
ඇමරිකාව මානුෂිය ආධාර මුවාවෙන් තම අරමුදල් වෙනත් රටවල් අස්ථාවර කිරීමට යොදා ගන්නවා - නාමල් කියයි
ශ්‍රී ලංකාවේ රාජ්‍ය නොවන සංවිධාන විදේශ ආධාර හසුරවා ඇති ආකාරය සම්බන්ධව පරීක්ෂණයක් කළ යුතු බව පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.
සිය "X" ගිණුමේ සටහනක් තබමින් මන්ත්‍රීවරයා සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකාවට පමණක් මෑත වසරවලදී USAID ආයතනයෙන් ඩොලර් මිලියන ගණනක මුදල් සහ ප්‍රධාන ලැබුණු බවය.
ලොව පුරා ව්‍යාපෘති රැසකට අරමුදල් සැපයූ USAID ආයතනය බටහිර මාධ්‍ය සමග මතභේදාත්මක තත්ත්වයකට පැමිණ ඇති බවත් මානුෂීය ආධාර මුවාවෙන් තම අරමුදල් වෙනත් රටවල ප්‍රශ්න සහගත සහ අස්ථාවරත්වය ඇති කිරීමට යොදා ගත් බවට චෝදනා එල්ල වී ඇතැයි ඔහු සිය නිවේදනයේ සඳහන් කර තිබේ.
ඔවුන් තම ප්‍රදාන සහ ආධාර අරමුදල් භාවිත කළ ආකාරය සම්බන්ධව පැහැදිලිව වාර්තා වී නොමැති අතර USAID යටතේ ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘති සහ ප්‍රදාන පිළිබඳව පරීක්ෂණයක් පවත්වා පාර්ලිමේන්තුවට සවිස්තර වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස තමන් රජයෙන් ඉල්ලා සිටින බවද මන්ත්‍රීවරයා එම සටහන මගින් සඳහන් කර තිබේ.
එමෙන්ම එම ප්‍රතිලාභ ලැබූ මෙම රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ සවිස්තරාත්මක වාර්තාවක් ද ඉදිරිපත් කළ යුතු බවත් ඔහු එමගින් පෙන්වා දී තිබේ.
රාජ්‍ය නොවන සංවිධාන සඳහා අරමුදල් සැපයීම සඳහා වන රෙගුලාසි වසර ගණනාවක් තිස්සේ සඳහන් ව තිබුණත් එය තවමත් සිදු කර නොමැති බැවින් විනිවිදභාවය පවත්වා ගැනීම සඳහා මෙම රෙගුලාසි ගෙන එන ලෙස තමන් රජයෙන් ඉල්ලා සිටින බවද නාමල් රාජපක්ෂ මහතා එම සටහන මගින් වැඩිදුරටත් සඳහන් කර තිබේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි
ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්
GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි
පාස්කු ඉරුදිනය අදයි
විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති
ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ
චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි
ONLINE පනත ඉවතට
සිරි දළදා වන්දනාව අද ඇරඹෙයි
වියට්නාමයේ ශ්‍රමණවේශධාරීන් පිරිසක් ලංකාවේ පාද චාරිකාවක... මහානායක හිමියන් බෞද්ධ කොමසාරිස්ට ලියයි
’’ඡන්ද නීති කඩන කතා එපා’’ මැකෝගෙන් ජනපති ලේකම්ට ලිපියක්
‘අවමාන තර්ජනය නවත්වනු’ - චීනය ඇමරිකාවට තදින් පවසයි
අමෙරිකාව පැනවූ තීරු බදු වලින් රටවල් 28ක් නිදහස් කරන්නැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉල්ලයි. එහෙත් ශ්‍රී ලංකාව ලයිස්තුවට ඇතුලත් නැහැ
245% ක තීරු බදු පනවන බවට එක්සත් ජනපදයෙන් චීනයට තර්ජන
සිරි දළදා වන්දනාවට සියල්ල සූදානම්
රට බේරා ගන්න උදව් කළාට මට මෙහෙම ද සලකන්නේ.. පිල්ලෙයාන් කඳුළු සළමින් ඇසුවා - උදය ගම්මන්පිල
