News Category
From Date
To Date
Maximum Number of Result

ජනාධිපතිවරයා ක්‍රිකට් පාලක මණ්ඩලයේ දූෂිතයන් රැකීම භාරගෙන ඇති බවත්, ක්‍රීඩා ඇමැතිවරයා කොන්ද කෙළින් තබා ගෙන ශ්‍රී ලංකා ක්‍රිකට් සම්බන්ධ අර්බුදයේ දී කටයුතු කළද, ජනාධිපතිවරයා දූෂිතයන් රැකගැනීම වෙනුවෙන් පෙනී සිටින බවත් දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

කොළඹ ඛෙත්තාරාම ක්‍රීඩාංගනයේ ඉන්දීය ක්‍රීඩකයන්ගේ පුහුණු කටයුතු සඳහා පමණක් වෙන්වූ වෙනම කලාපයක් ඇති බව ජානිපෙ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

ශ්‍රී ලංකා ක්‍රිකට් සම්බන්ධයෙන් අද (09) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යෝජනාව ඡන්ද විමසීමකින් තොරව ඒකමතිකව සම්මත වූ බව වාර්තා වේ.

සබරගමුව විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨ සිසු විරෝධතාව අතරතුරදී සිසුන් 12 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සෙලින්කෝ සමූහ ව්‍යාපාරයේ අධිපති ලලිත් කොතලාවල මහතාව නීතිඥවරුන් කණ්ඩායමක් විසින් නිවාස අඩස්සියේ තබාගෙන සිටි බවට තොරතුරු ලැබී ඇතැයි අද (09) අධිකරණයේදී ප්‍රකාශයක් ඉදිරිපත් කෙරුණි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී අද(9) පැවසුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් ලොක්කන් අද සිටින්නේ ජනාධිපතිට අධිකරණයට සහ පාර්ලිමේන්තුවට වඩා ඉහළින් බවයි.

කුමන කරුණක් සිදුවුවද අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම සඳහා කැපවන ලෙස ඊට අයත් සියලු පාර්ශ්වකරුවන්ගෙන් ඉල්ලීමක් කරන බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය නිවේදනයක් නිකුත් කරමින් ඉල්ලා සිටී.

පොළොන්නරුව පුරාවිද්‍යා කාර්යාලය සඳහන් කරන්නේ මෙතෙක් ශ්‍රී ලංකාවෙන් හමු වී ඇති අතිශය දුර්ලභ හා විශාලතම ශිලා ලේඛනය පොළොන්නරුව ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ කඳුවැටියෙන් හමු වී ඇති බවයි.

ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ පවසන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ බලධාරීන් විසින් රාජ්‍ය බැංකුවක ඇති ගිණුමකින් ඩොලර් මිලියන 2ක මුදලක් මේ මොහොතේ ලබාගැනීමට උත්සාහ දරමින් සිටින බවයි.


ප්‍රධාන පුවත්

රුසියානු හමුදාවට අවශ්‍ය උපකරණ විකිණීම හේතුවෙන් එක්සත් ජනපදය ඉන්දියානු සමාගම්වලට සම්බාධක පනවයි

රුසියාව "යුක්රේනයට එරෙහිව යුද්ධ කිරීමේදී සිය අවි පද්ධති සඳහා" භාවිතා කරනවා යැයි පැවසෙන භාණ්ඩ සහ සංරචක සැපයීම හේතුවෙන් ඉන්දියානු ආයතන සහ පුද්ගලයන් 19 දෙනෙකුට සම්බාධක පැනවූ බව එක්සත් ජනපදය නිවේදනය කරයි. ඉන්දියානු සමාගම් මෙන්ම වෙනත් රටවල සමාගම් සිය ගණනක් ද සම්බාධක පැනවීම සඳහා ඉලක්ක කර ඇත. පසුගිය ඔක්තෝබර් 30 වනදා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව කියා සිටියේ රුසියාවට ගුවන් යානා සංරචක සැපයීම හේතුවෙන් ඉන්දියාව පදනම් කරගත් Ascend Aviation සහ Mask Trans යන ආයතන වලට සම්බාධක පනවන බවයි. Ascend Aviation ආයතනය "එක්සත් ජනපදයේ නිෂ්පාදිත" සමහර සංරචක විකුණා ඇතැයිද කියනු ලැබේ. සමාගම් දෙකෙහිම අධ්‍යක්ෂවරුන් ද සම්බාධක වලට යටත් කරන ලද්දේය.

මැදපෙරදිග සාමය ඇතිකිරීම වෙනුවෙන් රුසියාවේ මැදිහත් වීම ඊශ්‍රායලයට අවශ්‍යයි!- ඊශ්‍රායල ජන මාධ්‍ය පවසයි.

ලෙබනන් සටන්කාමී කණ්ඩායමක් වන හිස්බුල්ලා සමඟ යුදෙව් රාජ්‍යයේ ගැටුම අවසන් කිරීම අරමුණු කරගත් සාම ප්‍රයත්නයන්ට රුසියාවේ සහභාගීත්වය ඊශ්‍රායලයට අවශ්‍ය බව,කලාපයේ සාමය සම්බන්ධ සාකච්ඡාවලට දායකත්වය දක්වන නිලධාරීන් උපුටා දක්වමින් ඊශ්‍රායල ‍Ynet ප්‍රවෘත්ති සේවය සහ තවත් ප්‍රාදේශීය ප්‍රවෘත්ති ආයතන කිහිපයක් වාර්තා කළහ. වාර්තා වලට අනුව, බටහිර ජෙරුසලම අපේක්ෂා කරන්නේ මොස්කව්හි මැදිහත්වීම ඇතිකරගන්නා එකඟතාවයන්වල අනාගත ස්ථාවරත්වය එක් කළ හැකි බවත් එක්සත් ජනපදය මත යැපීම අඩු කළ හැකි බවත්ය. “ගිවිසුම ක්‍රියාත්මක කිරීමේදී සහ තවදුරටත් ගැටුම් උත්සන්න වීම වැළැක්වීම සඳහා රුසියානුවන්ට විශේෂ කාර්යභාරයක් ලැබෙනු ඇත.” ප්‍රවෘත්ති මූලාශ්‍රයක් ‍Ynet පුවත් සේවය වෙත පවසා ඇත. පුවත් වාර්තා සම්බන්ධයෙන් අදහස් දක්වමින්, ඊශ්‍රායලයේ හිටපු නියෝජ්‍ය ජාතික ආරක්ෂක උපදේශක ඔර්නා මිස්රාහි නිව්ස්වීක් වෙත පැවසුවේ ඊශ්‍රායලය “ඇමරිකානුවන්ට වැඩි කැමැත්තක් දක්වන අතර” ඉරානය සමඟ රුසියාවේ “යහපත් සබඳතා” ලෙබනනය සම්බන්ධයෙන් ඇති කර ගත් ඕනෑම එකඟතාවයක අනාගත ස්ථාවරත්වයට දායක විය හැකි බව ඊශ්‍රායලය වටහා ගන්නා බවයි.

මැදපෙරදිග සාමය ඇතිකිරීම වෙනුවෙන් රුසියාවේ මැදිහත් වීම ඊශ්‍රායලයට අවශ්‍යයි ඊශ්‍රායල ජන මාධ්‍ය පවසයි.

ලෙබනන් සටන්කාමී කණ්ඩායමක් වන හිස්බුල්ලා සමඟ යුදෙව් රාජ්‍යයේ ගැටුම අවසන් කිරීම අරමුණු කරගත් සාම ප්‍රයත්නයන්ට රුසියාවේ සහභාගීත්වය ඊශ්‍රායලයට අවශ්‍ය බව,කලාපයේ සාමය සම්බන්ධ සාකච්ඡාවලට දායකත්වය දක්වන නිලධාරීන් උපුටා දක්වමින් ඊශ්‍රායල ‍Ynet ප්‍රවෘත්ති සේවය සහ තවත් ප්‍රාදේශීය ප්‍රවෘත්ති ආයතන කිහිපයක් වාර්තා කළහ. වාර්තා වලට අනුව, බටහිර ජෙරුසලම අපේක්ෂා කරන්නේ මොස්කව්හි මැදිහත්වීම ඇතිකරගන්නා එකඟතාවයන්වල අනාගත ස්ථාවරත්වය එක් කළ හැකි බවත් එක්සත් ජනපදය මත යැපීම අඩු කළ හැකි බවත්ය. “ගිවිසුම ක්‍රියාත්මක කිරීමේදී සහ තවදුරටත් ගැටුම් උත්සන්න වීම වැළැක්වීම සඳහා රුසියානුවන්ට විශේෂ කාර්යභාරයක් ලැබෙනු ඇත.” ප්‍රවෘත්ති මූලාශ්‍රයක් ‍Ynet පුවත් සේවය වෙත පවසා ඇත. පුවත් වාර්තා සම්බන්ධයෙන් අදහස් දක්වමින්, ඊශ්‍රායලයේ හිටපු නියෝජ්‍ය ජාතික ආරක්ෂක උපදේශක ඔර්නා මිස්රාහි නිව්ස්වීක් වෙත පැවසුවේ ඊශ්‍රායලය “ඇමරිකානුවන්ට වැඩි කැමැත්තක් දක්වන අතර” ඉරානය සමඟ රුසියාවේ “යහපත් සබඳතා” ලෙබනනය සම්බන්ධයෙන් ඇති කර ගත් ඕනෑම එකඟතාවයක අනාගත ස්ථාවරත්වයට දායක විය හැකි බව ඊශ්‍රායලය වටහා ගන්නා බවයි.

තුන්වැනි සමාලෝචනයට අයි.එම්.එෆ්. පිරිසක් ළඟදීම ශ්‍රී ලංකාවට

ශ්‍රී ලංකාවේ විස්තීර්ණ ණය පහසුකමට අදාළ තුන්වැනි සමාලෝචනය පිළිබඳ සාකච්ඡා කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරී කණ්ඩායමක් ළඟදීම ශ්‍රී ලංකාවට පැමිණෙන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියා පැසිෆික් කලාපයේ අධ්‍යක්ෂක ක්‍රිෂ්ණා ශ්‍රීනිවාසන් මහතා පවසා තිබේ.

සුමන්තිරන්ට විදේශ ඇමැතිකම දී ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ රට බෙදන කොන්දේසිවලට ආණ්ඩුව එකඟ වෙලා - ගම්මන්පිලගෙන් ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක් (වීඩියෝ)

ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂය ආණ්ඩුවට එකතුවී එම්.ඒ සුමන්තිරන් හිටපු මන්ත්‍රීවරයාට ආණ්ඩුවේ විදේශ ඇමැති ධුරය ලබාදීමට එකඟතාවයක් ඇතිවී තිබෙන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.

සහල් ඒකාධිකාරයක් පවත්වාගෙන යන්නේ මේ රටේ මහා පරිමාණ මොල්හිමියො පස් දෙනෙක්... ගොවියා සූරා කාලා, පාරිභෝගිකයා විනාශ කරලා, ආණ්ඩු මට්ටු කරන ඔවුන්ගේ සෙල්ලමට තිත තියන්න ඕනේ - අනුරාධ තෙන්නකෝන්

කුමන ආණ්ඩුව බලයට පැමිණියද මෙරට සහල් ඒකාධිකාරය පවතින්නේ මහා පරිමාණ මෝල් හිමියන් පස්දෙනෙකුගේ අත බවත්, රට තුළ සහල් අර්බුදයක් නිර්මාණය කරන්නේ ද ඔවුන් විසින් බවත් ජාතික ගොවිජන එක මුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් මහතා පවසයි.

ආණ්ඩුව එක්ක එකට වැඩකරන්න සුමන්තිරන්ලා සූදානමින්

දේශපාලන විසඳුම් සහ සහයෝගීතාවයේ අවශ්‍යතාව අවධාරණය කරමින්, අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ආණ්ඩුව සමඟ කටයුතු කිරීමට සිය පක්ෂයට කිසිදු ගැටළුවක් නොමැති බව දෙමළ ජාතික සන්ධානයේ හිටපු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් ප්‍රකාශ කළේය.

දශක ගණනාවකට පසු ස්පාඤ්ඤයේ දරුණුතම ගංවතුරෙන් දුසිම් ගනනක් මිය යයි (වීඩියෝ)

පසුගිය 30 වනදා රාත්‍රියේ නැඟෙනහිර ස්පාඤ්ඤයට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් දකුණු ස්පාඤ්ඤයේ මලගා නගරයේ සිට නැගෙනහිර ස්පාඤ්ඤයේ වැලෙන්සියා දක්වා වන ප්‍රදේශයේ විශාල ගංවතුර තත්වයක් ඇති විය.

ශ්‍රී ලංකාවේ සංවර්ධන අවශ්‍යතා පිළිබඳ සම්පූර්ණ ඇගයීමක් කිරීමට චීනය කටයුතු කරනවා - ශ්‍රී ලංකාවේ චීන තානාපති

නව වසරේදී ශ්‍රී ලංකාවේ නව රජයේ සංවර්ධන අවශ්‍යතා පිළිබඳ සම්පූර්ණ ඇගයීමක් කිරීමට චීන රජය කටයුතු කරන බවත්, එහිදී ශ්‍රී ලාංකිකයින් වැඩි පිරිසකට චීනයේ දී පුහුණු ලබාදීමටත් එම පුහුණු වැඩසටහන් නිශ්චිත විෂයන්ට අදාළව වඩාත් ඵලදායී ආකාරයට සිදුකිරීමට අපේක්ෂා කරන බවත් මෙරට චීන තානාපති Qi Zhenhong මහතා පවසයි.

බොරු කියපු නිසා හරිනි අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්විය යුතුයි - හිටපු ජනපති රනිල් කියයි

උදය ආර් සෙනෙවිරත්න වාර්තාව සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය ධුරයෙන් හරිනි අමරසූරිය මහත්මිය ඉල්ලා අස්විය යුතු බවත් අසත්‍ය පැවසූ පසු ඉල්ලා අස්වීම සම්ප්‍රදායක් බවත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.