පෙට්ටිය ඇතුලේම බබා ලැබෙන දුරකතන
01). ඉන්දියාවේ Sa***** / Red** වගේ දුරකතන වලට, අවුරුද්දක් පරණ වුණ හැටියේ 60%ක - 80%ක වට්ටමක් ලැබෙනවා. (පාවිච්චි කරපුවා නෙවෙයි. Brand New ගනිද්දී.) රු. 89,000 හේ දුරකථනය ගන්න පුළුවන් රු. 22, 000ට අවුරුද්දක් බලාගෙන උන්නොත්.
අවුරුදු දෙකක් පරණ Ap*** වර්ගයේ මාදිලි වලට රුපියල් 80,000 ක වගේ වට්ටමක් ලැබෙනවා. දළ වශයෙන් 30%ක් පමණ.
නමුත් මේ දුරකථන ශ්‍රී ලංකාවේ අවුරුදු දෙකකට පස්සෙ විකුණන්නෙත්, ගහපු මිලටමයි.
02). වෙන රටවල අලෙවි නියෝජිතයෝ අලුත්ම Sealed Pack දුරකථන පවා, මෙහෙම මිල අඩු කරන්න හේතුවක් තියෙනවා.
දුරකථන බැටරි වල ආයු කාලය අඩු වෙන්නේ පාවිච්චි කරද්දී විතරක් නෙවෙයි. පෙට්ටිය ඇතුලේ තිබුණත් බැටරියේ ආයු කාලය අඩු වෙනවා පාවිච්චි කරන දුරකථනයක් වගේම.
ඊළඟට මේ දුරකතන වල software updates නවතිනවා තව වසරක් යද්දී.
මේ සමාගම් ඉක්මනට තමන්ගෙ stock clear කිරීමේ රහස මේකයි.
03). අපේ රටේ මිනිස්සු මේ තාක්ෂණික කරුණු දන්නේ නැති බව සමාගම් දන්නවා.
ඒකයි ඉතාම පැරණි, බැටරි තියා Software Updates පවා නතර වෙච්ච දුරකථන, තවමත් ගිනි ගණන් වලට විකුනන්නේ.
ඒකයි අපේ රටේ Second Hand දුරකථන වලට පවා ලොකු මිලක් නියම වෙන්නේ.
04). අපි මේ මගඩිය නතර කරමු. අදින් පස්සේ කවදාවත්, අවුරුද්දකට වඩා පරණ දුරකතනයක් ලොකු වට්ටමක් නැතිව ගන්න එපා.
අඩුම තරමින් 30%ක වට්ටමක් ඉල්ලන්න. මේවා පරණයි, කලින් මිලට දැන් මේවා වටින්නේ නෑ කියලා කියන්න. එතකොට වෙළඳ මහත්වරු හරහා මේ ප්‍රතිරෝධය යනවා සමාගම් වලට.
Second Hand දුරකථන වලට 80%ක - 90% වට්ටමක් සහිතව විතරක් ගන්න. වෙන රටවල ඔවායේ ඇත්ත market price එක ඒකයි.
05). අපි හැමෝම මෙහෙම කළොත්, අවුරුදු දෙකක් යද්දී පෙට්ටි ඇතුලෙම බැටරිය පිම්බිලා දුරකථනය ඉදීමෙද්දි මෙයාලට මතක් වෙයි, අපරාදේ dis - ක - unt එකක් දාලා දෙන්නයි තිබ්බේ කියලා.
ඔයාගේ යාළුවෝ / අම්මා තාත්තා හැම කෙනෙක්ට ම මේ රහස කියලා දෙන්න. නැත්නම් ඔයාගේ යාළුවා / අම්මා තමයි අහුවෙන්නේ අවුරුද්දෙන් දෙකෙන් නාස්ති වෙලා යන, "පෙට්ටිය ඇතුලෙම ඔයාට නොපෙනෙන්න පිම්බුණ" phone එකකට.
-Sujeeva
(මුහුණුපොතෙන්)
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්‍රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..
නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්
පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..
ප්රංශය ඇතුළු යුරෝපා රටවල උග්රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්රවංශගෙන් අනාවරණයක්..
බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්යය මගින් විනාශකාරී මහා සත්යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා
භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි
"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්රාත්වරයා රබර් මුද්රාවක් වෙලා": ත්රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා
අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්
ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)
කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්රාන්තයකින් වරෙන්තුවක්
ඇමරිකානු ජනපති ට්රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්‍ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..
මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..
මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..
ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්රවීන මාධ්යවේදී ධර්මශ්රී ගෙන් අනාවරණයක්..
බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..