අවුරුදු 77ක් මොකද කළේ?.. නිදහසින් පසු රටේ කිසිවක්ම සිදුවී නැද්ද? - අජිත් නිවාඩ් කබ්රාල් ඉතිහාසයේ සිට කියාදෙයි (වීඩියෝ)
මුලින්ම රටක් ලෙස 1505 දී පෘතුගීසීන්ට යටත් වූ පසුව ලංදේසීන් සහ ඉංග්‍රීසීන්ට ද යටත් වී වසර 443ක් වැනි දීර්ඝ කාලයක් යටත්වී සිටි ජාතියක් ලෙස 1948 නිදහස ලැබීමෙන් පසු අදටත් නොයෙක් පුද්ගලයන් ඉංග්‍රීසීන්ට තවදුරටත් යටත්වී සිටියා නම් හොඳයැයි පවසන බවත්, එහෙත් වසර 443කට පසුව රට නිදහස් වීමේ දී මෙරට ජනයාගෙන් විදුලිය තිබුනේ සියයට එකක පිරිසකට පමණක් බවත්, නල ජලය තිබුනේ එම සියයට එකක පිරිසගෙනුත් බාගයකට පමණක් බවත්, පාසල් 2000ක් සහ විශ්ව විද්‍යාල තිබුනේ එකක් බවත් හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.
එකල පාරවල් වලින් සියයට 99ක් තිබුනේ බොරළු පාරවල් බවත් පවසන ඒ මහතා එකල තිබුනු තනතුරු පවා සියල්ල තිබුනේ බ්‍රිතාන්‍ය ජාතිකයන්ට බවත් සඳහන් කරයි.
එකල ලාංකිකයකුට එබඳු තනතුරක් හිමිවුව හොත් එය විශාල ආන්දෝලනයකට ලක්වූ බවත් සඳහන් කරන ඒ මහතා වසර 77කට පසුව අද රට දෙස බැලීමේ දී කිසිවක්ම සිදුවී නැති බවට තර්ක කළ හැකිදැයි ප්‍රශ්න කරයි.
අද රටේ සියයට 99කට විදුලිය ඇති බවත්, සියයට 60කට පමණ නල ජලය ඇති බවත්, අධිවේගී මාර්ගම කිලෝමීටර් 200ක් පමණ ඇති බවත් කබ්රාල් මහතා පවසයි.
පාසල්ම 10,000ක් පමණ ඇති බවත් රාජ්‍ය හා පෞද්ගලික විශ්ව විද්‍යාල විශාල ප්‍රමාණයක් රට තුළ පවතින බවත් සඳහන් කරන ඒ මහතා, වසර 77 ක් තුළ ආඩම්බර විය හැකි කිසිවක් මෙරට තුළ සිදුවී නැත්දැයි වැඩිදුරටත් ප්‍රශ්න කරයි.
77 වසරක් තුළ කිසිවක් සිදුනොවූ බවට ප්‍රශ්න නගන මිනිසුන් මුලින්ම තමන්ගේ මනස නිවැරදිව සකස් කරගත යුතු බවත්, රට ගැන අභිමානයක් දැනෙන ලෙස තම මනස වෙනස් කරගත යුතු බවත් ඔහු සඳහන් කරයි.
සවිස්තර වීඩියෝව පහළින්...
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..