News Category
From Date
To Date
Maximum Number of Result

කඳුළට වැසෙන යාඤාවේ විලාපය... කූටව ක්‍රියාත්මක කරන ආගමික ආක්‍රමණයක්‌...!!

Feb 27, 2025 at 11:01 PM
|

අනවරාග‍්‍ර සංසාරයේ සැරිසරන සත්ත්වයා ඒ ඒ ආත්මවලදී තම මවුපියන් මියගිය විට හැඬූ කඳුළු මහා සාගරයටත් වැඩි බව කියැවේ. සමහරු දුකටත් හඬති, සතුටටත් හඬති. තක්කඩිකමට වංචාවට කඳුළු හෙළන්නොත් දුලභ නොවෙති. එහෙත් අද අපේ අවධානය යොමු කරන්නේ දෑසින් රූරා වැටෙන කඳුළු ගැන නොවේ. ඇන්ටන් චාල්ස් තෝමස් සහෝදරතුමා විසින් පවත්වන කඳුළ ගැන කතා කරන්නටය. මොහු කතෝලික පූජකවරයෙක් නම් නොවේ. කාලයක් කිතුදන පුබුදුවේ ඔස්කා අබේරත්න පියතුමා මාර්ගයෙන් දේවධර්මය ඉගෙන සංගීතය යොදා ගනිමින් කුඩා යාච්ඤා මෙහෙයවූ තැනැත්තෙකි. මීගමුවේ පුවත් පළ කරන මීපුර නිව්ස් වෙබ් අඩවිය අනුව මේ සහෝදරතුමාගේ පියා ක‍්‍රිස්තියානි වන අතර මව මුස්ලිම් වේ. පසුගිය කාලය පුරාම රට පුරා කඳුළ වැඩසටහන් පැවැත්විණි. හමුදා වෙබ් අඩවියේ පළව තිබුණේ මීට සති කිහිපයකට පෙර කිළිනොච්චියේ පැවති කඳුළ වැඩසටහන නැරඹීමට පන්දහසක පිරිසක් සහභාගි වූ බවයි. හමුදාවේ උත්සව පැවැත්වෙන විටත් චාල්ස් සහෝදරතුමා ඉදිරි පෙළ ආසනයක දක්නට ලැබෙයි. මොහු විශේෂ බලවන්තයෙක්ද? කඳුළ හරහා සිදුකරන්නේ කවරක්ද? මෙය සැබැවින්ම කූටව ක‍්‍රියාත්මක කරන ආගමික ආක‍්‍රමණයකි. මොහු සිංහල බෞද්ධ දරුවන්ගේ පාසල්වලට ගොස් බොදු ගීත ඇසුරින් බුද්ධාගම උගන්වන්නට සැරසේ. මොහුගේ වැසඩහටන් යූ ටියුබය හරහා නැරඹිය හැක. ”සකල සතට බොදු බැතියෙන් නමදින දුර හැර හැම බේදේ සුගත තථාගත ලෝක තිවංකර සම්බුදු සිරිපාදේ” ගීතයට විවිධ විග‍්‍රහ දෙමින් බෞද්ධ දර්ශනය උගන්වන වීඩියෝවක් පසුගිය දිනෙක දුටුවෙමි. කරුණාරත්න අබේසේකර මහතා මේ ගීය ලිව්වේ බුද්ධ දර්ශනය ඉගැන්වීමට නොවේ. නමුත් චාල්ස් සහෝදරතුමා මේ හරහා අලූ‍ත් අර්ථකථන දෙමින් බුද්ධාගම උගන්වයි. මොහුගෙන් බණ අසන්නේ කුමකටද? මොහු කවරෙක්ද? බුද්ධ දර්ශනය ගැන දැනගැනීමට ත‍්‍රිපිටකය හැදෑරිය යුතුය. එහෙත් අප පාස්ටර්ගෙන් බණ අසන්නේ කුමකටද? සමහර භික්ෂුන් වහන්සේලාත් මොහුට රුචි වී ඇති බව නම් පැහැදිලිය. බෞද්ධයන්ට ගීත කියා දෙන ගමන් සිංහල බෞද්ධයන් කියා කොටසක් නැති බව ද මොහු කියයි. මොහුගේ කූට ව්‍යායාමය වැටහෙන්නේ එවිටය. සිංහල බෞද්ධයන් කඳුළට යටකිරීමේ කුමන්ත‍්‍රණය හෙළිවන්නේ එවිටය. සමහර අඳබාලයන්ටත් චාල්ස් සහෝදරතුමා තරම් වීරයෙක් නැත. එක් අවස්ථාවක ඔහු තුන් හෙළේ යන්න අන්තවාදී බව කියයි. තුන් හෙළේ යන්නෙන් අදහස් වන්නේ මෙරට සියලූ‍ ජාතීන් බව අමුතු ධර්මයක් දෙසයි. මෙය අමුතුම තක්කඩිකමකි. රුහුණු පිහිටි මායා නම් තුන් හෙළය ගැන සහෝදරතුමා දන්නේ නැද්ද? නැත්නම් ඕනෑකමින් වෙනත් අර්ථ ලබා දෙයි. ඒ හරහා සිංහල බෞද්ධ අනන්‍යතාවට පහර දෙයි. මේ ගැන කිසිත් නොදන්නා දරුවෝ දැෑස් දල්වා මේ ප‍්‍රසංගය බලා සිටිති. ගුරුවරුන් ද චාල්ස්ගේ කටහඬට වශී වී ඇත. මොවුනට මේ ආක‍්‍රමණය නොදැනේ. මේ කඳුළ ප‍්‍රසංගය සෑමවිටම ඉලක්ක කරන්නේ බෞද්ධයන්ටය. සමහර හිමිවරු මේ ප‍්‍රසංගය පැවැත්වීමට පෙර කඳුළ අගයති. ”හපොයි මෙවැනි විපතක්?” ලංකාවේ බුදුන් ඉපදුනා යැයි විශ්වාස කරන බෞද්ධයන් කණ්ඩායමක් ද බිහිව ඇති සමයක චාල්ස්ගෙන් බුද්ධාගම සංගීතය හරහා ප‍්‍රගුණ කිරීමට තවත් කොටසක් සැදී පැහැදී සිටිති. ජේතවනාරාමයට ගල් ගසා වඳුරන්ගෙන් බණ ඇසීම ගැන අප අසා ඇත්තේ අද ඊයේ නම් නොවේ. මොහුගේ තවත් වීඩියෝවක අමුතු කතාවක් කියයි. සිංහල ස්ත‍්‍රීන් මේ කතාව ඇසිපිය නොහෙළා බලා සිටිති. එයින් පවසන්නේ කුමක්ද? තමන්ගේ දරුවා ලබාදුන්නේ දෙවියන් වහන්සේ බවයි. විවාහ වී වසර පහක් ගිය ද තමන්ගේ බිරියට දරුවෙක් නොලැබුණු බවත් කළ පරීක්‍ෂණවලදී තමන්ගේ සරුභාවය ගැන ප‍්‍රශ්නයක් ඇති බව හෙළි වූ බවත් මේ සහෝදරතුමා කියයි. නමුත් හදිසියේම මොහුගේ බිරිය ගැබ්ගෙන ඇත. ඒ දරුවා දෙවියන්ගේ පරිත්‍යාගයක් බව මොහු නොකියා කියයි. දෙවියන්ගෙන් දරුවන් ලබන කෙනාගෙන් අපි සම්බුදු සිරිපාදේ විග‍්‍රහ අසන්නෙමු. බුද්ධ දර්ශනය ගැන නව අර්ථකථන අසන්නෙමු. මෙතුමා සංගීතය යොදාගෙන කතෝලික බැතිමතුන් එක්කරගෙන යාච්ඤා පැවැත්වූවාට අපට කිසිම ප‍්‍රශ්නයක් නැත. නමුත් මොහු බුද්ධාගම ගැන කියන්නට එන්නේ කවර හේතුව නිසාද? මෙය බුදුන්ගේ දහම විකෘති කිරීමකි. එම නිසා මේ ඊනියා කඳුළට එරෙහි විය යුතුය. මෙය බරපතළ අනතුරකි. විශේෂයෙන් මේ ප‍්‍රසංගය හරහා ඉලක්ක කරන්නේ බෞද්ධ පාසල් වීම විශේෂත්වයකි. බුද්ධාගමට අර්ථකථන දීමට පාස්ටර්වරයකු අවශ්‍ය වන්නේ නැත. මෙය සැබැවින්ම විකෘති අදහස් ප‍්‍රකාශ කිරීමකි. සංගීතයට රැවටී සාතන්ගේ බණ ඇසීම වැනිය. පසුගිය ඔක්තෝබර් 04 වැනිදා මතුගමදී පවත්වන්නට සූදානම් කර තිබූ කඳුළ වැඩසටහන නතර කර දැමුණේ ප‍්‍රදේශයේ මහා සංඝරත්නයේ බරපතළ විරෝධය නිසාය. මතුගම සිංහ සමාජය විසින් මෙම ප‍්‍රසංගය පැවැත්වීමට තීරණය කර තිබුණ ද මෙයට එරෙහිව ප‍්‍රදේශයේ බෞද්ධ සංවිධාන කළුතර පොලිස් අධිකාරීවරයාට පැමිණිලි කර තිබිණි. ඒ අනුව දෙපාර්ශ්වයේම එකඟතාව මත කඳුළ අතහැර දමා තිබිණි. මතුගමින් කඳුළ පිස දැම්ම ද යළිත් කොතැනකින් හෝ මතුවිය හැක. මතුගම ප‍්‍රදේශයේ මහා සංඝරත්නය මෙන්ම බෞද්ධ ක‍්‍රියාකාරීන් ද මේ කඳුළ හරහා එන ඉවැන්ජලිකල් ආක‍්‍රමණය ඉතා හොඳින් අවබෝධ කරගෙන සිටීම පැසසිය යුත්තකි. නිහඬව සිටියහොත් මොහු රුවන්වැලිසෑ පුදබිම තුළත් ‘කඳුළ’ පවත්වා ඒ ශුද්ධ භූමිය ද මිත්‍යාදෘෂ්ටික අදහස්වලින් අපවිත‍්‍ර කරනු ඇත. ඔළුව අතගාමින් සිංහල බෞද්ධ මනසට ටොකු අනිනු ඇත. ජාතියට ආගමට හිතැති බලවේග සියල්ලම එක් වී කඳුළට වැසුණු ආගමික ආක‍්‍රමණය වටහාගත යුතුය. නැත්නම් ඒ යාච්ඤාවේ සංගීතයෙන් ඔබ මෝහනය වනු ඇත. -- චතුර පමුණුව උපුටා ගැනීම දිවයින ඉරිදා සංග‍්‍රහය.

සම්බන්ධිත පුවත් | Related News

බුදුදහම සහ ධර්ම කරුණු විකෘති කරමින් ප්‍රචාරය කරන බවට චෝදනා එල්ල වී ඇති පුද්ගලයින් 103 දෙනෙකුගේ නාමලේඛනයක් සමාජ මාධ්‍යය මගින් ප්‍රසිද්ධියට පත් කර තිබේ.
මෙතන ඉන්න ගොඩක් අය අද ජීවතුන් අතර නෑ. ඉන්නෙ අතලොස්සක පිරිසක් විතරයි.
2001 වසරේ ජූනි 1 වනදා නේපාලයේ කත්මණ්ඩු නුවර නාරායන්හිටි රාජමාලිගයේදී සිදු වූ නේපාල රාජකීය පවුලේ සමූලඝාතනය ලෝක ඉතිහාසයේ ලේවැකි සහ අතිශය කම්පන සහගත පුවතක් ලෙස සටහන් වේ. මෙම ඛේදවාචකයෙන් නේපාලයේ බිරේන්ද්‍ර රජු (King Birendra) සහ අයිශ්වර්යා රැජින (Queen Aishwarya) ඇතුළු රාජකීය පවුලේ සාමාජිකයින් නවදෙනෙකු ජීවිතක්ෂයට පත් විය.
ඔබ මේ ඡායාරූපයේ දකින්නේ ලෝක ගෘහ නිර්මාණ ශිල්පයේ වංශකතාව තුළ ශ්‍රී ලංකාවේ නම සටහන් කළ පැබ්ලෝ පිකාසෝ මහා කලා ශිල්පීන් ඇසුරු කළ ශ්‍රී ලංකාවේ එක්තරා ගැහැනියකි.
නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මැතිතුමාට එම තනතුරින් ඉල්ලා අස්වෙන්න කියලා දොලොස් දෙනෙක් විතර සහභාගි වුණ "අති දැවැන්ත" විරෝධතාවයක් නීතිඥ සංගමයේ කාර්යාලය ඉදිරිපිට.
නන්දා මාලනිය සමග මගේ කිසිම පුද්ගලික හඳුනා ගැනීමක් නෑ. ඒත් ඇය ගායනා කරන ගීත අතිශය බහුතරයක් මම ආශාවෙන් රස විඳිනවා. ඒ අනුව ඇය මගේ ප්‍රියතම ගායිකාව වෙන්නත් පුලුවන්. මම එහෙම සැසඳීමක් කරලා නෑ . මම කැමති ගීත ගායනා කරන තවත් ගායිකාවන් ඉන්නවා.
නීතීඥ සංගමයේ සභාපතිගේ ඉංගිරිසි භාවිතය පිළිබඳව සහ නජිත් ඉන්දික මන්ත්‍රීවරයාගේ ඉංග්‍රීසි භාවිතය පිළිබඳව සමාජ මාධ්‍යයේ මේ වන විට කතාබහක් නිර්මාණය වී තිබේ.
බුද්ධික හේවාවසම්ට සංචාරක සංවර්ධන අධිකාරියෙන් යන්න වුණේ වෙන බක්කක් නිසා නෙවෙයි.
අලුතින් හඳුනාගෙන ඇති Zero-Click යනුවෙන් හදුන්වන WhatsApp ගිණුම් අත්පත් කරගැනීමේ ප්‍රහාරයක් විවිධ ජංගම දුරකථන ඉලක්ක කරමින් ක්‍රියාත්මක වන බව වාර්තා වේ.

ප්‍රධාන පුවත්

හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..

මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.

22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීම සඳහා, එනම් තුනෙන් දෙක හෙවත් ඡන්ද 151ක් ගැනීම වැළැක්වීම සඳහා අගමැති හරිනි අමරසූරිය මහත්මිය මුල් වී තවත් 9 දෙනෙකු සමග කැරැල්ලක් ගැසීමට ඉඩ ඇති බවට පළවන මතවාද පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්පූර්ණයෙන්ම අයුක්තිසහගත සහ නීති විරෝධී ක්‍රියාවක් බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් සකස් කරන ලද නවතම වාර්තාව ජිනීවාහිදී ප්‍රකාශයට පත් කර තිබේ.

නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (04) නියෝග කළේය.

කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව එල්ල වී ඇති රුපියල් කෝටි 30ක (මිලියන 300ක) බරපතල මූල්‍ය අවභාවිත හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබේ.

ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..

මෙරට ගල් අඟුරු සංචිත ප්‍රමාණවත් නොවීම හේතුවෙන් විදුලි උත්පාදන ක්‍රියාවලිය බරපතල අර්බුදයකට ලක්ව ඇති බවත්, අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක (නෞකා දෙකක පමණ) අඩුවක් පවතින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා

සෙවණගල සීනි සමාගමේ පාලනාධිකාරිය සහ සේවකයන් අතර දීමනා හා නිවාඩු සම්බන්ධයෙන් හටගත් ගැටලුවක් මුල් කරගනිමින් ආරම්භ වූ වැඩ වර්ජනයක් හේතුවෙන් කර්මාන්තශාලාවේ කටයුතු සම්පූර්ණයෙන්ම අක්‍රිය වී තිබේ. මෙම වර්ජනය නිසා අස්වනු නෙළන ලද උක් ටොන් 6,000කට ආසන්න ප්‍රමාණයක් විනාශ වීමේ දැඩි අවදානමකට ලක්ව ඇති බව වාර්තා වේ.

ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මූතූර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි ඓතිහාසික කොට්ටියාරම සෑගිරිය රජමහා විහාරය මේ වන විට අන්තවාදී ආක්‍රමණ, නිදන් හොරුන්ගේ තර්ජන සහ ප්‍රදේශයේ සිදුවන කළුගල් කර්මාන්ත (ගල්කොරි) හේතුවෙන් දැඩි විනාශයකට ලක්වෙමින් පවතින බව වාර්තා වේ.

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති පෙත්සම් විභාගය ඊයේ (03) ආරම්භ වුණි.

සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි

සමස්ත ලෝකයේ මේ වන විට සිටින බවට ඇස්තමේන්තු කර ඇති ගොවීන් මිලියන 934කින් අඩකට ආසන්න පිරිසක් සෑම වසරකම නොදැනුවත්ව පළිබෝධනාශක විෂවීමකට ලක්වන බව Frontiers in Public Health සඟරාවේ ඊයේ(02) ප්‍රකාශයට පත් කළ අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා ආණ්ඩුව මහජනයාට දැනෙන නිශ්චිත උපායමාර්ගික හැරවුමකට යොමුකිරීම සඳහා තීන්දු ගෙන නොමැති බවත්, අංක ගණිත විජ්ජාවල් පෙන්වා ව්‍යාජ චිත්‍රයක් මහජනයාට මවාපාන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා චෝදනා කරයි.

අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්

"Atlas Angel - 2026" නමින් ශ්‍රී ලංකාවේ දී දින 5ක් පැවැත්වෙන ඒකාබද්ධ ගුවන් පුහුණු අභ්‍යාසය පසුගිය 31 වැනි දා ආරම්භ වූ අතර ඒ සඳහා අමෙරිකානු මොන්ටානා ජාතික ආරක්ෂක බලකාය සමග අමෙරිකානු පැසිෆික් ගුවන් හමුදාව සහභාගි වේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.