බලශක්ති ඇමැති ඉල්ලා අස්වේ?
විදුලි බල සහ බලශක්ති ඇමති කුමාර ජයකොඩි කැබිනට් මණ්ඩලයෙන් ඉවත් කිරීමට තීරණය කර ඇති බවට ප්‍රවෘති වෙබ් අඩවි සහ සමාජ මාධ්‍යය තුළ තොරතුරු සංසරණය වේ.
අමාත්‍ය කුමාර ජයකොඩි එම තනතුරෙන් ඉවත් කළ යුතු බවට පසුගිය දා රැස් වූ ජ.වි.පෙ. දේශපාලන මණ්ඩලයේ දී බිමල් රත්නායක ඇමතිවරයා ඇතුළු දේශපාලන මණ්ඩල සභිකයන් කිහිප දෙනෙකු කරුණු දක්වා ඇති බවත්, එහෙත් ජනාධිපති අනුර කුමාර එම මතය පිලිගෙන නැති බවත් එම තොරතුරුවල සඳහන්වේ.
එහිදී දේශපාලන මණ්ඩල සභික ලාල් කාන්ත අමාත්‍යවරයා, බිමල් රත්නායකගේ මතයට එරෙහිව කරුණු දක්වා ඇති බවද එම දේශපාලන මණ්ඩල රැස්වීම පවත්වා ඇත්තේ, අමාත්‍ය බිමල් රත්නායක විදේශගත වීමට පෙරදී බවද සඳහන් ය.
කෙසේ වෙතත්, නිශ්චිත තීරණයකින් තොරව නිමා වූ එම දේශපාලන මණ්ඩල රැස්වීමෙන් පසුව, කුමාර ජයකොඩි තවදුරටත් ඇමැති ධුරයේ රැඳී සිටීම පක්ෂයට හා ආණ්ඩුවට හානිකරය යන මතය දැරූ දේශපාලන මණ්ඩල සාමාජිකයන්, ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා හමුවේ පවසා ඇත්තේ, ජනාධිපති සමග මෙය සාකච්ඡා කිරීම ඵල රහිත ක්‍රියාවක් වන බැවින්, කුමාර ජයකොඩි කැඳවා ඔහු සමග මේ පිළිබඳව සාකච්ඡා කළ යුතු බව ය. එම මතය පිළිගෙන ඇති ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පක්ෂයට සහාය ලබා දෙන නීතිඥ පිරිසක් ද සහිතව එම සාකච්ඡාව පැවැත්වීමට එකඟ වී ඇති බවත් සඳහන්.
එහිදී දීර්ඝ කරුණු සාකච්ඡා කිරීමකින් පසු අමාත්‍ය තනතුරින් ඉල්ලා අස්වීමට කුමාර ජයකොඩි එකඟ වී ඇති බවද තොරතුරු වාර්තා වන අතර, අද දවස තුළ දී එම ලිපිය ජනාධිපතිවරයා වෙත ලබා දෙන බවට ද පොරොන්දු වී ඔහු එම සාකච්ඡාවෙන් බැහැර වී ගොස් ඇති බවත් සඳහන්.
කෙසේ වෙතත්, තම සමීප මිතුරාගේ ඉල්ලා අස්වීම ජනාධිපතිවරයා විසින් පිළිගනු ඇද්ද යන සැකය ජ.වි.පෙ. ප්‍රධාන ලේකම් ඇතුළු පිරිසට ඇති බව ආරංචි මාර්ග පෙන්වා දී තිබේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දු - ශ්‍රී ලංකා ගිවිසුම් තුනකට අත්සන් තබයි..
පර්සියානු බොක්කේ නෞකා රැසකට ඉරානයෙන් ප්‍රහාර..
අධිකරණයට බලපෑම්.. දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම්.. ශ්‍රී ලංකාවට වහා මැදිහත් වන්න..- මිලින්ද රාජපක්‍ෂ ජිනීවා අමතමින් කියයි
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..
ආණ්ඩුවේ නායකයින් ගනුදෙනුකරුවන් සතුටු කිරීම සඳහා ඕනෑම දෙයක් කරන අසරණ වෛශ්‍යාවන් ලෙස කටයුතු කරනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා..
ලොවක් සුවපත් කරන කියුබාවේ වෛද්‍ය ජාත්‍යන්තරවාදය, අනතුරේ!
කළුතර ප්‍රා. සභාවේ පන්සිල්, ජාතික ගීය සහ රණවිරු සැමරුම් තහනම්.. - නියෝගය කොමසාරිස්ගෙන්..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ 63 වන සැසිය ඇරඹේ.. - මෙරට ගැන වාර්තාවක් අද..
දූෂිත නිමල් පෙරේරා ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරයකුගෙ ව්‍යාපාරික සගයෙක්.. - ඩී.වී චානක
22 සංශෝධන පෙත්සම් විභාගය ගැටළුකාරීයි.. - අධිකරණ ස්වාධීනත්වය ගැන පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමය ප්‍රශ්න කරයි..
22ට එරෙහි පෙත්සමක් විභාගයට නොගැනීමෙන් මූලික අයිතිවාසිකම් කඩ වූ බවට ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්..
සරණාගත ජාවාරම පවත්වාගෙන යාම සඳහා එල්ටීටීඊ හිතවාදී ඩයස්පෝරාව ‘දෙමළ ජනතාවට ශ්‍රී ලංකාව ආරක්ෂිත නැත’ යන්න ප්‍රචාරය කරයි..
ආණ්ඩුවට වසර දෙකයි.. ඩඩ්ලිට ධම්මිකට ඉෂාරට සුබයි.. ජනතාවටයි, ගමේ ජෙප්පන්ටයි දුකේ දුකයි.. - ආණ්ඩුවේ දෙවසරක අස්වැන්න ගැන විමල් වීරවංශගේ හෙලිදරව්වක්..
සෞඛ්‍ය සේවයට ජනපතිගෙන් අලුත් වෙනසක් - “හිතුන හිතුන වෙලාවට ඉස්පිරිතාලේට යන්න බෑ...කොත්තමල්ලි ටිකක් බීලා විවේකීව ගෙදරට වෙලා ඉන්න”
22 අනිවාර්යයෙන්ම සම්මත කරනවා.. - ජනපති කියයි
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..