News Category
From Date
To Date
Maximum Number of Result

වියට්නාම් කොමියුනිස්ට් පක්ෂය පිහිටුවීමේ 95 වන සංවත්සරය ශ්‍රී ලංකාවේ වියට්නාම් තානාපති කාර්යාලය සමරයි

Feb 4, 2025 at 06:47 PM
|

 2025 පෙබරවාරි 3 වන දින, ශ්‍රී ලංකාවේ වියට්නාම් තානාපති කාර්යාලය වියට්නාම් කොමියුනිස්ට් පක්ෂය පිහිටුවීමේ 95 වන සංවත්සරය සැමරීම සඳහා අනුස්මරණ උත්සවයක් සංවිධානය කළේය. ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය , ජනතා විමුක්ති පෙරමුණ, ජාතික නිදහස් පෙරමුණ,  මහජන එක්සත් පෙරමුණ, මහජන පක්ෂය නියෝජනය කරමින් එම පක්ෂවල නියමුවන්ද ශ්‍රී ලංකාවේ කියුබාවේ තානාපති සහ ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයේ නියෝජ්‍ය ප්‍රධානියා ඇතුළු වියට්නාම් කොමියුනිස්ට් පක්ෂය සමඟ සමඟ සබඳතා පවත්වන ශ්‍රී ලාංකික දේශපාලන පක්ෂවල නියෝජිතයින් මෙම උත්සවයට සහභාගී විය. වියට්නාමය  සහ වියට්නාම් කොමියුන්ස්ට් පක්ෂය සමඟ ඉහත කී ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂ සහ වෙනත් සංවිධානවල සහයෝගීතාවය සහ මිත්‍රත්වය පෙන්නුම් කරන අවස්ථාවක් බවට උත්සවය පත්වී තිබුණි.

මෙම අවස්ථාවට, වියට්නාම් තානාපති ගරු  චිං තී තම්  මහත්මිය වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ වසර 95 ක ගමන් මග විස්තර කරමින්, එහි කැපී පෙනෙන සන්ධිස්ථාන සහ ජයග්‍රහණ ඉස්මතු කරමින් සිය දේශනය පැවැත්වීය.

වියට්නාමයේ ජාතික විප්ලවයේ මුල් අවධියේ පටන් සිටි එකම නායිකාව සහ සංවිධාකාව ලෙස මෙන්ම වර්තමානයේ එහි ආර්ථික සංවර්ධන ක්‍රියාවලියේ නියමුවරියක ලෙස වියට්නාම් කොමියුන්සිට් පක්ෂයේ වැදගත් කාර්යභාරය මෙන්ම වර්තමානයේ එහි ආර්ථික සංවර්ධනය පිළිබඳ දත්ත සහ තොරතුරු ඉදිරිපත් කරමින්, ඇයගේ දේශනය තුළ ඔරොත්තු දීමේ හැකියාව සහ ප්‍රගතිය පිළිබඳ පැහැදිළි චිත්‍රයක් පින්තාරු  කළාය.

ශ්‍රී ලංකාව ඇතුළු ලොව පුරා සහෝදර පක්ෂ වියට්නාමය සඳහා ලබා දුන් අමිල සහයෝගය සහ සහාය තානාපතිවරිය සිහිපත්  කළාය.

විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය ගරු අරුන් හේමචන්ද්‍ර මහතා සිය අදහස් දැක්වීමේදී, වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ නායකත්වය යටතේ වසර ගණනාවක් පුරා වියට්නාමය අත්කර ගෙන ඇති ස්ථිරසාර සංවර්ධනය අගය කළේය. කලාපීය දේශපාලනය අනුව, වියට්නාමය වාමාංශික පාලනයේ ආදර්ශමත් ආකෘතියක් ලෙස කටයුතු කරන බව ඔහු සඳහන් කළේය. වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ ස්ථාවර පාලනය වියට්නාමයේ නැවත එක්වීම මෙන්ම එහි ආර්ථික වර්ධනය සහ දරිද්‍රතාවයට එරෙහිව සටන් කිරීම සඳහා තීරණාත්මක වී ඇති බව ඔහු අවධාරණය කළේය. රාජ්‍ය තාන්ත්‍රික භූ දර්ශනය හැඩගැස්වීමේදී, විශේෂයෙන් එහි විප්ලවය අනුගමනය කරමින්, වාමාංශික ජාතීන්ට සහයෝගයෙන් කටයුතු කිරීමට අවස්ථා නිර්මාණය කිරීමේදී වියට්නාමය කරනු ලබන සැලකිය යුතු කාර්යභාරය නියෝජ්‍ය අමාත්‍යවරයාගේ ඇගයීමට ලක්විය. 

අනුස්මරණ උත්සවයේදී අදහස් දක්වමින්, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ මහලේකම් ආචාර්ය ජී. වීරසිංහ මහතා, වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයට සිය පක්ෂයේ මෙන්ම සමස්ථ අධිරාජ්‍යවිරෝධී ජනයාගේ උණුසුම් සුබ පැතුම් එක් කළේය. වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ ආරම්භයේ සිට සංවර්ධන ගමනේ සන්ධිස්ථාන ඔහු ඉස්මතු කළ අතර, වියට්නාම විප්ලවය තුළ ඇති ක්‍රියාකාරී හා උපායමාර්ගික භූමිකාව,  එහි වීරෝදාර අරගලය සහ අද එහි අඛණ්ඩ කටයුතුද ඇගයීමට ලක් කළේය. ජනාධිපති හෝ චි මිං මහතාට ද ඔහු උපහාර දැක්වීය. ශ්‍රේෂ්ඨ දේශප්‍රේමියෙකු සහ ජාත්‍යන්තරවාදියෙකු ලෙස හෝ චි මින් තුල වන අනන්‍යතාවය ඔහුගේ  විශේෂ ඇගයීමට ලක්විය. ලෝකයේ වේගයෙන්ම වර්ධනය වන ආර්ථික කලාපය වන ASEAN හි කොටසක් ලෙස, වියට්නාමය තම අසල්වැසි රටවල් සමඟ ශක්තිමත් ආර්ථික සබඳතා ඇති සාමාජිකයෙකු වන අතර, ඔවුන්ගේම අරගලය සඳහා ආශ්වාදයක් සහ ශක්තියක් ලබා දෙන මූලාශ්‍රයක් ලෙස සේවය කරන බව වෛද්‍ය වීරසිංහ වැඩිදුරටත් සඳහන් කළේය.

සහභාගී වූ පාර්ශවයන්ගෙන් ලැබුණු සුබ පැතුම් මගින් උත්සවය වඩාත් වර්ණවත් වූ අතර, එක් එක් පක්ෂ වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ උරුමය පිළිබඳව සිය ගෞරවය ප්‍රකාශ කළේය. මෙම උත්සවය 2026 මුල් භාගයේදී පැවැත්වීමට නියමිත වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ 14 වන ජාතික සම්මේලනය සම්බන්ධයෙන් ද  කරුණු ඉස්මතු කළේය.

මෙම සැමරුම, වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ සහ ශ්‍රී ලංකාවේ  සහෝදර දේශපාලන පක්ෂ අතර මිත්‍රත්වයේ සහ සහයෝගීතාවයේ බැඳීම් ශක්තිමත් කිරීමට සහ වියට්නාමය සහ ශ්‍රී ලංකාව ඔවුන්ගේ අනාගත සංවර්ධන උත්සාහයන්හිදී අඛණ්ඩව බැඳ තබන සහයෝගීතා ආත්මය සහ අන්‍යෝන්‍ය අභිලාෂයන් ශක්තිමත් කිරීමට, බෙදාගත් වටිනාකම් සහ ජයග්‍රහණ සැමරීමට වේදිකාවක් සපයන ලද අවස්ථාවක්ද විය.


සම්බන්ධිත පුවත් | Related News

පාර්ලිමේන්තු මන්ත්‍රි රාමනාදන් අර්චුනා මහතා පවසන ආකාරයේ කන්ටේනරයක් තායිලන්තයේ සිට මෙරටට පැමිණ ඇති බව පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා රේගු වාර්තා ඉදිරිපත් කරමින් පෙන්වා දෙයි.
2025 මැයි මාසය අවසානයේ දී මහ බැංකුව සතු නිල සංචිත එක්සත් ජනපද ඩොලර් මිලියන 6,284 ක් ලෙස වාර්තා වී ඇත.
අනුරාධපුර බන්ධනාගාරයේ සිටි රැදවියෙකු වෙසක් උත්සවය නිමිත්තෙන් ජනාධිපති සමාව යටතේ නිදහස් කිරිම සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශයෙන් නිවේදනයක් නිකුත් කර තිබේ.
ඉන්දියාව සමග ශ්‍රී ලංකා රජය අත්සන් කළ ගිවිසුම් හත සම්බන්ධයෙන් තොරතුරු ලබා නොදීම ගැන ජාතික සංවිධාන විසින් කළ අභියාචනයකට පිළිතුරු සපයමින් ඉකුත් 4 වැනි දා අමාත්‍ය මණ්ඩල ලේකම්වරයා විසින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා වෙත ලිපියක් මගින් දන්වා තිබුනේ එම අභියාචනය ප්‍රතික්ෂේප කරන බවයි.
එල්ටීටීඊ ත්‍රස්තවාදය නිසා ඉන්දියාවට පලා ගිය දෙමළ ජන කණ්ඩායම් නැවත ලංකාවට ගෙන ඒමට ආණ්ඩුව කටයුතු කරන බව වාර්තා වන බවත්, එසේ දෙමළ ජනයා ගෙන්වා ගැනීමේ දී ආගමන විගමන කටයුතු නිසි පරිදි සිදු විය යුතු බවත් දේශප්‍රේමි ජාතික පෙරමුණ පවසයි.
ජාත්‍යන්තර සම්මුතීන් බිඳ දමමින්, ශ‍්‍රී ලංකාවේ ව්‍යවස්ථාවට පටහැනිව, අමාත්‍ය මණ්ඩල පටිපාටි නොසලකා හරිමින්, ශ‍්‍රී ලංකාවේ ස්වෛරීභාවය උල්ලංගණය කරමින් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර අත්සන් කෙරුණු ගිවිසුම් වලට එරෙහිව ජාතික සංවිධාන නියෝජිතයින් විසින් ගොනු කරනු ලැබු පෙත්සම අද(5) දින ‍ශ්‍රේෂ්ඨාධිකරණයේ දී පළමු වරට විභාගයට ගැණිනි.
රේගු පරීක්‍ෂාවකින් තොරව වරායෙන් පිටකරන ලද කන්ටේනර් 323 සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා අන්දෝලනාත්ම ප්‍රකාශයක් පාර්ලිමේන්තුව තුළ දී සිදුකර තිබේ.
යාපනය තිස්ස විහාරය සම්බන්ධව සහ උතුරු සහ නැගෙනහිර පළාත් වල සිංහල ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීම පිළිබඳව ජාතික සමගිය සහ සංහිඳියා කාර්යාලය සමග සාකච්චාවක් පැවත්විණි.
දන්ඩනිති සංග්‍රහයේ 365/365 ඒ වගන්ති සංශෝධනය කිරීම සම්බන්ධයෙන් මේ වන විට මතුව ඇති තත්ත්වය සම්බන්ධයෙන් අදහස් දක්වමින් වෛද්‍ය සකුන්තලා සෙනෙවිරත්න මහත්මිය පවසන්නේ මෙම වගන්ති සංශෝධනයට මවුවරුන්ගේ පෙරමුණ ලෙස තම සංවිධානය තදින් විරුද්ධ වන බවය.

ප්‍රධාන පුවත්

අර්චුනා කියන ආකාරයේ කන්ටේනරයක් තායිලන්තයේ සිට මෙරටට ආවා - ගම්මන්පිල රේගු සටහන් පෙන්වමින් හෙළිකරයි..

පාර්ලිමේන්තු මන්ත්‍රි රාමනාදන් අර්චුනා මහතා පවසන ආකාරයේ කන්ටේනරයක් තායිලන්තයේ සිට මෙරටට පැමිණ ඇති බව පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා රේගු වාර්තා ඉදිරිපත් කරමින් පෙන්වා දෙයි.

ජනපති සමාව නොදුන් සිරකරුවෙකු නිදහස් වෙලා... ජනාධිපති කාර්යාලයෙන් විමර්ශනයක්

අනුරාධපුර බන්ධනාගාරයේ සිටි රැදවියෙකු වෙසක් උත්සවය නිමිත්තෙන් ජනාධිපති සමාව යටතේ නිදහස් කිරිම සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශයෙන් නිවේදනයක් නිකුත් කර තිබේ.

අනුර - මෝදි හොර ගිවිසුම්වල තොරතුරු ආණ්ඩුව දිගින් දිගටම යට ගසයි - ජේ.ආර් වත් නොකළ දේ අනුර කරයි..

ඉන්දියාව සමග ශ්‍රී ලංකා රජය අත්සන් කළ ගිවිසුම් හත සම්බන්ධයෙන් තොරතුරු ලබා නොදීම ගැන ජාතික සංවිධාන විසින් කළ අභියාචනයකට පිළිතුරු සපයමින් ඉකුත් 4 වැනි දා අමාත්‍ය මණ්ඩල ලේකම්වරයා විසින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා වෙත ලිපියක් මගින් දන්වා තිබුනේ එම අභියාචනය ප්‍රතික්ෂේප කරන බවයි.

දෙමළ සරණාගත ප්‍රශ්නය ගැන ආණ්ඩුව දක්වන උනන්දුව උපන් රටේ සරණාගතයන් වූ සිංහල මිනිස්සු වෙනුවෙන් දක්වන්නේ නෑ - දේශප්‍රේමී ජාතික පෙරමුණෙන් චෝදනා..

එල්ටීටීඊ ත්‍රස්තවාදය නිසා ඉන්දියාවට පලා ගිය දෙමළ ජන කණ්ඩායම් නැවත ලංකාවට ගෙන ඒමට ආණ්ඩුව කටයුතු කරන බව වාර්තා වන බවත්, එසේ දෙමළ ජනයා ගෙන්වා ගැනීමේ දී ආගමන විගමන කටයුතු නිසි පරිදි සිදු විය යුතු බවත් දේශප්‍රේමි ජාතික පෙරමුණ පවසයි.

ඉන්දු - ලංකා යටත්වීමේ ගිවිසුම් බලරහිත බව ප්‍රකාශයට පත්කිරීම වෙනුවෙන් ගොනු කරනු ලැබු පෙත්සම පළමු වරට විභාගයට ගැනෙයි..

ජාත්‍යන්තර සම්මුතීන් බිඳ දමමින්, ශ‍්‍රී ලංකාවේ ව්‍යවස්ථාවට පටහැනිව, අමාත්‍ය මණ්ඩල පටිපාටි නොසලකා හරිමින්, ශ‍්‍රී ලංකාවේ ස්වෛරීභාවය උල්ලංගණය කරමින් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර අත්සන් කෙරුණු ගිවිසුම් වලට එරෙහිව ජාතික සංවිධාන නියෝජිතයින් විසින් ගොනු කරනු ලැබු පෙත්සම අද(5) දින ‍ශ්‍රේෂ්ඨාධිකරණයේ දී පළමු වරට විභාගයට ගැණිනි.

කන්ටේනර් 323නේ තිබ්බේ ප්‍රභාකරන්ගේ අවි ආයුධ.. - අර්චුනා රටම කැළඹෙන හෙළිදරව්වක (වීඩියෝ)

රේගු පරීක්‍ෂාවකින් තොරව වරායෙන් පිටකරන ලද කන්ටේනර් 323 සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා අන්දෝලනාත්ම ප්‍රකාශයක් පාර්ලිමේන්තුව තුළ දී සිදුකර තිබේ.

යාපනය තිස්ස විහාරය සම්බන්ධව සහ උතුරු සහ නැගෙනහිර සිංහල ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීම ගැන විශේෂ සාකච්චාවක්..

යාපනය තිස්ස විහාරය සම්බන්ධව සහ උතුරු සහ නැගෙනහිර පළාත් වල සිංහල ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීම පිළිබඳව ජාතික සමගිය සහ සංහිඳියා කාර්යාලය සමග සාකච්චාවක් පැවත්විණි.

දන්ඩනීති සංග්‍රහයේ 365/365 ඒ වගන්ති සංශෝධනයට මවුවරුන්ගේ පෙරමුණ තදින් විරුද්ධයි - වෛද්‍ය සකුන්තලා සෙනෙවිරත්න (වීඩියෝ)

දන්ඩනිති සංග්‍රහයේ 365/365 ඒ වගන්ති සංශෝධනය කිරීම සම්බන්ධයෙන් මේ වන විට මතුව ඇති තත්ත්වය සම්බන්ධයෙන් අදහස් දක්වමින් වෛද්‍ය සකුන්තලා සෙනෙවිරත්න මහත්මිය පවසන්නේ මෙම වගන්ති සංශෝධනයට මවුවරුන්ගේ පෙරමුණ ලෙස තම සංවිධානය තදින් විරුද්ධ වන බවය.

ළමා අපචාර වළකන වගන්ති දෙක දණ්ඩනීති සංග්‍රහයෙන් ඉවත් කරන්න අදහසක් නැහැ.. - ජාතික සංවිධාන විසින් කළ හෙළිදරව්ව ගැන අධිකරණ ඇමැති කියන කතාව

දරුවන් ලිංගික අපයෝජනවලින් බේරාගැනීම සඳහා දණ්ඩනීති සංග්‍රහයේ ඇති අස්වාභාවික වැරදි පිළිබඳ 365 දරණ වගන්තිය සහ පුද්ගලයන් අතර බරපතළ අශෝභන ක්‍රියා පිළිබඳව සඳහන් වන 365 A වගන්තිය ඉවත් කරමින් දණ්ඩනීති සංග්‍රහයට සංශෝධනයක් ගෙන ඒමට අධිකරණ ඇමැතිවරයාට මානව හිමිකම් කොමිසම විසින් දන්වා ඇති බවට ඊයේ මාධ්‍ය හමුවක් අමතමින් දේශහිතෛෂීජාතික ව්‍යාපාරයේ මහලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා සඳහන්කර සිටියේය.

දණ්ඩනීති සංග්‍රහය සංශෝධනය කිරීම හරහා සිදුකිරීමට යන සමලිංගික සේවනය ප්‍රවර්ධනය කිරීමේ මහා අපරාධය - ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගමගෙන් අනාවරණයක් (වීඩියෝ)

සමලිංගික සේවනය ප්‍රවර්ධනය කිරීම සඳහා ගෙන ඒමට යෝජිත නීති සංශෝධනයක් සිදුකිරීම පිළිබඳව මේ වන විට නැවත උත්සාහ දරමින් සිටින බවත්, දණ්ඩනීති සංග්‍රහයේ දැනට බල පවත්වන 365 වගන්තිය සහ 365 ආ වගනිතිය අහෝසි කිරීමට මෙමගින් යෝජනා කර ඇති බවත් ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම මහතා පවසයි.

රටේ ලක්ෂ 60ක දරුවන් අනතුරේ හෙළමින් ළමා අපචාරකයන්ට ලංකාව පාරාදීසක් බවට පත්කරන ඩොලර්වලින් යැපෙන කුමන්ත්‍රණකරුවන්ගේ ජඩ මෙහෙයුම මෙන්න.. (වීඩියෝ)

ඩොලර්වලින් යැපෙන කුමන්ත්‍රණකාරීන් පිරිසක් විසින් රටේ අර්බුද මැද මහජනයාගේ මනස වෙනත් පැත්තකට යොමු වී ඇති මොහොතක දරුවන් ලිංගික අපරාධවලින් ආරක්ෂා කරගැනීමට පනවා තිබූ දණ්ඩනීති සංග්‍රහයේ 365 සහ 365 ආ වගන්ති සංශෝධනය කර ලක්ෂ 60ක පමණ වන මෙරට දරුවන්ගේ ජීවිත අනතරුරට හෙළීමට කටයුතු සූදානම් කර ඇති බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා චෝදනා නගයි.

ඇමැති බිමල්, ආණ්ඩුවේ විරුද්ධවාදියෙක් වෙයි.. ඇමැති නලින්ද හෙළිකරන කතාව මෙන්න.. (වීඩියෝ)

කැබිනට් මණ්ඩල සංශෝධනයක් සිදුවන බවට පැතිරෙන තොරතුරු සම්පූර්ණ අසත්‍ය බවත්, එවන් පුවත් ඇතැම් විට තම විරුද්ධවාදින් හෝ අවධානය දිනා ගැනීම සඳහා විවිධ මාධ්‍ය විසින් පල කරන එවා විය හැකි බවත් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කරයි.

දරුවන් බිල්ලට දෙන්න සහ සමලිංගික ක්‍රියා ප්‍රචලිත කරන්න නීති සංශෝධන ගෙන ඒමට බලකරන ඩොලර් කාක්කන්ගේ නම් එළියට..

විවිධ විදේශීය ආදාර ලබන රාජ්‍ය නොවන සංවිධානවලට සම්බන්ධවී සිටින සහ දණ්ඩ නීති සංග්‍රහයේ 365 සහ 365 A වගන්ති සංශෝධනය කර සමලිංගික ක්‍රියා සහ ළමා අපචාර ප්‍රචලිත කිරීම මගින් සමාජය බිඳවැට්ටවීමට කුමන්ත්‍රණ කරන පිරිස්වල නම් ලැයිස්තු 3ක් මේ වන විට හෙළිදරව් වී ඇත.

ශ්‍රී ලංකාවේ මෙතම්ෆෙටමින් නම් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට : විදේශයන්හි නිපදවන බොහෝ නීති විරෝධී මත්ද්‍රව්‍ය, අරාබි මුහුද හරහා ශ්‍රී ලංකාවට !

ශ්‍රී ලංකාවේ භූගෝලීය පිහිටීම හේතුවෙන් නැගෙනහිර සහ බටහිර සම්බන්ධ කරන ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය සැපයුම් දාමයේ ප්‍රධාන කේන්ද්‍රස්ථානයක් බවට පත්ව ඇතැයි මත්ද්‍රව්‍ය ප්‍රචලිත වීම සම්බන්ධයෙන් අධ්‍යයනයේ යෙදෙන විද්වතුන් පවසති. එලෙසම ඔවුනට අනුව ශ්‍රී ලංකාවේ නීති විරෝධී මත්ද්‍රව්‍ය පරිභෝජන රටාව තුළ මෙතම්ෆෙටමින් භාවිතය දක්වා සැලකිය යුතු වෙනස්කමකට භාජනය වී තිබේ.

ජවිපෙ පක්ෂ අරමුදල් බදු දැලට හසුවන්නේ නැද්ද? - ජවිපෙ බදු දැලෙන් රිංගා ගහන ගේම දිලිත් හෙළිකරයි (වීඩියෝ)

ජනතා විමුක්ති පෙරමුණේ පක්ෂ අරමුදල් යන සංකල්පය බදු දැලෙන් නිදහස්ව මුදල් භාවිතා කරමින් මුදල් විශුද්ධිකරණයේ යෙදීම සඳහා භාවිතා වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා චෝදනා නගයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.