ලංකා ඉතිහාසයේ විශාලතම ත්‍රස්ත බෝම්බය පිපිරී වසර 29යි
ලංකා ඉතිහාසයේ විශාලතම ත්‍රස්ත බෝම්බය පිපිරී 2025 ජනවාරි 31 දිනට වසර 29යක් ගතවී ඇත. ඒ් මහ බැංකු බෝම්බ ප්‍රහාරයයි. එයින් 91 දෙනෙකු මරුමුවට පත් වී 1,400ක් තුවාල ලැබීය LTTE ම්ලේජ්ජ ත්‍රස්තවාදීන් කොළඹ නගරයම දෙදරුම් කවමින් මහා බැංකුව පුපුරුවා හැරියේය...
මේ සම්බවන්ධයෙන් පසුගියදා සමාජ මාධ්‍ය තුළ සංසරණය වන මෙම ලිපිය කාලීන වැදගත්කම සලකා මෙසේ පළ කරන්නෙමු.
වසර 29 පෙර අද වැනි දිනක LTTE ම්ලේජ්ජ ත්‍රස්තවාදීන් කොළඹ නගරයම දෙදරුම් කවමින් මහා බැංකුව පුපුරුවා හැරියේය...
සියයකට අධික පිරිසක් මරුමුවට පත්කර තවත් 400 ක්‌වූ සංඛ්‍යාවක් බරපතල තුවාල ලැබූ කොටුවේ මහ බැංකුවට එල්ලවූ වාහන බෝම්බ ප්‍රහාරයට අදට (31) වසර 25 ක් ගතවේ. 1996 ජනවාරි 31 වැනිදා සිදුවූ මේ සමූල මිනිස් ඝාතනය මෙරට සැබෑ "කළු ජනවාරි" මාසය ලෙස හැඳින්විය හැක. මේ විනාශකාරී ක්‍රියාදාමය නිසා රුපියල් මිලියන 1500 කට අධික දේපළ විනාශයක් සිදුවිය. මෙහිදී දරුවන්ට දෙමවුපියන් ද මව්වරුන්ට තම දූ පුතුන් ද අහිමි විය. වාහන බෝම්බයට ගොදුරු වූ බොහෝ දෙනෙකුගේ සිරුරු කැබලි බවට පත්වී තිබිණි. මේ විනාශයට යොදා ගනු ලැබුවේ හැරිසයිට් හෙවත් සී. 4 නමැති අධිබල පුපුරණ ද්‍රව්‍ය නිසා ඇතැම් අහිංසකයන්ගේ සිරුරු අළු බවට පත්වී තිබිණි.
කොළඹ කොච්චිකඩේ, ජම්පටා වීදියේ සිට ධාවනය වූ අංක 42-6452 දරන ලොරිය කොටුවට එනතුරුත් කිසිදු පරීක්‍ෂාවකට ලක්‌නොවී තිබිණි. එහෙත් මහබැංකු බෝම්බ ප්‍රහාරයේ ඝාතකයන්ගෙන් දෙදෙනකු අසුවීමෙන් මෙම සමූල ඝාතනය මෙහෙය වූයේ ඝාතකයා සහ අලුගෝසුවා ප්‍රභාකරන් යෑයි හෙළි විය. මෙම වාහන බෝම්බය පිපිරීමත් සමගම ඊට සම්බන්ධව ත්‍රස්‌තයන් දෙදෙනකු මහ බැංකු මූලස්‌ථානය අසල සිට දෙපැත්තට වෙඩි තබමින් යෝර්ක් වීදිය ඔස්‌සේ පැමිණ ත්‍රිරෝද රියකට නැගී පලා යන අවස්‌ථාවේ පොලිසියට ලත් තොරතුරු මත ඔවුන් පසුපස හඹා යැමේදී ඔවුන් රෝහිනී පටුමගේ බේකරියකට රිංගා තිබේ.
එහිදී ඔවුන් ඇඳ සිටි බෝම්බ ඇඳුම ඉවත දමා පලා යැමට උත්සාහ කරත්ම අවට රැස්‌වූ ජනතාවගේ සහාය මත අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකිවිය.
එම බේකරිය පරීක්‍ෂා කිරීමේදී ත්‍රස්‌තවාදීන් දෙදෙනා ගෙන ආ ටී. 56 ප්‍රහාරක අවි 2 ක් පුපුරණ ද්‍රව්‍ය අඩංගු ජැකට් 2 ක් සහ අත්බෝම්බ 4 ක් අසුවිය. මේ ත්‍රස්‌තවාදීන් දෙදෙනා නම් විග්නේශ්වරන් නාදන් හෙවත් කාලි සහ කදිරගාමර් තම්බි සිවකුමාර් නොහොත් රගුය.
මෙකී මහ බැංකු ප්‍රහාරය සම්බන්ධව අධිකරණය හමුවේ සාක්‍ෂි දුන් රජයේ රස පරීක්‍ෂක සරත් ගුණතිලක මහතා අඩු තරමින් කිලෝග්‍රෑම් 250 ක් පුපුරණ ද්‍රව්‍ය ඊට අඩංගු වී තිබූ බවයි.
අත්අඩංගුවේ පසුවූ ත්‍රස්‌තවාදීන් දෙදෙනාගෙන් එක් අයෙක් වූ පස්‌වැනි විත්තිකරු පැවසුවේ වාහන බෝම්බය සමග මැරුන රාජු නමැති කළුකොටි මරාගෙන මැරෙන ත්‍රස්‌තවාදියා සමග සෝනිබේස් කඳවුර කඳවුරට පැමිණ ප්‍රභාකරන්, පොට්‌ටුඅම්මාන්, චාල්ස් සමග සාකච්ඡා කළ බවත් එහිදී ප්‍රභාකරන් විසින් රාජුට රිදියෙන් තැනූ සිහිවටනයක් දුන් අතර එහි ශ්‍රී ලංකාවේ සිතියම කොටා ඊළාම් රාජ්‍යය ද දක්‌වා තිබූ බවයි.
ප්‍රභාකරන් විසින් "රාජුට" දුන් සිහිවටන ඵලකය සිය දිවි නොතකා කොටින් සිටින මුතූර්හි පොල්වත්තකට ගොස් එහි පිහිටි නිවසක තිබියදී සොයා ගත්තේ ප්‍රධාන පොලිස් පරීක්‍ෂක නිලබ්දීන්ය.
මෙම නිවසේ සිටියේ රාජුගේ පියායි. එම නිවසේ ට්‍රන්ක් පෙට්‌ටියක් පරීක්‍ෂා කළ නිලබ්දීන් සුදුපාට කවරයක දමා තිබූ එම සිහිවටනය සොයා ගනු ලැබීය. ඒ වන විට තමිල්නාඩු පොලිසිය ප්‍රභාකරන්ගේ ඇඟිලි සලකුණු ශ්‍රී ලංකා රහස් පොලිසියට සපයා තිබිණි.
මෙම සිහිවටන ඵලකය ඇඟිලි සටහන් අංශය වෙත යොමු කිරීමෙන් පසු උප පොලිස් පරීක්‍ෂක නෝමන් පෙරේරා, පොලිස් සැරයන් ආර්. එම්. ටී. බී. රත්නායක හා පොලිස් සැරයන් පී. කේ. ආරියපාල යන නිලධාරීන්ගේ විමර්ශනයට ලක්‌විය.
එම විමර්ශනයේදී සනාථ වූයේ කරිකාලන් හෙවත් වේළුසාමිගේ පුතා හෙවත් ප්‍රභාකරන්ගේ ඇඟිලි සලකුණු එහි තිබූ බවයි.
කොටුවේ මහබැංකු බෝම්බ පිපිරවීම සම්බන්ධව ප්‍රභාකරන්, පොට්‌ටුඅම්මාන් ශිවසංකර්, කන්දයියා ජීව මොහාන් හෙවත් චාල්ස් විග්නේශ්වරනාදන්, කදිරගාමම් තම්බි, සෙල්ලයියා නවරත්නම්, රාජදුරේ සතුරුකුලසිංහම්, කන්දයියා ශ්‍රී ගනේශ්, රාමයියා පාවනී සහ කරුපයියා කමලනාදන් යන ත්‍රස්‌තයන්ට එරෙහිව චෝදනා 715 ක් ඉදිරිපත් විය.
මින් ප්‍රභාකරන් ඇතුළු ත්‍රස්‌තයන් සිව් දෙනකුට චෝදනා 51 ක් එල්ල විය. ප්‍රභාකරන් ජීවතුන් අතර සිටියදීම මහාධිකරණ විනිසුරු සරත් අඹේපිටිය මහතා වසර 200 ක සිරදඬුවමක් හා නිශ්චල චංචල දේපළ සියල්ල රාජසන්තක කිරීමට ද නියෝග කළේය.
තමා විසින් රාජු නමැති කළු කොටි ත්‍රස්‌තයාට තෑගි කළ සිහිවටන ඵලකය පොලිස් පරීක්‍ෂක නිලබ්දීන් විසින් සොයාගත් බව හෙළිවීම නිසා ප්‍රභාකරන් දැඩි ලෙස කෝපයට පත් විය.
ඒ නිසාම කොටි නිලබ්දීන්ව ඝාතනය කිරීමට සත් වතාවක්‌ම දැරූ උත්සාහය ව්‍යාර්ථ විය. අද නිලබ්දීන් විදේශ රටක ජීවත්වේ. ප්‍රභාකරන්ගේ ඇඟිලි සටහන් සනාථ කිරීමට සිය දිවි නොතකා සාක්‍ෂි දුන් ඇඟිලි සටහන් අංශයේ හිටපු පොලිස් නිලධාරීන්ට රුපියල් 5000 ක මුදලක් මෑතකදී ලබාදීමට පොලිස් දෙපාර්තමේන්තුව උත්සාහ කළ අවස්‌ථාවේ විශ්‍රාමික පොලිස් සැරයන් ආර්. එම්. ටී. බී. රත්නායක එය ප්‍රතික්‍ෂේප කළේය.
මෙලෙස සරත් අඹේපිටිය මහතා ප්‍රභාකරන්ට වසර 200 ක් සිරදඬුවමක් නියම කළ බව ඇසීමෙන් කොටි න්‍යායාචාර්ය ඇන්ටන් බාලසිංහම් කෝපිවිෂ්ඨ වී, "අපි ශ්‍රී ලංකා රාජ්‍ය නායකයන්ව වසර 1000 කට සිරයට නියම කරනවා"යෑයි පැවසීය.
මෙයට වසර 25 කට පෙර කොටුවේදී මහ දවල් රාජ්‍ය සේවක සේවිකාවන්, නිලධාරීන් සසහ සිවිල් වැසියන් සමූල ඝාතනවීම සම්බන්ධයෙන් කොටුවේ දුම්රිය ස්‌ථානය හෝ ලිප්ටන් වටරවුමේදී විරෝධතාවන් පැවැත්වුණේ නැත. සැබෑ "කළු ජනවාරිය" යනු අදයි. එහෙත් ප්‍රභාකරන්ගේ මවගේ අවමඟුලට සහභාගි වූවෙක් හා ද්‍රවිඩ නිජබිම පිළිගත යුතුයි හා කොටින්ට සටන් කිරීමේ හිමිකම ඇති බවට පැවසූවෙක් එක්‌වී පසුගියදා ව්‍යාජ කළු ජනවාරියත් ප්‍රකාශයට පත් කිරීමට දැරූ උත්සාහය අසාර්ථක විය.
එසේ වුවත් ඝාතක ප්‍රභාකරන්ගේ ත්‍රස්‌තවාදී භීෂණයට ලක්‌වී මියගිය මේ සිවිල් වැසියන් අප අද දින සිහිපත් කරන්නෙමු. අපේ රටට අවශ්‍ය ද්‍රෝහීන් නොව දේශප්‍රේමීන් යැයි පැවසුවේ බ්‍රිතාන්‍යයේ අගමැතිවරයකු වූ වින්සන්ට් චර්චිල්ය..!!!
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..
නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්
පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..
ශ්රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..
ප්රංශය ඇතුළු යුරෝපා රටවල උග්රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්රවංශගෙන් අනාවරණයක්..
බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්යය මගින් විනාශකාරී මහා සත්යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා
භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි
"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්රාත්වරයා රබර් මුද්රාවක් වෙලා": ත්රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා
අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්
ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)
කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්රාන්තයකින් වරෙන්තුවක්
ඇමරිකානු ජනපති ට්රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..
මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..
මුහුද යට කේබල් සහ AI මධ්යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..
ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්රවීන මාධ්‍යවේදී ධර්මශ්රී ගෙන් අනාවරණයක්..
බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්රකාශයක්..