-පළතුරු පූජා මාක්ස්වාදය-
මේ පින්තූරයේ දැක්වෙන්නේ අප දෙවියන්ට පූජාවට්ටි පුදන ආකාරයට චීන ජනතාව මාක්ස් ගේ ප්‍රතිමාවකට දොඩම් ඇතුළු පළතුරු ද තෑගි ද පුදා ඇති සැටි ය.එමෙන්ම මාවෝට,ඩෙන්ග්ට පමණක් නොව චියැං කායිෂෙක්ටද හඳුන්කූරු පත්තු කරනු ද ඇති පදම් දැක ගත හැක.
මෙසේ කරමින් ඔවුන් මිලියන දෙදහස් පන්සියයක ජනතාවක් අවුරුදු 40 ක දී අන්ත දරිද්‍රතාවයෙන් උඩට ඔසොවයි,හඳට යයි,සිය ජනතාවට අතිමහත් විද්යා හා තාක්ෂණික ජයග්‍රහණ දිනා දෙයි.ඒ අතර තමන් සමාජවාදීන් බවටත් අභිමානයෙන් හඳුන්වාගනියි.
ආසියානුවන් යනු ආසියානුවන් ය.
මාක්ස්වාදය නම් මානව ආර්ථික විද්‍යාව ආසියාවේ ප්‍රතිඵලදායක යොදා ඇත්තේ මෙවන් ආකාරයකටය.
ඕනෑම භෞතීය විද්යාවක් පවා එය යොදන නියැදිය තුළ අදාල වන්නාවූ නිර්ණායක වලට අනුව ප්‍රතිඵල ලබාදෙයි.නියැදිය ද නිර්ණායකද වෙනස් වී නම් අදාල භෞතීය විද්‍යා නියමයන් තව දුරටත් වැඩ කරන්නේ නැත.
මාක්ස්වාදය සමාජ ආර්ථික විද්‍යාවකි.භෞතීය විද්‍යාවක් නොවේ.මානවයා සඳහා වන මානව විද්‍යාවක් මානවයාගේ සංස්කෘතිය හා සදාචාර ආකෘති වලින් බැහැරව ප්‍රතිඵලදායක ලෙස යෙදිය නොහැක.
එය එය යොදන සමාජයේ හැඩ තල හෝ පුරුෂාර්ථ මුළුමනින්ම ප්‍රතික්ෂේප කරන්නේ නම් එය සමාජය තුළින් ප්‍රතික්ෂේපයට ලක්වේ.
පොතේගුරු සමාජවාදය ජාතික විමුක්‍තිය අරමුණු කරගත් සමාජවාදයෙන් මුළුමනින්ම වෙනස් හැඩතලයක් ගන්නේ මෙතැනදීය.
-වින්දන විදුර කුමාර-
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්