News Category
From Date
To Date
Maximum Number of Result

දැවැන්ත සමාජ ආර්ථික අර්බුදයකට පියමනින ලංකා රාජ්‍ය අස්ථාවර කල හැකි සියලු විදේශීය ඒජන්තයන් නිතිය හමුවට පැමිණවිය යුතුයි - සංඛ චන්දිම අභයවර්ධන

Apr 3, 2026 at 09:53 AM
|

දැවැන්ත සමාජ ආර්ථික අර්බුදයකට පියමනින ලංකා රාජ්‍ය අස්ථාවර කල හැකි සියලු විදේශීය ඒජන්තයන් නිතිය හමුවට පැමිණවිය යුතු බව සංඛ චන්දිම අභයවර්ධන මහතා සිය සමාජ මාධ්‍ය පිටුවේ සටහනක් තබමින් පවසා තිබේ.

අදාළ සටහන පහළින්..

දැවැන්ත සමාජ ආර්ථික අර්බුදයකට පියමනින ලංකා රාජ්‍ය අස්ථාවර කල හැකි සියලු විදේශීය ඒජන්තයන් නිතිය හමුවට පැමිණවිය යුතුය..

පහත ජායාරුපය දෙස බලන්න. මේ ලංකාවේ ජීවත් වන ඊශ්‍රායලයට සේවය කිරීම තම එකම අරමුණ කරගත් තැනැත්තියකගේ ක්‍රියාවන් ඊශ්‍රායල මාධ්‍ය අගය කර ඇති අයුරු. 

කවුරු කෙසේ කිවත් 2022 වසරේ ලංකාවේ සිදුවුයේ පිඩනයට පත්ව සිටි ජනතාවගේ අසහනය තුලින් ඇමෙරිකා එක්සත් ජනපදය සහ ඔවුන්ගේ පාර්ශවකරුවන් රාජ්‍ය විනාශ කිරීමට දරන ලද උත්සාහයකි. එයට අප පොදුවේ අරගලය කියා ව්‍යවහාර කරමු. 2022 මාර්තු මස ලංකාව බංකොලොත් බවට පත්කරන විට ඒ සදහා තිරය පිටුපස සිට විශාල කාර්යක් ඉටුකරන ඉන්දියාව අපට උදව් කරනවා යයි කියමින් 2022 වසරේම අගෝස්තු මස ලංකාව මෙන් කිහිප ගුණයක් විශාල අපගේ මහද්වීපික තටාකයේ අයිතිය තහවුරු වීම එක්සත් ජාතීන්ගේ සංවිධාන තුළ වැළක්විය. ඔවුන්ගේ ලේ ගංගාවක් මතින් ලංකාව සොමලියාවක් කිරීමේ උත්සාහය මහජන සහාය හීන වීම නිසා අසාර්ථක විය. එයින් උගත් පාඩම් මත අසාර්ථක නොවන පරිදි නේපාලයේත් බංගලාදේශයේත් ඔවුන් රජයන් පෙරලා දැමුවේය. 

නමුත් ප්‍රධාන ඉල්ලකය තවමත් ලංකාව බව පැහැදිලිය. පෙර කළ වැරදි නැවත සිදු නොවන්නට ඔවුන් වග බල ගනු ඇත. ඉරානය යුද්ධයෙන් පරාජය වුවහොත් මේ සොමලියාවක් කිරීමේ ව්‍යාපෘතිය වඩාත් වේගයෙන් අප කරා එනු ඇත. අවාසනාවකට මේ තත්වය දුර තබා දුටු අපගේ අනතුරු හැගවීම් නොතකා රටම බලශක්ති අර්බුදයක සිර කල මහා ගල් අගුරු මංකොල්ලය ඉදිරියට ගෙන යාමට මාළිමා ආණ්ඩුව ක්‍රියා කළේය. අද තෙල්, සහ විදුලිය පමණක් නොව, පොහොර සහ ගොවිතැනට පමණක් නොව බිමට ජලය පවා හිඟ වන තත්වයකට අප පත්වෙමින් ඇත. ගල් අගුරු හොරකම හරහා මග පාදා ගත් ඩිසල් විදුලි මංකොල්ලය තවත් වර්ධනය කිරීමේ අරමුණෙන් ජල විදුලි බලාගාර වල ධාරිතාවය පහල හෙලීම අප ඉදිරි මාස කිහිපය තුල දරුණු අර්බුදයකට හෙලනු ඇත. 

එවන් අර්බුදයකදී ලංකාවේ දැනටම නිදහසේ සිටින බවට ප්‍රකාශිත ISIS පුහුණුව ලැබූ ත්‍රස්තයන් 300කට අසන්න ප්‍රමාණයක් සිංහල සමාජයේ මුස්ලිම් අන්තවාදයට එරෙහිව පවතින දැවැන්ත විරෝධයත් දඩමීමා කරගෙන දැනටම රට තුල තදින් ක්‍රියාත්මක වන ඊශ්‍රායල ඔත්තුසේවා ඒජන්තයන් හරහා නිවිය නොහැකි ගින්නක් ඇතිකළ හැක. පසුගියදා ප්‍රකාශ වුයේ පාස්කු ප්‍රහාරය එල්ලකරන ලද ත්‍රස්තයන්ගේ එක ඉල්ලක්කයක් වීමට නියමිතව තිබුනේ දළදා පෙරහැර බවයි. අප ගණිතමය පුරෝකථනයන් හරහා නිරීක්ෂණය කලේ මේ වසරේදී බලශක්ති, පොහොර සහ ජල අර්බුදය උග්‍රව පත්වන්නේ මැයි මස සිට අගෝස්තු මස අවසානය දක්වා කාලය තුළ බවයි. මෙහි උපරිමය ජුලි මස අවසානයේ සිට අගෝස්තු මස දක්වා විහිදීමට නියමිතය. ඉරානයට එරෙහි යුද්ධය නිසා මේ තත්වය තවදුරටත් වර්ධනය වීමට නියමිතය. මෙම කාලය උතුම් දළදා පෙරහැර ඇතුළු සිංහල බෞද්ධ සංස්කෘතික උළෙල ගණනාවක් පැවැත්වෙන අති සංවේදී කාලයකි.

මේ පසුබිමේ රට තුල කිසිම ගැටුමකට මුල පිරිය හැකි විදේශීය ඒජන්තයන් මෙන්ම ලංකාව තුල නිදහසේ සැරිසරනවා යයි කියල ISIS ත්‍රස්තයන්ද සියල්ල අත්අඩංගුවට ගත යුතුය. මේවනවිටත් ඊශ්‍රායලයට සේවය කිරීම තම මුඛ්‍ය අරමුණ ලෙස ප්‍රකාශ කර ඇති, ඊශ්‍රායලයට යටත් රජයක් ලෙස ශ්‍රී ලංකාව පත්කිරීමට ක්‍රියාකරන බව පැහැදිලිවම නිරීක්ෂණය කල හැකි ෂේනුකා ඉලන්ගසේකර නම් පුජකවරියත් තමන් ඊශ්‍රායල බුද්ධි අංශයේ යැයි අගවන ක්‍රිෂාන්ත රත්නවීර නැමැත්තාත් පිළිබද අප රහස් පොලිසියට පැමිණිලි කරන ලද්දේ පොලිසියට සහ රාජ්‍ය බුද්ධි සේවයට එකී පැමිණිල්ල භාවිත කරමින් මේ ශ්‍රී ලංකාව අස්ථාවර කල හැකි සියල්ලන් පිළිබද නිසි පරීක්ෂණයක් කිරීමට අවස්ථාව සලසන අරමුණිනි. 

උතුරු නැගෙනහිර සිංහල සංවිධානය අටවාගෙන සිටි ක්‍රිෂාන්ත රත්නවීර නමැත්ත කොටි බුද්ධි අංශ සමග යම් සබදතාවක් පවත්වාගෙන ගියේද යන කාරණයත් මේ සමගම නිතිය පසිදලන ආයතන පරික්ෂා කල යුතුය.

මේ මොහොතේ වැදගත් වන්නේ ප්‍රජාතන්ත්‍රවාදී ආකාරයෙන් පිට කිසිම බල පෙරළියකට රටේ ඇතිවෙමින් යන ඉඩ ස්ථිරවම අහුරා දැමිය යුතුය. කිසිදු ආකාරයකට ලංකාවේ ඊශ්‍රායල කොලනි ඇතිවීමට ඉඩ නොදිය යුතුය. 

1810 එවකට බ්‍රිතාන්‍ය අගවිනිසුරු ඇලෙක්සැන්ඩර් ජොන්ස්ටන් ගෙන ආ යුදෙව් කොලනියක් දකුණු ලංකාවේ ඇතිකිරීමේ යෝජනාව කිසිම අයුරකින් නැවත ක්‍රියාත්මක වීමට ඉඩ නොදිය යුතුය. මෙරට සිංහල බෞද්ධයා ඊළඟ පලස්තීන වැසියා බවට පත්වීමට කිසිදු ඉඩක් ලබා නොදිය යුතුමය. සියලු සිංහල බෞද්ධ ජාතිකවාදීන් මෙය තමන්ගේ පරම යුතුකමක් ලෙස සැලකිය යුතුය. විදේශීය රජයක අරමුදලින් යැපෙමින් ඔවුන්ට සේවය කිරීම තම අරමුණ යයි ප්‍රකාශ කරන කිසිවෙකුට ලංකාවේ දේශපාලන අයිතිය හිමි නොවිය යුතුය. ෂේනුකා ඉලන්ගසේකර සහ ක්‍රිෂාන්ත රත්නවීර කල්ලියේ ක්‍රියාකාරකම් දෙස අප විමසිල්ලෙන් බලා සිටිමු. එමෙන්ම රටේ බුද්ධි අංශ මොවුන්ට එරෙහිව නිතිය ක්‍රියාත්මක වන ආකාරයද අප විමසිල්ලෙන් බලා සිටිමු. 

- සංඛ චන්දිම අභයවර්ධන 



සම්බන්ධිත පුවත් | Related News

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඉදිරිපත් වූ පෙත්සම් 67ක් විභාගයට ගැනීමේ ක්‍රියාවලිය සහ එහිදී අගවිනිසුරුවරයා කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් දැඩි විවේචන එල්ල වෙමින් පවතින බව ප්‍රවීන මාධ්‍යවේදී ධර්මශ්‍රී කාරියවසම් මහතා සිය යූටියුබ් නාලිකාව ඔස්සේ අනාවරණය කරයි.
ජිනීවා මානව හිමිකම් මණ්ඩලයේ (UNHRC) 63 වන සැසිවාරයේ A/HRC/63/18 දරන වාර්තාව මගින් ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය, ජාතික ආරක්ෂාව සහ අධිකරණ පද්ධතිය බරපතල තර්ජනයකට ලක්ව ඇත.
“බුදුහාමුදුරුවෝ කියන්නෙත් සාමාන්‍ය මනුස්සයෙක්. ඉතින් ඒ තරම් ඈත කාලෙක උන්වහන්සේ ලංකාවට වැඩම කළා කියන කතාව පිළිගන්න අමාරුයි.” මෙන්න මෙහෙම තමයි එක්තරා පුද්ගලයෙක් ඊයේ මම ලියපු ලිපියට ප්‍රතිචාර දක්වලා තිබුණේ. මේ විදිහට තමන්ගේ අබ්බගාතකම මුල් කරගෙන ලෝකය දිහා බලන අය ඕන තරම් අපි අතර ඉන්නවා.
ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයේ මුලික අඩිතාලම වන්නේ ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය අතර පවතින බලතුලනය සහ ස්වාධීනත්වයයි. ශ්‍රේෂ්ඨාධිකරණ හා අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස් සීමාව වසර දෙකකින් (අවුරුදු 65 සිට 67 දක්වා) දීර්ඝ කිරීම අරමුණු කරගත් 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන යෝජනාව, මෙරට නීතිමය සහ දේශපාලනික ක්ෂේත්‍රය තුළ දැඩි සංවාදයකට ලක්වූ මාතෘකාවකි.
තමන් මහා ඉතිහාසඥයෙක් කියලා මහාචාර්ය ලයිසන් එකක් කරේ එල්ලගෙන සමාජ මාධ්‍ය වේදිකාවල පිනුම් ගහන නිර්මාල් රංජිත් දේවසිරි කටින් කියන දේවල් සහ දිවෙන් කියන දේවල් අතර ‍ලොකු වෙනසක් තියෙනවා. අපි මුලින් ම, ඒ වෙනස තේරුම් ගනිමු.
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මඟින් විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කිරීමට යෝජනා කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 09 වන වගන්තියට (බුද්ධ ශාසනය සුරක්ෂිත කිරීමේ වගන්තියට) පටහැනි බව පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රකාශ කළහ.
පුරාවිද්‍යාත්මක උරුමය යනු මානව ඉතිහාසයේ, සංස්කෘතියේ සහ අතීත මානව ක්‍රියාකාරකම්වල අතිමහත් භෞතික සාක්ෂියයි. ශ්‍රී ලංකාවේ උතුරු සහ නැගෙනහිර පළාත් පුරා විහිදී ඇති අතිවිශාල පුරාවිද්‍යාත්මක ස්ථාන, මූලික වශයෙන් කුරුන්දි විහාරය (කුරුන්දාවශෝක විහාරය), තන්නිමුරුප්පු, වෙඩිනාගල, අරිසිමලේ, දිගාවාපිය, මුහුදු මහා විහාරය සහ කඳුරුගොඩ වැනි ප්‍රදේශ අතීත බෞද්ධ හා සංස්කෘතික නගරෝත්පාදනයේ උරුමයන් වේ. කෙසේ වෙතත්, වර්තමානය වන විට මෙම කලාපයන්හි පුරාවිද්‍යා උරුමයන් විනාශ කිරීම, අනවසරයෙන් අත්පත් කර ගැනීම, නාම පුවරු ගැලවා ඉවත් කිරීම සහ වෛරීසහගත දේශපාලන මැදිහත්වීම් හරහා අතුරුදන් කිරීමේ බරපතල තර්ජනයකට ලක්ව ඇත.
විදේශ ආයෝජන යනු ආර්ථික සංවර්ධනය සඳහා වැදගත් සංරචකයක් වන අතර, විශේෂයෙන් ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා එහි වැදගත්කම ඉතා ඉහළය. විදේශ ආයෝජකයන් ආයෝජනය සඳහා රටක් තෝරා ගැනීමේදී බදු සහන, ශ්‍රම පිරිවැය, යටිතල පහසුකම් හෝ වෙළඳපොළ අවස්ථා පමණක් සැලකිල්ලට නොගනිති.
ශ්‍රී ලංකාව 2024 වසරේ චීනයට අපනයනය කළ සමස්ත භාණ්ඩවල වටිනාකම ඩොලර් මිලියන 261 ක් බවත්, වියට්නාමය 2024 වසරේ චීනයට අපනයනය කළ දූරියන්වල වටිනාකම පමණක් ඩොලර් මිලියන 2940ක් බවත් Next Page අන්තර්ජාල නාලිකාව පෙන්වා දෙයි.

ප්‍රධාන පුවත්

හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..

මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.

22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීම සඳහා, එනම් තුනෙන් දෙක හෙවත් ඡන්ද 151ක් ගැනීම වැළැක්වීම සඳහා අගමැති හරිනි අමරසූරිය මහත්මිය මුල් වී තවත් 9 දෙනෙකු සමග කැරැල්ලක් ගැසීමට ඉඩ ඇති බවට පළවන මතවාද පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්පූර්ණයෙන්ම අයුක්තිසහගත සහ නීති විරෝධී ක්‍රියාවක් බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් සකස් කරන ලද නවතම වාර්තාව ජිනීවාහිදී ප්‍රකාශයට පත් කර තිබේ.

නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (04) නියෝග කළේය.

කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව එල්ල වී ඇති රුපියල් කෝටි 30ක (මිලියන 300ක) බරපතල මූල්‍ය අවභාවිත හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබේ.

ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..

මෙරට ගල් අඟුරු සංචිත ප්‍රමාණවත් නොවීම හේතුවෙන් විදුලි උත්පාදන ක්‍රියාවලිය බරපතල අර්බුදයකට ලක්ව ඇති බවත්, අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක (නෞකා දෙකක පමණ) අඩුවක් පවතින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා

සෙවණගල සීනි සමාගමේ පාලනාධිකාරිය සහ සේවකයන් අතර දීමනා හා නිවාඩු සම්බන්ධයෙන් හටගත් ගැටලුවක් මුල් කරගනිමින් ආරම්භ වූ වැඩ වර්ජනයක් හේතුවෙන් කර්මාන්තශාලාවේ කටයුතු සම්පූර්ණයෙන්ම අක්‍රිය වී තිබේ. මෙම වර්ජනය නිසා අස්වනු නෙළන ලද උක් ටොන් 6,000කට ආසන්න ප්‍රමාණයක් විනාශ වීමේ දැඩි අවදානමකට ලක්ව ඇති බව වාර්තා වේ.

ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මූතූර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි ඓතිහාසික කොට්ටියාරම සෑගිරිය රජමහා විහාරය මේ වන විට අන්තවාදී ආක්‍රමණ, නිදන් හොරුන්ගේ තර්ජන සහ ප්‍රදේශයේ සිදුවන කළුගල් කර්මාන්ත (ගල්කොරි) හේතුවෙන් දැඩි විනාශයකට ලක්වෙමින් පවතින බව වාර්තා වේ.

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති පෙත්සම් විභාගය ඊයේ (03) ආරම්භ වුණි.

සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි

සමස්ත ලෝකයේ මේ වන විට සිටින බවට ඇස්තමේන්තු කර ඇති ගොවීන් මිලියන 934කින් අඩකට ආසන්න පිරිසක් සෑම වසරකම නොදැනුවත්ව පළිබෝධනාශක විෂවීමකට ලක්වන බව Frontiers in Public Health සඟරාවේ ඊයේ(02) ප්‍රකාශයට පත් කළ අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා ආණ්ඩුව මහජනයාට දැනෙන නිශ්චිත උපායමාර්ගික හැරවුමකට යොමුකිරීම සඳහා තීන්දු ගෙන නොමැති බවත්, අංක ගණිත විජ්ජාවල් පෙන්වා ව්‍යාජ චිත්‍රයක් මහජනයාට මවාපාන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා චෝදනා කරයි.

අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්

"Atlas Angel - 2026" නමින් ශ්‍රී ලංකාවේ දී දින 5ක් පැවැත්වෙන ඒකාබද්ධ ගුවන් පුහුණු අභ්‍යාසය පසුගිය 31 වැනි දා ආරම්භ වූ අතර ඒ සඳහා අමෙරිකානු මොන්ටානා ජාතික ආරක්ෂක බලකාය සමග අමෙරිකානු පැසිෆික් ගුවන් හමුදාව සහභාගි වේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.