News Category
From Date
To Date
Maximum Number of Result

අමුතු දොස්තර ගැන එන හා හූව ගැන මට හිතෙන දේ.......

Dec 30, 2024 at 06:13 PM
|

මේ රටේ ජනතාව අතර දෙයක් ඩසර්ක කරන්නට අවශ්‍ය වූ විට ඒ වෙනුවෙන් කරන්නට තියෙන හොඳම ක‍්‍රමෝපායකි, 👉තමන්ට අයිති නැති දේවල් වලට හොම්බ දැමීම හා ඒ දේ කරනවා යැයි මාකට් කිරීම හෝ කිසිම විදියේ සම්මතයකට අයිති නොවන විදියට මෙලෝ විකාරෙන් පිස්සුවක් නැටීම. අනික, 👉සමාජවාදී හෝ රැඩිකල් වාදී හෝ මානවවාදී කියා හෝ අපි වෙනස් කියා පෙන්වීමට කරන සැරසිල්ලකි කොණ්ඩ රැවුල් වාවාගෙන, අපිලිවෙල ඇඳුම් ඇඳගෙන බාටා සෙරෙප්පු දාගෙන රැඟීම. ☝කොණ්ඩය රැවුල වැවීම හෝ ඇඳුම් විලාසිතා යනු පුද්ගලික තෝරා ගැනීමකි. සංස්කෘතිය මගින් යම් විලාසිතා රීති මුල් බැස ඇති ක්ශේත‍්‍රයක එයට හාත්පස වෙනස් ඇඳුම් ඇඳීම හෝ විලාසිතා සිදු කිරීම ඒ මෙ රටේ අයගේ මනසේ ක්ශේත‍්‍රයට අනුව රැඩිකල් නැටුමකි. ”‍වෛද්‍යවරයා”‍ 👨‍⚕️ යන වෘත්තීය භූමිකාවට සාම්ප‍්‍රදායිකව එන ඇඳුම් පැලඳුම් හා විලාසිතා කරනයක් අපරටේ ඇත. එසේම වෛද්‍ය වෘත්තීයට ලෝකයේ ඕනෑම රටක, සංස්කෘතියක සාපෙක්ෂව ඉහළ පිලිගැනීමක්, අනෝන්‍යය ගෞරවයක් හා විශ්වාසනීය බවක් ඇත. අප රටේ නම්, 👉රදල කුලයේ වෘත්තීයක් වශයෙන් එන පිළිගැනීම නිසා ඇතිවූ සිවිල් බලයක්, 👉ඊට සමගාමීව ප‍්‍රතිපක්ශව ඊර්ෂ්‍යාව හා කුහකත්වය මත පදනම් වූ සැඟවුණු පන්ති හෝ වෘත්තීය වෛරයක්, කුහක කමක් සමාජයේ මුල් බැසගෙන තිබේ. එසේම, 👎එම වෘත්තීය කරන ඇතැම් අයගේ චරිත ස්වභාවය අනුව ඇතිවන පුහුමානය/හීනමානය/තණ්හාව නිසා සිදු වන අලූ‍ගුත්තේරු හා ජුගුප්සාජනක වැඩ නිසාත් වෛද්‍ය වෘත්තීය පිලිබඳ සමාජයේ ඇති ඉහළ පිළිගැනීමට හානි වීමත්, පන්ති/වෘත්තීය වෛරය/කුහකම ඉස්මතු වීමටත් කරුණු යෙදේ. 👎 👉පොදුවේ පසුගාමී, ගෝත‍්‍රික සමාජයක පිළිබිඹුව වන්නේ තමාට ලං වීමට නොහැකි ඉසව්වකට ලං වුනු පුද්ගලයන්ට රහසේ වෛර කිරීමය. අවස්ථාව ආ විට කුහක ලෙස අපහරණය කිරීමය. ”‍අමුතු දොස්තර”‍ ටෙලි සිතුවම ගැන හා හූව ගැන කතා බහ යන්නේ ඒ එක් එක් අයගේ මනසට සාපේක්ෂව යැයි කිව හැකිය. පොදුවේ කලා නිර්මාණයකට සාමාන්‍ය ක‍්‍රමයෙන් අපගමය වූ ඉමක් ගැන, දේවල් ගැන හිතන්නට, ප‍්‍රදර්ශනය කරන්නට අයිතිය ඇත. 🤟 👉මාටින් වික‍්‍රමසිංහ ”‍භවතරණය”‍ කෘතිය ඇසුරෙන් සිදුහත් සිරිත සම්මත පිළිගැනීමෙන් එහා තැනක තබා ප‍්‍රබන්ධ කලේය. 👉ඩෑන් බ‍්‍රව්න් ා් ඪසබජස ජදාැ කෘතිය මගින් ක‍්‍රිස්තුස් වහන්සේ සම්බන්ධව පිළිගත් සම්මතයෙන් එහා ක්ශේත‍්‍රයක ප‍්‍රබන්ධයක් කලේය. ඒ අයුරින් ”‍අමුතු දොස්තර”‍ ටෙලි කෘතියේ නිර්මාණ කරුවාට ප‍්‍රබන්ධ චරිතයක් නිර්මාණය කිරීමට අයිතිය ඇත. එය රස විඳීමටද රසිකයන්ට අයිතිය ඇත. ”මෙහිදී සමාජයේ වන කසු කුසුව/ගැටීමට ඇති හේතුව වන්නේ ඉහත මා කී ගෝත‍්‍රික කුහකයන්ගේ හා සාම්ප‍්‍රදායික වෛද්‍ය වංශය කබල් ගෑමේ අයගේ ප‍්‍රතිරෝධයන් වල ගැටීමෙනි.” 👉වෛද්‍ය වරයා රෝහලේ අතුගෑම, වැසිකිළි සේදීම, වැසිකිළි වලවල් සුද්ද කිරීම, කරන්නට ඕනෑ කියා යමෙකු සිතනවා නම් ඒ දේවල් කිරීමට වෙනම පුද්ගලයන් අවශ්‍ය වන්නේ නැත. 👉එසේම විශාල පිරිවැයක් හා අධ්‍යන කාලයක් ඇති වසර 5 අධ්‍යයන කාලයක් ඇති උපාධියක් අතුගෑම, වැසිකිළි සේදීම, වැසිකිළි වලවල් සුද්ද කිරීම වැනි රැකියා කිරීමට සුදුසුකමක් ලෙස අවශ්‍ය වන්නේද නැත. කලා නිර්මාණයක අපගමනයක් ලෙස මිස යථාර්ථය ඇතුළත එවැන්නක් අපේක්ෂා කරන්නේ නම් එය මෝඩ කමකි. 👉කලිසමක්, හොඳ කමිසයක්, ටයි පටියක් හැඳ පැළඳ පිළිවෙළකට කොණ්ඩය රැවුල කපා විලවුන් ටිකක් ගල්වා සිනාමුසුව එන පුද්ගලයෙක් වෛද්‍ය වරයෙක් වීම යන ආකෘතිය👈 👉අපිලිවෙලට කොණ්ඩය රැවුල වවා, ඔහේ මොකක් හෝ කලිසමක් කමිසයක් හෝ උඩ ඇඳුමක් ඇඳගෙන නාවර පෙරාගෙන හඩු ගඳ ගහගෙන එන කෙනෙක් වෛද්‍ය වරයෙක් වීම යන ආකෘතියට👈 වඩා සුන්දර යැයි මම සිතමි. ශ‍්‍රමදාන, පොදුවැඩ, හදිසි අවස්ථා, ආපදා, සෞඛ්‍යය ආදී විශේෂ කාරණා වලදී හැර තමාගේ රැකියාවේ වපසරියේ ඇති වගකීම් හා යුතුකම් හරියට ඉටුකිරීම සිදු කිරීම පමණක් සිදු කිරීම වෛද්‍ය වරයයකු ලෙස මැනවි යයි මම සිතමි. ( වෛද්‍ය වරයකු වශයෙන් මම ද ඕනෑ තරම් කම්කරු රාජකාරි සිදු කර ඇත්තෙමි, තවමත් එවැනි දෑ කරමි. ඒ විශේෂ මා ඉහත දැක්වූ අවස්ථා වලදී මිස එදිනෙදා සේවයේ නොවේ. එසේ ඒවා සිදුකළා කියා අවධානය හිඟා කෑමට නොයමි.* ඔබ වෛද්‍ය වරයකු නම් අමුතු වීමට අවශ්‍ය නම්, 👉කොණ්ඩ රැවුල් වවා දත් නොමැද, 👉අපිලිවලට ඇඳුම් ඇඳගෙන ගඳ ගහගෙන නාවර පෙරාගෙන ඒමට අවශ්‍ය නැත. පිළිවෙළට රාජකාරියට සුදුසු ලෙස හැඳ පැළඳ එන්න. යුතුකම් වගකීම හරියට කරන්න. සමාජයේ වෘත්තීය කුහක වෛරී ස්වභාවය ගැන අවබෝධය ඇතුව වැඩ කරන්න. නිර්මාණ කරුවකුගේ පරිකල්පන පරාසයේ ඇඳුනු කලා කෘතියක් හා නොගැටී එය රස විඳින්න. කම්කරු රාජකාරි ඒ අදාළ සේවක මහත්ම මහත්මීන්ගෙන් නිසි පරිදි කරවා ගැනීමට පරිපාලනයේ දක්ෂ වෙන්න. ඕන එකයි එපා එකයි හැම මගුලම තමාගේ අතින්ම කරන්න ඕනා කියන බොරු හීනමානයෙන් ගැලවෙන්න, අවශ්‍ය වෙලාවට සම්මත රාමුවෙන් එපිට ඕනෑම දෙයක් කිරීමට පසුබට නොවෙන්න. -වෛද්‍ය රුවන් ජයසූරිය-



සම්බන්ධිත පුවත් | Related News

බුදුදහම සහ ධර්ම කරුණු විකෘති කරමින් ප්‍රචාරය කරන බවට චෝදනා එල්ල වී ඇති පුද්ගලයින් 103 දෙනෙකුගේ නාමලේඛනයක් සමාජ මාධ්‍යය මගින් ප්‍රසිද්ධියට පත් කර තිබේ.
මෙතන ඉන්න ගොඩක් අය අද ජීවතුන් අතර නෑ. ඉන්නෙ අතලොස්සක පිරිසක් විතරයි.
2001 වසරේ ජූනි 1 වනදා නේපාලයේ කත්මණ්ඩු නුවර නාරායන්හිටි රාජමාලිගයේදී සිදු වූ නේපාල රාජකීය පවුලේ සමූලඝාතනය ලෝක ඉතිහාසයේ ලේවැකි සහ අතිශය කම්පන සහගත පුවතක් ලෙස සටහන් වේ. මෙම ඛේදවාචකයෙන් නේපාලයේ බිරේන්ද්‍ර රජු (King Birendra) සහ අයිශ්වර්යා රැජින (Queen Aishwarya) ඇතුළු රාජකීය පවුලේ සාමාජිකයින් නවදෙනෙකු ජීවිතක්ෂයට පත් විය.
ඔබ මේ ඡායාරූපයේ දකින්නේ ලෝක ගෘහ නිර්මාණ ශිල්පයේ වංශකතාව තුළ ශ්‍රී ලංකාවේ නම සටහන් කළ පැබ්ලෝ පිකාසෝ මහා කලා ශිල්පීන් ඇසුරු කළ ශ්‍රී ලංකාවේ එක්තරා ගැහැනියකි.
නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මැතිතුමාට එම තනතුරින් ඉල්ලා අස්වෙන්න කියලා දොලොස් දෙනෙක් විතර සහභාගි වුණ "අති දැවැන්ත" විරෝධතාවයක් නීතිඥ සංගමයේ කාර්යාලය ඉදිරිපිට.
නන්දා මාලනිය සමග මගේ කිසිම පුද්ගලික හඳුනා ගැනීමක් නෑ. ඒත් ඇය ගායනා කරන ගීත අතිශය බහුතරයක් මම ආශාවෙන් රස විඳිනවා. ඒ අනුව ඇය මගේ ප්‍රියතම ගායිකාව වෙන්නත් පුලුවන්. මම එහෙම සැසඳීමක් කරලා නෑ . මම කැමති ගීත ගායනා කරන තවත් ගායිකාවන් ඉන්නවා.
නීතීඥ සංගමයේ සභාපතිගේ ඉංගිරිසි භාවිතය පිළිබඳව සහ නජිත් ඉන්දික මන්ත්‍රීවරයාගේ ඉංග්‍රීසි භාවිතය පිළිබඳව සමාජ මාධ්‍යයේ මේ වන විට කතාබහක් නිර්මාණය වී තිබේ.
බුද්ධික හේවාවසම්ට සංචාරක සංවර්ධන අධිකාරියෙන් යන්න වුණේ වෙන බක්කක් නිසා නෙවෙයි.
අලුතින් හඳුනාගෙන ඇති Zero-Click යනුවෙන් හදුන්වන WhatsApp ගිණුම් අත්පත් කරගැනීමේ ප්‍රහාරයක් විවිධ ජංගම දුරකථන ඉලක්ක කරමින් ක්‍රියාත්මක වන බව වාර්තා වේ.

ප්‍රධාන පුවත්

හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..

මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.

22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීම සඳහා, එනම් තුනෙන් දෙක හෙවත් ඡන්ද 151ක් ගැනීම වැළැක්වීම සඳහා අගමැති හරිනි අමරසූරිය මහත්මිය මුල් වී තවත් 9 දෙනෙකු සමග කැරැල්ලක් ගැසීමට ඉඩ ඇති බවට පළවන මතවාද පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්පූර්ණයෙන්ම අයුක්තිසහගත සහ නීති විරෝධී ක්‍රියාවක් බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් සකස් කරන ලද නවතම වාර්තාව ජිනීවාහිදී ප්‍රකාශයට පත් කර තිබේ.

නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (04) නියෝග කළේය.

කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව එල්ල වී ඇති රුපියල් කෝටි 30ක (මිලියන 300ක) බරපතල මූල්‍ය අවභාවිත හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබේ.

ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..

මෙරට ගල් අඟුරු සංචිත ප්‍රමාණවත් නොවීම හේතුවෙන් විදුලි උත්පාදන ක්‍රියාවලිය බරපතල අර්බුදයකට ලක්ව ඇති බවත්, අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක (නෞකා දෙකක පමණ) අඩුවක් පවතින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා

සෙවණගල සීනි සමාගමේ පාලනාධිකාරිය සහ සේවකයන් අතර දීමනා හා නිවාඩු සම්බන්ධයෙන් හටගත් ගැටලුවක් මුල් කරගනිමින් ආරම්භ වූ වැඩ වර්ජනයක් හේතුවෙන් කර්මාන්තශාලාවේ කටයුතු සම්පූර්ණයෙන්ම අක්‍රිය වී තිබේ. මෙම වර්ජනය නිසා අස්වනු නෙළන ලද උක් ටොන් 6,000කට ආසන්න ප්‍රමාණයක් විනාශ වීමේ දැඩි අවදානමකට ලක්ව ඇති බව වාර්තා වේ.

ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මූතූර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි ඓතිහාසික කොට්ටියාරම සෑගිරිය රජමහා විහාරය මේ වන විට අන්තවාදී ආක්‍රමණ, නිදන් හොරුන්ගේ තර්ජන සහ ප්‍රදේශයේ සිදුවන කළුගල් කර්මාන්ත (ගල්කොරි) හේතුවෙන් දැඩි විනාශයකට ලක්වෙමින් පවතින බව වාර්තා වේ.

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති පෙත්සම් විභාගය ඊයේ (03) ආරම්භ වුණි.

සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි

සමස්ත ලෝකයේ මේ වන විට සිටින බවට ඇස්තමේන්තු කර ඇති ගොවීන් මිලියන 934කින් අඩකට ආසන්න පිරිසක් සෑම වසරකම නොදැනුවත්ව පළිබෝධනාශක විෂවීමකට ලක්වන බව Frontiers in Public Health සඟරාවේ ඊයේ(02) ප්‍රකාශයට පත් කළ අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා ආණ්ඩුව මහජනයාට දැනෙන නිශ්චිත උපායමාර්ගික හැරවුමකට යොමුකිරීම සඳහා තීන්දු ගෙන නොමැති බවත්, අංක ගණිත විජ්ජාවල් පෙන්වා ව්‍යාජ චිත්‍රයක් මහජනයාට මවාපාන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා චෝදනා කරයි.

අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්

"Atlas Angel - 2026" නමින් ශ්‍රී ලංකාවේ දී දින 5ක් පැවැත්වෙන ඒකාබද්ධ ගුවන් පුහුණු අභ්‍යාසය පසුගිය 31 වැනි දා ආරම්භ වූ අතර ඒ සඳහා අමෙරිකානු මොන්ටානා ජාතික ආරක්ෂක බලකාය සමග අමෙරිකානු පැසිෆික් ගුවන් හමුදාව සහභාගි වේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.