USAID මෙහෙයවනු ලබන්නේ ‘රැඩිකල් පිස්සන්’ විසින් -අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද ඒජන්සියේ (USAID) නායකත්වය දැඩි ලෙස විවේචනය කරමින් පවසා ඇත්තේ USUSAID යනු “රැඩිකල් පිස්සන්” විසින් දුර්වල ලෙස කළමනාකරණය කර ඇති ආයතනයක් බවය. රජයේ කාර්යක්ෂමතා දෙපාර්තමේන්තුව (Department of Government Efficiency- DOGE) USAID පද්ධතිවලට ප්‍රවේශ වීමේ උත්සාහය වැළැක්වීමට කටයුතු කළ USAID ආරක්ෂක නිලධාරීන් දෙදෙනෙකුට අනිවාර්ය නිවාඩු යැවූ බවට වාර්තා වීමෙන් පසුව අමෙරිකානු ජනාධිපතිවරයා USAID ආයතනයට මෙලෙස විවේචන එල්ල කළේය.
USAID යනු විදේශීය රජයන්ට සහ ජාත්‍යන්තර ආයතනවලට විවිධ ආකාරයේ ආධාර පිරිනැමීම හරහා ඇමරිකානු අවශ්‍යතා විදේශයන්හි ප්‍රවර්ධනය කිරීමේ කාර්යය පැවරී ඇති සංවිධානයකි.
එලෝන් මස්ක්ගේ ප්‍රධානත්වයෙන් යුත් DOGE හි නියෝජිතයින් පසුගිය සතියේ විගණනයක් සඳහා වොෂින්ටන් ඩීසී හි USAID මූලස්ථානයට පිවිසි බවට වාර්තා පළ වීමෙන් පසුව ජනාධිපතිවරයා මෙලෙස ප්‍රකාශ කළේය.
පසුගිය 2 වනදා ඒජන්සිය සම්බන්ධයෙන් විමසූ විට, ට්‍රම්ප් පැවසුවේ “එය රැඩිකල් පිස්සන් පිරිසක් විසින් මෙහෙයවනු ලබනවා. මේ වන විට අපි ඔවුන් ඉවත් කරමින් සිටිනවා. එහි අනාගතය පිළිබඳව අපි ඉදිරියේදී තීරණයක් ගන්නවා” යනුවෙනි.
එලෝන් මස්ක්ගේ ප්‍රධානත්වයෙන් යුත් DOGE හි නියෝජිතයින් පසුගිය සතියේ විගණනයක් සඳහා වොෂින්ටන් ඩීසී හි USAID මූලස්ථානයට පිවිසි බවට වාර්තා පළ වීමෙන් පසුව ජනාධිපතිවරයා මෙලෙස ප්‍රකාශ කළේය. පසුගිය සති අන්තයේදී, USAID හි නිල වෙබ් අඩවියට ක්‍රියා විරහිතව තිබූ අතර, ධවල මන්දිරය ඒජන්සිය රාජ්‍ය දෙපාර්තමේන්තුවට ඒකාබද්ධ කිරීමට සලකා බලමින් සිටින බවට පලවූ වාර්තා මධ්‍යයේ එහි X ගිණුමද අතුරුදහන් විය.
ඊයේ(03) අලුයම, මස්ක්, ට්‍රම්ප් සමඟ මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළ බව පැවසූ අතර, ජනාධිපතිවරයා USAID වසා දැමිය යුතු බවට "එකඟ" වූ බවද ඔහු අවධාරණය කළේය.
පසුගිය 2 දා රාත්‍රියේ සිට 3 දා අලුයම දක්වා කාලයේ X Space හි අදහස් දක්වන කාලය අතරතුර මස්ක් මෙම අදහස් පළ කළ අතර එහිදී ඔහු DOGE සම්බන්ධයෙන්ද අදහස් දැක්වූයේය. ඔහු ට්‍රම්ප් සමඟ කිහිප වතාවක් සම්බන්ධ වූ බවත්, "ඔබට විශ්වාසද?" යනුවෙන් විමසූ බවත්, ජනාධිපතිවරයා "එබැවින් අපි එය වසා දමමු" යනුවෙන් තහවුරු කළ බවත් ඔහු පැවසීය.
ටෙස්ලා සහ ස්පේස්එක්ස් ප්‍රධාන විධායක නිලධාරියා වු එලෝන් මස්ක් මීට පෙර USAID විසින් ජෛව අවි පර්යේෂණ සඳහා අරමුදල් සපයන බවට චෝදනා කළේය. කොවිඩ්-19 මතුවීමට හේතු වූ බව පැවසෙන ව්‍යාපෘති ඇතුළුව, ආයතනය විවිධ ව්‍යාපෘති වලට හවුල් වූ"අපරාධ සංවිධානයක්" ලෙස හංවඩු ගැසීමට එලෝන් මස්ක් කටයුතු කළේය.
පසුගිය 31 වනදා, DOGE පරීක්ෂකවරුන් කණ්ඩායමක් USSAID හි වෙබ් අඩවිය සහ ප්‍රධාන දත්ත සමුදායන් ඇතුළුව එහි අභ්‍යන්තර පද්ධති වෙත ප්‍රවේශ වීමට අවස්ථාව ලබා ගත් බව මේ කාරණය පිළිබඳව දැනුවත් ප්‍රවෘත්ති මූලාශ්‍ර ABC ප්‍රවෘත්ති සේවය වෙත පැවසීය.
ප්‍රවේශ වූ පද්ධති අතර අතීත සහ අඛණ්ඩ වැඩසටහන් පිළිබඳ වාර්තා අඩංගු පද්ධති සහ ගෝලීය වශයෙන් සියලුම USAID වැඩසටහන් සඳහා කොංග්‍රස් මණ්ඩලය විසින් නියම කරන ලද සහ කාර්ය සාධන දත්ත නිරීක්ෂණය කිරීමට භාවිතා කරන පද්ධති ද ඇතුළත් වූ බව ABC මාධ්‍යය වාර්තා වලට අනුව පැවසේ.
නියෝජිතායතනයේ අයවැය, ගිණුම් සහ මූල්‍ය ගනුදෙනු නිරීක්ෂණය කිරීම සහ කළමනාකරණය කිරීම සඳහා USAID විසින් භාවිතා කරන ලද මෘදුකාංග පද්ධතියක් පාලනය කිරීමට ද කණ්ඩායමට හැකි වූ බව වාර්තා වේ.
ආයතනයේ මූල්‍ය කටයුතු සමාලෝචනය කිරීමේ උත්සාහයේදී DOGE කාර්ය මණ්ඩලයට රහසිගත ලේඛන වෙත ප්‍රවේශ වීම වැළැක්වීමට උත්සාහ කිරීමෙන් පසු USAID හි ජ්‍යෙෂ්ඨ ආරක්ෂක නිලධාරීන් දෙදෙනෙකු අනිවාර්ය නිවාඩු යවා ඇති බව වාර්තා වේ.
පසුගිය සතියේ, USAID හි ජ්‍යෙෂ්ඨ වෘත්තීය නිලධාරීන් 60 දෙනෙකු පමණ පරිපාලන නිවාඩු මත ආයතන භූමියෙන් ඈත්කොට තබා ඇත. පුළුල් වියදම් සමාලෝචනයක් පැවැත්වීම සඳහා බොහෝ විදේශ ආධාර දින 90 ක අත්හිටුවීමක් ආරම්භ කරමින් ට්‍රම්ප් කළ විධායක නියෝගයෙන් පසුව මෙම පියවර ගන්නා ලදී.
USAID run by ‘radical lunatics’ – Trump
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්