මොකක්ද මේ සුදු මිනිසාගේ බර
👉 මේ පින්තූරයේ ඇත්තේ කුමක්ද? එය පිටුපස ඇත්තේ අපූරු කතාවකි.
👉 අතීතයේදී ලෝකය ආක්‍රමණය කළ බටහිර ජාතීහු ලෝකයේ අන් සියලු ශිෂ්ටාචාර හා සංස්කෘතීන්ට අයත් ජනයා වනචාරීල මිත්‍යා දෘෂ්ටිකල ම්ලේච්ඡ ගෝත්‍රිකයන්ල අශිෂ්ටයන් ලෙස සැලකූහ.
👉 එපමණක් නොවේග මේ නොදියුණු අශිෂ්ට ජනයා දියුණු තත්ත්වයට හෙවත් ශිෂ්ටත්වයට ගෙන ඒම තමන්ට දෙවියන් විසින් හා ඉතිහාසය විසින් පැවරූ මහා බරක් වගකීමක් ලෙස ඔවුහු සැලකූහ.
👉 ඔවුන් මේ ඊනියා වගකීම හඳුන්වන ලද්දේ වයිට් මෑන්ස් බර්ඩ්න් හෙවත් සුදු මිනිසාගේ බර නමැති අපූරු යෙදුමකිනිග මේ යෙදුම 1899 වසරේදී අමෙරිකානු ලේඛකයෙකු වූ රුඩ්යාඩ් කිප්ලින් විසින් රචිත කවියක තේමාව ඇසුරෙන් නිර්මාණය වූවකි.
👉 මේ පින්තූරයේ දැක්වෙනුයේ ඒ කවියේ කියූ කතාවට අනුරූපව 1899දී අමෙරිකාවේ න්‍මාටැ නමැති සඟරාවේ පළවූ කාටූනයකිග අමෙරිකාව හා බි්‍රතාන්‍ය නිරූපණය කෙරන සංකේතාත්මක චරිත දෙකක් වූ අන්කල් සෑම් හා ජෝන් බුල් විසින් ලෝකයේ විවිධ රටවල අශිෂ්ටයන් කූඩවල පටවාගෙන ඔවුන් ශිෂ්ටත්වය කරා ඔසවාගෙන යන ආකාරය මෙයින් නිරූපණය වේ.
👉 මෙහිදී ශිෂ්ටත්වය හා දියුණුව යනුවෙන් අදහස් කළේ අන් කිසිවක් නොව ලෝකයේ අනෙක් සියලු ශිෂ්ටාචාරල ආගම්ල සංස්කෘතීන්ල දැනුම් පද්ධති ආදිය විනාශ කරමින් තමන්ගේ ආගමල සංස්කෘතියල භාෂාව හා දැනුම පමණක් ලෝකය පුරා ව්‍යාප්ත කිරීමය.
👉 මේ අනුව ලෝකය ශිෂ්ට කිරීම තමන් සතු බරක් යැයි එදා සුදු මිනිසා පාරම් බෑවේයග අවංකවම ඔවුන් එසේ සිතුවාටත් වඩා ඔවුන්ගේ අරමුණ වූයේ ඒ තර්කය යොදාගනිමින් සිය යටත්විජිත කොල්ලය සාධාරණීකරණය කිරීමය.
👉 ඒ යටත්විජිතවාදයේ අතීතයයිග වර්තමානයේද ඒ ක්‍රියාවලිය නොයෙක් ස්වරූපයෙන් දියත් වුවද වර්තමාන බටහිර ජාතීහු ඒ බව ප්‍රසිද්ධියේ නොකියති. ඔවුහු අද සුදු මිනිසාගේ බරක් ගැන කෙලින්ම කතා නොකරති.
👉 ඒ වෙනුවට ඔවුන් අද කරනුයේ නාමිකව හෝ අනෙකාගේ ආගමික අයිතිය ගැන, සංස්කෘතික අයිතිය ගැන භාෂා උරුමය ගැන කතා කරමින් නාමිකව හෝ ඒවා ආරක්ෂා කිරීම වෙනුවෙන් ප්‍රසිද්ධියේ පෙනී සිටීමය.
👉 එහෙත් මේ ගැන කිසිවක් නොදත් ලංකාවේ බොහෝ රැඩිකල් මහත්වරුන් තවමත් අශිෂ්ට ගෝත්‍රික ලංකාවට බැනවදිමින් ශිෂ්ට යුරෝපයක් ගැන කතා කරතිග ඔවුන්ගේ ලිබරල් සංස්කෘතිය ලෝකයේ එකම සංස්කෘතිය විය යුතු යැයි විශ්වාස කරති.
👉 ඇත්තෙන්ම ඔවුන් තවමත් ජීවත් වන්නේ නූතන යුගයේ නොව රුඩ්යාඩ් කිප්ලින්ලා සුදු මිනිසාගේ බර ගැන ලියූ යුගයේය.
👉 සුදු මිනිසා අද නාමිකව හෝ ඒ බර බිම තබා තිබුණද ලංකාවේ රැඩිකල් කළු සුද්දෝ තවම ඒ බර උසුලාගෙන ඇවිදිති.
👉 එවැනි අයගේ කියුම් කෙරුම් ලංකාවේ සමාජ මාධ්‍ය තුළද තවමත් සුලබව දක්නට ලැබේ
උපුටා ගැනීම Next page - නෙක්ස්ට් පේජ් ෆේස්බුක් පිටුවෙන්
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්