මාලිමා ආණ්ඩුවේ සැඟවුනු නාඩගම් සහ රංගනයන්
මේ 2015 විතර මුහුණුපොතේ තබපු සටහනක්...
සෝමවංශ අමරසිංහ මහතා ජවිපෙන් ඉවත් වෙලා කරපු රූපවාහිනී සංවාදයකදී, ජවිපෙ 2015 ජාතික ලැයිස්තුවටත් රිංගාගත් බටහිර ඒජන්තයන් ගැන සුවිශේෂී හෙළිදරව්වක්ව කරනවා. ජාතික ලැයිස්තුවේ මුලටම රිංගපු ඒ බොහෝ දෙනා ජවිපෙ වෙත කැන්දන් ආවේ අනුර කුමාර කියලයි සෝමවංශ අමරසිංහ කියන්නේ.
ඔහු එහිදී Highlight කරපු නම් දෙකක් තිබ්බා. එකක් අරුණ කීරිෂ්මාල් වර්ණසූරිය. අනෙක උපුල් කුමරප්පෙරුම.
මේ එයින් උපුටා ගත් කොටසක්
"අධිරාජ්‍යවාදයේ වැඩේ තමයි මේ රටේ තිබ්බ සමාජවාදී පක්ෂය අධිරාජ්‍යවාදී ගැති කරගන්න එක. එහෙම කරල ඒක යටත් කරගන්න එක. ඒක සෑහෙන්න දුරට කරල ඉවරයි දැන්.
බලන්න ජාතික ලැයිස්තුව. උපුල් කුමරප්පෙරුම..
එයා මංගල එක්ක ඉන්නේ. එක්සත් ජාතික පක්ෂයේ හොඳ කකුලක්. අනුර කුමාර එක්සත් ජාතික පක්ෂයට ගෙන ගියෙත් එයා"
-සෝමවංශ අමරසිංහ
https://www.facebook.com/kelum.niranjana.5/videos/10158072303609365
-------------
මේ ඒකටම අද එකතු කරන කොටස..👇
ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා වූ විගසම සිදුවූ ගානියා බැරිස්ටර් නාඩගම ඔබට මතක ඇති.
සුදු වෑන් එකකින් පැමිණිලා තමන් පැහැරගෙන ගිහින් හිරිහැර කරා කියල ස්වීට්සර්ලන්ත තානාපති කාර්යාල නිලධාරිණියක වන ගානියා බැරිස්ටර් නැමැත්තිය යොදාගෙන රට අපකීර්තියට පත් කිරීමට කරපු අලජ්ජී උත්සහය අධීකරණය හමුවේ හෙළිදරව් වුනා. එදිදී ගානියා බැරිස්ටර් වරද පිළිගත් අතර වසර දෙකක බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම කළ අතර එය වසර පහකට අත්හිටුවීමට නියෝග කළා. මේ ගානියා බැරිස්ටර් නාඩගමේ ගානියාගේ නීතීඥයා තමයි උපුල් කුමරප්පෙරුම.
ඔහු උසාවියේදී කෙස් පැලෙන තර්ක ගෙනාවා ඒ අලජ්ජී උත්සහය යුක්ති යුක්ත කරන්න.
https://runews.lk/news/item/11049-ghanaia-barrister
අවසානයේ අධිකරනය හමුවේ ඒ සියළු රඟපෑම් හෙළිදරව් වුනා...
අද ඔහු ජාතික ජන බලවේගයේ මාතර ලැයිස්තුවේ චන්දය ඉල්ලනවා. ඔහුගේ මිත්‍රයන් නම් ඔහු හඳුන්වන්නේ අනාගත මාලිමා ආණ්ඩුවේ අධිකරණ ඇමති කියල.
චූදිතයන් වෙනුවෙන් පෙනී ඉන්න එක නීතීඥවරුන්ගේ රස්සාව වගේ අදහසක් කාට හරි කියන්න පුලුවන්. ඒත් මේක එහෙම නිකන් රස්සාවට කරපු එකක්ද කියල සෝමවංශගේ කතාවත් එක්ක එකට ගලපල හිතුවම පෙනේවි. අනෙක් පසින් ජවිපෙ ඒ දිනවල මේ පැහැරගැනීම සිදු වුනා කියන එක වෙනුවෙන් පෙනී හිටපු හැටි මතක ඇති බොහෝ දෙනෙකුට. ලාල් කාන්ත වගේ අය ප්‍රසිද්ධියේ කිව්වේ "ඝානියා පැහැරගත්තේ නෑ කියල ඇය විසින්ම කිව්වත් අපි විස්වාස කරන්නේ නෑ. පැහැර ගත්තාම තමයි" කියලා
රස්සාවට නඩු කතාකරන්න කාටවත් බාධාවක් නෑ. හැබැයි එක් පසකින් රටට අවමන් කරන අල්ලජී කුමන්ත්‍රණ යුක්ති යුක්ත කරන්න තමන්ගේ ආත්මය විකුණන ගමන් අනෙක් පැත්තෙන් මහා සමාජ ශෝධකයන් විදියට කරන මේ රඟපෑම කවද හරි සමාජය ඉදිරියේ හෙළිදරව් වේවි සහ එය ජනතාව විසින්ම දිනයක ප්‍රතික්ෂේප කරාවි.
ඒක කාලය පිළිබඳ ප්‍රශ්නයක් විතරයි...
- යටියන ප්‍රදීප් කුමාර
2024-11-11
(මුහුණු පොතෙන් උපුටාගන්නා ලදී)
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්