News Category
From Date
To Date
Maximum Number of Result

අපේ රටේ වර්තමානයේ පවතින සමාජ, ආර්ථික, දේශපාලන සංදර්භය පොදු ජනයා පමණක් නොව, නාට්‍යකරුවන් පවා අපේක්ෂාභංගත්වයට පත් කරනවා.. – නාට්‍යවේදී අඛිල සපුමල්

Aug 7, 2026 at 04:38 PM
|

පසුගියදා කොළඹ 7 පිහිටි බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනයේ පාරාදීසය එළිමහන් රඟහලේදී විශ්ව සම්භාවනාවට පාත්‍ර වූ ඊඩිපස්, ජුලියස් සීසර්, ගොඩෝ එනකං, සාකුන්තලය සහ ජපන් සම්ප්‍රදායික නාට්‍යය අඩංගු උළෙලක් පවත්වනු ලැබුවා. අසමා රූපණ සරසවියේ නිර්මාතෘ අඛිල සපුමල් නාට්‍යවේදියා විසින් සංවිධානය කළ මෙම උළෙල හරවත් අදහස් ඇති ප්‍රේක්ෂකයන්ගේ විශේෂ අවධානය දිනා ගැනීමට සමත් වූවා.

හිටපු විශ්වවිද්‍යාල කථිකාචාර්යවරයකු හා රාජ්‍ය සම්මානලාභී නාට්‍යකරුවකු වන අඛිල සපුමල් සමඟ ලංකා ලීඩර් වෙබ් අඩවිය අප පාඨකයන්ගේ බුද්ධිමය නිම් වළලු පුළුල් කිරීම වෙනුවෙන් දොඩමලු වූවා. එම සංවාදයේ ලිඛිත සටහන ලංකා ලීඩර් පාඨකයන්ගේ පරිශීලනය වෙනුවෙන් මෙසේ පළ කරමු.

සංවාද සටහන: ජීවන්ත ජයතිස්ස

ප්‍රශ්නය:

ඔබ පසුගියදා නාට්‍ය සම්ප්‍රදායන් පහකට අයත් නාට්‍ය පහක නාට්‍ය උළෙලක් බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනයේ එළිමහන් රඟහලේදී පැවැත්වූවා. ලංකා ලීඩර් වෙබ් අඩවිය නියෝජනය කරමින් අපද සහභාගි වූ එම උළෙල විශාල ප්‍රේක්ෂක සහභාගිත්වයක් නොතිබුණද, අතිශය සාර්ථක ආරම්භයක් ගත් නාට්‍ය උළෙලක් ලෙස කිව හැකි ලක්ෂණ එහි ගැබ්ව තිබුණා. වෙනත් විදියකින් කිවහොත්, දියුණු ප්‍රේක්ෂකයන් සමූහයක් ඔබ ඒකරාශී කර ගැනීමට සමත් වුණා. එලෙසම රංගන ශිල්පීන් තමන් අභියස සිටින ප්‍රේක්ෂකයන් නිවැරදිව තක්සේරු කර ගනිමින් තම උපරිම රංගනය දායක කිරීමට උත්සාහ කළ බව අපට දැනුණා. මේ සම්බන්ධයෙන් ඔබගේ අදහස කුමක්ද?

අඛිල සපුමල්:

මා විසින් ගොඩනැගූ අසමා රූපණ සරසවිය සමඟ 2020 සිට 2025 දක්වා කාලයේදී සක්‍රියව සම්බන්ධ වූ කණ්ඩායම් පහෙන් මා සමඟ රැඳුණු අයගෙන් තමයි ඔබ රසවිඳි නාට්‍ය පහ වේදිකාගත කළේ.

අසමා රූපණ සරසවිය ඉහත කී වසරවල මාස දහයක පමණ කාලයක් පුරා විසිදෙනෙකුගෙන් පමණ යුත් කණ්ඩායමක් සමඟ රංගනය සම්බන්ධ සියලු ක්ෂේත්‍ර ආවරණය කරමින් රංගන පාඨමාලාවක් පවත්වාගෙන යමින් විශාල ගවේෂණයක නියැළුණා.

එම ගවේෂණය පුහුණු වැඩමුළුවලින් පමණක් කළ හැකි දෙයක් නොවෙයි. එය අනිවාර්යයෙන්ම රංගන භූමියක ප්‍රේක්ෂකයා සමඟ දොඩමලු විය යුතු අභ්‍යාසයක්. මම මේ වෙනුවෙන් දැවැන්ත මුදලක් ආයෝජනය කර දැවැන්ත කැපවීමක් කර තිබෙනවා. ඒ සියලු දේ කැප කිරීමේ අරමුණ මා ළඟට එන සිසුවාගේ රංගන ප්‍රතිභාව මතු කර ගැනීමයි.

ඒ නිසාම ඔවුන් මා ළඟ සිටි අවුරුදු තුනහමාර හතර ඇතුළත නාට්‍ය උළෙලවල් දොළහක් මම සංවිධානය කළා. එම උළෙලවල් අතිසාර්ථක වුණා. එම නාට්‍ය උළෙලවල් හේතුවෙන් ඔවුන්ගේ රංගන ප්‍රභාව දවසින් දවස ඔපමට්ටම් කිරීමට මට හැකි වුණා. ඔවුන්ගේ අඩුපාඩු සාකච්ඡා කිරීමට අවස්ථාවක් උදා කර ගැනීමටත්, එම අඩුපාඩු සකස් කර ගැනීමටත් එමඟින් අපි අවස්ථාව උදා කර ගත්තා.

අප ඒ කළ සතත අභ්‍යාසයේ අවසන් ප්‍රතිඵලය තමයි පසුගියදා පාරාදීසය එළිමහන් රඟහලේදී ඔබ රසවිඳි නාට්‍යවලින් අපි මුදා හැරියේ.

ඉතින් මේ කාර්යයේදී මගේ කණ්ඩායමේ සාමාජිකයන් සැමදෙනාම දැඩි කැපකිරීමක් කළා. ඔවුන් දුර බැහැර ප්‍රදේශවල සිට විශාල මුදලක් ගෙවාගෙන කොළඹට ඇවිත් පුහුණු වීම් කටයුතුවල නියැළෙනවා. එයටත් වඩා අමාරුම කාර්යක ඔවුන් නිරත වෙනවා.

ඔබ දකින්නට ඇති අපගේ නාට්‍ය පහ ශෛලීන් පහකට අයත් නාට්‍ය. ඔවුන් බොහෝ දෙනෙක් එම විවිධ ශෛලීන්ගේ නාට්‍යවලට රංගනයෙන් දායක වෙනවා. ඒ අනුව මට පුළුවන් වෙලා තියෙනවා ඔවුන්ගේ කය සහ මනස විවිධ නාට්‍ය ශෛලීන්ට පුහුණු කරවන්න. ඒ වගේම ඔවුන් නම්‍යශීලී වී තිබෙනවා ඕනෑම නාට්‍ය ශෛලියකට අනුගත වෙන්නට.

මගේ නාට්‍ය කණ්ඩායම වේදිකාවේ හැඩය, වේදිකාවේ ස්වභාවය අනුව රංගන කාර්යයේ යෙදීමට හැකි පිරිසක් බවට පත් කිරීමට මට හැකිව තිබෙනවා කියා මට ආඩම්බරයෙන් පැවසිය හැකියි. ඒ වගේම ඔවුන් මගේ සොඳුරු ආඥාදායකත්වය අනුමත කර තිබෙනවා.

ප්‍රශ්නය:

ඔබගේ නාට්‍ය උළෙල සියුම්ව නිරීක්ෂණය කරද්දී අපට හැඟී යන්නේ ඔබගේ නාට්‍ය උළෙල අපොස උසස් පෙළට නාට්‍ය හා රංග කලාව විෂයක් ලෙස හදාරණ සිසුන් ඉලක්ක කර මෙම උළෙල පැවැත්වූවාද කියායි. මා එසේ අසන්නේ එම නාට්‍ය සියල්ල අපොස උසස් පෙළ නාට්‍ය හා රංග කලාව විෂය නිර්දේශය තුළ වන නාට්‍ය වීම නිසයි. සැබැවින්ම ඔබ අපොස උසස් පෙළ නාට්‍ය හා රංග කලාව හදාරණ සිසුන් ඉලක්ක කර ගත්තාද? නැතහොත් වෙනත් ප්‍රේක්ෂකයන් පිරිසක් ඔබ ඉලක්ක කර ගත්තාද?

අඛිල සපුමල්:

ඔබගේ නිරීක්ෂණය අර්ධ වශයෙන් නිවැරදියි. 1997 සිට අපොස උසස් පෙළ නාට්‍ය හා රංග කලාව විෂයට නිර්දේශිත සම්භාව්‍ය නාට්‍ය තමයි අපි නැවත නිෂ්පාදනය කළේ.

අපට එම සම්භාව්‍ය නාට්‍ය එසේ අලුතින්ම නිෂ්පාදනය කිරීමට සිදුවුණේ පාසල් ශිෂ්‍යයන්ට මෙන්ම විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට විෂය කරුණු පොත් පිරෙන්නට ලියා ගන්න දුන්නත්, එම නාට්‍ය සැබැවින් සියැසින් බලා රසවිඳීමට අවස්ථාවක් ඔවුන්ට තිබුණේ නැති නිසයි.

අපට පෙර සිටි නාට්‍යකරුවන් විසින් කර තිබූ එවැනි සම්භාව්‍ය නාට්‍යවල නිෂ්පාදනත් දර්ශන වාර කිහිපයකින් පසුව නවතා දමා තිබුණා. ශිෂ්‍යයන් වෙනුවෙන් ඒ අඩුව පිරවීම නාට්‍ය හා රංග කලාව පිළිබඳ විද්‍යාර්ථියෙකු ලෙස මා විසින් කළ යුතු වූවා. මා ඒ අඩුව සාර්ථකව පිරවූවා යැයි සිතනවා.

මගේ සම්භාව්‍ය නාට්‍ය නිෂ්පාදන පෙන්වන නාට්‍ය ශාලා අතුරු සිදුරු නැතුව ළමුන්ගෙන් පිරී ගිය අවස්ථා තිබුණා.

ඔබ බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනයේ පාරාදීසය රඟහලේදී නැරඹුවේ පාසල් ළමුන් ඉලක්ක කර නිපදවූ නාට්‍ය බව ඇත්ත. නමුත් ඒ නාට්‍ය පරිශීලනය කළ ළමුන්ගෙන් වැඩි දෙනා විභාග සමත් වීම හැර එතැනින් එහා ගොස් නාට්‍ය ක්ෂේත්‍රයට යමක් කිරීමේ අරමුණක් තිබෙන බවක් මට පෙනුණේ නැහැ.

ඒ නිසා මේ නාට්‍ය සියල්ල පාසල් සිසුන් සහ විශ්වවිද්‍යාල සිසුන් හැර වෙනත් ප්‍රේක්ෂක පිරිසක් වෙත ගෙන යාමට මට අදහසක් ආවා. ඒ අරමුණ ඇතිව "පාරාදීසය" එළිමහන් රඟහලේදී ඔබ රසවිඳි නාට්‍ය පහ එළි දැක්වූවා.

ඒ අර්ථයෙන් මම කරනු ලැබුවේ පර්යේෂණයක් මෙන්ම අත්හදා බැලීමක්. ඒ අනුව ඔබත් සාක්ෂියක් වූ උසස් රසවින්දනයක් සහිත ප්‍රේක්ෂක සමූහයක් අපේ නාට්‍ය පහ රසවිඳින්නට පැමිණියා. අපව දිරිමත් කළා. අප සමඟ සංවාදයට පැමිණියා. අපට වැදගත් අදහස් ඉදිරිපත් කළා. අපේ නළු නිළියන් ඇගයීමට ලක් කළා.

ඒ අනුව ඔබගේ නිරීක්ෂණය අර්ධ වශයෙන් නිවැරදි බව ඔබ පිළිගන්නවා ඇතැයි මම සිතනවා.

ප්‍රශ්නය:

ඔබ පැවසූ දේ නිවැරදියි. ඔබගේ නාට්‍ය කණ්ඩායමේ සාමාජික පිරිස විවිධ නාට්‍ය ශෛලීන්ට අයත් නාට්‍යවල විවිධ භූමිකාවන් රඟපානු අප දුටුවා. ඔවුන් පැතිරුණු චරිතාංග නළුවන් ලෙස හැඳින්වීම අතිශයෝක්තියක් නොවෙයි.

ඔබගේ නාට්‍ය කණ්ඩායමේ පිරිස සම්බන්ධව යම් අදහසක් වගේම ඔවුන් පුහුණු සැසිවලට සහභාගි කර ගැනීමේදී ඔබ මුහුණ දෙන අභියෝග සහ අනාගතයේ ඔබ දකින ධනාත්මක සහ සෘණාත්මක වර්ධනයන් සම්බන්ධව යම් අදහසක් ප්‍රකාශ කළ හැකිද?

අඛිල සපුමල්:

මගේ අසමා රූපණ සරසවිය ආරම්භ කරන්නේ 2020 වර්ෂයේදී. විසිතුන් දෙනෙකු අපේ පළමු නාට්‍ය වැඩමුළුවට එකතු වුණා. නමුත් ආරම්භයේදීම අපි බරපතළ අර්බුදයකට මුහුණ දුන්නා. කොරෝනා වසංගතය නිසා අපට එකතු වී පුහුණු වීම් කටයුතු කරගෙන යාමට නොහැකි තත්ත්වයකට අපි මුහුණ දුන්නා.

මාව ඒ වන විට රට හඳුනාගෙන තිබුණේ ස්වතන්ත්‍ර නාට්‍යකරුවෙක් විදියටයි. මම, "රාවණා ආදරයේ හුස්ම ළඟ", ඒ වගේම හොඳම නාට්‍ය බවට තේරී පත් වූ "හිනාවෙලා මිනිත්තුවක්", ජාත්‍යන්තර මට්ටමට ළඟා වීමට තරම් ශක්‍යතාවයක් පෙන්වූ "ගිරි කූට කාශ්‍යප" නාට්‍යය රාජ්‍ය නාට්‍ය උළෙලේත්, යෞවන සම්මාන නාට්‍ය උළෙලේත් වඩාත්ම සම්භාවනාවට පාත්‍ර වුණා.

"රතු මල් පොකුරක්" නාට්‍යය 2020 රාජ්‍ය නාට්‍ය උළෙලේ කැපී පෙනෙනම නාට්‍යය බවට පත් වුණා. ඒ අනුව මම ස්වතන්ත්‍ර නාට්‍ය 10ක් පමණ නිර්මාණය කළා. ඒවායේ විශේෂය ඒවා එකිනෙකට වෙනස් නාට්‍ය වීමයි.

මේ වගේ විවිධත්වය ස්පර්ශ වන නාට්‍ය කළ මට ලෝක සම්භාවනාවට පාත්‍ර වූ විවිධ නාට්‍ය නිෂ්පාදනය කළ යුතුයි කියා හිතුණා. ඒ සිතුවිල්ලත්, කොරෝනා වසංගතය විසින් අපගේ ජීවිත උඩු යටිකුරු වීම විසිනුත්, අපට ස්වතන්ත්‍ර නාට්‍ය කිරීම පසෙක තබා ලෝක සම්භාවනාවට පාත්‍ර වූ නාට්‍ය නිෂ්පාදනය කිරීමට තත්ත්වයන් විසින්ම බල කෙරුණා.

ඒ අනුව ඔබ ප්‍රේක්ෂකයෙකු ලෙස රසවිඳි පාරාදීසය එළිමහන් රඟහලේදී වේදිකාගත වූ නාට්‍ය සියල්ල අපි අධ්‍යයනය කරමින් අපට අවශ්‍ය ආකාරයට සකස් කරමින් නිෂ්පාදනය කළා.

විශේෂම කාරණය මගේ මුල්ම 23 දෙනාගේ කණ්ඩායම සමඟ මාස 10ක් තිස්සේ අපි සූම් තාක්ෂණය ඔස්සේ පුහුණු වීම් කටයුතු කළා. දවසට පැය දෙක බැගින් පුහුණු වීම් කරලා මාස 10කට පස්සේ කණ්ඩායම එකිනෙකා හමුවෙලා නිෂ්පාදනය කළේ එකම එක නාට්‍යයක්. ඒ "ඊඩිපස්".

පළමු දර්ශනය එල්ෆින්ස්ටන් රඟහලේදී වේදිකාගත කළා. එල්ෆින්ස්ටන් රඟහල සම්පූර්ණයෙන්ම ප්‍රේක්ෂකයන්ගෙන් පිරී ගියා. කොරෝනාවට අපි අපේ ජීවිත විනාශ වෙන්න දුන්නේ නැහැ.

අපි මුහුණ දෙන ප්‍රධාන ප්‍රශ්නය ඈත පළාත්වල ඉන්න රංගනයට කැමැති පිරිස් ගෙන්වා ගැනීමයි. 2020දී පැවැති බස් ගාස්තුව වගේ පස් ගුණයක ගාස්තුවක් අපේ පිරිස්වලට ගෙවන්න වෙලා තියෙනවා. මේවා අපි මුහුණ දෙන අභියෝග වගේම දුෂ්කරතා.

නාට්‍යයක් කරද්දී දරන්න වන අනෙකුත් පිරිවැයත් සාපේක්ෂව ඉතා ඉහළයි. ඒ නිසා ඉතාම අඩු කාලයකින් අපි ළඟට එන පුද්ගලයා නළුවෙකු බවට පත් කිරීමේ අභියෝගය අපට තිබෙනවා. ඒ වගේම ඒ කෙටි කාලය තුළ අපට නාට්‍යයකුත් නිර්මාණය කළ යුතු වෙනවා.

විශේෂයෙන්ම කිව යුතු දෙය නම්, කොරෝනා සමඟ උත්සන්න වූ ආර්ථික හා දේශපාලන අර්බුද හේතුවෙන් නාට්‍ය කලාව පවත්වාගෙන යාම ඉතාම දුෂ්කර වෙලා තිබෙනවා.

මිනිස්සු වෙනසක් බලාපොරොත්තුවෙන් "ගෝ හෝම්" උද්ඝෝෂණ හරහා වෙනසක් කළා. නමුත් සැබෑ ලෝකයේ කිසිම වෙනසක් වෙලා නැහැ. නාට්‍යකරුවා පමණක් නෙවෙයි, මුළු රටම ව්‍යසනයක සිටින බවයි මගේ හැඟීම.

නාට්‍යකරුවෙක් විදියට මම පාවිච්චි කරන සූක්ෂ්ම උපක්‍රම හේතුවෙන් යම් පමණකට අල්ලාගෙන හිටියත්, බොහෝ දෙනා අපේක්ෂාභංගත්වයට පත්වී තිබෙනවා.

ප්‍රශ්නය:

නාට්‍ය සම්ප්‍රදායන් තත්කාලීන සමාජ, ආර්ථික, දේශපාලනික තත්ත්වයන් සමඟ අනුලංඝනීයව බැඳී පවතිනවා. අද අපේ රටත් ඇතුළුව සමස්ත ලෝකයම යුදමය තත්ත්වයකට මුහුණ දෙමින් සිටිනවා.

ඊට සමාන්තරව ලෝකය "Woke" සංස්කෘතිය ලෙස හඳුන්වන සමාජ සම්මතයන්ට එරෙහිව යන විනාශකාරී සංස්කෘතියක් වේගයෙන් පතුරවමින් යනවා. චීනය, රුසියාව, ඉරානය වැනි රටවල් එවැනි විනාශකාරී අසම්මත සංස්කෘතීන්ට එරෙහිව දේශපාලනික වශයෙන් මෙන්ම සංස්කෘතික වශයෙන් යම් යම් පියවරයන් ගනිමින් සිටිනවා. නමුත් ශ්‍රී ලංකාව තුළ එවැන්නක් දකින්නට නැහැ.

නාට්‍යකරුවෙක් ලෙස ඔබ මේ තත්ත්වය දකින්නේ කොහොමද? එවැනි භයානක ප්‍රවණතාවයන්ට එරෙහිව ඔබ නාට්‍ය කලාව තුළ කුමන හෝ ප්‍රවේශයක් ගැනීමට උත්සුක වෙනවාද?

අඛිල සපුමල්:

ඔබගේ නිරීක්ෂණය නිවැරදියි. නාට්‍ය සම්ප්‍රදායන් තත්කාලීන සමාජ, ආර්ථික, දේශපාලනික තත්ත්වයන් සමඟ අනුලංඝනීයව බැඳී පවතිනවා.

ඔව්! අද සමස්ත ලෝකයම යුද්ධයකට අවතීර්ණ වී තිබෙනවා. අපේ රට එම යුද්ධයේ සෘජු සහ වක්‍ර බලපෑමට ලක්ව තිබෙනවා.

මගේ "ඊඩිපස්" සහ "ජූලියස් සීසර්" නාට්‍යය හරහා දේශපාලන යථාර්ථයේදී මිනිසාගේ ඉරණම සම්බන්ධයෙන් ගැඹුරු මතයක් ඉදිරිපත් වෙනවා. ඒවා යුද්ධය, දේශපාලනය වැනි විෂයන් සම්බන්ධව විශ්වීය වශයෙන් පිළිගත් සත්‍යයන්.

ජපන් නාට්‍යය මගින් මිනිස් හැසිරීම්වලට බුදු දහමින් ගත හැකි ආලෝකය සම්බන්ධයෙන් අදහස් ඉදිරිපත් වෙනවා.

ලෝකය ආර්ථික, සමාජීය වශයෙන් වෙනස් වන විට විවිධ මතවාද ජනප්‍රිය වෙනවා. ඔබ පැවසූ "Woke" සංස්කෘතියත් එවැන්නක්. වර්ගවාදයට එරෙහි වීම, ස්ත්‍රී අයිතිවාසිකම්, පීඩිතයාගේ නිදහස වැනි සංවේදී කාරණාවලට මානුෂීය හරයක් ලබාදීම මෙම ප්‍රවණතාවය හරහා සිදු වූවා. එය ඉතාම සාධනීය මතවාදයක්.

නමුත් පසුකාලීනව සමාජයන් බිඳවැට්ටවීමේ අර්ථයෙන් මෙම "Woke" සංස්කෘතිය යොදා ගැනීමේ ප්‍රවණතාවය දැක ගත හැකි වෙනවා.

උපතින්ම ලද ලිංගික අනන්‍යතාවය මාරු කිරීම, සමලිංගිකත්වය ප්‍රවර්ධනය, එතැනින් එහාට ගොස් සමාජ සම්මතයන් හා සංස්කෘතීන්වලට ගැරහීම, ඒවා බැහැර කිරීම වැනි නාස්තිකවාදී ලක්ෂණ "Woke" සංස්කෘතිය තුළට කාන්දු කරනු ලැබුවා.

අපේ රටේ එවැනි ප්‍රවණතාවයන්ට USAID වැනි ආයතන විශාල වශයෙන් බර පැන යොදා ඇති බවද පසුගිය කාලයේදී හෙළිදරව් වූවා. අපේ රට ඇතුළුව බංග්ලාදේශය, නේපාලය, අවසානයේදී ඉන්දියාවේ පවා පැතිරීගිය ප්‍රචණ්ඩ "අරගල" තුළ නූතන "Woke" සංස්කෘතියේ නාස්තිකවාදී ලක්ෂණ ගැබ්ව තිබෙන බව විවිධ දේශපාලන විශ්ලේෂකයන් පෙන්වා දී තිබෙනවා.

රුසියාවේ සමාජ විද්‍යාඥයෙකු වූ ඇලෙක්සැන්ඩර් ඩුගින් වැනි විද්වතුන් මේ "Woke" සංස්කෘතිය හරහා සිදුකෙරෙන LGBTQI වැනි ප්‍රචාරණයන් මගින් මිනිසා මිනිස් ඉතිහාසයේ අවසාන දුම්රිය නැවතුම්පළට ළඟා වන බව පෙන්වා දෙනවා.

කෙසේ වුවත් ඔහුව ඝාතනය කිරීමට පවා උත්සාහ කළා. ඔහුගේ දියණිය ඔහුව ඉලක්ක කර ඇටවූ බෝම්බයකට ගොදුරු වූවා.

අඛිල සපුමල්:

ඒ අනුව චීනය, රුසියාව සහ ඉරානය වැනි රටවල් මෙවැනි විනාශකාරී ප්‍රවණතාවයන් පාලනය කිරීමට දැනුවත් උත්සාහයන් ගෙන තිබෙනවා.

නමුත් මෙවැනි ව්‍යසනයන් සම්බන්ධව නිර්මාණය වන කලා කෘති ලෝක සාහිත්‍යය තුළ තවම දකින්නට නැති තරම්. කෙසේ වෙතත් ලතින් අමෙරිකාවේ, රුසියාවේ මානව විද්‍යාඥයන්, විද්වතුන් මෙන්ම දේශපාලඥයන් මෙම ප්‍රවණතාවයන්ට එරෙහිව හඬ නගමින් සිටිනවා.

අපේ රටේ මෙම ඊනියා "Woke" සංස්කෘතියට එරෙහිව තවම සාධනීය නැගිටීමක් දකින්නට නැහැ. එනිසා එවැන්නක් නාට්‍ය කෘතීන් අතරට තවම පැමිණ නැහැ.

ප්‍රශ්නය:

ඔබගේ නාට්‍ය කලාව ප්‍රායෝගිකව ඉතා දුෂ්කර තත්ත්වයන් තුළ පවත්වාගෙන යන බව බැලූ බැල්මටම පෙනෙන්නට තිබෙනවා. ආර්ථික අපහසුතාවලින් ඔබ සහ ඔබගේ කණ්ඩායම දරුණු ලෙස වෙළී ඇති බව පෙනී යනවා. එහෙත් ඔබ ඔබගේ කාර්ය අතහැරීමට සූදානම් බවක් අපට පෙනෙන්නේ නැහැ.

ඔබ මුහුණ දෙන දුෂ්කරතාවයන් පියමං කරවා ගනිමින් ඔබ නියැළී සිටින නාට්‍ය කලාව තවදුරටත් කරගෙන යාමට නාට්‍ය ලෝලීන් සමඟ එකතුවීමට අදහස් කරන යම් වැඩපිළිවෙළක් ඔබ සතුව තිබෙනවාද?

අඛිල සපුමල්:

මම නාට්‍ය කලාව හැදෑරීම තෝරා ගත්තේ මගේ ස්වකැමැත්තෙන්මයි. මම සාමාන්‍ය පෙළ විභාගය බේරුවල මධ්‍ය මහා විද්‍යාලයෙන් සමත්ව, උසස් පෙළට හොරණ ශ්‍රීපාලි මහා විද්‍යාලයට නාට්‍යය සහ රංග කලාව හැදෑරීමට ඇතුළත් වූවා.

ඉන්පසුව කැලණිය විශ්වවිද්‍යාලයෙන් නාට්‍ය හා රංග කලාවට උපාධියක් ලබාගෙන, එහිම එම්.ඒ. උපාධියත් සමත්ව, එම විශ්වවිද්‍යාලයේම කථිකාචාර්යවරයෙකු ලෙස සේවය කළා.

නාට්‍යකරුවෙක් ලෙස මා විශ්වාස කරන දෙය ඉටු කර ගැනීමට මගේ විශ්වවිද්‍යාල කථිකාචාර්ය වෘත්තිය බාධාවක් බව දැනුණු පළමු මොහොතේම මම එම තනතුරෙන් ඉවත් වූවා.

ඉන්පසුව මා විශ්වාස කරන අරමුණ වෙනුවෙන් පෙනී සිටීමට අසමා රූපණ සරසවිය නිර්මාණය කරනු ලැබුවා.

මා මුලින් සඳහන් කළ පරිදිම සමස්ත රට මුහුණ දෙන ආර්ථික අපහසුතාවය කලාකරුවන් වන අපට දෙගුණ තෙගුණ වී බලපානවා. මම මේ කාර්යයේ දිගටම නිරත වෙමින් අපගේ ප්‍රේක්ෂකයාට හරවත්, උසස් යමක් දීමට උත්සාහ කරනවා.

ප්‍රේක්ෂකයා තුළ බාල රසයන් උද්දීපනය කරමින් ප්‍රේක්ෂකයාව මංමුළාවට පත්කරන අවර ගණයේ නිර්මාණ කිරීමට මම කිසිසේත් පෙළඹෙන්නේ නැහැ.

මම දැනට නාට්‍ය කලාවට ආදරය කරන, මගේ විශ්ව සම්භාවනාවට පාත්‍ර වූ නාට්‍ය කෘතීන් ජනගත කිරීමට මුදලින් සහයෝගය දී, එයින් ලැබෙන ලාභයෙන් ආයෝජනය පියවා ගැනීමට කැමැති පිරිස්වල සහයෝගය බලාපොරොත්තු වෙනවා.

මෙම දුෂ්කර අවධිය පියමං කර නාට්‍ය කලාව රැක ගැනීමේ මගේ අවංක වුවමනාව තේරුම්ගත් පිරිස් මාව සම්බන්ධ කරගනු ඇතැයි මා බලාපොරොත්තු වෙනවා.

මගේ WhatsApp අංකය: +94 70 564 2164.

සම්බන්ධිත පුවත් | Related News

ගලගොඩඅත්තේ ඥානසාර හිමි යළි සිරගත වූහ. උන්වහන්සේගේ සිවුර ගලවා ජම්පරයක් අන්දවා ඇතැයි යන ප්‍රවෘත්තිවලින් සමාජ මාධ්‍ය පිරී ඇත. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකට උන්වහන්සේට ජම්පරයක් ඇන්දවීම ප්‍රවෘත්තියක් බවට පත්කර මාධ්‍යයට ප්‍රකාශ කරන්නැයි උපදෙස් දුන්නේ කවුදැයි වෙනමම සොයා බැලිය යුතුය.
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායෙන් දුදස්සනව එළවලා දාපු එක ලොකු ප්‍රශ්නයක් කරගත්ත පිරිසක් ඉන්නවා. කිසියම් සංවිධානයක සාමාජිකත්වයක් දරන කෙනෙක්ට ඒ සංවිධානයේ මූලික පිළිගැනීම්වලට විරුද්ධව කටයුතු කරන්න පුළුවන් කියලා මේ අඥානයෝ හිතනවා ද? කිසියම් ආයතනයක සේවය කරන කෙනෙක්ට ඒ ආයතනයේ විනය එකඟතා නො සළකා කටයුතු කරන්න පුළුවන් කියලා මේ අඥානයෝ හිතනවා ද? තමන්ට ඕන ඕන මගුල් කියවන්න, සංවිධානයක පොදු එකඟතාවලට විරුද්ධව, විනය එකඟතා නො තකා වැඩ කරන්න ඒ සංවිධානවල සාමාජිකයන්ට බෑ.
ඊයේ දිනයේ, මගේ හදවතට ඉතා සමීප, ඒ වගේම Fair Comment හි සමීපතම මිතුරෙකුව අත්අඩංගුවට ගනු ලැබුවා. ඔහු සාපරාධී අපරාධකරුවෙක් නෙවෙයි. ඔහු නීතියෙන් පැන ගිය කෙනෙකුත් නෙවෙයි. ඔහුගේ එකම වරද වුණේ මේ රටේ ශ්‍රේෂ්ඨාධිකරණය—වෙනත් පහළ උසාවියක් හෝ අවධානය සොයන මහේස්ත්‍රාත්වරයෙක් නොව, රටේ ඉහළම අධිකරණය—මීට වසර හතකට පෙර ජනාධිපතිවරයෙක් ගත් තීරණයක් ශුන්‍ය කර දැමීමට තීන්දු කිරීම පමණයි. ඒ තීන්දුව අවලංගු කිරීමෙන් ඔවුන් කළේ ඒ මිනිසාවත් අමු අමුවේ දිය කර හැරීමයි.
බ්‍රසීලයේ 2026 මැතිවරණය ජනාධිපති ලූලා ද සිල්වා (Lula da Silva) සහ ෆ්ලේවියෝ බෝල්සොනාරෝ (Flávio Bolsonaro) අතර දැඩි තරගකාරී, අධික ලෙස ද්‍රැවීකරණය වූ සටනක් බවට පත්ව ඇත. මත විමසුම්වලට අනුව, දෙවන වටයේ තරගයකදී දෙදෙනාම කරට කර තත්ත්වයක පසුවන අතර, මැද මාවතේ විකල්පයන්ට ජනප්‍රියත්වයක් ලබා ගැනීමට හැකිවී නොමැත. අපේක්ෂකයින් දෙදෙනාටම 50% ක පමණ ප්‍රතික්ෂේප කිරීමේ ප්‍රතිශතයක් ඇති අතර, එම නිසා මෙම මැතිවරණය බලාපොරොත්තුවක් ඇති කර ගැනීමට වඩා ප්‍රතිවාදියා බලයට පැමිණීම වැළැක්වීම අරමුණු කරගත් එකක් බවට පත්ව තිබේ.
ලෝකයේ දියුණු හෙවත් ධනපති රටවල (developed countries) වෘත්තිකයන්ගෙන් අයකරන පුද්ගල ආදායම් බදු (Personal Income Tax) සහ අනෙකුත් සමාජ ආරක්ෂණ දායකත්ව (Social Security Contributions) ක්‍රමවේද ප්‍රධාන වශයෙන් ප්‍රගතිශීලී බදු ක්‍රමයක් (Progressive Tax System) මත පදනම් වේ. එනම්, ලැබෙන ආදායම වැඩි වීමට අනුරූපව බදු අනුපාතයද ඉහළ යයි.
ලෝක බැංකු වාර්තාවලට අනුව, 2024 වන විටත් නයිජර් (Niger) රාජ්‍යයේ ජනගහනයෙන් 80% කට ආසන්න ප්‍රමාණයකට විදුලිය පහසුකම් නොමැත. එසේ වුවද, එම වසර දක්වාම ලොව විශාලතම යුරේනියම් නිෂ්පාදකයෙකු වන නයිජර් රාජ්‍යය, යුරෝපා සංගමයේ (EU) න්‍යෂ්ටික බලශක්ති අවශ්‍යතාවයෙන් 25% ක්ම සපයමින් මුළු යුරෝපය පුරා පිහිටි නගර සහ ගම්මාන බලගැන්වීමට දායක විය.
2003 අවුරුද්දේ මාර්තු 30 වැනි දා, ඉරාකය ආක්‍රමණය කරපු ඇමෙරිකාව ප්‍රමුඛ අධිරාජ්‍යවාදී හවුල් හමුදාවල අවසාන බල ඇණි 2026 සැප්තැම්බර් 30 වැනි දා ඉරාකයෙන් ඉවත්වෙලා ගියා. ජනාධිපති ජෝර්ජ් බුෂ් විසින් “ඉරාක නිදහස් මෙහෙයුම” (Operation Iraqi Freedom) කියන නමින් පටන්ගත්ත මේ අධිරාජ්‍යවාදී ආක්‍රමණය අවුරුදු 23 ක වැඩි කාලයක් ඉරාකය තුළ ක්‍රියාත්මක වුණා. ජනතා ඝාතක ආයුධ හොයනවා කියලා බොරුවක් ගොතලා පටන්ගත්ත ඒ ආක්‍රමණයෙන් වෙච්ච විනාශය ලෝකය ම දන්නවා.
සරණාගතයින් ලෙස ශ්‍රී ලංකාවට පැමිණෙන රෝහින්ග්‍යා අන්තවාදී මුලධර්මවාදීන් සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක් මහනුවර නගරය කේන්ද්‍ර කරගනිමින් ආරම්භ කර තිබේ.
කෘත්‍රිම බුද්ධිය (AI) ආර්ථික සංවර්ධනය, ජාත්‍යන්තර තරගකාරීත්වය සහ ජාතික ආරක්ෂාව හැඩගස්වන තීරණාත්මක බලවේගයක් බවට පත්වෙමින් තිබේ.

ප්‍රධාන පුවත්

සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා, පෞද්ගලික ඉන්ධන සමාගම්වලට සිය අභිමතය පරිදි ඕනෑම මිලකට ඉන්ධන අලෙවි කිරීමට කිසිදු බාධාවක් නොමැති බව පැවසීය.

කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..

කච්චතිව් දූපත සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර 1974 සහ 1976 වසරවලදී ඇතිකරගත් ගිවිසුම් යළි විවෘත කිරීමට කිසිදු අදහසක් නොමැති බව ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇති බව වාර්තා වේ.

සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලයේ (OHCHR) විශේෂඥයන් සිව්දෙනෙකු විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත යොමු කරන ලද පිටු 8කින් යුත් විශේෂ ලිපියක් පිළිබඳව ප්‍රවීණ මාධ්‍යවේදී ධර්ම ශ්‍රී කාරියවසම් මහතා සිය "කාරිගේ චැනල් එක" යූටියුබ් නාලිකාව ඔස්සේ විශේෂ අනාවරණයක් සිදු කර සිටී.

ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්

ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ ආරක්ෂක හා යුද සහයෝගීතාවන් ගොඩනගා ගැනීමට උත්සාහ කිරීම තුළින් රට බරපතල භූ-දේශපාලනික අර්බුදයකට මෙන්ම වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමකට තල්ලු වන බවට ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා පෙන්වා දෙයි.

උතුරු-නැගෙනහිර බෙදුම්වාදී ක්‍රියා වහා පාලනය කිරීමට මැදිහත්වන්න.. - ජාතික නිදහස් පෙරමුණෙන් ජනපති අනුරට ලිපියක්

උතුර සහ නැගෙනහිර පළාත් තුළ ජාතිවාදී හා බෙදුම්වාදී ක්‍රියාකාරකම් වර්ධනය වෙමින් පවතින බවත්, ඒවා වැළැක්වීමට ආණ්ඩුව වහා පියවර ගත යුතු බවත් පවසමින් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ලිපියක් යොමු කර තිබේ.

වහබ්වාදී ආගමික අන්තවාදය ශ්‍රී ලංකා භූමියෙන් මුලිනුපුටා දැමීම සඳහා වූ ගෝඨාභය රාජපක්ෂ යෝජනාවලිය යනු කුමක් ද?

ජාතික සංවිධාන විසින් මතුකරන ආගමික අන්තවාදය අවසන් කිරීම සඳහා වූ යෝජනා මොනවාදැයි ලංකා ලීඩර් පාඨකයෝ විමසති. ඒ නිසා ඒ පිළිබඳව වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගෙන් නැවත විමසීමට සිදුවිය. මේ ඔහුගේ කතාව,

''භික්ෂුවගේ සිවුර ඉවත් කිරීම සංඝ සභාවේ තීරණයක් විය යුතුයි'' - කෝට්ටේ සංඝ සභාවෙන් බන්ධනාගාර කොමසාරිස්ට ලිපියක්

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට සිවුර දැරීමට ඇති අයිතිය සම්බන්ධයෙන් කෝට්ටේ සංඝ සභාව විසින් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත ලිපියක් යොමුකරමින් ඉල්ලීමක් සිදුකර තිබේ.

සරම්ප වසංගතය දරුණු වෙයි: නිව්යෝර්ක් හදිසි ආපදා තත්ත්වයක් ප්‍රකාශ කරයි! ඇමරිකාවේ සරම්ප රෝගීන් 3,887ක් – පෙන්සිල්වේනියා මරණ වාර්තා සම්බන්ධයෙන් සෞඛ්‍ය ලේකම් රොබට් එෆ්. කෙනඩි ජූනියර් ප්‍රශ්න කරයි

සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින සරම්ප වසංගතය හේතුවෙන් නිව්යෝර්ක් ආණ්ඩුකාර කැති හොචුල් විසින් සමස්ත නිව්යෝර්ක් ප්‍රාන්තය සඳහාම හදිසි ආපදා තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ.

දේශප්‍රේමී සළුවලින් සැඟවුණු “ඩෙල්සි මාදිලියේ පාවාදීමකට” අනුරගේ ආණුඩුව සූදානමින්.. - විමල්ගෙන් විශේෂ හෙළිදරව්වක්..

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ධූර කාලයට සහ වත්මන් මාලිමා පුනරුද ආණ්ඩුවට වසර දෙකක් සම්පූර්ණ වන මේ මොහොත වන විට, මෙතෙක් කලක් අභිමානවත් සිංහල බෞද්ධ සංස්කෘතියක් සහිත ශ්‍රී ලාංකික සමාජයකට උරුමකම් කී මේ රට අතිශයින් භයානක අභාග්‍ය සම්පන්න අනතුරක් හමුවේ ආර්ථික, සමාජ, සංස්කෘතික හා දේශපාලන ඛේදවාචකයකට මුහුණ පා සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි... ඔහු මේ අදහස් ප්‍රකාශ කළේ ඊයේ (04) ඇඹිලිපිටිය දේදුනු රිසෝට් හෝටලයේ පැවති ජන හමුවක ජාතික නිදහස් පොරමුණ නියෝජනය කරමින් විශේෂ දේශනයක් පවත්වමිනි...

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සිහි බුද්ධිය ඇති සිංහල, දෙමළ, මුස්ලිම් සෑම ශ්‍රී ලාංකිකයෙකුම කඳුළක් සැලිය යුතුයි.. - ජාතික සංවිධාන කියයි

ගලගොඩ අත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේට නියම වූ සිර දඬුවම 2024 දී ගෙවා අවසන් වීමට නියමිතව තිබූ නමුත් සමාව ලබාදීමේ ක්‍රමවේදයේ වරදක් බව කියමින් උන්වහන්සේ නැවතත් සිරගත කිරීමේ ඛේදවාචකය පිළිබඳව ලංකා ලීඩර් විසින් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

බ්‍රැම්ප්ටන් නගරාධිපති පැට්‍රික් බ්‍රවුන්ගේ ප්‍රකාශයක් නිසා කැනඩාවේ සහ ශ්‍රී ලංකාවේ නැවතත් ජාතිවාදී නොසන්සුන්තාවයක් මතු වීමේ අවදානමක්..

ශ්‍රී ලංකාවේ යාපනය මහ නගර සභාවේ හෝ අදාළ මණ්ඩලවල කිසිදු පූර්ව අනුමැතියකින් තොරව රාජ්‍ය ඉඩමක නීති විරෝධී ලෙස ඉදිකර තිබූ එල්.ටී.ටී.ඊ. සංවිධානයට සම්බන්ධ ස්මාරකයක් ප්‍රදේශයේ බලධාරීන් විසින් ඉවත් කිරීමට පියවර ගෙන තිබේ. මෙම සිදුවීමත් සමඟ කැනඩාවේ දෙමළ ජාතික කවුන්සිලය (NCCT) ඇතුළු එල්.ටී.ටී.ඊ. හිතවාදී කණ්ඩායම් එකී ඉවත් කිරීම "දෙමළ ජන සංහාරයක" කොටසක් ලෙස හමුදාවට සහ රජයට චෝදනා කරමින් මතයක් ගොඩනැගීමට උත්සාහ කර ඇත.

රුසියාවෙන් නේටෝවට ප්‍රබල අනතුරු ඇඟවීමක්.. ස්වෛරීභාවයට තර්ජනයක් වුවහොත් න්‍යෂ්ටික අවි භාවිතයට සූදානම්.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්

Lanka Voice යූටියුබ් නාලිකාව සමඟ සාකච්ඡාවකට එක්වෙමින් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පෙන්වා දෙන්නේ වත්මන් ජාත්‍යන්තර දේශපාලන හා යුධමය තත්ත්වය හමුවේ රුසියාව සහ බටහිර බලවතුන් අතර අර්බුදය දැඩි උච්චතම අවස්ථාවකට පත්ව ඇති බවයි.

යේමන හමුදා ආරම්භ කළ දැවැන්ත මෙහෙයුම හමුවේ වුවද නව ප්‍රදේශ අත්පත් කරගත්තා- හූති කැරලිකරුවෝ අවධාරණය කරති

ජාත්‍යන්තරව පිළිගත් යේමන රජය පසුගිය මාසයේ ඉරානයේ සහාය ලබන හූති කැරලිකරුවන් විසින් අත්පත් කරගත් ප්‍රදේශ නැවත අත්පත් කර ගැනීම අරමුණු කරගනිමින් හමුදා මෙහෙයුමක් ආරම්භ කළ බව නිවේදනය කිරීමත් සමඟ යේමනයේ සිවිල් යුද්ධය යළිත් උත්සන්න වී තිබේ.

"ජෙප්පෝ හිඟන්නන්ට පවුඩර් දානවා.. - මෙට්‍රෝ බස් පෙන්නලා අපිව චූන් කරනවා" - විමල් වීරවංශ

වත්මන් ආණ්ඩුවේ ක්‍රියාකලාපය සහ ප්‍රවාහන ප්‍රතිපත්තිය දැඩි ලෙස විවේචනය කරමින්, ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා ප්‍රකාශ කර සිටින්නේ ආණ්ඩුව ජනතාවගේ මූලික ගැටලු විසඳනවා වෙනුවට බොරු ෂෝ පෙන්වමින් ජනතාව මුලා කිරීමට උත්සාහ කරන බවයි.

ජනපති සමාව අහිමි වූ ගලගොඩඅත්තේ ඥානසාර හිමි යළිත් සිපිරි ගෙට.. - වසර හයේ සිර දඬුවමේ ඉතිරි කාලය ක්‍රියාත්මක කරන්නැයි නියෝග..

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවලට වැරදිකරු වීමෙන් අනතුරුව පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට පනවා තිබෙන සිරදඬුවමේ ඉතිරි කාල සීමාව ක්‍රියාත්මක කිරීම සඳහා පියවර ගන්නා ලෙස අභියාචනාධිකරණය අද නියම කළේය.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.