News Category
From Date
To Date
Maximum Number of Result

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹීමේ ආදර්ශය අනුගමනය කරමින් රුසියාව සමඟ ආර්ථික සබඳතා යළි ස්ථාපිත කරන ලෙස ජර්මනියේ විපක්ෂ දේශපාලන පක්ෂ දෙකක් ඉල්ලා ඇතැයි වාර්තාවේ.

රුසියාව සහ යුක්‍රේනය අතර වහාම ක්‍රියාත්මක වන පරිදි බලශක්ති ඉලක්ක වෙත එල්ල කරන ප්‍රහාර අත්හිටුවීමේ එකඟතාවක් ඇති කරගෙන තිබෙන බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

ඊයේ(11) දිනයේ උතුරු නේපාලයට බලපෑ හදිසි මහා ගංවතුර හේතුවෙන් නිවාස හා පාලම් රැසක් ගසාගෙන ගොස් ඇති අතර, පුද්ගලයන් පස්දෙනකුට අධික පිරිසක් අතුරුදන්ව සිටින බව වාර්තා වේ.

සෞදි අරාබියේ රියාද් අගනුවර පිහිටි කිං ඛාලිද් ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ඉලක්ක කරගනිමින් යළිත් වරක් ප්‍රහාරයක් එල්ල වී තිබේ.

කැරපොතු පක්ෂය හෙවත් ඉන්දියාවේ කොක්‍රෝච් ජනතා පක්ෂයේ නායක අභිජීත් දිප්කේ ඇතුළු නායකයින් තුන්දෙනෙකු නිදහස් කිරීමට අධිකරණය නියෝග කර තිබේ.

ඇමරිකාව සහ ජාත්‍යන්තර වෙළෙඳපොළ තුළ මතු වී ඇති දැඩි ඉන්ධන හිඟයට විසඳුමක් ලෙස, රුසියාව සහ එක්සත් ජනපදය අතර සුවිශේෂී සහ ඓතිහාසික බලශක්ති ගිවිසුමකට එළඹ තිබේ.

සෞදි අරාබියේ රියාද් නුවර පිහිටි කිං ඛාලිඩ් ජාත්‍යන්තර ගුවන්තොටුපළ ඉලක්ක කර ගනිමින් මෙම සතිය තුළ එල්ල වූ තෙවන ප්‍රහාරයෙන් පුද්ගලයින් අවම වශයෙන් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 309 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඉන්දියාවේ කොක්‍රෝච් ජනතා පක්ෂයේ නායක අභිජීත් දීප්කේ එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

බ්‍රසීල ව්‍යවස්ථාදායක සභාවේ දක්ෂිණාංශික සෙනෙට් සභිකයකු වන ෆ්ලාවියෝ බොල්සොනාරෝ, සිරගත කර සිටින හිටපු බ්‍රසීල ජනාධිපති ජයිර් බොල්සොනාරෝගේ පුත්‍රයා වන අතර, ඔහු බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් ජයග්‍රහණය කිරීමට සමත්ව තිබේ.


ප්‍රධාන පුවත්

කලාපයේ වැඩිම ගෘහස්ථ විදුලි ගාස්තුව ලංකාවේ.. - SenFin

කොටස් තැරැව්කාර සමාගමක් වන SenFin Securities සමාගම විසින් නිකුත් කර ඇති නවතම අධ්‍යයන වාර්තාවකට අනුව, දකුණු ආසියානු කලාපයේ ඉහළම ගෘහස්ථ විදුලි ගාස්තුව අය කෙරෙන රට බවට ශ්‍රී ලංකාව පත්ව තිබේ.

ඥාණසාර හිමි වෙනුවෙන් සත්‍යග්‍රහයට අධිකරණ නියෝගයක්.. ඉවත් කරන්න පොලිසිය පැමිණීමෙන් උණුසුම් තත්වයක්..

බන්ධනාගාරගතව පසුවන පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වහා නිදහස් කරන ලෙස බලකරමින් කොළඹ විහාරමහාදේවි උද්‍යානයේ සංවිධානය කර තිබූ සත්‍යග්‍රහයට ඒරෙහිව පොලිසිය පියවර ගැනීමත් සමඟ එම පරිශ්‍රයේ නොසන්සුන්කාරී උණුසුම් තත්ත්වයක් ඇතිවිය.

පනාමුරේ තිලකවංශ නාහිමියන්ට ජීවිත ආරක්ෂාව ඉල්ලමින් මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයාට ලිපියක්..

උතුරු නැගෙනහිර පළාත්වල ඓතිහාසික උරුමයන් රැක ගැනීමට සිදුකරන ක්‍රියාදාමය හේතුවෙන් තමන්ට දැඩි ජීවිත තර්ජන එල්ල වී ඇති බව පවසමින්, අරිසිමල වන සෙනසුන් සංචිතයේ නිර්මාතෘ, පූජ්‍යපාද පනාමුරේ තිලකවංශාභිධාන නායක මහා ස්ථවීරයන්වහන්සේ විසින් මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල වෙත පොලිස් ආරක්ෂාව ඉල්ලමින් ලිපියක් යොමු කර තිබේ.

ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්‍රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..

ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඔබ්බෙන් ජාත්‍යන්තර මුහුදේ නැංගුරම්ලා ඇති ඉරාන තෙල් නැව් 19කට ආහාර, ජලය සහ ඉන්ධන සැපයීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති බව විදේශ අමාත්‍යාංශය පවසන බව THE TIMES OF INDIA වාර්තා කරයි.

නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 'ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කරගැනීමේ පනත් කෙටුම්පත (PSTA)' මගින් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ සහ අයිතිවාසිකම් අභියෝගයට ලක්වීමේ බරපතළ තර්ජනයක් පවතින බව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය පවසයි.

පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..

අධිකරණ නියෝග ක්‍රියාත්මක නොකිරීමෙන් පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කර ඇති බවට තීරණය කළ ගම්පහ මහේස්ත්‍රාත් බන්ධුල ගුණරත්න, ඒ සම්බන්ධයෙන් නඩු පැවරීම සඳහා අදාළ ගොනුව අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා වෙත යොමු කර තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පරිගණක පද්ධති වෙත සයිබර් ප්‍රහාරයක් එල්ල කළ හැකර්වරුන් විසින් ක්‍රිප්ටෝ මුදලින් ඇමෙරිකානු ඩොලර් 50,000ක කප්පම් මුදලක් ඉල්ලා සිටි බවත්, ජාතික ගුවන් සේවය තවදුරටත් මෙවැනි සයිබර් ප්‍රහාර හමුවේ අවදානම් තත්ත්වයක පවතින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර චෝදනා කරයි.

ප්‍රංශය ඇතුළු යුරෝපා රටවල උග්‍රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..

ප්‍රංශය ඇතුළු යුරෝපීය රටවල් කිහිපයක මේ වන විට දැඩි ආර්ථික හා සමාජීය අර්බුදයක් නිර්මාණය වී ඇති බවත්, එය මහා පරිමාණ ජනතා විරෝධතා සහ උද්ඝෝෂණ දක්වා වර්ධනය වී ඇති බවත් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්‍යය මගින් විනාශකාරී මහා සත්‍යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා

ත්‍රෛනිකායික ලේඛකාධිකාරී හිමිවරුන් සමග පැවැත් වූ රැස්වීමකට පසුව අමාත්‍ය සුනිල් සෙනෙවි මහතා ප්‍රකාශයක් කරමින් අටමස්ථානය තුළ රාමා කෝවිල් ඉදිනොකරන බව සහ රුවන්වැලි සෑය වටා වැටක් නොගසන බව ප්‍රකාශයක් කර තිබිණි.

භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි

පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් භික්ෂූන් වහන්සේලා විසින් පැවැත්වූ පාගමන රාජ්‍ය විරෝධී පාගමනක් ලෙස විවිධ අය අර්ථකථනය කරන බවත්, විශේෂයෙන්ම ආණ්ඩුවේ පාර්ශ්වයෙන් මෙම චෝදනාව නගන බවත්, එහෙත් එකඳු සටන් පාඨයක් හෝ භික්ෂූන් වහන්සේලා මෙම පා ගමනේ දී නොපවසා ඉතා සාමකාමීව මෙම පාගමන පැවැත්වූ බවත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල අනුනායක හිමියෝ පවසති.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.