ට්‍රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි
ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹීමේ ආදර්ශය අනුගමනය කරමින් රුසියාව සමඟ ආර්ථික සබඳතා යළි ස්ථාපිත කරන ලෙස ජර්මනියේ විපක්ෂ දේශපාලන පක්ෂ දෙකක් ඉල්ලා ඇතැයි වාර්තාවේ. ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ යුරෝපයේ විශාලතම ආර්ථිකය වන ජර්මනියට එල්ල වන පීඩනය මධ්‍යයේ මෙම ඉල්ලීම චාන්සලර් ෆ්‍රෙඩ්රික් මර්ස්ගේ රුසියානු විරෝධී සම්බාධක ප්‍රතිපත්තියට අභියෝගයක් වී ඇතැයි විද්වත්හු පවසති
දක්ෂිණාංශික Alternative for Germany (AfD) සහ වාමාංශික Sahra Wagenknecht Alliance (BSW) යන පක්ෂ දෙක රුසියාවට පනවා ඇති සම්බාධක අවසන් කරන ලෙස ඉල්ලා ඒකාබද්ධ යෝජනාවක් ඉදිරිපත් කිරීමට සූදානම් wemin sitina bawadha pAwasei. යුක්‍රේනයට ලබාදෙන මූල්‍ය ආධාර සම්බන්ධයෙන් ද ප්‍රතිපත්ති වෙනසක්dha ඔවුහු ඉල්ලා සිටිති. සැක්සනි-ඇන්හාල්ට් ප්‍රාන්ත පාර්ලිමේන්තුවේ මෙම පක්ෂ දෙකට එක්ව බහුතර බලයක් හිමිව තිබේ.
BSW පාර්ලිමේන්තු කණ්ඩායමේ නියෝජ්‍ය නායිකා ක්ලෝඩියා විටිග් ප්‍රකාශ කළේ, “ජර්මනියටත් රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවක් අවශ්‍යයි” යනුවෙනි. ජර්මනියේ ඉන්ධන මිල “අපකීර්තියක්” බවත්, සම්බාධකවලින් ප්‍රධාන වශයෙන් හානියට පත්වන්නේ ජර්මනියම බවත් ඇය පැවසුවාය. එක් වරක් සිදුකරන ඉන්ධන ගනුදෙනුවකට සීමා නොවී, ජර්මානු කර්මාන්තය ආරක්ෂා කිරීම සඳහා රුසියානු තෙල් හා ගෑස් ආනයනය යළි ආරම්භ කළ යුතු බව ද ඇය අවධාරණය කළාය.
AfD සම නායිකා ඇලිස් වයිඩෙල් ද ට්‍රම්ප්ගේ රුසියානු ගනුදෙනුව ප්‍රශංසා කළාය. රුසියාවට පනවා ඇති සම්බාධක සහ මිල අධික ද්‍රවීකෘත ස්වාභාවික වායු (LNG) ආනයනය හේතුවෙන් මර්ස් ජර්මානු ආර්ථිකයට හානි කරන බවට ඇය චෝදනා කළාය. “මර්ස් සම්බාධක සහ මිල අධික LNG මඟින් ජර්මනිය විනාශ කරමින් සිටින අතර, ට්‍රම්ප් සැබෑ ප්‍රායෝගික දේශපාලනය ක්‍රියාත්මක කරනවා. උත්සන්න කිරීම වෙනුවට ජර්මානු අවශ්‍යතා වෙනුවෙන් පෙනී සිටීම!” යනුවෙන් ඇය X සමාජ මාධ්‍ය ජාලයේ සඳහන් කළාය.
මෙම ඉල්ලීම මතුවන්නේ ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් ගෝලීය ඩීසල් හිඟය සමනය කිරීම සඳහා එකඟතාවකට පැමිණීමෙන් පසුවය. ඉන් අනතුරුව ඇමෙරිකාව රුසියානු ඩීසල් අපනයනයට පනවා තිබූ සම්බාධක තාවකාලිකව අත්හිටුවීමට පියවර ගත්තේය. රුසියානු තෙල් පිරිපහදු මධ්‍යස්ථාන වෙත යුක්‍රේනය එල්ල කරන ප්‍රහාර ගෝලීය බලශක්ති අර්බුදය උග්‍ර කරන බවට ට්‍රම්ප් සෙලෙන්ස්කිට චෝදනා කර තිබේ.
මෙම ඒකාබද්ධ යෝජනාව ඔක්තෝබර් 14 වැනිදා මැග්ඩෙබර්ග් නගරයේ පැවැත්වෙන සැක්සනි-ඇන්හාල්ට් ප්‍රාන්ත පාර්ලිමේන්තු සැසියේදී ඡන්ද විමසීමට ඉදිරිපත් කිරීමට නියමිතය. කෙසේ වෙතත්, රුසියාවට පනවා ඇති ජර්මානු ෆෙඩරල් හෝ යුරෝපා සංගම් සම්බාධක ඉවත් කිරීමට එම ප්‍රාන්ත පාර්ලිමේන්තුවට බලයක් නොමැත. මෙම පියවර ජර්මානු දේශපාලනය තුළ AfD පක්ෂය සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම වැළැක්වීමට ප්‍රධාන ධාරාවේ පක්ෂ දිගු කලක් පවත්වාගෙන ආ ප්‍රතිපත්තියට ද අභියෝගයකි.
මර්ස්ගේ රජය රුසියාව සම්බන්ධ ප්‍රතිපත්තිය ලිහිල් කිරීම ප්‍රතික්ෂේප කර ඇති අතර, තවදුරටත් සම්බාධක පැනවීමට සූදානම් බව ප්‍රකාශ කර තිබේ. ජර්මානු රජයේ ප්‍රකාශක ස්ටෙෆාන් කෝර්නේලියස් කියා සිටියේ යුක්‍රේනයට ලබාදෙන සහාය “නොසැලෙන” බවයි. හරිත පක්ෂයේ සම නායිකා ෆ්‍රාන්සිස්කා බ්‍රැන්ට්නර් ද ට්‍රම්ප්ගේ එකඟතාව දැඩි ලෙස විවේචනය කළාය.
මර්ස්ගේ ආර්ථික ප්‍රතිපත්ති සම්බන්ධයෙන් ජර්මනිය තුළ විවේචන ඉහළ යමින් පවතින අතර, ඔහුට ඉල්ලා අස්වන ලෙස ඔහුගේම පක්ෂය තුළින් ද ඉල්ලීම් මතුව තිබේ. සහරා වාගන්ක්නෙෂ්ට් මීට පෙර චෝදනා කළේ මර්ස් යුක්‍රේනය වෙනුවෙන් ජර්මානු පුරවැසියන්ගෙන් අධික ආර්ථික බරක් අය කරන බවයි. මර්ස් ජර්මානු නායකයකු ලෙස නොව “යුක්‍රේන චාන්සලර්වරයකු” ලෙස කටයුතු කරන බවට ද මොස්කව් පාලනය චෝදනා කර තිබේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ට්‍රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි
රුසියාව සහ යුක්‍රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්
නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ රෝහල්ගත කෙරේ..
ඔන්ටාරියෝ ව්‍යවස්ථාදායකය 'දෙමළ ජන සංහාරයක්' නිල වශයෙන් පිළිගෙන නැහැ.. කොටි හිතවාදීන් ගොතන ලද ජන සංහාරක ප්‍රබන්ධය බිඳ වැටිලා.. - ආචාර්ය නෙවිල් හේවගේ
ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද..
"ජේවීපී එකෙන් මගෙ සිවුර ගලවනවා.. සිරගත වුනත් කවදාවත් මෙහෙම දෙයක් වෙලා නෑ මහත්තයෝ.." - අත්අඩංගුවට ගැනීමට පෙර ඥානසාර හිමි පැවසූ කතාව නීතිඥ සංජීව වීරවික්‍රම හෙළිකරයි..
අනුරාධපුර පූජා නගරය ගොඩනැගීමට ඉන්දියාවෙන් විශාල ආධාරයක් ලැබෙනවා.. - ජනපති ඉබ්බාගමුවේදී පවසයි
මමත් මාලිමාවට රැවටුනා.. ඥානසාර හාමුදුරුවෝ හිරේ ඉන්නකොට ගැටුමක් ඇතිකරලා කරන්න හදපු දේත් අපිට ආරංචි වුනා.. - මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමිගෙන් ප්‍රබල අනාවරණයක්..
රුසියාවෙන් ඇමරිකාවට ඩීසල්.. ට්‍රම්ප් සහ පුටින් අතර ඓතිහාසික ගිවිසුමක්.. - යුක්රේනයට අලුත් ජනපති කෙනෙක් පත් කරගන්නැයි ට්‍රම්ප් කියයි
2022න් පස්සෙ ළමා රෝහලට ඩොනේෂන් ගත්තේ නැතිනම් ලැබිච්ච දේවල් වලට මොකද වුනේ?.. 2026 ඔක්තෝබර් වෙනකල් තොරතුරු වෙබ් අඩවියේ තිබුනා.. ඒත් දැන් නෑ.. - වෛද්‍ය චමල් සංජීවගෙන් බරපතළ හෙළිදරව්වක්..
ඥානසාර හිමිට දුන් ජනපති සමාව ගැන රනිල් හෙළි කරයි..
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..