News Category
From Date
To Date
Maximum Number of Result

රටේ තුන්වැනි පුරවැසියා වන කතානායක ධුරයට පත්වීම සඳහා අශෝක රන්වල බොරු ආචාර්ය උපාධියක් පෙන්වමින් සිදුකළ වංචාව හෙළි වූ විට ඔහු කතානායක ධුරයෙන් පමණක් නොව මන්ත්‍රී ධුරයෙන් ද නෙරපා හැරිය යුතුව පැවති බව හිටපු අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.

අශෝක රන්වල මහතා හෝ වෙන ඕනෑම අයෙක් විය හැකි වුවත් රටේ නීතිය නිසි ලෙස ක්‍රියාත්මක වන බව කෘෂිකර්ම නියෝජ්‍ය ඇමති නාමල් කරුණාරත්න මහතා පවසයි.

කාම්බෝජය සහ තායිලන්තය අතර සටන් දිගටම පවතින පසුබිමක දෙරට අතර ඇති දේශසීමා හරස් මාර්ග වසා දැමීමට පියවර ගෙන තිබේ.

සපුගස්කන්ද ප්‍රදේශයේ රිය අනතුර සිදුවූ අවස්ථාවේ හිටපු කථානායක අශෝක රන්වල බීමතින් සිටියේදැයි අනාවරණ කරගැනීම සඳහා සිදුකළ පරීක්ෂණයේ වාර්තා මෙතෙක් ලැබී නැතැයි පොලිසිය පවසයි.

බස්නාහිර පළාත්බද මහාධිකරණය අංක 06 හිදී මහාධිකරණ විනිසුරු එම්.එම්.එම්. මිහාල් මහතා ඉදිරියේ විභාග වූ HCB 303/24 දරණ නඩු තීන්දුවේ වාර්තාව අනුව හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා අල්ලස් කොමිසසම විසින් ඉදිරිපත් කරන ලද මාස 3ක් තුළ රු. 1,843,267,595.65/- (අලාභය) වන්දියක් ලෙස මහ බැංකුවේ ගිණුමට ගෙවීම කොන්දේසියට එකඟ වී නැති අතර වරදක් පිළිගැනීමක් නොකරන බවත්, එය සාමුහික තීරණයක් බවත් ප්‍රකාශ කර ඇත.

ලංකා ලීඩර් වෙත විස්තරාත්මක ලිපියක් මගින් කරුණු දක්වමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ආපදාව වැළැක්වීම සඳහා නිසි වේලාවට නිසි පියවර නොගත් ආකාරය සහ නීතියේ අඩුපාඩු මෙන්ම පරිපාලන යාන්ත්‍රණයේ ගැටලුද පෙන්වා දෙයි.

වික්ටෝරියා ජලාශය ආසන්නයේ හෝටලයක් තුළ ෆේස්බුක් සාදයක් පවත්වමින් සිටියදී අත්අඩංගුවට ගත් පිරිස අතර ජාතික ජනබලවේගය නියෝජනය කරන මහනුවර නියෝජ්‍ය නගරාධිපතිවරයාගේ දියණියද සිටින බවට තොරතුරු අනාවරණය වී තිබේ.

අල, ළුණු සහ පරිප්පු යන ආහාර ද්‍රව්‍ය ආනයනය කිරීමට රජය තීරණය කර ඇති බව වාර්තා වේ.

යුනෙස්කෝ සදහා වූ ශ්‍රී ලංකා ජාතික කොමිෂන් සභාවේ (SLNCU) මහලේකම් මහාචාර්ය ප්‍රභාත් ජයසිංහ මහතා විසින් අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයා වෙත ලිපියක් යොමු කරමින් නකල්ස් රක්ෂිතය හරහා යෝජිත විකල්ප මාර්ගය පිළිබඳව දැඩි අවධානය යොමු කර ඇත.


ප්‍රධාන පුවත්

හවුතිවරුන් බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධියේ පාලනය අත්පත් කරගනී..

යේමනයේ හවුති සංවිධානය රතු මුහුදේ පිහිටි වැදගත් අල්-මකා (මෝකා) වරාය නගරය සහ එහි වරායේ පාලනය අත්පත් කරගනිමින්, උපායමාර්ගික බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධිය කෙරෙහි වූ තම පාලනය තවදුරටත් ශක්තිමත් කරගෙන තිබේ.

සමාජයේ වෛරය වැපිරීමට හෝ වෛරය ඇතිවන ප්‍රකාශ කිරීමට කිසිවෙකුට අයිතියක් නෑ..- ජනපති

කිසිදු ප්‍රජාවකට තම සංස්කෘතික අනන්‍යතාව නිසා බියක් හෝ අනාරක්ෂිත භාවයක් ඇති නොවන පරිදි පරිසරය සැකසීම රජයේ ප්‍රමුඛ අරමුණක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයේ නියෝජිතයන් සමග ජනාධිපති කාර්යාලයේ පැවැති හමුවකදී ප්‍රකාශ කරයි.

18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා රුසියානු ජනපති පුටින් ඉන්දියාවේ නවදිල්ලි නුවරට..

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් 18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා ඉන්දියාවේ නවදිල්ලි නුවරට පැමිණ තිබේ.

ආසියානු තරගාවලියට ලංකාවෙන් ජපානයට ලොකු පිරිසක්.. නිලධාරින් විතරක් 82ක් යනවලු..

ජපානයේ නගෝයා නුවරදී පැවැත්වීමට නියමිත 20 වැනි ආසියානු ක්‍රීඩා උළෙල නියෝජනය කිරීම සඳහා ශ්‍රී ලංකාවෙන් 238 දෙනෙකුගෙන් යුත් දැවැන්ත කණ්ඩායමක් සහභාගී කරවීමට පියවර ගෙන ඇත.

එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ (UNHRC) 63 වන සැසිවාරය සඳහා ඉදිරිපත් කර ඇති A/HRC/63/18 දරන වාර්තාව මගින් ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට, ජාතික ආරක්ෂාවට සහ අභ්‍යන්තර කටයුතුවලට අනිසි ලෙස මැදිහත් වීමට උත්සාහ දරන බව පවසමින් ගෝලීය ශ්‍රී ලාංකික සංසදය විසින් ජනාධිපතිවරයාගේ විශේෂ අවධානය පිණිස නිවේදනයක් නිකුත් කර තිබේ.

ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි

ඉරානය සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපදය විසින් ඉදිරිපත් කරන ලද ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ (IAEA) යෝජනාවකට චීනය බදාදා විරෝධය පළ කළේය.

ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..

අධිකරණයට අපහාස කිරීමේ චෝදනා මත සිරදඬුවම් නියම වී සිටි බොදුබල සේනා සංවිධානයේ ලේකම්, පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ප්‍රදානය කළ පොදුසමාව බලරහිත බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.

නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?

ශ්‍රී ලංකාව ලෝක සිතියමේ පිහිටා ඇති භූගෝලීය ස්ථානය හේතුවෙන් ඉතිහාසය පුරාම විදේශීය බලවතුන්ගේ අවධානයට ලක් වූ රටකි. ඉන්දියන් සාගරය තුළ ශ්‍රී ලංකාවේ පිහිටීම, ප්‍රධාන මුහුදු මාර්ගවලට ඇති ආසන්නත්වය සහ කලාපීය භූදේශපාලනික වැදගත්කම හේතුවෙන් ශ්‍රී ලංකාව පිළිබඳව විවිධ බලවතුන්ගේ උනන්දුව අඛණ්ඩව පැවතී ඇත.

ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..

Axios පුවත් සේවය වාර්තා කරන පරිදි, විදේශයන්ගෙන් භාණ්ඩ ගෙන්වීම සම්පූර්ණයෙන්ම වළක්වන අතිශය දැඩි වෙළෙඳ යුද උපායමාර්ගයකට එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යොමුවෙමින් සිටියි.

ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්

ජර්මනියේ පැවැති ප්‍රාන්ත මැතිවරණයකින් එරට 'ජර්මනිය සඳහා විකල්පය' (AFD) පක්ෂය වාර්තා කළ විශිෂ්ට ජයග්‍රහණය හමුවේ, ජර්මනියේ මෙන්ම සමස්ත යුරෝපයේම දේශපාලන හා ආර්ථික ගමන්මග විශාල වෙනසකට ලක්වෙමින් පවතින බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.