News Category
From Date
To Date
Maximum Number of Result

වෛද්‍ය (?) සාෆි කථා වස්තුව නව තොරතුරු සමග යාවත්කාලීනකරන ලදී ‼️

Feb 7, 2025 at 09:04 AM
|

🔺. සාෆිගේ සිද්ධිය මුලින්ම මතු කළේ කවුද?*


▪️2019 මැයි 23 දින දිවයින පුවත්පත මේ ගැන මුල් වරට පුවතක් පළ කළේය. ඒ වන විටත් රහස් පොලිසිය මේ පිළිබඳ පරීක්ෂණ ආරම්භ කර තිබුණු අතර පොලිසියෙන් ලබා ගත් තොරතුරක් මත පදනම්ව එම ලිපිය සකසා ඇත. එවකට පොලිස්පති CD වික්‍රමරත්න විමර්ශන භාරව කටයුතු කළ ශානි අබේසේකරට පවසා ඇත්තේ විමර්ශන තොරතුරු පුවත්පතේ ජනමාධ්‍යවේදියකුට ලැබුනේ කවරාකාරයෙන්ද යන්න සොයා බලන ලෙසයි.


🔺. සාෆි සහාබ්දීන් යනු කවුද?*


▪️අනුරාධපුර දිස්ත්‍රික්කයේ කලාවැව ආසනයේ බලලුවැව ප්‍රදේශයේ උපත ලැබූ අයෙකි. ඔහු වෛද්‍යවරයෙකි. කුරුණෑගල ශික්ෂණ රෝහලේ සේවය කළේය. ඊට පෙර දඹුල්ල රෝහලේ ද සේවය කර ඇත. ඔහු 2015 මහ මැතිවරණයට රිෂාඩ් බද්යුදීන්ගේ පක්ෂයේ නියෝජිතයකු ලෙස එක්සත් ජාතික පක්ෂයේ අලියා ලකුණ යටතේ කුරුණෑගල දිස්ත්‍රික්කයට තරග කළේය. පාර්ලිමේන්තු යාමට මනාප ලැයිස්තුවේ ඊළඟට සිටියේ ඔහුය.


🔺. ඔහු විශේෂඥ වෛද්‍යවරයෙක්ද?*


▪️නැත. ඔහු ප්‍රසව සහ නාරි ඒකකයේ කටයුතු කළ සාමාන්‍ය වෛද්‍යවරයෙකි.


🔺. සාෆි වෛද්‍යවරයාව අත්අඩංගුවට ගත්තේ ඇයි?*


▪️රහස් පොලිසිය සිදුකළ විමර්ශන මගින් පාස්කු ප්‍රහාරය සිදුවී කෙටි කලකින් ඔහුගේ ගිණුමට විශාල මුදලක් එක්වර ලැබී ඇති බව කරුණු හෙළි විය. ඔහුව අත්අඩංගුවට ගත්තේ මුදල් විශුද්ධිකරණ චෝදනාව යටතේය. එවකට පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කළේ වෛද්‍යවරයා අත්අඩංගුවට ගත්තේ අයථා වත්කම් සම්බන්ධයෙන් ලැබුණු තොරතුරක් ගැන විමර්ශනය කිරීම සඳහා බවයි.

🔺. එම චෝදනාවට දැන් සිදුව ඇත්තේ කුමක්ද?*


▪️නීතිපති උපදෙස් ලැබීම ප්‍රමාද වීම හේතුවෙන් එකී නීති කෘත්‍ය ප්‍රමාද වී තිබේ.


🔺. අත්අඩංගුවට ගැනීම නිවැරදි නොවේ නම් වෛද්‍ය සාෆිට අධිකරණයේ පිහිට පතන්න තිබුණා නේද ?*


▪️තමා අත්අඩංගුවට ගැනීම නීති විරෝධී යැයි තීන්දු කරන ලෙස ඉල්ලා වෛද්‍ය සාෆි මූලික අයිතිවාසිකම් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කලා. 2023.05.16 දින එම පෙත්සම විභාගයට ගැනීමකින් තොරව නිෂ්ප්‍රභා කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළා. විජිත් මළල්ගොඩ, යසන්ත කෝදාගොඩ සහ අර්ජුන ඔබේසේකර යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් මෙම නියෝගය ලබා දුන්නා. එහිදී විවෘත අධිකරණයේ දී කරුණ දැක්වූ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු විජිත් මළල්ගොඩ පැවසුවේ පෙත්සම්කරුගේ බැංකු ගිණුම් වාර්තා පිරික්සීමේදී පාස්කු ප්‍රහාරය එල්ල වී සති දෙකකට පමණ පසු විශාල මුදල් හුවමාරුවක් සිදුවී ඇති හෙයින් ඒ පිළිබඳ විමර්ශකයන් තුළ සාධාරණ සැකයක් මතුවීම යුක්ති සහගත බවයි. තවද පොලිසිය විසින් සිදුකළ ප්‍රශ්න කිරීම්වල ඔහුගේ ගිණුම හරහා විශාල මුදලක් හුවමාරැ වීම පිළිබඳ කරුණු පැහැදිලි කිරීමට ඔහු අසමත් වී තිබෙන බවද විනිසුරුවරයා පෙන්වා දුන්නේය. එහිදී අදහස් දැක්වූ යසන්ත කෝදාගොඩ විනිසුරුතුමා පෙන්වා දුන්නේ පාස්කු ප්‍රහාරය එල්ලවීමෙන් පසු එළඹුණ කාලසීමාවේ අද මෙන් සාමකාමී වාතාවරණයක් නොතිබූ බවත් එවැනි වාතාවරණයක මේ ආකාරයේ සැකයක් විමර්ශකයන් තුළ පැන නැගීම සාධාරණ බවත්ය.


🔺. සාෆිට විරුද්ධව වන්ද්‍යාකරණ චෝදනා එල්ල කළේ කවුද?*


▪️එම චෝදනාව මුල්වරට හෙළි කළේ දිවයින පුවත්පත මගින්. පසුව ඔහුත් සමග සේවය කළ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයද එම චෝදනාව ඉදිරිපත් කළා. මේ කරුණ මාධ්‍ය මගින් ප්‍රසිද්ධ වීමත් සමඟ කුරුණෑගල ප්‍රදේශයේ මව්වරුන්ද එම චෝදනාව ඉදිරිපත් කළා.

🔺. සාෆිට විරුද්ධ චෝදනාව රතන හිමි, විමල් වීරවංශ, චන්න ජයසුමන ආදීන් පැන නැගුවා යන කාරණය සත්‍යයක්ද ?*


▪️එය අසත්‍යක්. ඔවුන් කිසිවිටෙකත් සාෆි සම්බන්ධ කිසිදු චෝදනාවක් මුල් වරට ප්‍රකාශ කළේ නැහැ. චෝදනා එල්ල වූ පසු එවකට පැවති රජය ඒ සම්බන්ධයෙන්  කටයුතු කිරීම හිතාමතාම මගහැරියා. මෙවන් චෝදනාවක් එල්ල වූ විට වෛද්‍යවරයෙකුගේ වැඩ තහනම් කළ යුතු වුවත් සාෆි වෛද්‍යවරයාගේ වැඩ තහනම් නොකර අනිවාර්යය නිවාඩු යැව්වා. එවකට සෞඛ්‍ය ඇමතිවරයා ලෙස කටයුතු කළේ රාජිත සේනාරත්න. සාෆි වෛද්‍යවරයා යහපාලන රජය බිහි කිරීමට මුල් වූ දේශපාලන ව්‍යාපාරයෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයට ඡන්දය ඉල්ලා තිබුණා. සාෆි පිළිබඳ නිසි විමර්ශනයක් නොවන බව පවසමින් කුරුණෑගල රෝහලේ කාර්ය මණ්ඩලය උද්ඝෝෂණයක් පවා සිදුකළා. මුස්ලිම් දේවස්ථානවල කඩු සඟවා තැබුවේ තණකොළ කැපවීමට බව පැවසුණේද මෙම සති කිහිපයේයි. කුරුණෑගල ප්‍රදේශයේ මහා සංඝරත්නය, ඔහු සමග කටයුතු කළ වෛද්‍යවරු මෙන්ම රතන හිමි, විමල්, උදය, චන්න, සිසිර ජයකොඩි  ඇතුළු තවත් බොහෝ දෙනාද සාෆි පිළිබඳව සාධාරණ විමර්ශනයක් සිදු කරන ලෙස ඉල්ලා සිටියේ මේ කාලයේයි. රටේ උද්ගතවී තිබූ වාතාවරණය තුළ එම ඉල්ලීමේ වරද කුමක්ද?

🔺. සාෆි මව්වරු 4000 වද කල බව ඔවුන් පැවසුවේ කෙසේද?*


▪️4000 කතාව ඔවුන් පැවසු දෙයක් නොවේ. එය දිවයින පුවත්පතෙන් මතු කල කාරණයක්.


🔺. එසේනම් වද කොත්තු, වද බ්‍රෙසියර් ?*


▪️ මේවා සාෆි සම්බන්ධ කාරණය ඉස්මතු වීමටත් පෙර සමාජයේ කතා බහට ලක් වුනු දේවල්. පසුව සාෆි සිද්ධියට ගැට ගැහුනා. වද කොත්තු, වද බ්‍රෙසියර් ගැන රතන හිමි, විමල්, උදය, චන්න හෝ වෙනත් දේශපාලන නායකයෙක් කතා කලේ නෑ. ඒවා සමාජ මාධ්‍යවලින් ඉස්මතු වූ කරුණු. 


🔺. සාෆිගේ වද සැත්කම් පිළිබඳ සැකයක් මතු කළේ කිසිදු විද්‍යාත්මක පදනමකින් තොරව නේද ?*


▪️එය වැරදියි. ප්‍රසව සහ නාරිවේදය පිළිබඳ විශේෂඥ වෛද්‍යවරු, මහාචාර්යවරු පවා මේ පිළිබඳ සැකයක් ඇති බවත් නිසි විමර්ශනයක් කළ යුතු බවත් මාධ්‍ය හමුවේ පවා පැවසුවා. සියල්ලට වඩා වැදගත් වන්නේ කුරුණෑගල ශික්ෂණ රෝහලේ ඔහු සමග එකට කටයුතු කළ වෛද්‍ය කාර්ය මණ්ඩලයේ සාක්ෂි මත පදනම්ව සකස් කළ මූලික විමර්ශන වාර්තාවෙන් භයානක කරුණු හෙළිදරව් වීමයි.


🔺. එම කරුණු මොනවාද?*


▪️1. වෛද්‍යවරයකු ලෙස කටයුතු කිරීමේ දී සාෆි සහබ්දීන් ජාතිකත්වය අනුව මව්වරුන්ට සහ රෝගී කාන්තාවන් සම්බන්ධයෙන් කටයුතු කර ඇති බවත් එමගින් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ III පරිච්ජේදයේ 12 (2) වගන්තිය උල්ලංඝනය කර ඇති බවත් ආයතන සංග්‍රහයේ දෙවන කාණ්ඩයේ XLVIII පරිච්ජේදයේ රාජ්‍ය නිලධාරීන් විසින් සිදු කළ හැකි වරදවල් සම්බන්ධ පළමුවන උපලේඛනයේ පළමුවන උප වගන්තිය සඳහන් වරදක් සිදු කර ඇති බවත්.

2. ප්‍රකාශ ලබා දුන් සියලු පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන්ට අනුව ප්‍රසුත්‍ර වේදනා රහිතව හා ප්‍රමාණවත් ගැබ්ගෙල විස්තාරණය හා විවර වීම් නොමැති අවස්ථාවලදී වෛද්‍ය සාෆිගේ මැදිහත්වීමෙන් සිංහල මව්වරු ප්‍රසුත්‍රිකාගාරය කරා රැගෙන ගොස් විශේෂඥ වෛද්‍යවරයාගේ නිසි අනුමැතියකින් තොරව සීසර් ශල්‍යකර්මවලට  බලෙන්ම භාජනය කිරීම.

3. සීසර් සැත්කම් කිරීමේදී සාපේක්ෂව සිංහල මව්වරුන්ට අඩු කාලයකුත්, මුස්ලිම් මව්වරුන්ට වැඩි කාලයකුත් ගත කිරීම.

4. සීසර් සැත්කම්වලදී මුස්ලිම් මව්වරුන්ට ගර්භාශයේ මැහුම් ස්ථර 2 ක් යෙදුවද සිංහල මව්වරුන්ට එක් ස්ථරයක් පමණක් යෙදීම.

5. සීසර් සැත්කමෙන් පසු ගෝස් ටවල් යොදාගෙන අනෙකුත් වෛද්‍යවරු කරන ආකාරයට වෙනස් ආකාරයට රළු ආකාරයට පෙරිටෝනියම් කුහරය පිරිසිදු කිරීම.

6. තුන්වන සිසේරියන් සැත්කමෙන් පසු සිදු කල යුතු LRT සැත්කම මුස්ලිම් මව්වරුන්ට සිදු නොකර එසේ සිදු කල බවට අසත්‍ය සහතික ඉදිරිපත් කිරීම.


🔺. සාෆි වෛද්‍යවරයා යළි සේවයේ පිහිට වුනේ අධිකරණය මගින් ඔහු නිදොස් කොට නිදහස් වීමෙන් බව සමාජ මාධ්‍යවල පැවසුණා. එය ඇත්තක්ද ?*


▪️එය බොරුවක්. ඔහු අනිවාර්ය නිවාඩු යැවුනේ අධිකරණය මගින් නොවේ. එය සෞඛ්‍ය අමාත්‍යාංශයේ තීරණයක්. මෙම තීරණය ආපස්සට හැරැනේද ගරු අධිකරණය මගින් නොව සෞඛ්‍ය අමාත්‍යාංශය මගින්. මේ කාරණය සම්බන්ධයෙන් කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයේ පවරා ඇති නඩුව තවමත් විභාග වනවා. සාෆි වෛද්‍යවරයා යළි සේවයේ පිහිට වුනේ රාජ්‍ය සේවා කොමිෂමේ තීරණයක් පරිදි. මුල් මූලික විමර්ශනය වෙනුවට පසුව සිදු කල වෙනත් විමර්ශනයක් මත පදනම්ව එම තීරණය ගනු ලැබුවා.


🔺. එසේනම් සාෆි වෛද්‍යවරයා අත්අඩංගුවෙන් නිදහස් වුනේ කොහොමද ?*


▪️ඔහුව අත්අඩංගුවට ගත්තේ 1978 අංක 48 ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ. එම පනත යටතේ රඳවා ගැනීම සිදුකර විමර්ශනය කිරීමෙන් පසු ඔහුට ඇප ලැබුණා. 

🔺. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රාජ්‍ය සේවකයෙක් අත්අඩංගුවට ගත් විට ඔහුගේ වැඩ තහනම් විය යුතු නේද ?*


▪️ඔව්, නමුත් විශ්මයජනක ලෙස සාෆි සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක වුණේ නැහැ.


🔺. සාෆි තවමත් සිටින්නේ ඇප මතද ?*


▪️ඔව්. කිසිදු අධිකරණයක ඔහු සම්බන්ධයෙන් විභාග වන නඩු තවම අවසන් වී නැහැ.


🔺. එසේනම් විමර්ශන මෙහෙයවූ පොලිස් අධිකාරී ශානි අබේසේකර සහ විත්තිකරැ වෛද්‍ය සාෆි එක් වේදිකාවක පසුගියදා පෙනී සිටියේ කෙලෙසද ?*


▪️එය පැහැදිලිවම අපේ රටේ අධිකරණය සහ නීති පද්ධතිය හෑල්ලුවට ලක් කිරීමක්.


🔺. සාෆි පිළිබඳ කතන්දරය ලංකාවේ මුස්ලිම් ජනතාවට එරෙහි කුමන්ත්‍රණයක් යැයි චෝදනාවක් එල්ල වෙනවා.? එය ගෝඨාභය රාජපක්ෂ බලයට පත් කිරීමට සිදුකළ කුමන්ත්‍රණයක් යැයි ද පැවසෙනවා.*


▪️එය අමූලික බොරුවක්. මුස්ලිම් ජන සමාජයට අයත් එක් වෛද්‍යවරයෙකු විසින් සිදු කළා යැයි පැන නැගුණු කාරණයක් සමස්ත මුස්ලිම් සමාජයටම ආදේශ කිරීම වැරදියි. සාෆි පිළිබඳ කාරණය ප්‍රසිද්ධ වේදිකාවක පැන නැගුණු එකම අවස්ථාව නුගේගොඩ දී පැවති වහාබ්වාදයට එරෙහි රැලිය පමණයි. ගෝඨාභය රාජපක්ෂගේ ජනාධිපතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරය තුළ කිසිදු අවස්ථාවක එවන් කාරණයක් ඉස්මතු කළේ නැහැ. විමල්, උදය, චන්න හෝ තවත් කවරකු හෝ මහමැතිවරණ වේදිකා තුළද එවැන්නක් පැන නැඟුවේ නැහැ.


🔺. එසේ නම් සාපි කතන්දරය කුමන්ත්‍රණයක් යැයි සමාජගත වූයේ කෙසේද?*


▪️එය ඉතා සූක්ෂම ආකාරයට සිදුවූවක්. කොවිඩ් වසංගතයත්, රටේ ආර්ථික පරිහානියත්, විමර්ශන සිදු කළ යුතු වූ අයගේ මග හැරීම් නිසාත්, තවත් විවිධ හේතුත් නිසා එල්ල වූ චෝදනාව පිළිබඳ නිසි විමර්ශනයක් සිදුවූයේ නැහැ. රාජ්‍ය සේවා කොමිසම මගින් සාෆි සේවයේ පිහිටුවීම සියලු චෝදනාවලින් සාෆි නිදහස් නිදොස් කොට නිදහස් කිරීමක් ලෙස අර්ථ ගැන්වුනා. සිංහල බෞද්ධ විරෝධී මතධාරීන්, නිරාගමිකයන් සිංහල බෞද්ධයන් අවඥාවට ලක් කිරීමට ඔවුන්ට රිදවීමට මේ කාරණය කළමනාකරණය කලා. අති විශාල මුදලක් වියදම් කරමින් සමාජ මාධ්‍ය සහ වෙනත් මාධ්‍ය මගින් සාෆි වර්ණනා කිරීමට ලිපි ලියවුණා. සෑම සති හයකට වරක් අලුත් වටයකින් ඔහු පිළිබඳ නැවත නැවතත් ලිපි පළ කෙරුණා. සාෆි යළි සේවයේ පිහිට වුණු අවස්ථාවේ එම පුවත උත්කර්ෂයට නැංවීම සඳහා සමාජ මාධ්‍ය අනුග්‍රහය සඳහා වැය කළ මුදල පමණක් ඩොලර් 50,000 වැඩියි. ඇත්තටම දැන් සිදුවන්නේ සාෆි යොදාගෙන සිංහල බෞද්ධ නායකයන්ට තර්ජනය කිරීමත්, සිංහල බෞද්ධයන් බිය ඉගැන්වීමත්.


පාස්කු ප්‍රහාරය ගෝඨා බලයට පත් කිරීමට සිදුකළ දෙයක් යැයි පැවසූ දේ දිගුවක් ලෙස සාෆි කාරණයත් කුමන්ත්‍රණයක් ලෙස හැඳින්වුණා. එය අමූලික බොරුවක්. එසේ නම් මේ කුමන්ත්‍රණය ආරම්භ කර ඇත්තේ රහස් පොලිසිය විය යුතුයි. මන්ද සියල්ලට පෙර සාෆි ගැන විමර්ශන කටයුතු ආරම්භ කළේ ඔවුන් නිසා. දිවයින පුවත්පතේ මාධ්‍යවේදියා සිදු කළේ එම විමර්ශනවලින් හෙළි වූ තොරතුරු පුවත්පතේ පළ කිරීමයි. කුරුණෑගල රෝහල සිදුකළේ ආයතනික මට්ටමින් විමර්ශනයක් කිරීමයි. ප්‍රදේශයේ මහා සංඝරත්නය, ජාතිකවාදී දේශපාලන නායකයන් සහ විද්වතුන් සිදු කළේ පැන නැගී ඇති කරුණු පිළිබඳ සාධාරණ අපක්ෂපාතී, විමර්ශනයක් සිදුකර වරදක් සිදුව ඇත්නම් දඬුවම් කරන ලෙස ඉල්ලා සිටීමයි. එසේ නම් මෙහි ඇති කුමන්ත්‍රණය කුමක්ද? මෙය කුමන්ත්‍රණයක් නම් ජනමාධ්‍ය, රහස් පොලිසිය, දේශපාලන නායකයන්, කුරුණෑගල රෝහලේ කාර්ය මණ්ඩලය, පැමිණිලි කල 1000 වඩා මව්වරු මේ සියලු දෙනා එහි කොටස් කරුවන් විය යුතුයි. 


ඇත්තටම වුනේ  ජනමාධ්‍ය අතර ඇති තරගය නිසා එකිනෙකා පරයා වාර්තා කිරීම නිසා අනවශ්‍ය කලබලයක්, සැකයක් මව්වරු තුල ගොඩ නැගීමයි. මේ චෝදනා එලියට ආවේ පාස්කු ප්‍රහාරයට පසුව තැන තැන හංගපු කඩු මතුවන පසුබිමක. අනෙක් අතට එම රජය, රජයේ හිටපු ඇමතිවරු උග්‍ර සිංහල බෞද්ධ විරෝධී  ප්‍රතිපත්ති අනුගමනය කළා. ජිනීවාවලදී රණ විරුවන් පාවලා දුන්නා. උතුරේ නැවත බෙදුම්වාදී අදහස් පැන නැංගා, ඒවා පාලනයට කටයතු කලේ නෑ. සිංහල බෞද්ධජනතාව දැඩි අනාරක්ෂිත, සහ කොන් කල පසු බිමකයි සාෆි ගැන කාරණා පැන නැගුනේ.. සාමාන්‍ය කාලයක සිදු වුනාට වඩා සමාජයේ අවධානය යොමු කරගන්න ඒ වට පිටාව හේතු වුනා. අද මේ ගැන විවේචනය කරන ගොඩක් දෙනා එදා තිබුන තත්වය අමතක කරලයි කතා කරන්නේ.  


කෙසේ නමුත් කුරුණෑගල රෝහලේ අධ්‍යක්ෂක, නියෝජ්‍ය අධ්‍යක්ෂක, කුරුණෑගල මහේස්ත්‍රාත්, විමර්ශන කල ඇතැම් පොලිස් නිලධාරීන් ආදී බොහෝ දෙනකුට විරුද්ධව පැමිණිලි කරමින් ඔවුන්ට දැඩි පීඩනයක් එල්ල කිරීමට කටයතු යෙදුනා. ඒ පිටුපස සිටියේ කවුදැයි සොයා බැලීමත් අවශ්‍යයි. 


🔺. වෛද්‍ය අනුරුද්ධ පාදනියගේ දෙවැනි දරුවා බිහිකිරීමට සහාය දුන්නේ තමන් බව වෛද්‍ය සාෆි පැවසුවා?*


▪️මෙය වෛද්‍ය සදාචාර ධර්ම  (medial ethics) අමු අමුවේ උල්ලංඝනය කිරීමක්. වෛද්‍යවරයකු තමන් ප්‍රතිකාර කරන රෝගීන්ගේ අනන්‍යතා අධිකරණ නියෝගයකින් මිස හෙළිදරව් කරන්නේ නැහැ. තවමත් අධිකරණය හමුවේ විභාග වන නීති කටයුත්තක විත්තිකරුවකු වන වෛද්‍ය සාෆි ප්‍රසිද්ධ වේදිකාවක මේ ගැන පවසනවා. වෛද්‍ය සාෆි ගැන කිඹුල් කඳුළු හෙළන කවුරුත් වෛද්‍ය පාදෙණිය හෝ ඔහුගේ බිරිඳට සිදුවූ අපහසුතාව ගැන කතා නොකරන්නේ ඇයි ?


🔺. එසේ නම් වෛද්‍ය සාෆි සම්බන්ධයෙන් කටයුතු කළ යුත්තේ කවර ආකාරයකින්ද ?*


▪️1. ඔහුට එල්ල වූ ප්‍රධාන චෝදනාව මුදල් විශුද්ධිකරණයයි. ඒ පිළිබඳ නීතිපති උපදෙස් කඩිනමින් සපයා  නීති මගින් කටයුතු කළ යුතුයි.  ඔහු මේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගැනීම සාධාරණ බව ශ්‍රේෂ්ඨාධිකරණය පවා තීන්දු කර තිබෙනවා.


2.වෛද්‍ය සාෆි පිළිබඳ මූලික විමර්ශන වාර්තාව යටපත් කිරීමට කටයුතු කළ සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් ගැන කඩිනම් පරීක්ෂණයක් කළ යුතුයි. එකී මුලික විමර්ශනයෙන් මතු වූ කරුණු පසුව යටපත් වුයේ කෙලෙසදැයි සොයා බැලිය යුතුයි.


3. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගත් විට ඕනෑම රාජ්‍ය සේවකයෙකු යටත් වන වැඩ තහනමට යටත් නොවී සාෆි අනිවාර්යය නිවාඩු යැව්වේ කාගේ බලපෑමකට අනුවද යන්න හෙළිදරව් කළ යුතුයි.


4. මේ සඳහා මුල සිට මැදිහත් වෙමින්, රැස්වීම් පවත්වමින්, සමාජ මාධ්‍ය මෙහෙයුමට විශාල මුදලක් වැය කරන "ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය” මේ සම්බන්ධයෙන් කරන මැදිහත්වීම සහ ඔවුන්ට ඒ සඳහා මුදල් ලැබෙන්නේ කවර ආකාරයෙන්ද යන්න සොයා බැලිය යුතුයි.


🔺. සාෆි ට චෝදනා එල්ල කිරීම ගැන මහා සංඝ රත්නය, විමල්, චන්න ආදීන්  සාෆිගෙනුත්, මුස්ලිම් ජනතාවගෙනුත් සමාව ඉල්ලිය යුතු බවට ඇතැම් සමාජ මාධ්‍යවල පලවනවා?*


▪️සාෆි ට චෝදනා එල්ල කලේ  මහා සංඝ රත්නය, විමල්, චන්න ආදීන් නොවේ. එය කලේ පොලිසිය, ජනමාධ්‍ය සහ ඔහු සමග එකට කටයුතු කල සෞඛ්‍ය කාර්ය මණ්ඩලයයි. එම චෝදනා නිසි විමර්ශනයට ලක් නොකර යට ගැසීමට කටයුතු කල පසුබිමක ඒ ගැන සාධාරණ, අපක්ෂපාතී, විමර්ශනයක් කරන ලෙසට බල කිරීම වරදක්ද? 

සමාජයේ යහ පැවැත්මට තර්ජනයක් විය හැකි සිද්ධියක් පිලිබඳ අදහස් දැක්වීම සහ ඒ ගැන සාධාරණ පරීක්ෂනයක් ඉල්ලා සිටීම වරදක්ද?

ජාතිය මත පදනම්ව වෙනස් ආකාරයට කටයුතු කරන බව ෂාෆි සේවය කල රෝහලෙන්ම සිදු කල විමර්ශනයකින් පවසා තිබියදී, මෙතරම් චෝදනා තිබියදී එම වෛද්‍යවරයා වැඩ තහනම් නොකර අනිවාර්ය නිවාඩු යැවීමට කටයතු කර තිබියදී, පැහැදිලි කල නොහැකි පරිදි ඉතා විශාල ධනස්කන්දයක් සහිතව වෛද්‍ය සාෆි  මහ මැතිවරණයට තරග කල දේශපාලන ධාරාව ආණ්ඩු බලය හිමි කරගෙන එහි රැකවරණය යටතේ සිටියදී ඔහුට එල්ල වූ චෝදනා නිසි විමර්ශනයට ලක් කරන ලෙස පැවසීම වරදක්ද? 

තවමත් ඔහුට එල්ල වූ චෝදනා 2 සම්බන්ධයෙන් නඩු කටයතු අවසන් වී නැත. ඔහු නීතිය ඉදිරියේ තවම චුදිතයකු පමණි. වැරදිකරුවකු හෝ නිවැරදිකරුවකු නොවේ. ඔහුට ලැබෙන තීන්දුව කුමක් වුවත් සාෆිගෙන් හෝ මුස්ලිම් ජනතාවගෙන් සමාව ඉල්ලීමේ කිසිදු අවශ්‍යතාවක් නැත. 


🔺. සාෆිව, පැලොපීය නාල, වද කොත්තු පෙන්වා මිනිසුන්ව රවටා ගෝඨාභය දිනවූ  බවට චෝදනාවක් එල්ල වනවා?*


▪️මේ චෝදනාව ප්‍රධාන වශයෙන්ම කරන්නේ ජවිපෙ/ මාලිමාවට සම්බන්ධ ක්‍රියාකාරීන්. ඔවුන් බොහොමයක් පසුගිය ජනාධිපතිවරනයේදී ගෝඨාභයට ජන්දය දීපු අය නොවේ. එසේනම් ඔවුන්ම පවසන රැවටිල්ලට ඔවුන් ලක් වී නැහැ. එහෙත් අනෙක් අය රැවටුණු වග ඔවුන් පවසනවා. ගෝඨාභය වෙනුවෙන් ජන්දය දුන් අය එසේ කලේ යහපාලන රජයෙන් කොන් කර නොසලකා හැරි ජාතික අභිලාෂයන් දිනා ගැනීමටයි. ජාතික ආරක්ෂාව යලි තහවුරු කිරීම, රණවිරු දඩයම නතර කිරීම, ජාතික ආර්ථිකයක් ගොඩ නැගීම, මුළු රටටම එක නීතියක් හඳුන්වා දීම එහි ප්‍රමුඛ අරමුණු. සාෆිගෙන් රට බේරා ගැනීමට ගෝඨාභය දිනවූ අයකු සිටිත්දැයි සැක සහිතය. සාෆි, පැලොපීය නාල, වද කොත්තු ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජනාධිපතිවරණ හෝ පසුව පැවති මහමැතිවරනයේදී මාතෘකාවක් නොවීය. වද කොත්තු කතා දශකයකටත් වඩා කල් සමාජයේ කතා බහට ලක් වූ දේවල්.  නමුත් මාලිමා හිතවාදීන් සහ සිංහල බෞද්ධ විරෝධීන් තමන් රැවටුණු බව බොරු මවාපෑමක් කරනවා. ඔවුන් කවදාවත් ජාතික කඳවුර වෙනුවෙන් ජන්දය දීපු අය නොවේ. එනම් රවටපු කෙනෙක් හෝ රැවටුණු කෙනෙක් නැත. 


දැන් ඔවුන්ට අවශ්‍ය මේ කතාව ඉස්සරහට යොදා ගෙන සියලු සිංහල බෞද්ධ විරෝධී කටයතු සදහා ආවරණයක් ලබා ගැනීමටයි. මේ කිඹුල් කඳුළුවලට ඉඩක් දිය යුතු නැත.


විමර්ශක

සම්බන්ධිත පුවත් | Related News

මහ බස් මාදිලියක (මබමාවක, Large Language Model, LLM) හැකියාව මෙන්න මේකයි කියලා නිශ්චිත කරලා කියන්න බෑ. මබමාවන්ගේ හැකියාව සන්දර්භය අනුව වෙනස්වෙනවා.
ප්‍රවෘත්ති බලද්දි දවසගානේ මේ වචන ඇහෙද්දි, මේ කියන්නේ ඇත්තටම මොකක් ගැනද කියලා ඔයා කවදාහරි හිතලා තියෙනවද? නම දන්නවා වුණාට, මේ ආයතන හැදුණේ කොහොමද, මේවායේ ඇතුළාන්තය මොකක්ද කියලා දන්නේ අපි අතරින් ඉතාම සුළු පිරිසක් විතරයි.
නවීන විද්‍යාත්මක දැනුම වනාහි හුදු එක් ශිෂ්ටාචාරයක නිර්මාණයක් නොවන බව නූතන ලෝකය සාමාන්‍යයෙන් පිළිගන්නා කාරණයකි. එසේ වුවද නවීන විද්‍යාව යනු හුදු බටහිර ලෝකයේ පමණක් උපත ලැබූ දැනුම් සමුදායක් බව ශ්‍රී ලංකාවේ බොහෝ දෙනා තවමත් විශ්වාස කරති. ඒ මතය අදටත් වඩා ලෝකය පුරා ජනප්‍රියව පැවති කාලයක ඒ මතයට ප්‍රබල අභියෝගයක් එල්ල කළ එක්තරා සුවිශේෂී විද්වතෙක් බටහිර ලෝකයෙන්ම බිහිවිය. ඒ අදින් අවුරුදු 126කට පෙර බි්‍රතාන්‍යයේ ලන්ඩන් නුවර උපත ලැබූ ජෝශප් නීඩ්හැම් (Joseph Needham) නමැති ජීව රසායන විද්‍යාඥයාය.
ශ්‍රී ලංකාවේ බිත්තර පරිභෝජනය අඩුවීම මන්දපෝෂණයට හේතු වී ඇත.
සංචාරක නියෝජ්‍ය ඇමති 'මහාචාර්ය' රුවන් රණසිංහ දෙවෙනි වතාවටත් ආතල් එකක් දුන්නා.
“හරක් කටා” නැමැත්තාගේ රැඳවුම් නියෝග ඉවත්කර සහන සැලසීම සඳහා රුපියල් ලක්ෂ 1200 ක (කෝටි 12 ක) අල්ලස් මුදලක් ලබාගැනීමේ චෝදනාව මත රිමාන්ඩ් බන්ධනාගාර ගත කර සිටින නීතීඥ රඛිත රාජපක්ෂ, චරිත් අබේසිංහ සහ අරුණ ශ්‍රී චතුරංග යන තිදෙනා ඊයේ (17) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලදි.
වත්මන් ආණ්ඩුව විසින් පසුගිය කාලයේ දී විවෘත කළ අලවල සංචාරක මධ්‍යස්ථානය මේ වන විට වල් බිහිවී ඇති ආකාරය දැක්වෙන ඡායාරූප රැසක් පසුගිය කාලයේ සමාජ මාධ්‍ය හරහා සංසරණය විය.
පසුගිය 14 වෙනිදා සුරේෂ් සලේ තමන් PTA යටතේ රදවා ගෙන සිටීමට එරෙහිව අධිකරණයට ඉදිරිපති කරන ලද රීට් පෙත්සමට අදාලව කරුණු දැක්වීම කරනු ලැබුවා.
කටාර් රාජ්‍යයේ හිටපු එමීර්වරයා ලෙස ගෞරවයට පාත්‍ර වූ ෂෙයික් හමාඩ් බින් කලීෆා අල් තානි මහතාගේ අභාවය පිළිබඳව ශ්‍රී ලංකා රජය සහ ජනතාව වෙනුවෙන් ශෝකය ප්‍රකාශ කිරීම සඳහා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ඊයේ (14) පස්වරුවේ කටාර් රාජ්‍ය බලා පිටත්ව ගොස් තිබිණි.

ප්‍රධාන පුවත්

ඊශ්‍රායල අගමැති අත්අඩංගුවට ගැනීමට කිසිවෙකුට ඉඩ දෙන්නේ නෑ.. - ට්‍රම්ප්ගෙන් දැඩි අනතුරු ඇඟවීමක්..

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු (Benjamin Netanyahu) ඇමෙරිකා එක්සත් ජනපදයේ සංචාරයක නිරත වුවහොත්, ඔහුව අත්අඩංගුවට ගැනීමට කිසිවෙකුටත් ඉඩ නොතබන බවට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර සිටියි.

පුරාවිද්‍යා අධ්‍යක්ෂක සෙනරත් වික්‍රමසිංහ කාර්ය මණ්ඩලයට තර්ජනය කරයි..

පුරාවිද්‍ය දෙපාර්තමෙිින්තුවෙහි වසර 20 පුරාවට පැවති සහකාර අධ්‍යක්ෂක තනතුරු පුරප්පාඩු කඩිමුඩියේ අසාධාරණ ලෙස පිරවිම දරණ උත්සාහය සමාජයට හෙලිදරව් වීම සහ චානක්‍ය .. සුමන්තිරන්ගෙ රහසිගත හමුව හෙලිදරවිි වීම සෙනරත් වික්‍රමසිංහගේ වියරුවට හේතු වි ඇති බව lankaleader වෙත වාර්තා වේ.

ඉරාන යුද්ධයට වැඩි අරමුදල් ඉල්ලා එක්සත් ජනපදයේ යුද ලේකම්ත් සෙනෙට් ඩිමොක්‍රටික් සභිකයන්ගේ දැඩි ප්‍රශ්න කිරීම්වලට ලක්වේ

ඉරාන යුද්ධයට වැඩි අරමුදල් ඉල්ලා එක්සත් ජනපදයේ යුද ලේකම්ත් සෙනෙට් ඩිමොක්‍රටික් සභිකයන්ගේ දැඩි ප්‍රශ්න කිරීම්වලට ලක්වේ

කියෙව් පාලනය දැඩි අර්බුදයක: ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලයෙන් විශේෂ නිවේදනයක්

යුක්‍රේනයේ පවතින වත්මන් දේශපාලන සහ සූක්ෂම හමුදාමය වෙනස්කම් හා ගැටලු පිළිබඳව අවධානය යොමු කරමින් ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය විසින් විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.

හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්නට ඇප..

2008 වසරේදී කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකුට සැගව සිටීමට ආධාර අනුබල දුන්නේ යැයි කියන සිද්ධියක සැකකරුවකු වශයෙන් අධිකරණයට ඉදිරිපත් වූ හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්න මහතා ඇප මත මුදා හරින ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

ආණ්ඩුව මගින් පාවාදීම් ඉටුකර ගැනීම සහ ඉන් පසුව ආණ්ඩුව පලවා හැරීමේ සූක්ෂම වැඩපිළිවෙල ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් අනාවරණයක්.. (වීඩියෝ)

වත්මන් ආණ්ඩුව යොදාගනිමින් යම් යම් පාවාදීම් ඉටුකර ගැනීමටත්, ඉන් අනතුරුව එම ආණ්ඩුවම බලයෙන් පලවා හැරීමටත් පසුබිම සකස් වෙමින් පවතින බවට දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

ඉස්ලාම් අන්තවාදී තර්ජන ගැන සලේ 2016 දී ආරක්ෂක මණ්ඩලය දැනුවත් කරලා.. - ඉහළ ප්‍රධානියෙක් එය නොසලකා හැරලා..

ඉස්ලාමීය අන්තවාදය සහ ISIS මතවාදය මෙරට දරුණු ලෙස ක්‍රියාත්මක වෙමින් පැවති ආකාරයත් එය මැඩපවත්වන අයුරු පිළිබඳත් සුරේෂ් සලේ මහතා 2016 වසරේදී ආරක්ෂක මණ්ඩලයට දීර්ඝ ලෙස කරුණු දැක්වීම් සිදුකළත් එම කරුණු දැක්වීම්වලට ආරක්ෂක මණ්ඩලයේ සිටි ඉහළ පෙළේ අයෙකු අකමැත්ත පළකර ඇති බව අභියාචනාධිකරණයේදී ඊයේ (21) සඳහන් කෙරුණි.

"කැරපොත්තන්ගේ" අරගලයේදී රාහුල් ගාන්ධි අත්අඩංගුවට – ජනතා විරෝධය හේතුවෙන් ගාන්ධිට නිදහස

කැරපොත්තන්ගේ ජනතා පක්ෂය ( Cockroach Janta Party-CJP) ලෙස තමන්ව හඳුන්වා ගන්න දේශපාලන කණ්ඩායම විසින් ඉන්දියාවේ නවදිල්ලි නුවරදී වෛද්‍ය විද්‍යාලවලට සිසුන් බඳවා ගන්නා විභාගයේ ප්‍රශ්න පත්‍ර පිටවූයේ යැයි පවසමින් ගෙන යන විරෝධතා ව්‍යාපාරයේ දෙවන දිනයේදී ඊට සහභාගි වූ ඉන්දීය විපක්ෂ නායක රාහුල් ගාන්ධි ඉන්දීය පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ අතර පසුව ඔහු නිදහස් කරනු ලැබීය.

ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය කුවේට්හි ඇමරිකානු රේඩාර්, චන්ද්‍රිකා සන්නිවේදන පද්ධති සහ ගුවන් යානා අංගනවලට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කරයි!

ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය (IRGC) කුවේට්හි පිහිටි එක්සත් ජනපද හමුදා ස්ථානවල රේඩාර් පද්ධති, චන්ද්‍රිකා සන්නිවේදන පද්ධති සහ ගුවන් යානා අංගන (Hangars) ඇතුළු ප්‍රධාන හමුදා යටිතල පහසුකම්වලට ප්‍රහාර එල්ල කළ බව වාර්තා වී තිබේ.

ආණ්ඩුවේ ලිංගික ඇරියස් පාසල් පද්ධතිය තුළට රිංගවීමේ උත්සාහයක්..

වත්මන් ආණ්ඩුව විසින් පාසල් පද්ධතිය තුළට නොගැලපෙන සංකල්ප සහ අදහස් රිංගවීම සඳහා උත්සාහයක නිරත වන බවට ජාතික නිදහස් පෙරමුණ චෝදනා කරයි.

සෞදි අරාබියාවේ දහම් පාසල තානාපති අනින් නවත්වයි.. - ඇමති විජිත ඊට එකඟයි..

සෞදි අරාබියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය තුළ වසර 10 කට අධික කාලයක් පවත්වාගෙන ගිය දහම් පාසල මාලිමා ආණ්ඩුවේ තානාපති අමීර් අජ්වල් ගේ නියෝගයක් අනුව නැවැත්වීමට සිදුවී ඇතැයි එරට සේවය කරන බෞද්ධ ප්‍රජාව ලංකා ලීඩර් වෙත වාර්තා කර තිබේ.

ත්‍රිකුණාමල තෙල් ටැංකි සංකීර්ණය සංවර්ධනයට අන්තර්ජාතික ලංසු කැඳවීමට සැරසේ..

ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය වාණිජමය වශයෙන් ප්‍රයෝජනයට ගැනීමේ පියවරක් ලෙස, එහි පවතින ටැංකි 29 ක් සංවර්ධනය කිරීම සඳහා ඉදිරි මස ඇතුළත අන්තර්ජාතික ලංසු කැඳවීමට Trinco Petroleum Terminal Limited (TPTL) සමාගම සූදානම් වේ.

ස්වයංක්‍රීය AI නියෝජිතයෙක් ප්‍රධාන AI ආකෘති ගබඩාවකට ප්‍රහාරයක් එල්ල කරයි!

නිව්යෝර්ක් නගරය මූලස්ථානය කරගත් Hugging Face සමාගම පවසන්නේ, සම්පූර්ණයෙන්ම ස්වයංක්‍රීය කෘත්‍රිම බුද්ධි (AI) නියෝජිත පද්ධතියක් තම AI ආකෘති (Models) ගබඩාවට අනවසරයෙන් ඇතුළු වූ බවත්, එය මෙතෙක් මුහුණ දී ඇති කිසිදු සයිබර් ප්‍රහාරයකට සමාන නොවන අත්දැකීමක් බවත්ය.

හිටපු පොලිස්පති අබිරහස් මරණය සියදිවි නසා ගැනීමක්ද? ඝාතනයක්ද? අත්වැරැදීමක්ද? (වීඩියෝ)

හිටපු පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතාගේ හදිසි සහ අබිරහස් මරණය සම්බන්ධයෙන් මේ වන විට සමාජය තුළත්, දේශපාලන හා ආරක්ෂක ක්ෂේත්‍ර තුළත් දැඩි කතාබහක් සහ සැකසංකා මතු වී තිබේ.

ශ්‍රී ලංකාව කියන්නේ ඉන්දියාවේ දොරකඩ තියෙන බරක් නෙවෙයි; ඉන්දීය සාගරය මධ්‍යයේ පිහිටි වටිනා වත්කමක්.. - ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරියගෙන් ප්‍රබල ප්‍රකාශයක්

නව දිල්ලියේදී පැවැත්වුණු ‘Calm Waters, Rising Tide: Stability as the Foundation for Indian Ocean Growth’ තේමාව යටතේ වූ ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡාවකදී, ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් මහිෂිණි කොලොන්න මහත්මිය දෙරටේ ආරක්ෂක සහ ආර්ථික සබඳතා පිළිබඳව වැදගත් කරුණු කිහිපයක් පෙන්වා දී තිබේ.

ජනාධිපතිට පෞද්ගලිකව නඩු පවරන්න බැහැ - මෛත්‍රී, රනිල්, අනුරට එරෙහි පෙත්සමට ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව මෙන්න..

ජෛව විද්‍යාත්මක පදනමකින් තොරව සැත්කම් මඟින් ලිංගිකත්වය වෙනස් කිරීමට අවසර දෙන චක්‍රලේඛ සහ පනත් බලරහිත කරන ලෙස ඉල්ලා ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (20) තීන්දු කළේය.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.