News Category
From Date
To Date
Maximum Number of Result

කවුද රිචඩ් ද සොයිසා ?

Feb 4, 2025 at 02:17 PM
|

කවුද රිචඞ් ද සොයිසා ? ලංකාවේ ෆැන්ටසිකාර මාධධ්‍යවේදීන්ට වඩා රිචඞ් ගේ පවුල් පසුබිම වෙනස්. රිචඞ් උපන්නෙ 1958 මාර්තු 18. රිචඞ්ගේ තාත්තා ලූෂන් ද සොයිසා. ඔහු 1946 -47 කාලෙදී ලංකා ක‍්‍රිකට් කණ්ඩායම නියෝජනය කල ක‍්‍රිකට් ක‍්‍රීඩකයෙක් වගේම ගල්කිස්ස ශාන්ත තෝමස් සහ රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක් වගේම නළුවෙක්, ගත්කතුවරයෙක්,තිරපිටපත් රචකයෙක්, ක‍්‍රිකට් විස්තර විචාරකයෙක්. රිචඞ්ගේ සීයා ඒ කිව්වේ තාත්තගෙ තාත්ත ගත්තම ෆ‍්‍රැන්සිස් ද සොයිසා නීතිඥයෙක් වගේම රාජ්‍ය මන්ත‍්‍රණ සභාවේ නැත්තනම් ඉස්සර පාර්ලිමේන්තුවේ සමාජිකයෙක් වගේම ලංකා ජාතික කොංග‍්‍රසයේ සභාපති වෙලත් හිටියා. රිචඞ් ගේ අම්මා වෘත්තියෙන් වෛද්‍යවරියක් වගේම කලාකාරියක්. ඇය රිචඞ් ගේ තාත්තගෙ බිරිඳ වෙන්නෙ රිචඞ් ගේ තාත්තාගේ දෙවෙනි විවාහයෙන්. සරලව කිව්වොත් රිචඞ් කියන්නෙ සල්ලි තියෙන උගත් ඉහල පැලැන්තියේ පවුලක කෙනෙක්. රිචඞ් ඉගෙන ගන්නෙ ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යලයෙන්. පාසල් කාලේ ඉඳලම දක්ෂ චරිතයක් වෙන රිචඞ් 1972 අන්තර් පාසල් ෂේක්ස්පියර් ඉංග‍්‍රීසි නාට්‍ය තරඟයේ හොඳම නළුවා ලෙසද ජයග‍්‍රහණය කරනවා. ඊට අමතරව ශාන්ත තෝමස් විද්‍යාලයේ වාද විවාද සංගමයේ සහ නාට්‍ය සංගමයේ සාමාජිකත්වයද දරනවා. 1983 දී ලෙස්ටර් ජේම්ස් පීරිස් විසින් අධ්‍යක්ෂණය කල යුගාන්තය චිත‍්‍රපටය සඳහාද ජාතික රූපවහිනියේ විකාශය වූ යශෝරාවය ටෙලි නාට්‍යයේ රින්ස්ලිගේ චරිත රඟපාන ඔහුගේ ඉංග‍්‍රීසි උච්චාරණ හැකියාව අන්තර්ජාතික මට්මක තිබු අතර ඔහු ඉතා දක්ෂ ඉංග‍්‍රීසි භාෂා නිවේදකයෙක් උනා. ඒ වගේම ඉංග‍්‍රීසි සාහිත්‍ය පිළිබඳවද පුළුල් දැනුමක් ඔහු සතු උනා.ඔහුව ඝාතනය කල අවුරුද්දේ ඔහු විසින් ඔහුගේ ඉංග‍්‍රීසි කවි ඇතුළත් ඔයiි ධඑයැර ෑාැබ කියාලා පොතකුත් ලිව්වා. ඔහු ඝාතනය වන කාල වකවානුවේ ඉන්ටර්ප්‍රෙස්‌ ප‍්‍රවෘත්ති සේවයේ ශ‍්‍රී ලංකා වාර්තාකරු විදියට තමයි වැඩ කලේ. රිචඞ් ඝාතනය වීමට හා ඒ ඝාතනය එවකට ජනාධිපති පේ‍්‍රමදාසගේ ගිණුමට බැර වෙන්න හේතු තිබුනා. 1) එවකට එක්සත් ජාතික පක්ෂය තුළ හටගෙන තිබුණු නායකත්ව අර්බුදයේ දීිපේ‍්‍රමදාස විරෝධය’ මෙහෙයවපු ලලිත් ඇතුලත්මුදලි ගේ සමීපයෙක් උන රිචඞ් සිය මාධ්‍ය හැකියාවන් සහ කලා හැකියාවන් පාවිච්චි කරමින් ලලිත් ඇතුලත්මුදලිට උදව් කලා කියලා කියනවා. රිචඞ් රචනා කරපු ”‍මේ කවුද මොනවද කරන්නෙ”‍ වේදිකා නාට්‍ය ඒකට උදාහරණයක්. 2) රිචඞ් ද සොයිසා ඝාතනය වූයේ මාධ්‍යවේදියෙකු නිසා නොව; ජ.වි.පෙ. ඉහළ පෙළේ චරිතයක් වූ නිසා කියලා කියන්නෙ රාවයේ වික්ටර් අයිවන්. ඒ අනුව ජ.වි.පෙ.ට සම්බන්ධව සිටි ප‍්‍රධාන පෙළේ තුන්දෙනෙකු වන ජ.වි.පෙ. සන්නද්ධ අංශය වූිදේශපේ‍්‍රමී ජනතා ව්‍යාපාරයෙහි’ නායකයා වූිකීර්ති විජයබාහු’ හෙවත් සමන් පියසිරි ප‍්‍රනාන්දු, සෝමවංශ අමරසිංහ සහ ජ.වි.පෙ. තරුණ සහ ශිෂ්‍ය අංශය භාරව කටයුතු කළ ඞී.එම්. ආනන්ද සමඟ රිචඞ් ද සොයිසාට සම්බන්ධකම් තිබිලා තියනවා. ඒ සබඳතා වලට හේතු විදියට දක්වන්නෙ 1) රිචඞ්, තමන්ට මාධ්‍යවේදියෙකු වශයෙන් පැවැති කලාපීය තොරතුරු සම්බන්ධතා ද, ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය සමග පැවැති දේශපාලන සම්බන්ධතා ද පාවිච්චි කරමින්, ඞී.එම්.ආනන්දටිරෝ සංවිධානය’ සමඟ සම්බන්ධයක් සාදා දී තිබුණු බව. 2)සෝමවංශ අමරසිංහටත්, ඔහුගේ බිරිඳ අයිරාංගනීටත් පුතාටත් රටින් පලා යාමට පෙර මාස දෙකක් තිස්සේ ආරක්ෂිතව සැඟවී සිටීම සඳහා නිවසක් ලබා දී තිබුණේ ද රිචඞ් ද සොයිසා විසින් වීමත් ය. රිචඞ් ඝාතනය වෙන්නෙ කොහොමද ? ‘‘අංක 32 ශ‍්‍රී 4748 දරන කොළපාට ජීප් රථෙයන් පැමිණි කිහිප දෙනෙකු කිසිදු හේතු දැක්වීමකින් තොරව මගේ පුතා රිචඞ් ව පැහැරගෙන ගියා.’’ පැමිණිල්ල දාන මනෝරාණී සරවනමුත්තු ඒ ඝාතයකයන් රිචඞ් ගේ ගෙදර හොයා ගන්නෙ , ජාතික රූපවාහිනියේ ඉංග‍්‍රීසි පුවත් නිවේදිකා නොයෙලින් හොන්ටර්ගේ නිවස ගොස් එහිදී ඇගේ සැමියා වන කෙනත් හොන්ටර්ට තර්ජන කරලා. 1990 පෙබරවාරි මස 18 වන දින පාන්දර 3.30 රිචඞ් ගේ මළසිරුර හම්බුවෙන්නෙ මොරටුව කොරළවැල්ලේ වෙරළට ගොඩගහලා තියෙන කොට. 1990 පෙබරවාරි 20 වන දින රිචර්ඞ් දී සොයිසාගේ මරණ පරීක්ෂණය කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරී කේ. නඬේසන් විසින් සිදු කරන අතර මරණ පරීක්‍ෂණ වාර්තාවට අනුව ගෙලට සහ වම් පැත්තේ කන අසලට වැදුණු වෙඩි පහර දෙකක් නිසා ඔහු ජිවිතක්ෂයට පත්වී ඇති බව සඳහන් වෙනවා. ඝාතක සැකකරුවන්ට පසුව උනදේ සහ නඩුව රිචඞ් ද සොයිසාව ආයුධ සන්නද්ධ කණ්ඩායමක් ලෙසින් ගොස් පැහැරගෙන ඝාතනය කොට ඇත්තේ ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි රොනී ගුණසිංහ නායකත්වය දුන් පොලිස් කණ්ඩායමක් විසින් බව පසු කලක අනාවරණය උනා. මෙම ඝාතනයට පොලිස්‌ පරීක්‌ෂක ලාල් ක‍්‍රිෂාන්ත ධර්මසිරි රංචාගොඩ, පොලිස්‌ පරීක්‌ෂක එම්.ජී.ජී. දේවසුරේන්ද්‍ර, පොලිස්‌ සැරයන් වෙඩික්‌කාරගේ සරත්චන්ද්‍ර යන අය සම්බන්ධ වූ බව අනාවරණය උනා. රිචඞ් ද සොයිසාව ඝාතනය කල පොලිස් නිලධාරීන්ට එරහිව මොරටුව මහෙස්‌ත‍්‍රාත් අධිකරණයේ නඩුවක් ගොනු කෙරුණි. පසුව එම නඩුව කොළඹ අලූ‍ත්කඬේ මහාධිකරණය ඉදිරියේ විභාගයට ගැනුනි. එම නඩුව මහාධිකරණ විනිසුරු රෝහිණී පෙරේරා ඉදිරියේ විභාග කෙරුණි. රජයේ නීතිඥ දමිත් තොටවත්ත පැමිණිලි පාර්ශවය වෙනුවෙන් ඉදිරිපත් වූ අතර විත්තිය වෙනුවෙන් ජනාධිපති නීතිඥ දයා පෙරේරා, නීතිඥ අනිල් සිල්වා සමඟ නීතිඥ කේ. තවරාසා පෙනී උන්නා. වසර 15 තිස්සේ විභාග වූ නඩුවේ අවසන් තීන්දුව 2005 ඔක්තෝම්බර් මස 9 දින ප‍්‍රකාශයට පත් කෙරුණි. රිචඞ් ද සොයිසාව ඝාතනය කිරීම වෙනුවෙන් අධිකරණයට ඉදිරිපත්කොට සිටි සියලූ‍ම විත්තිකරුවන් සියලූ‍ චෝදනාවලින් නිදොස් කොට නිදහස් කෙරුණා. එම නඩු තීන්දුවේ සඳහන් වුයේ සාක්ෂිකරුවන් විසින් ලබාදුන් සාක්ෂි පරස්පර විරෝධී බැවින් විත්තිකරුවන්ට එරහිව ගොනුකොට තිබු චෝදනා ඔප්පු වී නොමැති බව කියලා. හැබැයි 2005 නඩු තීන්දුව එහෙම උනත් මේ සිද්ධියට නම ගෑවුණු අය විවිධ හේතු නිසා ඝාතනය වෙලා තිබ්බා. 1* ජනාධිපති පේ‍්‍රමදාස 1993 මැයි ත‍්‍රස්තවාදී බෝම්බයෙනුත් 2* ජේෂ්ඨ පොලිස් අධිකාරි රෝනී ගුණසිංහත් පේ‍්‍රමදාස අසුන බෝම්බයට අසු වීමෙනුත් 3* ආරක්‍ෂක ඇමති රංජන් විජේරත්න 1991 මාර්තු 2 ත‍්‍රස්තවාදී බෝම්බයකිනුත් ඝාතනය වෙනවා. මනෝරාණී සරවනමුත්තු මහත්මියත් 2001 පෙබරවාරි මස 14 දින ඇය ජිවිතයෙන් සමුගන්නවා. මේ අනුව පේන්නේ රිචඞ් ද සොයිසා යනු යටිබිම්ගතව කැරලිකාර දේශපාලනයට සම්බන්ධ වීමත් ඒ හරහා එවකට ආණ්ඩුවේ උදහසට ලක් වී ඇති බව. ඒත් සාක්ෂි නෑ. අර චිත‍්‍රපටය ගැන කියන කතා බැලූ‍වම ඒ නිකම්ම නිකං හන්දියේ කතා උන ඒවා ටච් කරපු එකක් වගේ. අනික රිචඞ් ගැන හැදුන පලවෙනි නිර්මාණය නෙමේ. 1*රිචර්ඞ් දී සොයිසාගේ මරණය සම්බන්ධව 1990 අප‍්‍රියෙල් 23 වන දින ටයිම්ස් සඟරාවේ විශේෂ ලිපියක් පළවූ අතර එය ශ‍්‍රී ලංකා රජය විසින් බෙදා හැරිම සහ විකිණීම තහනම් කරනවා. 2*2008 වර්ෂයේ දෙසැම්බර් මාසයේදී බි‍්‍රතාන්‍යයේ බි.බි.සී ( BBC ) මාධ්‍ය ජාලය විසින් විනාඩි 60 ක ගුවන් විදුලි නාට්‍යයක් නිර්මාණය කොට BBC Radio4 චැනලය ඔස්සේ විසුරුවා හරිනවා. 3* ”‍ දේ ඩාන්සින් එලෝන් ”‍ ( They Dance Alone ) යනුවෙන් නම්කොට තිබුණ මනෝරාණී සරවනමුත්තු ගැන තිබ්බ වාර්තා චිත‍්‍රපටිය 2015 පෙබරවාරි 13 තහනම් කරනවා. සමාජයක ඉහල පැලැන්තියක වීමත් ජාත්‍යන්තර මාධ්‍යවේදියකු වීමත් බහුකුසලතාවයන් නිසා විවිධ ක්ෂේත‍්‍ර හරහා දක්ෂතා පෙන්වීමත් ඔහුගේ මව ඔහුවෙනුවෙන් කල අරගලය නිසාත් රිචඞ් ද සොයිසා චරිතය භීෂණ ඉතිහාසයේ එක පරිච්ෙඡ්දයක් වෙනවා. චිරාත් උයනහේවා ©️ Chirath Uyanahewa

සම්බන්ධිත පුවත් | Related News

බුදුදහම සහ ධර්ම කරුණු විකෘති කරමින් ප්‍රචාරය කරන බවට චෝදනා එල්ල වී ඇති පුද්ගලයින් 103 දෙනෙකුගේ නාමලේඛනයක් සමාජ මාධ්‍යය මගින් ප්‍රසිද්ධියට පත් කර තිබේ.
මෙතන ඉන්න ගොඩක් අය අද ජීවතුන් අතර නෑ. ඉන්නෙ අතලොස්සක පිරිසක් විතරයි.
2001 වසරේ ජූනි 1 වනදා නේපාලයේ කත්මණ්ඩු නුවර නාරායන්හිටි රාජමාලිගයේදී සිදු වූ නේපාල රාජකීය පවුලේ සමූලඝාතනය ලෝක ඉතිහාසයේ ලේවැකි සහ අතිශය කම්පන සහගත පුවතක් ලෙස සටහන් වේ. මෙම ඛේදවාචකයෙන් නේපාලයේ බිරේන්ද්‍ර රජු (King Birendra) සහ අයිශ්වර්යා රැජින (Queen Aishwarya) ඇතුළු රාජකීය පවුලේ සාමාජිකයින් නවදෙනෙකු ජීවිතක්ෂයට පත් විය.
ඔබ මේ ඡායාරූපයේ දකින්නේ ලෝක ගෘහ නිර්මාණ ශිල්පයේ වංශකතාව තුළ ශ්‍රී ලංකාවේ නම සටහන් කළ පැබ්ලෝ පිකාසෝ මහා කලා ශිල්පීන් ඇසුරු කළ ශ්‍රී ලංකාවේ එක්තරා ගැහැනියකි.
නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මැතිතුමාට එම තනතුරින් ඉල්ලා අස්වෙන්න කියලා දොලොස් දෙනෙක් විතර සහභාගි වුණ "අති දැවැන්ත" විරෝධතාවයක් නීතිඥ සංගමයේ කාර්යාලය ඉදිරිපිට.
නන්දා මාලනිය සමග මගේ කිසිම පුද්ගලික හඳුනා ගැනීමක් නෑ. ඒත් ඇය ගායනා කරන ගීත අතිශය බහුතරයක් මම ආශාවෙන් රස විඳිනවා. ඒ අනුව ඇය මගේ ප්‍රියතම ගායිකාව වෙන්නත් පුලුවන්. මම එහෙම සැසඳීමක් කරලා නෑ . මම කැමති ගීත ගායනා කරන තවත් ගායිකාවන් ඉන්නවා.
නීතීඥ සංගමයේ සභාපතිගේ ඉංගිරිසි භාවිතය පිළිබඳව සහ නජිත් ඉන්දික මන්ත්‍රීවරයාගේ ඉංග්‍රීසි භාවිතය පිළිබඳව සමාජ මාධ්‍යයේ මේ වන විට කතාබහක් නිර්මාණය වී තිබේ.
බුද්ධික හේවාවසම්ට සංචාරක සංවර්ධන අධිකාරියෙන් යන්න වුණේ වෙන බක්කක් නිසා නෙවෙයි.
අලුතින් හඳුනාගෙන ඇති Zero-Click යනුවෙන් හදුන්වන WhatsApp ගිණුම් අත්පත් කරගැනීමේ ප්‍රහාරයක් විවිධ ජංගම දුරකථන ඉලක්ක කරමින් ක්‍රියාත්මක වන බව වාර්තා වේ.

ප්‍රධාන පුවත්

හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..

මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.

22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීම සඳහා, එනම් තුනෙන් දෙක හෙවත් ඡන්ද 151ක් ගැනීම වැළැක්වීම සඳහා අගමැති හරිනි අමරසූරිය මහත්මිය මුල් වී තවත් 9 දෙනෙකු සමග කැරැල්ලක් ගැසීමට ඉඩ ඇති බවට පළවන මතවාද පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්පූර්ණයෙන්ම අයුක්තිසහගත සහ නීති විරෝධී ක්‍රියාවක් බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් සකස් කරන ලද නවතම වාර්තාව ජිනීවාහිදී ප්‍රකාශයට පත් කර තිබේ.

නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (04) නියෝග කළේය.

කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව එල්ල වී ඇති රුපියල් කෝටි 30ක (මිලියන 300ක) බරපතල මූල්‍ය අවභාවිත හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබේ.

ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..

මෙරට ගල් අඟුරු සංචිත ප්‍රමාණවත් නොවීම හේතුවෙන් විදුලි උත්පාදන ක්‍රියාවලිය බරපතල අර්බුදයකට ලක්ව ඇති බවත්, අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක (නෞකා දෙකක පමණ) අඩුවක් පවතින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා

සෙවණගල සීනි සමාගමේ පාලනාධිකාරිය සහ සේවකයන් අතර දීමනා හා නිවාඩු සම්බන්ධයෙන් හටගත් ගැටලුවක් මුල් කරගනිමින් ආරම්භ වූ වැඩ වර්ජනයක් හේතුවෙන් කර්මාන්තශාලාවේ කටයුතු සම්පූර්ණයෙන්ම අක්‍රිය වී තිබේ. මෙම වර්ජනය නිසා අස්වනු නෙළන ලද උක් ටොන් 6,000කට ආසන්න ප්‍රමාණයක් විනාශ වීමේ දැඩි අවදානමකට ලක්ව ඇති බව වාර්තා වේ.

ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මූතූර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි ඓතිහාසික කොට්ටියාරම සෑගිරිය රජමහා විහාරය මේ වන විට අන්තවාදී ආක්‍රමණ, නිදන් හොරුන්ගේ තර්ජන සහ ප්‍රදේශයේ සිදුවන කළුගල් කර්මාන්ත (ගල්කොරි) හේතුවෙන් දැඩි විනාශයකට ලක්වෙමින් පවතින බව වාර්තා වේ.

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති පෙත්සම් විභාගය ඊයේ (03) ආරම්භ වුණි.

සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි

සමස්ත ලෝකයේ මේ වන විට සිටින බවට ඇස්තමේන්තු කර ඇති ගොවීන් මිලියන 934කින් අඩකට ආසන්න පිරිසක් සෑම වසරකම නොදැනුවත්ව පළිබෝධනාශක විෂවීමකට ලක්වන බව Frontiers in Public Health සඟරාවේ ඊයේ(02) ප්‍රකාශයට පත් කළ අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා ආණ්ඩුව මහජනයාට දැනෙන නිශ්චිත උපායමාර්ගික හැරවුමකට යොමුකිරීම සඳහා තීන්දු ගෙන නොමැති බවත්, අංක ගණිත විජ්ජාවල් පෙන්වා ව්‍යාජ චිත්‍රයක් මහජනයාට මවාපාන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා චෝදනා කරයි.

අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්

"Atlas Angel - 2026" නමින් ශ්‍රී ලංකාවේ දී දින 5ක් පැවැත්වෙන ඒකාබද්ධ ගුවන් පුහුණු අභ්‍යාසය පසුගිය 31 වැනි දා ආරම්භ වූ අතර ඒ සඳහා අමෙරිකානු මොන්ටානා ජාතික ආරක්ෂක බලකාය සමග අමෙරිකානු පැසිෆික් ගුවන් හමුදාව සහභාගි වේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.