News Category
From Date
To Date
Maximum Number of Result

විජේවීර ඝාතනය කොට වසර 34යි... 88 - 89 දී ඇත්තටම රටේ සිදුවුණේ කුමක් ද?

Nov 14, 2023 at 09:31 AM
|

1988 - 1989 යුගයේ මෙරට ඉස්මතු වූ සන්නද්ධ අරගලය, ඊට බලපෑ හේතු සහ සමාජ පසුබිම පිළිබඳ මූලික කරුණු මැදහත්ව  විමසා බැලීම මේ ලිපි මාලාවේ අරමුණ වේ. එම අරගලය තුළ කෙබඳු ආකාරයේ වැරදි අඩුපාඩු සීමාකම් පැවතියද අප එය අවබෝධ කොට ගත යුත්තේ ලංකාව නමැති ජාතික රාජ්‍යයේ ස්වාධීන පැවැත්ම, රටේ ඒකීයභාවය වෙනුවෙන් බෙදුම්වාදී, ජාතිවාදී විදෙස් න්‍යාය පත්‍රයන්ට එරෙහිව දියත් වූ දේශප්‍රේමී ජාතිකවාදී අභිලාෂයන් සහිත සටනක් වශයෙනි. ඒ මූලික අවබෝධයට යටත්ව එදා පැවති සමාජ දේශපාලන පසුබිම ඔස්සේ එම අරගලය මැදහත්ව හා විචාරශීලීව අවබෝධ කරගැනීම රටේ වර්තමාන සමාජ දේශපාලන අභියෝගයන් ජයගැනීම සඳහාද වැදගත් ප්‍රවේශයක් බව අපි විශ්වාස කරමු.  

> 71 අප්‍රේල් අරගලයෙන් පසු ජවිපෙ පැවැත්වූ ප්‍රථම මාධ්‍ය සාකච්ඡාව 1977 පෙබරවාරි 19 වැනිදා කොළඹ දී පැවැත්විණි. ජවිපෙ මැතිවරණවලට ඉදිරිපත් වෙමින් ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයට පිවිසෙන බව එහිදී ප්‍රකාශ වූ අතර, 71 අරගලයට සම්බන්ධ වී ඒ වන විට නිදහස ලබා සිටි ජවිපෙ වැඩ බලන ලේකම් උපතිස්ස ගමනායක, කෙලී සේනානායක, යූ. ඒ. නන්දසීලි, සෝමවංශ අමරසිංහ ඇතුළු පිරිසක් මේ අවස්ථාවට සහභාගී වූහ. 

> අප්‍රේල් අරගලයෙන් පසු ජවිපෙ පැවැත්වූ ප්‍රථම ප්‍රසිද්ධ රැස්වීම 1977 මාර්තු 10 වැනිදා ගමනායකගේ ප්‍රධානත්වයෙන් හයිඩ් පිටියේදී පැවත්විණි. ජවිපෙ නියමුවා පුවත්පත ලියාපදිංචි කිරීමද එදින සිදුවිය. 

> 1977 අප්‍රේල් 6 පේරාදෙණියේ පැවති නිලවරණයෙන් පසු ප්‍රථම වරට සරසවි ශිෂ්‍ය සභාවක සභාපති ධුරය ජවිපෙ කේ. ඒ. චන්ද්‍රපාලට හිමිවිය. 1977 මැයි දින රැස්වීමක්ද පැවැත්වීමට ජවිපෙ කටයුතු කළේය.  

> 1977 ජුලි 22 පැවති මහා මැතිවරණයෙන් එජාපය ජය ගත් අතර, එයින් පසු විරුද්ධවාදීන් කෙරේ දරුණු මර්දනයක් දියත් විය. එහිදී මිනිස් ඝාතන 6ක්, නිවාස ගිනි තැබීම් 37ක්, පහරදීම් හා මංකොල්ලකෑම් 1400ක් වාර්තා විය. ජවිපෙ යළි නැගී සිටීම සිදුවූයේ දරුණු මර්දනකාරී ජයවර්ධන පාලනය යටතේය.                                   

> 1977 මහා මැතිවරණයට ජවිපෙ ස්වාධීන කණ්ඩායමක් ලෙස තංගල්ල, අනුරාධපුර බටහිර, හොරොව්පතාන, හක්මන යන ආසන හතරට තරග කළේය.

> ජේ. ආර්. ජයවර්ධන විසින් අපරාධ යුක්ති කොමිෂන් සභා පනත අහෝසි කිරීමේ ප්‍රතිඵලයක් ලෙස 1971 අරගලය නිසා සිරගතව සිටි රෝහණ විජේවීර ඇතුළු 125 දෙනෙක් 1977 නොවැම්බර් 2 දා නිදහස ලැබූහ. අරගලයට සම්බන්ධව සිරදඬුවම් විඳිමින් සිටි 123 දෙනෙක් ඊට පෙර නිදහස ලබා තිබිණි. 

> විජේවීර නිදහස් වීමෙන් පසු ජවිපෙ ප්‍රථම රැළිය 1977 නොවැම්බර් 7 වැනිදා කොළඹ නගර සභා පිටියේදී පැවැත්වුණු අතර, ඉන්පසු ඔහු රට පුරා රැස්වීම් මාලාවක් ඇමතීය.  1978 සැප්තැම්බර් 24 වැනිදා යාපනයේ පැවති රැස්වීමකදී විජේවීරට ගල් ප්‍රහාරයක් එල්ල විය. 

> 1978 පෙබරවාරි 4 වැනිදා ජේ. ආර්. ජයවර්ධන ප්‍රථම විධායක ජනපති ලෙස දිවුරුම් දීම සහ නව ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීම සිදුවිය.

> 1978 මාර්තු 16 වැනිදා කැළණි සරසවියේ සිසුන් සමග ඇතිවූ ගැටුමකින් ක්‍රිස්ටෝපර් ජයතිලක නමැති මැරයා මරණයට පත්වූ අතර ජනාධිපතිවරයා ඔහුගේ අවමගුලට සහභාගී විය. 

> 1978 ජූලි 23 ගිනි පුපුර කණ්ඩායමට අයත් පිරිසක් සමග ජවිපෙ ලන්ඩන් ශාඛාව ගොඩනැගීමට විජේවීර කටයුතු කළේය. එම වසරේ කියුබාවේ පැවති ලෝක තරුණ හා ශිෂ්‍ය උළෙලට විජේවීර ඇතුළු නියෝජිතයෝ 4ක් සහභාගී වූහ. 

> ජූලි 26 ව්‍යාපාරය සැමරීම සඳහා 1978 කොළඹදී පැවැත්වූ සම්මන්ත්‍රණයකදී පළමු වරට විමුක්ති ගී ජනගත කිරීම සිදුවිය. 1983 ජවිපෙ තහනම වන විට රට පුරා “විමුක්ති ගී” ප්‍රසංග 118ක් පවත්වා තිබිණි.

> 1978 ඔක්තෝබර් 19 සිට දින හතරක් පුරා ජවිපෙ ප්‍රථම මංගල සමුළුව කුරුණෑගල ඕමාරගොල්ලේදී පැවැත්වූ අතර, එහිදී දයා වන්නිආරච්චි ප්‍රධාන ලේකම් ධුරයට පත්විය.  

> මේ වනවිට විශ්වවිද්‍යාල තුළද ජවිපෙ ක්‍රියාකාරකම් ආරම්භ වූ අතර සරසවි සිසුන් මර්දනය සඳහා 1978 වසරේදී නව විශ්ව විද්‍යාල පනත සම්මත කර ගැනීම සිදුවිය. මේ කාලයේදී ශිෂ්‍ය මර්දන ක්‍රියා, පාතාල මැර පිරිස් යොදවා කළ පහරදීම්ද සුලබව වාර්තා වූ අතර එවකට අධ්‍යාපන හා තරුණ කටයුතු ඇමතිවරයා වූ රනිල් වික්‍රමසිංහ ඊට සක්‍රියව දායක වී ඇත.  

> “ශ්‍රිලනිපයේ ගමනක අවසානය” මැයෙන් විජේවීර පැවැත්වූ දේශන මාලාවේ පළමු වැන්න 1979 සැප්තැම්බර් 26 කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීම සඳහා එජාප ආණ්ඩුව ගෙන ගිය වැඩපිළිවෙළට ජවිපෙ ක්‍රියාකාරීව සහය පළ කළේය. 

> 1980 ජූලි 17 වැනිදා රුපියල් 300ක පඩි වැඩි වීමක් ඉල්ලා පැවති ජූලි වර්ජනයෙන් 40356 කට රැකියා අහිමි කිරීමට රජය කටයුතු කළ අතර මෙහිදී පහරදීම්, සිරගත කිරීම් නිසා සිත් තැවුලට පත් වර්ජකයෝ 39 දෙනෙක් සිය දිවි හානි කොට ගත්හ. මෙවැනි දරුණු මර්දනකාරී තත්ත්වයක් යටතේ වුවද සරසවි සිසුන් සටන්කාමී බලවේගයක් ලෙස මෙහෙයවීමට මෙකල ජවිපෙ සමත් විය.

> 1980 දෙසැම්බර් 31 ජවිපෙ තරුණ සංවිධානයක් වූ “රතු ගැටවු” සංවිධානය බිහිවිය. 

> සමාජවාදී ශිෂ්‍ය සංගමයේ ප්‍රථම මහා සමුළුව 1981 පෙබරවාරි 25 පැවති අතර, ශාන්ත බණ්ඩාර ප්‍රධාන ලේකම් ලෙස තේරී පත්විය. ජවිපෙ කාන්තා, කම්කරු. භික්ෂු, තරුණ, කලා ආදී අංශවල මංගල මහා සමුළු 1981 වසරේදී පවත්වනු ලැබිණි. 

> 70 දශකය මැද සහ 80 දශකය මුල සරසවි වරම් ලැබූ සමන් පියසිරි ප්‍රනාන්දු, එච්. බී. හේරත්, ශාන්ත බණ්ඩාර, ඩී. එම්. ආනන්ද, උපාලි ජයවීර, කේ. ඩබ්. එස්. අමරසිරි වැනි ශිෂ්‍ය නායකයන් යටතේ සරසවි තුළ ජවිපෙ බලය පුළුල් වීම මේ වන විට සිදුවෙමින් තිබිණි. මේ සියලු දෙනා පසුකාලීනව ජවිපෙ මුල් පෙළේ නායකයෝ බවට පත් වූහ. 

> 1969 දී පිහිටුවන ලද අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ බලය 1977 වන විට දිනාගැනීමට ජවිපෙ සමත්ව තිබිණි. ඊට පෙර එය මෙහෙයවන ලද්දේ කොමියුනිට්ස් පක්ෂයේ ලංකා ජාතික ශිෂ්‍ය සංගමය විසිනි. ජවිපෙ නියෝජනය කළ අන්තරේ පළමු කැඳවුම්කරුවා වූයේ 1978 - 1979 වසරවල එම ධුරය හෙබවූ ශාන්ත බණ්ඩාරය. අන්තරය 88 - 89 අරගලය තුළ ඉතා තීරණාත්මක භූමිකාවක් ඉටු කළ සංවිධානයක් වූ අතර, කම්කරු, ගොවි ආදී අන් බොහෝ අංශ අභිභවා එම අරගලය තුළ ශිෂ්‍ය ප්‍රජාවේ දායකත්වය කැපී පෙනිණි. 

> 1981 දිස්ත්‍රික් සංවර්ධන සභා ඡන්දයේදී ඇතිවූ ගැටුම් අතරතුර ආණ්ඩුවේ මැර පිරිස් දකුණු ආසියාවේ විශාලතම පුස්තකාලය වූ යාපනය පුස්තකාලයට ගිනිතැබූහ. වටිනා පොත් 90000ක් එහිදී විනාශයට පත්විය. 

> ඡන්ද පෙට්ටි අතුරුදන්වීම්, හොර ඡන්ද දැමීම්, බිය ගැන්වීම් රැසක් යටතේ සංවර්ධන සභා ඡන්දය පැවැත්වීම සිදුවිය. මෙය මහා පරිමාණයෙන් අයථා ක්‍රියා සිදුවූ ලංකාවේ පළමු මැතිවරණය ලෙස ඉතිහාසයට එක් වෙයි.

> 1981 ජූනි 4 පැවති දිස්ත්‍රික් සංවර්ධන සභා ඡන්දයේදී ජවිපෙ දිස්ත්‍රික් අටක් සඳහා තරග වැදුණු අතර, ඡන්ද 327149ක් සමග සංවර්ධන සභා මන්ත්‍රී ධුර 13ක් හිමිවිය. ශ්‍රිලනිප, කොමියුනිට්ස්, සමසමාජ යන පක්ෂ මේ මැතිවරණය වර්ජනය කළහ.

දෙවැනි කොටස ළගදීම...

- ඉසුරු ප්‍රසංග -

සම්බන්ධිත පුවත් | Related News

ජිනීවා මානව හිමිකම් මණ්ඩලයේ (UNHRC) 63 වන සැසිවාරයේ A/HRC/63/18 දරන වාර්තාව මගින් ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය, ජාතික ආරක්ෂාව සහ අධිකරණ පද්ධතිය බරපතල තර්ජනයකට ලක්ව ඇත.
“බුදුහාමුදුරුවෝ කියන්නෙත් සාමාන්‍ය මනුස්සයෙක්. ඉතින් ඒ තරම් ඈත කාලෙක උන්වහන්සේ ලංකාවට වැඩම කළා කියන කතාව පිළිගන්න අමාරුයි.” මෙන්න මෙහෙම තමයි එක්තරා පුද්ගලයෙක් ඊයේ මම ලියපු ලිපියට ප්‍රතිචාර දක්වලා තිබුණේ. මේ විදිහට තමන්ගේ අබ්බගාතකම මුල් කරගෙන ලෝකය දිහා බලන අය ඕන තරම් අපි අතර ඉන්නවා.
ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයේ මුලික අඩිතාලම වන්නේ ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය අතර පවතින බලතුලනය සහ ස්වාධීනත්වයයි. ශ්‍රේෂ්ඨාධිකරණ හා අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස් සීමාව වසර දෙකකින් (අවුරුදු 65 සිට 67 දක්වා) දීර්ඝ කිරීම අරමුණු කරගත් 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන යෝජනාව, මෙරට නීතිමය සහ දේශපාලනික ක්ෂේත්‍රය තුළ දැඩි සංවාදයකට ලක්වූ මාතෘකාවකි.
තමන් මහා ඉතිහාසඥයෙක් කියලා මහාචාර්ය ලයිසන් එකක් කරේ එල්ලගෙන සමාජ මාධ්‍ය වේදිකාවල පිනුම් ගහන නිර්මාල් රංජිත් දේවසිරි කටින් කියන දේවල් සහ දිවෙන් කියන දේවල් අතර ‍ලොකු වෙනසක් තියෙනවා. අපි මුලින් ම, ඒ වෙනස තේරුම් ගනිමු.
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මඟින් විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කිරීමට යෝජනා කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 09 වන වගන්තියට (බුද්ධ ශාසනය සුරක්ෂිත කිරීමේ වගන්තියට) පටහැනි බව පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රකාශ කළහ.
පුරාවිද්‍යාත්මක උරුමය යනු මානව ඉතිහාසයේ, සංස්කෘතියේ සහ අතීත මානව ක්‍රියාකාරකම්වල අතිමහත් භෞතික සාක්ෂියයි. ශ්‍රී ලංකාවේ උතුරු සහ නැගෙනහිර පළාත් පුරා විහිදී ඇති අතිවිශාල පුරාවිද්‍යාත්මක ස්ථාන, මූලික වශයෙන් කුරුන්දි විහාරය (කුරුන්දාවශෝක විහාරය), තන්නිමුරුප්පු, වෙඩිනාගල, අරිසිමලේ, දිගාවාපිය, මුහුදු මහා විහාරය සහ කඳුරුගොඩ වැනි ප්‍රදේශ අතීත බෞද්ධ හා සංස්කෘතික නගරෝත්පාදනයේ උරුමයන් වේ. කෙසේ වෙතත්, වර්තමානය වන විට මෙම කලාපයන්හි පුරාවිද්‍යා උරුමයන් විනාශ කිරීම, අනවසරයෙන් අත්පත් කර ගැනීම, නාම පුවරු ගැලවා ඉවත් කිරීම සහ වෛරීසහගත දේශපාලන මැදිහත්වීම් හරහා අතුරුදන් කිරීමේ බරපතල තර්ජනයකට ලක්ව ඇත.
විදේශ ආයෝජන යනු ආර්ථික සංවර්ධනය සඳහා වැදගත් සංරචකයක් වන අතර, විශේෂයෙන් ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා එහි වැදගත්කම ඉතා ඉහළය. විදේශ ආයෝජකයන් ආයෝජනය සඳහා රටක් තෝරා ගැනීමේදී බදු සහන, ශ්‍රම පිරිවැය, යටිතල පහසුකම් හෝ වෙළඳපොළ අවස්ථා පමණක් සැලකිල්ලට නොගනිති.
ශ්‍රී ලංකාව 2024 වසරේ චීනයට අපනයනය කළ සමස්ත භාණ්ඩවල වටිනාකම ඩොලර් මිලියන 261 ක් බවත්, වියට්නාමය 2024 වසරේ චීනයට අපනයනය කළ දූරියන්වල වටිනාකම පමණක් ඩොලර් මිලියන 2940ක් බවත් Next Page අන්තර්ජාල නාලිකාව පෙන්වා දෙයි.
රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් යුක්රේන යුද පෙරමුණේ රුසියානු හමුදා අත්කර ගනිමින් සිටින වේගවත් ජයග්‍රහණ පිළිබඳ පැහැදිලි කරනු ලැබීය.

ප්‍රධාන පුවත්

හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..

මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.

22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීම සඳහා, එනම් තුනෙන් දෙක හෙවත් ඡන්ද 151ක් ගැනීම වැළැක්වීම සඳහා අගමැති හරිනි අමරසූරිය මහත්මිය මුල් වී තවත් 9 දෙනෙකු සමග කැරැල්ලක් ගැසීමට ඉඩ ඇති බවට පළවන මතවාද පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්පූර්ණයෙන්ම අයුක්තිසහගත සහ නීති විරෝධී ක්‍රියාවක් බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් සකස් කරන ලද නවතම වාර්තාව ජිනීවාහිදී ප්‍රකාශයට පත් කර තිබේ.

නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (04) නියෝග කළේය.

කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව එල්ල වී ඇති රුපියල් කෝටි 30ක (මිලියන 300ක) බරපතල මූල්‍ය අවභාවිත හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබේ.

ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..

මෙරට ගල් අඟුරු සංචිත ප්‍රමාණවත් නොවීම හේතුවෙන් විදුලි උත්පාදන ක්‍රියාවලිය බරපතල අර්බුදයකට ලක්ව ඇති බවත්, අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක (නෞකා දෙකක පමණ) අඩුවක් පවතින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා

සෙවණගල සීනි සමාගමේ පාලනාධිකාරිය සහ සේවකයන් අතර දීමනා හා නිවාඩු සම්බන්ධයෙන් හටගත් ගැටලුවක් මුල් කරගනිමින් ආරම්භ වූ වැඩ වර්ජනයක් හේතුවෙන් කර්මාන්තශාලාවේ කටයුතු සම්පූර්ණයෙන්ම අක්‍රිය වී තිබේ. මෙම වර්ජනය නිසා අස්වනු නෙළන ලද උක් ටොන් 6,000කට ආසන්න ප්‍රමාණයක් විනාශ වීමේ දැඩි අවදානමකට ලක්ව ඇති බව වාර්තා වේ.

ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මූතූර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි ඓතිහාසික කොට්ටියාරම සෑගිරිය රජමහා විහාරය මේ වන විට අන්තවාදී ආක්‍රමණ, නිදන් හොරුන්ගේ තර්ජන සහ ප්‍රදේශයේ සිදුවන කළුගල් කර්මාන්ත (ගල්කොරි) හේතුවෙන් දැඩි විනාශයකට ලක්වෙමින් පවතින බව වාර්තා වේ.

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති පෙත්සම් විභාගය ඊයේ (03) ආරම්භ වුණි.

සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි

සමස්ත ලෝකයේ මේ වන විට සිටින බවට ඇස්තමේන්තු කර ඇති ගොවීන් මිලියන 934කින් අඩකට ආසන්න පිරිසක් සෑම වසරකම නොදැනුවත්ව පළිබෝධනාශක විෂවීමකට ලක්වන බව Frontiers in Public Health සඟරාවේ ඊයේ(02) ප්‍රකාශයට පත් කළ අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා ආණ්ඩුව මහජනයාට දැනෙන නිශ්චිත උපායමාර්ගික හැරවුමකට යොමුකිරීම සඳහා තීන්දු ගෙන නොමැති බවත්, අංක ගණිත විජ්ජාවල් පෙන්වා ව්‍යාජ චිත්‍රයක් මහජනයාට මවාපාන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා චෝදනා කරයි.

අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්

"Atlas Angel - 2026" නමින් ශ්‍රී ලංකාවේ දී දින 5ක් පැවැත්වෙන ඒකාබද්ධ ගුවන් පුහුණු අභ්‍යාසය පසුගිය 31 වැනි දා ආරම්භ වූ අතර ඒ සඳහා අමෙරිකානු මොන්ටානා ජාතික ආරක්ෂක බලකාය සමග අමෙරිකානු පැසිෆික් ගුවන් හමුදාව සහභාගි වේ.

පෙත්සම්කරුවන්ගේ නීතිඥවරුන්ට, අවස්ථාව නොදීම ගැන පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමයේ සභාපතිගේ කනස්සල්ල..

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහි පෙත්සම් විභාගයේ දී පෙත්සම්කරුවන්ගේ නීතිඥවරුන්ට, පිළිතුරුදීමට අවශ්‍ය වූ නමුත් ඔවුන්ට අවස්ථාවක් නොලැබුණු බව පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමයේ (CLA) සභාපති ස්ටීවන් තිරූ මහතා පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.