News Category
From Date
To Date
Maximum Number of Result

රට අරාජික කරන ගේම් පැලෑන් එකක් රටේ රාළ හෙළි කරයි

Feb 2, 2025 at 04:50 PM
|

මහ බැංකු හොරු සහ බහාලුම් හොරු මාතෘකාව යටතේ රටේ රාළ නමින් අනුවර්ථ නාමයකින් පෙනී සිටින ලියුම් කරුවෙකු විසින් සමාජ මාධ්‍ය වෙත යොමුකර ඇති ලිපියක් එහි ඇති වැදගත්කම සලකා පහතින් පළ කරන්නෙමු.

උපුටා ගැනීම
''මහ බැංකු හොරු සහ බහාලුම් හොරු.
රටේ රාළට ලියපු " අනුර ගැන බරපතල සැකයක් " සහ " ජවිපෙ දේශපාලන දඩයමකට සැරසෙනවාද " ලිපි දෙකෙන් පස්සේ රටේ රාළගේ සමීපතම යාලුවෝ කීපදෙනෙක් කිව්වේ වීසා එකක් හදාගෙන පිටරටකට යන්න බලන්න කියලයි. තවත් සමහරු ඇහුව්වේ ජවිපෙ එතෙන්ට පත්වෙන හැටි කියන්න කියලයි.මේ ප්රශ්න දෙකටම උත්තර දෙන්න රටේ රාළ හිතුවා. ආණ්ඩුව අන්තිමටම දාගත්ත කේෂ් එක තමයි බහාලුම් කේෂ් එක.දැන් බස්නාහිර ආණ්ඩුකාරවරයා ඒ බහාලුම් ගේන්න තමන් හෝ තමන් කලින් හිටපු company එක සම්බන්ධ නෑ කියලා කියනවා.
එහෙම චෝදනා කරපු අයට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටත් පැමිණිලි කරලා. යුසුෆ් එහෙම නෑ කිව්වට තවමත් ඒ කතාව පිලිනොගන්න විශාල පිරිසක් ඉන්නවා.ඇත්තටම යුසුප්ට තමන්ගේ නිර්දෝශීභාවය ඔප්පු කරන්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ පොලීසිය ගානේ බඩගාන්න ඕනි නෑ.ආණ්ඩුව පැත්තෙන් බඩු ගෙනාවේ කොහෙන්ද,කාටද, මොනවද ගෙනාවේ කියලා කිව්වා නං ඉවරයි.ඒක කරන්න බැරි මේක ඇතුලේ හොර වැඩක් තියන හින්දායි කියලා ඕනිම කෙනෙකුට සාධාරණ සැකයක් තියනවා.
ගිය නුවන ඇතුන් ලවාවත් අද්දන්න බෑ කියනවා. දැන් ඉතින් මේක අනුරගේ මහා බහාලුම් වංචා විදිහට ඉතිහාස ගතවෙනවා.ඒකට බයියෝ සහ ජෙප්පෝ අපිට වෛර කරලා වැඩක් නෑ.මේකත් හරියට රනිල්ට බැංකු හොරා කිව්වා වගේ කතාවක්.ඒ අර්ථයෙන් හිතුවොත් අනුරට බහාලුම් හොරා කියන එක අසාධාරණ නෑ.දැන් මේ ආණ්ඩුවේ විවෘතභාවය,විනිවිදභාවය සම්බන්ධ ප්රශ්නක් රට ඉස්සරහා මතුවෙලා තියනවා.
ආණ්ඩුව රටේ ප්රශ්න විසදන්නේ නැතිව දේශපාලන දඩයම පටන් අරන්.හොරු ඇල්ලීම දියාරු කරමින් දේශපාලන දඩයම උඩට ගේන බව පේනවා.මේ තත්වය එන්න එන්නම නරක අතට හැරෙන එක නවත්තන්න බෑ.ආර්ථික අර්බුදය තීව්ර වෙන්න වෙන්න ආණ්ඩුවේ දේශපාලන දඩයමත් වැඩි වෙනවා.හෙට දවසේ මතු වෙන ආර්ථික අර්බුදය දේශපාලන අර්බුදයක් බවට පත්වෙන එක නතර කරන්න බෑ.අනුර නෙවෙයි දෙවියන් වහන්සේ ඔතන හිටියත් රට ගොඩනගන්න නම් සාමුහික උත්සාහයක් ගන්න ඕනි.
රනිල් ජනාධිපති විදිහට ඉන්දැද්දිත් රටේ රාළ කළේ ඒ යෝජනාව.ඇත්තටම දැනුත් ප්රායෝගික වෙන්නේ ඒකම තමයි.හැබැයි ජවිපෙ කියන්නේ හොරු දුෂිතයෝ එකක් බෑ කියලනේ.ජවිපෙට තව වැඩි දවසක් ඔය කතාව කියන්න බෑ.දැන් ජවිපෙටත් හොර සහ දුෂිත ලේබල් වැදිලා ඉවරයි. බහාලුම් හොරකම කියන්නේ ඒවායින් එකක් විතරයි.ජවිපෙට ජනතාව හොරු අල්ලන්න වගකීම දුන්නේ ඉතාමත් විශ්වාසයෙන්.
ජවිපෙ කියන බොරුවලට රැවටෙන්න එපා කියලා රටේ රාළ දිගටම කිව්වත් ජනතාව එදා ඒක විශ්වාස කළේ නෑ.හැබැයි දැන් ජවිපෙත් වරායෙන් නීති විරෝධී විදිහට බහාලුම් පන්නනකොට ජනතාවට ඒ සැකය ඇවිත් තියනවා.ඒවා යුසුෆ්ගේ කොම්පැණියේ නෙවෙයි නං යුසුෆ් චෝදනාවෙන් නිදහස් වෙයි.හැබැයි අනුර ඇතුළු ආණ්ඩුවට චෝදනාවෙන් නිදහස් වෙන්න බෑ.එහෙනම් ඒවා ගේනාවේ කාටද කියන ප්රශ්නය ආයෙත් එනවා. ආර්ථික අර්බුදය ඉස්සරහා ජනතාව පාරට එන එක අනුරගේ බණවලින් නවත්තන්න බෑ.
ඒ වගේ තත්වයක් යටතේ ජවිපෙ කොහොම හැසිරෙයිද?ජවිපෙ ආණ්ඩුවක් මීට කලින් කවුරුත් දැකලා නෑ.ඒක නිසා ජවිපෙ හැසිරීම ගැන guess කරන්න කාටවත් බෑ.හැබැයි ජවිපෙ ඇතුලේ අවුරුදු 20 ක් හිටපු කෙනෙක් විදිහට රටේ රාළට ඒ ගැන විග්රහයක් තියනවා.ඒ වගේම ජවිපෙන් අයින් උනාට පස්සේ ජවිපෙ ගෙනාපු මර්ධනය ගැනත් රටේ රාළට අද්දැකීමක් තියනවා.මේ අර්බුදය විසින් නිර්මාණය කරන දැවැන්ත දේශපාලන අර්බුදය නියතයක්.ජනතාව මේ ආණ්ඩුවට එරෙහිව පාරට එනවා.ඒක ගෝඨාභයගේ ආණ්ඩුවට උනාට වඩා ඉක්මනට වෙන එකත් ස්ථිරයි.
ඒ වගේ තත්වයක් යටතේ අනුර සහ ජවිපෙ - මාලිමා ආණ්ඩුව මොකක් කරයිද?ඕක තමයි ගොඩක් අයට තියන ප්රශ්නය.එතනදී අනුරට options තුනක් තියනවා.එකක් තමයි රටේ මතුවෙන අර්බුදයේ උපරිම තැනදී ගෝඨාභය වගේ පිටිපස්සේ දොරෙන් පැනලා යන්න.රටේ රාළට ඒ ගැන තියෙන්නේ පනහට පනහේ අදහසක්.මොකද අනුරගේ දේශපාලන ඉතිහාසයම කියන්නේ පැනලා යෑම් සහ මඟහැරීම්.
හැබැයි දැන් තත්වය ඊට වඩා වෙනස් කියලා රටේ රාළත් පිලිගන්නවා.අනුරට ඊළඟ උත්තරය විදිහට තියෙන්නේ පවතින තත්වයට අනුගත වෙමින් පොදු ක්රියා මාර්ගයකට එන එකයි.එතනදී රටේ රාළ යෝජනා කරන්නේ අනුරගේ ජනාධිපතිත්වය යටතේම සර්ව පාක්ෂික ආණ්ඩුවක්.ඒ වගේ එලියේ ගොඩනැගෙන ජනතා බලයට නායකත්වයට දෙන්න මහජන කවුන්සිලයක්.මේ ත්රිත්වයේ එකතුවකින් ගෙනියන ජාතික එකඟතා වැඩපිලිවෙලක්.
ඒ හරහා අනුරගේ කාලය සම්පුර්ණ කිරීමේ ක්රියාවලියකට යන්න පුලුවන්.එතනදී හැදෙන්නේ නිර්පාක්ෂික ජනාධිපති භූමිකාවක්,සර්වපාක්ෂික ආණ්ඩුවක්,ජාතික එකඟතා වැඩපිලිවෙලක් සහ ශක්තිමත් මහජන කවුන්සිලයක්.අනුරට ඒ යෝජනාවත් පිලිගන්න බැරි නං තියෙන්නේ ජනතා නැගිටීමත් එක්ක ගැටුමකට යන එක විතරයි. ඒකට මර්ධනය ක්රියාත්මක කරන්න ඕනි.
ඔය උත්තර තුන අනුර ඉස්සරහා තියනවා.අනුරට තමන්ගේ අභිමතයට පරිදි ඕනිම උත්තරයක් එදාට තෝරගන්න පුලුවන්.මෙතනදී අනුර තුන් වෙන උත්තරය තෝරනවා නම් මර්ධනය කියන එක හැම කෙනාටම එනවා.විශේෂයෙන්ම සමාජ ක්රියාකාරීන්ට සහ විපක්ෂයේ සියලු දෙනාට මර්ධනය එනවා.ඒක සජිත්ටද,රනිල්ටද මහින්දට කියලා නෑ.මතක තියාගන්න දැන් රාජ්ය බලය තියෙන්නේ පන්ති වෛරය ඇඟට කාවද්දපු කණ්ඩායමක් අතේ.
රනිල්ලාට,සජිත්ලාට,මහින්දලාට.....එයාලා සලකන්නේ එයාලගේ පන්තියට හතුරු අය විදිහටයි.රටේ රාළලාට සලකන්නේ එයාලගේ පන්තියේ ඉන්න හතුරෝ විදිහටයි.ඔය දෙගොල්ලන්ටම එයාට තියෙන්නේ එක උත්තරයයි.ඇත්තටම ඒ මර්ධනයෙන් බේරෙන්න ඕනි නම් විපක්ෂයටත් තියෙන්නේ එකම එක උත්තරයයි.ඒ තමයි සමස්ථ විපක්ෂයම එකට එකතුවීම විතරයි.එහෙම නැතිව එජාප සහ සජබය විතරක් එකතු උනා කියලා වැඩක් නෑ.දැන් ඒ කතාව විපක්ෂයේ තැන් තැන්වලින් මතුවෙන්න පටන් අරන්.
එහෙම අදහසක් රවී කරුණානායක කියනවා රටේ රාළ දැක්කා.රවී කියන්නේ පොදු ගමනක් වෙනුවෙන් සියලු විපක්ෂ කණ්ඩායම එකතු වෙන්න ඕනි කියලයි.රනිලුත් පහුගිය දවසක පක්ෂ ගණනාවක නියෝජිතයින් හමුවෙලා තිබ්බා.දැන් විපක්ෂයට සමගිවීම හැර වෙන උත්තරයක් නෑ.එක්ව මුහුණ දීමේ උපක්රමයකට යන්න ඕනි වෙලාවක් මේක.ඊළඟට විපක්ෂයේ ඇතැම් අයට චෝදනා තියනවා.ඒවා ඔප්පු කරලා නීතියෙන් දඩුවම් දෙන එක ආණ්ඩුවේ වැඩක්. ආණ්ඩුවට එහෙම කරන්න බැරි උනොත් ඒ සියලු චෝදනවලින් විපක්ෂය නිදොස්කොට නිදහස් වෙනවා.
ඒ අර්ථයෙන් හිතුවත් විපක්ෂයට එකතු වෙන්න කිසිම බාධාවක් නෑ.අවශ්ය වෙන්නේ පොදු සතුරාට එරෙහි ශක්තිමත් එකතුවක්.
හරි එහෙනම් ගිහින් එන්නම්.
ජයවේවා.
මිට
රටේ රාළ."

සම්බන්ධිත පුවත් | Related News

මැයි 18,වෙනිදා අපි සමරන්නේ යුධ ජයග්‍රහණයක් නෙවෙයි රාජ්‍යය ගලවපු ජයග්‍රහණයක් . ‼️
අනුරට ඕන මොනම විදිහකින් හරි මිනිස්සුන්ට වැඩ තහනම් කරපු පොළිස්පති දේශබන්දු තෙන්නකෝන් ඉවත්කර ගන්න. ජනතාවට ඒ අනුර කරන ඉවත් කිරීම ගැන සැකයක් අවිශ්වාසයක් ඉතු රුනෙකෙරන්න වැඩ කරන්න.
බුද්ධාගම ආගමක්ද? දර්ශනයක්ද? බෞද්ධ සංස්කෘතියට ගහන අය බෞද්ධ දර්ශනයට ආදරේ ඇයි? යනුවෙන් සඳහන් වීඩියෝව බැලීමෙන් මෙය ලිවීමට සිත්වුණි. මෙහිදී මා සළකා බැලීම කරණු ලබන්නේ දර්ශණයක්ද ආගමක්ද යන්න නිගමනය සඳහා එතුමා භාවිතාකළ නිර්නායකයේ නිරවද්‍යතාවය පිළිබඳවයි.
මෙරට කිසිඳු නිෂ්පාදනයක් සිදු නොකරන නිසා සියල්ල පිටරටින් ගෙන ඒමට පියවර ගන්නා බවත්, එමගින් කොමිස් ලබා ගැනීම හැකිවීම නිසා පාලකයන් නිෂ්පාදනය පසෙක තබා භාණ්ඩ ගෙන්වීම මුලට දමා ඇති බවත් ඉකුත් ආණ්ඩුව සමයේ දී වර්තමාන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසන වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වේ.
බුද්ධාගම ආගමක්ද? දර්ශනයක්ද?... වඩා වැදගත් වන්නේ බෞද්ධ දර්ශනය ද? නැතිනම් බෞද්ධ සංස්කෘතිය ද? යන ප්‍රශ්න බොහෝ වාද විවාදයන්ට තුඩු දෙන ප්‍රශ්න බවට පත්වී තිබේ.
යාපනය විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයා වන මහාචාර්ය ශ්‍රී සත්ගුණරාජ් මහතා වෙසක් පොහෝ දින විශ්ව විද්‍යාල සිසුන් සමඟ අට සිල් සමාදන් වී තිබේ.
වාර්ෂිකව ලොව පුරා ටොන් මිලියන 400ක ප්ලාස්ටික් අපද්‍යවය ජනනය වේ. (UNEP, 2023). ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණය යනු ඊට විසඳුමක් ලෙස පෙන්වීමට උත්සාහ කළත්, එදා-මෙදා තුර ප්‍රතචක්‍රීකරණයට ලක්ව ඇත්තේ භාවිතා කරන ලද ප්ලාස්ටික් වලින් 9% කට අඩු ප්‍රමාණයක් පමණක් බවට සංඛ්‍යාලේඛන පෙන්වාදෙයි
පේරාදෙණිය විශව විද්‍යාල සිසුන් වසරක් පාසා ගලහා හන්දියේ නිර්මාණය කළ පහන් කූඩුව විශ්ව විද්‍යාල පාලන අධිකාරය තහනම් කර ඇති බවට පුවතක් සමාජ මාධ්‍යයේ සංසරණය වේ.

ප්‍රධාන පුවත්

ජනාධිපති කාර්යාල වාහන වෙන්දේසියේදී ටෙන්ඩර් මගඩියක්.. අල්ලස් කොමිසමට පැමිණිල්ලක්..

ජනාධිපති කාර්යාලය සතුව තිබූ සුඛෝපභෝගී වාහන 17ක් අලෙවි කිරීමේ වෙන්දේසිය පිළිබඳව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට පැමිණිලි කරන බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු දයාසිරි ජයසේකර මහතා පවසයි.

හාල් කිලෝ එකක් ඩොලර් එකයි.. පොල් ගෙඩියක් ඩොලර් එකයි.. ලුණු කිලෝ එකක් ඩොලර් දෙකයි - හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීනි පාතිමා හර්ෂණී

හාල් කිලෝ එකක් ඩොලර් එකයි. පොල් ගෙඩියක් ඩොලර් එකයි. ලුණු කිලෝ එකක් ඩොලර් දෙකයි. අපි කාන්තා පරපුර සංවිධානය මගින් තමයි මේ මාධ්‍ය සාකච්ජාව පවත්වන්නේ. රට වටේ හිටපු කාන්තාවෝ එක මිටට එකතු කරලා ඒ කාන්තාවන්ගේ කරමතින් ජනාධිපති කෙනෙක් පත්වෙලා රට කරවන වෙලාවක ඒ කාන්තාවන්ගේ කරමතින්ම ආණ්ඩුවත් බලයට පත් කරලා රට කරවන්න අරගෙන මාස හතක් ගතවෙලා අවසන්. මාස හතක් ගතවෙලා අවසන් වෙද්දි රටපුරා විසිරී සිටින කාන්තාවෝ ලුණු හොය හොයා කඩවල් ගානේ ඇවිදින තත්ත්වයකට පත්වෙලා තියෙන වෙලාවක තමයි අපි මේ මාධ්‍ය සාකච්ඡාව මේ විදියට කැඳවන්නේ.

තුසිත හල්ලොලුව ඉලක්ක කර වෙඩි තැබීමක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මහජන සම්බන්ධිකරණ අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ එමෙන්ම ප්‍රකට දේශපාලන ක්‍රියාකරුවකු වන තුසිත හල්ඔලුව යන අය ගමන් ගත් මෝටර් රථයට නාරාහෙන්පිට ප්‍රදේශයේ දී වෙඩි ප්‍රහාරයක් එල්ල වී ඇතැයි නාරාහේන්පිට පොලිසිය පවසයි. නාරහේන්පිට කිරි මණ්ඩල මාවතේ පෞද්ගලික රෝහලක් ඉදිරිපිට දී මෙම වෙඩි තැබීම සිදු වී ඇති බවද පොලිසිය පවසයි.

ජාතික රණවිරු උළෙලට ජනපති අනුර නෑ.. අරුණ ජයසේකර මුලසුනට..

16 වන ජාතික රණවිරු අනුස්මරණ උත්සවයට සමගාමිව එළඹෙන 2025 මැයි 19 වන දින ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි ජාතික රණවිරු අනුස්මරණ ස්මාරකය අසලදී පැවැත්වීමට නියමිත සැමරුම් උත්සවය සඳහා වන පෙර සූදානම පිලිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් (මැයි 16) දින ආරක්‍ෂක අමාත්‍යාංශ පරිශ්‍රයේදී පවත්වනු ලැබීය.

අනවශ්‍ය වියදමක් කියා නිදහස් දිනය දා ජයමංගල ගාථා නතර කළ ආණ්ඩුව දේදුනු දිනයක් වෙනුවෙන් කෝටි 30ක් වෙන්කරලා - ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම (වීඩියෝ)

ඉතිහාසයේ පහළවූ කිසිම ආණ්ඩුවක් නොකළ ආකාරයේ මහා විනාශයකට මේ ආණ්ඩුව විසින් රට රැගෙන යමින් පවතින බවත්, රටේ සිංහල බෞද්ධ අනන්‍යතාව විනාශකර තුප්පහි අනාගමික දේදුනු රාජ්‍යක් බිහිකිරීමේ කටයුත්තේ ඔවුන් නියැලී සිටින බවත් ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම මහතා පවසයි.

ශ්‍රී ලංකාවේ සිනොපෙක් සමාගමට බාධා එල්ල වී ඇතැයි ඉහළම චීන විද්වතෙකුගෙන් මැසිවිලි

ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට උත්සාහ කර ඇති ප්‍රමුඛ චීන ඛනිජ තෙල් සමාගමක් වන සිනොපෙක්, ක්‍රියාත්මක කිරීම ඉදිරියට ගෙන යාමේදී බාධකවලට මුහුණ දී සිටින බව දැනට ශ්‍රී ලංකාවේ සිටින ප්‍රමුඛ චීන විද්වතෙක් ඊයේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා තිබේ.

යුද ජයග්‍රහණය සමරණ මාසයේම ආණ්ඩුව රණවිරුවන් දඩයම් කිරීමේ මෙහෙයුමක.. බෙදුම්වාදීන් සතුටු කරන්න රනිල්ට කරන්න බැරිවුන දේ අනුර කරයි - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් සුවිශේෂී හෙළිදරව්වක්

යුද ජයග්‍රහණය සමරන මාසයේම රණවිරුව්න් දඩයම් කිරීම සඳහා පනතක් ගෙන ඒමට ඉකුත් 07 වැනිදා කැබිනට් අනුමැතිය ලබාදීම කණගාටුවට කරුණක් බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

දෙමළ ජන සංහාරය පිළිගන්නේ නැති අය ආපහු ලංකාවට යන්නැයි කැනඩාවේ ඉන්න ලාංකිකයන්ට නගරාධිපති පැට්‍රික් බ්‍රවුන් කියලා..

කැනඩාව තුළ දෙමළ ජන සංහාර ස්මාරකයක් නිර්මාණය කිරීම එරට බ්‍රැම්ප්ටන් හි නගරාධිපති පැට්‍රික් බ්‍රවුන්ගේ ඇගයීමට ලක්ව තිබේ.

ජනපති අනුරගේ පුද්ගලික කාර්ය මණ්ඩලය ගැන විස්තර, තොරතුරු පනතින් ඉල්ලුවත් දීලා නැහැලු..

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත යටතේ ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ඉල්ලා සිටි තොරතුරු ව්‍යවස්ථාපිත කාලරාමුව තුළ ලබා නොදීම හේතුවෙන්, 2025.05.28 දින තොරතුරු කොමිසමේ පෙනී සිටින ලෙස දක්වමින් තොරතුරු කොමිසම මගින් ජනාධිපති කාර්යාලය වෙත නොතීසි නිකුත් කර තිබේ.

අනුර - මෝදි අත්සන් කළ ගිවිසුම්වල තොරතුරු ලබාදෙන්නැයි ජාතික සංවිධාන කළ ඉල්ලීම තොරතුරු නිලධාරියා ප්‍රතික්ෂේප කරයි..

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අත්සන් කරන ලද ආරක්ෂක සහයෝගිතා ගිවිසුම බාහිර පාර්ශ්වයක් වෙත ලබාදීමට නොහැකි බව දන්වමින් තොරතුරු නිලධාරීවරයා විසින් ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු ආචාර්ය ගුණදාස අමරසේකර මහතා වෙත ලිපියක් මගින් දන්වා තිබේ.

ජනවරමට අභියෝග කර කඩාකප්පල් කිරීමට උත්සාහ කළහොත් රජය තුනෙන් දෙක යෙදාගෙන නීති සංශෝධනය කරනවා - ජනාධිපති අනුර කුමාර දිසානායක

ජනවරමට අභියෝග කර කඩාකප්පල් කිරීමට උත්සාහ කළහොත් රජය නීති සංශෝධනය කරන බවත්, ජනවරමට අනුව ජාතික ජන බලවේගයට (NPP) බහුතරයක් ලැබී ඇති පළාත් පාලන ආයතනවල සභා පිහිටුවීමට අයිතියක් ඇති බවත් ප්‍රකාශ කළේය. ජනතා විමුක්ති පෙරමුණේ 60 වන සංවත්සර සැමරුමේදී අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, ජනවරම අනුව ජාතික ජන බලවේගයට පළාත් පාලන ආයතන 152 ක සභා පිහිටුවීම සඳහා පැහැදිලි බහුතරයක් ඇති බවත්, සභා 115 ක සභා පළමු රැස්වීමේ දිනයේදී පිහිටුවන බවත්ය.

රට පුරා පැපොල රෝගීන් වැඩිවීමක් දක්නට ලැබුණද එන්නත් තොග රෝහල් ගබඩාවල නැතිලු?

මේ වන විට දිවයින පුරා පැපොල රෝගීන්ගේ වැඩිවීමක් දක්නට ලැබුණද, රෝගය වැළැක්වීමට උපකාරී වන වරිසෙල්ලා එන්නත දැනට රජයේ රෝහල් ගබඩාවල නොමැති බව වාර්තා වේ.

චීනයෙන් නැගෙන හඬ: වෙන කවරදාටත් වඩා මොස්කව් සහ බීජිං එක්ව සිටින්නේ ඇයි?

(නැගෙනහිර චීන විශ්ව විද්‍යාලයේ රුසියානු අධ්‍යයන මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂ මෙන්ම ගුවාන්චා මාධ්‍ය දායකයේ මහාචාර්යවර්යෙකු වන ලියු ජුන් සහ මොස්කව් ප්‍රාන්ත විශ්ව විද්‍යාලයේ ආචාර්ය උපාධි අපේක්ෂක, නැගෙනහිර චීන සාමාන්‍ය විශ්ව විද්‍යාලයේ රුසියානු අධ්‍යයන මධ්‍යස්ථානයේ තරුණ පර්යේෂක යැං ෂුපින් විසින් රචිත ලිපියකි.)

ඉන්දියාව කියන්නේ භූ දේශපාලන වෛශ්‍යාවක්.. ආර්ථික වාසිය තකා චීනයත් එක්ක ගනුදෙනු කළාට රෑට නිදාගන්නේ අමෙරිකාව එක්ක - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)

ඉන්දියාව භූ දේශපාලන වෛශ්‍යාවක් ලෙස දේශපාලන විචාරකයන් පවා හඳුන්වන බවත්, ඔවුන් ආර්ථික වාසිය තකා චීනයත් සමග ගනුදෙනු කළ ද, රෑට නිදාගන්නේ අමෙරිකාව සමග බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

ඉන්දියාවත් එක්ක අත්සන් කළ ගිවිසුම් නිසා ලංකාව ඉන්දියාවේ 29 වැනි ප්‍රාන්තය බවට පත්වී අනුර කුමාරට ඒ ප්‍රාන්තයේ ආණ්ඩුකාර ධූරය නම් ලැබෙයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)

ඉන්දියානු ව්‍යාප්තවාදය පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතා නිවැරදිව විග්‍රහ කරගනිමින් න්‍යායාත්මකව පැහැදිලි කර ඇති බවත්, ඉන්දියානු න්‍යායපත්‍රය ඉදිරියට රැගෙන යාමට නම් ශ්‍රී ලංකාවේ බෙදුම්වාදී ගැටුම් නිර්මාණය කර ශ්‍රී ලංකාව දුර්වල කළ යුතු බව ඉන්දියාව දැන සිටි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි.. ටිල්වින් මේ වගේ විහිළුකාරයෙක් වීම ගැන අපිට නම් කණගාටුයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)

ගිවිසුමක් අවබෝධතා ගිවිසුමක් ද නැතිනම් අවසන් ගිවිසුමක් ද යන්න තීරණය වන්නේ ගිවිසුමේ කොන්දේසි අනුව බවත්, අවබෝධතා ගිවිසුමක් කියන්නේද ගිවිසුමක් බවත්, රනිල් වික්‍රමසිංහ 2017 දී අත්සන් කර ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ඉන්දියාවට ලබාදුන්නේ ද අවබෝධතා ගිවිසුමක් හරහා බවත්, ඉන්දියාව සමග වත්මන් ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් ද අවබෝධතා ගිවිසුම් ලෙස ලඝුකළ නොහැකි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.