News Category
From Date
To Date
Maximum Number of Result

පුද්ගලික වෛද්‍ය විද්‍යාල කා සඳහා ද?

Feb 8, 2025 at 08:12 PM
|

ශ්‍රී ලංකාවේ පවතින සැමට සාධාරණ ප්‍රවේශය යන මූලධර්මය මත පවතින නිදහස් අධ්‍යාපනය විනාශ කිරීමේ කුමන්ත්‍රණය නැවත වරක් ක්‍රියාත්මක වෙමින් පවතී. එහි නවතම උත්සාහය වන්නේ දිගින් දිගටම අසාර්ථක වූ පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපන කඩ නැවත වරක් ක්‍රියාත්මක කිරීමට උත්සාහ දැරීමයි. 

2022/23 වසරේ දී ජීවවිද්‍යා විෂය ධාරාවෙන්  උසස් පෙළ විභාගයට පෙනී සිටි සියලුම සිසුන් සංඛ්‍යාව 40,329 කි. එයින් A සාමර්ථ 3ක් ලබා ඇත්තේ 817කි. (2.03%)

S සාමාර්ථ 3කට වඩා ලබා විශ්ව විද්‍යාල "අවම ප්‍රවේශ සුදුසු කම" ලබා ඇත්තේ  23,178 කි. (57.47%)

(Source - Department of Examination/performance of candidates - 2022/23)

රාජ්‍ය විශ්ව විද්‍යාල තුළ 2024 වසරට වෛද්‍ය පීඨ 12ක් සඳහා බඳවාගැනීම් සිදුකරයි. වෛද්‍ය උපාධි පාඨමාලාව සඳහා සමස්ත ප්‍රවේශ සංඛ්‍යාව 2085 කි. 

දන්ත ශල්‍ය වෛද්‍ය විද්‍යාව සදහා 130කි. 


විද්‍යා අංශයේ පමණක් පාඨමාලා 36ක් සඳහා සිසුන් 9562ක් බඳවා ගැනේ. මීට අමතරව තවත් පාඨමාලා 38කට ඇතුළත් වීමේ හැකියාව ජීව විද්‍යා ධාරාවේ සිසුන්ට විවෘතය. එනම් "අවම" වශයෙන් ජීව විද්‍යා විෂය ධාරාවේ සිසුන් 12,000කට පමණ රාජ්‍ය විශ්ව විද්‍යාල තුළ අධ්‍යාපනය ලැබීමේ අවස්ථාව හිමි වී තිබේ. 

(source - University Grant commission/admission hand book)

මේ දත්ත සලකා බැලීමේදී පෙනීයන්නේ පාලකයන් විසින් සිදුකරන අරමුදල් කපා හැරීම්, කකුලෙන් ඇදීම්, නොසලකා හැරීම් මධ්‍යයේ වුවත් විද්‍යා අංශයෙන් උසස් පෙළ අවම ලෙස සමත් වූවන්ගෙන් 51.7% ක ප්‍රමාණයක් රාජ්‍ය විශ්ව විද්‍යාල තුළ අධ්‍යාපනය ලැබීමේ අවස්ථාව ලබා ගන්නා බවයි. එයිනුත් 9%ක් වෛද්‍ය ශිෂ්‍යයන් වේ. ඒ අනුව, ආසන්න වශයෙන් උසස් පෙළ ජීව විද්‍යා අංශයෙන් සමත්වන සෑම දහ දෙනෙකුගෙන්ම එක් අයෙක් වෛද්‍ය පීඨ වලට ඇතුළත් වෙයි.

එසේ නම් පුද්ගලික වෛද්‍ය විද්‍යාල කා සඳහා ද? රටේ දරුවන් සඳහාද.? නැත්නම් ලාභ හඹායන ව්‍යාපාරිකයන් සඳහා ද..? 


උපුටා ගැනීම Doctors For Free Education ෆේස්බුක් පිටුවෙන් 

සම්බන්ධිත පුවත් | Related News

ලෝක බලවතුන් අතර පවතින ආර්ථික හා භූ-දේශපාලනික තරගකාරීත්වය හමුවේ, ලෝකයේ ප්‍රමුඛතම ආර්ථික බලවතා කවුරුන්ද යන්න පිළිබඳව Next page අන්තර්ජාල නාලිකාව හරහා කරුණු රැසක් අනාවරණය කර තිබේ.
මහ බස් මාදිලියක (මබමාවක, Large Language Model, LLM) හැකියාව මෙන්න මේකයි කියලා නිශ්චිත කරලා කියන්න බෑ. මබමාවන්ගේ හැකියාව සන්දර්භය අනුව වෙනස්වෙනවා.
ප්‍රවෘත්ති බලද්දි දවසගානේ මේ වචන ඇහෙද්දි, මේ කියන්නේ ඇත්තටම මොකක් ගැනද කියලා ඔයා කවදාහරි හිතලා තියෙනවද? නම දන්නවා වුණාට, මේ ආයතන හැදුණේ කොහොමද, මේවායේ ඇතුළාන්තය මොකක්ද කියලා දන්නේ අපි අතරින් ඉතාම සුළු පිරිසක් විතරයි.
නවීන විද්‍යාත්මක දැනුම වනාහි හුදු එක් ශිෂ්ටාචාරයක නිර්මාණයක් නොවන බව නූතන ලෝකය සාමාන්‍යයෙන් පිළිගන්නා කාරණයකි. එසේ වුවද නවීන විද්‍යාව යනු හුදු බටහිර ලෝකයේ පමණක් උපත ලැබූ දැනුම් සමුදායක් බව ශ්‍රී ලංකාවේ බොහෝ දෙනා තවමත් විශ්වාස කරති. ඒ මතය අදටත් වඩා ලෝකය පුරා ජනප්‍රියව පැවති කාලයක ඒ මතයට ප්‍රබල අභියෝගයක් එල්ල කළ එක්තරා සුවිශේෂී විද්වතෙක් බටහිර ලෝකයෙන්ම බිහිවිය. ඒ අදින් අවුරුදු 126කට පෙර බි්‍රතාන්‍යයේ ලන්ඩන් නුවර උපත ලැබූ ජෝශප් නීඩ්හැම් (Joseph Needham) නමැති ජීව රසායන විද්‍යාඥයාය.
ශ්‍රී ලංකාවේ බිත්තර පරිභෝජනය අඩුවීම මන්දපෝෂණයට හේතු වී ඇත.
සංචාරක නියෝජ්‍ය ඇමති 'මහාචාර්ය' රුවන් රණසිංහ දෙවෙනි වතාවටත් ආතල් එකක් දුන්නා.
“හරක් කටා” නැමැත්තාගේ රැඳවුම් නියෝග ඉවත්කර සහන සැලසීම සඳහා රුපියල් ලක්ෂ 1200 ක (කෝටි 12 ක) අල්ලස් මුදලක් ලබාගැනීමේ චෝදනාව මත රිමාන්ඩ් බන්ධනාගාර ගත කර සිටින නීතීඥ රඛිත රාජපක්ෂ, චරිත් අබේසිංහ සහ අරුණ ශ්‍රී චතුරංග යන තිදෙනා ඊයේ (17) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලදි.
වත්මන් ආණ්ඩුව විසින් පසුගිය කාලයේ දී විවෘත කළ අලවල සංචාරක මධ්‍යස්ථානය මේ වන විට වල් බිහිවී ඇති ආකාරය දැක්වෙන ඡායාරූප රැසක් පසුගිය කාලයේ සමාජ මාධ්‍ය හරහා සංසරණය විය.
පසුගිය 14 වෙනිදා සුරේෂ් සලේ තමන් PTA යටතේ රදවා ගෙන සිටීමට එරෙහිව අධිකරණයට ඉදිරිපති කරන ලද රීට් පෙත්සමට අදාලව කරුණු දැක්වීම කරනු ලැබුවා.

ප්‍රධාන පුවත්

වලිකාමම් හමුදා රෝහල කඩා ඉවත් කිරීමේ සුමන්තිරන්ගේ යෝජනාව ගැන ශමීන්ද්‍රගෙන් අනාවරණයක්..

වලිකාමම් ප්‍රදේශයේ පිහිටි හමුදා රෝහල කඩා ඉවත් කළ යුතු බවට දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් මහතා විසින් ප්‍රකාශ කර තිබේ.

පාර්ලිමේන්තුවේදී ආණ්ඩුව අමාරුවේ දැමීම සඳහා විජේවීර පවුලට අවමන් කිරීම දුෂ්ඨ ක්‍රියාවක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

රෝහණ විජේවීර මහතාගේ භාර්යාව වූ ශ්‍රීමතී ච්ත්‍රාංගනී විජේවීර මහත්මිය සහ දරුවන් නාවික හමුදා භාරයේ තබාගැනීම සඳහා වියදම් කළ මුදල පිළිබඳව විපක්ෂය විසින් පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කිරීම පිළිබඳව සදාචාරමය ගැටලුවක් මතුවන බව ලංකා ලීඩර් පාඨකයෝ පවසති.

චීන මහජන විමුක්ති හමුදාවේ 99 වැනි සංවත්සරය කොළඹදී සමරයි - ශ්‍රී ලංකාව සමඟ හමුදාමය සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමට කැපවන බවට සහතිකයක්

චීන මහජන විමුක්ති හමුදාවේ (PLA) 99 වැනි සංවත්සරය සැමරීමේ විශේෂ පිළිගැනීමේ උත්සවයක් ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ෂෙන්හොං (H.E. Qi Zhenhong) මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹදී පැවැත්විණි.

ඊශ්‍රායල අගමැති අත්අඩංගුවට ගැනීමට කිසිවෙකුට ඉඩ දෙන්නේ නෑ.. - ට්‍රම්ප්ගෙන් දැඩි අනතුරු ඇඟවීමක්..

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු (Benjamin Netanyahu) ඇමෙරිකා එක්සත් ජනපදයේ සංචාරයක නිරත වුවහොත්, ඔහුව අත්අඩංගුවට ගැනීමට කිසිවෙකුටත් ඉඩ නොතබන බවට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර සිටියි.

පුරාවිද්‍යා අධ්‍යක්ෂක සෙනරත් වික්‍රමසිංහ කාර්ය මණ්ඩලයට තර්ජනය කරයි..

පුරාවිද්‍ය දෙපාර්තමෙිින්තුවෙහි වසර 20 පුරාවට පැවති සහකාර අධ්‍යක්ෂක තනතුරු පුරප්පාඩු කඩිමුඩියේ අසාධාරණ ලෙස පිරවිම දරණ උත්සාහය සමාජයට හෙලිදරව් වීම සහ චානක්‍ය .. සුමන්තිරන්ගෙ රහසිගත හමුව හෙලිදරවිි වීම සෙනරත් වික්‍රමසිංහගේ වියරුවට හේතු වි ඇති බව lankaleader වෙත වාර්තා වේ.

ඉරාන යුද්ධයට වැඩි අරමුදල් ඉල්ලා එක්සත් ජනපදයේ යුද ලේකම්ත් සෙනෙට් ඩිමොක්‍රටික් සභිකයන්ගේ දැඩි ප්‍රශ්න කිරීම්වලට ලක්වේ

ඉරාන යුද්ධයට වැඩි අරමුදල් ඉල්ලා එක්සත් ජනපදයේ යුද ලේකම්ත් සෙනෙට් ඩිමොක්‍රටික් සභිකයන්ගේ දැඩි ප්‍රශ්න කිරීම්වලට ලක්වේ

කියෙව් පාලනය දැඩි අර්බුදයක: ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලයෙන් විශේෂ නිවේදනයක්

යුක්‍රේනයේ පවතින වත්මන් දේශපාලන සහ සූක්ෂම හමුදාමය වෙනස්කම් හා ගැටලු පිළිබඳව අවධානය යොමු කරමින් ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය විසින් විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.

හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්නට ඇප..

2008 වසරේදී කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකුට සැගව සිටීමට ආධාර අනුබල දුන්නේ යැයි කියන සිද්ධියක සැකකරුවකු වශයෙන් අධිකරණයට ඉදිරිපත් වූ හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්න මහතා ඇප මත මුදා හරින ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

ආණ්ඩුව මගින් පාවාදීම් ඉටුකර ගැනීම සහ ඉන් පසුව ආණ්ඩුව පලවා හැරීමේ සූක්ෂම වැඩපිළිවෙල ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් අනාවරණයක්.. (වීඩියෝ)

වත්මන් ආණ්ඩුව යොදාගනිමින් යම් යම් පාවාදීම් ඉටුකර ගැනීමටත්, ඉන් අනතුරුව එම ආණ්ඩුවම බලයෙන් පලවා හැරීමටත් පසුබිම සකස් වෙමින් පවතින බවට දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

ඉස්ලාම් අන්තවාදී තර්ජන ගැන සලේ 2016 දී ආරක්ෂක මණ්ඩලය දැනුවත් කරලා.. - ඉහළ ප්‍රධානියෙක් එය නොසලකා හැරලා..

ඉස්ලාමීය අන්තවාදය සහ ISIS මතවාදය මෙරට දරුණු ලෙස ක්‍රියාත්මක වෙමින් පැවති ආකාරයත් එය මැඩපවත්වන අයුරු පිළිබඳත් සුරේෂ් සලේ මහතා 2016 වසරේදී ආරක්ෂක මණ්ඩලයට දීර්ඝ ලෙස කරුණු දැක්වීම් සිදුකළත් එම කරුණු දැක්වීම්වලට ආරක්ෂක මණ්ඩලයේ සිටි ඉහළ පෙළේ අයෙකු අකමැත්ත පළකර ඇති බව අභියාචනාධිකරණයේදී ඊයේ (21) සඳහන් කෙරුණි.

"කැරපොත්තන්ගේ" අරගලයේදී රාහුල් ගාන්ධි අත්අඩංගුවට – ජනතා විරෝධය හේතුවෙන් ගාන්ධිට නිදහස

කැරපොත්තන්ගේ ජනතා පක්ෂය ( Cockroach Janta Party-CJP) ලෙස තමන්ව හඳුන්වා ගන්න දේශපාලන කණ්ඩායම විසින් ඉන්දියාවේ නවදිල්ලි නුවරදී වෛද්‍ය විද්‍යාලවලට සිසුන් බඳවා ගන්නා විභාගයේ ප්‍රශ්න පත්‍ර පිටවූයේ යැයි පවසමින් ගෙන යන විරෝධතා ව්‍යාපාරයේ දෙවන දිනයේදී ඊට සහභාගි වූ ඉන්දීය විපක්ෂ නායක රාහුල් ගාන්ධි ඉන්දීය පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ අතර පසුව ඔහු නිදහස් කරනු ලැබීය.

ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය කුවේට්හි ඇමරිකානු රේඩාර්, චන්ද්‍රිකා සන්නිවේදන පද්ධති සහ ගුවන් යානා අංගනවලට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කරයි!

ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය (IRGC) කුවේට්හි පිහිටි එක්සත් ජනපද හමුදා ස්ථානවල රේඩාර් පද්ධති, චන්ද්‍රිකා සන්නිවේදන පද්ධති සහ ගුවන් යානා අංගන (Hangars) ඇතුළු ප්‍රධාන හමුදා යටිතල පහසුකම්වලට ප්‍රහාර එල්ල කළ බව වාර්තා වී තිබේ.

ආණ්ඩුවේ ලිංගික ඇරියස් පාසල් පද්ධතිය තුළට රිංගවීමේ උත්සාහයක්..

වත්මන් ආණ්ඩුව විසින් පාසල් පද්ධතිය තුළට නොගැලපෙන සංකල්ප සහ අදහස් රිංගවීම සඳහා උත්සාහයක නිරත වන බවට ජාතික නිදහස් පෙරමුණ චෝදනා කරයි.

සෞදි අරාබියාවේ දහම් පාසල තානාපති අනින් නවත්වයි.. - ඇමති විජිත ඊට එකඟයි..

සෞදි අරාබියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය තුළ වසර 10 කට අධික කාලයක් පවත්වාගෙන ගිය දහම් පාසල මාලිමා ආණ්ඩුවේ තානාපති අමීර් අජ්වල් ගේ නියෝගයක් අනුව නැවැත්වීමට සිදුවී ඇතැයි එරට සේවය කරන බෞද්ධ ප්‍රජාව ලංකා ලීඩර් වෙත වාර්තා කර තිබේ.

ත්‍රිකුණාමල තෙල් ටැංකි සංකීර්ණය සංවර්ධනයට අන්තර්ජාතික ලංසු කැඳවීමට සැරසේ..

ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය වාණිජමය වශයෙන් ප්‍රයෝජනයට ගැනීමේ පියවරක් ලෙස, එහි පවතින ටැංකි 29 ක් සංවර්ධනය කිරීම සඳහා ඉදිරි මස ඇතුළත අන්තර්ජාතික ලංසු කැඳවීමට Trinco Petroleum Terminal Limited (TPTL) සමාගම සූදානම් වේ.

ස්වයංක්‍රීය AI නියෝජිතයෙක් ප්‍රධාන AI ආකෘති ගබඩාවකට ප්‍රහාරයක් එල්ල කරයි!

නිව්යෝර්ක් නගරය මූලස්ථානය කරගත් Hugging Face සමාගම පවසන්නේ, සම්පූර්ණයෙන්ම ස්වයංක්‍රීය කෘත්‍රිම බුද්ධි (AI) නියෝජිත පද්ධතියක් තම AI ආකෘති (Models) ගබඩාවට අනවසරයෙන් ඇතුළු වූ බවත්, එය මෙතෙක් මුහුණ දී ඇති කිසිදු සයිබර් ප්‍රහාරයකට සමාන නොවන අත්දැකීමක් බවත්ය.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.