට ඇස්තමේන්තු කර ඇති ගොවීන් මිලියන 934කින් අඩකට ආසන්න පිරිසක් සෑම වසරකම නොදැනුවත්ව පළිබෝධනාශක විෂවීමකට ලක්වන බව Frontiers in Public Health සඟරාවේ ඊයේ(02) ප්‍රකාශයට පත් කළ අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා ආණ්ඩුව මහජනයාට දැනෙන නිශ්චිත උපායමාර්ගික හැරවුමකට යොමුකිරීම සඳහා තීන්දු ගෙන නොමැති බවත්, අංක ගණිත විජ්ජාවල් පෙන්වා ව්‍යාජ චිත්‍රයක් මහජනයාට මවාපාන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා චෝදනා කරයි.

අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්

"Atlas Angel - 2026" නමින් ශ්‍රී ලංකාවේ දී දින 5ක් පැවැත්වෙන ඒකාබද්ධ ගුවන් පුහුණු අභ්‍යාසය පසුගිය 31 වැනි දා ආරම්භ වූ අතර ඒ සඳහා අමෙරිකානු මොන්ටානා ජාතික ආරක්ෂක බලකාය සමග අමෙරිකානු පැසිෆික් ගුවන් හමුදාව සහභාගි වේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.