News Category
From Date
To Date
Maximum Number of Result

ඉන්දියාවේදී අත්අඩංගුවට පත් ශ්‍රී ලාංකික අයි.එස් සාමාජිකයන්ගේ දැඩි අන්තවාදී ආගමික මතවාදය සහ ඔවුන් ඇසුරු කළ පුද්ගලයන් හේතුවෙන් මෙරට තුළ ආරක්ෂාව තර කිරීමට ආරක්ෂක අංශ පියවර ගෙන ඇති බව වාර්තා වේ.

මේ වනවිට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ පනත් කෙටුම්පතට එරෙහිව සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ නඩු පවරා ඇතැයි වාර්තා වෙයි.

ජනාධිපතිවරණයට පෙර පාර්ලිමේන්තු මැතිවරණය පවත්වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත එල්ල වන බලපෑම් මේ වනවිට එන්න එන්නම වැඩි වී ඇති බව වාර්තා වේ.

දෙමළ ඊළමක් උදෙසා ස්වාධීන ජනමත විචාරණයක් පැවැත්වීමට පියවර ගන්නා ලෙසත්, ශ්‍රී ලංකා රජය විසින් දෙමළ ජනයාට එරෙහිව සිදු කරන ලද ජන සංහාරය පිළිගන්නා ලෙසත් ඉල්ලා සිටින සුවිශේෂී යෝජනාවක් කොංග්‍රස් නියෝජිත විලි නිකල් විසින් එක්සත් ජනපද කොංග්‍රසයට ඉදිරිපත් කර ඇතැයි ටැමිල් ගාඩියන් වෙබ් අඩවිය සඳහන් කරයි.

දැඩි විරසකභාවයකට ලක්වී සිටින බැසිල් රාජපක්ෂ සහ නිමල් ලන්සා ප්‍රමුඛ කණ්ඩායම එක්සත් කිරීමේ සාකච්ඡා ආරම්භ කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මූලික වී ඇති බවට දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

2019 පාස්කු ප්‍රහාර විමර්ශන කොමිසම් වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක නොකිරීම ගැටලුවක් බව ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර නීතිය පිළිබඳ කථිකාචාර්ය ආචාර්ය පුන්සර අමරසිංහ පවසයි.

සමගි ජන බලවේගය විසින් පවත්වනු ලබන ජනපවුර වැඩසටහනේ පොළොන්නරුව දිස්ත්‍රික් රැස්වීම අතරතුර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රාදේශීය සංවිධායකවරුන් කිහිපදෙනකු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හමුවී එම පක්ෂය සමග එක්ව තිබේ.

ශ්‍රී ලංකා විදේශ සේවයේ දැනට පවතින තෙවැනි ලේකම් පුරප්පාඩුවලින් හරි අඩක් මැති ඇමැතිවරුන්ගේ දූ දරුවන්ගෙන් සැපිරීමට විදේශ කටයුතු අමාත්‍යාංශය කැබිනට් අනුමැතියක් අපේක්ෂාවෙන් පසුවන බව සති අග අරුණ වාර්තා කර තිබේ.

මෙතෙක් සමරිසි හා සංක්‍රාන්ති ප්‍රජාවන් සම්බන්ධයෙන් ක්‍රියාත්මක වුනු අපරාධ නීතිය සංශෝධනය කිරීමට යෝජනාවක් කැබිනට් මණ්ඩලය විසින් අනුමත කර ඇති බව වාර්තා වේ.


ප්‍රධාන පුවත්

චාල්ස් තෝමස් නම් තැනැත්තා පාදෙණිය රජ මහා විහාරයේ පැවැත්වීමට සූදානම් වන වැඩසටහන වහා අවලංගු කරන්නැයි මල්වතු මහනායක හිමියෝ දන්වති..

බෞද්ධයන් අත්‍යාගමීකරණයට ලක්කරන බවට චෝදනා එල්ලවී ඇති චාල්ස් තෝමස් නමැති පුද්ගලයා විසින් මල්වතු විහාර පාර්ශ්වයට අයත් පාදෙණිය රජ මහා විහාරයේ දී පැවැත්වීමට නියමිත වඩසටහනක් සම්බන්ධයෙන් බෞද්ධ ජනතාවගේ විරෝධය මේ වන විට එල්ලවී ඇති බව සඳහන් කරමින් මල්වතු පාර්ශ්වයේ මහනායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමිපාණන් වහන්සේ විසින් පාදෙණිය රජ මහා විහාරධිපති හිමියන්ට යොමුකළ ලිපියක් අප වෙත ලැබී තිබේ.

නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)

ඉන්දියාව සම ශ්‍රී ලංකා ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් අවබෝධතා ගිවිසුම්වලට ලඝුකළ නොහැකි බවත්, මෙම ගිවිසුමේ ඇති වගන්ති මගින් ලංකාව තුළ මෙම ගිවිසුමේ අඩංගු කරුණු ක්‍රියාත්මක වීමේ දී නීතිය අනුව කටයුතු කිරීම පවා වළක්වා ඇති බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සභික දුමින්ද නාගමුව මහතා පවසයි.

නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..

දෙවන ලෝක යුද්ධය අවසන් කළ දිනය සහ, නාසිවාදී පැසිස්ට්වාදය පරාජය කළ දිනයද මැයි 9 වැනි දා වන අද දිනය බවත්, ලෝකයේ සියලු ජනයාට සහ සතා සිවුපාවාට පවා නිදහසේ ජීවත්විය හැකි ලෝකයක් නිර්මාණය කිරීම වෙනුවෙන් නාසිවාදී පැසිස්ටිවාදය පරාජයට පත්කළ දිනය වන්නේ අද බවත් ජානිපෙ නායක විමල් වීරවංශ මහතා පවසයි.

යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි

කියෙව් පරිපාලනය කිසිදු පූර්ව කොන්දේසියකින් තොරව “සම්පූර්ණ සටන් විරාමයකට” සූදානම් බව යුක්රේන නායක ව්ලැඩිමීර් සෙලෙන්ස්කි නිවේදනය කර තිබේ.

මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)

බලයට පත්වී මාස 6ක් තුළ මෙතරම් පසුබෑමකට ලක්වූ ආණ්ඩුවක් ලොව කිසිඳු රටක නැති බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි.

1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.

අවුරුදු අසූවක් යනු දිගු කාලයකි. එවැනි කාලයක් තුළ, ලෝකය සිතාගත නොහැකි තරමට වෙනස් වන අතර, වරක් සමීප යැයි හැඟුණු සිදුවීම් පුරාවෘත්තය තුළ මැකී යයි.

මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල

‘මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්’ යයි පිවිතුරු හෙල උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..

පසුගියදා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඇති කරගත් අවබෝධතා ගිවිසුම් බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ආචාර්ය ගුණදාස අමරසේකර මහතා ඇතුළු පිරිසක් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඊයේ (07) මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.