එප්ස්ටයින් සමග සබඳතා පැවැත්වූ නෝර්වේ හිටපු අගමැතිට එරෙහිව විමර්ශනයක්..
නෝර්වේ දේශපාලනඥයෙකු සහ හිටපු අගමැතිවරයෙකු වන තෝර්බ්ජෝන් ජැග්ලන්ඩ්ට එරෙහිව "බරපතල දූෂණ" චෝදනා මත පරීක්ෂණ ආරම්භ කළ බව නෝර්වේ ආර්ථික අපරාධ විමර්ශන අංශය නිවේදනය කර තිබේ.
මෙම විමර්ශනයට පදනම් වී ඇත්තේ, පසුගියදා අමෙරිකා එක්සත් ජනපදය විසින් ප්‍රසිද්ධ කරන ලද ජෙෆ්රි එප්ස්ටයින්ට අදාළ රහස්‍ය ලිපිගොනු (Epstein files) තුළ ජැග්ලන්ඩ්ගේ නම සඳහන් වීමයි.
ජැග්ලන්ඩ් නොබෙල් කමිටුවේ සභාපතිවරයා ලෙසත්, යුරෝපා කවුන්සිලයේ මහලේකම්වරයා ලෙසත්, කටයුතු කළ කාලය තුළ එප්ස්ටයින්ගෙන් විවිධ තෑගි, සංචාරක පහසුකම් සහ මූල්‍ය ණය ලබාගෙන ඇති බවට පොලිසිය සැක කරන බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.
75 හැවිරිදි වියේ පසුවන ජැග්ලන්ඩ්ට හිටපු ජ්‍යෙෂ්ඨ රාජ්‍යතාන්ත්‍රිකයෙකු ලෙස හිමිව ඇති "නීතිමය මුක්තිය" (Immunity) ඉවත් කරන ලෙස නෝර්වේ විදේශ අමාත්‍යාංශය යුරෝපා කවුන්සිලයෙන් ඉල්ලා තිබේ.
ඔහුගේ නීතිඥයන් පවසන්නේ විමර්ශන කටයුතු සඳහා පූර්ණ සහය ලබා දෙන බවයි.
තෝර්බ්ජෝන් ජැග්ලන්ඩ් 1996-1997 කාලයේ නෝර්වේ අගමැතිවරයා ලෙස කටයුතු කළ අතර, 2009 සිට 2015 දක්වා නොබෙල් සාම ත්‍යාගය තේරීමේ කමිටුවේ සභාපතිවරයා ලෙස ද කටයුතු කළේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්