News Category
From Date
To Date
Maximum Number of Result

කවුද රිචඩ් ද සොයිසා ?

Feb 4, 2025 at 02:17 PM
|

කවුද රිචඞ් ද සොයිසා ? ලංකාවේ ෆැන්ටසිකාර මාධධ්‍යවේදීන්ට වඩා රිචඞ් ගේ පවුල් පසුබිම වෙනස්. රිචඞ් උපන්නෙ 1958 මාර්තු 18. රිචඞ්ගේ තාත්තා ලූෂන් ද සොයිසා. ඔහු 1946 -47 කාලෙදී ලංකා ක‍්‍රිකට් කණ්ඩායම නියෝජනය කල ක‍්‍රිකට් ක‍්‍රීඩකයෙක් වගේම ගල්කිස්ස ශාන්ත තෝමස් සහ රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක් වගේම නළුවෙක්, ගත්කතුවරයෙක්,තිරපිටපත් රචකයෙක්, ක‍්‍රිකට් විස්තර විචාරකයෙක්. රිචඞ්ගේ සීයා ඒ කිව්වේ තාත්තගෙ තාත්ත ගත්තම ෆ‍්‍රැන්සිස් ද සොයිසා නීතිඥයෙක් වගේම රාජ්‍ය මන්ත‍්‍රණ සභාවේ නැත්තනම් ඉස්සර පාර්ලිමේන්තුවේ සමාජිකයෙක් වගේම ලංකා ජාතික කොංග‍්‍රසයේ සභාපති වෙලත් හිටියා. රිචඞ් ගේ අම්මා වෘත්තියෙන් වෛද්‍යවරියක් වගේම කලාකාරියක්. ඇය රිචඞ් ගේ තාත්තගෙ බිරිඳ වෙන්නෙ රිචඞ් ගේ තාත්තාගේ දෙවෙනි විවාහයෙන්. සරලව කිව්වොත් රිචඞ් කියන්නෙ සල්ලි තියෙන උගත් ඉහල පැලැන්තියේ පවුලක කෙනෙක්. රිචඞ් ඉගෙන ගන්නෙ ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යලයෙන්. පාසල් කාලේ ඉඳලම දක්ෂ චරිතයක් වෙන රිචඞ් 1972 අන්තර් පාසල් ෂේක්ස්පියර් ඉංග‍්‍රීසි නාට්‍ය තරඟයේ හොඳම නළුවා ලෙසද ජයග‍්‍රහණය කරනවා. ඊට අමතරව ශාන්ත තෝමස් විද්‍යාලයේ වාද විවාද සංගමයේ සහ නාට්‍ය සංගමයේ සාමාජිකත්වයද දරනවා. 1983 දී ලෙස්ටර් ජේම්ස් පීරිස් විසින් අධ්‍යක්ෂණය කල යුගාන්තය චිත‍්‍රපටය සඳහාද ජාතික රූපවහිනියේ විකාශය වූ යශෝරාවය ටෙලි නාට්‍යයේ රින්ස්ලිගේ චරිත රඟපාන ඔහුගේ ඉංග‍්‍රීසි උච්චාරණ හැකියාව අන්තර්ජාතික මට්මක තිබු අතර ඔහු ඉතා දක්ෂ ඉංග‍්‍රීසි භාෂා නිවේදකයෙක් උනා. ඒ වගේම ඉංග‍්‍රීසි සාහිත්‍ය පිළිබඳවද පුළුල් දැනුමක් ඔහු සතු උනා.ඔහුව ඝාතනය කල අවුරුද්දේ ඔහු විසින් ඔහුගේ ඉංග‍්‍රීසි කවි ඇතුළත් ඔයiි ධඑයැර ෑාැබ කියාලා පොතකුත් ලිව්වා. ඔහු ඝාතනය වන කාල වකවානුවේ ඉන්ටර්ප්‍රෙස්‌ ප‍්‍රවෘත්ති සේවයේ ශ‍්‍රී ලංකා වාර්තාකරු විදියට තමයි වැඩ කලේ. රිචඞ් ඝාතනය වීමට හා ඒ ඝාතනය එවකට ජනාධිපති පේ‍්‍රමදාසගේ ගිණුමට බැර වෙන්න හේතු තිබුනා. 1) එවකට එක්සත් ජාතික පක්ෂය තුළ හටගෙන තිබුණු නායකත්ව අර්බුදයේ දීිපේ‍්‍රමදාස විරෝධය’ මෙහෙයවපු ලලිත් ඇතුලත්මුදලි ගේ සමීපයෙක් උන රිචඞ් සිය මාධ්‍ය හැකියාවන් සහ කලා හැකියාවන් පාවිච්චි කරමින් ලලිත් ඇතුලත්මුදලිට උදව් කලා කියලා කියනවා. රිචඞ් රචනා කරපු ”‍මේ කවුද මොනවද කරන්නෙ”‍ වේදිකා නාට්‍ය ඒකට උදාහරණයක්. 2) රිචඞ් ද සොයිසා ඝාතනය වූයේ මාධ්‍යවේදියෙකු නිසා නොව; ජ.වි.පෙ. ඉහළ පෙළේ චරිතයක් වූ නිසා කියලා කියන්නෙ රාවයේ වික්ටර් අයිවන්. ඒ අනුව ජ.වි.පෙ.ට සම්බන්ධව සිටි ප‍්‍රධාන පෙළේ තුන්දෙනෙකු වන ජ.වි.පෙ. සන්නද්ධ අංශය වූිදේශපේ‍්‍රමී ජනතා ව්‍යාපාරයෙහි’ නායකයා වූිකීර්ති විජයබාහු’ හෙවත් සමන් පියසිරි ප‍්‍රනාන්දු, සෝමවංශ අමරසිංහ සහ ජ.වි.පෙ. තරුණ සහ ශිෂ්‍ය අංශය භාරව කටයුතු කළ ඞී.එම්. ආනන්ද සමඟ රිචඞ් ද සොයිසාට සම්බන්ධකම් තිබිලා තියනවා. ඒ සබඳතා වලට හේතු විදියට දක්වන්නෙ 1) රිචඞ්, තමන්ට මාධ්‍යවේදියෙකු වශයෙන් පැවැති කලාපීය තොරතුරු සම්බන්ධතා ද, ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය සමග පැවැති දේශපාලන සම්බන්ධතා ද පාවිච්චි කරමින්, ඞී.එම්.ආනන්දටිරෝ සංවිධානය’ සමඟ සම්බන්ධයක් සාදා දී තිබුණු බව. 2)සෝමවංශ අමරසිංහටත්, ඔහුගේ බිරිඳ අයිරාංගනීටත් පුතාටත් රටින් පලා යාමට පෙර මාස දෙකක් තිස්සේ ආරක්ෂිතව සැඟවී සිටීම සඳහා නිවසක් ලබා දී තිබුණේ ද රිචඞ් ද සොයිසා විසින් වීමත් ය. රිචඞ් ඝාතනය වෙන්නෙ කොහොමද ? ‘‘අංක 32 ශ‍්‍රී 4748 දරන කොළපාට ජීප් රථෙයන් පැමිණි කිහිප දෙනෙකු කිසිදු හේතු දැක්වීමකින් තොරව මගේ පුතා රිචඞ් ව පැහැරගෙන ගියා.’’ පැමිණිල්ල දාන මනෝරාණී සරවනමුත්තු ඒ ඝාතයකයන් රිචඞ් ගේ ගෙදර හොයා ගන්නෙ , ජාතික රූපවාහිනියේ ඉංග‍්‍රීසි පුවත් නිවේදිකා නොයෙලින් හොන්ටර්ගේ නිවස ගොස් එහිදී ඇගේ සැමියා වන කෙනත් හොන්ටර්ට තර්ජන කරලා. 1990 පෙබරවාරි මස 18 වන දින පාන්දර 3.30 රිචඞ් ගේ මළසිරුර හම්බුවෙන්නෙ මොරටුව කොරළවැල්ලේ වෙරළට ගොඩගහලා තියෙන කොට. 1990 පෙබරවාරි 20 වන දින රිචර්ඞ් දී සොයිසාගේ මරණ පරීක්ෂණය කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරී කේ. නඬේසන් විසින් සිදු කරන අතර මරණ පරීක්‍ෂණ වාර්තාවට අනුව ගෙලට සහ වම් පැත්තේ කන අසලට වැදුණු වෙඩි පහර දෙකක් නිසා ඔහු ජිවිතක්ෂයට පත්වී ඇති බව සඳහන් වෙනවා. ඝාතක සැකකරුවන්ට පසුව උනදේ සහ නඩුව රිචඞ් ද සොයිසාව ආයුධ සන්නද්ධ කණ්ඩායමක් ලෙසින් ගොස් පැහැරගෙන ඝාතනය කොට ඇත්තේ ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි රොනී ගුණසිංහ නායකත්වය දුන් පොලිස් කණ්ඩායමක් විසින් බව පසු කලක අනාවරණය උනා. මෙම ඝාතනයට පොලිස්‌ පරීක්‌ෂක ලාල් ක‍්‍රිෂාන්ත ධර්මසිරි රංචාගොඩ, පොලිස්‌ පරීක්‌ෂක එම්.ජී.ජී. දේවසුරේන්ද්‍ර, පොලිස්‌ සැරයන් වෙඩික්‌කාරගේ සරත්චන්ද්‍ර යන අය සම්බන්ධ වූ බව අනාවරණය උනා. රිචඞ් ද සොයිසාව ඝාතනය කල පොලිස් නිලධාරීන්ට එරහිව මොරටුව මහෙස්‌ත‍්‍රාත් අධිකරණයේ නඩුවක් ගොනු කෙරුණි. පසුව එම නඩුව කොළඹ අලූ‍ත්කඬේ මහාධිකරණය ඉදිරියේ විභාගයට ගැනුනි. එම නඩුව මහාධිකරණ විනිසුරු රෝහිණී පෙරේරා ඉදිරියේ විභාග කෙරුණි. රජයේ නීතිඥ දමිත් තොටවත්ත පැමිණිලි පාර්ශවය වෙනුවෙන් ඉදිරිපත් වූ අතර විත්තිය වෙනුවෙන් ජනාධිපති නීතිඥ දයා පෙරේරා, නීතිඥ අනිල් සිල්වා සමඟ නීතිඥ කේ. තවරාසා පෙනී උන්නා. වසර 15 තිස්සේ විභාග වූ නඩුවේ අවසන් තීන්දුව 2005 ඔක්තෝම්බර් මස 9 දින ප‍්‍රකාශයට පත් කෙරුණි. රිචඞ් ද සොයිසාව ඝාතනය කිරීම වෙනුවෙන් අධිකරණයට ඉදිරිපත්කොට සිටි සියලූ‍ම විත්තිකරුවන් සියලූ‍ චෝදනාවලින් නිදොස් කොට නිදහස් කෙරුණා. එම නඩු තීන්දුවේ සඳහන් වුයේ සාක්ෂිකරුවන් විසින් ලබාදුන් සාක්ෂි පරස්පර විරෝධී බැවින් විත්තිකරුවන්ට එරහිව ගොනුකොට තිබු චෝදනා ඔප්පු වී නොමැති බව කියලා. හැබැයි 2005 නඩු තීන්දුව එහෙම උනත් මේ සිද්ධියට නම ගෑවුණු අය විවිධ හේතු නිසා ඝාතනය වෙලා තිබ්බා. 1* ජනාධිපති පේ‍්‍රමදාස 1993 මැයි ත‍්‍රස්තවාදී බෝම්බයෙනුත් 2* ජේෂ්ඨ පොලිස් අධිකාරි රෝනී ගුණසිංහත් පේ‍්‍රමදාස අසුන බෝම්බයට අසු වීමෙනුත් 3* ආරක්‍ෂක ඇමති රංජන් විජේරත්න 1991 මාර්තු 2 ත‍්‍රස්තවාදී බෝම්බයකිනුත් ඝාතනය වෙනවා. මනෝරාණී සරවනමුත්තු මහත්මියත් 2001 පෙබරවාරි මස 14 දින ඇය ජිවිතයෙන් සමුගන්නවා. මේ අනුව පේන්නේ රිචඞ් ද සොයිසා යනු යටිබිම්ගතව කැරලිකාර දේශපාලනයට සම්බන්ධ වීමත් ඒ හරහා එවකට ආණ්ඩුවේ උදහසට ලක් වී ඇති බව. ඒත් සාක්ෂි නෑ. අර චිත‍්‍රපටය ගැන කියන කතා බැලූ‍වම ඒ නිකම්ම නිකං හන්දියේ කතා උන ඒවා ටච් කරපු එකක් වගේ. අනික රිචඞ් ගැන හැදුන පලවෙනි නිර්මාණය නෙමේ. 1*රිචර්ඞ් දී සොයිසාගේ මරණය සම්බන්ධව 1990 අප‍්‍රියෙල් 23 වන දින ටයිම්ස් සඟරාවේ විශේෂ ලිපියක් පළවූ අතර එය ශ‍්‍රී ලංකා රජය විසින් බෙදා හැරිම සහ විකිණීම තහනම් කරනවා. 2*2008 වර්ෂයේ දෙසැම්බර් මාසයේදී බි‍්‍රතාන්‍යයේ බි.බි.සී ( BBC ) මාධ්‍ය ජාලය විසින් විනාඩි 60 ක ගුවන් විදුලි නාට්‍යයක් නිර්මාණය කොට BBC Radio4 චැනලය ඔස්සේ විසුරුවා හරිනවා. 3* ”‍ දේ ඩාන්සින් එලෝන් ”‍ ( They Dance Alone ) යනුවෙන් නම්කොට තිබුණ මනෝරාණී සරවනමුත්තු ගැන තිබ්බ වාර්තා චිත‍්‍රපටිය 2015 පෙබරවාරි 13 තහනම් කරනවා. සමාජයක ඉහල පැලැන්තියක වීමත් ජාත්‍යන්තර මාධ්‍යවේදියකු වීමත් බහුකුසලතාවයන් නිසා විවිධ ක්ෂේත‍්‍ර හරහා දක්ෂතා පෙන්වීමත් ඔහුගේ මව ඔහුවෙනුවෙන් කල අරගලය නිසාත් රිචඞ් ද සොයිසා චරිතය භීෂණ ඉතිහාසයේ එක පරිච්ෙඡ්දයක් වෙනවා. චිරාත් උයනහේවා ©️ Chirath Uyanahewa

සම්බන්ධිත පුවත් | Related News

ගල්ගමුවේ ඉදන් ආපු Rmj බණ්ඩාර අයියා කාවන්තිස්ස ඇතු ගැන කියන කතාව..
යෝජිත, ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කරගැනීමේ පනත් කෙටුම්පතට (PSTA) විරුද්ධ වන්නේ කුමක් නිසා ද යන්න මහාචාර්ය ජයදේව උයන්ගොඩ මහතා කරුණු දක්වා තිබේ.
සරසවි ඇදුරන් 2000ක් පමණ බඳවා ගැනීමට අනුමැතිය ලබාදී ඇති බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරීය සිදුකරන ප්‍රකාශයක් සහ එම වේදිකාවේම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එම ප්‍රමණය 1515ක් බවට සිදුකරන ප්‍රකාශ ඇතුළත් වීඩියෝවක් සමාජ මාධ්‍යයේ සංසරණය වේ.
ලෝකය කොපමණ තාක්ෂණයෙන්, විද්‍යාවෙන් සහ නවීන විලාසිතා වලින් ඉදිරියට ගියත් පෘථිවියේ සමහර තැන්වල කාලය නතර වී තිබෙන්නේ, මීට වසර දහස් ගණනකට පෙර පැවති පද්ධතීන් ළඟය.
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා භික්ෂූන් වහන්සේලා පිරිසක් විසින් කොළඹ විහාරමහා දේවි උද්‍යානයේදී ආරම්භ කර ඇති සත්‍යග්‍රහයට පැමිණ පොලිස් නිලධාරීන් විසින් පිරිත් දැමීම නතර කරන ලෙස දන්වමින් සිදුකළ ක්‍රියාව සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය වීඩියෝ හරහා තොරතුරු අනාවරණය කර තිබේ.
"ඔවුන්ට කන්න පාන් නැත්නම්, කේක් කන්න කියන්න." ඔබ මේ සුප්‍රකට කියමන, මීට පෙර අසා ඇති! පාසල් ඉතිහාස පොත්වල, සමාජ මාධ්‍ය සටහන්වල එහෙමත් නැතහොත් දේශපාලන සංවාදවල ඕනෑම තැනක, 'තමන්ගේ ජනතාවගේ දුක නොහඳුනන අහංකාර, සැප ජීවිත ගත කළ නායකයින්..' ගැන කතා කරන විට මුලින්ම අපේ මතකයට එන චරිතය, ප්‍රංශයේ මාරි ඇන්ටොනෙට්!
ආගම දේශපාලනයෙන් විතැන් විය යුතු බව උගතුන් යැයි කියාගන්නා පුද්ගලයින් පවසන බවත්, එහෙත් ආගමික සංස්ථාවක් දේශපාලයෙන් තොර වූවක් නොවිය යුතු බවත්, උගතුන්ට ප්‍රශ්නයක් වී ඇත්තේ බෞද්ධ සංස්ථාව දේශපාලනීක වීම බවත් සමාජ මාධ්‍යයේ සංසරණය වන වීඩියෝවක් මගින් කරුණු දක්වයි.
ප්‍රභාකරන් මැරෙද්දි මට ඕන උනේ ඒක හරියට ලෝකෙටම පෙන්නන්න.. මම මේ ජීවිතේ හංගන් හිටපු කතාවක්. ප්‍රභාකරන්ට ගහපු 8 මෑන් ටීම් එක පස්සෙන් මමත් ගියා..
බල්ලෙක්ටත් කරන අපහසයක් ප්‍රභාකරන්ට බල්ලෙක් කියන එක..

ප්‍රධාන පුවත්

ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්‍රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..

ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඔබ්බෙන් ජාත්‍යන්තර මුහුදේ නැංගුරම්ලා ඇති ඉරාන තෙල් නැව් 19කට ආහාර, ජලය සහ ඉන්ධන සැපයීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති බව විදේශ අමාත්‍යාංශය පවසන බව THE TIMES OF INDIA වාර්තා කරයි.

නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 'ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කරගැනීමේ පනත් කෙටුම්පත (PSTA)' මගින් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ සහ අයිතිවාසිකම් අභියෝගයට ලක්වීමේ බරපතළ තර්ජනයක් පවතින බව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය පවසයි.

පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..

අධිකරණ නියෝග ක්‍රියාත්මක නොකිරීමෙන් පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කර ඇති බවට තීරණය කළ ගම්පහ මහේස්ත්‍රාත් බන්ධුල ගුණරත්න, ඒ සම්බන්ධයෙන් නඩු පැවරීම සඳහා අදාළ ගොනුව අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා වෙත යොමු කර තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පරිගණක පද්ධති වෙත සයිබර් ප්‍රහාරයක් එල්ල කළ හැකර්වරුන් විසින් ක්‍රිප්ටෝ මුදලින් ඇමෙරිකානු ඩොලර් 50,000ක කප්පම් මුදලක් ඉල්ලා සිටි බවත්, ජාතික ගුවන් සේවය තවදුරටත් මෙවැනි සයිබර් ප්‍රහාර හමුවේ අවදානම් තත්ත්වයක පවතින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර චෝදනා කරයි.

ප්‍රංශය ඇතුළු යුරෝපා රටවල උග්‍රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..

ප්‍රංශය ඇතුළු යුරෝපීය රටවල් කිහිපයක මේ වන විට දැඩි ආර්ථික හා සමාජීය අර්බුදයක් නිර්මාණය වී ඇති බවත්, එය මහා පරිමාණ ජනතා විරෝධතා සහ උද්ඝෝෂණ දක්වා වර්ධනය වී ඇති බවත් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්‍යය මගින් විනාශකාරී මහා සත්‍යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා

ත්‍රෛනිකායික ලේඛකාධිකාරී හිමිවරුන් සමග පැවැත් වූ රැස්වීමකට පසුව අමාත්‍ය සුනිල් සෙනෙවි මහතා ප්‍රකාශයක් කරමින් අටමස්ථානය තුළ රාමා කෝවිල් ඉදිනොකරන බව සහ රුවන්වැලි සෑය වටා වැටක් නොගසන බව ප්‍රකාශයක් කර තිබිණි.

භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි

පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් භික්ෂූන් වහන්සේලා විසින් පැවැත්වූ පාගමන රාජ්‍ය විරෝධී පාගමනක් ලෙස විවිධ අය අර්ථකථනය කරන බවත්, විශේෂයෙන්ම ආණ්ඩුවේ පාර්ශ්වයෙන් මෙම චෝදනාව නගන බවත්, එහෙත් එකඳු සටන් පාඨයක් හෝ භික්ෂූන් වහන්සේලා මෙම පා ගමනේ දී නොපවසා ඉතා සාමකාමීව මෙම පාගමන පැවැත්වූ බවත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල අනුනායක හිමියෝ පවසති.

"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්‍රාත්වරයා රබර් මුද්‍රාවක් වෙලා": ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්‍රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කර ගැනීමේ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග කිරීම ඊයේ (20) පෙරවරුවේ ආරම්භ විය.

අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්

අනුරාධපුර පූජා නගරය තුළ පිහිටි ඓතිහාසික බුලන්කුලම වැව හෙවත් "ජයවාපි" වැව ආශ්‍රිත වැව් රක්ෂිතයෙන් අක්කර 200කට ආසන්න ප්‍රමාණයක් නිවාස ඉදිකිරීම සඳහා රාජ්‍ය නිලධාරීන්ට බෙදාදීමේ ක්‍රියාවලිය නින්දාසහගත වරදක් බව පෙන්වා දෙමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් කෘෂිකර්ම සහ වාරිමාර්ග අමාත්‍ය ලාල්කාන්ත මහතා වෙත විශේෂ ලිපියක් යොමුකර තිබේ.

ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)

ඉරානයේ දකුණුදිග චාබහාර් (Chabahar) වරාය, ඇෆ්ගනිස්ථාන දේශසීමාව ආසන්නයේ පිහිටි සහදාන් (Zahedan) නගරය සමඟ සම්බන්ධ කරන ප්‍රධාන දුම්රිය මාර්ගය ඉරානය විසින් සම්පූර්ණ කර තිබේ. ඉරාන වරායන්ට එරෙහි ඇමෙරිකානු අවහිර කිරීම් සහ බටහිර රටවලින් එල්ල වන ආර්ථික පීඩනය ඉහළ යමින් පවතින පසුබිමක මෙම සංවර්ධනය සිදුව ඇත.

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්‍රාන්තයකින් වරෙන්තුවක්

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීම සඳහා ෆ්ලොරිඩා ප්‍රාන්තයේ විනිසුරුවරයෙකු විසින් වරෙන්තුවක් නිකුත් කර ඇති බව එම ප්‍රාන්තයේ නීතිපතිවරයා ඊයේ(19) ප්‍රකාශ කළේය.

ඇමරිකානු ජනපති ට්‍රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර මෑතකදී සිදුවූ පැයකට අධික (විනාඩි 90ක) දුරකථන සංවාදය ලෝක දේශපාලනයේ සහ බලශක්ති වෙළඳපොළේ දැඩි කතාබහට ලක්ව තිබේ.

මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..

රාජ්‍ය නොවන සංවිධාන විසින් මෙහෙයවනු ලබන සහ ආණ්ඩුවට හිතවාදී මුදලට ගිජු යූටියුබ් කරුවන් අතලොස්සක් විසින් බුදුන් වහන්සේට සහ මහා සංඝරත්නයට එරෙහිව එල්ලකරනු ලබන වාචික ප්‍රහාර පිළිබඳව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් සිදුකළ පැමිණිල්ලක් විභාග කිරීම සඳහා අද (20) දින වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත.

මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..

ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ යළිත් වරක් පුපුරා යා හැකි යුද ගැටුමකදී, මැදපෙරදිග කලාපයේ තීරණාත්මක දත්ත මධ්‍යස්ථාන, සන්නිවේදන කේබල් පද්ධති මෙන්ම කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණික මධ්‍යස්ථාන දැඩි ප්‍රහාරක ඉලක්ක බවට පත් කරන බවට ඉරානය විසින් නිකුත් කර ඇති අනතුරු ඇඟවීම ජාත්‍යන්තර ප්‍රජාව දැඩි කම්පනයට පත් කර තිබේ.

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්‍රවීන මාධ්‍යවේදී ධර්මශ්‍රී ගෙන් අනාවරණයක්..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට යළි ජනාධිපති සමාවක් ලබා දීමේ හැකියාව සහ ඊට අදාළව රට තුළ මතුවී තිබෙන නීතිමය, දේශපාලනික හා සමාජීය තත්ත්වයන් මේ වන විට දැඩි කතාබහකට ලක්ව තිබේ.

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් මේ රටේ රාජ්‍යත්වයට පත් නොවිය යුතු බව යැයි මෙරට පුරාතන සෙල්ලිපිවල පවා පැහැදිලිව දක්වා ඇති බව අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද නාහිමියෝ පවසති.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.