මෙරට තුළ ක්‍රියාත්මක වන දූෂිත දේශපාලන ක්‍රමය වෙනස් විය යුතු බවත්, කැඳවා ඇති මහ මැතිවරණය තුළ දූෂිතයන් නොවන අලුත් පිරිසක් පාර්ලිමේන්තුවට පත්කර යැවිය යුතු බව රටේ ජනතාව විශ්වාස කරන බවත්, දෙවන පරපුර දේශපාලන ව්‍යාපාරය ලෙස මෙම පාර්ලිමේන්තු මැතිවරණයේ දී ජනතාව බලාපොරොත්තු වන වෙනස සිදු කිරීමට සූදානම් බවත් දෙවන පරපුර දේශපාලන ව්‍යාපාරයේ නායක උවිඳු විජේවීර මහතා පවසයි.
2009 වර්ෂයේ මැයි මාසයේදී යුද්ධය සාර්ථක ලෙස අවසන් කිරීමට ශ්‍රී ලංකාවෙන් වගවීම ඉල්ලා සිටින අය රට තුළ ත්‍රස්තවාදයේ මූලාරම්භය ගැන නිහඬව සිටින බව ගෝලීය ශ්‍රී ලංකා සංසදය පැවසයි. ඊනියා ශ්‍රී ලංකා වගවීමේ ව්‍යාපෘතිය (Sri Lanka Accountability Project -SLAP) සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඉල්ලා ගෝලීය ද්‍රවිඩ සංසදය (GTF) විසින් නිකුත් කරන ලද නවතම ප්‍රකාශය, ඉන්දියානු හමුදාව විසින් 1987 ජූලි මස සිට 1990 මාර්තු මස දක්වා සිදු කරන ලද ඝාතන, විනාශයන් සහ අතුරුදහන් කිරීම් මෙන්ම එල්.ටී.ටී.ඊ. ඇතුළු ත්‍රස්තවාදී කණ්ඩායම් දුසිම් භාගයකට අධික සංඛ්‍යාවකින් තිස් අවුරුදු යුධ සමයේදී සිදු කරන ලද ඝාතන, විනාශයන් සහ අතුරුදහන් කිරීම් ඉතා පහසුවෙන් අමතක කර ඇතැයී ගෝලීය ශ්‍රී ලාංකික සංසදය වැඩිදුරටත් අවධාරණය කරයි.
රුසියානු භූමියේ ඇතුලාන්තය ඉලක්ක කර මිසයිල් ප්‍රහාර එල්ල කිරීමට බටහිරින් සැපයෙන දිගු දුර මිසයිල භාවිතා කිරීමට යුක්රේනයට අවසර ලැබුණහොත් මොස්කව් ජනාධිපති ව්ලැඩිමීර් පුටින් විසින් මේ වන විට ගෙනහැර දක්වන ලද “අනපේක්ෂිත සැලැස්ම” ක්‍රියාත්මක කරනු ඇතැයි විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොව් අනතුරු ඇඟවූ බව රුසියානු මාධ්‍ය පවසයි. මේ සම්බන්ධයෙන් මීට පෙර අදහස් දැක්වූ රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් පවසා සිටියේ එවැනි ඕනෑම ප්‍රහාරයක් ආයුධ ලබා දුන් රටවල සෘජු ප්‍රහාරයක් ලෙස මොස්කව් පරිපාලනය සලකන බවයි.
ප්‍රධාන පුවත්
ව්‍යවස්ථා සංශෝධනවලින් පමණක් රටක ගැටලු විසඳිය හැකිද?..
ගෝඨාගේ කාලයේ තෙල් අර්බුදය කෘතිමව නිර්මාණය කළ හැටි මෙන්න.. - සංඛ චන්දිම අබේවර්ධනගෙන් හෙළිදරව්වක්..
රට අනතුරේ හෙලමින් NATO සරණ පතන්නේ නොදන්නාකමට ද?, මෝඩකමට ද?.. - වෛද්‍ය ජී. වීරසිංහ ගෙන් අනාවරණයක්
වෙනිසියුලාවේ ඩෙල්සි රොඩ්‍රිගස්ටත් වඩා අනුර භයානකයි.. - විමල් වීරවංශ
"රටක බාහිර සතුරන්ට වඩා ඇතුළත සිටින සතුරන් සහ පාවාදෙන්නන් අතිශය භයානකයි" - මහින්ද කියයි
කථානායකට එරෙහිව දයාසිරිගෙන් ජාත්‍යන්තරයට පැමිණිලි..
BRICS සහයෝගිතාව ශක්තිමත් කිරීමට චීන ජනපතිගෙන් යෝජනා පහක්..
වසර හතකට පසු චීන ජනපති ඉන්දියාවට..
මාලිමා පොළොන්නරුවේ ගොවි රැලියෙන් මාලිමා ගොවි නායක දෙපළ අතුරුදන් වෙලා..
"අනුරාධපුරයේ ඩොටේ හිටපු ලාල් කාන්ත පට පට ගාලා තට්ටු තුනේ ගෙවල් හැදුවා.." ඒගොල්ලෝ කළු රාජ්‍යයට අයිති නැද්ද? - පොහොට්ටු රැලියේදී විමල් ප්‍රශ්න කරයි