News Category
From Date
To Date
Maximum Number of Result

රට අරාජික කරන ගේම් පැලෑන් එකක් රටේ රාළ හෙළි කරයි

Feb 2, 2025 at 04:50 PM
|

මහ බැංකු හොරු සහ බහාලුම් හොරු මාතෘකාව යටතේ රටේ රාළ නමින් අනුවර්ථ නාමයකින් පෙනී සිටින ලියුම් කරුවෙකු විසින් සමාජ මාධ්‍ය වෙත යොමුකර ඇති ලිපියක් එහි ඇති වැදගත්කම සලකා පහතින් පළ කරන්නෙමු.

උපුටා ගැනීම
''මහ බැංකු හොරු සහ බහාලුම් හොරු.
රටේ රාළට ලියපු " අනුර ගැන බරපතල සැකයක් " සහ " ජවිපෙ දේශපාලන දඩයමකට සැරසෙනවාද " ලිපි දෙකෙන් පස්සේ රටේ රාළගේ සමීපතම යාලුවෝ කීපදෙනෙක් කිව්වේ වීසා එකක් හදාගෙන පිටරටකට යන්න බලන්න කියලයි. තවත් සමහරු ඇහුව්වේ ජවිපෙ එතෙන්ට පත්වෙන හැටි කියන්න කියලයි.මේ ප්රශ්න දෙකටම උත්තර දෙන්න රටේ රාළ හිතුවා. ආණ්ඩුව අන්තිමටම දාගත්ත කේෂ් එක තමයි බහාලුම් කේෂ් එක.දැන් බස්නාහිර ආණ්ඩුකාරවරයා ඒ බහාලුම් ගේන්න තමන් හෝ තමන් කලින් හිටපු company එක සම්බන්ධ නෑ කියලා කියනවා.
එහෙම චෝදනා කරපු අයට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටත් පැමිණිලි කරලා. යුසුෆ් එහෙම නෑ කිව්වට තවමත් ඒ කතාව පිලිනොගන්න විශාල පිරිසක් ඉන්නවා.ඇත්තටම යුසුප්ට තමන්ගේ නිර්දෝශීභාවය ඔප්පු කරන්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ පොලීසිය ගානේ බඩගාන්න ඕනි නෑ.ආණ්ඩුව පැත්තෙන් බඩු ගෙනාවේ කොහෙන්ද,කාටද, මොනවද ගෙනාවේ කියලා කිව්වා නං ඉවරයි.ඒක කරන්න බැරි මේක ඇතුලේ හොර වැඩක් තියන හින්දායි කියලා ඕනිම කෙනෙකුට සාධාරණ සැකයක් තියනවා.
ගිය නුවන ඇතුන් ලවාවත් අද්දන්න බෑ කියනවා. දැන් ඉතින් මේක අනුරගේ මහා බහාලුම් වංචා විදිහට ඉතිහාස ගතවෙනවා.ඒකට බයියෝ සහ ජෙප්පෝ අපිට වෛර කරලා වැඩක් නෑ.මේකත් හරියට රනිල්ට බැංකු හොරා කිව්වා වගේ කතාවක්.ඒ අර්ථයෙන් හිතුවොත් අනුරට බහාලුම් හොරා කියන එක අසාධාරණ නෑ.දැන් මේ ආණ්ඩුවේ විවෘතභාවය,විනිවිදභාවය සම්බන්ධ ප්රශ්නක් රට ඉස්සරහා මතුවෙලා තියනවා.
ආණ්ඩුව රටේ ප්රශ්න විසදන්නේ නැතිව දේශපාලන දඩයම පටන් අරන්.හොරු ඇල්ලීම දියාරු කරමින් දේශපාලන දඩයම උඩට ගේන බව පේනවා.මේ තත්වය එන්න එන්නම නරක අතට හැරෙන එක නවත්තන්න බෑ.ආර්ථික අර්බුදය තීව්ර වෙන්න වෙන්න ආණ්ඩුවේ දේශපාලන දඩයමත් වැඩි වෙනවා.හෙට දවසේ මතු වෙන ආර්ථික අර්බුදය දේශපාලන අර්බුදයක් බවට පත්වෙන එක නතර කරන්න බෑ.අනුර නෙවෙයි දෙවියන් වහන්සේ ඔතන හිටියත් රට ගොඩනගන්න නම් සාමුහික උත්සාහයක් ගන්න ඕනි.
රනිල් ජනාධිපති විදිහට ඉන්දැද්දිත් රටේ රාළ කළේ ඒ යෝජනාව.ඇත්තටම දැනුත් ප්රායෝගික වෙන්නේ ඒකම තමයි.හැබැයි ජවිපෙ කියන්නේ හොරු දුෂිතයෝ එකක් බෑ කියලනේ.ජවිපෙට තව වැඩි දවසක් ඔය කතාව කියන්න බෑ.දැන් ජවිපෙටත් හොර සහ දුෂිත ලේබල් වැදිලා ඉවරයි. බහාලුම් හොරකම කියන්නේ ඒවායින් එකක් විතරයි.ජවිපෙට ජනතාව හොරු අල්ලන්න වගකීම දුන්නේ ඉතාමත් විශ්වාසයෙන්.
ජවිපෙ කියන බොරුවලට රැවටෙන්න එපා කියලා රටේ රාළ දිගටම කිව්වත් ජනතාව එදා ඒක විශ්වාස කළේ නෑ.හැබැයි දැන් ජවිපෙත් වරායෙන් නීති විරෝධී විදිහට බහාලුම් පන්නනකොට ජනතාවට ඒ සැකය ඇවිත් තියනවා.ඒවා යුසුෆ්ගේ කොම්පැණියේ නෙවෙයි නං යුසුෆ් චෝදනාවෙන් නිදහස් වෙයි.හැබැයි අනුර ඇතුළු ආණ්ඩුවට චෝදනාවෙන් නිදහස් වෙන්න බෑ.එහෙනම් ඒවා ගේනාවේ කාටද කියන ප්රශ්නය ආයෙත් එනවා. ආර්ථික අර්බුදය ඉස්සරහා ජනතාව පාරට එන එක අනුරගේ බණවලින් නවත්තන්න බෑ.
ඒ වගේ තත්වයක් යටතේ ජවිපෙ කොහොම හැසිරෙයිද?ජවිපෙ ආණ්ඩුවක් මීට කලින් කවුරුත් දැකලා නෑ.ඒක නිසා ජවිපෙ හැසිරීම ගැන guess කරන්න කාටවත් බෑ.හැබැයි ජවිපෙ ඇතුලේ අවුරුදු 20 ක් හිටපු කෙනෙක් විදිහට රටේ රාළට ඒ ගැන විග්රහයක් තියනවා.ඒ වගේම ජවිපෙන් අයින් උනාට පස්සේ ජවිපෙ ගෙනාපු මර්ධනය ගැනත් රටේ රාළට අද්දැකීමක් තියනවා.මේ අර්බුදය විසින් නිර්මාණය කරන දැවැන්ත දේශපාලන අර්බුදය නියතයක්.ජනතාව මේ ආණ්ඩුවට එරෙහිව පාරට එනවා.ඒක ගෝඨාභයගේ ආණ්ඩුවට උනාට වඩා ඉක්මනට වෙන එකත් ස්ථිරයි.
ඒ වගේ තත්වයක් යටතේ අනුර සහ ජවිපෙ - මාලිමා ආණ්ඩුව මොකක් කරයිද?ඕක තමයි ගොඩක් අයට තියන ප්රශ්නය.එතනදී අනුරට options තුනක් තියනවා.එකක් තමයි රටේ මතුවෙන අර්බුදයේ උපරිම තැනදී ගෝඨාභය වගේ පිටිපස්සේ දොරෙන් පැනලා යන්න.රටේ රාළට ඒ ගැන තියෙන්නේ පනහට පනහේ අදහසක්.මොකද අනුරගේ දේශපාලන ඉතිහාසයම කියන්නේ පැනලා යෑම් සහ මඟහැරීම්.
හැබැයි දැන් තත්වය ඊට වඩා වෙනස් කියලා රටේ රාළත් පිලිගන්නවා.අනුරට ඊළඟ උත්තරය විදිහට තියෙන්නේ පවතින තත්වයට අනුගත වෙමින් පොදු ක්රියා මාර්ගයකට එන එකයි.එතනදී රටේ රාළ යෝජනා කරන්නේ අනුරගේ ජනාධිපතිත්වය යටතේම සර්ව පාක්ෂික ආණ්ඩුවක්.ඒ වගේ එලියේ ගොඩනැගෙන ජනතා බලයට නායකත්වයට දෙන්න මහජන කවුන්සිලයක්.මේ ත්රිත්වයේ එකතුවකින් ගෙනියන ජාතික එකඟතා වැඩපිලිවෙලක්.
ඒ හරහා අනුරගේ කාලය සම්පුර්ණ කිරීමේ ක්රියාවලියකට යන්න පුලුවන්.එතනදී හැදෙන්නේ නිර්පාක්ෂික ජනාධිපති භූමිකාවක්,සර්වපාක්ෂික ආණ්ඩුවක්,ජාතික එකඟතා වැඩපිලිවෙලක් සහ ශක්තිමත් මහජන කවුන්සිලයක්.අනුරට ඒ යෝජනාවත් පිලිගන්න බැරි නං තියෙන්නේ ජනතා නැගිටීමත් එක්ක ගැටුමකට යන එක විතරයි. ඒකට මර්ධනය ක්රියාත්මක කරන්න ඕනි.
ඔය උත්තර තුන අනුර ඉස්සරහා තියනවා.අනුරට තමන්ගේ අභිමතයට පරිදි ඕනිම උත්තරයක් එදාට තෝරගන්න පුලුවන්.මෙතනදී අනුර තුන් වෙන උත්තරය තෝරනවා නම් මර්ධනය කියන එක හැම කෙනාටම එනවා.විශේෂයෙන්ම සමාජ ක්රියාකාරීන්ට සහ විපක්ෂයේ සියලු දෙනාට මර්ධනය එනවා.ඒක සජිත්ටද,රනිල්ටද මහින්දට කියලා නෑ.මතක තියාගන්න දැන් රාජ්ය බලය තියෙන්නේ පන්ති වෛරය ඇඟට කාවද්දපු කණ්ඩායමක් අතේ.
රනිල්ලාට,සජිත්ලාට,මහින්දලාට.....එයාලා සලකන්නේ එයාලගේ පන්තියට හතුරු අය විදිහටයි.රටේ රාළලාට සලකන්නේ එයාලගේ පන්තියේ ඉන්න හතුරෝ විදිහටයි.ඔය දෙගොල්ලන්ටම එයාට තියෙන්නේ එක උත්තරයයි.ඇත්තටම ඒ මර්ධනයෙන් බේරෙන්න ඕනි නම් විපක්ෂයටත් තියෙන්නේ එකම එක උත්තරයයි.ඒ තමයි සමස්ථ විපක්ෂයම එකට එකතුවීම විතරයි.එහෙම නැතිව එජාප සහ සජබය විතරක් එකතු උනා කියලා වැඩක් නෑ.දැන් ඒ කතාව විපක්ෂයේ තැන් තැන්වලින් මතුවෙන්න පටන් අරන්.
එහෙම අදහසක් රවී කරුණානායක කියනවා රටේ රාළ දැක්කා.රවී කියන්නේ පොදු ගමනක් වෙනුවෙන් සියලු විපක්ෂ කණ්ඩායම එකතු වෙන්න ඕනි කියලයි.රනිලුත් පහුගිය දවසක පක්ෂ ගණනාවක නියෝජිතයින් හමුවෙලා තිබ්බා.දැන් විපක්ෂයට සමගිවීම හැර වෙන උත්තරයක් නෑ.එක්ව මුහුණ දීමේ උපක්රමයකට යන්න ඕනි වෙලාවක් මේක.ඊළඟට විපක්ෂයේ ඇතැම් අයට චෝදනා තියනවා.ඒවා ඔප්පු කරලා නීතියෙන් දඩුවම් දෙන එක ආණ්ඩුවේ වැඩක්. ආණ්ඩුවට එහෙම කරන්න බැරි උනොත් ඒ සියලු චෝදනවලින් විපක්ෂය නිදොස්කොට නිදහස් වෙනවා.
ඒ අර්ථයෙන් හිතුවත් විපක්ෂයට එකතු වෙන්න කිසිම බාධාවක් නෑ.අවශ්ය වෙන්නේ පොදු සතුරාට එරෙහි ශක්තිමත් එකතුවක්.
හරි එහෙනම් ගිහින් එන්නම්.
ජයවේවා.
මිට
රටේ රාළ."

සම්බන්ධිත පුවත් | Related News

බුදුදහම සහ ධර්ම කරුණු විකෘති කරමින් ප්‍රචාරය කරන බවට චෝදනා එල්ල වී ඇති පුද්ගලයින් 103 දෙනෙකුගේ නාමලේඛනයක් සමාජ මාධ්‍යය මගින් ප්‍රසිද්ධියට පත් කර තිබේ.
මෙතන ඉන්න ගොඩක් අය අද ජීවතුන් අතර නෑ. ඉන්නෙ අතලොස්සක පිරිසක් විතරයි.
2001 වසරේ ජූනි 1 වනදා නේපාලයේ කත්මණ්ඩු නුවර නාරායන්හිටි රාජමාලිගයේදී සිදු වූ නේපාල රාජකීය පවුලේ සමූලඝාතනය ලෝක ඉතිහාසයේ ලේවැකි සහ අතිශය කම්පන සහගත පුවතක් ලෙස සටහන් වේ. මෙම ඛේදවාචකයෙන් නේපාලයේ බිරේන්ද්‍ර රජු (King Birendra) සහ අයිශ්වර්යා රැජින (Queen Aishwarya) ඇතුළු රාජකීය පවුලේ සාමාජිකයින් නවදෙනෙකු ජීවිතක්ෂයට පත් විය.
ඔබ මේ ඡායාරූපයේ දකින්නේ ලෝක ගෘහ නිර්මාණ ශිල්පයේ වංශකතාව තුළ ශ්‍රී ලංකාවේ නම සටහන් කළ පැබ්ලෝ පිකාසෝ මහා කලා ශිල්පීන් ඇසුරු කළ ශ්‍රී ලංකාවේ එක්තරා ගැහැනියකි.
නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මැතිතුමාට එම තනතුරින් ඉල්ලා අස්වෙන්න කියලා දොලොස් දෙනෙක් විතර සහභාගි වුණ "අති දැවැන්ත" විරෝධතාවයක් නීතිඥ සංගමයේ කාර්යාලය ඉදිරිපිට.
නන්දා මාලනිය සමග මගේ කිසිම පුද්ගලික හඳුනා ගැනීමක් නෑ. ඒත් ඇය ගායනා කරන ගීත අතිශය බහුතරයක් මම ආශාවෙන් රස විඳිනවා. ඒ අනුව ඇය මගේ ප්‍රියතම ගායිකාව වෙන්නත් පුලුවන්. මම එහෙම සැසඳීමක් කරලා නෑ . මම කැමති ගීත ගායනා කරන තවත් ගායිකාවන් ඉන්නවා.
නීතීඥ සංගමයේ සභාපතිගේ ඉංගිරිසි භාවිතය පිළිබඳව සහ නජිත් ඉන්දික මන්ත්‍රීවරයාගේ ඉංග්‍රීසි භාවිතය පිළිබඳව සමාජ මාධ්‍යයේ මේ වන විට කතාබහක් නිර්මාණය වී තිබේ.
බුද්ධික හේවාවසම්ට සංචාරක සංවර්ධන අධිකාරියෙන් යන්න වුණේ වෙන බක්කක් නිසා නෙවෙයි.
අලුතින් හඳුනාගෙන ඇති Zero-Click යනුවෙන් හදුන්වන WhatsApp ගිණුම් අත්පත් කරගැනීමේ ප්‍රහාරයක් විවිධ ජංගම දුරකථන ඉලක්ක කරමින් ක්‍රියාත්මක වන බව වාර්තා වේ.

ප්‍රධාන පුවත්

හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..

මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.

22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීම සඳහා, එනම් තුනෙන් දෙක හෙවත් ඡන්ද 151ක් ගැනීම වැළැක්වීම සඳහා අගමැති හරිනි අමරසූරිය මහත්මිය මුල් වී තවත් 9 දෙනෙකු සමග කැරැල්ලක් ගැසීමට ඉඩ ඇති බවට පළවන මතවාද පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්පූර්ණයෙන්ම අයුක්තිසහගත සහ නීති විරෝධී ක්‍රියාවක් බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් සකස් කරන ලද නවතම වාර්තාව ජිනීවාහිදී ප්‍රකාශයට පත් කර තිබේ.

නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (04) නියෝග කළේය.

කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව එල්ල වී ඇති රුපියල් කෝටි 30ක (මිලියන 300ක) බරපතල මූල්‍ය අවභාවිත හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබේ.

ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..

මෙරට ගල් අඟුරු සංචිත ප්‍රමාණවත් නොවීම හේතුවෙන් විදුලි උත්පාදන ක්‍රියාවලිය බරපතල අර්බුදයකට ලක්ව ඇති බවත්, අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක (නෞකා දෙකක පමණ) අඩුවක් පවතින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා

සෙවණගල සීනි සමාගමේ පාලනාධිකාරිය සහ සේවකයන් අතර දීමනා හා නිවාඩු සම්බන්ධයෙන් හටගත් ගැටලුවක් මුල් කරගනිමින් ආරම්භ වූ වැඩ වර්ජනයක් හේතුවෙන් කර්මාන්තශාලාවේ කටයුතු සම්පූර්ණයෙන්ම අක්‍රිය වී තිබේ. මෙම වර්ජනය නිසා අස්වනු නෙළන ලද උක් ටොන් 6,000කට ආසන්න ප්‍රමාණයක් විනාශ වීමේ දැඩි අවදානමකට ලක්ව ඇති බව වාර්තා වේ.

ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මූතූර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි ඓතිහාසික කොට්ටියාරම සෑගිරිය රජමහා විහාරය මේ වන විට අන්තවාදී ආක්‍රමණ, නිදන් හොරුන්ගේ තර්ජන සහ ප්‍රදේශයේ සිදුවන කළුගල් කර්මාන්ත (ගල්කොරි) හේතුවෙන් දැඩි විනාශයකට ලක්වෙමින් පවතින බව වාර්තා වේ.

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති පෙත්සම් විභාගය ඊයේ (03) ආරම්භ වුණි.

සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි

සමස්ත ලෝකයේ මේ වන විට සිටින බවට ඇස්තමේන්තු කර ඇති ගොවීන් මිලියන 934කින් අඩකට ආසන්න පිරිසක් සෑම වසරකම නොදැනුවත්ව පළිබෝධනාශක විෂවීමකට ලක්වන බව Frontiers in Public Health සඟරාවේ ඊයේ(02) ප්‍රකාශයට පත් කළ අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා ආණ්ඩුව මහජනයාට දැනෙන නිශ්චිත උපායමාර්ගික හැරවුමකට යොමුකිරීම සඳහා තීන්දු ගෙන නොමැති බවත්, අංක ගණිත විජ්ජාවල් පෙන්වා ව්‍යාජ චිත්‍රයක් මහජනයාට මවාපාන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා චෝදනා කරයි.

අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්

"Atlas Angel - 2026" නමින් ශ්‍රී ලංකාවේ දී දින 5ක් පැවැත්වෙන ඒකාබද්ධ ගුවන් පුහුණු අභ්‍යාසය පසුගිය 31 වැනි දා ආරම්භ වූ අතර ඒ සඳහා අමෙරිකානු මොන්ටානා ජාතික ආරක්ෂක බලකාය සමග අමෙරිකානු පැසිෆික් ගුවන් හමුදාව සහභාගි වේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.