ටෙලිකොම්, එයාර් ලංකා, රක්ෂණ සහ ලංකා හොස්පිටල් විකුණන්නේ නැති බව නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..
ඉකුත් රජය සමයේ ශ්‍රී ලංකා ටෙලිකොම්, එයාර් ලංකා සමාගම, රක්ෂණ සමාගම සහ ලංකා හොස්පිටල් සමාගම ඇතුළු රාජ්‍ය ව්‍යාපාර 8 ක් විකිණීමට ගෙන තිබූ තීරණය වත්මන් රජය ක්‍රියාත්මක නොකරන බව නීතිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබේ.
ඉකුත් රජය සමයේ අදාළ ආයතන විකිණීම අභියෝගයට ලක් කරමින් ආචාර්ය ගුණදාස අමරසේකර සහ වෛද්‍ය වසන්ත බණ්ඩාර යන මහත්වරුන් විසින් ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම සහ නීතිඥ නුවන් බැල්ලන්තුඩාව සහ කථිකාචාර්ය නෙම්සිරි ජයතිලක යන මත්වරුවරන් විසින් ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම යන පෙත්සම් දෙකම ඊයේ කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරිය මේ පිළිබඳ දැනුම් දී ඇති බව සඳහන්ය.
අදාළ පෙත්සම අචල වෙංගප්පුලි , මහින්ද සමය වර්ධන සහ සම්පත් අබේකෝන් යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.
මෙම පෙත්සමේ වග උත්තරකරු වශයෙන් ඉකුත් රජයේ අමාත්‍ය මණ්ඩලය සහ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නම් කරනු ලැබ තිබිණි.
අදාළ පෙත්සම කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරිය කරුණු දක්වමින් සඳහන් කළේ ඉකුත් රජය සමයේ ගනු ලැබූ අදාළ තීරණ ක්‍රියාත්මක නොකිරීමට වත්මන් රජය තීරණය කර ඇති බවත් මෙම සමාගම් ප්‍රතිසංවිධානය කිරීමේ කටයුතු සිදුකිරීම සඳහා පමණක් කමිටුවක් පත් කර ඇති බවය.
එහිදී පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිට නීතිඥ කනිෂ්ක විතාරණ මහතා කියා සිටියේ අදාල රාජ්‍ය ආයතන විකිණීම සඳහා රජය ගෙන තිබූ තීරණය වත්මන් රජය ක්‍රියාත්මක නොකරන බව දැනුම් දීම නිසා මෙම පෙත්සම තවදුරටත් පවත්වාගෙන යාමේ අවශ්‍යතාවයක් මතු නොවන බවය. නීතිඥ සවනි අනුත්තරා මහත්මිය ද මෙහිදී පෙනීසිටි අතර, දෙපාර්ශවය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල පෙත්සම් විභාගය අවසන් කිරීමට තීන්දු කර තිබේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දු - ශ්‍රී ලංකා ගිවිසුම් තුනකට අත්සන් තබයි..
පර්සියානු බොක්කේ නෞකා රැසකට ඉරානයෙන් ප්‍රහාර..
අධිකරණයට බලපෑම්.. දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම්.. ශ්‍රී ලංකාවට වහා මැදිහත් වන්න..- මිලින්ද රාජපක්‍ෂ ජිනීවා අමතමින් කියයි
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..
ආණ්ඩුවේ නායකයින් ගනුදෙනුකරුවන් සතුටු කිරීම සඳහා ඕනෑම දෙයක් කරන අසරණ වෛශ්‍යාවන් ලෙස කටයුතු කරනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා..
ලොවක් සුවපත් කරන කියුබාවේ වෛද්‍ය ජාත්‍යන්තරවාදය, අනතුරේ!
කළුතර ප්‍රා. සභාවේ පන්සිල්, ජාතික ගීය සහ රණවිරු සැමරුම් තහනම්.. - නියෝගය කොමසාරිස්ගෙන්..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ 63 වන සැසිය ඇරඹේ.. - මෙරට ගැන වාර්තාවක් අද..
දූෂිත නිමල් පෙරේරා ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරයකුගෙ ව්‍යාපාරික සගයෙක්.. - ඩී.වී චානක
22 සංශෝධන පෙත්සම් විභාගය ගැටළුකාරීයි.. - අධිකරණ ස්වාධීනත්වය ගැන පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමය ප්‍රශ්න කරයි..
22ට එරෙහි පෙත්සමක් විභාගයට නොගැනීමෙන් මූලික අයිතිවාසිකම් කඩ වූ බවට ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්..
සරණාගත ජාවාරම පවත්වාගෙන යාම සඳහා එල්ටීටීඊ හිතවාදී ඩයස්පෝරාව ‘දෙමළ ජනතාවට ශ්‍රී ලංකාව ආරක්ෂිත නැත’ යන්න ප්‍රචාරය කරයි..
ආණ්ඩුවට වසර දෙකයි.. ඩඩ්ලිට ධම්මිකට ඉෂාරට සුබයි.. ජනතාවටයි, ගමේ ජෙප්පන්ටයි දුකේ දුකයි.. - ආණ්ඩුවේ දෙවසරක අස්වැන්න ගැන විමල් වීරවංශගේ හෙලිදරව්වක්..
සෞඛ්‍ය සේවයට ජනපතිගෙන් අලුත් වෙනසක් - “හිතුන හිතුන වෙලාවට ඉස්පිරිතාලේට යන්න බෑ...කොත්තමල්ලි ටිකක් බීලා විවේකීව ගෙදරට වෙලා ඉන්න”
22 අනිවාර්යයෙන්ම සම්මත කරනවා.. - ජනපති කියයි
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..