News Category
From Date
To Date
Maximum Number of Result

මහපාරට වැටුණු Clean Sri Lanka .....!!!

Jan 12, 2025 at 08:54 AM
|

ශ්‍රී ලංකාවේ මෑතකාලීනව ලක්ෂ 70 කට ආසන්න පිරිසකට දැඩි වුවමනාවක් තියෙනවා රට පිළිවෙලක් කර ගන්න... ඒකට ලංකාව සිංගප්පූරුව වගේ කර ගන්න කිව්වත් කමක් නෑ.. ඒකනේ ලී ක්වාන් යූ ,.. මහතිර් මොහොමඩ් , හෙව්වෙ. එහෙම ගෙනාපු ලී ක්වාන් යූ පැනලා යන්නත්.. මහතීර් මොහොමඩ් ගෙදර යන්නත් හේතුව තනි පවුලක් අතට බලය ලබාදීම සහ පවුලේ කෑම මේසය මත තීරණ ගැනීම කියලා ඔබ අප  හැමෝම දන්නා කරුණක් නෙ. හැබයි එදා සිංගප්පූරුව නම්.. ලංකාවක් වෙන සිහිනයට ගියා... හෝ ගෙනගියා හෝ යැව්වා. ඒත් ලංකාවේ අපි තාම ලී ක්වාන් යූ සොයනවා. සිංගප්පූරුවක් කරල දෙන්න කියලා කියනවා.... Keep Singapore clean  වැනි සංකල්ප ගැන කතාවෙනවා.. Water poliution... Environment poliution ර්‍..sound poliution.. සහ තවත් බොහෝ දූෂණ.. අවභාවිතා ගැන සංකල්පිකව කතා බහ වෙනවා.... ඒ අල්ලපනල්ලේ තමයි සුභ වෙලාවක.. රට අනුරට දෙන්නේ... හැබැයි ඒත් කියන්නේ රට හදල දෙන්න.. නොකිය කියන්නේ ලංකාව සිංගප්පූරුවක් කරල දෙන්න කියලනේ.... 

අනුර දිසානායක ජනාධිපතිවරයා ගේනවා Concept එකක්.. Clean sri lanka

කියලා. මේක දැන් රාජ්‍ය මට්ටමින් ජනගත කර අවසන්.... නමුත් ජනමාධ්‍ය තුළ.. සමාජ මාධ්‍ය තුළ... සාමාන්‍ය ජන සමාජය තුළ... මේ ගැන හරි කියවීමක් නැහැ.. ඒ නිසා මට අනුව "අන්ධයින් අලියා ගැන කිව්වා වගේ"  තමා  clean sri lanka රට්ටු කියවා ගත්තේ.....!

 ඒ අනුව තමයි clean sri lanka මහපාරට වැටෙන්නේ.. ඒ පොලීස් අන්ධයා එය කියවාගත් අයුරට දැන් වැඩේ නම් නැගලා යනවා දැන් සිංගප්පූරුවක ජීවත්වීමට බලා සිටින ලංකාවේ වැසියෝ අහනවා... මේක ද clean sri lanka කියන්නේ කියලා... බස් ත්‍රීවීල් clean කරන්න ද රට අනුරට දුන්නේ කියලා. 69 ලක්ෂයේ හදවත බඳු පිරිස් එහෙම හිතත් දී පාර්ලිමේන්තුවේ. විපක්ෂයේ ඉතිරිවෙලා ඉන්න බස් මුදලාලිලා. සහල් මුදලාලිලා. මධ්‍ය මුදලාලිලා ලෙස කජු සීයාගේ ළමයි ටිකත්. Clean sri lanka පාරට වැටීම ගැන උෂාර් වී කෑ ගහනවා.. මෙන්න තරණ්‍යයේ හීන මරනෝ කියලා. රනිල් කියපු මාල බ්‍රේස්ලට් කතාව ... සජිත් කියපු උසනම් සිකුරිටි.. මිටිනම් කම්කරු කතාව..නාමල් ගේ නිල් බලකා කතා වස්තුව.. සහ සෑම තරුණ තරුණියක්ම නටන්න.. ගයන්ත හෝ අඩුම තරමේ කොටස් දෙතුන් සීයක ඉටිකිරිස් ටෙලියක රඟපාන එක තමා තාරුණ්‍යයේ හීන කියලා හිතන මාධ්‍ය මුදලාලි මහත්තයෙක් මහපාරේ තරුණ හීන මරණවෝ කියන එක අපට හිතාගන්න පිළිවන්... ඒත් රතුකමීසදාරින සහෝදරවරුන් 159 ඉන්න ආණ්‌ඩුවේ.. එකෙක් ට ඇයි බැරි කට ඇරලා කියන්න,ඉන්දීය යකඩ  තොරොම්බල් කෑලි ලංකාවේ අනාගත තරුණ පරම්පරාවේ තව දුරටත් හීනයක් නොවේය, කියලා.ඒ අතර තුර හරිනි අගමැති තුමිය පාර්ලිමේන්තුවේ දී කියනවා.... අපිත් තාම මේ clean sri lanka concept එක අධ්‍යයනය කරමින්.. මහජන අදහස් ද එකතුකර ගනිමින් ඉදිරියට යන ගමන් කියලා........?

මහපාරට වැටුණු Clean sri lanka  ගැන නැතත්. ජාතිකත්වය ගැන කතාකරන අපට මේ රට ගැන  ගැඹුරු කියවා ගැනීමක් තියෙනවා. ඒ නිසා දේශපාලනයෙන් තොරව මේ රට ගොඩ යන්න ඕන කියල හිතන එකෙක් හැටියට මගේ අදහස ලියන එක යුතුකමක් කියලා හිතෙනවා... 

ශ්‍රී ලංකාව කියන්නේ අවුරුදු දහස් ගණනක තමන්ටම ආවේණික වූ සංස්කෘතික සභ්‍යත්වයකින් යුත් රටක්... ඉතින් ඒ අදීන සභ්‍යත්ව සංස්කෘතික ගුණාත්මකභාවයන් කියවාගන්න නූතන නැපෝලිගේ ළමයින්ට මිනුම් දඬු නැහැ. ඒ නිසා තමා ලංකාවේ සමාජ ආර්ථික දේශපාලන ගැටලු විසඳන්න යන රාජ්‍ය පාලකයන් ට පැනලා දුවන්ට වෙන්නේ....! 

 දැන් රිලව්.. වඳුරු.. ලේන්නූ.. ඌරන්.. මොනරරුන්.. ඉත්තෑවන් ගේ ප්‍රශ්නය ලාල්කාන්ත සහෝදරයා අල්ලා ගත් හැටි බලන්න.. *හුණුවටයේ අසඩක්*නඩුකාරය වගේ.... (රජයේ උද්‍යානයේ එළවලු නිෂ්පාදනය අඩුවෙලා තියෙන්නේ මොකද්ද ඇහැව්වම රාජ පුරුෂයෝ කියන්නේ.. හාවො ගහණය වැඩි වෙලා කියලා. අසඩක් නඩු කාරයා කියනවා.. වහාම.. රාජ උද්‍යානයට එන හාවුන් අල්ලා මරා මස්කොට දත්වලින් විකා ගිලදමා විනාශ කළ යුතුය කියලා)

 මේ රටේ මහා සංස්කෘතියත් එක්ක ගත්තහම... අද ශ්‍රී ලංකාවේ මිනිස්සු සත්ව ඝාතනයෙන්.. වන සතුන් දඩයමින් ඈත් වෙලා. සමහර ගෙවල්වල ඉතුරු පහතවෙන ආහාර වනසතුන් ආහාරයට ගන්නවා... ගෙවතු වල පලතුරු ගස් වැල් වැඩිවෙලා. අපේ සංස්කෘතිය ඇතුලේ අපේ මිනිස්සු තනියම කිසි දෙයක් භුක්ති වින්දේ නෑ... පන්සලට පල්ලියට කෝවිලට විතරක් නෙවී... සතාසීපාවනුත්ටත් කොටසක් ඉතිරි කළා.කුඹුර කපද්දී ගිරා/කුරුලු කොටුව ඉතිරි කලා. බෞද්ධ වුනත්.. කතෝලික වුනත්.. හින්දු වුනත් සංස්කෘතිය ඒක.. ඉතින් මේක කියවාගන්නේ නැතිව ලංකාවේ සමාජ ආර්ථික දේශපාලන ප්‍රශ්න වලට විසඳුම් සොයන්න ගිහාම වෙන්නේ. සිංගප්පූරුව හැදීම කෙසේ වෙතත් පස්ස දොරෙන් දුවන්න තමා.....! 

 දැන් clean sri lanka මහපාරට වැටීම ආර්ථික වශයෙන් රට ගොඩ දාගන්න යොදාගන්නේ කෙසේ දැයි.. අපේකම ඉදිරියේ තබාගෙන සලකා බලමු. බුදු හාමුදුරුවෝ දේශනා කළේ.... සබ්බේ සත්තා උම්මත්තකා කියලා. එහෙම ගත්තහම බස් පිස්සෝ... ත්‍රීවීල් පිස්සෝ සමාජයක ඉන්න පිළිවන්... දැන් අපේ ගමේ මම දන්න කෙනෙක් හිටියා.... (විස්තර කියන්න බෑ.) හොඳ රජයට සම්බන්ධ රැකියාවක් කළා. හොඳ දරු පවුලක් හිටියා.. ගේ දොර ඉඩකඩම් පිළිවෙලට හොඳ තත්ත්වයේ තිබුණා.. හැබයි ඔහු එක අමුතු දෙයක් කළා.. ඔහුගේ පාපැදියේ ඉදිරිපස අනේක විධ අලංකාර මල්වලින් සරසලා තිබුණා. විවිධ අංගෝපාංගත් ඒ අතර තිබුණා... ඒක ඒ කාලේ අපේ සමාජය කියවාගන්නේ Abnormal වැඩක් විදිහට.. නව යොවුන් වියේ දී නම්.. එවැනි වැඩ සාමාන්‍ය වුනත්.. වයසින් මුහුකුරා යද්දී ඒවා වෙන එක අසාමාන්‍යයි තමයි.

 දැන් එතකොට ලංකාවේ බහුතරයකට පිස්සුද.... නැත.. ඒක නෙවෙයි ඇත්ත... තමන්ගේ හීන.. අරමුණු.. මැරුණු.. ඔත්පලවුනු සමාජයක් අනුන්ගේ හීන තමන්ගේ හීන කරගන්න එක සාධාරණයි. එක නව යොවුන් වියේ තරුණයෙක්.. තමන්ගේ නිඳන ඇඳ බස් එකක් වගේ සකස් කර ගෙන තිබෙන අයුරු  අන්තර්ජාලයේ තියෙනවා. ..සමහර ත්‍රීවීල් තොරන් වගේ.. මේවට කියන්නේ යකඩ හීන කියලා ලු.. ලු හොඳේ.. මම නෙමෙයි කියන්නේ...හොඳේ.. සමාජ මධ්‍ය තමා බෙරිහන් දෙන්නේ.. දැන් මේක ලංකාවේ උපසංස්කෘතියක් ගාණට දියුණු වෙලා.. පාසල් දරුවන් අධ්‍යාපන චාරිකාවක් යනවනම්.. මේ වගේ පාට පාට ලයිට් දාපු බස්වල ගිහින්... යනකං.. එනකං ඕකෙ නටලා එනවා.. අධ්‍යපන චාරිකාව අවසානයේ ළමයි දන්නව ද දන්නෙ නෑ.. ගියේ කොහේ ද කියලවත්...?

 පසුගිය වසර 5..6.. තුළ යතුරු පැදිය ලක්ෂ 10 ට ආසන්න වුනා.. ත්‍රීවීලර් ලක්ෂ 15..20 වුනා.. වාහන ගැන කුමන කතා ද... සමහර හීන මැරිලා නෙවෙයි.. යම් පිරිසක් හොරකම්කරගෙන.. ඉතින්. අපේ අනාගත පරම්පරාවට හොඳ චිත්‍රපටයක් රස විඳින්න... වේදිකා නාට්‍යයක් බලන්න.. වෙනත් හොඳ නිර්මාණයක් රස විඳින්න තියෙන අවස්ථා ඇහිරිලා...ඒවා ගැන සමාජ කථිකාවක් අදටත් නෑ. ඉතින් ඉන්දියන් යකඩ කෑලි හීන කරගෙන ඉන්න පරම්පරාවක් ඇතිවීම සාධාරණ යි. දඬුමොණරය හදපු රටේ.. රාවණා ගේ ජාන තියෙනවුන් ඉන්න රටේ අපේ වුන්ට වාහන මවන්න පුළුවන් කම තිබිය දී. ඒකට ඉඩ නොදී අපේ ඩොලර් ටික ඉන්දියාවට දීල.. තොරොම්බල් කෑලි ගෙන්නන එකයි... ඒවා අනාගත පරපුරක හීන වෙන එකයි තමා දුක....මේක අමිත් මුනින්ද්‍රදාස ල වගේ ශ්‍රේෂ්ඨ ඉංජිනේරුවෝ මෑතකාලීනවත් බිහි වෙච්චි රට බොලව්....දැන් උපදිනකොටම දියසෙන් ලා මරාදමන රටක් වෙලා.විශ්ණු අවතාරවලින්. රාම අවතාරවලින් වෙලාගත්තූ රටක් වෙලා. රාවණා හදපු පාලම හනුමාන් පාලම වුණා වගේ ම පිළිවන් නම්.. හනුමාන් පාලමට පණ දීපල්ලා.. එතකොට අපේ එවුන්ගේ හීනෙ වෙන්නේ. හින්දි කෑල්ලක් නැන්දම්මාගේ ලේලි කරන එක. එතකොට ගමේ ලස්සනම ලේලි අපෙ අම්මගේ වේවි කියලා.. සමාජ මාධ්‍යය විසින් ඊළඟ පරම්පරාවට හීනයක් හදලා දුන්නම තොපිට තේරේවි ඒ හීනෙන් අපේ රට මුදවාගන්න එක නම්.. මේ ඉන්දියන් තොරොම්බල් කෑලිවලින් තරුණ පිරිස මුදවාගන්න එක තරම් පහසු නොවන බව...! 

බස් සිය ගණනනක්  තියෙනවා කියන ජගත් විතාන කලුතර මන්ත්‍රීතුමා කියනවා... මම ඉන්දියාවෙන් අලුතින් බස් එක ගෙනත් මගේම ගරාජ් එකට දාලා .. ගලවලා.. තීන්ත ගාලා.. පෑස්සුම් දාලා.. රිවට් කරලා.. සකස්කරලා තමයි ලු එළියට දාන්නේ... ඉතින් ඕක තමයි එකලස් කරනව කියන්නෙත්.. විමල් වීරවංශ සහෝදරයා කර්මාන්ත ඇමති කාලයේ "සම්මත මෙහෙයුම් පටිපාටිය" (standard 0paration procedure) SOP  කියල පනතක් සම්මත කලා. දේශීය කර්මාන්ත කරුවාට අවශ්‍යය ශක්තිමත් පදනම  ඒ පනතින් ගන්න පුලුවන්... ඉතින් ආණ්‌ඩුවට තියෙන්නේ බස් ජගත් සහ තවත් ඒ වගේ දැනුම.. අවශ්‍යතාවය තියෙන අයව සම්බන්ධ කරගෙන.. Latec ... Ashok Layland .. TATA වගේ අපේ එවුන්ගේ ඔලු පාවිච්චි කරලා ලංකාවට ආවේණික බස් හදන්න පටන් ගන්න.. එතකොට ඔය යකඩ හීන.. බස් ත්‍රීවීල් පිස්සුව දේශීය නිර්මාණයක් විදිහට ලංකාවේ ආර්ථිකයත් ඔසවාගෙන උඩට මතුවෙයි..... එහෙම නැතුව මෙන්න මහපාරේ අහිංසක හීන මරනෝ කිව්වම. ඒකට බයේ ගැසට් ගහන එකවත්. පස්සා දොරෙන් පැනලා යන්න වෙන තැනට වැඩ කරගන්න එක නෙවී හපන්කම... අපේ අනාගත පරම්පරාව මේ වැරදි. නරක.. භයානක හීනෙන් ඇහැරවන එකයි යුග මෙහෙවර විය යුත්තේ...! 

 එම නිසා. කජුසීයා ගෝල්ෆේස් එන්න කලින්, මහපාරට වැටුණු Clean sri lanka යකඩ හීන නොමරා ගොඩදා ගතයුත්තේ ඒ අයුරින් මිස අන්ධයන් ලවා අලියා චිත්‍රයට නැගීමෙන් නොවන බව මගේ අදහසයි..


දර්ශනය ඔබට මඟ  වේවා..!


චන්දන සපුවිතාරණ (සපූ) 

සම්බන්ධිත පුවත් | Related News

බුදුදහම සහ ධර්ම කරුණු විකෘති කරමින් ප්‍රචාරය කරන බවට චෝදනා එල්ල වී ඇති පුද්ගලයින් 103 දෙනෙකුගේ නාමලේඛනයක් සමාජ මාධ්‍යය මගින් ප්‍රසිද්ධියට පත් කර තිබේ.
මෙතන ඉන්න ගොඩක් අය අද ජීවතුන් අතර නෑ. ඉන්නෙ අතලොස්සක පිරිසක් විතරයි.
2001 වසරේ ජූනි 1 වනදා නේපාලයේ කත්මණ්ඩු නුවර නාරායන්හිටි රාජමාලිගයේදී සිදු වූ නේපාල රාජකීය පවුලේ සමූලඝාතනය ලෝක ඉතිහාසයේ ලේවැකි සහ අතිශය කම්පන සහගත පුවතක් ලෙස සටහන් වේ. මෙම ඛේදවාචකයෙන් නේපාලයේ බිරේන්ද්‍ර රජු (King Birendra) සහ අයිශ්වර්යා රැජින (Queen Aishwarya) ඇතුළු රාජකීය පවුලේ සාමාජිකයින් නවදෙනෙකු ජීවිතක්ෂයට පත් විය.
ඔබ මේ ඡායාරූපයේ දකින්නේ ලෝක ගෘහ නිර්මාණ ශිල්පයේ වංශකතාව තුළ ශ්‍රී ලංකාවේ නම සටහන් කළ පැබ්ලෝ පිකාසෝ මහා කලා ශිල්පීන් ඇසුරු කළ ශ්‍රී ලංකාවේ එක්තරා ගැහැනියකි.
නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මැතිතුමාට එම තනතුරින් ඉල්ලා අස්වෙන්න කියලා දොලොස් දෙනෙක් විතර සහභාගි වුණ "අති දැවැන්ත" විරෝධතාවයක් නීතිඥ සංගමයේ කාර්යාලය ඉදිරිපිට.
නන්දා මාලනිය සමග මගේ කිසිම පුද්ගලික හඳුනා ගැනීමක් නෑ. ඒත් ඇය ගායනා කරන ගීත අතිශය බහුතරයක් මම ආශාවෙන් රස විඳිනවා. ඒ අනුව ඇය මගේ ප්‍රියතම ගායිකාව වෙන්නත් පුලුවන්. මම එහෙම සැසඳීමක් කරලා නෑ . මම කැමති ගීත ගායනා කරන තවත් ගායිකාවන් ඉන්නවා.
නීතීඥ සංගමයේ සභාපතිගේ ඉංගිරිසි භාවිතය පිළිබඳව සහ නජිත් ඉන්දික මන්ත්‍රීවරයාගේ ඉංග්‍රීසි භාවිතය පිළිබඳව සමාජ මාධ්‍යයේ මේ වන විට කතාබහක් නිර්මාණය වී තිබේ.
බුද්ධික හේවාවසම්ට සංචාරක සංවර්ධන අධිකාරියෙන් යන්න වුණේ වෙන බක්කක් නිසා නෙවෙයි.
අලුතින් හඳුනාගෙන ඇති Zero-Click යනුවෙන් හදුන්වන WhatsApp ගිණුම් අත්පත් කරගැනීමේ ප්‍රහාරයක් විවිධ ජංගම දුරකථන ඉලක්ක කරමින් ක්‍රියාත්මක වන බව වාර්තා වේ.

ප්‍රධාන පුවත්

හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..

මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.

22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීම සඳහා, එනම් තුනෙන් දෙක හෙවත් ඡන්ද 151ක් ගැනීම වැළැක්වීම සඳහා අගමැති හරිනි අමරසූරිය මහත්මිය මුල් වී තවත් 9 දෙනෙකු සමග කැරැල්ලක් ගැසීමට ඉඩ ඇති බවට පළවන මතවාද පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්පූර්ණයෙන්ම අයුක්තිසහගත සහ නීති විරෝධී ක්‍රියාවක් බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් සකස් කරන ලද නවතම වාර්තාව ජිනීවාහිදී ප්‍රකාශයට පත් කර තිබේ.

නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (04) නියෝග කළේය.

කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව එල්ල වී ඇති රුපියල් කෝටි 30ක (මිලියන 300ක) බරපතල මූල්‍ය අවභාවිත හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබේ.

ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..

මෙරට ගල් අඟුරු සංචිත ප්‍රමාණවත් නොවීම හේතුවෙන් විදුලි උත්පාදන ක්‍රියාවලිය බරපතල අර්බුදයකට ලක්ව ඇති බවත්, අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක (නෞකා දෙකක පමණ) අඩුවක් පවතින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා

සෙවණගල සීනි සමාගමේ පාලනාධිකාරිය සහ සේවකයන් අතර දීමනා හා නිවාඩු සම්බන්ධයෙන් හටගත් ගැටලුවක් මුල් කරගනිමින් ආරම්භ වූ වැඩ වර්ජනයක් හේතුවෙන් කර්මාන්තශාලාවේ කටයුතු සම්පූර්ණයෙන්ම අක්‍රිය වී තිබේ. මෙම වර්ජනය නිසා අස්වනු නෙළන ලද උක් ටොන් 6,000කට ආසන්න ප්‍රමාණයක් විනාශ වීමේ දැඩි අවදානමකට ලක්ව ඇති බව වාර්තා වේ.

ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මූතූර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි ඓතිහාසික කොට්ටියාරම සෑගිරිය රජමහා විහාරය මේ වන විට අන්තවාදී ආක්‍රමණ, නිදන් හොරුන්ගේ තර්ජන සහ ප්‍රදේශයේ සිදුවන කළුගල් කර්මාන්ත (ගල්කොරි) හේතුවෙන් දැඩි විනාශයකට ලක්වෙමින් පවතින බව වාර්තා වේ.

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති පෙත්සම් විභාගය ඊයේ (03) ආරම්භ වුණි.

සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි

සමස්ත ලෝකයේ මේ වන විට සිටින බවට ඇස්තමේන්තු කර ඇති ගොවීන් මිලියන 934කින් අඩකට ආසන්න පිරිසක් සෑම වසරකම නොදැනුවත්ව පළිබෝධනාශක විෂවීමකට ලක්වන බව Frontiers in Public Health සඟරාවේ ඊයේ(02) ප්‍රකාශයට පත් කළ අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා ආණ්ඩුව මහජනයාට දැනෙන නිශ්චිත උපායමාර්ගික හැරවුමකට යොමුකිරීම සඳහා තීන්දු ගෙන නොමැති බවත්, අංක ගණිත විජ්ජාවල් පෙන්වා ව්‍යාජ චිත්‍රයක් මහජනයාට මවාපාන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා චෝදනා කරයි.

අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්

"Atlas Angel - 2026" නමින් ශ්‍රී ලංකාවේ දී දින 5ක් පැවැත්වෙන ඒකාබද්ධ ගුවන් පුහුණු අභ්‍යාසය පසුගිය 31 වැනි දා ආරම්භ වූ අතර ඒ සඳහා අමෙරිකානු මොන්ටානා ජාතික ආරක්ෂක බලකාය සමග අමෙරිකානු පැසිෆික් ගුවන් හමුදාව සහභාගි වේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.