News Category
From Date
To Date
Maximum Number of Result

මව්බිම ජනතා පක්ෂයේ නායක දිලිත් ජයවීර ඇතුළු දේශපාලන පක්ෂ සහ සිවිල් සංවිධාන එකාබද්ධව විවේචන, විසඳුම් සහ පොරොන්දු වෙනුවට උපායමාර්ගික වැඩපිළිවෙලක් යන තේමාව යටතේ “සර්ව ජන බලය” නමින් නව දේශපාලන සන්ධානයක් (27) ආරම්භ කෙරිණි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන ජනාධිපතිවරණයෙන් පසු නැවත තවදුරටත් ජනාධිපතිවරයා බවට පත් විය යුතු බව කියමින් පුද්ගලයන් තිදෙනෙකුත් ත්‍රිකුණාමලය නගර සභාව ඉදිරිපිට සත්‍යග්‍රහයක් පැවැත්වා ඇති බව වාර්තා වේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපතිවරයා ලෙස විජයදාස රාජපක්ෂ මහතා කටයුතු කිරීම වළක්වාලමින් පනවා තිබෙන වාරණ නියෝගය ජුනි මස 27 වනදා දක්වා තවදුරටත් දීර්ඝ කරන ලෙස කොළඹ දිසා අධිකරණය නියෝග කර ඇත.

උත්තර ලංකා සභාගය නියෝජනය කරන ජාතික නිදහස් පෙරමුණ, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ, පිවිතුරු හෙළ උරුමය, 'යුතුකම' ජාතික සංවිධානය යන දේශපාලන පක්ෂ මව්බිම ජනතා පක්ෂය සහ ස්වාධීන මන්ත්‍රී සංසදය සමඟ එක්ව "සර්වජන බලය" නමින් නව දේශපාලන සන්ධානයක් සඳහා අද(27) දින කොළඹදී මූලික ප්‍රතිපත්ති දහයකින් යුත් ප්‍රතිපත්තිමය සම්මුතියකට අත්සන් තබනු ලැබීය.

පසුගිය සතියේ දිනක බත්තරමුල්ල ප්‍රදේශයේ ප්‍රසිද්ධ හෝටලයක දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන්ගේ රහස් හමුවක් පවත්වා ඇති බව අන්තර්ජාල නාලිකාවක් කරුණු අනාවරණය කර තිබේ.

'එක්ව නංවන රටක් - සතුටු පිරුණු දැයක්' තේමා කරගනිමින් දේශපාලන පක්ෂ කිහිපයක් සහ සිවිල් සංවිධාන කිහිපයක් එක්වී 'සර්ව ජන බලය' නමින් නව දේශපාලන ව්‍යාපාරයක් අද (27) පිහිටුවනු ලැබීය.

2024, 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සදහා අයදුම්පත්‍ භාර ගැනීම අද (27) ආරම්භ කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ගොඩනගන ලද ආණ්ඩුව ඇදවැට්ටවීම සඳහා රට තුළ බරපතළ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වූ බවත්, ආණ්ඩුව තුළම මීට එරෙහිව විවිධ බලවේග ක්‍රියාත්මක වූ බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

මෙරට ප්‍රංශ තානාපතිවරයාගේ අභාවය පිළිබඳව අවසන් තීරණයක් මේ දක්වාත් ගෙන නොමැති බව ප්‍රංශ තානාපති කාර්යාලය පවසයි.


ප්‍රධාන පුවත්

චාල්ස් තෝමස් නම් තැනැත්තා පාදෙණිය රජ මහා විහාරයේ පැවැත්වීමට සූදානම් වන වැඩසටහන වහා අවලංගු කරන්නැයි මල්වතු මහනායක හිමියෝ දන්වති..

බෞද්ධයන් අත්‍යාගමීකරණයට ලක්කරන බවට චෝදනා එල්ලවී ඇති චාල්ස් තෝමස් නමැති පුද්ගලයා විසින් මල්වතු විහාර පාර්ශ්වයට අයත් පාදෙණිය රජ මහා විහාරයේ දී පැවැත්වීමට නියමිත වඩසටහනක් සම්බන්ධයෙන් බෞද්ධ ජනතාවගේ විරෝධය මේ වන විට එල්ලවී ඇති බව සඳහන් කරමින් මල්වතු පාර්ශ්වයේ මහනායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමිපාණන් වහන්සේ විසින් පාදෙණිය රජ මහා විහාරධිපති හිමියන්ට යොමුකළ ලිපියක් අප වෙත ලැබී තිබේ.

නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)

ඉන්දියාව සම ශ්‍රී ලංකා ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් අවබෝධතා ගිවිසුම්වලට ලඝුකළ නොහැකි බවත්, මෙම ගිවිසුමේ ඇති වගන්ති මගින් ලංකාව තුළ මෙම ගිවිසුමේ අඩංගු කරුණු ක්‍රියාත්මක වීමේ දී නීතිය අනුව කටයුතු කිරීම පවා වළක්වා ඇති බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සභික දුමින්ද නාගමුව මහතා පවසයි.

නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..

දෙවන ලෝක යුද්ධය අවසන් කළ දිනය සහ, නාසිවාදී පැසිස්ට්වාදය පරාජය කළ දිනයද මැයි 9 වැනි දා වන අද දිනය බවත්, ලෝකයේ සියලු ජනයාට සහ සතා සිවුපාවාට පවා නිදහසේ ජීවත්විය හැකි ලෝකයක් නිර්මාණය කිරීම වෙනුවෙන් නාසිවාදී පැසිස්ටිවාදය පරාජයට පත්කළ දිනය වන්නේ අද බවත් ජානිපෙ නායක විමල් වීරවංශ මහතා පවසයි.

යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි

කියෙව් පරිපාලනය කිසිදු පූර්ව කොන්දේසියකින් තොරව “සම්පූර්ණ සටන් විරාමයකට” සූදානම් බව යුක්රේන නායක ව්ලැඩිමීර් සෙලෙන්ස්කි නිවේදනය කර තිබේ.

මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)

බලයට පත්වී මාස 6ක් තුළ මෙතරම් පසුබෑමකට ලක්වූ ආණ්ඩුවක් ලොව කිසිඳු රටක නැති බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි.

1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.

අවුරුදු අසූවක් යනු දිගු කාලයකි. එවැනි කාලයක් තුළ, ලෝකය සිතාගත නොහැකි තරමට වෙනස් වන අතර, වරක් සමීප යැයි හැඟුණු සිදුවීම් පුරාවෘත්තය තුළ මැකී යයි.

මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල

‘මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්’ යයි පිවිතුරු හෙල උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..

පසුගියදා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඇති කරගත් අවබෝධතා ගිවිසුම් බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ආචාර්ය ගුණදාස අමරසේකර මහතා ඇතුළු පිරිසක් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඊයේ (07) මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.