"එක්සත් ජනපද ඩොලරයේ ගෝලීය භූමිකාව අවදානමට ලක්ව ඇත" -ජර්මානු මූල්‍ය නියාමන ආයතනය වන ෆෙඩරල් මූල්‍ය අධීක්ෂණ අධිකාරිය
ගෝලීය සංචිත මුදල් ඒකකයක් ලෙස එක්සත් ජනපද ඩොලරයේ තත්ත්වය මෙම වසර මුලදීම ප්‍රශ්නකාරී තත්වයකට පත් විය හැකි බව ජර්මානු මූල්‍ය නියාමන ආයතනය වන ෆෙඩරල් මූල්‍ය අධීක්ෂණ අධිකාරිය හෙවත් BaFin සිය වාර්ෂික අනාවැකිය මගින් අනතුරු අඟවා තිබේ. ෆෙඩරල් මූල්‍ය අධීක්ෂණ අධිකාරිය විසින් පසුගිය 28 වනදා ප්‍රකාශයට පත් කරන ලද වාර්තාවකට අනුව, ඩොලරය අරමුදල් හිඟය, භූ දේශපාලනික කම්පන සහ දේශපාලනීකරණයෙන් පීඩා විඳිය හැකිය.
මෙම අනාවැකිය පලවූවේ වසරකට ආසන්න කාලයක් තුළ ඩොලරයේ නරකම තනි දින පහත වැටීමෙන් පසුවය. අනෙකුත් ප්‍රධාන මුදල් වර්ගවලට සාපේක්ෂව ඩොලරයේ ශක්තිය මනිනු ලබන ප්‍රධාන දර්ශකයක් වන බ්ලූම්බර්ග් ඩොලර් ස්ථාන දර්ශකය, පසුගිය අප්‍රේල් මාසයේ දී එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඔහුගේ පුළුල් ගෝලීය තීරුබදු න්‍යාය පත්‍රය එළිදැක්වීමෙන් පසු එහි තියුණුම පහත වැටීම වාර්තා කළේය.
“ගෝලීය සංචිත මුදල් ඒකකය ලෙස එක්සත් ජනපද ඩොලරයේ භූමිකාව පිළිබඳව ගෝලීය වෙළඳපොළවල් ප්‍රශ්න කරනු ලැබීමේ අවදානම පවතිනවා.” BaFin සභාපති මාර්ක් බ්‍රැන්සන් පැවසීය. “ආයතන දේශපාලනීකරණය කිරීමට ගන්නා දැඩි උත්සාහයන්” විශේෂයෙන් ආර්ථික හෝ මූල්‍ය අර්බුදයකදී ජාත්‍යන්තර සහයෝගීතාවයේ කාර්යක්ෂමතාව අඩපණ කළ හැකි බවට, ඔහු අනතුරු ඇඟවීය.
භූ දේශපාලනික කම්පන නිසා ඇති විය හැකි "ද්‍රවශීලතා හිඟයන්" පිළිබඳව ද ආයතනය කනස්සල්ල පළ කළ අතර එය "විශේෂ වැදගත්කමක් ඇති" අවදානමක් ලෙස හැඳින්වීය.
වොෂින්ටනයේ ප්‍රතිපත්ති පිළිබඳ අවිනිශ්චිතතාවය මධ්‍යයේ එක්සත් ජනපද ඩොලරය දිගටම පහත වැටෙනු ඇතැයි මුල්‍ය වෙළඳුන් විශාල ලෙස ඔට්ටු අල්ලමින් සිටින බව මෙම සතියේ බ්ලූම්බර්ග් වාර්තා කළේය.බ්ලූම්බර්ග්ට අනුව, 2025 මැයි මාසයේ පසුව එළඹි ඕනෑම අවස්ථාවකට වඩා ඩොලරයේ දිගුකාලීන දැක්ම පිළිබඳව වෙළඳපොළවල් වඩාත් අශුභවාදී විය. මුදල් ඒකකයේ දුර්වලතාවය පිළිබඳ කනස්සල්ල ට්‍රම්ප් මීට පෙර ප්‍රතික්ෂේප කළ අතර, එය "හොඳින් ක්‍රියාත්මක වන" බවත් ඩොලරය "තමන්ගේම මට්ටම සොයා ගැනීමට" කටයුතු කිරීම ඔහුට අවශ්‍ය බවත් අවධාරණය කළේය.
පසුගිය වසරේ අප්‍රේල් සහ ජුනි අතර කාලය තුළ ගෝලීය විදේශ විනිමය සංචිතවල ඩොලරයේ කොටස දශක තුනක අවම අගයක් වන 56.3% දක්වා පහත වැටුණු බව IMF ඔක්තෝබර් මාසයේදී වාර්තා කළේය. කෙසේ වෙතත්, ඩොලරය පහත වැටීමට හේතුව මහ බැංකු විසින් හිතාමතාම ඩොලරය විකිණීමට පෙළඹිමට වලට වඩා මුදල් තක්සේරු කිරීමේ පියවරයන් ගැනීම බව අවධාරණය කළේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්