News Category
From Date
To Date
Maximum Number of Result

විදේශිකයන්ට ස්වකැමැත්තෙන් රුසියානු හමුදාවට බැඳීමට හැකි බවත් රුසියානු නීතියෙන් ඊට බාධාවක් නොමැති බවත් ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති ලෙවාන් එස්. ජගර්යාන් මහතා විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී ඊයේ (30) පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය.

2012 වසරේ ග්‍රීසියේ බැඳුම්කරවල ආයෝජනයක් සිදුකිරීම තුළින් රජයට රුපියල් බිලියන 1.84ක පාඩුවක් සිදු කළේ යැයි චෝදනා ලබා සිටි ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ඇතුළු විත්තිකරුවන් පස් දෙනෙකු නිදහස් කරන ලෙස කොළඹ මහාධිකරණය නියම කර තිබේ.

අමාත්‍ය ජීවන් තොණ්ඩමාන් මහතා සහ ඇතුළු පිරිසක් නුවරඑළිය වතු යායකට ඇතුළුවී එහි පාලනාධිකාරිය සමඟින් ඇති කරගත් මතභේදයක් හේතුවෙන් කලබලකාරී තත්ත්වයක් ඊයේ උද්ගත වී තිබේ.

පාතාල නායකයකු සහ ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාලයට සම්බන්ධ ප්‍රධාන සැකකරුවෙකු වන මිදිගම රුවන් ඩුබායි සිට මෙරටට රැගෙනවිත් තිබේ.

හිටපු අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ව්‍යාපාරික වාර්තා අසත්‍ය ලෙස සකස් කිරීමේ චෝදනා 34කට අදාළව වරදකරු බවට මෑන්හැටන් ජූරි සභාවක් තීන්දු කර තිබේ.

2023 මැයි 16 වැනි දා වෛද්‍ය සාෆි මහතාගේ මූලික අයිතිවාසිකම් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය සලකා බැලීමෙන් පසු එම මූලික අයිතිවාසිකම් පෙත්සම ප්‍රතික්ෂේප කරමින් විවෘත අධිකරණයේ විනිසුරු මඩුල්ලේ එක් විනිසුරුවරයෙක් පවසා තිබුනේ පාස්කු ප්‍රහාරයට සති දෙකකට පසුව පෙත්සම්කාර වෛද්‍ය සාෆිගේ ගිණුමෙන් අතිවිශාල මුදල් ප්‍රමාණයක් හුවමාරුවී ඇති බව බැංකුවලින් ලැබී ඇති ලේඛනවලින් සනාථ වන බව යැයි අන්තර්ජාල නාලිකාවකට වීඩියොවක් නිකුත්කරමින් ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මහින්ද පතිරණ මහතා පවසා තිබේ.

විධායක බලය තමයි ජනාධිපති සතු පරම බලය සියලු ආර්ථික හා දේශපාලන ක්‍රියා මාර්ග තීරණය කරනුයේ ආර්ථික කමිටු නොව විධායක ජනපති බලය බවත්, ඒ හෙයින් පළමුව විවාදය තැබිය යුත්තේ නායකයන් අතර මිස ආර්ථික කමිටු අතර නොවන බවත් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසයි.

ඉන්දියාවේ ගුජරාට් ත්‍රස්ත මර්දන ඒකකය මගින් අත්අඩංගුවට ගත් අයි.එස්.අයි.එස්. ත්‍රස්ත සංවිධානයට සම්බන්ධ බව කියන ශ්‍රී ලාංකිකයන් සිව්දෙනා සමග සමීප සබඳතා පැවැත්වූ පුද්ගලයන් දෙදෙනකු ත්‍රස්ත විමර්ශන ඒකකය මගින් මාවනැල්ලේදී පෙරේදා (29දා) අත්අඩංගුවට ගෙන ගැණිනි.

රාජ්‍ය අංශයේ සෑම අංශයකම වැටුප් විෂමතා විසඳීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


ප්‍රධාන පුවත්

චාල්ස් තෝමස් නම් තැනැත්තා පාදෙණිය රජ මහා විහාරයේ පැවැත්වීමට සූදානම් වන වැඩසටහන වහා අවලංගු කරන්නැයි මල්වතු මහනායක හිමියෝ දන්වති..

බෞද්ධයන් අත්‍යාගමීකරණයට ලක්කරන බවට චෝදනා එල්ලවී ඇති චාල්ස් තෝමස් නමැති පුද්ගලයා විසින් මල්වතු විහාර පාර්ශ්වයට අයත් පාදෙණිය රජ මහා විහාරයේ දී පැවැත්වීමට නියමිත වඩසටහනක් සම්බන්ධයෙන් බෞද්ධ ජනතාවගේ විරෝධය මේ වන විට එල්ලවී ඇති බව සඳහන් කරමින් මල්වතු පාර්ශ්වයේ මහනායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමිපාණන් වහන්සේ විසින් පාදෙණිය රජ මහා විහාරධිපති හිමියන්ට යොමුකළ ලිපියක් අප වෙත ලැබී තිබේ.

නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)

ඉන්දියාව සම ශ්‍රී ලංකා ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් අවබෝධතා ගිවිසුම්වලට ලඝුකළ නොහැකි බවත්, මෙම ගිවිසුමේ ඇති වගන්ති මගින් ලංකාව තුළ මෙම ගිවිසුමේ අඩංගු කරුණු ක්‍රියාත්මක වීමේ දී නීතිය අනුව කටයුතු කිරීම පවා වළක්වා ඇති බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සභික දුමින්ද නාගමුව මහතා පවසයි.

නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..

දෙවන ලෝක යුද්ධය අවසන් කළ දිනය සහ, නාසිවාදී පැසිස්ට්වාදය පරාජය කළ දිනයද මැයි 9 වැනි දා වන අද දිනය බවත්, ලෝකයේ සියලු ජනයාට සහ සතා සිවුපාවාට පවා නිදහසේ ජීවත්විය හැකි ලෝකයක් නිර්මාණය කිරීම වෙනුවෙන් නාසිවාදී පැසිස්ටිවාදය පරාජයට පත්කළ දිනය වන්නේ අද බවත් ජානිපෙ නායක විමල් වීරවංශ මහතා පවසයි.

යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි

කියෙව් පරිපාලනය කිසිදු පූර්ව කොන්දේසියකින් තොරව “සම්පූර්ණ සටන් විරාමයකට” සූදානම් බව යුක්රේන නායක ව්ලැඩිමීර් සෙලෙන්ස්කි නිවේදනය කර තිබේ.

මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)

බලයට පත්වී මාස 6ක් තුළ මෙතරම් පසුබෑමකට ලක්වූ ආණ්ඩුවක් ලොව කිසිඳු රටක නැති බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි.

1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.

අවුරුදු අසූවක් යනු දිගු කාලයකි. එවැනි කාලයක් තුළ, ලෝකය සිතාගත නොහැකි තරමට වෙනස් වන අතර, වරක් සමීප යැයි හැඟුණු සිදුවීම් පුරාවෘත්තය තුළ මැකී යයි.

මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල

‘මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්’ යයි පිවිතුරු හෙල උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..

පසුගියදා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඇති කරගත් අවබෝධතා ගිවිසුම් බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ආචාර්ය ගුණදාස අමරසේකර මහතා ඇතුළු පිරිසක් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඊයේ (07) මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.