රැල්ල තුළින් බලයට ආ අය ඇරියස් කවර් කර ගන්න රුහුණු විශ්ව විද්‍යාලයේ උප කුලපතිව බිල්ලට ගත්තා ද?
මහාචාර්ය විශේෂඥ වෛද්‍ය සුජීව අමරසේන රුහුණු විශ්ව විද්‍යාලයේ උප කුලපති ධුරයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් මේ වන විට දැඩි කතාබහක් නිර්මාණය වී තිබේ.
ඔහුව මෙම තනතුරෙන් ඉවත් කිරීම පිළිබඳව මුහුණු පොතේ තබා තිබූ සටහනක් පහළින් දක්වා තිබේ.
කොන්දක් ඇති මිනිසෙක් ලෙස ඔහු ගෙදර යයි...
මහාචාර්ය විශේෂඥ වෛද්‍ය සුජීව අමරසේන රුහුණු විශ්ව විද්‍යාලයේ උප කුලපති ධුරයේ බලතල වලින් ඉවත් කර ඇත..
වැරදි අරමුණු වෙනුවෙන් කරන උද්ඝෝෂණවලට බියෙන්,
නිවැරදි මිනිසුන් තනතුරු වලින් අයින් කරනවා නම්,
එය නිවැරදි පාලනයක පිරිසිදු අරමුණු ඉටුකර ගැනීමට හැකි ක්‍රමයක් දැයි මට තේරෙන්නේ නැත..
මහාචාර්ය සුජීව අමරසේනට වංචා දූෂණ පිළිබඳ චෝදනා එල්ල කරනවා නම් ඒ පිළිබඳ සිනහසෙනවා ඇරෙන්නට වෙන කරන්නට දෙයක් නැත..
ඔහු ඒ පිළිබඳ ප්‍රසිද්ධියේම පිළිතුරු දෙන්නේ එවන් චෝදනාවක් හැකිනම් ඔප්පු කරන ලෙසටයි..
රැල්ල තුළින් බලයට ආ සමහරුන් තමන්ගේ ඇරියස් කවර් කර ගැනීමට මේ විශිෂ්ට මිනිසා බිල්ලට ගෙන ඇත..
රටක පාලනය භාරගත්තාට පසු ,
තමන්ට පාලන බලයට ලබා ගන්නට උදව් කළ මිනිසුන්ට ඔවුන්ගේ අරමුණු ඉටු කර දෙනවාට වඩා,
රටට නිවැරදි දේ කිරීම පාලකයන්ගේ වගකීම විය යුතුය...
වඩා හොඳ රටක් අධ්‍යාපන පද්ධතියක් ඇති කිරීම සඳහා යන ගමනට මෙවැනි දේ කෙතරම් ගැළපෙනවාදැයි යන්න ප්‍රශ්නයකි..
අමානුෂික නවක වධයට විරුද්ධ වීම නිසා කොටසක් බොහෝ සමග වෛර බැඳ ගත්හ..
සරසවි පද්ධතිය තුළ න් ජනප්‍රිය වීමට ඒ නවක වධ කණ්ඩායම් සමග එක් වූ පරිපාලනයේ සමහරුන්ටද මොහු මහා කරදරයක් විය..
වැඩ නොකරන වැඩ මඟ හරින අයටද ඔහු කරදරයක් විය..
කිඹුහුමකටත් වර්ජනය කරන කණ්ඩායම් වලටද ඔහු කරදරයක් විය..
වැඩ වර්ජන තුළින් වෛද්‍ය සිසුන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් වීම නතර කිරීමට ඔහු පුද්ගලිකවම කෙතරම් උත්සාහ ගත්තාදැයි දන්නා අය දනිති..
එහිදී ඔහුට පෞද්ගලිකවම තර්ජන ගර්ජන එල්ල වද්දී ඒවා ඉදිරියේ ආත්ම ශක්තියෙන් නැගී සිටි ආකාරයද දන්නා අය දනිති....
1980 ගණන්වලින් පසු අප දන්නා මෑත ඉතිහාසයේ වැඩ වර්ජනය නොකළ වෛද්‍යවරයෙක් ලෙසද මහාචාර්ය සුජීව අමරසේන මගේ මතකයේ රැඳී තිබේ..
මේ ඉවත් කිරීමෙන් ඔහුට කිසිදු පාඩුවක් සිදුවන්නේ නැත...
පාඩුව සිදුවන්නේ මෙරට සරසවි පද්ධතියටය..
සරසවි වලට ඇතුළත් වී තමන්ගේ අධ්‍යාපන කටයුතු විකාර වලින් තොරව නිවැරදිව කිරීමට අරමුණු කරගත් දරුවන්ටය....
සුනාමියක් ඉදිරියේ ඒවාට එරෙහිව අදහස් දැක්වීම සෑහෙන්නට බැනුම් අහන්නට වෙන දෙයකි..
කෙතරම් බැනුම් ඇහුවත් හදවතට එකඟව කිව යුතු දේ කිව යුතුමය...
බහුතර මතය හැමවිට නිවැරදි නම් ලෝකය තවමත් පැතිලිය.....
ඔබ ගෙදර යන්නේ ඔබේ කාර්යය නිසි ලෙස ඉටුකළ උපකුලපතිවරයෙක් ලෙස බව අපේ සම්පූර්ණ විශ්වාසයයි..
අනාගතයේදී ඔබේ නිවැරදි බව පැහැදිලි වන බව ඒකාන්තය..
නමුත් මේ තීරණය නිසා වන හානිය ප්‍රතිපූර්ණය කළ නොහැක..
ආයුබෝවන්! මහ ඇදුරුතුමනි...🙏🙏
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්‍රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..
නව ත්රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්
පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..
ප්රංශය ඇතුළු යුරෝපා රටවල උග්රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්රවංශගෙන් අනාවරණයක්..
බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්යය මගින් විනාශකාරී මහා සත්යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා
භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි
"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්රාත්වරයා රබර් මුද්රාවක් වෙලා": ත්රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා
අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්
ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)
කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්රාන්තයකින් වරෙන්තුවක්
ඇමරිකානු ජනපති ට්රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්‍ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..
මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..
මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..
ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්රවීන මාධ්‍යවේදී ධර්මශ්රී ගෙන් අනාවරණයක්..
බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..