News Category
From Date
To Date
Maximum Number of Result

අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මියගේ ඡායාරූප යොදා ගැනීම සම්බන්ධයෙන් රාජ්‍ය ආයතන වලට සීමා පනවා ඇත.

පාසල් සිසුන්, කාර්මික විද්‍යාල සිසුන් සහ විශ්වවිද්‍යාල සිසුන්ට නිකුත් කරනු ලබන ලංගම ගමන් වාර ප්‍රවේශ පත්‍ර මඟින් සෙනසුරාදා, ඉරිදා සහ අනෙකුත් සියලුම නිවාඩු දිනයන්වල දී ගමන් කිරීමට අවසර ලබා දෙන බව ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය පවසයි.

‘ආසනික්’ නමැති විෂ බැර ලෝහය අඩංගු ටින් මාළු තොගයක් ඔරුගොඩවත්ත රේගු ගබඩා සංකීර්ණයේ තිබී සොයාගෙන තිබේ.

අන්තර්ජාතික සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනයේ (USAID) පරිපාලක සමැන්තා පවර් සහ ශ්‍රී ලංකාවේ නව ජනාධිපති අනුර කුමාර දිසානායක අතර ඊයේ මාර්ගගත හමුවක් පවත්වා තිබේ.

ඇමරිකානු එක්සත් ජනපද රජය විසින් ප්‍රදානයක් ලෙස ශ්‍රී ලංකාවට ලබාදෙනු ලැබූ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නිරීක්ෂණ ගුවන් යානා සංචිතයට එක්වන නව බීච් ක්‍රාෆ්ට් කින්ග් එයාර් 360ER (Beachcraft King Air360 ER {Extended Range) වර්ගයේ නිරීක්ෂණ ගුවන් යානය පිළිගැනීමේ අවස්ථාවට ආරක්ෂක ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්ත මහතා, ශ්‍රී ලංකාවේ ඇමරිකානු එක්සත් ජනපද තානාපතිනි ජුලී චන්ග්, ශ්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා සහ ඇමරිකානු එක්සත් ජනපද නාවික හමුදාවේ පැසිෆික් බලඇණියේ ආඥාපති අද්මිරාල් ස්ටීවන් කෝලර් මහතා (10දා) කටුනායක ශ්‍රී ලංකා ගුවන් හමුදා කඳවුරේ දී එක්වූහ.

දිවයිනට බලපා ඇති වැසි සහිත කාලගුණ තත්වය හේතුවෙන් ගංගා කිහිපයක ජලමට්ටම් ඉහළගොස් ඇතිබව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා හා ආපදා කළමනාකරණ ඒකකයේ අධ්‍යක්ෂ වාරිමාර්ග ඉංජිනේරු එස්.පී.සී.සුගීශ්වර මහතා පැවසීය.

හිටපු මැතිඇමතිවරුන්ගෙන් තවත් පිරිසක් මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් නොවන බවට ප්‍රකාශ කර තිබේ.

ජාතික ජන බලවේගයෙන් ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සඳහා රංගන ශිල්පී ජගත් මනුවර්ණ මහතා ඉදිරිපත් වෙයි.

රංගන ශිල්පිනී දමිතා අබේරත්න මහත්මියගේ නම රත්නපුර දිස්ත්‍රික්කයේ නාමයෝජනා ලැයිස්තුවේ සඳහන් නොවන බව වාර්තා වෙයි.


ප්‍රධාන පුවත්

ගෝඨාගේ කාලයේ තෙල් අර්බුදය කෘතිමව නිර්මාණය කළ හැටි මෙන්න.. - සංඛ චන්දිම අබේවර්ධනගෙන් හෙළිදරව්වක්..

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාලන සමයේදී මෙරට ඇති වූ ඛනිජ තෙල් අර්බුදය ස්වාභාවිකව සිදු වූවක් නොව, සැලසුම් සහගතව කෘතිමව නිර්මාණය කරන ලද්දක් බව සංඛ චන්දිම අබේවර්ධන මහතා ප්‍රකාශ කරයි.

රට අනතුරේ හෙලමින් NATO සරණ පතන්නේ නොදන්නාකමට ද?, මෝඩකමට ද?.. - වෛද්‍ය ජී. වීරසිංහ ගෙන් අනාවරණයක්

ශ්‍රී ලංකා ආරක්ෂක ලේකම් සම්පත් තුයියකොන්තා මහතා කැනඩාවේදී NATO හමුදා ප්‍රධානීන් හමුවී, මෙරට අවි ආයුධ නවීකරණය කිරීමටත්, යුධ ගබඩා සැලසුම් කිරීමටත්, NATO සංවිධානය සහ ශ්‍රී ලංකාව අතර සබඳතා තවදුරටත් ඉහළ නැංවීමටත් කළ ආරාධනාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය සිය දැඩි විරෝධය පළ කර සිටියි.

වෙනිසියුලාවේ ඩෙල්සි රොඩ්‍රිගස්ටත් වඩා අනුර භයානකයි.. - විමල් වීරවංශ

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ දෙවසරක පාලන කාලය ලෝකයේ වෙනත් රටක පාලනයක් හා සැසඳීමේ දී හොඳම සමපාත වීම ලෙස සැලකිය හැක්කේ වෙනිසියුලාවේ අන්තර් කාලීන ජනාධිපති ඩෙල්සි රොඩ්‍රිගස් ගේ පාලනයට බව ජානිපෙ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

"රටක බාහිර සතුරන්ට වඩා ඇතුළත සිටින සතුරන් සහ පාවාදෙන්නන් අතිශය භයානකයි" - මහින්ද කියයි

මාතෘභූමියේ ආත්ම ගෞරවය සුරක්ෂිත කිරීමේ ජන සටන ඓතිහාසික අනුරාධපුර පුණ්‍ය භූමියෙන් ආරම්භ කළ බවත්, රටක බාහිර සතුරන්ට වඩා ඇතුළත සිටින සතුරන් සහ පාවාදෙන්නන් අතිශය භයානක බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසයි.

කථානායකට එරෙහිව දයාසිරිගෙන් ජාත්‍යන්තරයට පැමිණිලි..

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායක ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් පරීක්ෂණයක් පවත්වන පසුබිමක, ඔහු සිය පාර්ලිමේන්තු වරප්‍රසාද සහ භාෂණයේ නිදහස උල්ලංඝනය කළ බවට චෝදනා කරමින් කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පොදුරාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමය (CPA) වෙත නිල වශයෙන් පැමිණිලි කර තිබේ.

BRICS සහයෝගිතාව ශක්තිමත් කිරීමට චීන ජනපතිගෙන් යෝජනා පහක්..

ඉන්දියාවේ නවදිල්ලි නුවර පැවැත්වෙන 18 වැනි BRICS නායක සමුළුවේ දෙවැනි අදියරට එක්වෙමින් චීන ජනාධිපති ෂී ජින්පිං මහතා විශේෂ දේශනයක් පවත්වා තිබේ.

මාලිමා පොළොන්නරුවේ ගොවි රැලියෙන් මාලිමා ගොවි නායක දෙපළ අතුරුදන් වෙලා..

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පොළොන්නරුවේදී පැවැති ජාතික ජන බලවේගයේ දැවැන්ත ගොවි සමුළුවට එම පක්ෂයේ ප්‍රධානතම ගොවි නායකයන් දෙපළ වන කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත සහ නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න යන මහත්වරුන් සහභාගි නොවීම සම්බන්ධයෙන් මේ වන විට සමාජ මාධ්‍යයේ දැඩි කතාබහක් නිර්මාණය වී තිබේ.

"අනුරාධපුරයේ ඩොටේ හිටපු ලාල් කාන්ත පට පට ගාලා තට්ටු තුනේ ගෙවල් හැදුවා.." ඒගොල්ලෝ කළු රාජ්‍යයට අයිති නැද්ද? - පොහොට්ටු රැලියේදී විමල් ප්‍රශ්න කරයි

රටත් ජාතියත් බේරාගැනීමට උර දුන් පිරිස ‘කළු රාජ්‍යයකට’ ලඝු කරමින්, වත්මන් ආණ්ඩුවට සහය දක්වන වංචනිකයින් ආරක්ෂා කිරීමට ජනාධිපතිවරයා කටයුතු කරන බවට ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.