

ජාතික සංවිධාන දීර්ඝ කාලයක සිට ක්‍රියාකළේ රට තුළ ජාතික මතය පෝෂණය කිරීමට මිස කිසියම් පුද්ගලයකු බලයට ගෙන ඒමට නොවන බවත්, සූර්යා වටා ග්‍රහලෝක කැරකෙන විට සමහර ග්‍රහයින් සූර්යා ළඟින් ගිය ද සූර්යා ග්‍රහයින් ළඟට නොයන බව හා සූර්යා ළඟින් එම ග්‍රහයා යන විට එම ග්‍රහයා සිටින්නේ සූර්යා සමග බව කෙනෙකුට සිතෙන්නට ඉඩ ඇති බවත් මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ පවසති.

දක්ෂිණාංශික ලිබරල්වාදය සහ වාමාංශික ලිබරල්වාදය යන "දේශපාලන නිවුන් සොහොයුරන්" එකටතබා පැරදවිය හැකි මේ රටේ එකම දේශපාලන කඳවුර වන ජාතිකවාදී දේශපාලන කඳවුරට නායකත්වය සපයන්නා ලෙස "සර්වජන බලය" නව දේශපාලන සන්ධානය කටයුතු කරනු ඇති බවත් ඉහත කී "දේශපාලන නිවුන් සොහොයුරන්" එකටතබා පරදවන "දේශපාලන පිංකම" සිදු කිරීමට "සර්වජන බලය" සමඟ රොද බැඳගන්නා ලෙස මේ රටේ සියලුම සැබෑ ජාතිකවාදීන්ට ඇරයුම් කරන බවත් උත්තර ලංකා සභාගයේ සභාපති, ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා අවධාරණය කරයි.
ප්‍රධාන පුවත්
චාල්ස් තෝමස් නම් තැනැත්තා පාදෙණිය රජ මහා විහාරයේ පැවැත්වීමට සූදානම් වන වැඩසටහන වහා අවලංගු කරන්නැයි මල්වතු මහනායක හිමියෝ දන්වති..
අසිරිමත් සම්බුදු තෙමඟුල සිහිකරන වෙසක් පුර පසලොස්වක පොහොය අදයි..
නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)
නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..
යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි
මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)
1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.
මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල
පළාත් සභා මැතිවරණයත් හැකි ඉක්මනින් කැඳවන්න යයි..
ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..
