"එක්සත් ජනපද ඩොලරයේ ගෝලීය භූමිකාව අවදානමට ලක්ව ඇත" -ජර්මානු මූල්‍ය නියාමන ආයතනය වන ෆෙඩරල් මූල්‍ය අධීක්ෂණ අධිකාරිය
ගෝලීය සංචිත මුදල් ඒකකයක් ලෙස එක්සත් ජනපද ඩොලරයේ තත්ත්වය මෙම වසර මුලදීම ප්‍රශ්නකාරී තත්වයකට පත් විය හැකි බව ජර්මානු මූල්‍ය නියාමන ආයතනය වන ෆෙඩරල් මූල්‍ය අධීක්ෂණ අධිකාරිය හෙවත් BaFin සිය වාර්ෂික අනාවැකිය මගින් අනතුරු අඟවා තිබේ. ෆෙඩරල් මූල්‍ය අධීක්ෂණ අධිකාරිය විසින් පසුගිය 28 වනදා ප්‍රකාශයට පත් කරන ලද වාර්තාවකට අනුව, ඩොලරය අරමුදල් හිඟය, භූ දේශපාලනික කම්පන සහ දේශපාලනීකරණයෙන් පීඩා විඳිය හැකිය.
මෙම අනාවැකිය පලවූවේ වසරකට ආසන්න කාලයක් තුළ ඩොලරයේ නරකම තනි දින පහත වැටීමෙන් පසුවය. අනෙකුත් ප්‍රධාන මුදල් වර්ගවලට සාපේක්ෂව ඩොලරයේ ශක්තිය මනිනු ලබන ප්‍රධාන දර්ශකයක් වන බ්ලූම්බර්ග් ඩොලර් ස්ථාන දර්ශකය, පසුගිය අප්‍රේල් මාසයේ දී එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඔහුගේ පුළුල් ගෝලීය තීරුබදු න්‍යාය පත්‍රය එළිදැක්වීමෙන් පසු එහි තියුණුම පහත වැටීම වාර්තා කළේය.
“ගෝලීය සංචිත මුදල් ඒකකය ලෙස එක්සත් ජනපද ඩොලරයේ භූමිකාව පිළිබඳව ගෝලීය වෙළඳපොළවල් ප්‍රශ්න කරනු ලැබීමේ අවදානම පවතිනවා.” BaFin සභාපති මාර්ක් බ්‍රැන්සන් පැවසීය. “ආයතන දේශපාලනීකරණය කිරීමට ගන්නා දැඩි උත්සාහයන්” විශේෂයෙන් ආර්ථික හෝ මූල්‍ය අර්බුදයකදී ජාත්‍යන්තර සහයෝගීතාවයේ කාර්යක්ෂමතාව අඩපණ කළ හැකි බවට, ඔහු අනතුරු ඇඟවීය.
භූ දේශපාලනික කම්පන නිසා ඇති විය හැකි "ද්‍රවශීලතා හිඟයන්" පිළිබඳව ද ආයතනය කනස්සල්ල පළ කළ අතර එය "විශේෂ වැදගත්කමක් ඇති" අවදානමක් ලෙස හැඳින්වීය.
වොෂින්ටනයේ ප්‍රතිපත්ති පිළිබඳ අවිනිශ්චිතතාවය මධ්‍යයේ එක්සත් ජනපද ඩොලරය දිගටම පහත වැටෙනු ඇතැයි මුල්‍ය වෙළඳුන් විශාල ලෙස ඔට්ටු අල්ලමින් සිටින බව මෙම සතියේ බ්ලූම්බර්ග් වාර්තා කළේය.බ්ලූම්බර්ග්ට අනුව, 2025 මැයි මාසයේ පසුව එළඹි ඕනෑම අවස්ථාවකට වඩා ඩොලරයේ දිගුකාලීන දැක්ම පිළිබඳව වෙළඳපොළවල් වඩාත් අශුභවාදී විය. මුදල් ඒකකයේ දුර්වලතාවය පිළිබඳ කනස්සල්ල ට්‍රම්ප් මීට පෙර ප්‍රතික්ෂේප කළ අතර, එය "හොඳින් ක්‍රියාත්මක වන" බවත් ඩොලරය "තමන්ගේම මට්ටම සොයා ගැනීමට" කටයුතු කිරීම ඔහුට අවශ්‍ය බවත් අවධාරණය කළේය.
පසුගිය වසරේ අප්‍රේල් සහ ජුනි අතර කාලය තුළ ගෝලීය විදේශ විනිමය සංචිතවල ඩොලරයේ කොටස දශක තුනක අවම අගයක් වන 56.3% දක්වා පහත වැටුණු බව IMF ඔක්තෝබර් මාසයේදී වාර්තා කළේය. කෙසේ වෙතත්, ඩොලරය පහත වැටීමට හේතුව මහ බැංකු විසින් හිතාමතාම ඩොලරය විකිණීමට පෙළඹිමට වලට වඩා මුදල් තක්සේරු කිරීමේ පියවරයන් ගැනීම බව අවධාරණය කළේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
පනාමුරේ තිලකවංශ නාහිමියන්ට ජීවිත ආරක්ෂාව ඉල්ලමින් මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්යවරයාට ලිපියක්..
ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..
නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්
පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..
ශ්රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..
ප්රංශය ඇතුළු යුරෝපා රටවල උග්රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්රවංශගෙන් අනාවරණයක්..
බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්යය මගින් විනාශකාරී මහා සත්යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා
භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි
"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්රාත්වරයා රබර් මුද්රාවක් වෙලා": ත්රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා
අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්
ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)
කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්රාන්තයකින් වරෙන්තුවක්
ඇමරිකානු ජනපති ට්‍රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..
මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..
මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..
ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්රවීන මාධ්‍යවේදී ධර්මශ්රී ගෙන් අනාවරණයක්..