News Category
From Date
To Date
Maximum Number of Result

මේ කව්ද ? මොනවද කරන්නේ ?

Jan 28, 2025 at 09:47 AM
|

පසුගිය වසර පහ තුල සාවද්‍ය ඉන්වොයිස් කිරීම හරහා ඩොලර් බිලියන 56ක් වංචා කිරීම පිලිබද චෝදනා එල්ලවන්නේ එක්ස්පෝ ලංකා ආයතනයට. ඒ කොවිඩ් සමයේ ඉපැයූ පිලිගත නොහැකි වූ ලාභ නිසා.
එම ආයතනය වසර දෙකක් තුල, එනම් 2019 වසරේ තිබූ රුපියල් මිලියන 1909 ලාභයේ සිට සිට 2021 වන විට මිලියන 72792 දක්වා ඉහල ගිය ලාභයක් වාර්තා කරනවා . එය කොවිඩ් වසංගතය සහ ආර්ථික අර්බුදයක අවධියේ වීම ප්රශ්නකාරීයි.
2019/20 මූල්ය වර්ෂයේ සිට 2021ජුනි මාසය දක්වා කාලය තුළදී එක්සපෝ ලංකා සමාගමේ කොටස් හිමිකරුවන් සංඛ්යාව 4,500 සිට 13,719ක් දක්වා ඉහළ නගිනවා. 2020/21 මූල්ය වර්ෂය නිමාවට පත්වන විට එක්ස්පෝලංකා සමාගමේ දළ ලාභය රුපියල් බිලියන 14.8ක් බවට පත්ව තිබේ.
2021/22 මූල්ය වර්ෂයේ පළමු කාර්තුවේදී පෙර වසරේ එම කාලසීමාවට සාපේක්ෂව 259%ක වර්ධනයක් පෙන්නුම් කර ඇත.
එය සම්පූර්ණයෙන් ඩබල් ඉන්වෙයිස් නැතිනම් සාවද්ය ඉන්වොයිස් කරනය හරහා සිදුවූ ආර්ථිකය සාවඥ ව හැසිරවූ තත්වයක අතුරු ඵලයක් බවයි ආර්ථික විශේෂඥයන්ගේ මතය.
එක්ස්පෝ ලංකා සමාගම කොටස් වෙළදපොලේ ලැයිස්තුගත සමාගමක් ලෙස පැවති තත්වයෙන් ඉවත් වූ පසු ජපන් සමාගමට කොටස් විකුනු පසු තවදුරටත් එහි ප්රධාන විධායකයා ලෙස කටයුතු කරන්නේ හනීෆ් යුසුප් නැමැත්තාය.
කව්ද මේ හනීෆ් යුසුෆ්.
ශ්රීලංකාවේ උන්ඩියල් ව්යාපාරයේ අංක එකේ ඒජන්තවරයාය.
අනුර දිසානායක වෙත අප්රසිද්ධියේ පූර්ව මැතිවරණ ව්යාපාරය වෙනුවෙන් මුදල් ආයෝජනය කල තැනැත්තා ලෙස බොහෝ දෙනා හදුන්වාදෙන්නාය.
කොළඹ නිල සහ නොනිල ආර්ථිකය බලවේගය මෙහෙයවන්නා ලෙස කොටස් වෙළදපොළ හා සම්බන්ධ අයගේ අදහසක් ඇති තැනැත්තාය
2024 සැප් 21 පැවති ජනාධිපතිවරණය ජයග්රහණය කිරීමෙන් පසු දින 6ක් ඇතුලත අනුර විසින් කඩිමුඩියේ පත්කල ශ්රීලංකා වේ අගනුවර ඇතුලත් ආර්ථික මර්මස්ථානය බදු බස්නාහිර පලාතේ ආණ්ඩුකාරවරයා ලෙස පත්කල පුද්ගලයාය.
තවදුරටත් කීවොත් ,
කිසිම විශේෂ තදබදයක් හෝ වැඩ වර්ජන , ස්වභාවික විපතක් නොතිබුන සාමාන්ය විදියට වරායෙ එදිනෙදා කටයතු කරමින් ගිය කලෙක, කෘතීමව ක්ෂණික තදබදයක් නිර්මාණය කර අනිවාර්ය පරීක්ෂණයට භාජනය කල යුතු කන්ටේනර් 255ක් ඇතුලුව සම්පූර්ණ කන්ටේනර් 323ක් කිසිදු පරීක්ෂණයකින් තොරව නිදහස් කල තත්වයක් යටතේ වැඩිම කන්ටේනර් ප්රමාණයක් මෙරටට ගෙන්වූ ව්යාපාරිකයාය.
පොඩ්ඩක් කල්පනා කරල බලන්න ඉහත කී කරුණ ගලපා බලන්න. යම්හෙයකින් වෙනත් පාලනයක් යටතේ මෙවැනි දෙයක් සිදුවූ නම්
අනුර දිසානායකගේ පාර්ලිමේන්තුවේ හැසිරීම කෙසේ වේද ?
ටිල්වින් සිල්වාගේ ලිප්ටන් වටරවුමේ හැසිරීම කෙසේ සිදුවේවිද ?
අනුමාන වශයෙන් කිලෝග්රෑම් 6,500,000 ක කන්ටේනර් රේගු පරීක්ෂණයෙන් තොරව නිදහස් කිරීමට උපදෙස් දුන්නේ කව්ද?
වරාය නියෝජ්ය ඇමැතිවරයා එහි වගකීම රජය බාරගන්නවා යැයි කියන්නේ කුමක පදනමකින්ද ?
වරාය ඇමති බිමල් රත්නායක මේ ගැන නිහඩ ඇයි ?
ජනාධිපති අනුර දිසානායක මේ ගැන නිහඩ ඇයි.
ආසන්න වශයෙන් මේ කිලෝ 6,500,000 හි තිබුනේ මොනවාද ?
මත් ද්රව්ය? රත්තරන්? සුඛෝපභෝගී වාහන? අවි ආයුධ ? භාවිතයට නුසුදුදු ඖෂධ? අනවසර රූපලාවණ්ය නිෂ්පාද? වෙනත් දෑ ?
මෙය ශ්රීලංකාවේ විශාලතම අයථා ගණුදෙනුව එසේත් නැත්නම් හොරකමක් යැයි නොකියන්නට ඔබට ඇති කරුණු මොනවාද ?



මෙය උපුටා ගනු ලැබුවේ අන්තර්ජාලයේ Sumedha Weerawardhana මහතාගේ ෆේස්බුක් පිටුවෙනි.


සම්බන්ධිත පුවත් | Related News

බුදුදහම සහ ධර්ම කරුණු විකෘති කරමින් ප්‍රචාරය කරන බවට චෝදනා එල්ල වී ඇති පුද්ගලයින් 103 දෙනෙකුගේ නාමලේඛනයක් සමාජ මාධ්‍යය මගින් ප්‍රසිද්ධියට පත් කර තිබේ.
මෙතන ඉන්න ගොඩක් අය අද ජීවතුන් අතර නෑ. ඉන්නෙ අතලොස්සක පිරිසක් විතරයි.
2001 වසරේ ජූනි 1 වනදා නේපාලයේ කත්මණ්ඩු නුවර නාරායන්හිටි රාජමාලිගයේදී සිදු වූ නේපාල රාජකීය පවුලේ සමූලඝාතනය ලෝක ඉතිහාසයේ ලේවැකි සහ අතිශය කම්පන සහගත පුවතක් ලෙස සටහන් වේ. මෙම ඛේදවාචකයෙන් නේපාලයේ බිරේන්ද්‍ර රජු (King Birendra) සහ අයිශ්වර්යා රැජින (Queen Aishwarya) ඇතුළු රාජකීය පවුලේ සාමාජිකයින් නවදෙනෙකු ජීවිතක්ෂයට පත් විය.
ඔබ මේ ඡායාරූපයේ දකින්නේ ලෝක ගෘහ නිර්මාණ ශිල්පයේ වංශකතාව තුළ ශ්‍රී ලංකාවේ නම සටහන් කළ පැබ්ලෝ පිකාසෝ මහා කලා ශිල්පීන් ඇසුරු කළ ශ්‍රී ලංකාවේ එක්තරා ගැහැනියකි.
නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මැතිතුමාට එම තනතුරින් ඉල්ලා අස්වෙන්න කියලා දොලොස් දෙනෙක් විතර සහභාගි වුණ "අති දැවැන්ත" විරෝධතාවයක් නීතිඥ සංගමයේ කාර්යාලය ඉදිරිපිට.
නන්දා මාලනිය සමග මගේ කිසිම පුද්ගලික හඳුනා ගැනීමක් නෑ. ඒත් ඇය ගායනා කරන ගීත අතිශය බහුතරයක් මම ආශාවෙන් රස විඳිනවා. ඒ අනුව ඇය මගේ ප්‍රියතම ගායිකාව වෙන්නත් පුලුවන්. මම එහෙම සැසඳීමක් කරලා නෑ . මම කැමති ගීත ගායනා කරන තවත් ගායිකාවන් ඉන්නවා.
නීතීඥ සංගමයේ සභාපතිගේ ඉංගිරිසි භාවිතය පිළිබඳව සහ නජිත් ඉන්දික මන්ත්‍රීවරයාගේ ඉංග්‍රීසි භාවිතය පිළිබඳව සමාජ මාධ්‍යයේ මේ වන විට කතාබහක් නිර්මාණය වී තිබේ.
බුද්ධික හේවාවසම්ට සංචාරක සංවර්ධන අධිකාරියෙන් යන්න වුණේ වෙන බක්කක් නිසා නෙවෙයි.
අලුතින් හඳුනාගෙන ඇති Zero-Click යනුවෙන් හදුන්වන WhatsApp ගිණුම් අත්පත් කරගැනීමේ ප්‍රහාරයක් විවිධ ජංගම දුරකථන ඉලක්ක කරමින් ක්‍රියාත්මක වන බව වාර්තා වේ.

ප්‍රධාන පුවත්

හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..

මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.

22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීම සඳහා, එනම් තුනෙන් දෙක හෙවත් ඡන්ද 151ක් ගැනීම වැළැක්වීම සඳහා අගමැති හරිනි අමරසූරිය මහත්මිය මුල් වී තවත් 9 දෙනෙකු සමග කැරැල්ලක් ගැසීමට ඉඩ ඇති බවට පළවන මතවාද පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්පූර්ණයෙන්ම අයුක්තිසහගත සහ නීති විරෝධී ක්‍රියාවක් බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් සකස් කරන ලද නවතම වාර්තාව ජිනීවාහිදී ප්‍රකාශයට පත් කර තිබේ.

නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (04) නියෝග කළේය.

කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව එල්ල වී ඇති රුපියල් කෝටි 30ක (මිලියන 300ක) බරපතල මූල්‍ය අවභාවිත හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබේ.

ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..

මෙරට ගල් අඟුරු සංචිත ප්‍රමාණවත් නොවීම හේතුවෙන් විදුලි උත්පාදන ක්‍රියාවලිය බරපතල අර්බුදයකට ලක්ව ඇති බවත්, අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක (නෞකා දෙකක පමණ) අඩුවක් පවතින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා

සෙවණගල සීනි සමාගමේ පාලනාධිකාරිය සහ සේවකයන් අතර දීමනා හා නිවාඩු සම්බන්ධයෙන් හටගත් ගැටලුවක් මුල් කරගනිමින් ආරම්භ වූ වැඩ වර්ජනයක් හේතුවෙන් කර්මාන්තශාලාවේ කටයුතු සම්පූර්ණයෙන්ම අක්‍රිය වී තිබේ. මෙම වර්ජනය නිසා අස්වනු නෙළන ලද උක් ටොන් 6,000කට ආසන්න ප්‍රමාණයක් විනාශ වීමේ දැඩි අවදානමකට ලක්ව ඇති බව වාර්තා වේ.

ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මූතූර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි ඓතිහාසික කොට්ටියාරම සෑගිරිය රජමහා විහාරය මේ වන විට අන්තවාදී ආක්‍රමණ, නිදන් හොරුන්ගේ තර්ජන සහ ප්‍රදේශයේ සිදුවන කළුගල් කර්මාන්ත (ගල්කොරි) හේතුවෙන් දැඩි විනාශයකට ලක්වෙමින් පවතින බව වාර්තා වේ.

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති පෙත්සම් විභාගය ඊයේ (03) ආරම්භ වුණි.

සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි

සමස්ත ලෝකයේ මේ වන විට සිටින බවට ඇස්තමේන්තු කර ඇති ගොවීන් මිලියන 934කින් අඩකට ආසන්න පිරිසක් සෑම වසරකම නොදැනුවත්ව පළිබෝධනාශක විෂවීමකට ලක්වන බව Frontiers in Public Health සඟරාවේ ඊයේ(02) ප්‍රකාශයට පත් කළ අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා ආණ්ඩුව මහජනයාට දැනෙන නිශ්චිත උපායමාර්ගික හැරවුමකට යොමුකිරීම සඳහා තීන්දු ගෙන නොමැති බවත්, අංක ගණිත විජ්ජාවල් පෙන්වා ව්‍යාජ චිත්‍රයක් මහජනයාට මවාපාන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා චෝදනා කරයි.

අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්

"Atlas Angel - 2026" නමින් ශ්‍රී ලංකාවේ දී දින 5ක් පැවැත්වෙන ඒකාබද්ධ ගුවන් පුහුණු අභ්‍යාසය පසුගිය 31 වැනි දා ආරම්භ වූ අතර ඒ සඳහා අමෙරිකානු මොන්ටානා ජාතික ආරක්ෂක බලකාය සමග අමෙරිකානු පැසිෆික් ගුවන් හමුදාව සහභාගි වේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.