News Category
From Date
To Date
Maximum Number of Result

ඇමති මහින්දට වට කරන් ගහලා: ආණ්ඩුව පඩි වැඩි කරනවා කියලා රැවට්ටුවේ මෙහෙමයි‼️

Feb 18, 2025 at 01:07 PM
|

ගුරු විදුහල්පති සේවයේ වැටුප් වැඩි කිරීමක් සම්බන්ධයෙන් තම සමාජ ජාල ගිණුමේ සටහනක් යොදා ඇති නියෝජ්‍ය ඇමති මහින්ද ජයසිංහ මහතාට සමාජ ජාල පරිශීලකයන්ගෙන් දැඩි චෝදනා එල්ල වෙමින් ඇත.

මෙවර අයවැය මගින් රාජ්‍ය සේවක වැටුප් සංශෝධනය සම්බන්ධයෙන් ඔහු පළ කර ඇති සටහනකට මෙම ප්‍රතිචාර එල්ල වෙමින් තිබේ.


ගුරු විදුහල්පති සේවයේ වැටුප් වැඩි කිරීමක් සම්බන්ධයෙන් තම සමාජ ජාල ගිණුමේ සටහනක් යොදා ඇති නියෝජ්ය ඇමති මහින්ද ජයසිංහ මහතාට සමාජ ජාල පරිශීලකයන්ගෙන් දැඩි චෝදනා එල්ල වෙමින් ඇත.
මෙවර අයවැය මගින් රාජ්ය සේවක වැටුප් සංශෝධනය සම්බන්ධයෙන් ඔහු පළ කර ඇති සටහනකට මෙම ප්රතිචාර එල්ල වෙමින් තිබේ.
මේ අතර අයවැය මගින් රාජ්ය සේවක වැටුප් සංශෝධනය කෙරෙන ආකාරය පිළිබඳව අනුව PL 1 ශ්රේණියේ හෙවත් රාජ්ය සේවයේ අවම වැටුප් ලබන සේවකයෙකුගේ වැටුප වසර තුනක් ඇතුළත රු. 24,250 සිට රු. 40,000 දක්වා වැඩි කිරීමට රජය යෝජනා කර තිබේ.
නමුත් මෙය හුදු අංක ගණිතයක් පමණක් බවත්, එමගින් සිදුවන්නේ රාජ්ය සේවයේ අවම වැටුප ලබන සේවකයාගේ දළ වැටුප අප්රේල් මාසයේදී අඩු වීමක් බවත් පෙන්වා දිය හැක.
මෙම වැටුප් වැඩිවීම රු. 15,750 ක් ලෙස දක්වා ඇති අතර, එය සකස් වී ඇති ආකාරය පහත පරිදි වේ.
1. දැනට අතුරු දීමනා සහ විශේෂ දීමනා ලෙස ලබා දෙන රු. 7,500 මූලික වැටුපට එකතු කිරීම. (මෙමගින් දළ වැටුප වැඩි නොවේ.)
2. ඉන් අනතුරුව රජය විසින් වසර තුනක් තුළදී අලුතින් වැටුපට එකතු කිරීමට බලාපොරොත්තු වන්නේ රු. 8,250 ක් පමණි.
3. ඉන් රු. 5,000 ක් සහ ඉතිරි මුදලින් 30% ක් අප්රේල් මාසයේදී වැටුපට එකතු කෙරේ.
4. 30% ක් යනු රු. 975 ක මුදලකි. (8250 - 5000 = 3250, 3250 න් 30% = 975)
5. ඒ අනුව අප්රේල් මාසයේදී මූලික වැටුපට එකතු වන්නේ රු. 5,975 කි.
මෙහි ගැටලු කිහිපයක්,
1. ජනාධිපති රනිල් වික්රමසිංහ විසින් ලබාදුන් රු. 5,000 දීමනාව මේ වසරේදීත් ලැබෙමින් පවතී. (2025 ජනවාරි සිට මාර්තු දක්වා)
2. එම නිසා දැනට ලැබෙමින් පවතින දළ වැටුප රු. 5,000 කින් අප්රේල් මාසයේදී අඩුවේ.
3. එවිට දළ වැටුප සැබැවින්ම වැඩි වන්නේ රු. 975 කින් පමණි.
4. එසේම දීමනා මූලික වැටුපට එකතු වීම හේතුවෙන් වැන්දඹු අනත්දරු දායක මුදල්, අග්රහාර වැනි වැටුපෙන් අඩු කරනු ලබන මුදල් ප්රමාණය වැඩිවේ.
5. වැන්දඹු අනත්දරු දායක මුදල් පමණක් සැලකූ විට එය 8% කි. ඒ අනුව අවම වැටුප් ලබන සේවකයෙකුගේ වැටුපෙන් රු. 3,018 ක් අඩු වේ.
6. මෙය කලින් ගණනය කළ මුදලට වඩා රු. 1,078 ක අඩුවීමකි. (3,018 - 1,940 = 1,078)
7. නමුත් දළ වැටුප වැඩි වී ඇත්තේ රු. 975 කින් පමණක් බැවින් තවත් රු. 103 ක් මාර්තු මාසයේ වැටුපටත් වඩා අප්රේල් මාසයේ වැටුපෙන් අඩු වේ. (1,078 - 975 = 103)
8. අග්රහාර වැනි අඩු කිරීම් සමග මෙම දළ වැටුප තවදුරටත් අඩු වේ.
මේ අනුව පෙනී යන්නේ වැටුප් වැඩි කරන බවත්, වැටුප් විෂමතා ඉවත් කරන බවත් පවසමින් බලයට පත් වූ ආණ්ඩුව රාජ්ය සේවකයින් තවත් අගාධයකට ඇද දමා ඇති බවයි.

සම්බන්ධිත පුවත් | Related News

ගනේමුල්ල සංජිවට වෙඩි තියලා පලා ගිය මේ සුදු තම්බි මල්ලිගෙන් එල්ලලා ගගහ හරියට ප‍්‍රශ්ණ කරොත්
අනුරගේ සහ මාළිමා ආන්ඩුවේ පලමු මාස 06,යහපාලනය සහ මෛත්‍රීපාල සිරිසේනටත් වඩා දියාරු ස්භාවයක ගලා යමින්,තිබෙන්නේය.
ජුලි චංග්ලා පිටුපසින් ඉදගෙන USAID හරහා ලංකාවේ ක්‍රියාත්මක කළ අතිශය චීන හිතවාදී රාජපක්ෂ පාළනය වෙනුවට පාලන වෙනසක් වෙනුවෙන් . කරන ලද මැදිහත් වීම එලිදරව් වීම සමපාත කිරීම සදහායි.
ඒ සලකුණ ඉක්මවා යන්න බැරි කිසිවෙකුට ලංකා රාජ්‍යයේ සාර්ථකම පාලකයා වන්නට නොහැකිය.
1962 ජනවාරි 27 වැනිදා මෙරට ඉතිහාසයේ රාජ්‍ය විරෝධී හමුදා කුමන්ත‍්‍රණයක් ඇති විය... ඉතිහාසය වෙනස් කර නිහඬව සමුගෙන ගිය ඇය..❤️❤️
ශ්‍රී ලංකාවේ පවතින සැමට සාධාරණ ප්‍රවේශය යන මූලධර්මය මත පවතින නිදහස් අධ්‍යාපනය විනාශ කිරීමේ කුමන්ත්‍රණය නැවත වරක් ක්‍රියාත්මක වෙමින් පවතී. එහි නවතම උත්සාහය වන්නේ දිගින් දිගටම අසාර්ථක වූ පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපන කඩ නැවත වරක් ක්‍රියාත්මක කිරීමට උත්සාහ දැරීමයි.
සාෆිගේ සිද්ධිය මුලින්ම මතු කළේ කවුද? ▪️2019 මැයි 23 දින දිවයින පුවත්පත මේ ගැන මුල් වරට පුවතක් පළ කළේය. ඒ වන විටත් රහස් පොලිසිය මේ පිළිබඳ පරීක්ෂණ ආරම්භ කර තිබුණු අතර පොලිසියෙන් ලබා ගත් තොරතුරක් මත පදනම්ව එම ලිපිය සකසා ඇත. එවකට පොලිස්පති CD වික්‍රමරත්න විමර්ශන භාරව කටයුතු කළ ශානි අබේසේකරට පවසා ඇත්තේ විමර්ශන තොරතුරු පුවත්පතේ ජනමාධ්‍යවේදියකුට ලැබුනේ කවරාකාරයෙන්ද යන්න සොයා බලන ලෙසයි.

ප්‍රධාන පුවත්

ට්‍රම්ප්ගේ ගේම් පෑලැන් එකට අනුව ජාතික බලවේගත් ගොනාට අඳින්න පුළුවන් - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ඇමරිකානු ආධිපත්‍ය ලෝකය පුරා පැතිරවීම සඳහා මුල් යුගයේදී CIA සංවිධානය යොදාගත් නමුත් වඩා දියුණු ලෙස ලෝක ප්‍රජාව ගොනාට අන්දමින් එම න්‍යාය පත්‍රය ඉදිරියට ගෙනයාම සඳහා 1961 දී USAID සංවිධානය පිහිටු වූ බවත් ඉන්පසු එම ක්‍රියාවලිය වඩා ඉලක්ක සහගතව කිරීම සඳහා 1983 NED නැමති සංවිධානය සහ ඊට අනුබද්ධ සංවිධාන ජාලය පිහිට වූ බව ජාතික සංවිධානය එකමුතුවේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා සඳහන් කරයි.

රටේ ආරක්ෂක තත්ත්වය ගැන විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක්

රට තුළ පවතින පාතාල කල්ලි ගැටුම් පාලනය පිළිබඳ සහ රටේ ආරක්ෂක තත්ත්වය පිළිබඳ දැනුවත් කිරීමේ විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් මේ වනවිට පැවැත්වෙයි.

තරුණ සේවා සභාවේ කෝටි 18ක් ජනාධිපතිවරණ ඡන්ද වැඩට අරන්... කෝප් කමිටුවේදී හෙළිවෙයි

ජාතික තරුණ සේවා සභාවේ උත්සව සහ වැඩසටහන් කිහිපයක් වෙනුවෙන් වෙන්කර තිබූ රුපියල් කෝටි 18 කට වැඩි මුදලක් පසුගිය ජනාධිපතිවරණයේ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් වියදම් කර ඇති බව පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී (කෝප්) තොරතුරු අනාවරණය විය.

ස්වෛරීභාවය සහතික නොකර අපගේ මව්බිම වන රුසියාවේ ආරක්ෂාව, රටේ අභ්‍යන්තර සංවර්ධනය වෙනුවෙන් හිතකර කොන්දේසි නිර්මානය කළ නොහැකියි-ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලයේ විශේෂ ආරක්ෂක නිලධරී කර්නල් නිකොලායි බෙලියන්කින්

ස්වෛරීභාවය සහතික නොකර අපගේ මව්බිම වන රුසියාවේ ආරක්ෂාව, රටේ අභ්‍යන්තර සංවර්ධනය වෙනුවෙන් හිතකර කොන්දේසි නිර්මානය කළ නොහැකි බව ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලයේ විශේෂ ආරක්ෂක නිලධරී කර්නල් නිකොලායි බෙලියන්කින් මහතා පැවසීය.

මේ අය වැය IMF වට්ටෝරුවට හදපු සිරිකොතේ සුවඳ තියෙන අය වැයක් . උවිඳු විජේවීර (වීඩියෝ)

වත්මන් ආණ්ඩුව විසින් ගෙනා ආ අය වැය IMF වට්ටොරුවට හදපු සිරිකොතේ සුවඳ තියෙන අය වැයක් බව දෙවන පරපුරේ නායක උවිඳු විජේවීර මහතා පවසයි. ඔහු මේ අදහස් පළකලේ ඊයේ (20) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ් මහතා මෙසේද පැවසීය.

විද්‍යා දියණියගේ ඝාතනයට ලලිත් ජයසිංහට වසර හතරක සිරදඬුවම්

ශිවලෝගනාදන් විද්‍යා පාසල් සිසුවිය අපයෝජනය කොට ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු වූ මහලිංගම් ශෂිකුමාර් හෙවත් '' ස්විස් කුමාර්'' නැමැත්තාට පැනයාමට උපකිරීම සම්බන්ධයෙන් චෝදනාවන්ට වරදකරු වූ හිටපු උතුරු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් අනුරුද්ධ ජයසිංහ නැමැත්තාට වසර හතරක බරපතල වැඩසහිත සිරදඬුවම් සහ මුදලින් රුපියල් 50000ක දඩමුදලක් ගෙවන ලෙස වවුනියාව මහාධිකරණ විනිසුරු එම්. එම් මිහාර් මහතා නියම කළේය.

රනිල් පාර්ලිමේන්තුවට?

එක්සත් ජාතික පක්ෂයේ නායක සහ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ නායක රනිල් වික්‍රමසිංහ මහතා මේ වසර අවසානයේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස පත්වීමට නියමිතව ඇතැයි විශ්වාස කටයුතු දේශපාලන ආරංචි මාර්ගවලින් පැවසේ.

IMF යෝජනා අනුව අය වැය සකස් කිරීම වරදක් නොවෙයි - රවී කරුණානායක

අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ යෝජනා අනුව වත්මන් ආණ්ඩුවේ පළමු අයවැය සකස්කර තිබීම වරදක් නොවන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රවී කරුණානායක පවසයි.

අලුත් කඩේ මිනීමැරීම ජාතික ආරක්ෂාවට ප්‍රශ්නයක්... විපක්ෂ නායක - ජාතික ආරක්ෂාවට කිසිම තර්ජනයක් නෑ ... මහජන ආරක්ෂක අමාත්‍ය

අලුත් කඩේ උසාවිය ඇතුළේ මිනීමැරීම ජාතික ආරක්ෂාවට සම්බන්ධ ප්‍රශ්නයක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

ජනාධිපතිවරයා, පන් මල්ලක දාගෙන ඇවිත් තියෙන්නේ සුළු හා මධ්‍ය පරිමාණ නිෂ්පාදකයා විනාශ කරන අය වැයක් - පෙරටුගාමී සමාජවාදී පක්ෂය

ජනාධිපති අනුර දිසානායක මහතා විසින් දේශීයව නිෂ්පාදනය කර ඇති පන් මල්ලක හෙවත් පන් ෆයිල් එකක දමාගෙන ඇවිත් කියවනු ලබුවේ IMF එකේ වැඩපිළිවෙලට අදාල ලියවිල්ලක් බවත් එමගින් මෙරට සියලුම සුළු හා මධ්‍ය පරිමාණ නිෂ්පාදන විනාශයට ඇදගෙන යන බවත් පෙරටුගාමී සමාජවොදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ මහතා පවසයි.

රුසියාව තම ආර්ථිකය කළමනාකරණය කර ඇති ආකාරය ශ්‍රී ලංකාව වැනි රටකට ඉතා හොඳ උදාහරණයකි - විමල්ගෙන් X පණිවිඩයක්

රුසියාවේ අභ්‍යන්තර නොසන්සුන්තාව වැනි ගැටළු පැවතියද එම හානිය පාලනය කරමින් ඔවුන් ආර්ථිකය කළමනාකරණය කර ඇති ආකාරය ශ්‍රී ලංකාව වැනි රටකට ඉතා හොඳ උදාහරණයක් බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා X පණිබිඩයක් නිකුත් කරමින් පවසයි.

රාජ්‍ය සේවක වැටුප වැඩිවීමේ නිවැරදි සුත්‍රය ආර්ථික සංවර්ධන නි. ඇමැති පැහැදිලි කරයි... ශුද්ධ වැඩිවීම රු. 8250

රාජ්‍ය සේවයේ අවම මූලික වැටුප රු. 15,750කින් වැඩි කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අයවැය කතාවේදී සඳහන් කළත් රාජ්‍ය සේවක අවම මූලික වැටුප ශුද්ධ වශයෙන් වැඩි වන්නේ රු. 8250 කින් පමණයි. මෙයට හේතුව දැනට ලබාදෙන රු. 7500ක දීමනා එම රු. 15750 ක මුදලි

2025 අය වැය ගොවියාට පැණි නැති වදයක් - අනුරාධ තෙන්නකෝන්

2025 අය වැය ගොවියාට කිසිදු සහනයක් පැණි නැති වදයක් බව ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් මහතා පවසයි. ඔහු මේ බව පැවසුවේ ඊයේ (17) මාධ්‍ය හමුවකට එක්වෙමිනි එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ තෙන්නකෝන් මහතා මෙසේද පැවසීය මේ අයවැයේ ඉතාමත්ම සාධනීය යෝජනාව තමයි නව දේශපාලන සංස්කෘතියක් සඳහා වූ මහජන නියෝජිතයෝ වෙච්ච පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ඇමතිවරුන්ට වාහන බලපත්‍රය අහෝසි කිරීම. ඒ වගේම අනිත් පාර්ශවයන් සඳහා සැලකිය යුතු මට්ටමේ අයවැය යෝජනාවලිය පිළිබඳව පරණ පුරුදු ආණ්ඩුවලින් ඉදිරිපත් කරපු අයවැයට අඩු වැඩි විදියට සමගාමී අයවැයක් විශේෂයෙන්ම මේ රටේ කෘෂි නිෂ්පාදන ආර්ථිකය ගොඩනගන්න මේ රටේ ගොවියාගේ ආර්ථිකය ගොඩනගන්න කෘෂි නිෂ්පාදන පිරිවැය අඩුනරන් අවශ්‍ය යෝජනාවක් තිස්සේත්ම සඳහන් වෙලා නෑ. අපි බලාපොරොත්තු උනේ කෘෂි නිෂ්පාදන ආර්ථිකයන් ගොඩනගන්න අවශ්‍යය ඉතාමත්ම සාධනීය යෝජනාවලියක් අයවැය තුළින් එයි කියලා. හැබැයි අපිට පේන විදියට මේ අයවැය ගොවියාට හිස්ටින් එකක් වගේ අයවැයක් ගොවියාට ආයෙත් හිඟා කන්න හිස් බෙළෙක්ක දුන්න අයවැයක්. කෂි නිෂ්පාදන පිරිවැය අඩු කරන්ඩ විශේෂයෙන් වී ඇතුළු අතිරේක ආහාර භෝගවල පිරිවැය අඩු කරන්න කෘෂි යෙදවුම් සඳහා බද්ද අඩු කරලා නෑ, කෘෂි මෙවලම් සඳහා බද්ද අඩු කරලා නෑ. ඊළඟට සහල් කර්මාන්තයේ යෙදෙන සහ සහල් කර්මාන්තයේ යෙදෙන සහල් කර්මාන්තකරුවන්ගේ යන්ත්‍ර සූත්‍ර සඳහා අමතර කොටස් සඳහා ගහලා තියෙන බද්ද අඩු අඩු කරලා නෑ. ඒ කියන්නේ මේ අයවැයත් බදු පිට බදු ගහපු රජයේ එකම ආදායම බදු බවට පත් කරපු විශේෂ ස්පාදන ආර්ථිකය ගොඩනගනවාවා වෙනුවට බදු පිට බඳු ගහපු ආණ්ඩුවක් අයිඑම්එෆ් යෝජනා අනුව ලෝක බැංකු යෝජනා අනුව ආසියානු සංවර්ධන බැංකිය යෝජනා අනුව ඉස්පිල්ලක් පාපිල්ලක්වත් වෙන් කරන්නේ නැතුව අයිඑම්එෆ් එකේ අයවැය යෝජනාවක් ලෝක බැංකුවේ අයවැය යෝජනාව ආසියානුු සංවර්ධන බැංකුවේ අයවැය යෝජනාවක් විදිහට තමයි අපිට පේන්නේ එනිසා අපි කියන්නේේ මේක මී මැස්සො පිටින් පේන්න හිටියට වදේ මී පැණි නැති අයවැයක් ගොවියාට හිඟා හිඟා නොකා හිඟා කන්නෙත් හිස් බෙළෙක්කයක් දුන්නා හිස්ටින් එකක් වාගේ අයවැයක්.."

අගමැතිණියගේ ලෙඩේ පාසල් දරුවන්ටත් බෝ කරන්නයි හදන්නේ - විමල් වීරවංශ

අගමැති හරිනි අමරසූරිය අධ්‍යාපන ඇමතිවරිය විදියට ඇගේ ලෙඩේ පාසල් දරුවන්ටත් බෝ කිරීමේ උත්සාහයක් නියැලෙමින් සිටින බව ජාතික නිදහස් පෙේමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි. ඊයේ (17) ජාතික නිදහස් පෙරමුණෞ මූලස්ථානයේදී පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඒ මහතා මේ බව පැවසීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා මෙසේද පැවසීය.

මේ වසර අවසානයේ රනිල් විපක්ෂනායක ලෙස පාර්ලිමේන්තුවට...USAID එකෙන් සල්ලි ගත්තු ලිස්ට් එක මෙන්න.. වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)

ටූත්විත් චමුදිත යූ ටියුබ් නාලිකාවේ සාකච්චාවකට එක්වන දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා සදහන් කරන්නේ මේ වසර අවනායේදී රනිල් වික්‍රමසිංහ මහතා විපක්ෂනායක ලෙස පාර්ලිමේන්තුවට පැමිණෙන බවත් සජිත් ප්‍රේමදාස මහතාට විපක්ෂනායක කමද නැතිවීමට ඉඩ ඇති බවත්ය. එමෙන්ම USAID සංවිධානයෙන් මුදල් ලබාගැනීම් සිදුකළ නාම ලේඛනය ද ඔහු විසින් මෙහිදී ඉදිරිපත් කරන අතර සම්පූර්ණ වීඩියෝ පහතින්

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.