News Category
From Date
To Date
Maximum Number of Result

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය අවසන් අය වැය මගින් ඉදිරිපත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් සම්බන්ධ යෝජනාව වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමඟ අහෝසි වී ඇතැයි පාර්ලිමේන්තු මහලේකම් කුශානි රෝහණධීර මහත්මිය සඳහන් කරයි.

‘බලශක්ති ඇමති ලෙස පෙට්‍රල් මිල රු150ක් කිරීමේ යෝජනාවට වම් අතින් අත්සන් කරලා මුදල් ඇමති ලෙස එකඟතාවය දෙන ලිපියට දකුණු අතින් අත්සන් කරන්න ජනාධිපතිතුමාට දැන් පුළුවන්’ යයි පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා සදහන් කරයි.

සුප්‍රසිද්ධ ලයිකා (Lyca) සමාගමේ නිර්මාතෘ අල්ලිරාජා සුභාෂ්කරන්ගේ මූලිකත්වයෙන් මෙරට තුළ දේශපාලන පක්ෂයක් පිහිටුවමින් දේශපාලනයට පිවිසීමට කටයුතු යොදා ඇතැයි වාර්තා වෙයි.

වසන්ත මුදලිගේ ඇතුළු අරගලය ක්‍රියාකාරීන් පිරිසක් ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට තරග කිරීමට තීරණය කර තිබේ.

පොහොර සහනාධාරය ලෙස රු. 25,000ක මුදලක් ගොවීන්ගේ බැංකු ගිණුම් වලට බැරකළ ද එමගින් දුෂිත පොහොර වෙළදුන්ට සහ දූෂිත රාජ්‍ය නිලධාරීන් එය වාසියක් කරගන්නා බව පෙන්වා දෙමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ලිපියක් යොමුකර තිබේ.

"ඉස්ලාමීය ප්‍රතිරෝධී සටන්කාමීන් ඊශ්‍රායලයේ සක්නින් හි මිලිටරි නිෂ්පාදන සංකීර්ණයට මිසයිල ප්‍රහාරයක් එල්ල කළ බව" ප්‍රකාශයක් නිකුත් කරමින් ලෙබනනයේ සිට ක්‍රියාත්මක හිස්බුල්ලා ව්‍යාපාරය පවසයි.

ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ සහායක වැඩසටහන යටතේ තවත් ඩොලර් මිලියන 200ක් සැපයීමට අදාළ ගිවිසුම ශ්‍රී ලංකාව සහ ලෝක බැංකුව අතර අද (07) අත්සන් තබා තිබේ.

සීමාසහිතPort Qasim Electric Power Company (Private) Limited ආයතනයට අනුයුක්තව සේවය කරන චීන කාර්ය මණ්ඩලය රැගත් රථ පෙළකට ඊයේ(06) රාත්‍රී 11 ට පමණ කරච්චි හි ජින්නා ජාත්‍යන්තර ගුවන් තොටුපළ අසලදී එල්ල වූ ප්‍රහාරයකින් චීන ජාතිකයන් දෙදෙනෙකු මිය ගොස් එක් අයෙකු තුවාල ලබා ඇතැයි වාර්තා වේ. ප්‍රහාරයෙන් පකිස්තාන ජාතිකයන් කිහිප දෙනෙකුද තුවාල ලබා ඇත.

විද්‍යුත් විදේශ ගමන් බලපත්‍ර ටෙන්ඩරය නිසි පරිදි කළමනාකරණය නොකිරීම හේතුවෙන් මතුව ඇති විදේශ ගමන් බලපත්‍ර හිඟයට විසඳුමක් ලෙස එම ටෙන්ඩරය හිමිකර ගත් තේල්ස් සමාගමට සහ එහි ශ්‍රී ලංකා නියෝජිතයා වන ජස්ට් ඉන් ටයිම් ටෙක්නොලොජිස් සමාගමට පසුගිය රජය දුන් විද්‍යුත් චිපය රහිත විදේශ ගමන් බලපත්‍ර 750,000 ක ඇණවුම අවලංගු නොකරන බව මහජන ආරක්ෂක අමාත්‍ය විජිත හේරත් මහතා ප්‍රකාශ කළේය.


ප්‍රධාන පුවත්

ව්‍යවස්ථා සංශෝධනවලින් පමණක් රටක ගැටලු විසඳිය හැකිද?..

රටක පවතින අර්බුද හා ගැටලුවලට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පමණක් දෝෂාරෝපණය කිරීම සුදුසු නොවන බවත්, සැබෑ ගැටලුව පවතින්නේ පාලනය කිරීමේ ඇති අසමත්කම තුළ බවත් පෙන්වා දෙන තොරතුරු ඇතුළත් සටහනක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වේ.

ගෝඨාගේ කාලයේ තෙල් අර්බුදය කෘතිමව නිර්මාණය කළ හැටි මෙන්න.. - සංඛ චන්දිම අබේවර්ධනගෙන් හෙළිදරව්වක්..

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාලන සමයේදී මෙරට ඇති වූ ඛනිජ තෙල් අර්බුදය ස්වාභාවිකව සිදු වූවක් නොව, සැලසුම් සහගතව කෘතිමව නිර්මාණය කරන ලද්දක් බව සංඛ චන්දිම අබේවර්ධන මහතා ප්‍රකාශ කරයි.

රට අනතුරේ හෙලමින් NATO සරණ පතන්නේ නොදන්නාකමට ද?, මෝඩකමට ද?.. - වෛද්‍ය ජී. වීරසිංහ ගෙන් අනාවරණයක්

ශ්‍රී ලංකා ආරක්ෂක ලේකම් සම්පත් තුයියකොන්තා මහතා කැනඩාවේදී NATO හමුදා ප්‍රධානීන් හමුවී, මෙරට අවි ආයුධ නවීකරණය කිරීමටත්, යුධ ගබඩා සැලසුම් කිරීමටත්, NATO සංවිධානය සහ ශ්‍රී ලංකාව අතර සබඳතා තවදුරටත් ඉහළ නැංවීමටත් කළ ආරාධනාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය සිය දැඩි විරෝධය පළ කර සිටියි.

වෙනිසියුලාවේ ඩෙල්සි රොඩ්‍රිගස්ටත් වඩා අනුර භයානකයි.. - විමල් වීරවංශ

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ දෙවසරක පාලන කාලය ලෝකයේ වෙනත් රටක පාලනයක් හා සැසඳීමේ දී හොඳම සමපාත වීම ලෙස සැලකිය හැක්කේ වෙනිසියුලාවේ අන්තර් කාලීන ජනාධිපති ඩෙල්සි රොඩ්‍රිගස් ගේ පාලනයට බව ජානිපෙ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

"රටක බාහිර සතුරන්ට වඩා ඇතුළත සිටින සතුරන් සහ පාවාදෙන්නන් අතිශය භයානකයි" - මහින්ද කියයි

මාතෘභූමියේ ආත්ම ගෞරවය සුරක්ෂිත කිරීමේ ජන සටන ඓතිහාසික අනුරාධපුර පුණ්‍ය භූමියෙන් ආරම්භ කළ බවත්, රටක බාහිර සතුරන්ට වඩා ඇතුළත සිටින සතුරන් සහ පාවාදෙන්නන් අතිශය භයානක බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසයි.

කථානායකට එරෙහිව දයාසිරිගෙන් ජාත්‍යන්තරයට පැමිණිලි..

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායක ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් පරීක්ෂණයක් පවත්වන පසුබිමක, ඔහු සිය පාර්ලිමේන්තු වරප්‍රසාද සහ භාෂණයේ නිදහස උල්ලංඝනය කළ බවට චෝදනා කරමින් කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පොදුරාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමය (CPA) වෙත නිල වශයෙන් පැමිණිලි කර තිබේ.

BRICS සහයෝගිතාව ශක්තිමත් කිරීමට චීන ජනපතිගෙන් යෝජනා පහක්..

ඉන්දියාවේ නවදිල්ලි නුවර පැවැත්වෙන 18 වැනි BRICS නායක සමුළුවේ දෙවැනි අදියරට එක්වෙමින් චීන ජනාධිපති ෂී ජින්පිං මහතා විශේෂ දේශනයක් පවත්වා තිබේ.

මාලිමා පොළොන්නරුවේ ගොවි රැලියෙන් මාලිමා ගොවි නායක දෙපළ අතුරුදන් වෙලා..

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පොළොන්නරුවේදී පැවැති ජාතික ජන බලවේගයේ දැවැන්ත ගොවි සමුළුවට එම පක්ෂයේ ප්‍රධානතම ගොවි නායකයන් දෙපළ වන කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත සහ නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න යන මහත්වරුන් සහභාගි නොවීම සම්බන්ධයෙන් මේ වන විට සමාජ මාධ්‍යයේ දැඩි කතාබහක් නිර්මාණය වී තිබේ.

"අනුරාධපුරයේ ඩොටේ හිටපු ලාල් කාන්ත පට පට ගාලා තට්ටු තුනේ ගෙවල් හැදුවා.." ඒගොල්ලෝ කළු රාජ්‍යයට අයිති නැද්ද? - පොහොට්ටු රැලියේදී විමල් ප්‍රශ්න කරයි

රටත් ජාතියත් බේරාගැනීමට උර දුන් පිරිස ‘කළු රාජ්‍යයකට’ ලඝු කරමින්, වත්මන් ආණ්ඩුවට සහය දක්වන වංචනිකයින් ආරක්ෂා කිරීමට ජනාධිපතිවරයා කටයුතු කරන බවට ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.